Home Novels ආදර වැස්සක් ආදර වැස්සක් – 7 කොටස

ආදර වැස්සක් – 7 කොටස

0
54

ඔන්න ඊයේ ගොඩාක් අය කීවේ ඇවිත් ඉන්නේ දුලාජ් කියලා.. ඒ අතරින් ශනාෂාගේ තාත්තා කියපු අයත් හිටියා….

බලමු කව්ද ආවේ කියලා ..😉😉

හත්වන කොටසට☔️☔️☔️ (බෝනස් කොටස)

🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧

නිදිමත බේරෙන ඇස් දෙකත් විසල් කරගෙන තමන් දිහා බලන් ඉන්න කෙල්ල දිහා ජයතිලක මහතා බලන් හිටියේ තමන්ගේ ලෝකෙම වූ දූ පොඩ්ඩ ගැන අපරිමිත සෙනෙහක් දෝරෙ ගලද්දි….. 😍😍

“මොකද දෝණි….

තාම නිදන්ද හිටියේ …. ම්ම්ම් ” තමන් ගෙනාපු බඩු ටිකත් අරන් කුස්සියට යන ගමන් ශනාෂාගෙන් අහද්දි…. කෙල්ලත් බාත් රූම් එකට ගියේ දැන් නාලාවත් මේ නිදිමත යවා ගන්නවා කියලා හිතාගෙනමයි….🤣🤣

ජයරත්න මහතා කුස්සියට ගොස්…. කෙල්ලට අරන් දුන්න පොඩී ෆ්‍රිජ් එක ඇරලා මැගී පැකට් ටික එලියෙන්… තිබ්බේ… කොච්චර කිව්වත් මේ කෙල්ල ක්ෂණික කෑමම හදන් කනවා කියලා හිතෙන් බැන බැන…. 😐😐 කෙල්ල උයන්න දන්නවා උනත් හෙන කම්මැලියි… තමන් විතරක් ඉන්න නිසා…. ඔය මැගී එකෙන් වේල ශේප් කරගන්න තමයි කෙල්ල බලන්නේ…. ඒ නිසාමයි… ජයරත්න මහතා කෙල්ලව බලන්න මාසෙකට සැරයක්වත් එන්නේ… ඒ එද්දි ඉතින්… සීනිසම්බෝල, චට්නි, අච්චාරු, ලුණු දෙහි බෝතල් අරන් එන්නේ… කෙල්ල තියාගෙන ටික ටික කනවා කියලා දන්නවා නිසා….

“තාත්තා…. මට කිව්වේවත් නෑ එනවා කියලා…

මම හොද නින්දක් නිදාගන්න හැදුවේ… ” කෙල්ල පසක තිබුනු ලුණු දෙහි බෝතෙලෙන් කෑල්ලක් අරන්… කටට දාගන්න ගමන් කියද්දි…😊😊 ජයරත්න මහතාට හිනා ගියේ… කෙල්ල ලුණු දෙහී කන්න රුසියා බව මතක් උන නිසා…

“ඔන්න… නැන්දා…

අමු අඹ ගැට දෙක තුනකුයි, ඇඹරැල්ලයි එවලා ඇති .. ” කියලා ජයරත්න මහතා කිව්වා විතරයි… කෙල්ල බෑග් එක ලඟට ගියේ වෙඩිල්ල වගේ…. මොකද කෙල්ල ඇඹුල් කන්න පුදුම ආසයි…. ලුණුයි, මිරිස්කුඩු, ගම්බිරිසුයි, සීනිත් චූට්ටක් දාලා හදන අඹ අච්චාරුව කෙල්ල කන්නේ සූස් සූස් ගගා…. කොච්චර කට දැම්මත් ඉවර කරලම තමයි කෙල්ල නවතින්නේ….🤣🤣

“අද තාත්තා ඉන්නවැයි … ” කෙල්ල ජයතිලක මහතාට තුරුල් වෙන ගමන් අසද්දි…

“නෑ මැණිකේ….

හෙට ස්කෝලේ … ප්‍රිෆෙක්ට්ලට බැච් පලන්දනවා…

මම ඒක ගැන බලන්න එපැයි….

මම දෝණිව බලන්නම ආවේ…

මේවා ටික දීලා යන්න…

නැත්නම් ඉතින් මැගී පිහිටෙන් ඉදීනේ …” ජයරත්න මහතා අන්තිම ටික නෝක්කාඩුවෙන් වගේ කියද්දි… කෙල්ල අහිංසක විදිහට බිම බලාගද්දි… කෙල්ලගේ හිසත් සිඹලා ජයරත්න මහතා නැවත කුරුණැගල යන්න පිටත් උනා ….

තාත්තා ගියාට පස්සේ කෙල්ල නැන්දා එවපු රතු බතට පොළොස් ඇඹුලක් , පරිප්පු හොද්දකුත්, මිරිසට උයපු වෙල් මාලුත්, මුකුණුවැන්න මැල්ලුමකින් සමන්විත බත් පාර්සලය කෙල්ල කෑවේ හුඟ දවසකින් මේ වගේ කටට රසට කෑම වේලක් කන්න බැරි උන නිසා…. බත් ඇටයක්වත් ඉවර නොකර කාපු කෙල්ල හුස්ම ගන්නත් අමාරුවෙන් ගෙනත් තිබුනු කෙසෙල් ඇවරියෙන් කෙසෙල් ගෙඩියකුත් කාලා… පුටුවෙන් ඉදගත්තේ… දැන් නම් ආයි නිදා ගන්න බැ කියලා හිතෙද්දියි…

ඊළඟට මොකද කරන්නේ කියලා හිතපු කෙල්ල කතා කලේ.. ලක්ෂිට… මොකද උදේ නිදි මතේම බැන්නා මිසක් ඇයි කතා කරන්නේ කියලා බලන්නවත් බැරි උනානේ…

“හෙලෝ… ලක්ෂි…

මොකද කරන්නේ… ම්ම් ” කෙල්ල අහද්දිම…

“දැන්ද අහන්නේ…😐😐

අපේ ආච්චිව හොස්පිට්ල් එක්කන් යනවා…

මම යන්න ඕන නැති නිසා…

උබ එක්ක ඉන්නවා කියලා කතා කලාම….

මට බැන්නේ… ” ලක්ෂි බනිද්දි….

“හරි වස්තු… සොරි ඈ…

දැන් කොහෙද ඉන්නේ…

ගෙදරද … ම්ම් … ” 🙂🙂

“ගෙදර නෙමේ….

මාව තනියෙන් තියන්න බැරි නිසා…

අම්මා මාවත් එක්කන් හොස්පිට්ල් ආවා…

ආයි හවස තමයි ගෙදර යන්න වෙන්නේ…

මේ ඔක්කෝම ඔයා නිසා….” එහෙම කියපු ලක්ෂි…. ෆෝන් එක තියද්දි… සුසුමක් හෙලපු ශනාෂා …

දැන් මොකද කරන්නේ කියලා හිත හිත ඉද්දි මතක් උනේ… දුලාජ්ව… අපි බලමුකෝ කෝල් එකක් දීලා කියලා කෙල්ල කෝල් එකක් ගත්තා….

කොල්ලා හිටියේ ඔෆිස් එකේ ඩිසයින්ට් මේකර්ස්ලට උපදෙස් දෙන ගමන්….

තමන්ගේ ෆෝන් එකට ආව කෝල් එක කාගෙන්ද කියලා බලද්දි…. ශානි…. කොල්ලා තමන්ටම හිනා වෙලා… ඔහොම ඉන්න කියලා කට්ටියට ඉඟි කරලා…. ජනේලේ ලගට ගිහින් ෆෝන් එක ආන්සර් කරලා ….

“ඇයි ශානි….

මුකුත් හදිස්සියක්ද ….. ” කොල්ලට හරියට අහන්නවත් ලැබුනේ නෑ ….

“බලන්නකෝ අනේ…

අද මම දවසම නිදා ගන්න හැදුවේ…

ඒත් බැරි උනානේ….

පස්සේ තාත්තා ආව නිසා.. මම නැගිට්ටා…

දැන් තාත්තා ගියා… මගේ යාලුවා ලක්ෂිත් එයාගේ ආච්චිව එක්කන් ක්ලිනික් ගිහින්…

දැන් මට නිදිමතත් නෑ… ඒත් කම්මැලියි…

ඔයා මොකද කරන්නේ …ම්ම්ම් … ” එක හුස්මට කියවන් යන කෙල්ලව අහන් හිටපු කොල්ලගේ මුවේ ඇදුනේ ලස්සන හිනාවක්…☺️☺️

කොල්ලගේ සේවකයෝ පවා පුදුමෙන් බලන් හිටියේ කොල්ලා දිහා… මොකද කොල්ලා බුම්මන් ඉන්න කෙනෙක් නොවුනත්… මේ වගේ පැහැදිලි හිනාවක් ඔවුන් දැකලා තිබ්බේම නෑ…. ඊටත් වඩා තමන්ගේ සර් කෙල්ලෙක් එක්ක මේ වගේ හොදින් කතා කරනවා කියලා දැනගත්ත එකත් එයාලට ලොකු පුදුමයක්…

“හරි හරි… අම්මෝ… පොඩ්ඩක් හුස්ම අරන් කතා කරපන් කෙල්ලේ … ” කොල්ලගේ හඩේ තිබ්බ ආදරණීය බවින්… කෙල්ලට හිතුනේ හුස්ම ගන්න නෙමේ… තිබ්බ හුස්ම ටිකත් නැවතුනාදෝ කියලා…. කෙල්ල නිශ්ශබ්දව ඉන්න තැන දුලාජ්….

“මොකද දැන් ගිරවිට උනේ …

හරි හරි කම්මැලියි කිව්වනේ …

දැන් මා එක්ක කොහෙද යන්න ඕනේ …ම්ම් …” කොල්ලා හිනා වෙලා අහද්දි …

“ම්… අනේ ඔයාට වැඩ නැද්ද…

ශෝයි…. අපි බීච් යමු… ම්ම් … ” කෙල්ල කල්පනා කරලා කිව්වාම… කොල්ලත් පිළිගත්තේ… තනියෙන් හුදෙකලා ලෝකෙක ජිවත් වුනු කොල්ලා …. තනියෙන් මිසක් කා එක්කවත් කවදාවත් බීච් ඇවිත් නොතිබුනු නිසා….

“හරි…. එහෙනම් ලැහැස්ති වෙන්න…

මම එක්කන් යන්න එන්නම් …. ” දුලාජ් එහෙම කියලා ෆෝන් එක තියලා…. කට්ටියට හෙට මීටිම දාමු කියලා දන්නවලා… ගෙදර ගියේ… සේවකයන්ව තවත් පුදුම කරලා…..

කොල්ලා ගෙදර ගිහින් වොශ් එකක් දාලා… තද නිල් පාට ඩෙනිමට බටර් පාට ටී එකක් ඇදලා … කොන්ඩෙත් ටිකක් හදලා … වෙනදට වැඩියෙන් ලස්සන වෙලා… තව පාරක් කණ්ණාඩියෙන් තමන්ගේ රුව බලලා… ක්ෂණික සිතුවිල්ලකට කොල්ලා ගත්තේ…. කාර් එකේ යතුර නෙමේ… කොල්ලා ආසාවකට අරන් තිබුනත් සීමිත ගානක් පැදපු කවසකි බයික් එකේ කී එකයි….

කොල්ලා කී එකත් කරක කරක ආවේ…. හරියට දහා අටේ කොල්ලා වගේ…. 😍😍

ෆුල් හෙල්මට් දාලා තමන්ගේ ගේ ඉස්සරහා නවත්තපු කවසකි බයික් එකේ ඉන්න දුලාජ් දිහා බලන් හිටියේ ඇස් දෙක විසල් කරගෙන…..😮😮

“ඔහ්… තේමි… ඔයා… මේ …”😮😮

ඊළග කොටසට