Home Novels නිහඩ මනාලි නිහඩ මනාලි – 1 කොටස

නිහඩ මනාලි – 1 කොටස

0
25

නිහඬ මනාලි

“වසන්තා ඉක්මනට මේ දොර ඇ/ර/ප/න්…”

එකපාරටම ඇහිච්ච බාප්පගෙ ගොරෝසු කටහඬට පාඩම් කරමින් හිටපු මාව උඩ විසික් වෙලා ගියා.ටක්ගාලා පොත පැත්තකින් තියලා ගිහින් මං දොර ලොක් කරලා දැම්මා.

අම්මා ගෙදර නැති නිසා මට බය හිතුනා මට දොර අරින්න.අනික බාප්ප ඉන්නෙ හොඳටම බීලා කියලා ඒ කටහඬෙන්ම මට තේරුම් ගන්න අපහසු උනේ නෑ.

“අම්මා ගෙදර නෑ බාප්පෙ.ගිහින් පස්සෙ එන්න…”

මං ටිකක් හයියෙන් කිව්වා.අම්මට අද ගාමන්ට් එකේ රෑ වැඩ.ඒ නිසා ගෙදර ඉන්නෙ මං විතරයි.මල්ලි ආච්චි අම්මලාගෙ ගෙදර.

“මං දන්නවා ය/කෝ උ//බේ අම්මා ගෙදර නෑ කියලා.ඒකයි මං ආවෙ.මේ දොර ඇ/ර/ප/න්…”

අනේ දෙයියනේ,,,මං පපුව අල්ලගෙන පිටි පස්සෙන් පිටි පස්සට ගියා.මට හොඳටම බය හිතුනා.අම්මත් නැති වෙලාවම බලලා බාප්පා ගෙදර ආවෙ මට කරදරයක් කරන්නද?දෙවියනේ මං දැන් මොකද කරන්නෙ?

බාප්පට අහු නොවී කුස්සිය පැත්තෙන් දුවලා එළියට යන්න බැලුවත් එහෙන යන්න විදියක් නෑ.කොහොම එලියට ගියත් ඉස්සරහ පැත්තෙන් යන්න තියෙන්නෙ.ගෙයි පිටි පස්සෙන් පාර තියෙන්නෙ රබර් කැලේට. මේ මහ රෑ රබර් වත්තෙ නයි පොලොන්ගුත් ඇති.

බාප්පා මට කෑ ගගහා මහ හයියෙන් දොරට ගහනවා.හරියට හොර කඩන්න වගේ.මට හොඳටම බය හිතුනා.ආච්චි අම්මලාගෙ ගෙදර නොගිහින් පාඩම් කරන්න ගෙදර නැවතිච්ච එක ගැන මං පසුතැව්නා.

“මේ දොර ඇ/ර/ප/න් කෙ/ල්/ලෙ.නැත්නම් මං දොර කඩනවා…”

“අනේ,,,පින් සිද්ද වෙයි බාප්පෙ බාප්ප දැන් ගෙදර ගිහින් අම්මා ඉන්න වෙලාවක එන්න…”🥺

“අම්මා නෙවෙයි බො/ල.මං ආවෙ උ/$/ව බලන්න.ඇ/ර/ප/න් මේ දොර…”

මං දොර අරින පාටක් නැති නිසා බාප්පා මොකක් හරි දේකින් දොරට හයියෙන් ගහන්න ගත්තා. හිත හිතා ඉන්න වෙලාවක් නෑ.මං කුස්සියෙ දොර ඇරගෙන පිටි පස්සෙන් දුවන්න හදනකොටම බාප්පා දොර කඩාගෙන ගෙට ඇතුල් උනා.

“උ/$ මගෙන් බේරිලා පැනලා යන්නද හැදුවෙ කෙ/ල්/ලෙ?එව්වා හඳේ තමයි ඉතින්.අද නම් උ/$/ට මගෙන් බේරෙන්න ලැබෙන්නෑ.උ/% අම්මා ගෙදර නැති වෙලාවක් මං බල බලාමයි හිටියෙ.උ/$ ඉටි රූපයක් වගේනෙ බො/ල.මේ හැඩකාරකම දැක්කම අපිට අපේ වයසත් අමතක වෙනවා…”

බාප්පා තො/ල කට පිහදදා මං ළඟට කිට්ටු වෙද්දි මට හයියෙන් කෑගැස්සුනා.උහුලන්න බැරි තරමට බාප්පා ගාවින් ම/$ පැන් ගඳ දැනුනා.මං කොච්චර පොර බැදුවත් බාප්පා මාව අතෑරියෙම නෑ.ඒ ර/තු වෙච්චි කා/මා/තු/ර ඇස් දකිද්දි මගෙ බය දෙගුණ තෙගුණ උනා.

“අනේ බාප්පෙ වඳින්නම් මාව අතාරින්න. අනේ මාව අතාරින්න බාප්පෙ.අනේ…”

මං අඬ අඬ කෑ ගැහුවත් බාප්පා මාව අතෑරියෙම නෑ.මං ඇඳලා හිටපු චීත්ත ගව්ම චරාස් ගාලා ඉරුවා.

“අතාරින්නම් කෙ/ල්/ලෙ එක පාරක් හරි උ/% රස බැලුවට පස්සෙ.උ/% මහ එ/කා රට ගියේ මගේ වාසනාවට බො/ල.උ/$ දන්නවද උ/$ මල්ලි කාගෙද කියලා?ඒ/කා/ගෙ අප්පච්චි මමයි.අම්මයි දූයි දෙන්නම මගේ දැන්…”

දෙවියනේ මොහු කියන්නෙ ඇත්තද?මගෙ ඇඟ පන නැතුව ගියාක් මෙන් දැනුනා.ඒ කියන්නෙ මගෙ පුංචි මල්ලි,,,,බාප්පගෙ දරුවෙක්ද?ඒ කියන්නෙ මගෙ අම්මා මගෙ රත්තරං අප්පච්චිට ද්‍රෝහි වුනාද මේ න/රු/ම බාප්පා නිසා?

මට බාප්පයි අම්මයි ගැන විශාල කේන්තියක් දැනුනා.අපේ දුප්පත්කම නිසාම අප්පච්චි රට ගියේ අවුරුදු හතකට කලින්.එදා අම්මා හොඳටම ඇඬුවා.ඒත් මායි මල්ලියි නිසා අම්මා හිත හදාගෙන ශක්තිමත්ව උන්නා. අප්පච්චි රට ගිහින් මාසයක් යද්දි අම්මට මල්ලි හම්බෙන්න ආවෙ.ඒත් ඒ කාලෙ මාත් පුංචියිනෙ.

බාප්පා මගෙ චීත්ත ගව්ම කෑලි කෑලි වලට ඉරලා මාව බිමට කුස්සියෙ කටු මැටි බිමට තල්ලු කරා.ආයෙමත් නැගිටින්න වෙර දරද්දි මගෙ අතට අහු උනේ ලොකු දර පොල්ලක්. දෙපාරක් නොහිතා මං ඒ දර පොල්ලෙන් බාප්පගෙ ඔලුවට ගැහුවා.ඒත් ඒ පාර වැදුනෙ බාප්පගෙ උරිස්සට.ඒ උනත් බාප්පට ඒක හුඟක් රිදුනා.

“ප/ට්/ට බැ$%.උ/$ මටත් අත ඉස්සුවා නේද ය/කෝ?අද මං උ/$/ව ඉතුරු කරන්නෑ…”

යක්ෂාවේශ වෙලා කේන්තියෙන්ම බාප්පා මගෙ කොණ්ඩෙන් ඇදලා අල්ලගනිද්දි මං ඒ හැඩි දැඩි දෑත් වලින් මිදෙන්න දැඟලුවා. එහෙම දඟලද්දි මගෙ අතට අහු උනේ එළවළු කපන පි/හි/ය.

මං ඒකෙන් බාප්පගෙ බාප්පට දමලා ඇ/න්/නා.*ල් පෙරාගෙන බඩත් අල්ලගෙන බාප්පා බිමට වැටෙද්දි මට කෑගැස්සුනා.

බාප්පා ආපහු නැගිටින පාටක් තිබුනෙ නැහැ. අත පය හොලව හොලව වේදනාවෙන් දැඟලුවා.දෙයියනේ බාප්පා මැ/%/නො/ත් එහෙම මාව පොලීසියෙන් අල්ලන් යයි. එතකොට මට හිරේත් යන්න වෙයි.

මගෙ ඉහින් කනින් දාඩිය පෙරන්න ගත්තා. තවත් එතන නොරැඳුනු මං කාමරේට ඇවිත් ඉරිච්චි චීත්ත ගව්ම ගලවලා දාලා වෙන ගව්මක් ඇඳගෙන ඇඳුම් කෑලි දෙකතුනකුයි වතුර බෝතලේකුයි බෑග් එකකට දාගෙන ලාච්චුවෙ තිබ්බ රුපියල් එක්දාස් පන්සීයත් අරගෙන රබර් සෙරෙප්පු දෙක දාගෙන එලියට බැස්සා.

මුළු ගමම කළුවරයි.පේන තෙක් මානෙක ලයිට් එලියක් පේන්න නෑ.මගෙ පපුව දැන් හොඳටම ගැහෙනවා.කවදාවත් ‍රෑ වෙලා තනියම මං මෙහෙම ගමනක් ගිහින් නෑ.

කිසිම අරමුණක් නැතුව කොහෙද යන්නෙ කියලා හිතා ගන්න බැරිව මං ගෙදරින් එළියට බැස්සෙ.කනත්ත පාරෙන් නොගිහින් මං පාලම ගාවින් ගිහින් ස්ටේෂන් එකට ආවා.

වෙලාව රෑ දහයයි කාලයි.දහයහමාරෙ කෝච්චියෙ අනුරාධපුරේට යන දෙතුන් දෙනෙක් ඇරෙන්න වෙන කවුරුවත් ස්ටේෂන් එකේ හිටියෙ නැහැ.තැනින් තැන හි/ඟ/න්/නො නම් කීප දෙනෙක්ම නිදාගෙන හිටියා.

ස්ටේෂන් එක අයිනෙ තිබ්බ ටැප් එකෙන් මූණ හෝදගෙන අනුරාධපුරේට ටිකට් එකක් අරන් කෝච්චියට නැගලා කෙලවරේම අසුනෙන් වාඩි උනා.මං හිටපු පෙට්ටියෙ හිටියෙ දමිළ ගෑණු කෙනෙකුයි පොඩි පිරිමි ළමේකුයි විතරයි.ඒ නිසා බයක් උනේ නැහැ.

ටික වෙලාවකින් කෝච්චිය පෙරට ඇදුනා. නගරෙ පහු උනාට පස්සෙ නම් හිතේ තිබ්බ බය ටිකෙන් ටික අඩු වෙලා ගියා.බාප්පා නම් දැන් සමහර විට මැ/%/ල/ත් ඇති.ඒ කියන්නෙ මං දැන් මි/$ ම/%/වෙ/ක්.ම/$/නෙ ආරංචි වෙච්චි ගමන් පොලීසියෙන් මාව හැම තැනකම හොයයි.

මං කොහෙ හරි දුර පළාතකට ගිහින් ජීවත් වෙනවා.මං වගේ අවුරුදු දහ අටක පුංචි කෙ/ල්/ලෙ/ක් තනියම අනුරාධපුරේට ගියා කියලා කිසිම කෙනෙක් විශ්වාස කරනෙකක් නෑ. අම්මා රෑ වැඩ ඇරිලා ගෙදර එද්දි උදේ හත විතර වෙනවා.ඊට කලින් ආච්චි අම්මා අපේ ගෙදර ආවොත් කුස්සියෙ මැ/$/ලා වැටිලා ඉන්න බාප්පව දකියි.

අනුරාධපුරේට යන්න තව පැය හතරක් පහක්වත් යයි.කෝච්චියෙදි කීප සැරයක්ම මට සීට් එකට හේත්තු වෙලා නින්ද ගියා.

පාන්දර හතරාමාරට විතර ඇහැරිලා බලද්දි කෝච්චිය වෙන ස්ටේෂන් එකකින් නතර කරලා තිබුනා.දෙතුන් දෙනෙක්ම කෝච්චියට නැග්ගා.අනුරාධපුරේට තව දුරද දන්නෑ.

එලියට අත අල්ලලා බෝතලෙන් වතුර ටිකක් හලාගෙන මූණ කට හෝදගත්තා.නිදිමත දැනුනත් නින්ද ගියේ නැහැ.වටින් ගොඩින් යාන්තමට වගේ එළිය වැටීගෙන එද්දි කෝච්චිය අනුරාධපුරේ ස්ටේෂන් එකෙන් නතර කරා.මං බෑග් එකත් කරේ දාගෙන කෝච්චියෙන් එලියට බැස්සා.

තවමත් අන්ධකාරය හරි හැටි පහව ගොස් නැති අනුරාධපුර පුන්‍ය භූමිය පළමු වතාවට මං සියැසින් දැක ගත්තා.

බෑග් එකත් තු/රු/ල් කරන් අරමුණක් නැතුව මං ඔහේ ඇවිදගෙන ආවා.මොනවා කරන්නද කොහේ යන්නද කියලා මට හිතා ගන්න බැරුව ගියා.කකුල් දෙක රිදෙනකල් මං ඔහේ ඉබාගාතෙ පාර දිගේම ඇවිදගෙන ගියා.

මං දැන් මි$ ම/%/වෙ/ක්.කී දවසක් මට නීතියෙන් ගැළවිලා ඉන්න පුලුවන් වෙයිද කියලා දන්නෑ.කවදා හරි මාව නීතියේ රැහැනට කොටු වෙච්චි දවසට මොනවයින් මොනවා සිද්ද වෙයිද දන්නෑ.සමහර විට මාව මුළු ජීවිත කාලෙටම හිරේ දායි.

අනේ බුදු හාමුදුරුවනේ මං ඒක හිතලා නෙවෙයි කරේ.බාප්පා ආවෙ මගෙ ජීවිතේ විනාශ කරන්න.බාප්පගෙන් බේරෙන්නයි මං පි/$/යෙ/න් ඇ/න්/නෙ.නැතුව මගෙ හිතේ මි$ මැ/%/මේ චේතනාවක් තිබුනෙ නෑ.

පන්සලේ බුදු පිළිමෙ ඉස්සරහට වෙලා වැඳගෙන හිටපු මං කඳුලු සැලුවා.ස්වාභාව ධර්මයෙන් මං අනුකම්පාවක්,සමාවක් ලැබුවත් කවදාවත් මට නීතියෙන් සමාවක් ලැබෙන එකක් නෑ.

ඇස් දෙක පිහදදා පන්සලෙන් එලියට එද්දි මගෙ ඇස් ඉස්සරහ නතර උනේ නාඳුනන ආගන්තුක පිරිමි රුවක්.මගෙ ඇස් වල කඳුලු ඔහු දකින්න ඇති.වටපිටාව ගැන මට අවධානයක් තිබුනෙ නැහැ.අඳුර පලා ගිහින් අලෝකය පරිසරය වෙලාගෙනයි තිබුනෙ.

“නංගි මොකක් හරි කරදරේකද ඉන්නෙ?කවුරු හරි කරදර කරන්න හැදුවද?…”

ඔහු කරුණාවෙන් යුතුව මගෙන් එලෙස විමසුවා.මං නෑ කියලා හිස වැනුවා.

“එහෙනම් ඇයි අඬන්නෙ?මේ වෙලාවෙ නංගි මෙතන තනියම ඇයි?ගෙදර අය මගෑරුනාද?…”

ඔහු එහෙම ඇහුවෙ තවම වෙලාව උදේ හත පහු වෙලා නැති නිසා වෙන්න ඇති.මං නෑ කියලා හිස වැනුවා.කතා කරන්න වචන එලියට එන්නෑ.මුව ගොළු වෙලා ගිහින් වගේ.

ඒ මනුස්සයා පිටේ එල්ලන් හිටපු බෑග් එකෙන් පොතකුයි පෑනකුයි අරන් මට දුන්නා.

“නංගිට මොකක් හරි කරදරයක් උනා නම් මේකෙ එඩ්‍රස් එක ලියන්නකො.මං ගෙදරට ගිහින් දාන්නම්…”

ඔහු ඇසූ ප්‍රශ්න වලට කට ඇරලා වචනයෙන් උත්තර නොදුන් නිසා ඔහු හිතාගෙන ඉන්නෙ මං ගො/ළු/යි කියලා.

“අනේ අයියෙ මං ගොළු නෑ…”

“ආ,,,,එහෙමද?මං හිතුවෙ ඔලුව වනලා උත්තර දීපු නිසා කතා කරන්න බැරුව ඇති කියලා…”

කතා බහෙන් නම් ඔහු හොඳ මනුස්සයෙක් වගේ.කිසිම හො/ර බවක්,කා/මා/තු/ර බැල්මක් ඒ මූණෙ ගෑවිලාවත් නෑ.ඒත් කතා බහෙන් මිනිස්සු මනින්න බෑනෙ.

“මට කතා කරන්න පුලුවන් අයියෙ…”

“නංගි කොහෙ කෙනෙක්ද?කාත් එක්කද පන්සල් ආවෙ?සමාවෙන්න මං එහෙම ඇහුවෙ නංගි ඉස්සෙලා අර බුදු පිළිමෙ ගාව අඬ අඬා හිටපු නිසා…”

අනේ දෙයියනේ ඔහු ඒකත් දැකලද?දැන් මං මොකක්ද කියන්නෙ?

“මං,,,තනියම ආවෙ අයියෙ,,,මං වව්නියාවෙ…”

මං හිතලම බොරුවක් කිව්වා.ඇත්ත කිව්වොත් ඔහුට මං මි$ ම/%/වෙ/ක් කියලා ආරංචි වෙන්න පුලුවන්.මෙලකටත් පත්තරේටයි ටීවි එකටයි එහෙම මගෙ විස්තර දීලා ඇති පොලීසියෙන් මාව හොයන්න කියලා.

“දෙයියනේ එච්චර දුර ඉඳන් තනියමද ආවෙ ඇයි?ඔයා ගෑණු ළමේක්නෙ.ගෙදර කවුරුවත් නැද්ද?නැත්නම් ගෙදරින් පැනලා යන කෙනෙක්ද?…”

ඔහු එවර එහෙම ඇහුවෙ සැකෙන් වගෙයි. මට බය හිතුනා ඔහු මාව සැක කරයි කියලා හිතිලා.දෙයියනේ මං මි$ ම/%/වෙ/ක් කියලා ආරංචි වෙන්න නම් එපා.

“අනේ නෑ අයියෙ.මං එහෙම කෙනෙක් නෙවෙයි.මං ලොකු කරදරේක වැටිලා ඉන්නෙ.මට දෙමව්පියො දෙන්නම නෑ.මං ඉන්නෙ නැන්දයි මාමයි ගාව.මාමා මාව කව්ද මිනිහෙකුට විකුණන්න හැදුවා.ඒ මිනිහා කවුදෝ මිනිස්සු කට්ටියක් එක්ක බලෙන්ම මාව වෑන් එකක දාගෙන ආවා.මගදි මං උ/න්/ගෙ/න් බේරිලා පැනලා කෝච්චියෙ අනුරාධපුරේට ආවා…”

හිතා මතාම මං බොරුවක් ගොතලා කිව්වා. ඇත්ත කිව්වොත් එහෙම මේ මනුස්සයා අනිවාර්යයෙන්ම මාව පොලීසියට අල්ලලා දෙයි.එතකොට මට සදාකාලිකවම හිරේට වෙලා දුක් විඳින්න වෙයි.

“දෙයියනේ මහ පුදුම මනුස්සයෙක්නෙ ඔයාගෙ මාමා.කාටද ඒ මිනිහා ඔයාව විකුණන්න හැදුවෙ?…”

“ඒ මනුස්සයව මං අඳුරන්නෑ අයියෙ.කව්ද ලොකු මනුස්සයෙක්…”

“ලොකු මනුස්සයෙක් කිව්වෙ?…”

“ඒ කිව්වෙ අයියෙ සල්ලිකාර මහත්තයෙකුට…”

“උ/න් ඔයාව වෑන් එකේ ගෙනියන්න හැදුවෙ කොහාටද?…”

“මං දන්නෑ අයියෙ.උ/න් මගෙ ඇස් බැඳලා තිබුනෙ.මගදි අත් දෙක ලෙහලා මට උන් කන්න බනිස් ගෙඩියක් දුන්නා.මං ටොයිලට් යන්න ඕනි කිව්වා.ඊට පස්සෙ උ/න් මගෙ ඇස් දෙක ලෙහලා එලියට එක්කන් ආවා.එතනදි මං හොරෙන් පැනලා අනුරාධපුරේ කෝච්චියෙ මෙහාට ආවා…”

“කෝච්චියෙ යන්න නංගිට සල්ලි කොහෙන්ද?…”

“මං ගෙදරින් එද්දි නැන්දගෙ ලාච්චුවෙන් සල්ලි වගයක් හොරකම් කරගෙන ආවෙ…”

මං සල්ලි වගයක් හොරකම් කරා කිව්වම ඒ මනුස්සයගෙ ඇස් උඩ ගියා.මං වගේ පොඩි කෙ/ල්/ලෙ/ක් සල්ලි හොරකම් කරා කිව්වම කව්ද පුදුම නොවෙන්නෙ.

“කීයක්ද හොරකම් කරේ?…”

“රුපියල් එක්දහස් පන්සීයක්…”

ඔහු කටට අත තියාගෙන හයියෙන් හිනා වුනා.

“එක්දහස් පන්සීයද?අයියෝ මං හිතුවෙ දහ පහළොස්දාහක් උස්සන්න ඇති කියලා.හරි නංගි ඔයා බය වෙන්න එපා.මං ඔයාට උදව් කරන්නම්.අපි පොලීසියට යමු.ගිහින් ඔයාගෙ නැන්දයි මාමයි ගැන පොලීසියට කියමු.ඔයා කිසිම දේකට බය වෙන්න එපා…”

අනේ දෙයියනේ ඔහු මාව එක්කන් පොලීසියට ගියොත් හැම දෙයක්ම ආරංචි වෙයි.මෙලහකටත් එහෙ පොලීසියට බාප්පගෙ ම/$/ණෙ ආරංචි වෙලා ඇති.ඒ ම/$/ණෙ සිද්ද කරපු මාව හැම තැනකම හොයනවත් ඇති.

“අනේ අයියෙ මට පොලීසියට නම් යන්න බෑ…”🥺

“ඒ ඇයි?නංගි කිසිම දේකට බය වෙන්න එපා. පොලීසිය ඉන්නෙ හොරු අල්ලන්න මිසක් හොරුන්ව ආරක්ෂා කරන්න නෙවෙයි.මං නංගිව බේර ගන්නම්…”

“අයියා,,,පොලීසියෙද?…”

ඒ මනුස්සයගෙ කතා බහෙන් මට සැකයක් දැනුනා පොලීසියෙ කෙනෙක්ද කියලා. දෙයියනේ මේ මනුස්සයා පොලිස් නිළදාරියෙක් නම් වෙන්න එපා.

“අනේ නෑ නංගි.මං ගොවිතැන් කරන දුප්පත් කො/ල්/ලෙ/ක්.තව ත්‍රීවිල් හයර් කරනවා.ඇයි පොලීසියට යන්න බැරි?…”

“මාමා මාව විකුණන්න ගිය මනුස්සයා ලොකු සල්ලිකාරයෙක්.ඒ මනුස්සයා මේ රටේ ලොකු ලොක්කො එහෙමත් හුඟක් අඳුරනවලු. පොලිසියෙ ලොකු මහත්තුරු එහෙමත් දන්නවා කියලා මාමා නැන්දත් එක්ක කියනවා මට ඇහුනා.

මං පොලීසි ගියා කියලා නීතියෙන් මට සාදාරණයක් ඉශ්ඨ වෙන්නෑ. අනේ වඳින්නම් අයියෙ මට පොලීසියට නම් යන්න බෑ.මං වෙන කොහෙ හරි යන්නම්. අයියට බුදු සරණයි…”

ඔහ් මාව බලෙන් වගේ පොලීසියට එක්කන් යයි කියලා බයක් දැනුන නිසා මං එහෙම කියලා යන්න හැදුවා.ඒත් ඔහු මාව නැවැත්තුවා.

“නංගි දැන් කොහෙද යන්නෙ?යන්න එන්න ඔයා වගේ ගෑණු ළමේක් ඔහොම ගිහින් කරදරේක වැටුනොත් මොකද වෙන්නෙ?නෑදෑයො කවුරුවත් නැද්ද?…”

“නෑ අයියෙ…”

මං දුකින් වගේ එහෙම කිව්වා.ඔහු හොඳ මනුස්සයෙක් බව මට දැනුනා.ඔහුගෙන් පිළි සරණක් බලාපොරොත්තු වෙන්න පුලුවන් මගෙ හිතට තේරුනා.ඔහු මට උදව් කරයි.

“නංගිට මාව විශ්වාසයි නම් මාත් එක්ක යමු. මං නංගිට පුලුවන් උදව්වක් කරන්නම්. හැබැයි මාව විශ්වාසයි නම් විතරක්.මගෙන් නංගිට කිසිම කරදරයක් වෙන්නෑ.නංගි කරදරේක වැටුනු කෙනෙක් නිසයි මං උදව් කරන්න ඉදිරිපත් උනේ…”

මට ඔහුව විශ්වාස කරන්න පුලුවන් බව දැනුනා.වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් සිටිනා බව මං අසා තිබුනා.මොහුත් එවැනි මිනිසෙකු බව මට හැඟුනා.

“මට අයියව විශ්වාස කරන්න පුලුවන්.පින් සිද්ද වෙයි අයියෙ මාව ගෙදර නම් යවන්න එපා.නැන්දයි මාමයි ගොඩක් නපුරුයි.එයාලා මාව ම/$/යි…”

“හරි හරි.මං නංගිව ගෙදර යවන්නෑ.මටත් ඔය වගේම නංගි කෙනෙක් හිටියා.එයා දැන් ජීවතුන් අතර නෑ…”

“අයියාගෙ ගෙදර ඉන්නෙ වෙන කව්ද?…”

“මං විතරයි ඉන්නෙ නංගි.මට කාත් කවුරුවත් නෑ.හිටපු එකම නංගිත් ඇක්සිඩන්ට් එකකින් මැ/$/ණා.එදා ඉඳන් මං තනි උනා.දැන් ඉතින් ඔය හේනක් කොටාගෙන වගාවක් කරන් ත්‍රීවිල් හයර් කරගෙන ඉන්නවා.රටට බරකුත් නෑ.ගමට බරකුත් නෑ.ඒක නෙවෙයි නංගිගෙ නම මොකක්ද?…”

“වර්ෂා…”

“වර්ෂා,,,,හරිම ලස්සනයි ඒ නම…”

මට ඒ නම දැම්මෙ මගෙ අප්පච්චි.මාව හම්බ වෙන්න අප්පච්චි අම්මව ඉස්පිරිතාලෙට යනකොට මහ හයියෙන් වැස්සක් වැස්සලු.ඒ වැස්ස පැය ගානක්ම තිබ්බලු.

අම්මවත් හොඳටම තෙමිලා.මාව අම්මත් එක්ක ගෙදරට එක්කන් එද්දිත් හයියෙන් වැස්සලු.වැස්ස නිසාමලු මට වර්ෂා කියලා නම තියලා තියෙන්නෙ.

“අයියගෙ නම මොකක්ද?…”

“මං ධනුෂ්ක.නංගි උදේට මොකුත් කාලා නැතුව ඇති තවම?…”

“නෑ අයියෙ…”

මං ඇත්තම කිව්වා.ඊයෙ දවල් කොස් මාළුවයි බතුයි කාපු ගමන් මං මේ ඉන්නෙ. ඉවසන්න බෑ බඩගිනියි.ඇඟටත් පන නෑ වගේ.

ඔහු මාව විහාරස්ථානය ළඟම තිබුනු කඩේකට එක්කන් ගිහින් බඩ පැලෙනකල් කන්න තෝසෙ අරන් දුන්නා. ඉවසගන්න බැරි තරම් බඩගින්නකින් හිටපු මං තෝසෙ හතරක් කාලා වඩේ දෙකකුත් කෑවා.

“නංගි ගොඩක් බඩගින්නෙ වගේ ඉඳලා තියෙන්නෙ?…”

මං ගොඩක් කාපු නිසා වෙන්න ඇති ඔහු එහෙම අහන්නෙ.

“ඔව් අයියෙ.අයියට පින් සිද්ද වෙනවා මට කන්න අරන් දුන්නට…”

“පින් ඕන්නෑ.යමුකො දැන්…”

“මේ ත්‍රීවිලර් එක අයියගෙද?…”

කඩේ ගාව තිබ්බ රතු පාට ත්‍රීවිලර් එකක රියදුරු අසුනට ඔහු ගොඩ උනා.අලුත්ම ත්‍රීවිලර් එකක් ඒක.ළඟදි වගේ අරන් තියෙන්නෙ.

“ඔව් නංගි.ගිය සතියෙ ගත්තෙ.මෙච්චර කාලෙකට මං හයර් ගියේ අනුන්ගෙ ත්‍රීවිලර් එකකින්.දැන් මගේම කියලා ත්‍රීවිලර් එකක් තියනවා…”

ඔහු එහෙම කිව්වෙ හරිම ආසාවෙන්.මහන්සි වෙලා හම්බ කරලා ඉතුරු කරගත්තු සල්ලි වලින් ගත්තු වාහනේ වෙන්න ඇති.

“අයියගෙ වයස කීයද?…”

මං නිකමට වගේ ඇහුවා.ඔහු මට වඩා අවුරුදු දහයක් දොළහක් විතර වැඩිමහල් ඇති.

“කීයක් විතර පේනවද නංගිට?…”

“ම්ම්,,,තිහක් විතර…”

විසිඅටක් හිතේ තියාගෙන තිහක් කිව්වා.

“දෙකක් අඩුයි…”

“තිස් දෙකක්ද?…”

“නෑ ළමයො.මං කිව්වෙ තිහෙන් දෙකක් අඩු කරන්න කියලා…”

“එහෙනම් විසිඅටක්…”

“ඔව් නංගි.දන්නෙම නැතුව වයසට යනවා. තාමත් මතකයි ඉස්කෝලෙ ගිය කාලෙ එහෙම.නංගිට වයස කීයද?…”

“මට දහ අටයි අයියෙ.මාස හතරකට කලිනුයි දහ අට ලැබුවෙ…”

“අනේ පුංචි කෙ/ල්/ලෙ/ක්/නෙ තවම.අපේ නංගිට වැඩිය අවුරුදු දෙකක් බාලයි…”

ඔහු කියනවා.මං හිනා උනා.ඇත්තෙන්ම ඊයෙ රැයින් පස්සෙ මං හිතුවෙ නැහැ මට හිනා වෙන්න පුලුවන් වෙයි කියලා.බාප්පා ගැන මතක් වෙද්දි මගෙ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙනවා.දැන් මුළු ගමම දන්නවා ඇති මං බාප්පව ම/$/ලා ගමෙන් පැනලා ගිහින් කියලා.

මගෙ අම්මා අඬ අඬ මාව හැම තැනකම හොයනවා ඇති.මගෙ පුංචි මල්ලි මං නැතුව අඬනවා ඇති.ඇත්තටම අම්මා ගැන බාප්පා ඒ කියපු කතාව ඇත්තද?මගෙ අම්මා එහෙම කෙනෙක් නෙවෙයි.අම්මා අප්පච්චිට අවංකව ආදරේ කරනවා.අදටත් අම්මා දුකින් ඉන්නෙ අප්පච්චි ළඟ නැති නිසා.

අම්මගෙයි බාප්පගෙයි අතරෙ අ/නි/ය/ම් සම්බන්දයක් තිබුනා කියලා මට කවදාවත් දැනිලා නැහැ.අම්මා බාප්පාට සැළකුවෙ අම්මගෙම සහෝදරයෙකුට වගේ.එයා කවදාවත් බාප්පා ගැන විශේෂයක් කරේ නෑ. සමහර විට බාප්පා එහෙම කිව්වෙ මගෙ හිතේ අම්මා ගැන කෝපයක් තරහක් ඇති කරන්න වෙන්න ඇති.

පැයක විතර ගමනකින් පස්සෙ ඔහු ත්‍රීවිලර් එක නතර කරේ සුදු හුණු ගාපු ලස්සන පොඩි ගෙදරක් ඉස්සරහ.මං බෑග් එකත් තු/රු/ල් කරන් ඔහුත් සමඟ ත්‍රීවිලර් එකෙන් එළියට බැස්සා.

“මේක තමයි නංගි මගේ පුංචි ගෙදර.යමු ඇතුළට…”

ඔහු ගෙයි දොර ඇරලා ජනේල් ටිකත් විවෘත කරා.පිටත වගේම ගේ ඇතුළත් හරිම ලස්සනයි.පිරිමි කෙනෙක් උනත් ගෑණු කෙනෙකුටත් වඩා ලස්සනට පිළිවෙලට ගෙදර තියන් ඉන්නවා.කුණු දූවිලි පොදක් නෑ බිම.

“අයියා තනියමද ඉන්නෙ ගෙදර?…”

“ඔව් නංගි.ඉඳලා හිටලා අපේ නැන්දා කෙනෙක් ඇවිත් යනවා එච්චරයි.නැත්නම් ඉතින් මං තනියම තමයි…”

“ගෙදර ලස්සනයි අයියෙ.හරිම පිළිවෙලයි…”

“තනියමනෙ ඉන්නෙ නංගි.හේනෙ වැඩ කරලා ඇවිත් කම්මැලිකමට ගේ අස් කරලා අතුගාලා දානවා.කොහොමත් මං පුංචි කාලෙ ඉඳන් පිළිවෙලට පිරිසිදුවට ඉන්න කැමතියි…”

මතු සම්බන්දයි.🌷

වර්ෂාට ඉස්සරහට මොනවා වෙයිද කියලා දැන ගන්න කැමති නම් “නිහඬ මනාලි” දිගටම බලන්න.කියවලා ලයික් එකකුත් දාගෙනම යන්න යාළුවො හැමෝම.