Home Story Book නිමක් නැති ආදරේ නිමක් නැති ආදරේ – 47 කොටස

නිමක් නැති ආදරේ – 47 කොටස

0
124

නිමක් නැති ආදරේ (චූටි බෝනස් එකක්😍)

47 කොටස

ඒත් එක්කම වගේ ආයෙත් ඒ ලමයි දිහා බලපු මගේ ඇස් අහම්බෙන් වගේ නතර වුනේ ඒ ගෑනු ලමයා ලඟ…

“අහ්හ්…” ඒ ඉන්නේ මම නේ…

මං පුදුමෙන් බැලුවේ දේව් දිහා…එයාගෙ කටට දබර ඇඟිල්ල තියාන සද්ද කරන්න එපා කියල මට අඟවපු දේව්..ඇස් වලින් මට යමක් පෙන්නුවා…

ඒ දිහාවට ඇස් යොමු කරපු මං දැක්කේ වෙන කවුරුත් නෙමේ.. සර් දිහා බලාගෙන ඉගෙන ගන්න මගෙ දිහා සැරින් සැරේ හොරෙන් බලන දේව්…

“අහ්හ්..😍😍” සතුටට මගේ ඇස් දිලිසෙන්න ඇති…ඒ සතුටින්මයි මං ආයෙත් දේව් දිහා බැලුවේ…

“ඒ ඉන්නෙ ඔයා…😍”

කටින් නොකීවත් මං කියන්න හදපු දේ මගේ ඉරියව්වලින් දේව්ට තේරෙන්න ඇති…එයා හිනාවෙමින් හිස වැනුවේ ඔව් කියන්න වගේ..

තප්පරෙන් තප්පරෙට දේව්ගෙ ඇස් මගෙ ගාව…මට නම් ගානක්වත් නෑ..ඔහේ බෝඩ් එක දිහා බලන් ඉන්නවා…

අපි මිනිත්තු කීපයක් ඉස්සර අපි දෙන්නා දිහා බලාගෙන හිටියා.

ඊටපස්සේ අපි හිටිය තැන බිමෙන් වාඩි වුන දේව් මාව එයාගේ ඔඩෙක්කෙ වාඩි කරවගෙන තුරුල් කරගත්තා…

“මේ දවස කවද්ද..?”

මං ඇහුවේ දේව්ගෙන්…

“මං ඔයාට ආදරෙයි කියන්නේ අද මේ දවසට හරියටම අවුරුද්දකුත් මාස දෙකයි දවස්විසි හයකට පස්සෙ…අද තමයි මං මුලින්ම ඔයාව දකින්නෙ මැනික….”

එයා කිව්වෙ මගෙ කම්මුලක් සිපගනිමින්…ඊටපස්සෙ ඒ ලස්සන අතීතයේ සිදුවුන හැම විශේෂ සිදුවීමක්ම චිත්‍රපටියක් බලනවා වගේ දේව් මට ආයෙමත් පෙන්නුවා…

මං එයාගෙ ඔඩෙක්කෙට වෙලා හැමදේම බලන් හිටියේ….

අවුරුද්දක් යනකම්ම මට දේව්ගෙ ආදරේ දැනිලා නැති හැටි….එයා කොච්චර මං දිහා බලලද මට නොපෙනෙන්න…මාව කොච්චර පරිස්සම් කරලද ඒකත් මට නොදැනෙන්න…

මගේ හෙවනැල්ල වගේ මගෙ ලඟින්ම ඉඳලත් මට ඒ ආදරෙ පෙනිලා නෑ….ඊටපස්සෙ එදා එයා පරක්කුවෙලා ක්ලාස් ආපු දවස..එදා මට ආදරෙයි කියපු හැටි…දේව්ගෙ තුරුලට වෙලා අඬ අඬ මං ඒ දිහා බලන් හිටියේ…දේව් මගේ හිස අතගාමින්..තවත් වෙලාවක මාව සිපගනිමින් මාව සනසන්න පටන්ගත්තා…..

ඊටපස්සෙ අපේ මුලු ආදර කතාවම ෆිල්ම් එකක් වගේ මගේ ඉස්සරහා මැවිලා පේද්දි…අපි ආදරේ කරපු විදිය..වෙලාවකට හිනාවෙවී තවත් වෙලාවකට රණ්ඩු වෙවී…හැමවෙලාවෙම රණ්ඩුව අවුස්සන්නෙ මම….අන්තිමට මං වැරදී වගේ තේරීගෙන එද්දි මං අඬලා අඬලා දේව් එක්ක තරහ වෙනවා…ඊටපස්සෙ එයා වැරැද්ද එයාගෙ පිට පටවන් මගෙන් සමාව ඉල්ලනවා…ඔන්න එතකොට තමයි මං ආයේ එයා එක්ක යාලුවෙන්නේ…

මං ඒ දිහා බලන් හිටියේ හිනාවෙවී…දේව්ටත් හිනා…හෙමින් මගෙ කන මිරිකුවේ එයා මගෙ කපටි වැඩ නිසා..

“පැංචි….”

“ම්ම්ම්ම්….”

“දැක්කද….”

“මොනාද මහත්තයෝ….”

“ජීවිතේ කොච්චර ලස්සනද….පේනවද සතුටින් සැහැල්ලුවෙන් අපි ජීවත් වුන හැටි…”

“ඔව්…ඔයා හැමදාම මාව සතුටින් තිබ්බා දේව්…”

“නෑ මැනික…ඔයාගේ හිතේ මං ගැන තිබුන ආදරේ නිසා ඔයා සතුටින් හිටියා…”

“හ්ම්ම්..ඔව්..එහෙමත් වෙන්න පුලුවන්…” මං කිව්වෙ හිනාවෙලා එයා දිහා බලමින්..

“ආදරේට පුලුවන් මැනික කෙනෙක්ව ජීවත් කරවන්න…ඒවගේම මරල දාන්නත්….

මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරේට මට පුලුවන් මේ දෙකෙන් එකක් ඔයා වෙනුවෙන් කරන්න….මගෙ මැනික කියන්න මං මොකද්ද කරන්න ඕන ඔයා වෙනුවෙන්….”

එයා ඒ අන්තිම වචන ටික කිව්වේ මගේ මූන එයාගේ දෝතටම අරන් කෙලින්ම මගේ ඇස් දිහා බලමින්…

මාත් එයාගේ ඇස් දිහාම කෙලින් බැලුවා…එයාට දෙන උත්තරේ මොකද්ද..හිතාගන්න බැරුව මං මොහොතක් නිහඬව හිටියේ…

“කියන්න රත්තරං මේ වෙලාවේ ඔයා කියන ඕනිම දෙයක් මං කරනවා…මට තව ගොඩක් වෙලා නෑ….මගෙ සැනසීමෙන් තවත් මට වැඩක් නෑ…මගෙ රත්තරං ගෙ සතුට මොකද්ද කියන්න…මං ඒක කරන්නම්….”

එයා කියද්දි ඒ ඇස් අගින් කඳුලු බිඳු දෝරෙ ගලන් යන්න පටන් ගත්තේ මගේ ඇස් තෙත් කරමින්…

මට දේව් ව නවත්තගන්න ඕනි… එයාට යන්න දෙන්න මට බෑ….ඒත් එක් ඇසිල්ලකින් මගේ හිතට ආවේ මං එහෙම කලොත් ඒක මොනතරම් අසාධාරණද…කොච්චර නරකද මං?

එයා එයාගේ ජීවිතෙන් භාගයක්ම කැප කලේ මං වෙනුවෙන්…තාමත් එහෙමයි….එයාට හොඳ තැනක ඉපදෙන්න ඉඩ නොදී එයාව මෙහෙම අල්ලන් ඉන්නෙ මම නේද…මං නොහිටින්න එයා මෙ විදියට එලොවත් නැතුව මෙලොවත් නැතුව අතරමං වෙන්නෙ නෑ…මගේ සතුට මගේ ජීවිතේ වෙනුවෙන් එයා එයාගේ ඒ ජීවිතෙනුත් භාගයක් කැපකරලා ඉන්නේ දැනටමත්…

එහෙම තියෙද්දි මං කොහොමද තවත් ආත්මාර්ථකාමී විදියට හැසිරෙන්නේ රත්තරං….ඔයා මගේ පණ..මගේ හුස්ම ටික…මගේ රත්තරං විඳෙව්වා දැන් හොඳටම ඇති මගේ වස්තු…..

“කියන්න මගෙ රත්තරං…ඔයාට ඕනි මං ඉන්න තැනට එන්නද….එහෙනම් මං ඒක කරන්නම් රත්තරං…” එයා කිව්වේ කඳුලු අතරින්…

“නෑ රත්තරං නෑ….මං ජීවත් වෙනවා…මගේ රත්තරං මහත්තයගේ මතක එක්ක මං ජීවත්වෙන්නම්…..ඔයාගේ ආදරේ …මේ රත්තරං පපුවේ සුවඳ හොඳටෝම ඇති මට මැරෙනකම් හුස්ම ගන්න….සුදූ ..මගෙ රත්තරං…ඔයා දුක්විඳින්න බෑ ආයේ…මගෙ මහත්තයා හොඳ තැනක සතුටින් ඉන්න ඕන..මං ගැන මතකය මේ හදවතේ ගැබුරුම තැන පරිස්සමට තියාගෙන ඔයා ආයෙමත් ඉපදෙන්න මගෙ දෙයියෝ…”

ඉකිබිඳුම් අතරින් මං බෝම අමාරුවෙන් වචන ගලපන් එහෙම කියද්දි කඳුලු අස්සෙන් හිනාවුන එයා තදින්ම මාව එයාගේ පපුවට තුරුල් කරන් මගේ හිස ඉඹින්න ගත්තේ අතොරක් නැතුව..

මාව හෙමින් එයාගේ පපුවෙන් ඈත් කරපු දේව් මගේ නලලට දිගු හාදුවක් තියමින් මගේ ඇස් කම්මුල් තොල් පෙති සිඹින්න පටන් ගත්තේ පුදුමාකාර ආදරයකින්…ඒ ආදරණීය හැඟීම එයා ගත්තු හුස්මක් හුස්මක් පාසා මට තදින්ම දැනුනා…

“ඔයාගේ ආදරේ හරි සුවඳයි මගෙ රත්තරං…ඒ සුවඳ විඳ විඳ හුස්ම ගන්න මං ආසයි…ආයෙත් දවසක මේ සුවඳ අරන් මගේ ලඟට එන්න මහත්තයෝ…අතරමං වුන අපේ හීනවලට පණ දෙන්න ආයෙත් ඔයා එන්න මාව හොයාගෙන….”

“අනිවාරෙන්ම මගෙ රත්තරං පැංචියේ….මං එනනම් පුලුවන් ඉක්මනින්ම මගෙ රත්තරං ආදරී….මං එනනම් මේ සුවඳ හොයන්….”

එයා කියද්දි කඳුලු පිනි ඇස් අගින් දෝර ගැලුවත් මං හිනාවුනා…එයත් එහෙමයි…

එයා තාමත් හිතන්නෙ මං ගැන..එයාගෙ ඇස් වලින් ගලන කඳුලු ඔහේ යන්න ඇරලා මගේ ඇස් කඳුලු පිහදාන්නේ ඒකයි….එයා මගේ ඇස් අග කඳුලු පිහදාද්දි මං ඒ ආදරණීය ඇස් අග කඳුලි පිනි මගේ අත්ලෙන් පිස දැම්මා…

“සුදු නෝනා…මේ දේත් අන්තිමට අහගන්න රත්තරං…මේ මං දේව් විදියට ඔයාට කියන අන්තිම වචන ටික වේවි….සමහරවෙලාවට සමහර අමාරු තීරණ ගන්න අවස්තා ඒවී…

.ඒ වෙලාවට වෙන කිසිම දෙයක් හිතන්න එපා..තව කෙනෙක්ගෙ ජීවිතයක් වෙනුවෙන් ඔයාට දෙයක් කරන්න පුලුවන් නම් දෙපාරක් නොහිතා ඒ තීර්නේ ගන්න…තේරුනා නේද මං කියන දේ….

තව කෙනෙක්ගේ ජීවිතයක් වෙනුවෙන් ඔයාට කරන්න අමාරුම දෙයක් වුනත් කරන්න..ඒකට ආයේ දෙපාරක් හිතන්න එපා….ඒවගේ තීරනයක් ගන්න වෙද්දි මං ගැන මතක් වුනොත් මතක තියාගන්න ඔයා ගන්න ඕනෑම තීරණයක් වෙනුවෙන් මං ඉන්නේ ඔයා හරියි කියන තැන….ඒක හොඳට මතක තියාගන්න මගේ පැංචියේ…මං ඉන්නෙ ඔයාගෙ පැත්තේ….”

එයා කිව්ව දේ මට නොතේරුනත් ඒ වචන කවදාවත් මට අමතක වෙන් නෑ කියලා මට හොඳටම විශ්වාසයි…..ඒත් එක්කම එයාගේ ඡායාව බොඳවෙවී වින්විද පේන්න පටන් ගත්තේ මගේ හිතට ලොකු බයක් එක් කරමින්…

“මං ආදරෙයි මගේ රත්තරං….මැරුනත් ආයේ ඉපදුනත් මේ දේව්ගේ ආදරේ ඔයා වෙනුවෙන් නිමක් නෑ කවදාවත්…මගෙ රත්තරං සුදු මැනිකගේ හදවතේ මං හැමදාම ජීවත් වෙනවා..හැමදාම හුස්ම ගන්නවා තේරුනාද මගෙ හා පැංචි….”

ඒ වචන ටික කියල ඉවරවෙනවත් එක්කම වගේ දේව්ගේ රූපය නැතිවෙලා දුහුවිල්ලක් වගේ උනේ මං බලාගෙන ඉද්දි…ඒත් එක්කම වටේම ඝන අන්ධකාරයක් වීගෙන එද්දි මට දැනුනේ එයා සදහටම මගෙන් ඈත් වෙලා ගියා කියලා…

“දේ……ව්….. අනේ……….එපා………….”

මං නැගිට්ටේ හයියෙන්ම කෑ ගහගෙන…මං වේගෙන් හුස්ම ගන්න ගත්තේ…අනේ නෑ නෑ…එයා තාම ගියේ නෑ…එයා මේ කොහෙ හරි ඇති…මට නොපෙනෙන්න මාව ආරක්ශා කරනවා ඇති…මං වටපිට බැලුවේ දේව් කෝ කියලා…

ඒත් ඒ වෙනුවට සදෙව් ඇස් වල කඳුලු පුරෝගෙන ඇඳ ගාව බිම වාඩිවෙලා මං දිහා බලන් ඉන්නවා..

“එයා..එයා ඉන්නවා නේද…එයා මාව දාලා ගියේ නෑ….ඒක හීනයක් විතරයි නේද…ඇත්තක් නෙමේ නේද..”

ඇස් වල කඳුලු පුරෝගෙන මං ඇහුවේ සදෙව්ගෙන්….එයා මට දෙන්න උත්තරයක් නැතුව වගේ මං දිහා බලන් ඉන්නේ මොකද්දෝ හැඟීමක් පාලනය කරගන්න එයාගේ යටිතොල හපාගෙන…

“අනේ සදෙව් කියන්න….දේව් මාව දාලා ගියාද…එයා ඇත්තටම ගියෙ නෑ නේද…අනේ මට කියන්න…”

මං ඇහුවේ සදෙව්ගෙ උරහිස් තද කරමින්…

“අනේ මැනික අහන්නකෝ…මං දන් නෑ මොනවද උනේ කියලා…මං ගෙදර එද්දි ඔයා නින්දෙන් මොනවදෝ කියව කියව අඬනවා…ඔයාව ඇහරවන්න කොච්චර උත්සහ කරත් ඇහැරුනේ නෑ…මං ගොඩක් බය වුනා රත්තරං….”

එයා කිව්වේ මගේ මූන අතගාමින්…

“අනේ දේව් මාව දාලා ගියා සදෙව්…එයා ඇත්තටම ගිහින්….ආයේ කවදාවත් මට දකින්න ලැබෙන් නැතිවෙන්න එයා යන්නම ගිහින්….”

මං කිව්වේ හයියෙන්ම ඉකි ගගහා හඬමින්….

ඒත් එක්කම මාව හයියෙන් තුරුල් කරගත්ත සදෙව්..,

“අපි එයාව කොහෙන් හරි හොයාගමු…මං කොහෙන් හරි ඔයාට එයාව ගෙනත් දෙන්නම්…මගෙ රත්තරං.. මගෙ මැනික අනේ නාඩා ඉන්න මගේ පණ…”

මාව එයාගේ පපුවට ගුලි කරන් එයා කියද්දි.