හුස්මක් පසා

💜️ Evil Boss දෙවන දිගහැරුම 💜️

ඇස් වල කඳුළු පුරවන් ඉස්සරහාට එද්දි කෙල්ලට ඒ ඇස් වල මොකද්දෝ හුරු පුරුදු ගතියක් දැණුනේ.. හරියට කාලයක් ඉදන් දන්නවා වගේ.

එකපාරටම කසාදය මැද කඩා පාත් වූ මේ පිරිමි කෙනා දිහා හැමෝම පුදුමයෙන් බලා සිටියේ හැමෝම. හැමෝම මුහුණට මුහුණ බලා සිටිද්දි තමා ඉදිරියට එන පුද්ගලයා දෙස විහානිගේ පා එසවුණේ ඈටත් අවනත නොමැතිව.

ඒත් එක්කම සෙනේශ් විහානිගේ අත අල්ලලා ඈව නතර කරද්දි විහානි ඔහු දිහා මොහොතක් බලා ඒ අත තමන්ගේ අනෙක් අතින් මුදා ගත්තේ සෙනේශ්ගේ පපුව මැද්දෙන් සිහින් රිදුමක් දැනෙද්දි.

යුදීප් කෙලින්ම ඇවිල්ලා දුහිනි ඉස්සරහා හිටගෙන ඔහු ඈගේ ඇස් අගින් වැටෙන කඳුළු පිසලද්දි දුහිනිට දැණුනේ කරන්ට් එකක් වදිනවා වගේ… ඒ ස්පර්ශයේ ඈට දැණුනේ හුරු පුරුදු කමක්. කාලයක් තිස්සේ දන්නවා වගේ හැගීමක්.

“සුදු…”

ඒ ආමන්ත්‍රණය සවන් මත පතිතවනවාත් සමගම ඈ කලාන්තය වී වැටුණේ යුදීප්ගේ දෑත් මතට.

“සුදු.. සුදු…”

යුදීප් දුහිනිගේ දෙකොපොලට සෙමින් තට්ටු කරමින්ඈට සිහිය ගැනිම උත්සහා කරද්දි ඔහු අසලට ආවේ කවීෂ…

“නංගි….”

“සුදු කතා කරන්න. මම ආවා සුදු කතා කරන්න සුදු…. කවියා ඉක්මනට වාහනේ ගනින්…”

තම දෝතට දුහිනිව ඔසවා ගත් යුදීප් කවිෂට හයින් කෑ ගහන ගමන් ඈව රැගෙන යද්දි සෙනේශ් උන්නේ ඔහේ බලාගෙන. කවුද ආවේ කින්ද මන්ද නොතෙරුණත් ඒ විහානිගේ හැබැ අයිතිකාරයා කියලා ඔහුට හොදටම තෙරුණා.

හා හා පුරා හිතට දැණුන එකම ආදරය අයිති වෙන්න ගිහින් අන්තිම මොහොතේ තමන්ගේ ඇස් පනාපිටම ගිලිහිලා යනවා වගේ තෙරෙද්දි සෙනේශ්ට දැණුන දුක එසේ මෙසේ නෙවේ.

දුහිනිව රැගෙන ළගම තියන ප්‍රයිවට් හොස්පිටල් එකට රැගෙන ආපු යුදීප් බලන් හිටියේ දුහිනිව පරික්ෂා කරන වෛද්‍යවරයා එන තුරු..

“අම්මා ඇයි මේ. අක්කි හොදින් ඉන්නවනේ. ඉති ඇයි අඩන්නේ…”

“මගේ කෙල්ල පුතේ. එයා ඉන්නවා. අපි හැමෝම අපිව දාලා ගියා කියලා හිතපු මගේ කෙල්ල ඉන්නවා පුතේ…”

“ඔව් අම්මා එයා ඉන්නවා. කෝ ඉතින් අම්මා අඩන්න එපා. අක්කිට සිහිය එද්දි අම්මා අඩනවා දැක්කොත් අක්කිත් අඩයි. එයා ඉන්න ත්තවය අපි දන් නෑනේ..”

“අනේහ් දෝණි මගේ සුදු මැණික…”

“එයාට මොකුත් වෙන් නෑ අම්මා. එයා හොදින් ඉන්නවා. කෝ ඉතින් අඩන්න එපා. ඩොක්ටර්ස්ලා බලනවානේ අක්කාව. හොද අම්මා වගේ අඩන්න එපා…”

ආකර්ෂා අම්මාව සනවසවනා අතරතුර යුදීප් හිටියේ බොහෝ කලඹලයෙන් කොරිඩෝව එහාට මෙහාට ඇවිදින ගමන්. අවුරුදු එක හමාරකට විතර පස්සේ තමාට අහිමි වෙලා කියලා හිතපු තමන්ගේ ආදරි ඉන්න තත්වය මතක් වෙද්දිදිත් ඔහුගේ පපුව දැවිලා ගියා…

ඒත් එක්කම වගේ හොස්පිටල් එකට ආවේ වෙනුරියි පවුලේ අය කිහිප දෙනෙකුයි. වෙනුරිගේ අතේ හිටපු පුතු දැකපු යුදීප්ගේ පා එසවුණේ ඈ අසලට ඉඹේම. තමාගේම.

කටේ ඇගිල්ලත් ගහගෙන වටපිට බලමින් හිටපු පුතු ලෙසියකින් කාගෙවත් අතට නොයන ඔහු යුදීප් වඩා ගන්න අත් දෙක දික් කරනකොටම ඔහුගේ අත් දෙකට ආවේ ලේ සුවද දැනිලා වගේ…හිනා වෙවි ඒ මුහුණ හපමින් හයියෙන් හිනා උනේ යුදීප්ගේ ඇස් වල කඳුළු පුරවමින්.

“මගේ රත්තරං…”

යුදීප් පිස්සුවෙන් වගේ පුතුව වඩන් ඉඹගෙන ඉඹගෙන ගියේ හඩමින්.

“කවියා මේ… ම්.. මං තාත්තෙක් බන්. මගෙ කොල්ලා බන්…”

සතුට දෝරේ ගලා යද්දි යුදීප් කවීෂට තම පුතුව පෙන්නුවේ හරි ලෝභ කමකින්.

තමාත් නැතුව තමන්ගේ ලේ ධාතුවත් පරිස්සම් කරගෙන දුහිනිවත් ආදරෙන් බලාගෙන පරිස්සම් කරපු වෙනුරි ගැන ඔහුගේ හිතේ ඇති උනේ මහත් ගෞරවයක්.

“ගොඩාක් පින් අක්කා. මගේ දරුවයි සුදුවයි බලා ගත්තාට ගොඩාක් පින් අක්කා…”

යුදීප්ගේ රැවුල් කොට වලින් අදිමින් පුතු හරි හරියට හිනා උනේ අවුරුදු ගානක් දන්නා අයෙක් වගේ. මෙච්චර කල් විදපු දුක් කරදර පුතුගේ හිනාව ඉස්සරහා දිය වෙලා ගියේ තත්පරයට.

කාටත් නොපෙනෙන්න ඈත ඉදන් බිත්තියක මුවා වෙලා යුදීප් දිහා සෙනේශ් බලන් හිටියේ බොද වෙච්ච දෑසින්. තමා ළග හුරතල් වෙච්ච පුතු අද එයාගේ තාත්තාගේ අතේ හුරතල් වෙන හැටි සෙනේශ් බලන් හිටියේ ගිනි ගොඩක ඉදන් ඉන්නවා වගේ දැණුන හැගීමකින්…

සෙනේශ් ඈත ඉදන් මේ දේවල් දිහා බලන් ඉන්නවා වෙනුරිගේ දෑසට හසු උනේ කාටත් හොරෙන්. තමන්ගේ මල්ලි විදින වේදනාව ඈට ඔහුගේ මුහුණෙන්ම තේරුණා. වෙනුරි හැමෝගෙන්ම මදක් ඈත් වෙලා සෙනේශ් ගාවට ගියේ මේ වෙලාවේ ඔහුගේ හිතට හයියක් වෙන්න ඕන කියලා හිතුණ හින්දා…

“මල්ලි…”

සෙනේශ්ගේ උරහිසට අත තියලා වෙනුරි කතා කරද්දි සෙනේශ් තම දෑසේ දග කෙරු කඳුළු පිසලමින් හැරුණේ මවාගත් සිනහාවකින්…

“අඩන්න ඕන්නම් අඩන්න මල්ලි. ඔහොම ඉන්න එපා…”

“ඇඩුවා කියලා මට ආපහු එයාව හම්බවෙයිද අක්කේ…”

“හම්බවෙන්නේ නම් නෑ. ඒත් දුක පොඩ්ඩක් හරි අඩු වෙයි නේද මල්ලි…”

“අඩලා අඩලා හිත හදා ගන්න පුලුවන් නම් අක්කා මේ ඇස් වල කඳුළු මදි වෙයි මට. මගේ ජිවීතේ ආදරයක් හිතුණ එකම කෙල්ල විහානි අක්කේ. ඒත් එයා වෙන කෙනෙක්ගෙලු අක්කා. කොහොමද අක්කා හිත හදා ගන්නේ. මට අයිති වෙන්න ඔන්න මෙන්න තිබිලත් මට එයාව ගිලිහුණා අක්කා… කෑ ගහලා අඩන්න ඕන අක්කා. ඒත් බෑ අක්කා. ඒත් බෑ අඩන්න…”

එහෙම කියපු සෙනේශ් යන්න හද්ද්දි වෙනුරි ඔවුව නතර කරේ ඔහු ජිවිතයට හානියක් කර ගනිදෝ යන බියෙන්…

“කොහෙද යන්නේ මල්ලි…”

“බය වෙන්න එපා අක්කේ. මන් මොකුත් කර ගන් නෑ. මට ටිකක් තනියම ඉන්න ඕන…”

එහෙම කියපු සෙනේශ් විහානිව අත ඇරලා යන්න ගියේ ඈ හිස් හැගිමකින් ඔහු දෙස බලා ඉද්දි. එක් පැත්තකින් තමන්ගේ මල්ලිගේ ආදරේ අහිමි වෙලා අනෙක් පැත්තේ තමන්ගේ නංගිගේ ආදරේ හිමිවෙලා සතුටු වෙන්නද දුක් වෙන්න කියලා හිතා ගන්න බැරුව මහ අසරණකමක් වෙනුරිට දැණුනේ…

වෙනුරි ආපහු යුදීප්ලා ඉන්න තැනට යද්දිම ඩොක්ටර් ආවේ දුහිනිව පරික්ෂා කරලා. යුදීප් පුතුවත් තුරුළු කරන් ඉක්මනට ෆොක්ටර් ගාවට දිව ගියේ දුහිනිගේ තත්වය දැන ගැනිමේ අරමුණින්.