41 කොටස

“මං එහෙම කරන්නම් දේව්…..මං දන්නවා උබ ඉන්නවා කියලා…” සදෙව් එහෙම හිතුවත් කටින් කියන්න ගියේ නෑ..

හශාන්ගේ කාර් එක එක පිටත් වෙන තුරු දොරකඩ ගාව හිටගෙන හිටිය සදෙව් කාර් එක නොපෙනී යනතුරුම බලා හිටියේ ඒ දිහා…

හශාන් ගියාට පස්සෙ ඉස්සරහා දොර වහලා දාපු සදෙව් පඩිපෙල නගිමින් ගියේ උඩ රූම් එකට…

කාමරේට ඇතුලු වෙනවත් එක්කම වගා සීතල හුලඟක් ඔහුගේ ඇඟේ හැපී යනවා වගේ සදෙව්ට දැනුනේ…ඒත් එක්කම වගේ ඔහු බැලුවේ කාමරේ එල්ලලා තිබුනු බිත්ති ඔරලෝසුව දිහා…

වෙලාව රෑ නමයටත් කිට්ටුයි…

හොස්පිට්ල් එකේ ඉඳලා එනින් ගමන් රෙස්ටුරන්ට් එකෙන් කෝපි එකක් බීලා ශෝටීස් කාපු නිසා ඔහුට එහෙමට කියලා බඩගින්නක් දැනුනේ නෑ…

“තාරු…මං කොහොමද මැනික ඔයාට ලං වෙන්නේ….ඔයා මාව මේ තරම් මගාරින කොට…මං කොහොමද මගේ හිතේ හැඟිම් ඔයාට කියන්නේ…..??”

කල්පනාවෙන්ම ඇඳේ වාඩි වුන සදෙව් මොහොතක් ඒ අයුරින්ම හිඳ බලා සිටියේ වේගෙන් හුලං හමන ජනේලේ දිහා……

“හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්………”

දිගු සුසුමක් හෙලූ ඔහු ඇඳෙන් නැගිටලා ඇවිදගෙන ගියේ අල්මාරිය කිට්ටුවට….

අල්මාරිය පිටුපසට අත දාලා යමක් තියෙනවද කියලා සෝදිසි කෙරූ ඔහු එය අතට ස්පර්ශ වෙද්දි.. හෙමින් සීරුවට එලියට ඇදලා ගත්තා…

“හ්ම්ම්ම්….දූවිලි නාලා….”

ගිටාර් එකේ බඳට තට්ටුවක් දාපු ඔහු පරන ටී ශර්ට් එකකින් දූවිලි පිහදැම්මේ පරන මිතුරෙකු හමුවුනා සේ හැඟීමෙන්….

කැම්පස් එකෙන් අවුට් වුනත් හරි ගිටාර් එක ප්ලේ කරන්න ඔහුට වෙලාවක් තිබ්බෙ නෑ…ඊටත් වඩා උවමනාවක් තිබුනේත් නෑ…..පෑරුනු මතක විරහ ගීතෙකින් අලුත් කරගන්න සදෙව්ගෙ හිතේ කැමත්තක් තිබුනෙත් නැ….

ඒත් දැන් කාලය හුඟක් ඈතට ගිහින්..

පරණ වේදනාබර මතක වලට වඩා ඔහුගේ හිත රිදුම් දෙන්නේ තාරු ගැන හිතේ උතුරන ආදරෙන්…

ඇඳේ වාඩි වුන සදෙව් ගිටාර් එකේ තත් එකින් එක එහෙ මෙහෙ කරමින් ගිටාර් එක ප්ලේ කරන්න පටන් ගත්තේ.. හිතේ රිදුම් ප්‍රේමයේ වේදනාව යම් තාක් හෝ හසුරුවාගන්න සිත යොදවමින්…..

“මහමෙරක් තරම් ආදරේ මගේ….

තාමත් නොකීවත් හිත ඉඟි කලේ…

හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත් භවේ…

මුලා වී සැනහෙන්නම් මා…ස්නේහවන්තියේ…

මුලා වී සැනහෙන්නම් මා..ස්නේහවන්තියේ…

පියුමක් විලස හිනැහෙන්න….පියුමන්තියේ…

මට මා අමතක වෙයිද පෙම්වන්තියේ….

මුලා වී සැනහෙන්නම් මා..ස්නේහවන්තියේ….

තුරුල්ලේ මිය දෙන්නම් මා පියුමන්තියේ…

හීන ගොන්නක් ඔය ඇස් ගාව නවතී…

මතක ගොන්නක් භවයෙන් භවය යාවී…

ආල හිත ගාව නවතින්න හිත මිමිණුවේ..

පෙම්වත් හුරුව ඔබ මගේමයි…හැඟවූයේ…

හිතේ නවතින්න ආවාද ස්නේහවන්තියේ….

තුරුල්ලේ මියදෙන්නම් මා පියුමන්තියේ….

මහමෙරක් තරම් ආදරේ මගේ…

තාමත් නොකීවත් හිත ඉඟිකලේ…

හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත් භවේ…

මුලා වී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ…

තුරුල්ලේ මිය දෙන්නම් මා පියුමන්තියේ……

“හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්………

පාලුයි මැනික උබ නැති වුනාමත්…..”

ඇඳ අතගාමින් සදෙව් කල්පනා කලේ….

ඒත් එක්කම වගේ යම් දෙයක් මතක් වුනු නිසා ඔහු කොට්ටෙ යටට අතදාමින් හෙව්වේ….

ගිටාර් එක ඇඳ ගාව බිමින් සිරස් අතට තියාපු සදෙව්, ඩයරියත් පුංචි දුරකතනයත් අතට ගත්තා…

“Tharu’s Personal Diary “

මුල්ම පිටුවේ ලියලා තිබුනේ එහෙම….

ඊලඟ පිටුවත් පෙරලලා බලපු සදෙව් මුල ඉඳන් එකින් එකට කියවන්න ගත්තේ තාරුගේ ලොකේ සැඟවෙච්චි කතා ගොඩක් එකින් එක දිගඅරිමින්….

ඇගේ ඩයරිය බොහෝ අය ලඟ තියන ඩයරියක් වගේ නෙමේ….සාමාන්‍ය තනිරූල් පොතක ඇගේ ජීවිතේ අමතක නොවන සහ අමතක නොවිය යුතු හැමදේම වගේ..සිදුවුන දිනයත් එක්කම ඇය ලස්සනට අකුරු කරලා තිබුනා….

නොවැම්බර් 17

“හා පැංචි…..මං ආවා…කොහෙද ඉන්නේ..” දේව් කැරකි කැරකි ගස් වටේ මාව හෙව්වා..🙈🙈එයාට නොපෙනෙන්නමං හැංගිලා හිටියේ ටිකක් එහායින් තිබුන මාර ගහ පිටිපස්සේ….

“පැංචී…කොහෙද මේ හොර කෙල්ල….” එයා හුරතලෙන් කියද්දි මට හොඳටම හිනා…ගහ පිටිපස්සෙ හැංගිලා මං හොරෙන් එයා දිහා බලන් හිටියේ…

ඊටපස්සෙ කවුද මන්ද කෙල්ලෙක් දුවගෙන ඇවිත් එයාගේ ඇඟේ හැප්පුනා…ඒකි හිතලමයි මගෙ දෙව්ගෙ ඇඟේ හැප්පුනේ….
අර්‍රර් මට ආපු තරහා…

මං තරහින්ම ගියේ එතනට…

“තමුසෙ කවුද ආහ්…” මං ඒකිගෙන් ඇහුවාම,

“සොරි මිස් අනේ මං දැක්කෙ නෑ…”

“අහ් තමුසෙ දැක්කෙම නෑ…අනේ මේහ් නිකන් බොරු කියන්න එපා…හිතලම හැප්පිලා මෙතන…කවුරු කියලද හිතන් ඉන්නෙ ආහ්…”

“සොරි මිස්….” එහෙම කියලා ඒකි එකපාර දිව්වානේ.මං ගහන්න යනකොටම හොඳ කම්මුල් පාරක්..ආවා මෙතන එයාගේ ඇඟේ හැප්පෙන්න..

මං ඒ කේන්තියෙන්ම දේව් දිහා බලද්දි එයා අතින් කට වහගෙන හිනාවෙනවා.මං එයාට බොරුවට රවමින් අහක බලාගත්තෙ දුකට.එයාට නම් හිනා.මං කැමති නෑ කෙල්ලෙක් එයාගෙ ඇඟේ වදිනවටවත්.එයා මගේනේ හ්ම්.

මං තරහවෙලා වගේ හිටපු නිසා දේව් මාව එයාගෙ පපුවට තුරුල් කරගත්තා…එයා එහෙම ඉද්දි මට අනිත් හැමදේම අමතකයි…

පාර්ක් එකට වෙලා අපි ගොඩාක් කතා කලා…දේව්………මට එයාගේ ආදරේ ගොඩක් දැනෙනවා…හැමදාම මගේම විතරක් වෙන්න රත්තරං…ආදරෙයි මං මහ ගොඩක්

❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

පොත මුලින්ම ලියන්න පටන් අරන් තිබ්බේ එදා..ඒ පුංචි කතාව කියවපු සදෙව් එක දෙයක් තේරුන් ගත්තා…

“ඔව් දේව්ගෙ වචන හරි.. දැනෙන්න ආදරේ දෙන්න…එයා කිව්වෙ එහෙම..තාරුට ඒ ආදරේ දැනුනා..මමත් එහෙම කලොත්…තාරු මට ලං වෙවි…
හා පැංචි….දේව් කෙල්ලට කියන්න ඇත්තේ ඒ නම…”

කට කොනෙන් යාන්තමට හිනා වුන සදෙව්..පොතේ අනිත් පිටු එහෙමෙහෙ කරමින් බැලුවා…

“හ්ම්ම්ම්….විශේශ වුන හැම දිනයක්ම එයාට විශේෂ වෙලා තියෙන්නෙ දේව් නිසා…හැම කොටසකම දේව් ඉන්නෙ ඒකයි…”

එහෙම හිතපු සදෙව් නිකමට වගේ කෙල්ල අන්තිමට ලියපු සටහන හෙව්වේ…

ජූනි 21

සදෙව් මට සමාවෙන්න.අනිත් දේ ඔයාට ගොඩක් ස්තූති.පින්..දේව් මට මේ තරන් ලං වුනේ ඔයාගෙ උදව්වෙන්…ඊයේ දවස මට අමතක වෙන එකක් නෑ මං මැරෙනකම්ම…ආදරෙයි දේව්..❤

ඒ සටහන තිබුනෙ එහෙම.

“ජූනි 21.ඒ කියන්නෙ අද නේ. දේව් මට මේ තරම් ලං වුනේ ඔයාගෙ උදව්වෙන්?? ඒත් මං මොනවද කලේ…?ඊයේ රෑ….ඊයේ රෑ මොනවද උනේ…මට කිසි දෙයක් මතක නෑනේ….”

“හ්ම්ම්ම්ම්…”

“මට තේරෙන් නෑ මැනික…මං කොතනින්ද පටන් ගන්නේ….ඔයාවම මට ප්‍රෙහිලිකාවක්…මේ වෙන දේවල් ගැන කිසිම දෙයක් නොදැන මට පුලුවන් වෙයිද ඔයාට ලංවෙන්න?”

කල්පනාවෙන්ම එහෙම්ම ඇදේ දිගාවුන සදෙව් යාන්තමට ඇස් පියාගත්තා….

එකපාර දැනුන නහය කපාගෙන යන පිච්ච මල් සුවඳ නිසා ඔහු හෙමින් ඇස් ඇරියේ…..

නිදන ඉරියව්වෙන් ටිකක් ඔලුව උස්සලා බලපු සදෙව් මොහොතකට පසු ඇඳෙන් නැගිට්ටා….

වේගෙන් සුලං හමා එන ජනෙල් කවුලුව දිහාවට අඩියෙන් අඩිය පියවර තැබූ ඔහු ජනෙල් දොර රෙදි මෑත් කරමින් බැලුවේ එලියේ ගාඩ්න් එක දිහා….

වට පිටාවම ඝන අන්ධකාරයි..පාර පැත්තෙන් යාන්තමට ආපු එලියක් ඇරුන කොට හඳ එලියවත් මිදුල දිහාවට වැටිලා තිබුනේ නෑ…..

එලියෙන් හමාගෙන එන සීතල සුලං නිසාම ජනේලේ වහල දාන්න කියල සැරසෙද්දිම සදෙව් යාන්තමට වගේ දැක්කේ සුදු පාට ඡායාවක් මිදුලේ අරලිය ගහ ගාව තියෙනව වගේ…

සදෙව් ඇස් හීනි කරමින් බැලුවේ ඒ චායාව දිහා…ඒත් හරියට පැහැදිලි නෑ…වේගෙන් හමා එන හුලඟ නිසා ඔහු හැඳ සිටි ටීශර්ට් එක හුලං සැරට වේගෙන් පසුපසට ඇදෙන්න ගත්තා.. යම් බියක් හිතට නොදැනුනාම නෙමේ…

ඒත් ඊටත් වඩා මේ වෙලාවේ සදෙව්ට උවමනා වුනේ ඔහුගෙ හිතට දැනුන සිතුවිල්ල හරිද කියලා ඔප්පු කරගන්න…

ඒ චායාව දිහාවට නෙතු යොමාගෙන අඩියක් දෙකක් පිටුපසට ගිය සදෙව්…ජනේලේ ලගින් ඉවත් වී කාමරෙන් එලියට වේගෙන් ඇවිදගෙන ගියේ මේ සිද්ධ වෙන දේවල් වල සුලමුල හොයාගන්න හිතාගෙන…

ඉක්මන් පියවරින් පඩිපෙල බැසගත් ඔහු ඉස්සරහ දොර වේගෙන් අරිමින් එලියට ගියා…ඔහු ගාඩ්න් එකට අඩිය තියනවාත් එක්කම වගේ ගස් ඇඹෙරෙමින් හුලං හමන්න පටන් ගත්තේ…

සුලං සැරට මූනට වැටෙන කෙටි කොන්ඩ කැබලි අතින් පිටුපසට කරමින් ඔහු ගියේ අරලිය ගහ කිට්ටුවට….

වටේම ගන අන්ධකාරය නිසා සුදු චායාව පැහැදිලිව දිස්වුනා…

“කවුද ඔතන….”

තරමක් උස් හඬින් සදෙව් කතා කලේ..නහයට දරාගන්න අමාරු පිච්චමල් සුවඳත් එන්න එන්නම වැඩිවෙනවා…

ඇස් හීනි කරන් සදෙව් බලාගෙන හිටියේ ඒ පෙනෙන නොපෙනෙන චායාව…ටික චායාව අතරින් මිනිස් රුවක් මැවෙන හැටි ඔහු බලන් හිටියේ පුදුමෙන්…

ඒවගේම තරමක බියකුත් හිතට දැනෙද්දි ඔහු තම අත් මිට මොලවගත්තේ අමාරුවෙන් හරි ඒ හැඟීම් දරාගන්න…

ටික ටික චායාව පැහැදිලිව පෙනෙන්න පටන් ගද්දි සදෙව් මුලින්ම දැක්කෙ ඒ හමුදා නිල ඇඳුම…

කෙල බිඳක් උගුරෙන් පහලට ගිල ගත්තු සදෙව් ඒ රුව දිහාම ඇස් යොමා බැලුවේ…

“ක්..කවුද ඔයා..?”

සදෙව් ඇහුවත් ඊට පිලිතුර නම් ලැබුනේ නෑ….

ඒ වෙනුවට හුලං සැරත් අධික පිච්ච මල් සුවඳත් එන්න එන්නම වැඩි වුනා…

චායාවේ මුහුන දිහා හොඳින් බලපු සදෙව් මුලින්ම දැක්කේ හරියටම නිකට මැදට වෙන්න ඔහුගේ තිබුන කලු පැහැ කුඩා ලපය.

ඊට අමතරව සෘජු නහයත් සිහින් ඇස් හා දිගටි ඇහිබැම නිසා ඒ රුවේ කඩවසම් බව දෙගුන තෙගුන වෙලා සදෙව්ට පෙනුනේ…

තරමක් ගැබුරින් හුස්මක් ගත්තු සදෙව් ඒ හුස්ම පහලට දමනවාත් එක්කම වගේ සිහින් හඬින් මිමිනුවේ…,

“දේව්….? “

සදෙව් එහෙම අහනවාත් එක්කම වගේ ඒ මුවේ සිනහවක් ඇඳෙන්න පටන් ගත්තේ සදෙව්ගෙ ප්‍රශ්නෙට ඔව් කියන්න වගේ….

හිනාවෙද්දි වල ගැහුන කම්මුලත් කටේ කොනෙන් මතුවුන නල දතත් සදෙව්ට හොඳින්ම පෙනුනා….

ඒත් එක්කම …..

බෝනස් දෙනෝ අද😘…එතකම් “මහමෙරක් තරම් ආදරේ මගේ” සිංදුව අහන්න😍 යූටියුබ් එකේ ඇති😍
මං තුහිනි .

කර්තෘ අයිතිය සුරකින්න