48 කොටස

“අනේ දේව් මාව දාලා ගියා සදෙව්…එයා ඇත්තටම ගිහින්….ආයේ කවදාවත් මට දකින්න ලැබෙන් නැතිවෙන්න එයා යන්නම ගිහින්….”

මං කිව්වේ හයියෙන්ම ඉකි ගගහා හඬමින්….

ඒත් එක්කම මාව හයියෙන් තුරුල් කරගත්ත සදෙව්..,

“අපි එයාව කොහෙන් හරි හොයාගමු…මං කොහෙන් හරි ඔයාට එයාව ගෙනත් දෙන්නම්…මගෙ රත්තරං.. මගෙ මැනික අනේ නාඩා ඉන්න මගේ පණ…”

මාව එයාගේ පපුවට ගුලි කරන් එයා කියද්දි මගේ ඉකිබිඳුම තවත් වැඩි වෙන්න ගත්තේ ආයේ කවදාවත් මට මගේ දේව් ව දකින්න වෙන් නැති බව හදවතට තදින්ම දැනෙද්දි….

ඔයා මගේ හිත හැදෙන්න මොන දේ කිව්වත් මං දන්නවා සදෙව් ආයේ මට මගේ දේව්ව ලැබෙන්නෙ නෑ….. එයා මාව තනිකරලා යන්නම යන්න ගිහින්….ආයේ නො එන්නම යන්නම ගිහින්…

ඉකිබිඳුම හිරකරගන්න වගේ අතින් කට තද කරගත් මම ඇස් තදින් පියාගෙන හැඬුවේ දේව්ගේ මතකයන් එක පෙලට මගේ හිත පාරද්දී…

“අනෙ රත්තරං…අනේ අඬන්න එපා මැනික…මට කියන්නකො මොකද්ද එකපාරට සිද්ධ වුනේ…”

සදෙව් මාව එයාගේ පපුවට ගුලි කරන් මගෙ හිස අතගාමින් අහද්දි මං මුකුත්ම නොකියා නිහඬව හිටියේ එයාට මේ දේවල් කියන්නෙ කොහොමද කියල තේරෙන් නැති නිසා…කිව්වත් එයා ඒවා විශ්වාස කරන එක්කුත් නෑ…

එදා රෑ සදෙව්ගෙ තුරුලට වෙලා මං ඇති වෙන්න අඬන්න ඇති…හති වැටෙනකම් අඬලා අඬලා එයාගෙ උනුහුමේම මට නින්ද ගිහින්…පාන්දර මං ඇහෙරෙනකොට තාමත් අපි හිටියේ ඇඳ ගාව බිම…අමාරුවෙන් අමාරුවෙන් ඉදිමිලා තිබුන ඇස් ඇරලා මං බැලුවේ සදෙව් දිහා…

එයා නම් නිදාගත්තු බවක් මට පෙනුනේ නෑ…වේදනාබර ඇස් අතින් පොඩි කරමින් එයාගේ තුරුලෙන් මෑත් වුනු මං බිම බලාගෙන හෙමින් ඉකි ගහන්න ගත්තේ තාමත් මගෙ හිත පුරා අරක් ගෙන ඉන්නෙ දේව්ගේ මතකය විතරක්ම නිසා..

“මැනික….”

එයා කතා කරත් මං උත්තරයක් දුන්නෙ නෑ…

“ඔයාගේ හිතේ මොනවම හරි දෙයක් මට කියන්න තියෙනවනම්… මේ තමයි ඒකට හොඳම වෙලාව…
හැමදේම හිතේ හංඟන් තනියම විඳවන්න එපා තාරු….”

එයා එහෙම කියද්දි මගේ කඳුලු ආයෙත් අලුත් වෙනවා…මං දන්නවා…මගේ වේදනාව මේ කාටවත්ම තේරෙන් නෑ…මං හැමදේම තනියම දරාගෙන ඉන්නම්…මේ වේදනාව තව කෙනෙක්ට තේරුන් කරනවට වඩා තනියම විඳවන එක සැනසීමක් මට…

නිහඬව ඉකිබිඳින මං දිහා මොහොතක් බලන් හිටිය සදෙව් මගෙ ඔඩෙක්කෙ තිබුන අත අරන් එයාගේ පපුවෙ තියාගෙන ආයෙත් කතා කරන්න ගත්තා…

“මං ඔයා කියන ඕනිම දෙයක් අහන් ඉන්නම්….මේ ලෝකේ කවදාවත් සිද්ධ නොවෙන දෙයක් වුනත් මං විශ්වාස කරන්නම් මැනික…හිතේ තියන් ඉන්නෙ නැතුව මට කියන්න….
මොකද්ද මං එන්න කලින් සිද්ධ වුනේ ම්ම්ම්….”

සදෙව් එහෙම කියද්දි මට මතක් වුනේ එදා අම්මා කිව්ව දේ…සදෙව්ගෙ අම්මත් කිව්වෙ ඒ දේමයි…කවදාවත් සිද්ධ වෙන් නැති දෙයක් වුනත් මං කිව්වොත් සදෙව් විශ්වාස කරාවි.. අම්මා කිව්වෙත් එහෙම🥺💔…

මගෙ හිතට හුඟක් වේදනයි…කවුරුම හරි කෙනෙක්ට මේ දුක කියාගන්න තියෙනවනම්….ඒත් කාටද…..🥺🥺සදෙව් මාව තේරුන් ගනීද…

මං අසරණ බැල්මෙන් සදෙව් දිහා බලන් හිටියේ හරි තීරණයක් ගන්න බැරුව වගේ…🥺🥺

“ඇයි රත්තරං….මට කියන්න බැරිද….”

සදෙව් ඇහුවේ මගේ මූන ආදරෙන් අතගාමින්….
වෙලාවකට සදෙව්ගෙ මේ හැසිරීම් මට දරාගන්න හරි අමාරුයි…ඒ හැසිරීම මට තව තවත් මගේ දේව් ව මතක් කරනවා….

“කවුරුත් මං කියන දේ විශ්වාස කරන් නෑ ….”

මං මිමිනුවේ කඳුලු අස්සෙන්…

“ඒත් මං විශ්වාස කරනවා….”

ගත් කටටම එයා කියද්දි මං ඒ ඇස් දිහා කෙලින් බැලුවා…ඒ ඇස් මොනවදෝ අයදින්න වගේ මං දිහා බලන් ඉන්නවා…

“හැමදේම මට කියන්න රත්තරං පැංචීයේ…”

ඒ ඉරියව්වෙන්ම සදෙව් ම්මිනුවේ..

ඒ වචන කන වැකෙනවත් එක්කම වගේ හදවත පසාරු කරගෙන නැගුන මොකද්දෝ වේදනාවක් හදවත ගැබුරින්ම මගේ හිත පාරද්දි මං ඒ ඇස් දිහාම බලාගෙන හයියෙන් ඉකිබිඳින්න ගත්තේ..

ඒත් එක්කම එයාගෙ පපුවට වාරු වුනු මං,

“දේව් මේ ඔයාම නේද…..මාව දාලා ගියෙ නෑ නේද…කියන්නකෝ මට…” මං කිව්වෙ හැඬුම් මැද්දෙන්…

ඒත් එයා මුකුත්ම නොකියා මගේ හිස අතගෑවා…මගෙ ඔලුව පුපුරන්න වගේ ඇදුම් කනවා..එයා අතගාද්දි මට හරි සනීපයි….ඒ තුරුලෙම මං මිනිත්තු කීපයක් හිටියේ…සැරින් සැරේ ඇහෙන මගේ ඉකිය ඇරෙන්න මුලු කාමරේම නිහඬයි…

“දේව්……”

මං ඇස් උස්සලා එයාගේ මූන දිහා බලමින් අහද්දි ඒ ඇස් අගින් කඳුලු බේරනවා මට පෙනුනා..යටි තොල හපාගෙන එයා හිස දෙපැත්තට වැනුවේ එයා දේව් නෙමේ කියන්න වගේ…

“අනේ බොරු නේද…. මං දන්නවා ඔයා මගෙ මහත්තයා…මං ගොඩාක් ආදරේ මගෙ රත්තරං මහත්තයා ඔයා තමයි….”

ඉකි ගගහා මං කියද්දි එයාගේ මුවෙන් ඉකියක් පිටවුනේ ඒ ඇස් බොඳ වෙලා යාද්දි..

“ඔයා මාවත් අඬවන්නද හදන්නෙ මැනික….මං ඒ තරම් වාසනාවන්ත නෑ කියල ඔයා දන්නවනේ…”

එයා කිව්වෙ ඒ ඇස් වල කඳුලු පුරෝගෙන…

“මං ඔයාගෙ ඩයිරිය කියෙව්වා….ඒකයි පැංචි කියලා කතා කරේ…”

ආයේමත් එයා කියද්දි දේව් ඉන්නවා කියල මං විශ්වාස කරපු අන්තිම බලාපොරොත්තුවත් නැතිවෙලා ගියා….

“ඔයා මගෙ ඩයිරිය කියෙව්වද….”

මං ඇහුවේ සදෙව්ගෙන්…යටිතොල හපාගෙන එයා හිස වැනුවේ ඔව් කියල අඟවන්න…

“හ්ම්ම්ම්…..එහෙනම් ඔයාත් හිතනව ඇති මං ගොඩක් බොලඳ කෙල්ලෙක් කියල….”

“නෑ….ඒත් මට හිතෙනවා ඔයා ඒ කාලෙ හුඟක් අහිංසක පැංචියෙක් කියලා…”

එයා මගේ මූනට එබිලා කියද්දි කඳුලු අස්සෙන් මං යාන්තමට හිනාවුනා…

“දැන් එහෙම නෑ නේද…”මං කිව්වෙ බලාපොරොත්තු සුන් වුන හඬින්..

“ඒත් දේව් හැමදාමත් ආස කලේ ඒ අහිංසක කෙල්ලට…එහෙම නේද…”

එයා කියද්දි මං සැකෙන් වගේ එයා දිහා බැලුවේ….එයා කොහොමද ඒවා දන්නේ..??

“තාමත් ඒ කතාව අහන්න මං සුදුස්සෙක් නෙමේද මැනික…?”

ඒපාර එයා ඇහුවේ මගෙ ඇස් දිහා කෙලින්ම බලමින්…

දිගු සුසුමක් හෙලපු මං,

“දැන් මං දන්නවා…ඔයා දේව් නෙමේ…ඔයාට අහන්න ඕන මගේ කතාවද..?”

“නෑ මැනික…ඒ කතාවෙ දැනගන්න ඕනි හැමදේම මං දැන්ටමත් දන්නවා..මට දැනගන්න ඕන ඇයි මේ ඇස් වල මේ තරම් කඳුලු..?? මං එන්න කලින් මෙතන මොනවද සිද්ධ උනේ..??

“හ්ම්ම්ම්ම්ම්….මං කියන්නම්…ඒත් ඒක නිකන් සුරංගනා කතාවක් වගේ ඔයා අහන් ඉන්න.ඊටපස්සෙ ඒ හැමදේම අමතක කරල දාන්න.එච්චරයි..”

“ඔව් අන්න හරි…ඔයා කියල ඉවරවුනාම මං ඒ මොහොතෙම.. ඒ හැමදේම අමතක් කරනනම්…
ඒ නිසා හිතට සැහැල්ලුවක් දැනෙනකම් හැමදේම මට කියන්න ඕන තේරුනාද….”

“හ්ම්ම්ම්ම්ම්ම්……”

දිගු සුසුමක් හෙලූ මං,

“එයා හැමදාම මං ලඟම එයා හිටියා නැතිවුනාට පස්සෙ මං දැක්කෙ මුලින්ම හොස්පිට්ල් එකේදි මෙන්ටල් හොස්පිට්ල්.මාව ආරක්ශා කලා හැමවෙලේම මට විතරක් පෙනුනා මට ඇහුනා මට හුඟක් දැනුනා.ඉස්කෝලෙදිත් ගෙදරදිත් මෙහෙදිත් හැමතැනම මං ලඟම හිටියා ඒත් එයාට එහෙම ඉන්න අමාරුයි එයා ඉක්මන්ට යනවා කියල මං දැනන් හිටියා ඒත් මං කැමති වුනේ නෑ ඒකට ඒත් මං කැමැත්ත දුන්නා ඊටප්ස්සෙ එයා යන්නම් ගිහින්..”

මං එක හුස්මට එහෙම කියන් ගියේ එයාට මේ කතාව කියන්න ඒ වුනු සිද්ධි ගලපගන්න මට නොතේරෙනකොට…

ඒ ඇස් දිහා බලන් මං එක හුස්මට කියල ආයෙත් ගල් ගැහිලා වගේ බලන් ඉද්දි එයත් හෙල්ලෙන් නැතුව බලන් හිටියේ මං දිහා…

“එයා ගියා…”

මං ආයෙත් මිමිනුවේ ඇස් තෙත් වෙද්දි….

“ඔයාට එයාව මුලින්ම පෙනුනේ හොස්පිට්ල් එකේදී…ඒ එයා නැතිවුනාට පස්සෙ නේද…”

එයා අහද්දි ඔව් කියන්න වගේ ඔලුව වනපු මං,

“සමහරවිට මං එයා ගැන හිතන හින්දා මට එයාව පේන්න ඇති සදෙව්..දැන් ඒක අමතක කරන්න..ඔයා පොරොන්දු වුනානේ….”

එහෙම කියපු මං ඉඳන් ඉන්න තැනින් නැගිට්ටේ පහලට යන්න හිතාගෙන..සීතල වතුර ටිකක් බොන්න ඕනි, මට හිතුනා..

ඒත් මං යන්න නැගිටිද්දිම මගේ අත අල්ලගත්තු සදෙව්…,

“ඔව් එහෙම වෙන්න පුලුවන් මොකද ඒ ඔයා එයා ගැන නිතරම හිතපු නිසා…එතකොට මටත් එයාව පෙනුනේ කොහොමද….??”

එයා ඒ වචන කියනවත් එක්කම මං එයා දිහා හැරිලා බැලුවේ විදුලි වේගෙන්…

“මොකද්ද ඔයා කිව්වේ…??”

මං ඇහුවේ ඒ පුදුමෙන්ම ඇස් ජිල් බෝල කරන්…

“ඔව්…ඔයාගේ දේව් මාත් එක්කත් කතා කරා මැනික….”

සදෙව් කියද්දි එහෙම්ම එයා ලඟ බිම දණගහගත්තු මං ඇස් දෙක ලොකු කරන් එයාගෙ කට දිහා බලන් හිටියේ එයා තව මොනවහරි කියයි කියලා…ඒත් එයා නිහඬවම හිටි නිසා මං කතා කලේ….,

“ඔයාට ඇත්තටම එයාව පෙනුනද…”

“පෙනුනා විතරක් නෙමේ මාත් එක්ක කතා කලා…”.

“කවද්ද..ඇයි මට ඒ ගැන කිව්වෙ නැත්තේ…මොනවද එයා කිව්වේ…??”

“ඊයේ හවස…මං හොස්පිට්ල් එකට ගිය වෙලාවේ…”

“ඒත් එයාව කාටවත් පේන් නෑ අඩුම මටවත් පේන් නෑ…”

“ඔව් ඒ පියවි ලෝකෙදිනේ…එදා අපේ වෙඩින්ග් එකෙන් පස්සෙ එයාට ඔයා ඉස්සරහ පේන්න එන්න බැරි උනා කියල එයා මට කිව්වා..එයාගෙ ශක්තිය අඩු උනාලු…ඉතින් අන්තිමට එයාට මගේ ඇඟට එන්නත් බැරිවෙද්දි එයාට එන්න පුලුවන් උන එකම විදිය අපේ හීන….”

සදෙව් මගේ ඇස් දිහා කෙලින් බලාගෙන කියද්දි මං අත් දෙකෙන්ම කට තද කරගත්තේ..ඇස් වල කඳුලු පුරෝගෙන..
සදෙව් ඒ හැමදේම දැනගෙන.. දේව් ලු කිව්වෙ… ඔව් ඒ ඇරෙන්න එයා මේ දේව්ව්ල් දැනගන්න වෙන කිසිම විදියක් නෑ…

අනේ දේව්..ඔයා සදෙව්ගෙනුත් ඉල්ලන්න ඇති මාව ආරක්ශා කරන්න කියලා…ඔයාට ඕනි වුනේ ඒ දේ නේද…මට එච්චරටම ආදරේ කරලා මාව දාලා ඉක්මනින්ම ඈතට ගියේ ඇයි මහත්තයෝ….”

මං එහෙම්ම මගේ අත් ඔලුව ගහගත්තේ හිස පුපුරන්න තරම් වේදනාවක් දැනෙද්දි…

“තවත් මට කිසි දෙයක් හංඟන්න එපා මැනික…හිත නිදහස් වෙනකම් හැමදේම මට කියන්න….”

සදෙව් කිව්වේ මාව එයාගේ තුරුලට වත්තන් කරගන්න ගමන්…

තවත් මට සදෙව්ගෙ උනුහුම පිලිකුලක් වගේ දැනුනේ නෑ…මට දැනුනෙම මගේම අයියෙක් මගේ ලඟ මාව සනසන්න ඉන්නවා වගේ හැඟීමක්..
එ නිසා එයාගෙ තුරුලෙන් මෑත් වෙන්න උත්සහ නොකරපු මං සියුම් හඬින් කතා කරන්න පටන් ගත්තා..

“එදා එයාගේ ෆියුනරල් එකෙන් පස්සෙ මට දැනුනෙ මං මේ ලෝකේ තනවුනා කියල…එයා නැතිව ජීවත් වෙන්නෙ කොහොමද කියල කවදාවත්..නිකමටවත් මං හිතල තිබුනෙත් නෑ…අපි හැමෝම දවසක මැරෙනවා කියල දැනන් හිටියත් එකපාර එයා නැතිවුනාම ඊලඟට මං මගේ ජීවතේ ගෙනියන්නෙ කොහොමද..මට හිතාගන්නවත් බැරිවුනා සදෙව්…මගෙ හැම හීනෙකම..හැම සිතුවිල්ලෙම හිටියේ දේව් විතරයි..මගෙ යාලුවත් එයා,මගෙ අයියා වුනෙත් එයා,මං ආදරේ කලෙත් එයාට..ඉතින් එකපාර එයා නැතිවුනා කියලා කිව්වම මං ගොඩක් අසරණ වුනා…

ඔයා විශ්වාස කරනවද දේව් නැතිවුනා කිව්වම මගෙ ඇහෙන් එක කඳුලක් වැටුනේ නෑ සදෙව්…මං පිලිගත්තෙ නෑ ඒක..උදේ මා එක්ක කතා කරපු එයා හවස නැතිවුනා කිව්වම මං කොහොම දරාගන්නද…

එයාගෙ බොඩි එක ගමට ගෙනාවම මං දවසම කලේ නිසොල්මන් එයා දිහා බලන් හිටිය එක විතරයි..කාත් එක්කවත් කතා කරේ නෑ මං…සමහරවෙලාවට ඇස් වලින් කඳුලු වැටුනා..ඒත් මොකද්දො අවිශ්වාසයක් තිබ්බා මේ මගේ දේව් නෙමේ…එයා ඉන්නවා..කොහේ හරි ඇති…මාසේ අන්තිමට නිවාඩු දුන්නම මාව බලන්න ඒවී ආයෙමත්…ඉස්සර වගේම…

ඒත් එයා අවේ නෑ….මං කාගෙන්වත් ඇහුවෙත් නෑ ඇයි එයා නාවේ කියලා…ඒ වෙනුවට මං කලේ පැත්තකට වෙලා ඔහේ බලාගත්තු අත බලාන ඉන්න එක…මං ස්කෝලේ ගියෙත් නෑ…
ඊලඟට ආවේ අවුරුදු නිවාඩු කාලේ…

වෙන සැරවල් වල වගේ ගමේ අවුරුදු උත්සවේදි අවුරුදු කුමාරයට එයා තේරෙනකම් මං බලන් හිටියා…හැමදාම එයා දින්නම එයා සතුටින් එනවා මගෙ ලඟට…එතකොට මට එයාව පේන්නෙ නලුවෙක් වගේ…ඉතින් මං බොරුවට තරහ වෙනවා..”ඕවට ගිහින් දිනලා කෙල්ලො පස්සෙන් එන්න ගත්තම මාව නරක පැංචි කරගන්න එපා හරිද..?” මං කියද්දි එයා හිනාවෙනවා…
ඒත් මං ආසයි එයා හැමදේකින්ම දිනනවට…

ඒත් එදා තරඟෙට එයා ඇවිත් හිටියේ නෑ..කාලෙකට පස්සෙ පලමු තෑග්ග වෙන කොල්ලෙක්ට ගියාම එදා මං එතනින් නැගිටලා කෙලින් ම ආවේ අපේ ගමේ සොහොනට…

එයා නැතිවුනාට පස්සෙ මං හයියෙන්ම ඇඬුවේ එදා..මං එයාගෙ සොහොන ලඟට වෙලා ගොඩක් ඇඬුවා….ඒක ඇත්ත නෙමේ නේද…ඔයා ඇත්ත්ටම මාව දාලා ගියාද..ඇයි මට එහෙම කලේ දේව්…? ඔහොම තනියම කියව කියව පැය ගාණක් අඬන්න ඇති…අන්තිමට අම්මයි අප්පච්චි මාව හොයාගෙන ගොම්මනේ සොහොනට එනකම්ම මං හිටියේ දේව් ගාව…

එදා ගෙදර ගියාට පස්සේ මට මහ පාලුවක් ලොකු වේදනාවක් දැනෙන්න ගත්තා…මෙතනින් ඉස්සරහට ජීවිතේ කොහොම ගෙනියන්නද..මොන අරමුනක් නිසා ජීවත් වෙන්න ද කියල තේරුමක් මට තිබුනෙ නෑ… මට නිතරම එයාව මතක් වුනා…එයා කිව්ව දේවල් අපි මවපු හීන..ඒ හැමදේම එක්ක ඒ තනිකමේම ජීවත්වෙන්න මං පටන් ගත්තා…

ඊට පස්සෙ මං පුලුවන් තරම් මිනිස්සු එක්ක කතා කරන එක අඩු කලා..අම්මා එක්කවත් වචන දෙක තුනක් ඇරෙන්න කතා කරේ නෑ…ඒකත් අම්මා අහන දේකට ඔව්.. නෑ.. කියනව ඇරෙන්න වෙන දෙයක් කතා කලේ නෑ….

ඊටපස්සෙ දවස් ගාණක් ඔහොම හිටියා….ඊටපස්සෙ මට මොනව උනාද කියල මං දන් නෑ…මට ඒ කිසි දෙයක් මතක නෑ…අම්මා නම් කිව්වෙ එයා දවසක් උදේ කාමරේට එනකොට මං ජනේලෙන් එලිය බලාගෙන හිටියලු…අම්මා වෙන්දා වගේ ඇවිත් කිරි එක බොන්න කිව්වම මං මුකුත් කියල නෑ…ඊටපස්සෙ ටිකකින් එයා ආයෙත් එද්දිත් මං එහෙම්ම හිටපු නිසා අම්මා මට තට්ටුවක් දාලා කතා කරල.ඒත් එක්කම එහෙම්ම සිහිය නැතුව වගේ වැටුනලු…

ඊටපස්සෙ අම්මයි අප්පච්චි මාව හොස්පිට්ල් ගෙනියලා.ඊටපස්සෙ එතනදි තමයි මට තියෙන්නෙ මානසික රෝගයක් කියල ඩොක්ටර්ස්ලා ට්‍රීට්මන්ට් කරල තියෙන්නෙ…

ඊටපස්සෙ දවසක් මට අද වගේ මතකයි…ඔය සිද්ධි වලින් මට මතක ඒ දේ විතරයි..මං එයාව දැක්කා…මං එයාට කතා කලා..මගේ ලඟට එන්න කිව්වා…මං එයාට කිව්වා මං විශ්වාස කලා ඔයා අයෙම එනවා කියලා..ඔයා ආවා නේද මාව හොයන්….? එතකොට එයා ඇස් වල කඳුලු පුරෝගෙන ඔව් කියන්න වගේ ඔලුව වැනුවා..ඊටපස්සෙ උනදේ මට මතක නෑ…ආයේ මට මතක මං නිදාගෙන ඇහැරෙද්දි එයා මගේ ඔලුවත් අත් දෙකත් අතගගා මං ලඟ ඉන්නවා…

එහෙම සිද්ධි කීපයක් මට මතකයි ඒත් හරියට හැමදේම මතක නෑ….ඊටපස්සෙ මට සනීප උනාම මං දැනගත්තා මගේ දේව් ඇත්තටම යුද්දෙදි නැතිවෙලා ඒත් ඊටපස්සෙත් මාව හොයාගෙන ඇවිත් කියලා..

ඒත් මට දුක හිතුනේ නෑ සදෙව්,එයා මගෙ ලඟ ඉන්නවනේ….ඒත් දැන්…ආයේ කවදාවත් මට එයාව දකින්න වෙන්නෙ නෑ නේද….

ඉකි බිඳ බිඳ බෝම අමාරුවෙන් වචන ගලපමින් මං කිව්ව කතාවේ අන්තිමට මං සදෙව්ගෙන් එහෙම ඇහුවේ ආයෙත් ඇස් වල කඳුලු නලියද්දි….

“එයා ආයේ නාවත් මගෙ මැනිකට සතුටු වෙන්න පුලුවන් මොකද එයා තවත් විඳවන්නෙ නෑ..එයා හොඳ කෙනෙක් නිසා එයාට හොඳ තැනක ඉපදෙන්න පුලුවන්….”

සදෙව් කියද්දි මං බැලුවේ එයාගේ ඇස් දිහා..,

“හ්ම්ම්ම්…ඔව්…එයා හොඳ තැනක ඉන්නව ඇති..මං නිසා එයා හුඟක් විඳෙව්වා…”

“විඳෙව්වත් එයා ඒ ගැන දුක් වෙන එකක් නෑ..මොකද එයා ඒ හැමදේම කලේ එයා ඔයාට ආදරේ නිසානේ….”

“හ්ම්ම්…මං හීනයක් දැක්කා….අවුරුදු ගානෙකට කලින් වුන ගොඩක් ලස්සන දේවල් දේව් මට එතනදි පෙන්නුවා..අපි ආදරේ කරපු කාලේ.. ඒවා බොලඳයි තමයි..ඒත් හරි ලස්සනයි…
ඒ දේවල් අපේ ජීවිත ලස්සන කලා…ඒ කාලේ අපි ගොඩක් සතුටින් හිටියේ..
ඒත් අන්තිමට එයා සදහටම යන්න ගියා..😔💔

“දුක් වෙන්න එපා මැනික..දේව් ට හොඳ තැනක ඉපදෙන්න පුලුවන්…”

“හ්ම්ම්…ඔව්..එයා හුඟක් හොඳ කෙනෙක්..සදෙව්, මං කලේ හරි දේ නේද…එයා මං වෙනුවෙන් ගොඩක් දේවල් කලත් මං එයා වෙනුවෙන් මුකුත්ම කරලා නෑ…🥺🥺”

“නෑ මැනික…එයා වෙනුවෙන් කරන්න පුලුවන් වටිනාම දේ ඔයා කලා.. ඔයා එයාට ජීවිතයක් දුන්නා…”

සදෙව් කියද්දි මං යාන්තමට හිනා වුනේ මගේ දේව් වෙනුවෙන් මං දෙයක් කලා කියන සතුටට…

හ්ම්ම්ම්ම්ම්ම්…… මං කොහොමහරි හිත හදාගන්නම් රත්තරං…ඔයාට සැනසීමක් හොඳක් වෙනවනම් මට පුලුවන් හැමදේම දරාගන්න…

ඔයාට වුන පොරොන්දුව මං රකින්නම්…මං ජීවත්වෙන්නම්…ඒත් ඔයාගේ මතකය හැමදාමත් මගේ හදවතේ ගැඹුරම තැන තියේවී මගෙ රත්තරං…මං ඔයාට ආදරෙයි..ගොඩක් ආදරෙයි..

මිනිත්තු කීපයක් අපි නිහඬවම හිටියා…සදෙව් වගෙ යාලුවෙක් ලැබුන එකත් එක අතකින් හොඳයි…හැමදේම එයාට කිව්වට පස්සෙ හිතට මොකද්දෝ සැනසීමක් දැනෙනවා…

“සදෙව්…”

“ම්ම්ම්…”

“දැන් මගේ හැමදේම ඔයා දන්නවනේ…ඉතිං ඔයාගේ දේවල් මට කියන් නැද්ද…?”

“හ්ම්ම්ම්…එහෙම කියන්න තරම් ලස්සන ආදරණීය කතාවක් මට නෑ මැනික…”

“ඒත් අර හංසි ගැන…ඔයා කිව්ව නේද එයා ගැන මට කියන්නම් කියල…. “

බෝනස් දෙනවෝ.