Home Story Book නිමක් නැති ආදරේ නිමක් නැති ආදරේ – 45 කොටස

නිමක් නැති ආදරේ – 45 කොටස

0
104

45කොටස

“ඔයාට ගොඩක් ස්තූතියි සදෙව් අයියේ…ඔයා නිසා දේව් තාමත් මං ගාව ඉන්නවා…

ඔයා ගොඩක් හොඳ කෙනෙක්…වෙන කෙනෙක් උනානම් මගේ ජීවිතේ විනාස කරල දාන්න අපේ මැරේජ් සෙටිෆිකේට් එකම ඇති…ඒත් ඔයා මගෙ අකැමැත්තෙන් මගෙ ලඟටවත් ආවේ නෑ…ඊලඟ ආත්මේ දේව් මගේ වෙද්දි ඔයා මගේ එක කුස උපන් අයියා වෙන්න හොඳද….මං ප්‍රාර්ථනා කරනවා ඒක එහෙම්ම වෙන්න කියලා…..”

මං හෙමින් මුමුනමින් එයාගේ හිස අතගෑවේ…

“අම්මේ…එපා…අනේ මගෙ අම්මේ…අනේ…”

එකපාර එයා කියවන්න ගත්තේ…

ඒත් ඒ ඇස් තාමත් පියවෙලා..හීන් කෙඳිරියකින් වගේ එයා මිමිනුවේ…

කොඳුරමින් වගේ එයා ඒ කිව්ව වචන.. ටික ටික සද්දෙ වැඩිවුනේ ඒ මූන පුරා හීන් දාඩියක් දාද්දි..

මොනවහරි දේකට හොඳටම බය වුන කෙනෙක් වගේ එයාගේ මූනෙ ඉරියව් වෙනස් වුනත් තාමත් ඒ ඇස් තිබුනෙ පියවිලා…එයා අතපය ඈත් කරමින් දඟලන්න පටන් ගද්දි තවත් නිහඬව නොසිටි මම එයාට කතා කරන්න ගත්තේ….

“අයියේ… සදෙව්…

නැගිටින්නකො අනේ…ඒක හීනයක්..”

මං ඒ මූන අතගාමින් කතා කලේ එයාව ඇහැරවන්න…මුලු මූනම දාඩියෙන් තෙත් වෙලා ගිහින්…මෙයා නරක හීනයක්වත් දකිනවද…

තාමත් ඇස් පියාගෙන…

“අයියේ…ඔයාට මාව ඇහෙනවද..නැගිටින්නකෝ…”

මං කතා කලේ එයාගේ මූනට තට්ටු කරමින්…

“අම්මා………..”

එකපාර එහෙම කෑගහගෙන එයා නැගිටිද්දි මං බයවෙලා බලන් හිටියේ ඒ මූන දිහා…එයා වේගෙන් හුස්ම ගන්න ගමන් මගේ මූන දිහා බැලුවේ..

ඊටපස්සෙ හොඳින් වටපිට බැලූ එයා ආයෙ මගේ දිහාත් බලමින් අත්ලෙන් මූන පිසදාගත්තේ ඒක හීනයක් කියලා දැනගෙනද කොහෙද…

ඒත් එක්කම වගේ ඇඳෙන් බැස්ස එයා,මං යමක් අහන්නත් කලින් පෝන් එක අරන් කාමරෙන් එලියට ගියේ මං දිහා බලන්නෙවත් නැතුව..😕

“හිටපු ගමන් මෙයාට මොනව වෙනවද අනේ….මාවත් ගණන් ගන් නෑනේ වෙලාවකට..😕

මහ තියෙන ලොකුකම..😕”

“දුක හිතුනම අතෑරැලම දානවා කිව්වනෙ..එයාට දුක හිතුනම වටේ ඉන්න මිනිස්සු පලිද අනේ…😐”

මං හොරෙන් හොරෙන් මිමිනුවේ අමනාපෙන්…

“එයා එහෙම කරද්දි.. ඇත්තටම මට ටිකක්…

නෑ නෑ…

මට දුක හිතෙන් නෑ…😕 මං මොකටද දුක හිතන්නේ…මගෙ කවුරුත් ඈ…..හ්ම්… “

“ආ…..හ්හ්…”

එකපාර මට ඇහුනේ එයා කෑහහන සද්දේ…ඒත් එක්කම හයියෙන් මොකට හරි ගහනවා වගේ සද්දයක් ඇහුනා…

ඒ හඬ ඇහෙනවත් එක්කම මං දුවලා ගියේ ඒ දිහාවට….

එයා හිටියේ පහල සාලේ…

එක අතක් මිට මොලවගෙන ඉස්සරහ දොරට තියාගෙන ඔලුවත් දොරේ ගහගෙන සදෙව් ඉන්නහැටි දකිද්දි ඇත්තටම මට බය හිතුනා…

“එයාට මොකක් හරි කරදරයක්ද..?”

“සදෙව්…ඇයි මොකද්ද ප්‍රශ්නේ…”

මං ඇහුවේ එයාගේ උරහිස අත තියමින්…

එයා අත මිට මොලවලා දොරට ගහපු සද්දෙ වෙන්න ඇති ඉස්සල්ලා මට ඇහුනේ….

මං කතා කරද්දි මගේ දිහා බෙල්ල හරවලා බලපු එයා හෙමින් මගෙ දිහාට හැරෙමින් සෙනෙහසින් වගේ මගෙ නිකට අතගෑවේ….මගේ ඇස් දිහා බලමින් යාන්තමට හිනාවුනු එයා…,

“මං ඉක්මන්ට හොස්පිට්ල් එකට ගිහින් එනකන් මගෙ මැනිකට ඉන්න පුලුවන් නේද….”

එයා ඇහුවේ එහෙම..ඒ ඇස් ලාවට බොඳවෙලාදෝ කියලත් මට හිතුනා…

“මං ඉන්නම්…ඒත් ඇයි හදිස්සියෙම…?”

“මුන් තාම අම්මගෙ රිපෝට්ස් ටික එවලා නෑ මැනික..ඒ ටික ගන්නෙ නැතුව මට අම්මව ඉන්ඩියා ගෙනියන්නත් බෑ….”

“කොලඹින් එවන්න ඕනි රිපෝට් එකක්ද ඒ….”

“හ්ම්ම් ඔව්…දැන් මාසෙකටත් වඩා පරක්කුයි….

මං ඉක්මන්ට ගිහින් බලලා එන්නම් මොකද වෙලා තියෙන්නෙ කියලා එතකම් ඔයා පරිස්සමෙන් ඉන්න ඕන තේරුනාද…”

මට එහෙම කියාගෙනම එයා වේගෙන් අඩි තියමින් ඇවිදගෙන ගියේ රූම් එකට…

“හ්ම්ම්ම්ම්…….”

දිගු සුසුමක් හෙලූ ගාඩ්න් එක පැත්තට අඩි තිබ්බා..හවස හයටත් කිට්ටුයි වෙලාව…

ගොම්මන් කලුවර දිහා මිනිත්තු කිහිපයක් බලන් හිටිය මම ආයෙත් ගේ ඇතුලට අඩිය තියන්න හැරුනා විතරයි සදෙව් මගෙ පිටිපස්සෙ…

“දොරවහගෙන පරිස්සමෙන් ඉන්න ඕන තේරුනාද…මං ඉක්මන්ට එන්නම්…”

මගේ ඔලුව අතගාමින් එහෙම කිව්ව සදෙව් කාර් එකට නැග්ගා…

එයා පිටවෙලා යනකම්ම ඒ දිහා බලන් හිටිය මම ගේ ඇතුලට අඩි තිබ්බේ කල්පනාවෙන්ම…

“මං ඉක්මන්ට ගිහින් එනවා…එතකම් මගේ පැංචි පරිස්සමෙන් ඉන්න ඕන තේරුනාද….”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්……”

ඒ දේව්ගෙ වචන….නිවාඩුවට එයා ඇවිත් ආපහු යන්න යද්දි මට කියන වචන ටික…

“දේව්.. ඇයි මට හිතෙන්නේ ඒ ඉන්නෙ සදෙව් නෙමේ ඔයාමයි කියලා…ඒ රැකවරණය,ඒ පරිස්සම,ඒ සෙනෙහස, ඇයි… ඒ විතරක්ද..එයා ගාව ඉද්දි මට දැනෙන උනුහුම….අනේ ඒ ඔයා රත්තරං….මට හිතෙන් නෑ ඒ ඉන්නෙ සදෙව් කියලා..🥺 කියන්න ඒ ඉන්නෙ ඔයා නේද….”

❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

වේගෙන් කාර් එක ඩ්‍රයිව් කරපු සදෙව් කෙලින්ම ගියේ රජයේ හොස්පිට්ල් එකට….අම්මගේ රිපෝට්ස් එන්න එන්න ලේට් වෙන එක ගැන හොස්පිට්ල් එකේ ලොකු ඩොක්ටර් එක්ක කතා කරපු සදෙව් ඒ ගැන හොයල බලන්න කියලත් ඔහුගෙන් ඉල්ලීමක් කලා…

මෙහෙම රිපෝට්ස් පරක්කු වෙන එක ගැන පුංචි සැකයකුත් සදෙව්ගේ හිතේ ඇති නොවුනාම නෙමේ…ඒත් ලොකු ඩොක්ටර් නම් කියන්නේ රට පුරා යුධ ගිනි ඇවිලෙද්දි මේ වගේ අතපසුවීම් වෙන්න පුලුවන් කියලා..

ඒ මොන දේ වුනත් සදෙව්ට ඕන කලේ ඉක්මනින්ම අම්මව ඉන්ඩියා අරන් ගිහින් ඇගේ කකුල් හොඳටම සනීප කරගන්න…

ඒත් ඒක ටික ටික කල් යද්දි ඇගේ කකුල් වල රෝගය මුලු ඇඟ පුරාම උනත් පැතිරෙන්න ඉඩ තියෙනවා කියලා ඩොක්ටර් කෙනෙක් විදියට සදෙව් දැනගෙන හිටියා….

තව දෙයක්…මේ රෝගය පිටින් එතරම් දරුනු ලෙස නොපෙනුනත් ඇතුලතින් හුඟක් භයානක රෝගයක් කියලත් සදෙව් දැනගෙන හිටියේ…

දැනටමත් මේ රෝගී සෛල ඇගේ ලේ සමග මුසු වෙමින් ශරීරයේ නීරෝගි සෛල එකින් එක මරා දමමින් ඇගේ මුලු අභ්‍යන්තර ශරීරයම ආක්‍රමණය කරන්න පටන් අරන්…

“අම්මේ..ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා…මං කොහොම හරි ඔයාව සනීපකරගන්නවා…”

ස්තිර හඬින් එහෙම මුමුනපු සදෙව් හොස්පිට්ල් එකෙන් එලියට ආවා…කාර් එකට නැගුන ඔහු ඩ්‍රයිවින් ශීට් එකේ වාඩි වුනේ දිගු සුසුමක් හෙලමින්….

උදේ ඉඳන් තියෙන හිසේ කැක්කුමත් තවම අඩුවක් නෑ….ඩ්‍රයිවින් ශීට් එක හිරවෙලා තිබුන කට්ට ලිහිල් කරල ශීට් එක ආපස්සට කඩමින් ඔහු ශීට් එකේ දිගා වුනේ විනාඩි පහක් ඇහැ පියාගන්න හිතාගෙන…

එකපාර හිතට මොකද්දෝ අමුත්තක් දැනෙද්දි ඔහු ඇස් ඇරලා බැලුවේ…ඒ වගේම නහයට මුසු වුනු දැඩි පිච්චමල් සුවඳ නිසා ඔහු ඇස් හරවල බැලුවේ අනිත් ශීට් එක දිහා…

“අහ්හ්….”

සදෙව් නිදන ඉරියව්වෙන් නැගිට්ටේ උගුරු පෙදෙසින් එහෙම හඬක් පිටවෙද්දි…

“දේව්….

මේහ්… මේ ඉන්නේ…ඇත්තටම ඔයාද….”

ඔහු මිමිනුවේ, කාර් එකේ අනිත් ශීට් එකේ ඉඳන් සිටි ඒ කඩවසම් රුව දිහා බලාගෙන..

“ඔව්…”

“ඒත්….තාරු මට කිව්වෙ ඔයා මැරුනා කියලා…”

“ඔව් යුද්දෙදි මං නැතිවුනා….සදෙව්,මට උබට කියන්න ලොකු කතාවක් තියෙනවා…ඊට කලින් උබ මට කියපන් උබට මං කියන දේ මේ වෙලාවෙ අහන් ඉන්න පුලුවන් ද…? උබ මට බයවෙලා නෙමේ නේද ඉන්නේ…?

දේව් එහෙම කියද්දි ගැඹුරු හුස්මක් ගත්තු සදෙව්…,

“මගෙ අම්මා මේ වෙලාවේ ඉන්නෙ ජීවිතයත් මරණයත් එක්ක සටනක,…ඇත්ත්ටම මේ වෙලාවේ මගේ ඔලුව විකාර වෙලා තියෙන්නෙ..

දැන් මට මැරුන කෙනෙක්ගෙ ආත්මයක් පේනවා…..මේක ඇත්තක්ද නැත්නම් ඒ මගේ හිතමද කියලා මං දන්නේ නෑ…

ඒත් උබ මෙහෙම මගේ ඉස්සරහ ඉඳගෙන කියන්න යන්නෙ තාරු ගැන මොනවමහරි දෙයක් නම් මං අහන් ඉන්නම්…හොඳ සිහිකල්පනාවෙන් මං අහන් ඉන්නම්…”

සදෙව් අන්තිමට එහෙම කිව්වෙ ස්තිර හඬින්..

“හරි….එහෙනම් මං හැමදේම උබට කියන්නම්..තාරුව දැකපු දවසේ ඉඳලා මැරෙනකම්ම උන හැමදේම මං උබට කියනනම්…ඒත් මං මැරුනට පස්සෙ උන දේවල් මගෙ කෙල්ලම දවසක උබට කියයි…එතකම් මේ ටික හොඳින් අහගනින්….ඊටපස්සෙ මට එක පොරොන්දුවක් වෙයන් සදෙව්….”

දේව් කිව්ව හැම වචනයක්ම සදෙව් අහන් හිටියේ ලොකු උවමනාවකින්…අන්තිමට ඔහු එක දෙයක් තේරුන්ගත්තා..

ඒ කතාව පුරාම තිබුනේ එකම එක දෙයක් විතරයි..ඒ තමයි ආදරේ..

ඒ තරම් ආදරයකින් බැඳිලා හිටපු ඒ දෙන්නගේ ආදරේ මරණයෙන්වත් වෙන් කරන්න බැරිවුනා…දේව්,තාරු අතරේ තිබුන ඒ අහිංසක ආදර කතාව අග ඉඳන් මුලටම සදෙව් අහන් හිටියේ දේව්ගේ වචන ඔහුගේ පපුව ගැඹුරුම තැන ස්පර්ශ කරද්දි….

“ඒත් තවත් මේ කතාව ඉස්සරහට ගෙනියන්න මගෙ කෙල්ලත් මමත් කරපු පින් මදි බං…ඉතින්..අපේ හැම හීනයක්ම හැබෑ කරගන්න කලින්.. මගේ ජිවිතෙන්ම සමුගන්න වුනා මට…

අන්තිම හුස්ම වැටෙන මොහොතෙත් මගේ සිතුවිල්ල තිබුනේ මගේ කෙල්ල ලඟ…ඉතින් මරණයෙන් පස්සෙ මං නතර වුනේ එතන…

කොහෙද දන්නවද…මම ඇවිත් තිබුනේ මානසික රෝහලකට…මිනිස්සු කලබලෙන් එහෙ මෙහෙ යනවා මං දැක්කා..ඒත් කාටවත් මාව පෙනුනේ නෑ…කාටවත් මාව දැනුනෙත් නෑ….

මං ඔහේ ඉස්සරහට ඇවිදගෙන ගියා…මිනිස්සුන්ගේ ඇඟේ මං හැප්පුනා..ඒත් ඒ අයට ගානක්වත් තිබුනෙ නෑ….ඊටපස්සෙ මගේ ඇස් අහම්බෙන් නතරවුනේ ඉස්පිරිතාලෙ ඇඳක් උඩට වෙලා තනියම කියව කියව හිටපු කෙල්ල ගාව….

මං කොහොම කියන්නද ඒ වෙලාවේ මට දැනුන වේදනාව… ඒ හැඟීම්.. අවුරුදු ගානක් මං ආදරේ කරපු මගෙ කෙල්ල..මං නිසා..ඉස්පිරිතාලෙ ඇඳක් උඩ පිස්සියක් වගේ ඔහේ කියව කියව ඉන්නවා..

මං දුවගෙන ගියා ඒ ඇඳ ගාවට..ඔව් සදෙව් උබ හිතුවා හරි…තාරුට මාව පේනවා…මගේ අන්තිම සිතුවිල්ල නතර වුනේ ඒකි ගාව…

ඒ කෙල්ල කෑගැහුවා මගේ නම කියලා…මට කතා කරා එයාගෙ ලඟට එන්න කියලා…ඒත් ඩොක්ටර්ස්ලා හිතුවේ එයා පිස්සුවෙන් කියවනවා කියලා උන් මගෙ කෙල්ලගෙ අතපය ඇඳට තියල ගැට ගැහුවා…

මගෙ කෙල්ලට පිස්සු නෑ කියලා මං කොච්චර කිව්වත් උන්ට මං කියපුවා ඇහුනේ නෑ…ඊටපස්සෙ උන් කෙල්ලගෙ අතට මොකද්ද ඉන්ජෙක්ශන් එකක් ගැහුවා…මගෙ කෙල්ල ඇස් වල කඳුලු පුරෝගෙන මං දිහාම බලන් හිටියේ

“ආ….හ්හ්හ්හ්….”

මට මං ගැනම ආවේ වෛරයක්…කේන්තියක්..හැමදේම උනේ මං හින්දා..මගෙ කෙල්ල විඳවන්නෙ මං නිසා…

ඊටපස්සෙ ඒ ඉන්ජෙක්ෂන් එකට තාරුට සිහිය නැතිවුනා…මං ඒ වෙලාවේ ඉඳන්ම හිටියේ කෙල්ල ලඟ…කඳුලු හුරු නැති මගේ ඇස් කොච්චර අඬන්න ඇද්ද එදා…

කෙල්ලට සිහිය එනකම්ම ලඟට වෙලා මං එයාගෙ හිස අත ගගා හිටියේ බැඳලා දාලා තිබුන ඒ අත් කකුල් මම ලිහිල් කරලා අත ගාන්න පටන්ගත්තා… කෙල්ලට සිහිය ආවාම මං කතා කලා…

මං ඇහුවා ඔයාට මාව පේනවද ..මං කියන දේ ඇහෙනවද..ඒකි හරි ලස්සනට හිනාවෙලා ඔලුව වැනුවේ පොඩි එකෙක් වගේ…

පස්සෙ මං ඇහුවා ” මාව දකිද්දි බය හිතෙනවද…”

පස්සෙ ඒකි හරි ලස්සනට හිනවෙලා කිව්වෙ “නෑ බය නෑ..ඒත් ගොඩක් ආදරෙයි…”

ඊටත් පස්සෙ මං දවසින් දවස කෙල්ලට හැමදේම තේරුන් කරන්න උත්සහ කලා..

ඔයා ඉන්නෙ හොස්පිට්ල් එක්ක..මේ ඔයාගෙ ගෙදර නෙමේ..ඔයා ඉන්න ඕනි ගෙදර තේරුනාද මගෙ පැංචිට…

බෙහෙත් බොන්න බෑ කියල හොස්පිට්ල් එකම දෙවනත් කරද්දි …

මං එකපාරක් ආදරෙන් කිව්වම.. බේත් බොන්න මැනික අපිට ඉක්මන්ට ගෙදර යන්න ඕනිනේ…… කෙල්ල බෙහෙත් බිව්වෙ පුංචි පූස් පැටියෙක් වගේ…ඒකි මට ඒ තරම් ආදරේ කරා සදෙව්…කවදාවත් මං කිව්ව දේකට පිටින් යන් නෑ….

එයාගෙ මුලු ලෝකෙම වුනේ මම…මටත් එහෙමයි….

සතියක් යද්දි මගෙ කෙල්ල සනීප වුනා…ඒත් එයාට දිගටම මාව පේන්න ගත්තා..මං කිව්ව හැමදේමත් ඇහෙන්න ගත්තා…ඒත් මං මේ ජීවිතේට හුරුවෙලා හිටියෙ නෑ…වෙලාවකට එයාට මාව පෙනුනත් වෙලාවකට මං අතුරුදහන් වෙනවා..මගේ සිතුවිල්ල තාරුගෙන් මිදුනොත් එයාට මාව පේන්නෙත් නෑ ඇහෙන්නෙත් නෑ…

මං ඒක දැනගත්තේ කාලයක් ගියාම..දවසක් මාව නොපෙනී යද්දි මාව දකින්න ඕනි නිසා එයා කීපසැරයක් මැරෙන්න හැදුවා ඒ හැමවෙලාවේ මං ආයේ එයා ඉස්සරහට ආවා….අන්තිම පාර ගෙට පහල ලිඳට පනින්න හදපු වෙලාව..

“දෝණි එදා උබට කිව්වේ අන්න ඒ ගැන..”

එදාමයි මං තේරුන් ගත්තේ එයාට මාව පේන්න නම් මං එක මොහොතකටවත් මගේ හිත එයාගෙම් ඈතට ගන්න හොඳ නෑ කියලා..ඊටපස්සෙ එදා වෙඩින් එක දවස වෙනකම් ම මගේ හිතේ මං අරමුනු කරන් හිටියේ තාරුව විතරයි…

ඒකයි එයාට හැමවෙලාම මාව ඇහුනේ පෙනුනේ…එක මොහොතක් එකම සිතුවිල්ලක හිත තියාගන්න කෙනෙක්ට බැරිවෙද්දි කොච්චර අමාරු වුනත් මගෙ කෙල්ල වෙනුවෙන් මං ඒක කරා….

ඒත් එදා වෙඩින් එක දවසේ ඉඳන් මං කොච්චර උත්සහ කරත් තාරුට මාව පෙනුනේ නෑ…ඇහුනෙත් නෑ….ඒකට හේතුව මගේ ශක්තිය දවසින් දවස අඩු උන එක….

අන්තිමට මට සිද්ධ වුනා උබේ ඇඟට එන්න..මට සමාවෙයන් බං…

“මං ඒක දන්නවා දේව්….මට හිතුනා ඒක එහෙම උනාවත් දෝ කියලා….මට එහෙම සැක හිතෙන්න හේතු ගොඩක් තිබ්බා…ඒත් මගෙ හිතේ ඒ ගැන තරහක් නෑ දේව්….”

“ඒත් ඒකෙන් තව දෙයක් උනා…මං හිතුවා වගේම කෙල්ල උබට ලං වුනා…මගෙ කෙල්ල උබට ලං වෙද්දි මට හුඟක් රිදුනා බං…තාමත් රිදෙනවා..මගේ හිතම පිච්චෙනවා වගේ..ඒත් මං දරාගෙන ඉන්නවා සදෙව්…

මොකද මට පස්සෙ මගෙ කෙල්ලව ආදරෙන් බලාගන්න පුලුවන් එකම මනුස්සයා උබ විතරයි..මං උබෙන් ඉල්ලන්නෙ එච්චරයි…මගේ හුස්ම ටික මගෙ කෙල්ලව පරිස්සමෙන් බලාගනින් සදෙව් මට තව වැඩි කාලයක් නෑ මං උබව විශ්වාස කරනවා..මගෙ කෙල්ලට දුකක් නොදී හැමදාමත් ආදරෙන් බලාගන්නවා නේද උබ…”

“ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා දේව්…උබ උබේ ජීවිතේ දෙවනි කරලා මේ රට රැක්කා වගේම මං මගේ ජීවිතේ දෙවනි කරලා තාරුව රැකගන්නම්….ඒක මං උබට වෙන පොරොන්දුවක් නෙමේ ඒක මං මටම කරගන්න අධිෂ්ඨානයක්….”

“මට උබව විශ්වාසයි සදෙව්…මෙච්චර කාලයක් මං උබ ගැන ඇහැ ගහගෙන හිටියේ….දැන් මං උබ ගැන දන්නවා…උබ ගැන හැමදේම දන්නවා…”

“ඒත් මට එක දෙයක් කියපන්…උබේ අන්තිම මොහොතේ සිතුවිල්ල තාරු නිසා තාරුට උබව පෙනුනා…ඊටපස්සෙ ඒ ශක්තිය උබට නැතිවුනා…ඒත් දැන් කොහොමද මට මෙහෙම උබව පේන්නේ…??”