Home Novels ආදර වැස්සක් ආදර වැස්සක් – 1 කොටස

ආදර වැස්සක් – 1 කොටස

0
25

පළමු කොටස ☔☔

” ශිට් ….😡😡 ඕකට නම් හොදක් වෙන්නේ නෑ….

අනේ දෙයියනේ මට බැරි උනානේ ගල් ගෙඩියකින්වත් ඕකට පතබාවන්න …. ” උදේ පාන්දරම බස් හෝල්ට් එකට මුමුණ මුමුණ එන ශනාෂා දැක්කාම ඇගේ හොඳම යෙහෙළිය ලක්ෂිගේ ඇස් විසල් උනේ …😮😮 ශනාෂාගේ පෙනුම දැක… ඇය කඩිනමින් ශනාෂා ළඟට ගොස් …

“ශානු…. උබට මේ මොකද උනේ…

උබ මඩ නාලානේ….

මෙහෙම කොහොමද දැන් කැම්පස් එකට යන්නේ … ” තමන්ගේ ලේන්සුවෙන් ශනාෂා ඇද සිටි ගව්මේ මඩ පැල්ලම් පිසිමින් අහද්දි… නැවතත් ශනාෂාගේ මූණ රතූ උනේ ක්ෂනයෙනි…

“මොකද උනේ….

එකාට අදද කොහෙද වාහනයක් ලැබිලා තියෙන්නේ….

ගොනෙක් වගේ මඩ වලකට වාහනේ අත ඇරලා මාව මඩ වලින් නාවගෙන…

නවත්තන්නේවත් නැතුව ගියානේ…

ආයි ඔය මඟුල් වාහනේ හම්බුන දෙන්කෝ….

දෙන්නේ කුඩු වෙන්න … ” තමන් ඉන්නේ පාරේ බවවත් හිතන් නැතුව ශනාෂා කියවන් යද්දි… ලක්ෂි ඇයව නැවැත්තුවේ… උදේ පාන්දර වැඩට යන කිහිප දෙනෙක් හැරි හැරි බලපු නිසා…

“හරි… හරි…. අද කැම්පස් ඕන නෑ…

මෙහෙම යන්න බෑනේ…

අපි යමු ආයි බෝඩිමට… ” ලක්ෂි ශනාෂාට කියද්දි… ශනාෂාගේ මූණ ඇද උනේ… බැරිම මොහොතකදි ඇරෙන්න කවදාවත් ශනාෂා ලෙක්චර්ස් කට් කරලා නැති නිසා….

ඒත් ඇයටත් කරන්න දෙයක් නෑ… මෙලෙස මඩ නාගෙන ගියහොත් ඇයට සිදුවන්නේ දවසේ බයිට වීමටයි.. ඒ නිසාම ඇය නැවත බොඩීමට යන්න සිතා… ලක්ෂි දිහා බැලුවේ… තමා නිසා තම යෙහෙළියගෙත් ලෙක්චර්ස් කට් කරන්න බැරි නිසා…

“එහෙනම් මම යන්නම්..

උබ යමන් ලෙක්චර්ස් වලට … “

“ඕන නෑ… මාත් එන්නම් … ” ලක්ෂි කීවේ… ශනාෂාව තනියෙන් යැවීමට බැරිකමක් හිතට දැනෙන නිසාත් කැම්පස් ගියත් අද ශනාෂා නැතුව කම්මැලිව ඉන්න වෙයි කියලා මතක් උන නිසාත්ය… ඒත් එයට එකඟ නොවුන ශනාෂා …

“මේ මේ… මගෙන් මුකුත් අහගන්නේ නැතුව යනවා ලෙක්චර්ස් වලට ….

මම බෝඩිමට තනියෙම යන්නම්…

ලෙක්චර්ස් ඉවර වෙලා ඒ පැත්තට එන්න…. ” කියද්දි… ලක්ෂි ඇගේ තීරණයට එකඟ උනේ… ශනාෂාගේ හැටි හොදට දන්න නිසාය… තව මොනා කීවත් ඇය ඇගේ තීරණය වෙනස් කරන්නේ නෑ කියලා ලක්ෂි හොදටම දන්නවා….

ලක්ෂි පිට වන දිහා බලන් හිටපු ශනාෂා අනිත් පැත්තට හැරුනේ ඉක්මනට බෝඩිමට යන්නයි…

ඇය ශනාෂා සාවින්දි ජයතිලක … ඇය කුරුණෑගල සාමාන්‍ය පවුලක එකම දියණියයි… කුඩා කලම මව අහිමී වී පියාගේ ආදරය මැද්දේ හැදී වැඩෙන තරුණියකි.. පියා පාසලක විදුහල්පතිවරයෙක් බැවින් ඇයද කුඩා කල සිට ඉගෙනීමට මහත් ලෝභ කමක් දැක්වීය… ඒ නිසාම පළමු වරම දිස්ත්‍රික්කයෙන් පලමු තැන ගෙන කොළඹ වෛද්‍ය පීඨයට තේරිනි… දැන් ඇය අවසන් වසරේ සිසුවියකි…

” මනීෂ .. මම කියපු වැඩේ කරාද … ” අසමින් පඩිපෙළ බැස එන තමන් වැඩ කරන ආයතනයේ අයිතිකරු වන දුලාජ්ගේ කඩවසම් රුව දැකලා මනීෂට සුසුමක් හෙලුනේ… තිස්වෙනි වියත් පහු කරමින් සිටියද දුලාජ් තවමත් අවිවාහක බැවිනි…

කුඩා කලදී දෙමව්පියන් අහිමිව නෑදෑයන්ගෙන්ද අපමණ දුක් විද දහස් ගනන් වේලවල් බඩගින්නේ ඉද …. ඉගෙන ගන්න ඕන වයසේ ඇඳුම් කඩවල රස්සාවල් කර… ඒ ලැබෙන අත් දැකීම් වලින් හිමින් හිමීට දියුණු වී අද DT සුප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයේ අයිතිකාරයා වී හිඳින තමාත් ඇතුලුව පවුල් දහසකගේ බඩගිනි නිවන… මිනිසුන්ට හැම අවස්තාවකදීම උදව් කිරීමට නොපසුබටවන… දුලාජ් තේමිත විජේසිංහ ගැන තිබුනු පැහැදීම නිසාම ඔහුව හඳුනන සෑම කෙනෙක්ම ඔහුගේ ගුණ වයන්නට නම් අමතක කරන්නේ නැත ….

තමන් දෙස ඇසි පිය නොහෙලා බලා සිටින… විටක යහලුවෙකු සේ වූ ..කවදාවත් තමන්ට හිතේෂි සේවකයා .. මනීෂ දෙස බලා…..

“මොකද මනීෂ…

අද මම ඒ තරම් ලස්සනද…

ඇස් කටේ දාගෙන මම දිහා බලන්නේ … ආහ් ..” දුලාජ් හිනා වෙමින් අසද්දි… මනීෂට ටිකක් ලැජ්ජ හිතුනත් ඔහු හිනා වෙලා …

“ඒක තමයි මම බැලුවේ…

සර් අද වෙනදටත් වඩා ලස්සනයි…

අද නම් කෙල්ලෙක් සෙට් වෙන ලකුණු තියෙන්නේ… ” කියද්දි… දුලාජ්ගේ හිනාව එකපාරටම නැති වෙලා සුසුමක් හෙලුනේ ඉබේමයි …. 😔😔

“මම වගේ අනාථයෙක්ට කව්ද බන්…

කෙල්ලෝ දෙන්නේ….

මට ඕනා මගේ සල්ලි වලට කැමති වෙන එවුන් නෙමේ…

එහෙමනම් ලොරි දෙක තුනකට ඒ ජාතියේ එවුන් හොයා ගන්න පුලුවන්…

මට ඕනා මගේ සල්ලි වලට බය නැති, අහිංසකයි වගේ රඟපෑම් කරන්නේ නැති කෙල්ලෙක්…

ඒ වගේ කෙනෙක්ව මට මවලා තමයි ගන්න වෙන්නේ … ” අන්තිම ටික කියද්දි කට කොනකින් හිනා උනු දුලාජ් …..😏😏

“හරි හරි… අපි යමු දැන් ..

අද නේද…

අලුත් ඩිසයින් ටික චෙක් කරන්න තියෙන්නේ …. “

“ඔව් සර් …. “

මනීෂ කියන්නේ දුලාජ්ගේ විශ්වාසවන්තම සේවකයා… කාත් කවුරුත් නැති දුලාජ්ට මනීෂව යහළුවෙකු සේ දැනෙන්නේ.. තම්බිස්නස් පටන් ගත්ත මුල් කාලේ ඉදන් ඔහු සිටින බැවිනි……..

” මේ ලක්ෂි… දැන්නම් මට බඩගිනී.. 😟😟

උබලට තියන වෙඩින් එකට ඇදුම් තෝරන්න ගිහින් මම තමයි වැඩියෙන් කට්ට කෑවේ….

දැන් නම් මුකුත් කන්න ලැබුනේ නැත්නම් මම කලන්තේ දාන් වැටෙයි…

ඒ නිසා දැන්ම යමු රෙස්ටුවරන්ට් එකකට … ” ටියුන් කලා වගේ කියවන ශනාෂා දිහා බැලු ලක්ෂි…

“අම්මෝ… හරි හරි… යමු අර පාර එහා පැත්තේ තියන රෙස්ටුවරන්ට් එකට …. “

ලක්ෂි ශනාෂා සමග පාර පැන්නත් … ලක්ෂි රෙස්ටුවරන්ට් එක ඇතුළට ගොස් නැවත ආපසු හැරුනේ… මෙච්චර වෙලා බඩගින්නට කලන්තේ දාන සයිස් එකෙන් හිටපු ශනාෂා දැන් ළඟ නැති බැවිනී…..

ඒත් ශනාෂා බැලීමට ආපසු හැරුනු ලක්ෂිගේ අත ඉබේම ඇයගේ මුවට ගියේ…. ශනාෂා කර ඇති දේ දුටුවමයි…. 😰😰😰

ඊළග වැස්ස එනකම්