හුස්මක් පසා 💛🖤️💛

තිස්නවවන_කොටස (අවසන් කොටස )

“කවියා උඹව විශ්වාස කරලා යකෝ මගේ සුදුව දුන්නේ. එක එක විනාඩියකට මගේ මැණිකව උඹට බලා ගන්න බැරි උනාද ආ කියපන්. මගේ පණ යකෝ ඒ. මගේ පණ…”

සිදු වූ සියල්ල අකුරක් නෑර පවසද්දි යුදීප් කවීෂට ගහන්න හැදුවේ රෝහලවත් කියා නොබලමින්‍.

“යුදීපය මන් මන් හිතුවේ නෑ සයේරා…”

“යකෝ හිතුවේ නෑ කියන්නේ. මෙච්චර කාලයක් අපි හිතුව දේවල්ද උනේ ආ කියපන්…”

කවීෂව බිත්තියට තද කරන් යුදීප් කෑ ගැහුවේ ඔහුගේ කොලර් එක තද කරන්.

“අයියේ ප්ලිස් ඔය රණ්ඩුව නවත්තන්න. බලමු ඩොක්ටර් මොකද කියන්නේ කියලා. ප්ලීස් අයියේ…”

ආකර්ෂාගේ ඉල්ලිම මත යුදීප් කවිෂය පසක තල්ලු කර ඉන් මදක් එහාට වන්න තිබුණ අසුනකට වී උන්නේ හිස පහතට කරඹාගෙනයි. තත්පර විනාඩි ගෙවි යමින් කාලය ගත වෙද්දි හැමෝගෙම හිත් මහ බයකින් පෙළුණේ. පැයකට පමණ පසු දුහිනිව පරික්ෂා කර ආ වෛද්‍යවරයජේ මුහුණ දුටු යුදීප්ට අමුතු හැගීමක් දැණුනේ…”

“Doctor…”
“ඩොක්ටර්…”

“Mr. Danthanarayana, your wife is fine. She regained consciousness…”
“මිස්ටර් දන්තනාරයන ඔයාගේ බිරිද දැන් හොදින්. ඇයට සිහිය ඇවිල්ලා තියෙන්නේ….”

වෛද්‍යවරයා පැවසු දෙයින් යුදීප්ට කෑ ගහලා අඩන්න හිතුණා කිවොත් හරි. යුදීප් වෛද්‍යවරයාට ස්තූතිකොට ගියේ දුහිනිව සොයමින්ය.. අවුරුදු දෙකකට ආසන්න කාලයක් ඇයගේ හුරතලේ දගකාරකම නැතුව යුදීප් හිටියේ ජිවත් උනත් මැටි මැරි වගේ…

දෑස් වසා සිටි දුහිනි අසලට ගිය යුදීප් ඈගේ දෑතක් තම දෑත අතර රදවන් අනෙක් දෑතින් දුහිනිගේ හිස පිරිමැදිය. ඒ සුදුපුරු ආත්මීය ස්පර්ශයත් සමගම දුහිනි දෑස් විවර කර බැලුවේ යුදීප් දෙස…

“යුදීප්…”

කාලය ගෙවි යමින් දුහිනිට අනතුරට කලින් වූ සියළුම සිද්ධින් මතක් වෙද්දි අනතුරින් පසු වූ සියළුම සිද්දින් අමතක විය.

එහෙත් යුදීප් හැම දෙයක්ම හොදින් පැහැදිලි කරද්දි ඈට තමන්ට අමතක,තමාව සොහොයුරියක් වගේ බලා ගත්ත වෙනුරි ගැන ඇති උනේ මහත් ගෞරවයක්. ඒ වගේම ඈට සෙනෙශ් ගැන දුකක් දැණුනද ඔහු මේ වන විටත් ඔහුගේ ගමන් නික්ම ගොස් ඇති බව දන ගත් විට ඔහුට හදවතින්ම ඈ ආශිර්වාද කලාය.

කාලය ගෙවි ගිහින් හැමෝම ලංකාවට ආවේ නැති වෙච්ච සතුට ආපහු අරගෙනමයි. එදා සිද්දියෙන් පසු සයේරා ජිවිතාන්තය දක්වා සිරගෙට නියමවුණේ හැමෝගේම දුක් දොම්නස් හිරු දුටු පිනි මෙන් බොදවෙලා යද්දි.

අද හැමෝටම විශේෂ දවසක්. අද යුදීප් දුහිනි වගේම කවිෂ ආකර්ෂා අතිනත ගන්න දවස. අන්තිමට කොහොම හරි කවිෂ ආකර්ෂාගේ කැමැත්ත ලබා ගත්තේ දුහිනිගේද උදව්ව ඇතිවයි.

ලස්සන මනාලියක් විදිහට දුහිනි හැඩ ගැන්වුණේ ලංකාවේ සුප්‍රසිද්ධ රුපලාවන්‍ය ශිල්පිනියක් අතින්. බටහිර විදිහට හැඩ ගැන්වුණු දුහිනි සුරංගනාවියක් වගේ දිස් උනේ යුදීප් හට. ඉදින් හැමෝගේම ආශිර්වාදය මැද්දේ යුදීප් දුහිනි වගේම ආකර්ෂාත් කවිෂාත් අතිනත ගත්හ…

අවුරුදු දෙකක් ගෙවිලා ගියේ හරි ඉක්මනට.

“ඔන්න කොල්ලයි කෙල්ලයි ගෙනාවා…”

දුහිනිගේ දෙවන දරු ප්‍රසුතියේදි යුදීප් ඔහු අතින් වෙන්න ඕන හැම කටයුත්තක්ම කලා. ඉතින් ඔහුගේ හැම හීනයක්ම හැබැවෙමින් දෙවන වරද ඔහු පියපදවිය ලැබිය.

යුදීප් පලමු දරුවා වෙනුවෙන් ඔහුට කරන්න බැරි උන හැම දෙයම ඔහු හොයා බලා කරේ කාටවත් උදව් ජරන්න නොදීමයි.

රෝහල් කාමරයට වී පුතුත් එක්ක ඉද්දි ආකර්ෂා එක්ක කවිෂ යුදීප්ගේ අලුත උපන් දියනියත් පුතනුවත් රැගෙන ආවේ ඔවුන් අසලට. ආදරෙන් දුහිනි ඔවුන් දෙදෙනාම තමන්ගේ දෑතට ගනිද්දි ආකර්ෂාගේ නෙතේ කදුලක් ඉණුවේ කවදාත් තමාට මේ සිහිනට සම්පූර්ණ කරගන්න වෙන්නේ නෑ කියලා මතක් වෙද්දි.

හිත ඇතුලේ දුකක් ඇති උනත් ආකර්ෂා ඒ දුක හිත අස්සේම හංගන් කවිෂ ළගට වෙලා තමාගේ සහෝදරයාගේ දරුවෝ තුන්දෙනා දිහා බලමින් සතුටු උනේ ඒ දරුවොනුත් තමන්ගේ වගේ හැගීමක් දැනෙද්දි…

දරුවෝ දෙන්නාම යුදීපුයි දුහිනියි හුරතල් කරලා දුහිනි යුදීප්ගේ අතට ඔහුගේ අලුත උපන් පුතු පැටියාව දුන්නේ ඒ හිස මත හාදු තවරමින්…

“කවියා දන්නවද උඹ තමා මගේ හොදම යාළුවා. යාළුවා නෙවෙයි සහෝදරයා. මට වෙච්ච හැම කරදරේකදිම උඹ මාත් එක්ක හිටියා. මං පෙර කරපු මොකද්දෝ පිනකට උඹ වගේ යාලුවෙක් හම්බුණේ…”

“යකෝ ඕවා පස්සේ කතා කරන්න බැරියෑ. දැන් සතුටු වෙමු. අපේ අලුත් ප්‍රින්ස් ඇන්ඩ් ප්‍රින්සස් ආව සතුටට…”

කවිෂ ඔහුගේ උරහිසට අතක් දමාගෙන කතා කරද්දි යුදීප් උරහිසින් ඒ දෑත ඉවත් කර ආකර්ෂා හා කවිෂ දෙසට හැරුණා..

“දන්නවද බන්. උබ මගේ නංගි ගැන දැන දැනත් මගේ නංගිව බැන්දා…”

“යුදීපයා…”

“හිටපන් බන් මන් කියලා ඉවර නෑ. මායි සුදුයි අපි දෙන්නාට ටුවින්ස්ලා හම්බෙන්න ඉන්නවා කියලා දනගද්දි තමා මේ තිරණය ගත්තේ. මේ මගේ දෙවනි පුතා බන්. අද ඉදන් උඹේ පුතා. උබෙයි නංගිගෙයි….”

එහෙම කියපු යුදීප් තමන්ගේ දෑතේ හිටපු අලුත උපන් පුතු පැටියා කවිෂටත් ආකර්ෂාටත් භාර දුන්නේ, කවීෂගේත් ආකර්ෂාගේ ඇස් වලින් කදුලු වැටෙද්දි…

“අයියේ…”

“අයියා තමා. ආයේ මේ ඇස් වලින් හොරෙන්වත් කදුළු වැටෙන්න බැ දරුවෙක් නෑ කියලා. මේ ඉන්නේ ඔයාලා දෙන්නාගෙම දරුවා…. හැමදාම හිනාවෙලා ඉන්න මගේ නංගි. මේ අයියාට වටින්නේ මගේ නංගිගේ හිනාවයි…”

එහෙම කියපු යුදීප් කවිෂට හා ආකර්ෂාට සුභ පතද්දි දුහිනිද සයනය මත හිදිමින් ඔවුන්ට සුභ පැතුවාය…

ඉදින් කාලය ගෙවි යමින් හැම කරදරයක්ම ඔවුන්ගෙන් ඈත් වෙමින් ලස්සන වසන්ත කාලයක් උදා උනේ හැමෝගේම මුහුණු වල සතුට දෝරේ ගලද්දි.

යුදීප් දුහිනි දුවත් පුතත් එක්ක ජිවිතේ ඉස්සරහාට යද්දි කවීෂත් ආකර්ෂාත් ඔවුන්ගේ පුතණුවන් සමග ජිවිතේ ඉස්සරහාට ගියා.

නිමි…