Home Novels ආදර වැස්සක් ආදර වැස්සක් – 6 Bonus කොටස

ආදර වැස්සක් – 6 Bonus කොටස

0
64

හයවන කොටස

බාත් රූම් එකේ ඉදන් ආපු කෙල්ල හිමින් හිමින් අඩි තිය තිය පඩිපෙළ බැස්සේ… දුලාජ්ගේ ගෙදර ලස්සන බල බල… කෙල්ල කොල්ලා ගැන නොදැන හිටියද… කෙල්ලට චූට්ටක් විතර බය හිතුනේ …

කොල්ලට මහ ගොඩාක් සල්ලි ඇති කියලා… මොකද දුලාජ්ගේ ගෙදර ගොඩාක් ලස්සනයි වගේම අංග සම්පූර්යි කියලයි කෙල්ලට හිතුනේ … පඩිපෙළ දිගේම උඩ ඉදන් පහළට තිබ්බේ ….

කොල්ලගේ එක එක විදිහට හිටපු ෆෝටෝ… ඔය අතරේ කෙල්ලට තව දෙයක් ගැන සැක හිතුනා… ඒ තමයි… කොල්ලගේ ගෙදර දකිද්දි… කොල්ලගේ ජිවිතේ ඉන්නේ කොල්ලා විතරමයිද කියලා හිතෙද්දි…. කෙල්ලට ඒ සිතුවිලි ඔස්සේ දිගටම යන්න බැරි උනේ…. ගාර්ඩ්න් එකේ කාටද මන්දා කෝල් කර කර ඉන්න කොල්ලව දැක්ක නිසා ….

තද නිල් පාට කොටු කොටු සරමකට ලා නිල් පාට ශර්ට් එකක් ඇදන් ඉන්න කොල්ලව දැක්කම කෙල්ලට හිතුනේ… ඒ චාම්, අහිංසක , කඩවසම් බවට තමන්ගේ හදවත නැවතුනාද මන්දා කියලා…. කෙල්ල ලොකූ හුස්මක් අරන්…😍😍

“මොනවද මේ හිතන්නේ…

ශනාෂා තමුසෙට පිස්සුවත් හැදීගෙන එනවද … ” තමන්ටම මුමුණ ගනිමින් කෙල්ල ඔලුවට ගහ ගත්තේ… පියවි සිහියට එන්න හිතාගෙන….

ඒත් කෙල්ලට හිතුන ක්ෂනික සිතුවිල්ලකට කෙල්ල දුවගෙන කොල්ලාගේ පිටි පස්සට ගිහින්… කෙල්ලගේ ඇඟිලි තුඩු වලින් ඉස්සිලා කොල්ලගේ ඇස් දෙක වැහුවා …..

කව්ද තමන්ගේ ඇස් දෙක වැහුවා කියලා දුලාජ්ට තේරෙද්දි…. කොල්ලා එහෙමම ටිකක් වෙලා ඉදලා අනිත් පැත්තට හැරුනා… මොකද කොල්ලා දැනගත්තා මේ ඉන්නේ කෙල්ල කියලා…. වෙන කව්ද ඉතින් මේ වගේ ළදරු වැඩ කරන්න ඉන්නේ මේ ගෙදර….

කෙල්ල ඒ දේ බලාපොරොත්තු නොවුන නිසාම…. 😮😮 කෙල්ලගේ අත් කොල්ලගේ මුහුනෙන් ඉවත් වෙලා කෙල්ල පසු පසට වැටෙන්න ගියේ… කෙල්ල හිටපු සමබරතාවය ගිලිහුනු නිසයි….

ඒත් කෙල්ල වැටෙන්න යන්නේ කියලා තේරිච්ච දුලාජ්… ඉක්මනට කෙල්ලගේ ඉන වටා අත් යවා තමන්ගේ ගතට තුරුල් කරගත්තා…

දෙදෙනාම මේ සිදුවීම බලාපොරොත්තු නොවුන නිසා… කෙල්ල ගැස්සිලා කොල්ලගේ ඇස් දිහා බලද්දි… කොල්ලත් ඇසි පිය නොහෙලා කෙල්ල දිහා බලන් ඉන්නවා….

ටික වෙලාවක් දෙදෙනාගේම ඇස් අතර අතරමන් උනු දෙදෙනා පියවී ලෝකෙට ඇවිත්… කෙල්ල කොල්ලගෙන් ඈත් වෙන්නෙත් කොල්ලා කෙල්ලව අත අරින්නෙත් එකටමයි…😳😳

“ආ..හ්… තේමි…

තෑ..තෑන්ක්ස්.. මාව වැටෙන් නැතුව අල්ල ගත්තට…

ම..ම .. අරහෙට යන්නම් … ” කෙල්ල ගොත ගගහා කියලා ඉක්මන් ගමනින් ගේ ඇතුලට ගියේ කොල්ලා කියන දේවත් අහන්නේ නැතුවමයි..

“ආහ්..හා හරි .. ” කෙල්ල තමන් කියන දේවත් අහන්නේ නැතුව යන කෙල්ල දිහා බැලුවේ සිත අමුතු හැඟීම් වලින් පුරවලා මුව සිනහවකින් සැරසෙද්දි….

කොල්ලත් වට පිට බැලුවේ කොල්ලව කවුරුත් දැකලද කියලා බලන්න…. නැති තැන කොල්ලත් ගේ ඇතුලට යන්න හැරුනා.. ඒත් කොල්ලා නොදන්නවාට මනීෂ මේ දිහා බලන් හිටියේ…

තමන් සිතූ පරිදිම හැමදේම වෙන්න යන්නේ කියලා හිතෙද්දි… මනීෂ දෙවියන්ගෙන් ඉල්ලුවේ ඒ දෙන්නට කාගෙවත් ඇස්වහා කටවහා වදින්න එපා කියලා ……

කෙල්ල මනීෂ එක්ක බෝඩිමට ආවේ …. දුලාජ්ගේ ගෙදරින් දවල්ට කාලා බෙහෙතුත් බීලා… දුලාජ් කෙල්ලට ගෙදර ගෙනියන්න පලතුරු තොගයකුත් දුන්නා….

කෙල්ල බෝඩ් වෙලා ඉන්නේ වයසක ජෝඩුවක් ඉන්න ගෙදරක… ඒ කාමරය ගෙදරට වෙනම තියන නිසාම… කෙල්ල කෙල්ලගේ පාඩුවේ හිටියේ… කෙල්ලට කැම්පස් තේරිච්ච මුල් කාලේ බෝඩින් හොයද්දි…

අහම්බෙන් වගේ මෙතන හම්බුනේ… වටපිටාව හොද නිසාත් කෙල්ලගේ තාත්තා කෙල්ලව නැවැත්තුවා…. කෙල්ලගේ තාත්තත් මාසෙකට පාරක්වත් කෙල්ලව බලන් යන්න එනවා …..

” කව්ද… අනේ … මේ මට නිදා ගන්න දෙන්නේ නැති එකා … ” කෙල්ල නිදිමර ගාතින් බැන බැන ඇදෙන් බිමට බැස්සේ….😞😞

අද නිවාඩු දවසක් කෙල්ල දවසම අද නිදාගන්නවා කියලා හිතන් නිදාගද්දිත්…… ටිකක් පාන්දර උනා.. මොකද කැම්පස් එකේ අසයිමන්ට් එකක් තිබිලා කෙල්ල ඒක ඉවර කලා….

ඊට පස්සෙ හොදට වොශ් එකක් දාගෙන… බිත්තරයක් දාලා මැගී එකකුත් හදන් කාලා… කෝපි එකක් බීලා බඩ පුරෝගෙන…. එහෙමම ඇදට වැටුනා….😴😴.

ඒත් උදේ 5 වෙද්දි එලාම් එක කෑ ගහන්න ගත්තේ… කෙල්ලට එලාම් එක නිදාගද්දි ඕෆ් කරන්න බැරි උන නිසා… එලාම් එකට බැන බැන ඒක ඕෆ් කරලා…. නිදා ගද්දී…

ආයි කෙල්ල උඩ ගිහින් ඇහැරුනේ කෝල් එකක් නිසයි…. බලද්දි ලක්ෂි…. ලක්ෂි කතා කරලා… මොකද කරන්නේ නිදිද අහද්දි… කෙල්ලට මරුවා නැග්ගේ නැති එක විතරයි…..

කෙල්ල ලක්ෂිටත් හොදවයින් දෙකක් කියලා….. ෆෝන් එක තියලා ඕන්නම් පැය දෙකක් විතර නිදා ගන්න ඇති.. ආයි පාරක් කෙල්ල උඩ ගිහින් ඇහැරුනේ …. දොරට ගහන සද්දෙට ….💤💤

කව්ද මන්දා දොරට ගහනවා…. කෙල්ල බැන බැන ඇදෙන් බැහැලා…. දොර ලගට ගිහින්… ලොක් එකත් පන්නලා …. තරහා ගියපු පාර දඩාස් ගාලා දොර අරිද්දි හිටපු කෙනා දැකලා කෙල්ලගේ ඇස් විසල් උනා…..😩😩😯😯

ඊළග කොටසට