49 කොටස

“ඇත්තම කිව්වොත්..ඒ කතාව කියන්න මං ආස නෑ තාරු…”

සදෙව් කියද්දි මං ඇස් කොනෙන් බැලුවේ එයා දිහා…මගේ ඒවා සේරම අහගෙන එයාගෙ ඒවා නොකිය ඉන්න්ද එයා හදන්නේ…ඒවා කොහෙද මාත් එක්ක…..මං එයාට ලාවට රැව්වෙ ඒකයි

එතකොට එයා යාන්තමට වගෙ හිනාවෙනව මං දැක්කා..ඒ හිනාව හිනා නොවී බැරිකමට මූනට ගත්ත හිනාවක් වගේ මට දැනුනේ…

දිගු හුස්මක් ගත්තු එයා කතා කරන්න ගත්තේ එයාගේ පපුවේ තිබුන මගේ අත එයාගේ ඔඩෙක්කෙන් තියාන මගේ අත දිහාම බලාගෙන…

“හ්ම්ම්ම්… හරි මං කියන්නම්….”එහෙම කියපු එයා මොහොතක් නිහඬව හිටියා..

තාරු…,

මං මේ දැන් කියන්න යන දේ අද වෙනකම්ම දැනන් හිටියේ මමයි තව කෙනෙකුයි විතරයි…

ඒත් මට හිතෙනවා දැන් ඒ දේ ඔයත් දැනගන්න ඕනි…

හ්ම්ම්ම්ම්ම්ම්……

ජීවිතේ සමහර දේවල් තියෙනවා අපි කාටවත්ම නොකියා ඒ දේවල් හංගන් ඉන්නේ ඒ අයට අපේ වේදනාවන් තේරුන් ගන්න බැරිවෙයි කියලා අපි බය වෙන නිසා….. මාව මේ ලෝකෙ කාටවත්ම තෙරුන්ගන්න බැරි වෙයි කියල ඉස්සර ඔයා වගේම මාත් බය වුනා තාරු… මේ කතාව ඇහුවොත් ඔයා උනත් මට බනියි..සමහරවිට….ඒත්… හ්ම්ම්ම්..

“හංසි කියන්නෙ මං අවුරුදු 12ක් ආදරෙ කරපු කෙල්ල…”

එයා එහෙම කියනවත් එක්කම මං ඇස් දෙක ලොකු කරගෙන බැලුවේ එයා දිහා…අවුරුදු දොලහක්..?? දේව් මමයි ආදරෙ කරලා තාම අවුරුදු අටක්…

මට කවදාවත් හිතුනෙ නෑ සදෙව්ට එච්චර දිග ආදර කතාවක් තිබුනා කියලා….

එයා මගේ දිහා නොබලම කතා කරන්න ගත්තේ ඒ ඇස් එයාගෙ උකුලෙ තියෙන මගේ අතේම රඳවන්…

“අපි යාලු වුනේ ස්කෝලෙ නමයේ පන්තියෙදි…”

එහෙම කියපු එයා කට කොනෙන් යන්තමට හිනාවුනා….

“එයා ලස්සන වැඩිය උස නැති ඒ වගෙම කටකාර ගෑනු ලමයෙක්..කියවන්න ගත්තම නම් කට රිදෙනකම්ම නවත්තන් නෑ…මාත් වැඩිය කතා කරන කෙනෙක් නෙමෙ නිසා එයාගෙ කියවිල්ලට බාධාවක් උනෙත් නෑ…එයා දිගටම කතා කරනවා මාත් ඉතින් Fm එක දැම්මා වගේ අහන් ඉන්නවා….”

එයා එහෙම කියද්දි මගෙ මූනට ලා හිනාව ආවේ..

“ඒත්…..හ්ම්ම්ම්ම්ම්ම්ම්….

අවුරුදු ගාණක් ආදරේ කරලත් එයාට කවදාවත් බැරිවුනා මාව තේරුන්ගන්න…මට ඕනි මොනවද…මං ආදරේ කරන්නෙ කොහොමද…මගේ හැඟීම්..ඒ කිසි දෙයක් ගැන එයාට කිසිම අවබෝධයක් තිබ්බෙ නෑ….ඒත් එයාගේ පුංචි වෙනසක් උනත් තේරෙන්න තරම් මං එයා ගැන දැනන් හිටියා….

කැම්පස් එකේ ඉද්දිවත් මං වෙන කෙල්ලෙක් ගැන හිතුවෙ නැත්තේ එයා නිසා….මං එයාට ගොඩක් ආදරේ කලා තාරු..ඒත් මං ඒ ආදරේ එයාට පෙන්නුවද කියල මං දන්නෙ නෑ….එයා මගේ ආදරේ දැක්කද? ඒකත් මං දන්නෙ නෑ…..”

“ඔයාගේ දේව් වගේ දැනෙන්න ආදරේ කරන්න මං දන්නෙ නෑ තාරු…මට ඒක කරන්න තේරෙන්නෙත් නෑ….මං දන්නෙ මං එයාට ආදරෙයි..එච්චරයි..

ඒ ආදරේ දෙවෙනි උනේ මගේ අම්ම ලඟදි විතරයි..මට ඒ ගැන කියන්න තේරෙන්නෙ ඒ විදියට..වෙන විදියක් මං දන්නෙ නෑ මගෙ ආදරේ විස්තර කරන්න…

“කොහොම හරි අන්තිමට අපි හම්බුනේ නුවරදි….ඒ වෙද්දි අපේ ආදරේට අවුරුදු 12 වුනා විතරයි.. එදා ලෙක්චර්සුත් කට් කරන් මං ගියේ එයාව හම්බෙන්න..එයා මට කිව්වා ගොඩක් වැදගත් දෙයක් කියන්න තියෙනවා ඒ නීආ ඉක්මන්ට මීට් වෙමු කියලා..”

මුලින්ම සදෙව් කතාකරද්දි මං එච්චර උවමනාවකින් නෙමේ ඒ කතාවට ඇහුන්කම් දුන්නේ…ඒකත් ගොඩක් ආදර කතා වගේ කතාවක් කියල මට හිතුනේ…

ඒත් ඊටපස්සෙ මං ඒ ඇස් දිහාම බලාගෙන අහන් හිටියේ…හදවතේ තියෙන හැඟීම් ඒ ඇස් වලින් පෙනෙයි කියල බයටද කොහෙද ඒ ඇස් වලින් මගෙ දිහා නොබලම එයා කතා කලේ…

“ඉතින් ඔයා ගියාට පස්සෙ එයා ඔයාට කිව්වද අපි මේ එෆෙයාර් එක නවත්තමු කියලා..?”

මං ඇහුවේ…

මොකද ගොඩක් කතාවල අවසානය ඒකනේ…මං කතා කරද්දි මගෙ කටහඬ වෙනස් වෙලා කියල මටම තේරුනා..ඇඬුව නිසාද කොහෙද මගෙ හඬ ආවේ නහයෙන් වගේ…

මං අහද්දි එයා ලාවට හිනාවුනා..

“මං මෝඩයෙක් නෙමෙයි තාරු….අවුරුදු ගාණක් එයාව ආශ්‍රය කරපු මට එයා හැරුනත් කියන්න පුලුවන් මොකටද හැරුනෙ කියල..

ටික කාලෙක ඉඳන් එයාගෙ වෙනස මට හොඳටම තේරුනා…

කීපසැරයක්ම ඇහුවත් හරි උත්තරයක් නොදෙනකොට මං තේරුන් ගත්තා මොකද්ද වෙන්න යන්නෙ කියල…

ඉතින් එදා මං ගියේ මගේ හිත හදාගෙන….

මං ඔයාට කිව්වෙ එකසැරයක් මට දෙයක් එපා වුනොත් මං ඒදේ සදහටම අතෑරලම දානවා…මට ඒක හොඳට පුරුදුයි…..”

සදෙව් ස්තිර හඬින් එහෙම කියද්දි මං ඇස් කොනෙන් එයා දිහා බැලුවා….

“එදා අපි හම්බුනේ මාලිගාව ඉස්සරහදි…එයා මගෙ ලඟම පැත්තකින් වාඩිවෙලා ලොකු විස්තරයක් කියන් ගියා..

ගෙදරින් එයාට ප්‍රොපෝසල් ගේනවලු..ඒවට කැමැති වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැතිලු..මං ඩිග්‍රි එක ගන්නකම් හිටියොත් එයාගෙ ජීවිතේ හොඳම කාලේ එයාට නැතිවෙනවලු…එයා බලන්න මනමාලයෝ කීපදෙනෙක්ම ඇවිත්..ඒ අයත් හොඳ සල්ලිකාර එයාගේ ෆැමිලි එකටත් ගැලපෙන අයලු…

ඉතින් ජීවිතේට පලවෙනි වතාවට වගේම අන්තිම වතාවට එයා කතාකරද්දි ඒ කතාවට මං බාධා කරා….

එයාගෙ කතාව නවත්තපු මං,

” හංසි ,අපි මේ එෆෙයාර් එක නවත්තමු.”

මං එහෙම කිව්වම එයා ටිකක් පුදුමෙන් වගේ මං දිහා බැලුවා..

එයා බලාපොරොත්තු වුනෙ ඒ උත්තරේම තමයි..හැබැයි ඒ විදියට නෙමේ..

ඊටපස්සෙ එයා ඉස්සරහම මගේ ෆෝන් එකේ තිබුන එයාගේ නම්බර් එක ඩිලිට් කරපු මම එතනින් නැගිටල යන්න ගියෙ..

මං යන්න යද්දි මගේ අතින් ඇදපු එයා..,

“තමුසෙට ඔහොම වෙලා මදි..මං කොහොමත් තමුසෙගෙන් අයින් වෙන්න තමයි හිටියේ…බෙහෙත් ටිකයි අම්මවයි බදාගෙන ඉන්නවා..එතකොට හැමදේම හරියයි..මගෙ ජීවිතේ අවුරුදු ගාණක් නාස්ති වුනා තමුසෙ හින්දා..තමුසෙට කවදාවත් කෙල්ලෙක් එක්ක නම් ඉන්න බෑ…බැන්ඳත් ඉක්මනින්ම ඩිවෝස් වෙලා ඒ කෙල්ලත් යයි යන්න. හහ්…”

අන්තිම වචන ටික ඇහෙද්දි මගේ හදවතට අකුනක් වැදුනා වගේ මට දැනුනේ….ඒ කියන්නේ ඇත්තටම වෙන්න යන්නෙත් එදා හංසි සදෙව්ට කිව්ව දේමයි…මං මෙහෙ ඉන්නෙත් තව ටික කාලයයි…

“ඒ ගැන එච්චර හිතන්න එපා මැනික…දෙයක් වෙන්න තියෙනවනම් කවුරු කිව්වත් නැතත් ඒ දේ වෙනවා….”

එයා කිව්වේ මං හිතපු දේ එයාට දැනිලා වගේ…

එයාගෙ ඔඩෙක්කෙ තිබුන මගේ අත ආපහු මගේ උකුලෙන්ම තියපු සදෙව්,

“හිතන්න එපා…හැමදේම හොඳ විදියට විසඳෙයි…ටික කාලෙකින් ඔයා මෙහෙන් යන්න ගියත්..මොකක්ම හරි උදව්වක් ඕනි උනොත් මට කතා කරන්න..මං ඉන්නවා ඕන දේකට…..”

එහෙම කියලා එයා ඉඳන් හිටිය තැනින් නැගිට්ටා…මං බලන් හිටියේ එයා යන්නෙ කොහෙද කියලා…ඊලඟට බිත්ති ඔරලෝසුව දිහා බලපු සදෙව්,

“තව පැය දෙකක් විතර නිදාගන්න්ස් පුලුවන්..”

එහෙම කියමින් එයා ඇස් වලින් පෙන්නුවේ ඇඳ…ඊලඟට සෝෆා එක ලඟට ගියපු එයා එහෙම්ම හාන්සි වෙලා ඇස් පියාගත්තේ මං එයා දිහාම බලන් ඉද්දි….

තප්පර කීපයක් බිම ටයිල් පොලොවේ ඉඳන් කල්පනා කරපු මං නැගිටලා ගිහින් ඇඳට වැටුනා..

“ඇත්තටම සඳෙව් මොන වගේ කෙනෙක්ද….පෙනුමෙන් එයා ගොඩක් අහිංසකයි, තැන්පත්..හැසිරීමෙත් ඊට වඩා වෙනසක් නෑ….

ඒත්….සමහර වෙලාවට.. ඇයි එයා එච්චර දරුණු වෙන්නේ…?නෑ මං කියන්නෙ තව ටිකක් ඉවසන්න තිබ්බනේ…අවුරුදු දොලහක ආදරයක් එහෙම එකපාර නවත්තමුයි කියන්නේ…මං නම් කියන්නේ ඒ දෙන්නට තව ඒ ගැන කතා කරල තීර්ණයක් ගන්න තිබ්බා….

නිදාගන්න කියල ඇඳට ආවත් නින්දනම් අහලකවත් තිබ්බෙ නෑ..ඇඳේ ඒ අතට මේ අතට පෙරලෙමින් මං එක එක දේවල් කල්පනා කලා…දේව් මතක් වෙද්දි ඇස් තෙත් වෙලා හෙමින් හෙමින් ඇඬුවා..සදෙව් ගැනත් අනුකම්පා හිතුනා…ඒත් එයාව තේරුන්ගන්න අමාරුයි…

සැරින් සැරේ ඇස් උස්සලා මං එයා දිහත් බැලුවා…එයා නම් ඉස්සල්ලා හිටිය ඉරියව්වෙන්ම ඇස් පියාගෙන හිටියේ…සමහරවිට එයාට නින්ද යන්න ඇති…

හංසි කිව්වා වගේම අන්තිමට සදෙව්ට වෙන්නේ ඒ දේමයි…තව ටික දවසකින් මං ඩිවොස් එක අරන් යනවා…

ඒත් ඉතින් ඒ සදෙව්ගෙ වැරැද්දක් නිසා නෙමේනේ..හංසි කියල තියෙන්නෙ සදෙව්ගෙ වැරැද්දක් නිසා බඳින කෙල්ල යනවා කියලනේ…මං එහෙම කරන් නෑනේ..ඒ නිසා කමක් නෑ….අම්මත් ඉක්මන්ට සනීප වුනාම හැමදේම විසඳේවි….

ඒත් ඩිවෝස් එක ගන්න නම් සදෙව් කිව්වෙ එයාගෙ පැත්තට වැරැද්ද දෙන්න කියල.එතකොට නිකන් හංසි කිව්ව දේ නිකන්ම ඇත්තක් වෙනවනේ🥺🥺….

“ඊඊඊඊඊඊ….”

හිතට එන සිතුවිලි නවත්තගන්න වගේ මං කොට්ටෙන් ඔලුවෙ දෙපැත්ත තද කලේ…

“අනේ…දේව් කියනවා වගේ හැමදේම වෙන්නෙ හොඳම විදියට….ඒ නිසා මං මොනව කලත් ඒක හරි.දේව් කිව්වෙ මං ගන්න තීරන වල එයාත් ඉන්නවා කියල.ඒ නිසා කමන් නෑ…”

අන්තිමට මං හිත හදාගත්තා….

ඊලඟට කාලය ගෙවිලා ගියේ අපිටත් නොදැනිම…අපි මැරි කරලා මාස හතරක් විතර යද්දි දෝණි එයාගේ ස්ටඩීස් කන්ටිනිව් කරගන්න ඕනි නිසා ආයෙත් පිටරට ගියා..

මං මගේ ඉස්කෝල වැඩත්…ලමයිගෙ එක්සෑම් නිසත් බිසී වෙද්දි සදෙව් දවසම ගතකලේ එයාගෙන් බේත් ගන්න එන ලෙඩ්ඩු එක්ක…

අපි හරිම සාමාන්‍ය විදියට ජීවත් වුනා… දේව්ගේ මතකය හැමදාමත් මගේ හිතේ හරි පරිස්සමට තිබුනා…පහනක් පත්තු කරන හැමවෙලේම මං ප්‍රාර්ථනා කලේ එක දෙයයි…ඒ..මගෙ මහත්තයා කොතනක හිටියත් එයාට හුඟාක් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා…❤❤

සෝමදාස අන්කල්ගේ දූත් දැන් හරි උනන්දුවෙන් පාඩම් ඉගෙන ගන්නවා…මාත් එක්ක හරි එකතුයි..මට කියන්නේ ඩොක්ටර් ටීචර් කියලා..ඇයි එහෙම කියන්නෙ කියල මං ඇහුවම ,ඩොක්ටර් අන්කල්ගෙ නෝනා නිසා ඩොක්ටර් ටීචර් කියන්නම්ලු…

මාත් හරි කැමතිනේ පොඩ්ඩන්ගේ හුරතල් වැඩවලට..ඒ නිසා ඕනි එකක් කියන්න ඇරලා කෙල්ලට හොඳට ඉගැන්නුවා…

සදෙව්ගෙ අම්මව බලන්න සතියට හතර පස් පාරක්ම මං යනවා…මේ මාස කීපයට සදෙව්ගෙ අම්මා ගැන පුදුමාකාර ලෙන්ගතුකමක් මගෙ හිතේ ඇතිවෙලා තිබුනේ…

සදෙව් මායි දවසක් අපේ ගෙදර ගිය වෙලාවක මං මගෙ අම්මටත් සදෙව්ගෙ අම්මා ගැන කිව්වා..අම්මට චූටි ඉරිසියාවකුත් හිතුනද මංදා මං අච්චර සදෙව්ගෙ අම්මා ගැන විස්තර ආසාවෙන් කියද්දි…

එයා එදා දවස වැඩිය මා එක්ක කතා කලේ නෑ…ඒකයි මට එහෙම හිතුනේ…

ඒත් ඒ හරි පොඩි වෙලාවයි…

සදෙව්ගෙ අම්මව බලන්න අපේ අම්මයි අප්පච්චිත් නිතර හොස්පිට්ල් එකට ආවා ගියා…එහෙම ආපු වෙලාවක දවසක් අපේ අම්මා ඕනෙ නැති කතාවකුත් කිව්වා..

“අක්කෙ දැන් නම් අපිට චූටි මුනුබුරෙක් හුරතල් කරන්නත් කාලෙ හරි නේද…”

අම්මා මං දිහා බලන් කියද්දි මං බිම බලාගත්තේ හිතට දැනුන හිස් හැඟීමට…

සදෙව්ත් ලාවට වගේ හිනාවුනේ හිනා නොවී බැරිකමට කියල මට තේරුනා..

ඒත් එක්කම වගේ,

“ඒ දේවල් අපිට ඕනි විදියට වෙලා බෑනේ නේද නංගි…දරුවෝ දෙන්නා ටිකක් නිදහසේ ඉඳලා තීරණයක් ගනීවි…”

සඳෙව්ගෙ අම්මා කියද්දි මං බැලුවේ ඒ අම්මගේ මූන…අම්මා කෙලින්ම බලන් හිටියේත් මං දිහාමයි…

මං එයා දිහා බලද්දිම අහිංසක විදියට හිනාවුන අම්මා ඇස් පිය ගැහුවේ මාව අස්වසන්න වගේ…

සඳෙව්ගේ අම්මට තිබුනේ තීක්ශණ බුද්ධියක්…අපි හැරෙනකොට එයාට කියන්න පුලුවන්..

අපි දෙන්නා හැමෝම ඉස්සරහ සතුටින් ඉන්න ජෝඩුවක් වගේ රඟපෑවත් එයාලා නොදන්න මොකක්ම හරි දෙයක් අපි අතරේ තියෙනවා කියලා සඳෙව්ගෙ අම්මට තේරිලාවත්ද කියලත් මට වෙලාවකට හිතුනා…

නොදැනීම මාස ගාණක් ගෙවිලා ගියා…අපි මැරි කරලා අවුරුද්දක් වෙන්න එනවා ඊලඟ මාසෙට…

ඒත් සඳෙව් නම් මේ දවස්වල ඉන්නෙ ලොකු අවුලකින්…අම්මගේ රිපෝට්ස් ටික ගන්න එයා අද කොළඹ යනවා..

රට වටේම යුධ කලබල හින්දා අම්මා නම් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ සදෙව් තනියම යනවට…

“පුතේ අහන්න මගෙ පැටියෝ…ඔය රිපෝට්ස් තව කීයක් බැලුවත් වෙනසක් වෙන් නෑ…”

“මොනවද මේ අම්මා කියන්නේ….මං ඉක්මන්ට ඒ ටික අරන් එනවා..ඊටපස්සෙ ඊලඟ සතියේ අපි තුන්දෙනාම ඉන්ඩියා යනවා….නංගි නිවාඩුත් අරන් ඉන්නේ..”

“ඇයි දෝණි බොරුවට නිවාඩු දැම්මේ…”

“අපි ඉක්මන්ට සනීපවෙමුකො අම්මේ ම්ම්…”

මං කිව්වේ අම්මගෙ හිස අතගාමින්…

“ඔව් මං තාම අසනීපෙන් ඉන්නේ හැබැයි ඒ මේ කකුල් නිසා නෙමේ ඒ ඔය දෙන්නා නිසා…”

අම්මා එහෙම කියද්දි අපි දෙන්නම මූනෙන් මූන බලාගත්තේ පුදුමෙන්….

“කාවද ඔයාලා ඔය රවට්ටන්නේ පුතේ…?” අම්මා සදෙව් දිහා බලලා අහද්දි

“මොනවද අම්මා මේ කියන්නෙ අම්මේ….ඉන්නකො..අම්මා ඉක්මන්ට සනීප වුනාම හැමදේම හරි…”

එහෙම කියපු සඳෙව් අම්මගේ නලල සිපගත්තා..

ඒත් අම්මා බලන් හිටියේ සඳෙව්ගෙ ඇස් දිහා…ඊටපස්සෙ මගේ ඇස් දිහා අම්මා කෙලින්ම බලද්දි ඒ බැල්ම දරාගන්න අමාරු උනු මං ඇස් බිමට හරවගත්තා…

මගේ අතකින් අල්ලපු අම්මා,

“දෝණි…” අම්මා කතා කරද්දි ඇස් හෙමින් උස්සලා අම්මා දිහා බලපු මං,

“රත්තරනේ..මං ගාව මගේ සන්තේකටම තිබුන එකම වස්තුව..මගෙ දූව විශ්වාස කරලා මං දූට දෙන්නම්…දූට පුලුවන්ද මැණිකක් රකින නාග රාජිනියක් වගේ මගේ වස්තුව රැකල දෙන්න…”

අම්මා මගේ ඇස් දිහා බලන් කෙලින් කියද්දි මගේ ඇස් කඳුලින් පෙගුනේ මට ඒක කරන්න බෑ කියලා මං දන්න නිසා…

“කියන්න රත්තරනේ…මගේ දූ මගේ වස්තුව ආරක්ශා කරල දෙනව නේද මට….”

“අම්මේ එයා ඒක දැන්ටමත් කරනවානේ..” එතකොටම සඳෙව් කිව්වෙ අම්මට..

“දේව්, මං ඔයා එක්ක නෙමෙයි දූත් එක්කයි කතා කරන්නේ……”

“කියන්න දූ…මට පොරොන්දු වෙනවා නේද…..”

“ම්..මං…..” අමාරුවෙන් එහෙම කියපු මං සඳෙව් දිහා බැලුවා…

එයත් අසරණ වෙලා වගේ මං දිහා බලන් හිටියේ..

අවසානයත් කියවන්න එකතුවෙන්න කියල ඉල්ලනවා ආදරෙ