Home Story Book නිමක් නැති ආදරේ නිමක් නැති ආදරේ – 50 අවසන් කොටස 1

නිමක් නැති ආදරේ – 50 අවසන් කොටස 1

0
120

නිමක් නැති ආදරේ

අවසන් කොටස

(එපිසෝඩ් 50) 1 -කොටස

“කියන්න දූ…මට පොරොන්දු වෙනවා නේද…..”

“ම්..මං…..” අමාරුවෙන් එහෙම කියපු මං සඳෙව් දිහා බැලුවා…

එයත් අසරණ වෙලා වගේ මං දිහා බලන් හිටියේ..

“ම්..මං ම..ට.. පුලුවන්තරම්..කාලයක්.. එයාව බලාගන්..නම් අම්මේ…”
අන්තිමට මං කිව්වෙ එහෙම…

“මං විශ්වාස කරනවා දූ…ඒ පුලුවන් තරන් කාලයක් කියන එකෙන් ඔයා අදහස් කරන්නේ මුලු ජීවිත කාලෙම කියන එක වෙන්න ඕන…එහෙම නේද….”

අනේ අම්මේ ඇයි මාව මෙච්චර අසරණ කරන්නේ..ඇස් වල කඳුලු පුරෝගෙන මං බලන් හිටියේ අම්මා දිහා…

තවත් එතන ඉන්න සදෙව්ට හයියක් තිබ්බෙ නැද්ද කොහෙද…එයා මං දිහාවත් නොබලා රූම් එකෙන් එලියට ගියේ මං තව තවත් අසරණ වෙද්දි…

“දෝණි….ඔයා සදෙව්ට ආදරේ කරනවා නේද…”

අම්මව රිද්දන්න මට බෑ දෙයියනේ…ඒකමයි මං බොරුවට ඔලුව වැනුවේ..ඔව් කියන්න වගේ…

ඊටපස්සේ එයා හිස තියන් හිටිය කොට්ටෙ යටට අත දාපු අම්මා යමක් අතේ ගුලි කරන් මගේ අත එයා ලඟට ගත්තා…

අම්මා අතේ ගුලි කරන් හිටපු ඒ දේ මගේ අත උඩින් තියද්දි මං උනන්දුවෙන් බැලුවේ ඒ මොකද්ද කියලා…ඒක රත්තරං මුද්දක්..

“පුතේ….,මේ තියෙන්නේ සදෙව්ගේ තාත්තට මං මගේ මුලු ජීවිතේම භාර දුන්න දවසේ එයාගේ ඇඟිල්ලට මම දාපු මුද්ද…..කෝ මගෙ පුතා දූට දාපු මුද්ද….”

අම්මා ඇහුවේ මගේ වම් අත දිහා බලමින්…ඉවරයි..අපි මැරි කරත් හරි කවදාවත් මං ඒ මුද්ද අතේ දාන් හිටියේ නෑ..🥺🥺

අම්මා නොකිව්වට ඒ පුංචි දේවල් ඔක්කොමත් දිහා එයා බලාගෙන ඉන්න ඇත්තේ…

“මේහ්…ඒ.ක..දාන් එන්න අම්..මතක වෙලා අම්මේ….”

අම්මා බලන් හිටියෙම මගේ ඇස් දිහා…අනේ මට සමාවෙන්න අම්මේ….🥺🥺ඒත් අනේ…

“දෝණි…මගේ දෝණි නරක ලමයෙක් කියල මට හිතෙන් නෑ…ඒත් මං දන්නවා..ඔයාලා අපි කාටවත් නොකියන මොකක්ම හරි රහසක් ඔයාලා දෙන්නා අතරේ තියෙනවා…

දෝණි අහන්න මගෙ රත්තරනේ…මං හැමවෙලේම හොඳ සිහිකල්පනාවෙන් ජීවත් වුන ගැහැනියක්..මෙහෙම ඇඳට වැටෙනකල්ම ඊට පස්සෙත් මං හොඳ සිහියෙන් හිටියේ…

සදෙව් මට නොකිව්වට මං මගේ ලෙඩේ ගැනත් හොඳට දන්නවා…
පුතේ,මං හිතපු දෙයක් කවදාවත් වැරදිලා නෑ…..
මට තව වැඩි කල් මගේ ආයුශ නෑ රත්තරං….සදෙව් පිලිනොගන්න ඇත්ත ඒකයි….එයා දැන් යන්න හදන ගමනේ කිසිම තෙරුමක් නෑ පුතේ….ඒත් එයාව නවත්තන්න එපා…අන්තිම වෙනකම් එයාට කරන්න ඕන කියල හිතන දේ කරන්න දෙන්න..ඒත් මේ ගමන ගිහින් එනකම් එයා ගැන අවධානයෙන් ඉන්න…මං විශ්වාස කරනවා මගේ පුතාව අම්මෙක් වගේ ආරක්ශා කරන්න පුලුවන් මගේ මේ කෙල්ලට විතරමයි….මං වෙනුවෙන් මගේ පුතාව බලාගන්න දූට පුලුවන් නේද…..”

“අනේ අම්මා…අම්මට මුකුත් වෙන් නෑ…”

මං එහෙම කියද්දි අම්මා අහිංසක විදියට හිනාවුනා..ඒත් ඒ හිනාව ඇතුලේ නිහඬ ශක්තියක් මට පෙනුනා..ඒක හරියට ඕන දේකට මූන දෙන්න හයියක් වගේ…අම්මා අපි හැමෝටම වඩා හුඟක් පරිණතයි අත්දැකීම් ගොඩයි….
ඒකමයි අම්මා කිව්ව දේ ගැන මට බය හිතුනේ…

“මං සදෙව්ව බලාගන්නම් අම්මේ🥺❤…මං ඇත්තටම අම්මට පොරොන්දු වෙනනම්…”

මං අම්මගෙ ඇස් දිහා කෙලින් බලාගෙන කතා කලේ…මං කිව්වෙ ඇත්තමයි…
මං දිහා හරි ලස්සනට හිනාවෙලා බලපු අම්මා,

“ඒ පාර නම් කිව්වෙ ඇත්තක්…එහෙනම් පොරොන්දුව කඩන් බෑ ..තේරුනාද මගෙ පැටියෝ…
ඒවගේම තව දෙයක්..
පුතේ… කවදහරි දවසක මගේ දූට සදෙව් ගැන කියාගන්න බැරි තරම් ගොඩාක් ආදරේ දැනුන දවසක…ඒ හැඟීම් වචන වලට හරවන්න අමාරු උනොත් මේ මුද්ද එයාගේ ඇඟිල්ලට දාන්න….

එතකොට මගේ දූට මේ මුද්ද එයාගේ අතේ දකින දකින සැරේට මාවත් මතක් වෙයි….මොකද මං නැති දාක සදෙව්ගෙ අම්මා වෙන්න පුලුවන් මගේ දූට විතරයි…..”

ඒ මුද්ද මගේ අතේ ගුලි කරලා අම්මා එයාගෙ අත අහකට ගත්තේ…

“අම්මේ…” රූම් එකේ දොර භාගෙට ඇරගෙන සදෙව් කතා කලේ….

අපි එයා දිහා බලද්දි දොර ඇරගෙන ඇතුලට ආපු සදෙව්,

“මං ඉක්මන්ට ගිහින් එන්නද…”

“ඊට කලින් මගේ පුතා එන්නකෝ මගේ ලඟට…”

අම්මා කතා කරද්දි අම්මගෙ ලඟට ගිය සදෙව් වෙන්දා වගේම ඒ උනුහුමේ තුරුල් උනා…

“මගෙ පැටියා ගැන මට පොඩ්ඩක්වත් බය නෑ….එයාට ඉන්නවා හොඳ නෝනා කෙනෙක්…දන්නවද දේව්…?”

“ම්ම්ම්….” සදෙව් කිව්වේ..

“මං නැති දවසක මගේ පැටියගේ අම්මා තමයි මේ ඉන්නේ…”අම්මා මගේ අත අතගාමින් කියද්දි…

“මගෙ අම්මත් හැමදාම මං ලඟ ඉන්නවා..”

සදෙව් කිව්වේ…

“අපි හැමෝම මැරෙනවනේ පුතේ…ඔයාලට වඩා මං වයස නිසා මං කොහොමත් කලින්ම යන්න එපැයි නේද…ඊටපස්සේ ඔයාගේ අම්මා වෙන්නේ මගෙ දූ…එදාට මගෙ දූත් ඔයාට දේව් කියලම කතා කරයි..හරියට මං වගේ….”

මගේ ඇස් දිහා බලන් අම්මා කියද්දි සත්තයි මගේ පපුව කීරි ගැහිලා ගියා…එකපාර අකුනක් වැදුනා වගේ හැඟීමක් ඒක..මගේ දේව්ගෙ නම සදෙව්ට කියන්න..?

“අනේ අම්මේ.දැන් ඔය කතාව ඇති..මං ඉක්මන්ට ගිහින් රිපෝට්ස් ටික අරන් එන්නම්..”

“පොඩ්ඩක් ඉන්න….අම්මට ආදරෙයි කියන් නැද්ද…”

“මං මගේ රත්තරං අම්මට ගොඩාක් ආදරෙයි….මේ මුලු විශ්වයටත් වඩා….මට කියාගන්න බැරි තරම්ම… මහ ගොඩක් මං ආ….දරෙයි…..”

සදෙව් එහෙම කියමින් අම්මගේ නලලත් දෙකම්මුල්ත් සිපගද්දි…මගේ වගේම අම්මගේ ඇස් වලිනුත් කඳුලු දෝරෙ ගලනවා මං දැක්කා…

“අන්න ඒ වගේම ආදරයක්..ඔයාගේ මේ නෝනටත් දෙන්න ඕනි මුලු ජීවිත කාලෙම තේරුනාද….”

අම්මා හැඬුම් අතරින් කිව්වේ පුංචි ඉකිබිඳුමකුත් එක්ක…අම්මා එහෙම අඬනවා මං දැකපු පලවෙනි වතාවත් මේක…සදෙව්ව තුරුලු කරගත්ත අම්මා මටත් අඬගහමින් මාවත් ඒ උනුහුම් පපුවට තුරුලු කරගත්තා…

අපි දෙන්නගෙම මූනවල් ගොඩාක් වෙලා සිපගත්තු අම්මා සදෙව්ට ආශිර්වාද කලේ ගොඩක් පරිස්සමෙන් ගිහින් එන්න කියලා…එයාට ශ්‍රී මහ බෝධියෙත් ,රැවැන්වැලිසෑයේත් දන්ත දාතුන් වහන්සේගෙත් ආශිර්වාදය දුන් අම්මා එයාව පිටත් කලේ හිතේ හැඟීම් ගොඩක් හංඟගෙන කියලා මට ඒ අහිංසක ඇස් වලින් පෙනුනා….

“මැනික…හශාන් ඔයාව ගෙදරින් දායි හොඳද..මං එනකම් පරිස්සමෙන් ගෙට වෙලා දොරවල් වහන් ඉන්න…”

මගේ ඔලුව අතගාලා එහෙම කිව්ව සදෙව් රූම් එකෙන් එලියට ගියා….

“දූ.. සැරින් සැරේ එයාට කෝල් එකක් දීලා බලන්න පුතේ…එයා කලබල වෙන කිසි දෙයක් එයා ගෙදර එනකම්ම කියන්න යන්න එපා….”

මිනිත්තු කීපයක් අම්මාත් එක්ක ගත කල මං හශාන් රූම් එකට ආවට පස්සෙ අම්මගෙ දෙපා වැඳලා ගෙදර යන්න පිටත් වුනා…

සදෙව්ට වගේම අම්මා මටත් ආශිර්වාද කරමින් මාව යැව්වේ ඇස් වල කඳුලු පුරෝගෙන…මාත් ඇස් වල කඳුලු පුරෝගෙන අම්මට සමුදුන්නා..

හශාන් මාව ගේ ලඟින්ම බැස්සුවා..මං එයාට තේ එකක් දෙන්න අඬ ගැහුවත් පේශන්ට්ලා වගයක් ඉන්නවා කියලා එයා ගෙට ගොඩ නොවීම යන්න ගියා…

වොශ් එකක් දාගත්තු මං හවස පහන පත්තු කරා..වෙන්දා වගේම දේව් වත් සිහි කරලා පින් දීපු මං සදෙව්ටත් පරිස්සමෙන් ගෙදර එන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කලා.

අම්මට මං පොරොන්දු උනා සදෙව්ව බලාගන්නවා කියල. හ්ම්ම්ම්ම්…….ආදරේ කරන එකයි බලාගන්න එකයි දෙකක්…
හ්ම්ම්ම්ම්…..
මේ ඉන්න විදියටම ඉස්සරහටත් ඉන්නවා..එතකොට ප්‍රශ්නයක් නෑනේ….අම්මට පොරොන්දු උනා වගේම ලෙඩකදි දුකකදි එයාව බලාගන්නත් පුලුවන් එතෝට…ඩිවෝස් එක කැන්සල් කරාම හංසිගේ ආසාව ඉශ්ඨ වෙන්නෙත් නෑ…
ඔව්.ඒක තමයි හොඳම විදිය.කාටවත් වෙනසක් දැනෙන එක්කුත් නෑ…

හිත හිතම රෑට කන්න උය උය ඉද්දි කෝල් එකක් ආවේ…

“නංගි සදෙව් ආවද…” කතා කලේ හශාන්.

“නෑ අයියා.මං දැන් විනාඩි දහයකට විතර කලින් කෝල් කරා ලඟ ඉන්නෙ කිව්වා…”

“අහ් ඕකේ.එයා ආවම මට කෝල් එකක් ගන්න කියන්නකො.”

එහෙම කියපු හශාන් ඉක්මන්ට ෆෝන් එක තිබ්බා.

තවත් පැයකට විතර පස්සෙ සදෙව්ගෙ කාර් එකේ සද්දෙ මට ඇහුනා…ඉස්සරහ දොර ඇරපු මං එයාව පිලිගන්න ඉස්සරහට යද්දිම එයාට කෝල් එකක් ආවේ..

“මේ ගෙදර ආවා විතරයි..ඇයි බං…”
සදෙව් කිව්වේ කෝල් එකේ අනිත් පැත්තේ හිටපු කෙනාට..

“ඇයි හශාන්…කියපන්කො මොකද්ද උනේ….” ඒ පාර නම් එයා කතා කලේ කලබලෙන්…

“හරි ඔහොම හිටපන් මං විනාඩි පහෙන් ඔතන….”

එහෙම කිව්ව සදෙව් ෆෝන් එක සාක්කුවට දාගෙන කාර් එකට නැග්ගෙ මගෙ දිහාවත් බලන් නැතුවා..සත්තයි මට ටිකක් දුක හිතුනා….
ඒත් මොකක් හරි ලොකු වැඩක් වෙන්න ඇති..නැත්තම් එයා එහෙම කරන් නෑ..

“කොහෙ ගියත් පරිස්සමෙන්…”

මං කිව්වත් එයාට ඒක ඇහුනද දන් නෑ….
කාර් එක වේගෙන් ඉස්සරහට ඇදුනා…

“හ්ම්ම්ම්…..”

තවත් පැයකට විතර පස්සෙ කාර් එක්ක සද්දයක් ඇහුන නිසා මං ඉස්සරහට ගියේ..දොර ඇරියත් ඒ හිටියේ සදෙව් නෙමේ හශාන්..

“නංගි පොඩ්ඩක් එන්නකො..”

හශාන් මට ඉස්සරහ පිලිකන්න හරියට කතා කරද්දි මං ගියේ..

“නංගි සදෙව්ගෙ අම්මා නැතිවුනා…”

“මොනවා….”

දෑතින්ම කටවහගත්ත මං මොහොතක් එහෙම්ම හිටියේ…ඇස් වලින් කඳුලු වැක්කෙරෙන්න පටන් ගද්දි බිත්තියට වාරු උන මං හඬන්න ගත්තේ හිත ඇතුලේ ලොකු වේදනාවක් මිරිකෙද්දි….
අනේ මට තේරෙන් නෑ…මට ඒ මගේම අම්මගෙ වෙන්වීම වගේ ලොකු වේදනාවක් දැනුනේ….

අපිට අම්මගෙ ෆියුනරල් එක ගෙදර කරන්න ඉඩක් ලැබුනේ නෑ..මොකද අම්මගෙ අන්තිම කැමැත්ත විදියට එයාගේ ශරීරය දන් දීලා තිබුනෙ පිලිකුල් භාවනාව වඩන සාමණේර හිමිවරු හිටපු ආරාමෙකට…

සදෙව් ගැන නම් කතා කරන්න වචන නැති තරම්…අම්මගෙ මරණෙන් දවස් ගානකට පස්සෙ මං එයාව දැක්කෙත්..එතකම්ම මං හිටියේ හශාන්ගෙ ගෙදර.එයාගේ වයිෆ් නිමාලි මගේ තනියට මාත් එක්කම හිටියා…එයාගෙන් මං සදෙව් ගැන ඇහුවත් “එයා හශාන් එක්ක ඇති ඔයා බයවෙන්න එපා..” ඇරෙන්න වෙන උත්තරයක් ලැබුනේ නෑ ..

එදා සදෙව්, හශාන්ගේ ගෙදර ආවේ දවස් ගානකට පස්සේ…එයා ගාවට දුවන් ගියපු මං,

“ඔයා හොඳින් නේද…කොහෙද මෙච්චර දවස් හිටියේ…” මං ඇහුවේ ඇස් වල කඳුලු පුරෝගෙන..

මගේ හිස අතගාලා මාව තුරුල් කරගත්තු සදෙව් මිනිත්තු දෙක තුනක් නිහඬවම හිටියා..

“කියන්නකො අනේ..කොහෙද ගියේ…..” .

මං ඇහුවේ ඇස් උස්සලා එයා දිහා බලමින්..

“අම්මගේ බොඩි එක දන් දීපු ආරාමෙ ටික දවසක් නැවතුනා මැනික…”

එයා කතා කලේ කල කිරීමෙන් කියල මට තේරුනා..ඒ නිසා මං ආයේ ඒ ගැන එයාගෙන් ඇහුවේ නෑ

එදා හවස අපි ගෙදර ආවා…

මට ගොඩක් දුකයි අම්මා මෙච්චර ඉක්මන්ට අපිව දාලා ගිය එකට…ඇයි දෙයියනේ හොඳ මිනිස්සු ඉක්මනින් අපිව දාලා යන්නේ..

එදා රෑ සදෙව්ගේ රූම් එකේ බැල්කනියට වෙලා මං අඬ අඬ කල්පනා කලේ ඒ ගැන..ටිකකින් සදෙව්ත් බැල්කනියට ආවා…

“ඇයි හොඳ අයටම එහෙම වෙන්නේ….මොකද්ද ඔයයි මමයි ගිය ආත්මේ කරපු පාපකර්මේ…”

මං හැඬුම් අතරින් සඳෙව්ගෙන් අහද්දි එයා නිහඬවම බිම බලන් හිටියේ…..

“අනේ….සඳෙව්..මට අම්මව ගොඩක් මතක් වෙනවා….”

මං අඬ අඬ කිව්වත් මුකුත්ම නොකියපු එයා හෙමින් මගේ අත අතගෑවා…

“ඔයා කොහොමද ගල් හිතක් තියෙන මනුස්සයෙක් වගේ ඔහොම ඉන්නේ….??😡😡ඒ ඔයාගේ අම්මා….ගාණක් වත් නෑ වගේ ඉන්නේ…වේදනාවක් දුකක් නැද්ද ඔයාට…අඩුම එක වචනයක් හරි කියන්න බැරිද…..”

මගේ අත උඩ තිබුන එයාගේ අත ගසා දාපු මං තරහෙන්ම කිව්වේ අම්මගේ මරණෙන් පස්සෙ එයාගේ ඇස් වල එක කඳුලු බිංඳුවක් මං නොදැක්ක නිසා..

මගේ මූණ දිහාම බලාගෙන හිටපු එයාගේ මූනේ ඉරියව් වෙනස් වුනේ මං බලන් ඉද්දි…දෙයියනෙ ඒ ඇස් මට රැව්වා…

ඔව් එයා රවාගෙන මගේ දිහා බලද්දි ඇත්තමයි මං බයවුනා…

මොනව වෙයිද😍ඊලඟට තමයි හොඳම ටික..එපිය දිග නිසා කොටස් දෙක්කට දෙන්නම්

කර්තෘ අයිතිය සුරකින්න