Home Story Book නිමක් නැති ආදරේ නිමක් නැති ආදරේ – 46 Bonusකොටස

නිමක් නැති ආදරේ – 46 Bonusකොටස

0
122

46 කොටස

“ඒත් මට එක දෙයක් කියපන්…උබේ අන්තිම මොහොතේ සිතුවිල්ල තාරු නිසා තාරුට උබව පෙනුනා…ඊටපස්සෙ ඒ ශක්තිය උබට නැතිවුනා…ඒත් දැන් කොහොමද මට මෙහෙම උබව පේන්නේ…??”

“ඒ කොහොමද කිව්වොත් උබයි මමයි මේ ඉන්නෙ හීනයක් ඇතුලේ…තවදුරටත් මට බෑ තව කෙනෙක්ගෙ ඇඟට ඇතුල්වෙන්නවත් කෙනෙක්ට පේන්න එන්නවත්….මට පුලුවන් කෙනෙක් දකින හීනයක් ඇතුල්ට එන්න විතරයි…..ඒකත් තව පැය කීපයයි…”

“ඒ කියන්නේ මං මේ හීනයක්ද දකින්නේ…ඒ කියන්නේ ඊයේ රෑත් මං උබව ඇත්තටම දැක්කා..?”

“ඔව්…මං උබට පේන්න ආවා…මේක හීනයක් උනාට මං දැන් කිව්ව හැමදේම ඇත්ත..මං විශ්වාස කරනවා උබ මගේ අන්තිම කැමත්ත ඉශ්ඨ කරයි කියලා…මගේ ආත්මෙට සැනසීමක් දෙයි කියලා..

මාව ආය කවදාවත් උබට දකින්න ලැබෙන එකක් නෑ….මගෙ කෙල්ලට මාව උබේ හදවතින් පෙන්නපන් සදෙව්….උබට ඒකිව ජීවත් කරවන්න පුලුවන් එකම ක්‍රමේ ඒක…කොහොමහරි මගේ කෙල්ල ජීවත් කරපන් සදෙව්….මගෙ කෙල්ලව ජීවත් කරපන්….”

“අ හ්හ්හ්….”

එකපාර සදෙව් ඇස් ඇරලා බැලුවේ වට පිට…

ඔව්..විනාඩි පහක් ඇස් පියාගන්න හිතන් ශීට් එකේ දිගාවුන විදියටමයි ඔහු හිටියේ…..

සදෙව් ගෙදරින් ගිහින් දැන් පැයකටත් කිට්ටුයි…

මොකද දන් නෑ අම්මගෙ රිපෝට්ස් ගැන කිව්වේ..එයා ආවම අහල දැනගන්න ඕනි

රෑට කන්න කියලා බතුත් තව ව්‍යාංජන දෙකකුත් හදපු මං කල්පනාවෙන්ම ගියේ සදෙව්ගේ රූම් එකට…

“හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්…..”

දිගු සුසුමක් හෙලමින් ඇඳේ දිගාවුන මං යාන්තමට මගෙ ඇස් පියාගත්තා…

ඊටාස්සෙ මං නිරායාසයෙන්ම වගේ දේව්ගේ මතක අතරේ සැරිසරන්න පටන් ගත්තේ…

“මං දන්නවා රත්තරං ඔයා ලඟදිම මාව දාලා සදහටම යන්නම යාවී…ඔයා මට ඔයාගේ ලෝකෙට එන්න ඉඩ දෙන් නෑනේ😔😔

මං දන්නවා…මගෙ රත්තරං ඔයා මට ආදරේ කරන තරමක් මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් නෑ මට ආදරේ කරන…😔❤

මගේ රත්තරං මහත්තයා හොඳ තැනක ඉපදෙනවා සත්තයි…❤❤

ආයේ ආත්මෙක මගේ වෙන්න එනවා නේද ම්ම්ම්….🥺🥺

අපි ඉස්සර මවපු හීන අද කාත් කවුරුවත් නැතිව අතරමං වෙලා සුදූ…🥺❤

ඒ ලස්සන හීනවලට පණ දෙන්න මගේ පණ ආයෙත් මං ලඟට එන්න…🥺❤

ඒත් මට සමුනොදී නම් යන්න හිතන්නවත් එපා…ඔයාගේ ලස්සන මතක එක්ක මං මට පුලුවන්තාක් කල් හුස්ම ගන්නම්…

තව ටික කාලයක්නේ මෙහෙ ඉන්නේත්..

.ඊටපස්සෙ මං ගෙදර යනවා…සදෙව්ත් මට උදව් කරයි ඒ වෙනකල්…”

මං නිහඬවම කල්පනා කලා..එකපාර මට දැනුනේ හැම තැනම කලු පාට අන්ධකාරයකින් වැහිලා යනවා වගේ…ඒකමයි මං ඇඳෙන් නැගිට්ටේ…

“මේ මොකද්ද වෙන්නේ…”

මං ඇස් බෝල කරන් වට පිට බැලුවේ කිසි දෙයක් හිතාගන්න බැරුව…හැමදේම කලුපාට මීදුමකින් වැහිලා යනවා…

ඒත් එක්කම ඔලුවට ලොකු වේදනාවක් දැනෙද්දි මං දෑතින්ම ඔලුව බදන් කෑගහන්න ගත්තේ…

“අහ්හ්හ්හ්හ්…..”

තප්පර කීපයක් යද්දි අර හිසේ වේදනාව ටිකෙන් ටික අඩුවුනා…දෑත් හෙමින් පහලට ගත්තු මං වටපිට බැලුවේ පුදුමෙන්..

” මං මේ කොහෙද ඉන්නේ…ම්ම්ම්…මට මේ තැන ටිකක් දැකලා පුරුදුයි වගේ…”

“අහ්හ්..ඔව්.. දෙයියනේ මට මතකයි..අර..අර අතන බෝ ගහ…කොහොම අමතක වෙන්නද..😍 මං මේ ඇත්තටම එතනද ඉන්නේ….

ඔව්…මේ තමයි මං ඒලෙවල් කරන කාලේ ක්ලාස් ගියපු ඇකඩමි එක…එතකොට අර බෝ ගහ යට තමයි ඉස්සර දේව් මං එනකන් මග බලන් හිටියේ…😍

අපි මුලින්ම මුනගැහුනේ මෙතනදි..😍😍”

“දේව්……ඔයත් ඉන්නවද….”

ඈතින් පේන පොඩි ශාලාව ගාව කාගෙදෝ ඡායවක් පේනවා…

ඒ දිහා ඇස් හීනි කර කර බලන ගමන් මං මිමිනුවේ…

“දේව්….ඔතන ඉන්නේ ඔයා නේද…..මං මෙහේ…මේ….දේව්…..”

මං අපේ ක්ලාස් තිබ්බ හෝල් එක දිහා බලාගෙන කෑගැහුවේ අත වනමින් හරියට පුංචි දරුවෙක් වගේ….අවුරුදු ගාණකින් මං මේ තැනට ආවේ…මගේ හිතේ මෙච්චර සතුටක් තියෙන්නේ ඒ ලස්සන මතක එකින් එක ආයේ මතක් වෙද්දි….

ඒත් එක්කම වගේ කවුරුහරි මගේ කනට පිඹිනවා වගෙ දැනෙද්දි මං හැරිලා බැලුවේ…

“හා පැංචියේ…”

දෙපාරක් නොහිතපු මං තදින්ම එයාව බදාගත්තේ…

අනේ ආයෙත් එයා එයාගේ රූපෙන්ම ඇවිත්…අනේ ඒක කොච්චර දෙයක්ද…

ඒත් එයාට එහෙම එන්න බැරුවන හිටියේ…ඉතින් එහෙම තියෙද්දි දැන් කොහොමද මට එයාව පේන්නේ…

හිතේ ප්‍රශ්න ගොඩක් තිබුනත් ඒ හැමදේම මොහොතකට අමතක් කරලා දාලා මං සතුටු වුනේ එයාව ආපහු මට දකින්න ලැබුන නිසා…හැමදේටම වඩා මට එක වටින නිසා..

තප්පර එකින් එක ගෙවිලා ගිහින් මිනිත්තු වෙද්දිත් මං තාම එයාව තුරුල් කරන්…

“පැංචි මේ බලන්නකෝ….” අන්තිමට එයා කතා කලේ…

“නෑ..නෑ…අතාරින්නේ නම් නෑ මං..ඈතට යන්න දෙන්නෑ මගෙන්…”මං එයාව හයියෙන් බදාගෙන එහෙම කිව්වේ….

එයා හිනාවෙවීම මගෙ හිස හිමීට සිපගත්තේ..මල් පෙත්තක් ඉඹිනවා වගේ පරිස්සමට…..

“මේ තැන මතකද මගෙ මැනිකට….” මගෙ හිස අතගාමින් එයා අහද්දි මං එයාගෙ පපුවට තුරුල් වෙලාම උත්තර දුන්නේ…

“නැතුව…..මට අමතක වෙයිද….මෙතනදිනේ මගෙ රත්තරං මහත්තයා මට හම්බුනේ…”

“ඔව්…මගෙ හා පැංචිව මං මුලින්ම දැක්කෙත් මෙතනදිමයි….” එයා කිව්වේ මාව තවත් එයාගේ පහසට තුරුල් කරගනිමින්…

“තාමත් හැමදේම.. ඒ කාලේ වගේමයි….”

මං කිව්වේ එයාගෙ පපුවෙන් යන්තම් ඈත් වෙමින්…

“හ්ම්ම්…ඔව් එන්නකො අපි යන් ක්ලාස් එක ඇතුලට…”එයා හෙමීට මාව එයාගෙ තුරුලෙන් ඈත් කරමින් එහෙම කියද්දි මං එයාගේ අත අල්ල ගත්තේ එයා එක්ක ක්ලාස් එක පැත්තට යන්න…

ඒත් එයා හෙල්ලෙන්නෙවත් නැතුව ඉද්දි මං පුදුමෙන් ඒ සුදු මූන දිහා බැලුවේ…එතකොටම වගේ එයත් මං දිහා බලල ඇහැක් ගහමින්…,

“කොහෙද යන්නේ….?”

“ක්ලාස් එකටනේ…ඇයි ඔයා කිව්වෙ යං කියලා…” මං පුදුමෙන් ඒ මූන දිහා බලන් ඇහුවේ…

“ඔව් ඉතින්….ඒත් කවුද දැන් ඇවිදගෙන යමු කියලා කිව්වේ…” හිනාවෙවී එහෙම කියන එයා වේගෙන්ම මගේ අතින් ඇදලා මාව එයාගේ තුරුලට ගත්තේ මට තව වචනයක්වත් කියන්න ඉඩ නොතියා….

ඒත් එක්කම මාව උස්සල හරහට වඩා ගත්තු එයා…එකපාරම අහසට අඩි දෙකක් තුනක් උඩට යද්දි මං බයටම තවත් ඒ උනුසුම් පපුවට තුරුලු උනා…

“සුදු නෝනා.. ඇස් අරින්න මැනික…” එයා එහෙම කිව්වත් මං බයටම ඇස් තද කරලා පියන් හිටියේ…

“කෝ ඉතින් ඇස් අරින්නකො පැංචි…”

අනේ සුදූ මට බයයි….”මං එයාට ගුලිවෙමින් මිමිනුවේ….පුංචි කාලෙත් උස් තැන්වලට මං හරි බයයි….

“මාව විශ්වාසයි නේද මගෙ කෙල්ලට…මං ඉන්නකම් ඔයාට වැටෙන්න දෙනවද ම්ම්ම්…..”

ඔව්..ඒක ඇත්තක්.එයා කවදාවත් මට වැටෙන්න දෙන් නෑ…මට එයාව විශ්වාසයි…හෙමින් හෙමින් ඇස් ඇරලා බලපු මං ඒ ආදරණීය ඇස් දිහා බලන් යාන්තමට හිනාවුනේ..

එයා හිටියේ මාව හරහට වඩාගෙන..එයා ඇස් වලින් ඉඟි කලේ මට පහල බලන්න කියලා…අනේ මං එයාගෙ උරහිස් තදින්ම අල්ලගෙන හෙමින් හෙමින් පහල බැලුවේ..

“දෙයියනේ…”

මං එකපාර ආයෙත් එයාගේ පපුවට තුරුල් උනේ බයට..එයා මගේ නලලතින් එයාගේ උනුසුම් හාදුවක් තිබ්බම ආයෙත් මං ඇස් ඇරියේ..

ආයෙත් හෙමින් හෙමින් පහල බලපු මගේඇස් ජිල් බෝල සයිස් ලොකු වුනේ…

“දෙයියනේ අපි ඉන්නේ පොලොව මට්ටමේ ඉඳලා අඩි පනහක් විතර උඩින්නේ….මං ඇස් බෝල කරන් ආයෙත් දේව් දිහා බැලුවේ…එයා හරි ලස්සනට හිනාවෙනවා…

“කවුද එන්නේ මාත් එක්ක ගුවන් සවාරියක් යන්න…” එයා හුරතල් හඬින් එහෙම කියද්දි මං හිනාවුනේ හරි සතුටින්…

“මං එනවා…..”මං හුරතලෙන් අත උස්සලා එහෙම කියමින් ආයෙත් ඉක්මනින්ම දේව්ට තුරුලු වුනේ අපි ඉන්නේ පොලොවට අඩි ගානක් උඩින් කියල මතක් වෙද්දි…

“හරි ඔන්න එහෙනම් ආසන පටි තද කරගන්න….අපි යන්නයි හදන්නේ…එකා…යී….දෙකා….යී….තුනා……යී.”

එයා තුන කියල ඉවරවෙන්න උනේ නෑ..හරි වේගෙන් හුලං සැර කපාගෙන ඈතට විසිවෙනවා වගේ හැඟීමක් මට දැනුනේ..මං ඇස් දෙක තද කරගනිමින් තව ත්වත් එයාගේ පපුවට ගුලි වුනේ බයටම…සීතල සුලං වේගෙන් ඇවිත් අපේ ඇඟේ වැදීගෙන යනවා..අනෙ මේ වගේ හැඟීමක් කවදාවත් කවුරුවත්ම විඳලා නැතුව ඇති…මං තව තවත් මගේ දේව්ට තුරුලු වුනා…

හුලං සැර ටිකක් අඩුවීගෙන යද්දි තමයි මගේ හිතට සැනසීමක් දැනුනේ…ඊටපස්සෙ මට ඇහුනේ දේව් වේගෙන් හුස්ම ගන්න හඬ….ඒපාර මං හෙමින් හෙමින් ඇස් ඇරියා…

අනේ එයා හරි ලස්සනට හිනාවෙනවා..ඒ ඇස් පවා හිනාවෙනවා…

“කොහොමද ආහ් ඒක…වීසා නැතුව එක්කන් යන්ද ලෝකෙ වටේම…”

එයා හරි ලස්ස්නට හිනාවෙවී කියෝනවා..

“අනේ ඕන් නෑ…මං මේ ටිකත් බයේන් ගැහි ගැහි ආවේ…” මං එයාගෙ පපුවට තට්ටුවක් දාමින් කිව්වේ…මං තාමත් එයාගෙ කරේ..

එයා මාව හෙමින් බිමින් තියද්දි මං වැටෙන්න ගියේ ඒ පොලොව ඇදැයි වගේ තේරෙද්දි…ඒත් එයා ඉක්මන්ට මගෙ අතින් අල්ලගත්තා මට වැටෙන්න නොදී….මේ නම් මං ඉන්නෙ පොලොව උඩ වෙන්න බැ….ඒකමයි ආං දේව්ගෙ මූන දිහා පුදුමෙන් බැලුවේ….

“අප්පෙ දැන් ඉතින් උත්තර දෙන්න එපැයි…”එයා එක අතක් නලලේ තියාගෙන හුරතලෙන් කියද්දි…

“උත්තර දෙන්න ඒ මොනාටද අනේ…”

“ඇයි ඉතිං මේ බලන්නකෝ…ලස්සන මූන මැද්දේ ප්‍රශ්නාර්ත ලකුනක්…” එයා මගේ මූන අතගගා හුරතලෙන්ම කියනවා..

“අනේ….” මං එයාගෙ පපුවට හුරතලෙන් වගේ ගැහුවේ…

“ඇත්තටම අපි මේ කොහෙද ඉන්නේ…”ඒ පාර මං ඇහුවේ පුදුමෙන්..

“වහලයක් උඩ..”

“මොනවා..වහලයක් උඩ…” මං ආයෙත් තුරුල් උනේ එයාගේ පපුවට..

“ඇයි මගෙ පැංචිට බය හිතුනද…” එයා රහසින් වගේ මගේ කනට කරලා ඇහුවේ..

“පල්ලෙහට තල්ලු කරන්නද ම්ම්ම්….” එයා ආයෙත් රහසින් වගේ අහද්දි..

“හා😍..”

එයාගේ පපුවෙන් මෑත් වුන මං හරි සතුටින් එහෙම කිව්වේ…එතකොට මටත් එයා ඉන්න තැනට ගියෑකිනේ…මට හිතුනෙ එහෙම…

“මරුහ්…”

දේව් අත්පුඩි ගහමින් එහෙම කිව්වේ සතුටින් නම් නෙමේ…🥺🥺
දෙයියනේ අද නම් මං ඉවරයි…🥺🥺

“මරු පැංචි…ඇත්තටම මරු…ඒ කියන්නෙහ් …තාමත් ඔයා ඉන්නේ ඒ මානසිකත්වයෙන්මයි නේහ්…මරු….නියමයි…

මං මෙච්චරකල් කරපු කියපු කිසි දේකින් වැඩක් වෙලා නෑ…ඇත්තටම…ඇත්තටම ඔයා මට ආදරේ කරලා නෑ පැංචි…ඔයා කවදාවත් මාව තේරුන් අරගෙනත් නෑ…

ඔයා දන් නෑ මං මෙච්චර කල් ඔයාවෙනුවෙන් කරපු කැපකිරීම් මං උහුලගත්ත හැඟීම් ඒ කිසිදෙයක් ඔයාට ගානක්වත් නෑ….මං බලාපොරොත්තු උනේ මේකද මැනික…ආහ්…
කියනවා මට….ඔයාවත් මරාගන්නද මං මෙච්චර කල් විඳෙව්වේ……..”

දේව් මගේ උරහිස් වලින් හොල්ලමින් කෑ ගහද්දි මං මෙච්චර වෙලා දරාගෙන හිටපු කඳුලු බිඳු ඇස් වලින් පනින්නගත්තේ දේව්ගේ ඒ වචන වල සැරට….

අනේ මට සමාවෙන්න රත්තරං..🥺❤අනේ මං….මං ආයේ එහෙම හිතන්නෑ…🥺🥺”

කඳුලු අතරින් මං කිව්වේ ඒ ඇස් දිහා බලාගෙන…ඒ ඇස් යාන්තමට බොඳ වෙනවා මට පෙනුනේ..

“පැංචි…මං කියන දේ හොඳින් අහගන්න…..මට තව මෙහෙම ඉන්න පුලුවන්කම තියෙන්නේ බොහොම ටික කාලයක් විතරයි..සමහරවිට ඒක තව පැය විසි හතරකටත් වඩා අඩුවෙන්න පුලුවන්…ඒත් බලන්න….
ඔයා තාමත් එහෙම්මයි…

තාමත් ඒ නපුරු කෙල්ලමයි මැනික…

මං ඔයාට කිව්වා මතකද…මං යන්න කලින් ඉස්සර මං දැකපු කෙල්ලව මට ආයෙත් ගෙනත් දෙන්න කියලා..

ඊයේ අද… මං ඒ කෙල්ලව දැක්කා මැනික…මගේ දඟකාරී කටකාරිව මං දැක්කා..සදෙව් ලඟදි….

ඒත් ඒ දේවල් බොරුවක්ද…මගේ හිතට පුංචි හරි සැනසීමක් දුන්නේ බොරුවටද…මං විඳවනවා බලන්නද ඔයාට ඕනි පැංචි….??

තාමත් ඔයාට ඕනි මැරෙන්නද…..”

එයා එහෙම කියනවත් එක්කම මං එයාගේ පපුවට තුරුලු උනේ හිතේ ලොකු වේදනාවකින්…මං කිව්ව දේ නිසා දේව්ට මේ තරම් රිදුනද දෙයියනේ….අනේ රත්තරං මට සමාවෙන්න පන…

“අනේ නෑ දෙයියෝ….අනේ මට සමාවෙන්න රත්තරං….මට ඔයා විඳවනවා බලන්න ඕන් නෑ….අනේ මං ආයේ කවදාවත් එහෙම හිතන් නෑ…මං කොහොමහරි ජීවත්වෙන්නම්….අනේ මාව දාලා යන්න එපා දේව්….”

කඳුලු අතරින් මං මිමිනුවේ ඉකි ගගහා…

“ආයේ කවමදාවත් එහෙම හිතන්නවත් එපා රත්තරං….ඔයා එහෙම හිතුවොත් මං මේ ලෝකේ කොහෙ හිටියත් එදාට මම ගොඩක් විඳවයි…ඔයා හිනාවෙලා සතුටින් ඉන්නවනම් මගේ ආත්මෙට සැනසීමක් ලැබෙයි පැංචියේ….”

“මං සතුටින් ඉන්නම් රත්තරං…🥺❤ඔයාට විඳවන්න දෙන් නෑ මං නිසා..🥺”

“හ්ම්ම්ම්….කෝ එහෙනම් දැන් කඳුලු පිහිදගෙන මට පොරොන්දුවක් වෙන්න…”

දේව් කිව්වෙ මගෙ ඇස් අග කඳුලු බිංඳු එයාගෙ අතින් පිහදාන ගමන්…

“අද තමයි මේ ඇස් අඬන අන්තිම දවස…ආයේ මේ පුංචි ඇස් දෙකෙන් මගේ නමට එක කඳුලු බිඳුවක් හරි වැටෙනවනම් ඒ මගේ ආදරේ වෙනුවෙන් මිසක් මං ගියපු දුකට වෙන්න බෑ තේරුනාද….

කවදහරි දවසක ඔයාට දැනුනොත් ඔයා වෙනුවෙන් මං දෙයක් කරා කියලා අන්න එදාට මේ ඇස් චුට්ටක් තෙත් උනාට කමක් නෑ….හැබැයි ඉක්මනින් කඳුලු පිහදගෙන හිනාවෙන්න ඕන තේරුනාද…”

එයා මාව තුරුල් කරන් කියද්දි මට තවත් ඇඬෙනවා…එයා හැමදාම හැමදේම කරේ මං වෙනුවෙන්…මං ඒක හොඳටම දන්නවා…ඒත් එයා මෙහෙම කියනකොට මට දරාගන්න හරි අමාරුයි…

“කෝ ඉතින් කඳුලු ඇති කිව්වනේ…එන්නකො පහලට යමු…”

එහෙම කිව්ව එයා ආයෙත් මාව හරහට වඩා ගත්තා…පරිස්සමට මාව පහලට ගෙනාපු දේව් මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි එක් කරලා”ටික්” ගෑවා විතරයි…

ඊටපස්සෙ බලද්දි අපි දෙන්නම හිටියේ ක්ලාස් රූම් එකක් මැද්දේ…ඒක ඇතුලේ පන්තියක්…

සර් කෙනෙක් ලමයි සීයකට විතර උගන්නනවා..

“කට්ටිය අපිව දකී…”මං දේව් දිහාට ඇස් හරවමින් රහසින් වගේ කිව්වේ..

මගේ කනට ලං වුන එයා,

“බයවෙන්න එපා..ඒ අයට අපිව පේන් නෑ….”

එයා කියද්දි මං එයා දිහා බලලා හිනාවුනේ…

ඒත් එක්කම වගේ ආයෙත් ඒ ලමයි දිහා බලපු මගේ ඇස් අහම්බෙන් වගේ නතර වුනේ ඒ ගෑනු ලමයා ලඟ…

“අහ්හ්…” ඒ ඉන්නේ මම නේ.