Home Story Book මෙහකාර පෙම්බරී මෙහකාර පෙම්බරී 2 – 20 අවසන් කොටස

මෙහකාර පෙම්බරී 2 – 20 අවසන් කොටස

0
76

20 EPISODE (අවසානය)
මෙහෙකාර පෙම්බරී 2

“මගේ සුභ පැතුම් මැණික.ඔයාට ගොඩක් පිං මට පැටව් තුන් දෙනෙක්වම ගෙනත් දුන්නට…”

පූර්ණ ලස්සනම ලස්සන රෝස මල් මිටියක් ගෙනත් ආරාධනාගෙ අතට දීලා ඇගේ නලල සි/ප/ගෙ/න සුභ පැතුවා.

“අනේ මට එයාලා තුන් දෙනාව පෙන්නන්නකො මහත්තයා…”

පූර්ණ ආරාධනාගෙ පිට හරියට කොට්ටෙ තියලා ඇඳ වියලට හේත්තු කරා.තොටිල්ලෙ සුව සේ නිදාගෙන උන්නු පුංචි පැටව් තුන් දෙනාව ආරාධනා දැක්කෙ රෝසම රෝස පාට මල් පොහොට්ටු තුනක් වගේ.ඇගේ දෙනෙත් සතුටු කඳුලින් දිලිසුනා.

“දැන් මෙයාලට මව් කිරි දෙන්න ආරාධනා…”

පූර්ණ මුලින්ම පුතු පැටව් දෙන්නව ආරාධනාගෙ තුරුලෙන් තිබ්බා.කො/ල්/ලො දෙන්නා මාස ගානක් බඩගින්නෙ ඉඳලා ඇවිත් සූස් සූස් ගගා කිරි බොනවා.පූර්ණ දූ පැටියව තුරුල් කරගෙන බලන් හිටියා.

“මයි කන්ග්‍රැජුලේෂන් පූර්ණ.උ/$ නම් මා//ර වැඩකාරයෙක්.එක පාරින් තුනයි…”

පූර්ණගෙ මිතුරු වෛද්‍යවරයා වූ සමින්ද ඔහු වෙත පැමිණ සිය සතුට ප්‍රකාශ කරා.

“තෑන්ක්ස් මචං.උ/$/ත් උත්සහ කරලා බ/ල/ප/න්.දැන් වයසත් හරි උ/% කසාද බඳින්න…”

“අම්මෝ අම්මෝ මට නම් බැහැ දැන්ම හිරේ යන්න.උ/$ නම් කියයි.මංනෙ කටු කන්න ඕනි.ඒක නෙවෙයි ඔපරේෂන් එක කොහොමද?…”

“ඒක සාර්ථකයි මචං.කිසිම ප්‍රශ්නයක් නැහැ. උ/$ ගිහින් චුට්ටක් ඒ පේෂන්ට්ව බලප/න්/කො…”

“හරි මචං එහෙනම්…”

පුතු පැටව් දෙන්නා කිරි බීලා ඉවර වුනාට පස්සෙ පූර්ණ දූ පැටියව ආරාධනාගෙ තුරුලෙන් තිබ්බා.පැටියත් හරිම ආසාවෙන් කු/ක්/කු බිව්වා.

“මැණික මං නැතුව බය වුනාද?…”

“ඔව් මහත්තයා.මං අමාරු වෙලා කෑ ගහනකොට නර්ස් කෙනෙක් දුවලා ගියා මහත්තයව හොයන්න.ඊට පස්සෙ ඇවිත් කිව්වා මහත්තයා හදිස්සි ඔපරේෂන් එකක කියලා…”

“ඔව් මැණික.මට එන්න විදියක් තිබ්බෙම නැහැ.ඒකයි මං සමින්දව එව්වෙ.මැණිකට ගොඩක් පිං මගෙ ජීවිතේ මෙච්චර ලස්සන කරාට…”

“මහත්තයටත් ගොඩක් පිං මට මෙච්චර ලස්සන ජීවිතයක් ලබා දුන්නට.කොහේ කොහොම ජීවත් වෙච්චි කෙනෙක්ද මං.අද මෙහෙම ඉන්නෙ…”

පූර්ණ මාරුවෙන් මාරුවට පැටව් තුන් දෙනාව වඩාගෙන හුරතල් කරනවා. ආරාධනා ගොඩක් ආසාවෙන් ඒ දෙස බලාගෙන හිටියා.

“කොහොමද මගෙ වැඩ?එක ගලෙන් කුරුල්ලො තුන් දෙනයි.ඊගාව පාර හතරකට ට්‍රයි කරමු නෙහ්?…”😊

ආරාධනා රවලා බැලුවා පූර්ණ දිහා.න/පු/රා ව//ල් තාලෙට හිනා වෙලා බලාගෙන ඉන්නවා.ඇයට ලැජ්ජ හිතුනා.

“මොකෝ රවන්නෙ?මං කිව්වෙ පහක්නෙ. දැන් හතරක් ඉන්නවා.මෙයාලට අවුරුදු දෙකක් වුනාම ඊගාව එක්කෙනාට ට්‍රයි කරමු…”

“ඔයා නම් ලේසියෙන්ම කියයි මහත්තයා. මංනෙ දන්නෙ මෙයාලව හම්බෙන්න ගිහින් විඳපු දුක.තාම ඇඟට අමාරුයි…”

පූර්ණ දූ පැටියව වඩාගෙන ඇඳ ගාවින් වාඩි වුනා.පුතු පැටව් දෙන්නා නම් බණ්ඩිය පිරෙන්න අම්මි කු/ක්/කු බීලා දොයි.

“මං විහිළුවක් කරේ මැණික.ඔයා මාස නවයක් තිස්සෙ මෙයාලව බඩේ තියාගෙන විඳපු දුක මං මගෙ ඇස් දෙකෙන්ම දැක්කා. වෙලාවකට හරියට නින්දක් නැහැ.හරියකට කෑමක් කන්න බැහැ.වෙන පැටව් ඔන්නෑ.මේ හතර දෙනා ඇති අපිට…”

ආරාධනා ආදරෙන් හිනා වුනා.තමාට ලැබිලා තියෙන්නෙ හරිම ආදරණීය,සෙනෙහෙවන්ත සැමියෙක්.මෙවන් ගුණ යහපත් සැමියෙක් ලබන්න තමා කෙතරම් වාසනාවන්තද කියලා ඇය සිතුවා.

“අම්මට කතා කරාද මහත්තයා?…”

“හ්ම්ම්.ඔව්.ලොකු දුව නිදිලු.එයාව ඇහැරවගෙන කවාගෙනම එන්නම් කිව්වා…”

“ලොක්කි ගොඩක් සන්තෝශ වෙයි මල්ලිලා දෙන්නවයි,නංගිවයි දැක්කම.ළඟටම වෙලා ඉඳියි…”

නර්ස්ලා දෙන්නෙක් ඇවිත් පැටව් තුන් දෙනාව බේබි රූම් එකට ගෙනිච්චා.පූර්ණත් ආරාධනාට කෑම කැව්වා.දෙන්නා ගොඩක් වෙලා කතා බහ කරමිනුයි හිටියෙ.

“අප්පච්චි කතා කරා ආරාධනා…”

“ආනේ ඇත්තද?අප්පච්චිට කිව්වද මේ සුභ ආරංචිය?…”

“හ්ම්ම්.ඔව්.ලබන මාසෙ අනිවාර්යයෙන්ම ලංකාව එනවලු…”

“ඩොක්ටර්,,,,ඩොක්ටර්,,,අනේ ඉක්මනට එන්න…”

හෙදියක් කලබලෙන් වගේ දුවගෙන ඇවිත් පූර්ණට කතා කරා.පූර්ණ විතරක් නෙවෙයි ආරාධනාත් කලබල වුනා ඒ හෙදිය කතා කරපු විදියට.

“ඇයි නර්ස් මොකද මේ කලබල වෙලා?…”

“ඩොක්ටර් ඉක්මනට එන්න.ලොකු කලබලයක්…”

පූර්ණ ඉක්මනට එලියට දුවගෙන ගියා. පොළිස් නිළදාරීන් කිහිප දෙනෙක්ම රෝහලේ කලබලෙන් වගේ එහාට මෙහාට දුවනවා. හෙදියනුත් රෝහලේ අනෙකුත් කාර්ය මණ්ඩල‍යත් කලබල වෙලා බලන් ඉන්නවා. ඒ අතරතුර පොලිස් කාන්තා නිළදාරිණියන් කිහිප දෙනෙක් හෙදියක්ව වටකරගෙන ඉන්නවා.ඒ හෙදිය අතේ අලුත උපන් කිරි කැටි බිළිඳෙකුත් ඉන්නවා.

පූර්ණ ඉක්මනටම ඒ දෙසට දුවගෙන ගියා. එතන සෙනඟ පිරිලා.

“ඇයි මිස් මොකක්ද මෙතන වෙන්නෙ?ඇයි මේ නර්ස්ව ඇරෙස්ට් කරන්න හදන්නෙ?…”

“ඩොක්ටර් හොඳට බලන්න මේ ඔයාලගෙ හොස්පිටල් එකේ නර්ස් කෙනෙක්ද කියලා?…”

එක් කාන්තා පොලිස් නිළදාරිණියක් එලෙස පවසද්දි පූර්ණ ඒ හෙදිය දෙස ඉතා විමසිලිමත්ව බැලුවා.ඔහුට ඇයව හඳුනාගන්න අපහසු වුනේ නැහැ.

“ශේන්වි,,,,ත/මු/න් මේ,,,මේ නර්ස් කෙනෙක් විදියට?,,,මේ මගෙ,,,,දරුවා නේද?,,,කොහෙද උ/$ මගෙ දරුවව ගෙනියන්නෙ?…”

පූර්ණ ඉක්මනින් ශේන්විගෙ අතේ හිටපු තම බිළිඳාව අතට ගත්තා.ඔහුට තවම හිතා ගන්න බැහැ ශේන්වි මේ විදියට හොස්පිටල් එකට ආවෙ කියලා.

“ඩොක්ටර් මෙයා මේ විදියට නර්ස් කෙනෙක් වගේ වෙස් වළාගෙන හොස්පිටල් එකට ඇවිත් තියෙන්නෙ ඩොක්ටර්ගෙ දරුවව පැහැරගන්න.මෙයා කාලයක් තිස්සෙ ඩොක්ටර්ට ආදරේ කරනවලු.ඩොක්ටර් මෙයාව කසාද බැඳපු නැති නිසා ඒකෙ ප//ලි//ය ගන්න දරුවව පැහැරගෙන ගිහින් ම/$/ලා දාන්න සැළසුම් කරලා තියෙන්නෙ…”

ශේන්විගෙ සැළසුම සම්පූර්ණයෙන්ම පොලිස් නිළදාරිය පූර්ණ ඉදිරියෙ පැවසුවා.ශේන්විගේ දෑතට මාංචු වැටුනේ පූර්ණගෙ ඇස් ඉදිරියෙමයි.ඒ ඇස් වල පසුතැවීමක සේයාවක් දක්නට ලැබුනත් පූර්ණ නම් ඇයට කිසිම අනුකම්පාවක් තිබුනෙ නැහැ.ඔහු තම දරුවාව පපුවට තුරුල් කරගත්තෙ අසීමාන්තික පිය සෙනෙහසිනි.

“ඔයාලට ගොඩක් පිං මේ ගෑ/ණි/ගෙ/න් මගෙ දරු පැටියව බේරලා දුන්නට.මෙයාට දෙන්න පුලුවන් උපරිම දඬුවම් දෙන්න.මේ වගේ ගෑ/ණු/න්/ට නීතියෙන් දෙන්න පුලුවන් උපරිම දඬුවම් දෙන්න ඕනි…”

“ඔයාගෙ කතාව හරි ඩොක්ටර්.අපිට මෙයාව අල්ල ගන්න ඔත්තුව දුන්නෙත් හිර කාරයෙක්මයි.මෙයා දැනට දවස් කීපෙකට කලින් බන්ධනාගාරගත වෙලා හිටපු මි/$ මැ/$/ම/ක/ට හිරේ ගිය හිර කා/ර/යෙ/ක්/ව බලන්න ගිහින් තියනවා.ඒ හිර කා/ර/ය/ත් එක්ක එකතු වෙලා ඩොක්ටර්ගෙ වයිෆ්ව ම/$/න්/න/යි ප්ලෑන් කරන් ඉඳලා තියෙන්නෙ. වෙලාවට ඒ හි/ර/කා/ර/යා අපිට මෙයාගෙ සේරම විස්තරේ දිගෑරියා…”

“එතකොට ඒ මනුස්සයා නිසාද මගෙ දරුවව බේර ගන්න පුලුවන් වුනේ?…”

පූර්ණ දරුවත් තුරුල් කරගෙන ඇහුවා.

“ඔව් ඩොක්ටර්.ඒ මනුස්සයා ඩොක්ටර්ගෙ ෆැමිලි එක හොඳට අඳුරනවලු…”

පූර්ණට එක්වරම මතකයට නැගුනේ ගගන්වයි.නැත.ඔහු කිසිම දිනෙක තමාටවත් තම පව්ලේ අයටවත් යහපතක් කරන්න සිහිනෙකින්වත් සිතන්නේ නැත.ගගන් එදා හිරේ ගියේ තමාගෙන් කෙදිනක හෝ ප//ලි ගන්නා බව සහතික වීය.මොහු වෙන කෙනෙක් විය යුතුය.

“මොකක්ද එයාගෙ නම?…”

“ගගන් කියලා කෙනෙක්.තමන්ගෙ අම්මව ම/$/ලා හිරේ ගිහින් තියෙන්නෙ.වෙන මනුස්සයෙක්ට වෙ/$ තියපු පාරට ඒක වැදිලා තියෙන්න ඒ මනුස්සයගෙ අම්මට.අදටත් කලින් කරපු වැරදි මතක් කර කර ඒ මනුස්සයා දුක් වෙනවා…”

පූර්ණගෙ දෑස් කඳුලින් තෙත් විය.තමා සිතුවා වැරදිය.ගගන් නිසා අද තම දරු පැටියාගේ ජීවිතය ම/%/නෙ/න් බේරා ගන්නට හැකි විය.
කෙසේ හෝ ඔහු අන්තිම මොහොතේදි කල වැරදි තේරුම් ගත්තේය.

පූර්ණ දරු පැටියාවත් රැගෙන ආරාධනා අබියස ගියේ ගගන් ගැන සිහිපත් කරමිනි. ඔහු එහි සිදු වූ සියලු දේවල් ඇයට පැවසුවා.

“අනේ මගෙ රත්තරං පැටියා.මගෙ දරුවව බේරගෙන තියෙන්නෙ ගගන් අයියද මහත්තයා?…”🥺

“ඔව් ආරාධනා.ගගන් වෙලාවට සේරම විස්තරේ පොලීසියට කියලා.දැන් එයා කරපු දේවල් ගැන පසු තැවෙනවලු.ඔයා අම්මට මේ දේවල් කියන්න එපා…”

🥰🥰

දින තුනකින් පූර්ණ ආරාධනාවත් දරු තිදෙනාවත් නිවසට කැඳවාගෙන එනු ලැබීය. මුළු නිවසම උත්සවශ්‍රීයක් ඉසිලනු ලැබුවේ ආරාධනාගේ දෙනෙත් මවිත කරමිනි.කාමරේ පවා වෙනස්ම අන්දමට සකසා තිබුනි.දරු තිදෙනා වෙනුවෙන් වෙනමම තොටිල්ලකුත් , කාමරේ බිත්ති වල කුඩා දරුවන්ගේ චායාරූපද එල්ලා තිබිනි.

“කාමරේ හරිම ලස්සනයි මහත්තයා.ඔයා ගොඩක් මහන්සි වෙලානෙ…”

“නැතුව නැතුව.මගෙ පැටව් තුන්දෙනා වෙනුවෙන්නෙ මේ දේවල් කරේ.ඔයා දැන් රෙස්ට් කරන්න ආරාධනා…”

“අම්මී,,,,බබා තූති,,,තූති බබා චෝයි…”

එලීෂා පැටික්කිට හරිම සතුටියි මල්ලිලා දෙන්නවයි නංගිවයි දැක්කම.තොටිල්ල ගාවින් හෙල්ලුනේම නැහැ.පැටව් තුන්දෙනා නිදා ගත්තම එලීෂා පැටික්කි සද්දෙ නොකර බලාගෙන ඉන්නවා.

“මගෙ ලොකු පැටියා කෑ ගහන්න එපා මැණික.මල්ලිලා ඇහැරුනොත් අම්මිට කරදර කරනවනෙ.මගෙ පැටියා චෝයි බබෙක්නෙ.බයියං කෑවද?…”

“ඌ.ගොදාක් කෑවා.බණ්ඩි පුල්…”

එලීෂා පැටික්කි ගව්ම උස්සලා ආරාධනාට බඩ පෙන්නුවා.කෙ/ල්/ල/ට හිනා ඉතින් පැටියගෙ වැඩවලට.

“මගෙ මැණික් කැටේ ලබන අවුරුද්දෙ ඉඳන් මොන්ටිසෝරි යන්න ලෑස්ති වෙන්න ඕනි හොඳේ.බබාට එහෙදි යාළුවො ගොඩාක් හම්බවෙයි.පැටියා ආසයි නේද මොන්ටිසෝරි යන්න.එහෙදි අකුරු ලියන්නත් පුලුවන් පැටියට…”

ආරාධනා පැටියව තු/රු/ල් කරගෙන අහනවා.

“ඌ.බබා මොන්තතෝලි,,,නන්න ආතයි…”

“මගෙ හොඳ පැටියා.ගිහින් ටෙඩි බෙයාර්ලා එක්ක සෙල්ලම් කරන්න.අම්මි චුට්ටක් දොයිය ගන්නවා…”

පැටව් තුන් දෙනා නිදා ගත්තු නිසා ආරාධනා චුට්ටක් ඇස් දෙක පියා ගත්තෙ පූර්ණට ලොකු දෝණිව බලන්න කියලයි.

සතියක් දෙකක් ගෙවිලා ගියා.පූර්ණ නම් කිව්වෙ ආරාධනාට මාස දෙකතුනක් යනකල් රෙස්ට් කරන්න කියලයි.ඇගේ හැම වැඩක්ම අම්මයි සුමනා නැන්දයි කරලා දුන්නා.ගෙදර ඉන්න හැම වෙලාවකම පූර්ණත් ආරාධනාගෙයි දරුවො හතර දෙනාගෙයි වැඩ කරනවා.

“මහත්තයා හෙට නිවාඩු නේද?…”

“ඔව් ආරාධනා.මං හෙට නිවාඩුවක් දැම්මා. ඊළඟ දවස් තුනම නිවාඩුයිනෙ.දවස් හතරක් මගෙ පැටව් එක්ක ඉන්න පුලුවන්…”

“ආ,,,එතකොට මං?පැටව් ටික නිසා ඔයා දැන් මාව අමතක කරලා.හරිම නරකයි ඔයා…”

ආරාධනා දුකෙන් වගේ ඉවත බලාගෙන කිව්වා.පූර්ණ මනමාල හිනාවක් දාලා ආරාධනා ගාවින් වාඩි වුනේ කම්මුලට කි/ස් එකකුත් දීගෙනමයි.

“ළමයි දුසිමක් හැදුවත් මගෙ හිතේ මැණිකෙ ගැන තියන ආදරේ අබ මල් රේණුවකවත් වෙනසක් වෙන්නෑ.ඉක්මනට සනීප වෙන්නකො මැණිකා…”

ඔහු කිව්වෙ ඇහැකුත් වහලා කු/%/ඩි තාලෙට හිනා වෙලා.

“ඒ මොකටද?…”

“ඇයි අපිට ගොඩක් වැඩ තියනවනෙ…”😉

“ඒයි දැන් අපි දරුවො හතර දෙනෙක් ඉන්න දෙමව්පියො කියලා අමතක කරන්න එපා හොඳේ…”

“හ්ම්ම්.හොඳමයි මැණිකා.ඔන්න ලොකු හාමිනේ එනවා…”

එලීෂා පැටික්කි ආරාධනා ගාවට ඇවිත් තු/රු/ල් වුනේ කටේ ඇඟිල්ලකුත් ගහගෙනයි.

“අම්මි,,,කු/ක්/කු තුත්තක්…”

කෙ/ල්/ල අත දිගෑරලා දුකෙන් වගේ කු/ක්/කු ඉල්ලපු විදියට ආරාධනාගෙ පපුව හෝස් ගාලා ගියා.ඇය පැටික්කිව තුරුලට අරගෙන කිරි දුන්නා.

“ඒයි ඔය මල්ලිලාගෙයි,නංගිගෙයි කු/ක්/කු ටික…”

පූර්ණ හිනා වෙවී කියනවා.

“කමක් නෑ මහත්තයා.ඔහේ බීපු දෙන්.පැටව් තුන් දෙනාම බඩ පිරෙන්න කිරි බීලනෙ ඉන්නෙ.මගෙ ලොකු මැණික නිසා මට මේ ජීවිතේ ගොඩාක් ආදරණීය දේවල් ලැබුනා. මට ඔයා වගේ හොඳ සැමියෙක්ව ලැබුනෙත් මේ පැටියා නිසා.මගෙ මුළු ජීවිතේම ඔයාලයි මහත්තයා…”

සමාප්තයි.🥰🥰🥰🥰🥰🥰🥰

පෙර කොටසට👇

පුරා කොටස් 30ක් ඔයාලා ආදරෙන් වැළඳ ගත්තු මෙහෙකාර පෙම්බරී කතාව අදින් නිමාවට පත් වෙනවා.හිතුවටත් වැඩිය මේකට ඔයාලගෙ ආදරණීය ප්‍රතිචාර ලැබුනා. මේ කතාවට තමයි මට වැඩියෙන්ම ලයික් කමෙන්ට් ලැබුනෙ.පළවෙනි අදියරයෙ 15 වෙනි කොටසට 2K ලැබිලා තිබුනා.ගොඩාක් ස්තූතුයි ඒ ආදරේට.ඉස්සරහටත් ඒ වගේම මාත් එක්ක රැඳී ඉන්න