සැර බෙහෙත් සුවද නහයට දැනෙද්දි යුදීප් සෙමින් සෙමින් දෑස් විවර කරේ හිසෙන් ආව හිස පුපුරන්න තරම් දැනණුන තදබල කැක්කුමත් සමගම තමන් ඉන්නේ කොහේද කියා දැන ගැනීමට . සෙමින් සෙමින් දෑස් විවර කලේ ඔහුගේ නෙතට මුලින්ම හසු වුයේ සුදු පැහැ සිවිලිමයි…
“අහ්…”
යුදීප්ගෙන් ඇසුණු සිහින් කෙදිරිමත් සමගම නර්ස් කෙනෙක් ඔහු අසලට පැමිණ නාඩි බලා කඩිමුඩියේ දිව ගියේ රූම් එකෙන් වෛද්‍ය සහය පතා.
ටික වෙලාවකින් වෛද්‍යවරයෙකු ඔහු සිටි කාමරයට පැමිණෙනු ලාවට ඡායාවක් වගේ දුටුව යුදීප් ටිකකින් නිදිදෙව් නැවතත් වැලදගත්තේ හිසෙන් දැණුනු තද හිරිවැටිමක් සමගම..
කොපමණ වෙලාවක් ඔහු නිදි වැලදගෙන සිටියාද ඔහුට මතක නැත. යුදීප් නැවතත් දෑස් සෙමින් සෙමින් විවර කලේ පිටතින් ඇසුණු ශබ්දත් එක්කමයි.
“යුදීප්…. මචං…”
“අහ් ඔලුව…”
“ඩොක්ටර්ට කතා කරන්නම් ඔහොම හිටපන් මචන්…”
එසේ පැවසු කවිෂ රූම් ර්කෙන් පිටව යනවාත් සමගම ඔහු කල්පනා කලේ කුමක් සිදුවුවාද යන්නයි. කොපමණ කල්පනා කලත් ඔහු හට කිසිම දෙයක් මතක් නොවුණා සේම හිසෙන් පැමිණියේ තදබල කැක්කුමකි…
“අහ්…”
ටික වෙලාවකින් ආ ඩොක්ටර් ඔහුව පරික්ෂා කර හැරුණේ කවිෂ දෙසට.
“දැන් බයවෙන්න දෙයක් නෑ මිස්ටර් කවිෂ. හි ඉස් අවුට් ඔෆ් ඩෙන්ජර්… බට් ටික දවසක් හොස්පිටල් එකේ නවතින්න වෙයි චෙකප් ටිකක් තියනවා කරගන්න…”
“ඔකේ ඩොක්ටර් තැන්ක් යු ඩොක්ටර්….”
එසේ පැවසු යුදීප් දෙසට හැරුණු කවිෂ ඔහු දෙස බලා සිටියේ මොහොතක් කුමක් පවසනවාද යන්නයි. ඔහු දුහිනි ගැන ඇඩුවෝතින් කුමක්ද පවසන්නේ යන්නයි…
“කවියා…”
“කියහන් මචං…”
“මට මොකද උනේ…”
“ඇක්සිඩන්ට් එකක් උනා බං. මාස මාසයක් විතර සිහි නැතිව හිටියේ…”
“එච්චර කාලක්….”
යුදීප් තම හිසෙන් පැමිණි කැක්කුමත් සමගම නැවත් දෑස් පියා ගත්තේ මොහොතක් නලලත සෙමින් පිරිමදිමින්.
” කෝ සයේරා බන් ආවේ නැද්ද මාව බලන්න…”
සයේරාගේ නම ඇසෙනවාත් සමගම යුදීප් දෙස කවිෂ නෙත් හෙලුවේ දෑස් විසල් කරමින්…
“සයේරා!…”
“ඔව් . කෝ බන්.. ආවේ නැද්ද…”
“ආවා. මන් ඩොක්ටර්ව පොඩ්ඩක් මීට් වෙලා එන්නම් මචං. උබ ටිකක් රෙස් කරපන්…”
“සයේරා ආවම මට කතා කරපන්…”
“අහ් .. හරි බන්…”
එසේ පවසමින් කවිෂ රූම් එකෙන් පිටව දොර අසලම වාගේ තිබ්බ පුටුවෙන් වාඩි වුයේ හිතා ගන්න බැරුව…
“සයේරා…. මොකද මේ…”
මුමුණමින් කවිෂ නැවතත් ඩොක්ටර්ව හමුවන්න පිටව ගියේ යුදීප්ගේ මේ වෙනස තේරුම් ගැනීමට නොහැකිවයි.
…………………
“පුතා ඔෆිස් යන්නද…”
“ඔව් ලොකු තාත්තා. වැඩ ගොඩ ගැහිලා. ඒවා බලන්නත් එපායේ…”
“අලුත් සෙකට්‍රි කෙනෙක් ගන්න ඕන කිවා නේ….”
“ඔව් ලොකු තාත්තේ. ගන්න ඔනි. මන් ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකේ හිටිය ඒ කාලේ වැඩ ගොඩ ගැහිලා…”
යුදීම් තම අත බැදි අත් ඔරලෝසුව පිරික්සමින් කෝට් එකේ අත් දෙක නවමින් උදෑසන ආහාරය සඳහා වාඩි වුයේ ජෙරාඩ් හා මුහුණට මුහුණ සිටිමින්…
“දැන් ඔය පර සෙකට්‍රි කවුද. ම්.. නම මතක නෑ…”
“දුහිනි…”
“අහ් දුහිනි. ඒ ළමයාගේ දානෙත් ළගයි නේ. මොනා හරි උදව්වක් තියේනම් බලන්න වෙයි නේ…”
“බලන්නම් මන් ඒ ගැනත්. අමතක වෙලා හිටියේ…”
“යූ බබා…”
ලොකු තාත්තා සමග උදෑසන අහාර සප්පායමින් සිටින යුදීප්ට ආදරෙන් කතා කරමින් පැමිණියේ වෙන කවුරුත් නෙවේ සයේරා…
“ඔයා මේ කොහේ යන්නද යුදීප්…”
“ඔෆිස් ඇයි…”
“මොකද්ද අනේ. අපි අද ඇවිදින්න යමුකෝ…”
“ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා මට වෙලාවක් නෑ…”
අත්පිස්නාවකින් තම දෙතොල් පිසලමින් නැගි සිටියේ අත් ඔරලෝසුව දෙස නෙත් හෙලමින් සයේරාව ගනන් නෙගෙනම…
“ලොකු තාත්තා මන් යනවා එහෙනම්…”
“හරි පරිස්සමින් පුතා…”
යුදීප් කා එකේ යතුරත් සමගම තම වොලට් එකත් අරගෙනම කා එකට යද්දි සයේරා ඔහුගේ දෑතෙ වෙලුණේ මග වලකමින්…
“යු බබා මොකද අනේ. ඔෆිස් ඔෆිස් වැඩ ගොඩ ගැහිලා. හැමදාම මොකද්ද අනේ එකම බනේ…”
නොක්කාඩුවෙන් වගේ සයේරා මුහුණත් ඇඹුල් කරගෙනම කතා කරමින් යුදීප් අත රැදි කා එකේ යතුර අරන් දිව්වේ යුදීප් කෑ ගහද්දි…
“සයේරා යතුර දෙනවා…”
“බෑ. අද දවස මට ඕනි…”
“විකාර කරන්න එපා. මෙහේ යතුර දෙනවා…”
සුපුරුදු යක්ෂ වර්ශන් එකෙන්ම යුදීප් සයේරා කරා පැමිණිය සයේරා ඔහුව ගනන් නොගෙනම දිව ගියේ ඇගේ සුළු පියා සොයමින්…
“තාත්තා ඔයාවත් මෙයාට කියන්නකෝ….”
“ලොකු තාත්තේ මෙයාට කියන්න මට යතුර දෙන්න කියලා. මට පරක්කු වෙනවා…”
“අනේ මේ ඔයාලාගේ ප්‍රශ්න ඔය දෙන්නා විසදගන්න මේන් මන් යනවා..”
ජෙරාඩ් සිනහා වෙමින්ම ඔවුන් අසලින් නික්මෙද්දි යුදීප් දෑස් සිහින් කොට නෙත් හෙලුවේ සයේරා දෙසට..
“ඕක දෙනවා…”
“බෑ මන් කිවානේ…”
“සයේරා…”
“කොච්චර සැර දැම්මත් මන් බය නෑ මිස්ටර් යුදීප්…”
සයේරා යතුරත් අරන් යද්දිම ඇගේ භාහුවකින් අල්වා නවත්වා ගනිමින් ඈ අත යතුර සෙමින් අරන් නෙත් හෙලුවේ ඇගේ දෙසට…
ඊලග කොටසට