Home Novels The Heir (උරුමක්කරු ) - පෙරවදන The Heir (උරුමක්කරු ) – 31 කොටස

The Heir (උරුමක්කරු ) – 31 කොටස

0
16

ඔන්න ඊයේ බෝනස් ඉල්ලපු අයට අද උදෙන්ම කොටසක් දුන්නා.. හවසත් කොටසක් දාන්න බලන්නම්කෝ…💖💖

The Heir ( උරුමක්කරු ) 🤴🤴

“රේගන්… මොකද ඔය කරන්නේ…

එයාට ගහන්න එපා..

ප්ලීස් රේගන්.. මුකුත් උනේ නෑ …

රේගන්… දෙවියනේ නවත්තන්නකෝ… “

මම කා එක ළග ඉදගෙනම ඉදිරියට පය ඔසවන්නවත් හයියක් නැතිව අඩ අඩා කෑ ගැහුවේ… රේගන් කේන්ට ගහන විදිහ හිතාගන්න බැරුව..

එදා මට කරදර කරන්න ආව රස්තියාදුකාරයන්ට ගැහුවේ කොහොමද… ආන්න ඒ තරහින්ම කේන්ට ගහද්දී.. මම හිටියේ කර ගන්න දෙයක් නැතිව පිස්සුවෙන් වගේ..

“ඇමේලිය…

ඔයාට විතරයි දැන් එයාව නවත්තන්න පුලුවන්.. ” එකපාරටම කන ළගින් ආපු ඇලෙක්ස්ගේ කටහඩ නිසා මම ගැස්සිලා ඒ දිහා බලලා…

“ම්..ම..මට… ඒ ඒ කොහොමද… ” කදුලුත් පිහිදගෙනම මම ඇහුවේ ඒ රණ්ඩුව… ඇත්තටම රණ්ඩුවකට වඩා එතන වෙන්නේ.. රේගන් කේන්ට ගහන එක…. කේන් ඔය තරම් ගුටි කන්න තරම් වරදක් කරලා නැති නිසාම…. මේ දේ නවත්තන්න ඕන දෙයක් කරන්න හිතාගෙනම.. මම ඇලෙක්ස්ගෙන් අහද්දී..

“ඔයා එයාට ඔයාගේ හිත ඇතුලට එන්න දෙන්න ඇමේලියා…

එයාට හිතින් කතා කරන්න.. ” කියලා ඇලෙක්ස් කියද්දී …. මම එහෙමම ගල් වෙලා හිටියේ… ඕන දෙයක් කරන්නම් කියලා හිතාගත්තට.. මේ දේ කරන්න නම් බෑ කියලා තේරෙද්දී… මම රේගන්ට මගෙ හිත ඇතුලට එන්න දෙනවා කියන්නේ… එයා මම හංගන දේවල් හැම එකක්ම දැනගන්නවා කියන එකනේ…

“එ..ඒත්… ” මම බයවෙලා වගේ ඒ රණ්ඩුව දිහා කිසි දෙයක් කරන්නේ නැතිව ගල්වෙලා ඉද්දී… මම දිහා අමුතු විදිහට බලපු ඇලෙක්ස් ගිහින් … රේගන්ව අමාරුවෙන් කන්ට්‍රෝල් කරද්දී… කේන් ඉක්මනට කා එකට ඇවිත් මාවත් තල්ලු කරලම එතනින් අයින් වෙලා … අමාරුවෙන් කා එකට නැගලා පුදුම තරම් වේගෙන් ගියේ.. මම අන්දමන්ද වෙලා වගේ බලන් ඉද්දී..

“මොනවද ඔය ගල්වෙලා වගේ බලන් ඉන්නේ..

යනවා ගිහින් නගිනවා කා එකට…

කියන දෙයක් නම් තේරෙන්නෙම නෑ නේද… ” රේගන් කිසි දෙයක් හිතාගන්න බැරුව ඉන්න මම ළගට ඇවිත් පුප්පලා කියද්දී.. මම කියන පරක්කුවට ඉක්මනට කා එකට ගිහින් ඉද ගත්තේ… මේ වෙලාවේ රේගන්ට මම පුදුම විදිහට බයවෙලා ඉන්න නිසා…

එදා සිද්දියෙන් පස්සේ… රේගන් මාව එක්ක ආවේ අපි දෙන්නා ඉන්න හදපු නිවසට… ඒත් පිටින් නම් මාළිගාවටත් වඩා ගාර්ඩ් එකක් දුන්නා කියලා තමයි මට හිතෙන්නේ… හැබැයි මොන දේ උනත් මේ සැරෙත් මට උනේ කොටු උන එක.. සතියක් තිස්සේ… මගේ ගමන් තිබ්බේ මේ නිවසේ ඇතුලේ විතරයි… ඒත් රේගන් නම් ගෙදර හිටියේ රෑටයි … දවස් දෙකක් විතර දවල්ටයි විතරයි… මෙහෙම ඉදලා ඇති වෙලා ඇති වෙලාම.. රේගන් හවස් වෙලා එනකම් බලන් ඉදලා එයාව අල්ල ගත්තේ.. මේවල තේරුමක් දැනගන්න..

“රේගන්..මොකක්ද මේකේ තේරුම..

ඇයි මෙහෙම මාව හිර කරන් ඉන්නේ…

හිර ගෙදරත් මීට වඩා නිදහසක් ඇති.. ” මම රේගන් ළගට ගිහින් අත් දෙකත් බැදගෙන තරහින් කියද්දී… මං කියන දේ ගනන් නොගෙනම…

“දැන් ලැහැස්ති වෙනවා ඩිනර් එකට එළියට යන්න..” එකපාරටම මැද්දෙන් පැනලා රේගන් කියද්දී… මම අමනාපෙන්…

“මේ මැද්දෙන් පනින්න එපා …

මට බෑ මෙහෙම …

මො..මොකක්.. එළියට යන්න දැන්… ” මම තරහින් රේගන්ට බනිද්දියි … එයා දැන් කීව දේ තේරුනේ.. ඒ නිසා මම පුදුමෙන් රේගන් දිහා බලද්දී….

” මොකද ඔහොම බලන්නේ..

ලැහැස්ති වෙනවා…

අපි යන්නේ ලොකූ හොටෙල් එකකට…

ඒ නිසා හොද ඇදුමක් ඇදගන්න… ” මට රවලා රේගන් යද්දී… මම ඇදුමකුත් තෝරන් අනිත් කාමරේ බාත් රූම් එකට ගියේ… එයා එනකම් හිටියොත් තවත් පරක්කුවෙන නිසා… එහෙම උනත් බැනුම් මටනේ…

දණහිසට දිග මෙරුන් පැහැ ගවුමකින් සැරසිලා කොණ්ඩෙත් පැත්තට පීරලා කඩා හැලෙන්න දාල… පොඩි මේකප් එකකුත් දාගෙන…රේගන් ළගට ගිහින්..

“හරි… යමු..

ලස්සනයිනේ මම.. නේහ්…” කියලා ගවුම දෙපැත්තෙන් අල්ලලා.. බෙල්ලත් ඇල කරගෙන ඇහුවත් …. රේගන් මාව ගනන් නොගෙනම ගෙයින් එළියට යද්දී.. මමත් ඔහුට රව රවාම ගියේ… මම ලස්සනයි කීවා නම් මේ වැම්පයර් කොලුවගේ දත් හැලෙනවද කියලා… හිතින් බැන බැන…

“පුදුම ආඩම්බරකමක්නේ…මේක.. ” මම තරහින් මුමුණද්දී…

“මේ ඔය මුමුණන්නේ නැතිව නගිනවා කාර් එකට…

අපි මේ යන්නේ ඩිනර් එකට මිසක් බ්‍රෙක් ෆස්ට් නෙමේ… ” මට රවලා රේගන් කියද්දි… මාත් අනිත් අතට රවලා කා එකට නැග්ගා…

ජෙට් එකක ආවද අනේ මන්දා… ඒත් විනාඩි පහළවකින් විතර ලොකූ හොටෙල් එකක් ළග අපේ කා එක ඇතුලුව ගාඩ්ලගේ කාස් නවත්තද්දී… මම පුදුමෙන් අවට සිසාරා බැලුවේ… මේවා කොහෙ තියන හොටෙල්ද කියලා…

“පිළිගන්නවා කුමරුනී… ” හොටෙල් එකේ ඉදලා වැදගත් විදිහට ඇදලා ආපු කෙනෙක් රේගන්ට ආචාර කරලා කියලා…

“කියපු විදිහටම සේරම රෙඩි කලා… කුමරුනී … ” කියද්දී… රේගන් ආඩම්බරයෙන් හොටෙල් එක ඇතුලට පා තියද්දී… මාත් ඒ පස්සෙන්ම ගියේ ලොකු ආඩම්බරයකින්… ඒ අතර එතන හිටපු හැම කෙනාම මම දිහා විමසිලිමත් ලෙස බලද්දී… මම ඉස්සරහ බලන්ම ගියේ පොඩි අපහසුතාවක් දැනෙද්දී..

“ඇමේලියා … සොරි ඔයාව මෙහෙම හිර කරගෙන හිටියට..

මම මෙහෙම කලේ…

ඔයාව ආරක්ෂා කරන්නයි… ” බැල්කනිය ළග අපි දෙන්නට විතරක් ඇරේන්ජ් කරලා තිබ්බ ටේබල් එකක ඉදගත්තට පසුව රේගන් කණගාටුවෙන් කියද්දී… මම සුසුමක් හෙළලා…

“ඔයා මේ කියන්නේ මොනා ගැනද රේගන්…

මම මේ තරම් ආරක්ෂා වෙන්න ඕන ඇයි… කවුරු නිසාද… ” කියලා රේගන්ගෙන් අහද්දී… රේගන් ලොකු හුස්මක් අරගෙන…

“මගේ පොඩි සහෝදරයා..

ඩේව් පැනලා ගිහින්… “කියද්දි… මම ටිකක් බය උනේ… ඩේව් ගැන අහන්න ලැබුනු එක දෙයක්වත් යහපත් දේවල් නොවන නිසා …

“ඩේ..ව්… ” මම කියන්න හදපු දේ කියන්න නොදීම.. ගාඩ් කෙනෙක් කලබලයෙන් ඇවිත් රේගන්ට මොනවදෝ රහසේ කියද්දී… රේගන් නැගිට්ටේ කලබලෙන්.. යන්න හදපු රේගන් නැවත මා දෙසට හැරිලා…

“ඇමේලියා… කොහෙවත් යන්න එපා ඔහොමම ඉන්න..

මම ඉක්මනට එන්නම්.. ” කියලා යද්දී… මම දුකෙන් හිටියේ කොහේ ගියත් මම මේ තරම් කොටු වෙන්නේ ඇයි කියලා හිතා ගන්න බැරුව…..

පැයක් පමණ කිසිම ආරංචියක් නැතිව… තනිකමින් මගේ බලාපොරොත්තු …. එන්න කලින් හිතුන කිසි දෙයක්… ඉටු නොවී කාලය ගෙවෙද්දී… මම නිතරම ඇස් දොර ළග තියාගෙන බැලුවේ.. රේගන් දැන් එයි දැන් එයි කියලා හිතෙද්දී…

අන්තිමට දොර කවුරුහරි අරිද්දී… ඒ රේගන් කියලා හිතාගෙනම… දොර දිහා නොබලාම තරහින්….

“මොකද රේගන්…

මොකද උනේ…

මම පැයකටත් වඩා තනියෙන් හිටියේ..

මෙච්චර වෙලා කොහෙද ගියෙ… ” කියලා කියාගෙන යද්දී… කිසිම සද්දයක් නැතුවෙද්දී…. මම හැරිලා බැලුවේ ඇවිත් ඉන්නේ රේගන් නෙමේවත්ද කියලා හිතිලා…..

“ඔ..ඔයා කව්ද… “

රේගන් නැතිව වෙන කෙනෙක් දොර ළග ඉන්නවා දකිද්දී පොඩි තිගැස්මක් ඇති උනත්… නොපෙන්නාම මම ඇහුවේ… ඒ රුව හුරු පුරුදු බවක් ගෙනෙනවා නිසා….