Home Story Book නුඹ මා නුඹ මා – 56 වෙනි කොටස

නුඹ මා – 56 වෙනි කොටස

0
135

නුඹ මා….❤❤❤

56 කොටස

නෙතූ කිව්වා හ‍රි එයානම් පුදුම නපුරෙක් තමයි……

වෙන කොල්ලෙක්ට මාව දීලා යන්න නේද හදන්නේ…..ඉන්නකෝ මහත්තයෝ මන් හොද වැඩක් කරන්නම් ඔයාට…….

එයා උදේ ඉදන්ම කාලාත් නෑනේ….

මන් පහළට ආවේ ගව්මට උඩින් ජර්සි එකකුත් දාගෙන………. පහලට ඇවිත් වෙලාව බැලුවේ ලොකූ එහෙම දැන්ම එයි ද කියලා දන්නේ නැති නිසා………

තාම 9යි ගානක් වෙලාව……දැන්ම එන එකක්‌ නෑ එයාල……මන් කුස්සියට ඇවිත් පිගානක් අරගෙන හැමදේම බෙදාගෙන ආයෙම වතුර එකකුත් පුරවාගෙන උඩට ආවේ කොහොමහරි බත් එක එයාට දෙන්න හිතාගෙන……… එදත් කොච්චර අසාවෙන් කෑම හැදුවත් එයාට දෙන්න බැරි උනානේ……… ඔහොම බඩගින්නේ ඉන්නේ කොහොමද මන්ද………

මන් කාමරේ ඉස්සරහට ඇවිත් දොරට කොච්චර තට්ටු කරත් එයාගේ කිසිම සද්දයක් නෑ…….. ඒ නිසා ලොකූගේ කාමරේට ගිය මන් extra key එක හොයාගෙන ආවේ කාමරේට ගිහින් බලන්න කියලා හිත කිව්ව නිසා……. උදේ ඉදන් මෙහෙම ඉන්නේ අසනීපෙන් වත්ද දන්නේ නෑනේ…….. අම්මා එක්ක කතා කරෙත් ඇතුලේ ඉදන්ම එලියට අවේම නෑනේ……

මන් පහළත් බල බලා ඉක්මනට දොර ඇරලා ඇතුලට ගිහින් දොර වැහුවේ බයෙන්……. කවදාවත් ලොකූ එපා කියපු දෙයක් මන් කරේ නෑ…… මේ වගේ දෙයක් කරන්න තුන් හිතකවත් තිබුණේ නෑ…… ඒත් හිතට බයයි එයා මෙහෙම ඉන්නකොට……

එයාගෙන් බැනුන් අහන්න බලාගෙනමයි මන් කාමරේට ආවේ……

ඉක්මනට දොර වහපු මන් එයා දිහා බැලුවේ……අනේ එයාට හොදටම නින්ද ගිහින්……මුනින් අතට ඇදේ හරහට වැටිලා හොදටම නිදි……ඇද ළග බිම එයා බීලා විසි කරපු බියර් ටින් තව එක එක බෝතල් ගොඩක් තිබ්බේ මේවා නම් එක දවසක් බීපුව වෙන්න බෑ…… එයා මේක තමයි මේ කාමරේ ඇතුලට වෙලා කරන්නේ….. ඇයි එහෙම මහත්තයෝ…..අයෙනම් ඔයාට මෙහෙම වෙන්න දෙන්නේ නෑ මන් කවදාවත් මාත් වැරදි……

මන් හිමින් හිමින් එයාට සද්දේ ඇහෙන්නේ නැති වෙන්න කෑම එකයි වතුර එකයි මේසයක් උඩින් තියලා යන්න හැදුවත් අනේ කොහොමද මන් යන්නේ………

මෙච්චර ලගට එයාව දැක්කේ කොච්චර දවසකින් ද මන්……මුණ පුරා රැවුල වවාගෙන ඉන්න හැටි…… ඉස්සර ඔෆිස් එනකොට කොච්චර ලස්සනට පිළිවෙලට ආපු කෙනෙක් ද මේ දැන් මෙහෙම ඉන්නේ…….ඔයාට මෙහෙම ඉන්න තරම් තියෙන ප්‍රශ්නේ මොකක්ද මගේ මහත්තයෝ…….

.අනේ හැමදේම හංගන්නේ නැතුව කිව්වනම් මාත් ඔයා ළග ඉන්නවනේ හැමදේටම තනියම දුක් විදින්න දෙන්නේ නෑ මන් එහෙනම්……..කමක් නෑ අද ඉදන් මම හැමදාම ඉන්නේ මගේ නපුරා ලගින්ම……තනි කරන්නේ නෑ එක තත්පරයක්…….

මොලේට වඩා හිත හැමවෙලේම ඉස්සරහට ඇවිත් අපිව පාලනය කරන්නේ හැමදේම අපිට අමතක කරවලා…….සපුටත් දැන් වෙලා තියෙන්නේ ඒක……

අම්මා අප්පච්චි අයිය කව්රුත් ඒ වෙලේට සිහියට එන්නේ නෑ………හැගීම් කියන්නේ හරියට මත් පෙත්තක් වගේ…….. පියවි සිහියෙන් මිනිස්සුන්ව හ‍රි ඉක්මනට ඈත් කරන්න හැගීම් වලට තියෙන්නේ හ‍රි පුදුම හැකියාවක්‌…….ඉක්මනට එලියට යන්න කියලා ඇතුලට ආව සපු දැන් ඉන්නේ අශ් ලගට වෙලා ඒ ඔලුව අතගාන ගමන්…….ආදරේ හංගගෙන ඉදලා ඒ හිතටත් හ‍රි මහන්සි…..

“ම්හ්….”

අශ් සනීපෙට තව තවත් ගුලි වෙන්නේ කෙල්ල අස්සට…..

නින්ද ගිහින් ඉන්නකොටනම් මේ තරම් අහිංසකයෙක් වෙන කොහෙවත් නැතුව ඇති……

සපු අශ්ගේ පියවිලා තියෙන ඇස් දිහා බලන් ඉන්නේ කියාගන්න බැරි ආදරේකින් මුළු හිතම පුරවාගෙන……

හිත කියන්නෙම ඒ නළලට හාදුවක් තියන්න කියලා……ඒත් කෙල්ලට බයයි…….අශ් ඇහැරුනොත් ඊළගට වෙන්නේ දුක හිතෙන දෙයක් කියලා කෙල්ලට හොදටම විශ්වාසයි…….ඒ ඊතල වගේ වචන කෙල්ලට දෙන්නේ එසේ මෙසේ දුකක් නෙවෙයි……

ඒත් හිත පාලනය කරගන්නම බැරි තැන කෙල්ල කොල්ලගේ පැත්තට බර වෙන්නේ ඒ නළල සිපගන්න……

හිතාගන්න බැරි එක තත්පරේකදී කෙල්ලවත් තල්ලු කරලා කොල්ලා එහාට වෙන්නේ කෙල්ල ඇස් දෙකත් ලොකු කරගෙන වැටුන තැනටම වෙලා කොල්ලා දිහා බලන් ඉන්නකොට…….

“උබට මාව පෙන්නේ මොකෙක් වගේද…… මොන මගුලක් කරන්නද මේක අස්සට රිංගුවේ…….”

“අනේ ම…. මන්…..”

කෙල්ල අමාරුවෙන් නැගිටින ගමන් කතා කරන්න හැදුවත් කොල්ලා ඒක නවත්තන්නේ අත දික් කරලා කට වහගන්න කියන ගමන්……..

කෙල්ල බලන් ඉන්නකොටම කොල්ලා ඇදෙන් නැගිටිලා ජනේලේ ලගට ගියේ කෙල්ලගේ ඇස්වලට කදුළු පුරවල….. බිම වැටිලා ඉන්න කෙල්ල දිහාවට ඒ ඇස් ආවේ නැති තරම්……

“ඔයාට ඒ තරමට මාව එපා වෙන්න මන් මොකක්ද දෙයියනේ කරේ……?”

හිතේ තියෙන වේදනාව නිසාම කෙල්ලට එහෙම කියවෙන්නේ කොල්ලා ඇස් දෙකත් රතු කරගෙන කෙල්ලගේ අතින් ඇදල ලගට ගන්නකොට…….

“මොකද සද්දේ……. එලියට යනවා කරුණාකරලා….”

කොල්ලා අත මිටි කරගෙන කියන්නේ තරහ පාලනය කරගන්න උත්සහ ගන්න ගමන්…..

කොල්ලට හිතාගන්න බෑ කෙල්ල මේ කරන දේවල්…… කොල්ලට බයයි අමාරුවෙන් හදාගත්ත හිත ආයෙම කැඩිලා බිදිලා යයි කියලා…… ඒකයි මේ තරම් තරහක්…..

කෙල්ල හොදටම දන්නවා ඒ තරහෙ තරම්…… ඒත් අද කෙල්ලට යන්න බෑ…… එහෙම උනොත් සදහටම අශ්ව තමන්ට නැති වෙයි කියලා කෙල්ලට බයයි…… ඒකයි කොච්චර බය උනත් කෙල්ල තවත් කොල්ල ලගට වෙලා ඉන්නේ මේ විදිහට…….

“මට‍…..මට‍ කතා කරන්න ඕනි…..”

කෙල්ල වචන පටල පටල කියන්නේ බිම බලාගෙන……. කොහොමද ඒ ඇස් දිහා බලන්නේ ඒ ඇස් එච්චරටම තරහෙන්……

“මට‍ කතා කරන්න දෙයක් නෑ…… යනවා එක පාරක් කිව්වම……”

කොල්ලා ඔච්චර තරහෙන් ඉන්නේ කෙල්ල දවල් තමන් ළගදි සද්ද නැතුව හිටිය නිසා……යනවා කිව්වම එපා කියලවත් නොකියපු එකට ඒ හිතත් දුකින්……ඒ වගේම දුෂාන් එක්ක කෙල්ලගේ සම්බන්දයක් තියෙනවා කියලා හිතන නිසා……

“ප්ලීස් මන් මේ අන්තිම හොදින් කියන්නේ නංගි……ගයියා දැකල මේවා ලොකු ප්‍රශ්න වෙන්න කලින් එලියට යන්න නංගි…… ඔයාට මන් කියන්න තියෙන හැමදේම කිව්වා…… මම හිතන්නේ නෑ තවත් අපිට කතා කරන්න දෙයක් තියෙයි කියලා……. අනිත් එක මේ ප්‍රශ්න විසදන්න පුළුවන් වෙලාවක් නෙවෙයි…… මන් ඉන්නෙත් බීලා….. දෙයියනේ කියලා යනවා එළියට…..”

“නංගි……මන් නංගිද….. ආ මහත්තයෝ…….ඇයි මෙහෙම කරන්නේ මට‍…… ඇයි දෙයියනේ මන් මොකක්ද කරේ ඔයාට…….ඔහොම පළිගන්නේ ඇයි මහත්තයෝ ඇයි……?”

කෙල්ල ඉකි ගහන ගමන් කියවන්නේ මෙච්චර දවසක් ඒ හිතේ තිබුන දුක……

“එදා….. එදත් එහෙමයි….. කොහෙවත් ඉන්න මනුස්සයෙක් අල්ලාගෙන මාව දාලා ගියේ අඩුම ගානේ ඇහුවද එදා ඒ මොකක්ද උනේ කියලා……. ඒ ඕනි නෑ ගෙදරට ආවද…..මේකි මැරිලද…… ඉන්නවද….. කියලවත් බලන්න එක පාරක් එකම එක පාරක් කෝල් එක්ක අරන් කතා කරන්න ඕනි නෑ හොදින් ඉන්නවද බලන්න….. ගත්තද නෑ….ඔව් ඉතින් මට‍ හැමතැනම කොල්ලෝ ඉන්නවනේ…… මොකටද හොයන්නේ මන් ගැන………”

කෙල්ල ආවේගයට කියවන්නේ කොල්ලගේ පපුවට ගහන ගමන්…..කෙල්ලට දැන් මතක නෑ ආවේ මේ ප්‍රශ්නේ විසදගන්න නේද කියලා……..

කොල්ලා ඔහේ ඉන්නේ දැන් මේ මොනවත් කතා කරලා වැඩක් නෑ කියලා
හිතලා……

“අපිට කොහෙහරි වැරදුනා…… දැන් ඒ වැරදි හදන්න පුළුවන් තත්වයක් නෑ…….. මේ හිටියා වගේ පරිස්සමින් ඉන්නවා ඉස්සරහටත්…..ඌ හොද එකා…… මන් වගේ කාලකන්නියෙක් නෙවෙයි…..”

කොල්ලා එහෙම කියන්නේ කියන්න ඕනි කියලා හිතේ තෙරපෙන හැමදේම හිත අස්සෙම හංගගෙන…..

“ඔව් ඔව්…..හොද එකා……මාස ගානකට පස්සෙ එන්න ඇත්තේ මගේ අලුත් කොල්ලව බලලා යන්න වෙන්න ඇති නේද….. දැන් සතුටුද…..?”

කෙල්ලටත් ඕනි කොල්ලව රිද්දන්න මෙච්චර දවසක් කරපු දේවල් වලට පොඩියට ඒ හිතත් රිද්දන්න……

“ඇයි ඊට කලින් මට‍ හිටපු කොල්ලෝ ගැන දන්නේ නෑනේ ඔයා…… මාස ගානක් මට‍ මොකද උනේ දන්නේ නෑනේ නේද……මේ එක පාරට ඇවිත් පරිස්සමින් ඉන්න කියන්නේ….. “

කොල්ලගේ කිසිම සද්දයක් නැති නිසා කෙල්ල ආයෙම කියවන්නේ සමච්චලේට හිනත් වෙන ගමන්…….

“අර අපේ බෝඩිමට ආවේ……. එයත් මගේ කොල්ලෙක්නේ මතකයි නේද…….හැබැයි එයත් හොදයි වගේ මෙයාට ව….”

“කණ පුපුරන්න දෙකක් දෙන්න කලින් පලයන් එලියට සුදු නෝනා…… උබ මන් මොකෙක් කියලද හිතන් ඉන්නේ යකෝ…… මගේ බැරි කමට උබව බලන්න එන්න බැරි උනාට උබ ඒ මාස ටිකේ කරපුවා මන් දන්නේ නෑ කියලද හිතන්නේ…….”

අශ්ට තරහ ගියේ කෙල්ල තමන් ගැනම කියාගන්න දේවල් නිසා…..

“මොකක්ද…..මොකක්ද ඒ කිව්වේ………?”

“ඒවා වැඩක් නෑ දැන්…..”

“නෑ මට‍ වැඩක් තියෙනවා……”

මන් එහෙම කිව්වම මොකුත් නොකිය මන් දිහා බලපු එයා මගේ අතින් ඇදගෙන ආවේ දොර ලගට……. එයා අමුතු විදිහට ඇවිදින්නේ කියලා තේරුනත් මන් වැඩිය ගනන් නොගෙන හිටියේ ඒ එයා බීපු නිසා වෙන්න ඇති කියලා හිතලා…….

එයා හදන්නේ මාව එලියට යවන්නද කොහෙද……

එයා මාව එලියට යවන්න කලින් මම ඉක්මනට ඒ පපුවට තුරුල් උනේ……. එයා දොරට තියපු අත එහෙමම තියාගෙන හිටියේ ඒ විදිහටම….. හැබැයි මන් හිතුව වගේ මාව ඈතට කරේනම් නෑ…….

“කියන දේ අහනවා දෙව්…..”

“මට‍ බෑ….”

හිත ඇතුලෙන් කොච්චර බයෙන් හිටියත් මන් බය නොපෙන්වා එහෙම කිව්වේ…..

“හ‍රි…..මොකක්ද දැන් මට‍ කියන්න තියෙන්නේ……?”

එයා ඒකනම් ඇහුවේ සන්සුන් විදිහට ඒකමයි මන් බය නැතුව ඒ ඇස් දිහා බැලුවේ……

“මහත්තයෝ…..”

“ම්ම්ම්…..”

“ආදරෙයිද…..?”

අහන්න හිතේ දාහක් දේවල් පොරකනකොට මුවින් පිට උනේ ඒ වචනේ……

“දැන් මන් ඒකට මොන උත්තරයක් දුන්නත් වැඩක් නෑ බබා…….. තමුසෙ මේ කොහෙවත් ඉදන් ආව මන් නිසා ජිවිතේ අව්ල් කරගන්නේ නැතුව හොදින් ඉන්නවා……. ඉක්මනට බුක් ෂොප් එකේ වැඩ ඉවර කරගන්නවා……. උදව්වක් ඕනිනම් කියනව මට‍……”

“ඔයා කොහොමද දන්නේ….?”

“තමුසෙ ඌ ළග ඉන්නකොට හිනාවෙනවා……..ඇස් වලින්……අර ඉස්සර මන් ළග ඉන්නකොට වගේ……”

“මන් ඇහුවේ එහෙම එකක් නෙවෙයි……බුක් ෂොප් එක ගැන…..”

“ආ මේ….. මේ ගයියා දවසක් කිව්වේ….”

ඇයි මේ ඒක ගැන අහනකොට හැමෝම වචන පටල පටල කතා කරන්නේ….. එදා දිනුක සර් උනත් එහෙමයි…….

“ලොකූ ඔයාට හැමදාම කතා කරනවද….?”

“එහෙම නෑ ඉදලා හිටලා……”

“එයා දන්නවද අයියේ අපි ගැන…..”

මන් මොකුත් දන්නේ නෑ වගේ ඇහුවේ නැත්තම් නිසල් අයිය පව් නිසා……අනිත් එක මට‍ හැමදේම එයාගේ කටින්ම දැනගන්න ඕනි නිසා…..

“හ්ම්ම්….. ඒත් තමුසෙට අව්ලක් වෙන්නේ නෑ……. බය නොවී ඉන්නවා…..”

“මන් බය නෑ…..”

“අරූ ඉන්නවනේ නේද….?”

කට කොනකින් හිනා වෙලා එයා එහෙම කිව්වේ……

“ඔව් ඔව්…. කී දෙනෙක් ඉන්නවද මට‍…..?”

මන් එහෙම කිව්වම එයා මාව ඈතට කරේ හ‍රි හදිස්සියකින් වගේ….. හරියටම කිව්වොත් අමතක උන දෙයක් මතක් උනා වගේ එක පාරට….. මට‍ දුක හිතුනේ එයා මන් ගැන හිතන් ඉන්න විදිහ නිසා…… එයා හිතන් ඉන්නේ එයා නැති උන ගමන් මන් දුෂ් එක්ක යාලු උනා කියලා……

“අර ඔයාටත් හිටියේ බදින්නම අය…..”

“හ්ම්ම්….”

එයානම් කවදාවත් මට‍ මේ දේවල් කියන්නේ නෑ කියලා දැනුනම හිතට දැනුනේ හ‍රි අසරණ කමක්…….එයාට මාව ඇත්තටම පිට කෙනෙක් වෙලා……

සමහර විට ඔය කොච්චර කිව්වත් ඒ කෙල්ලට තාම ආදරේ ඇත්තේ…… බදින්න හිටියා කියන්නේ මන් වගේද…… මම ළග හිටියේ කොච්චර පොඩි කාලයක් ද……

එක එක දේවල් හිතට එනකොට ඇස්වලට උනපු කදුළු එයාට නොපෙනෙන විදිහට පිහද ගත්ත මන් හැරුනේ එලියට එන්න……. කොච්චර කතා කරත් එයාට මාව ඕනි නෑ…….ඒක තමයි ඇත්ත…….

“දෙයක් කියන්නද….?”

දොර ලගටම ආව මන් හැරෙන්නේ නැතුව එහෙම කිව්වේ දුෂාන්ගේ ප්‍රශ්නේ මගේ හිතට වදයක් නිසා…… වරදක් නොකර ඒ හිත ඇතුලේ වැරදී කාරියක් වෙන්න මන් බය උනාද කොහෙද…….

“දුෂාන් කියන්නේ මල්ලි කෙනෙක්…… මේ ළග ගෙදරක එයා ඉන්නේ…..අපි ඔයාගේ කම්පැනි එකෙන් ඇවිත් වැඩ කරපු තැනකදී අදුර ගත්තේ……”

“ඔව් මන් දන්නව….”

“ඒත් ඔයා දන්නේ නැති එක දෙයක් තියෙනව මහත්තයෝ……ඒ මගේ යාලුවෙක් විතරයි…… හැමදාම මන් ගැන හිතුවේ වැරදියට……එහෙම හිතන්න එපා…… මට….මට‍ එහෙම කරන්න ඕනි නෑ……”

ඉකි ගැහෙනකොට අමාරුවෙන් එහෙම කියපු මන් ඉක්මනට එළියට එන්න හැදුවේ තවත් ඇඩෙන්න කලින්….. එයා ඉස්සරහ තවත් අඩන්න ඕනි නෑ…… අඩලා කොහොමද මන් බලෙන් ආදරේ ගන්නේ……

එලියට යන්න ගිය මන් ඇවිත් නැවතුනේ එයාගේ පපුවේ….. එක පාරට උනේ මොකක්ද කියලා හිතාගන්න බැරිව මන් ඒ මුණ දිහා බලන් හිටියේ……..
මන් බලන් ඉන්නකොටම කිසිම වචනයක් නොකියපු එයා මාව තදට තුරුල් කරගත්තේ හරියට කව්රුත් අරන් යයි වගේ……..

“ම…..මහත්තයෝ…..”

ඒ ඇස් වලින් වැටෙන කදුළු මගේ උරහිස පාමුලට වැටෙනවා දැනෙනකොට මන් එහෙම කතා කරත් එයා එහෙමම හිටියේ පොඩියට වත් මගෙන් ඈත් නොවී……

“අනේ ඇයි රත්තරන් මේ….. කෝ මෙහෙ බලන්නකෝ…..”

මන් කොච්චර ඒ මුණ ඈත් කරන්න හැදුවත් එයාව ඈත් කරන්න හය්යක් මට‍ නෑ…….මන් ඒකයි සද්ද නැතුව ඒ හිස කෙස් අස්සෙන් ඇගිලි තුඩු එහෙ මෙහෙ කරේ…..

“ඔයා ඔහොම ඉන්නකොට මාවනේ පිච්චෙන්නේ වස්තු…… කෝ මන් දිහා බලන්නකෝ මහත්තයෝ…… ඇයි මේ…..”

“ඔය ඉතින් දැන්නම් මට‍ අමාරුයි හිටගෙන ඉදලා…..”

මන් එහෙම කිව්වේ එතකොටවත් එයාගේ මුණ බලාගන්න…… මන් එහෙම කිව්ව විතරයි එයා මුණ මගෙන් හංගගෙන ඇදෙන් වාඩි උනේ මාත් ඒ ලගින්ම වාඩි උනේ එයාගේ අතකින් අල්ලාගෙන…….

“කෝ….. මට‍ පෙන්නන්නේ නැද්ද මුණ ම්ම්ම්ම්……”

බලෙන් වගේ මගේ පැත්තට ඒ මුණ හරවාගෙන මන් එහෙම ඇහුවේ…….

“තමු…..තමුසේ මගේ…..”

“මගේ පණ බන් උබ….. මගේ පණ…..කොහොමද වෙන එකෙක්ට දෙන්නේ මන්…..”

එහෙම කියලා එයා මගේ පපුවට තුරුල් උනේ හ‍රි වේගෙන්……. එයාගෙන් මේ වගේ ප්‍රතිචාරයක් මන් කවදාවත් බලාපොරොත්තු උනේ නෑ……

ඒ ඇස්වල කදුළු පිරිලා දෙයියනේ කොහොමද මන් බලන් ඉන්නේ……

“මහත්තයගේ තමයි රත්තරන්…..වෙන කව්රුත් මොකටද මට‍…..”

මන් කිව්වේ ඒ ඔළුව අතගගා…..එයා චුටි ළමයෙක් වගේ පපුව අස්සට එන්නේ තුරුල් වෙවී…… ඒ කෙහෙරැළි සැහැල්ලු ගව්මෙන් ඇවිත් මගේ ළැම පුරාම රටා මවන්නේ නුහුරු හැගුම් ගොඩක් මේ හිත අස්සට ගෙනත්…….

“සනීපයි…..”

එයා කියන්නේ තව තවත් මාව ලගට ගන්න ගමන්…..

“කෝ බත් ටිකක් කමු….. ම්ම්ම්ම්…..”

“තමුසෙට දැනගන්න ඕනි නැද්ද මේ මාස දෙකේ මන් ඇයි ආවේ නැත්තේ කියලා සුදු නෝනා……. ඒ මොකුත් දැනගන්න ඕනි නැද්ද…….?”

එයා අහන්නේ එහෙමම ඉදන් මුණ උස් කරගෙන….. මට‍ ලැජ්ජයි එයා මෙහෙම ඉන්නකොට…….හුරු නෑ මට‍…..මේ ආදරේ කොච්චර කාලෙකින්ද මන් විදින්නේ මේ විදිහට……

“ඒවා කතා කරන්න අපිට ඕනි තරම් වෙලාව තියෙන්නේ මහත්තයෝ…… ඔයා උදේ ඉදන් කාලා නෑ….. කන්න ඕනි දැන් කෝ ඉතින්……”

මන් එහෙම කීවම එයා මන් දිහා බලන් ඉදලා මගේ ඔළුව අතගාල ඈතට උනේ…..

එයා ඈතට උනාම මන් නැගිටලා ගිහින් බාත්රූම් එකෙන් අත සෝදාගෙන බත් එකයි වතුර එකයි අරගෙන එයා ලගින් වාඩි උනේ කවන්න හිතාගෙන……. එයා ඔහේ මන් දිහාම බලන් ඉන්නවා ඒ ඇස්වල අර ඉස්සරම වගේ ආදරේ පිරිලා……

මන් ආසම ඒ මුණේ පෙනෙන නොපෙනෙන ගානට ඇදෙන හිනාවට……

“මන් කවන්නද මහත්තයෝ….?”

මන් එහෙම ඇහුවම එයා ඔළුව එහෙ මෙහෙ කරලා කිව්වේ හා කියලා……

මන් එක එක කට එයාට කවන කොට එයා කිසිම සද්දයක් නැතුව කන්නේ……

“රසයි මැණික්….”

“මන් ඉව්වේ….. එදත් ඉව්වා…..ඒත් මහත්තයට දෙන්න බැරි උනා…..”

මට‍ ඒ දවස මතක් වෙලා දැනුනේ දුකක්….. ඒකයි බිම බලාගෙනම එහෙම කිව්වේ මන්……ඇස්වල කදුළු එයා දකී කියලා බයයි මට‍……

“ඒ හැමදේම මගේ වැරදී……හැමදේම මන් හිමින් කියන්නම්….. දැන් අඩන්නේ නැතුව ඉන්නවා බබා…..කෝ ඉස්සෙල්ල හිටිය චන්ඩි කෙල්ල මගේ…..”

මන් බත් එක දිහා බලන් හිටියේ එයාගෙන් ඇස් හංගගෙන……ආයේ කවදාවත් ලැබෙන්නේ නැති වෙයි කියලා හිතුව ආදරේ ආයෙම මට‍ ලැබුනා……ඉතින් මේ දුකට නම් නෙවෙයි සතුටට එන කදුළු…… ඒත් කොහොමද එයාට තේරුම් කරන්නේ මන් ඒක…….

“දැන් ඔය ඔක්කොම මට‍ කවන්නේ තමුසේ කාලද ඉන්නේ…..?”

මන් ආයෙම බත් කටක් ලං ඒ මුවට කරහම එයා එහෙම ඇහුවේ……

මන් සද්ද නැතුව හිටියේ කෑවේ නෑ කිව්වොත් බනිනවා කියලා දන්න නිසා……

“දැන් මුණ හංගගෙන ඉන්නේ හොර පුසී වගේ…… කාලා නෙවෙයි නේද ඉන්නේ…..?”

“හවසනේ කෑවෙ ඉතින් බඩගිනි නෑ…..”

මන් කිව්වේ එයාව තරහ ගස්සන්න බැරි නිසා…..

මන් එහෙම කිව්ව විතරයි එයා බත් එක මගේ අතින් ගත්තේ උදුරලා වගේ……මන් මොකුත් හිතාගන්න බැරිව බලන් ඉන්නකොට එයා මට‍ බත් කවන්න ගත්තේ ඇස්වලින් මට‍ රවන ගමන්……

“කෝ මේක විතරයි……”

“අනේ බෑ මහත්තයෝ…. ඇති දැන්…..”

“එහෙනම් වතුර බිලා අත සෝදාගෙන එලියට යන්න….. ගයියා එහෙම ආවොත් හොද නෑ සුදු නෝනා මෙහෙම……”

“මට‍ බෑ…..”

මන් එහෙම කියලා අත සෝදාගෙන වතුරත් බීල එනකොටත් එයා ඇදට වෙලා ඉන්නවා……

“අත සෝදාගෙන එන්නකෝ කෝ….”

මන් එහෙම කියලා එයාගෙ අතින් ඇද්දේ එයාව නැගිට්ටවන්න හිතාගෙන…..

“අහ්හ්….”

එයා වේදනාවෙන් එහෙම කියලා කකුල අල්ලාගෙන ආයෙම වාඩි උනේ මන් බය වෙලා බලන් ඉන්නකොට…… අනේ මන් එයාට රිදෙන්න අත ඇද්දේ නෑ…..අනිත් එක එයා අල්ලාගෙන ඉන්නේ කකුල…..

“අනේ ඇයි මහත්තයෝ මොකද උනේ….”

මන් එහෙම අහගෙන එයා ලගින් වාඩි වෙලා කකුල බලන්න හැදුවට එයා නෙවෙයි මට‍ ඉඩ දෙන්නේ…..

“නෑ නෑ ඒක හ‍රි…..මේ ඇදේ වැදුනද කොහෙද…..”

“කොහෙ වදින්නද මෙතන…… කෝ මට‍ පෙන්නන්න…..”

“කෝ හොද ළමයා වගේ දැන් යන්නකෝ…..උදේට කතා කරමු…..”

එයා එහෙම කිව්වත් මන් එහෙමම හිටියේ හිටපු තැනටම වෙලා……

මතු සම්බන්ධයි.

හැමදාම වගේ අදත් ඉල්ලන්නේ කතාව කියවල අදහස් දක්වන්න කියලා මගේ ආදරණිය යාලුවෝ හැමෝගෙන්ම…..❤❤❤❤❤😍😍😍😍😍

හැමදාම කතාව කියවලා like comment කරලා මට‍ දක්වන සහයෝගයට ඒ ආදරේට බොහොම ස්තුතියි…….