(අවසානයට පෙර කොටස)
මෙහෙකාර පෙම්බරී 2

“මිස්ටර් ගගන්ට මාව අඳුරන්න පුලුවන්ද?සමහර විට බැරුව ඇති.ඒත් මම නම් මිස්ටර් ගගන්ව හොඳට අඳුරනවා…”

ගගන් සිර ගත වී දැන් මාස හතකුත් ගෙවී අවසානය.නීතියෙන් ඔහුට ජීවිතාන්තය තෙක් සිර දඬුවමකට යටත් කරනු ලැබීය. මෙතෙක් ඔහුව බැලීමට හිරගෙදරට කිසිවෙක් නොපැමිණිය නමුත් අද විශේෂ අමුත්තෙක් පැමිණියා.ගගන්ටද පුදුමයක් දැනුනි.මේ මාස හතට තමාව බැලීමට හිර ගෙදරට පැමිණි එකම පුද්ගලයා ඔහු පමණි.

බාහිර ස්වරූපයෙන් ගගන් මේ වන විට බෙහෙවින් වෙනස්ව සිටියේය.මුහුණ පුරා වැවුනු රැව්ල මදක් කෙට්ටුව ගිය අත පය ඔහු ගෙවන දුෂ්කර ජීවිතයට කියා පෑවේය. ඔහු සුදු කරේ එසේ මෙසේ පාපයක් නොවේ.

සිය මව ඝා/&/න/ය කිරීම ආනන්තරීය පාප කර්මයකි.ඒ පාපයෙන් ගැලවීමට නම් ඔහුට කවදාවත් නොහැකිය.ඔහු මේ මාස කිහිපයට එය තේරුම් ගෙන උන්නේය.

“මම නම් මිස්ව මීට කලින් දැකලා නැහැ.මිස් කව්ද?…”

ගගන් ඇහුවා.

“මං ශේන්වි.මීට අවුරුද්දයි මාස කිහිපයකට කලින් පූර්ණව කසාද බඳින්න හිටියෙ මං.මම හොඳටම දන්නවා ගගන් දැන් ඉන්නෙ පූර්ණලාගෙ ෆැමිලි එකත් එක්ක තරහෙන් කියලා.එහෙම නේද?…”

ගගන් නිහඬවම කල්පනා කරන්නට විය. ශේන්වි පැවසූ දෙය සත්‍යයකි.තමා පූර්ණගේ මුළු පව්ලත් සමඟ උන්නේ දැඩි තරහකිනි.

“හ්ම්ම්…”

“වෙරි ගුඩ් පූර්ණ.ඔයා තමයි මගෙ වැඩේට හරියන නියම කෙනා.ඔයා මට එක උදව්වක් කරන්න ඕනි…”

“ඒ මොකක්ද?…”

“ඉස්සෙල්ලා මං මගෙ කතාව කියන්නම්කො ගගන්ට.මගෙ ඩැඩී මට පූර්ණ ගැන ප්‍රපෝසල් එකක් ගෙනාවා.ඊට කලින් මං පූර්ණව ටිකක් විතර දන්නවා.මායි ඩැඩීයි මමීයි එහෙ ගිය වෙලාවෙ පූර්ණ මගෙ කම්මුලට ගැහුවා…”

“ගහන්න හේතුව?…”

“පූර්ණ කලින් මැරි කරලා ඩිවෝස් වෙලානෙ හිටියෙ.එයාට බබෙකුත් හිටියා.ඇත්තමයි මං පොඩි ළමයින්ට කැමති නෑ.ඒත් මං පූර්ණට ගොඩක් ආදරේ කරා.මං එදා ඒ ළමයව නිකමට වගේ වඩා ගත්තා.

ඒ පූර්ණගෙ හිත දිනා ගන්න.ඒ කෙ/ල්/ල මගෙ ඇඟේ තෙමුවා. ඒකට මට කේන්ති ගියා.ඊට පස්සෙ බැනලා ළමයව පූර්ණගෙ අතට දුන්නා.පූර්ණ මගෙ කම්මුලට ගැහුවා…”

“මැඩම් මොකක් කියලද ළමයට බැන්නෙ?…”

“ජ//රා කෙ/ල්/ල කියලා…”

ශේන්වි එහෙම කිව්වෙ කිසිම ගානක් නැතුව.

“ඉතින් මිස් කරලා තියෙන්නෙ වැරැද්දක්නෙ. කිසිම තාත්තා කෙනෙක් කැමති නෑ කවුරුවත් තමන්ගෙ දරුවෙකුට ඔහොම කතා කරනවට.අනික ඒ දරුවට ඒ වෙද්දි ඕන්නම් මාස හයක් හතක් විතර ඇති.හයක් හතරක් නොතේරෙන කිරි සප්පයෙක් තමන්ගෙ ඇගේ තෙමුවා කියලා ඒ ළමයට ජ//රා කෙ/ල්/ල කියලා කතා කරන්න මිස්ට මොලේ හොඳ නැද්ද?…”

“ශටප් ගගන්.ත/මු/න්/ට පි/$/සු හැදීගෙන එනවද?අමතක කරන්න එපා ඒ ෆැමිලි එක නිසයි අද ත/මු/න් අද හිරේ ඉන්නෙ කියලා. ත/මු/සෙ/ගෙ අම්මා මැ/%/නෙ පූර්ණ නිසා…”

“නෑ මිස්.මගෙ අම්මගෙ ම/%/නෙ/ට වග කියන්න ඕනි මමයි.අද මං හිරේ ඉන්නෙ කාගෙවත් වැරදි නිසා නෙවෙයි.කරපු සේරම වැරදි කරේ මමයි.රත්තරං පව්ලක් ලැබිලා රත්තරං වගේ වටින්න උතුම් අම්මෙකුයි, අප්පච්චි කෙනෙකුයි ලැබිලා මං හැසිරුනේ අන්ධයෙක් ගානට.

හොඳ නරක මොකක්ද කියලා අඳුරගන්න මං කවදාවත් උත්සහ කරේ නැහැ.මං දන්නවා මිස් ආවෙ මං ලව්වා පූර්ණගෙ වයිෆ්ව ම/$/න්/න නේද?ඊට පස්සෙ පූර්ණව අයිති කරගන්න?…”

“ඔව්.මං ත/මු/න්/ට හිරෙන් පැනලා යන්න උදව් කරන්නම් ගගන්.අවශ්‍ය නම් පිටරටකට වුනත් යන්න අවස්ථාව හදලා දෙන්නම්.ත/මු/න් පූර්ණගෙ වයිෆ් ආරාධනාව ඉවරයක් කරලා දාන්න ඕනි.මං පූර්ණගෙ ගොඩක් ආදරේ කරා.

එයාව මැරි කරන්න මං ගොඩක් හීන දැක්කා.ඒත් පූර්ණ කිසිම ලැජ්ජාවක් නැතුව ගෙදර වැඩකාරිව කසාද බැඳ ගත්තා.මං ඕ/කි/ට තව වැඩි කාලයක් මගෙ පූර්ණත් එක්ක පව්ල් කන්න ඉඩ තියන්නෑ.ගගන්,,,,ත/මු/න් මේ වැඩේ කරන්නම ඕනි.නැත්නම් ත/මු/න්/ට හැමදාම හිරේටම වෙලා ඉන්න වෙයි…”

ශේන්වි ගගන්ට තර්ජනේ කරා.ශේන්විගෙ කිසිම තරජ්නේකට ගගන් බිය වුනේ නැහැ. ගගන්ට දැන් ඇත්ත තේරෙනවා.තම මවගේ ම/&/න/යෙ/න් පසුව ඔහු බොහෝ සේ මානසිකව ඇද වැටුනා.

හිරේදි ඔහු කල්පනා කරේ කෙසේද පූර්ණගෙන් ප//ලි ගන්නෙ කියලයි.නමුත් කාලයේ ඇවෑමෙන් ගගන් තේරුම් ගත්තා සියල්ල සිදු වූයේ තමාගේ හිතුවක්කාරකමත්,මුරණ්ඩුකමත් නිසා බව. තමා යහපත් පුද්ගලයෙක් වී තමා හදා වඩා ගත් මවත්,පියාත් සමඟ හොඳින් ජීවත් වූවා නම් අද තමා මෙලොවට බිහි කල මව ජීවත් වනවා නේද?සිදු වූ සියලු ව්‍යසනයන්ට වග කිව යුත්තේ තමායි.

“සොරි මිස්.මට තව දුරටත් මිස් එක්ක කතා කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ.ඒ පව්ලට සිද්ද වෙච්චි හැම කරදරේකටම වග කියන්න ඕනි මමයි.මගෙ අම්මා මැ/%/නෙ මං නිසා මිසක් පූර්ණ නිසා නෙවෙයි.ඒ වගේ රත්තරං පව්ලක් එක්ක ජීවත් වෙන්න මට වාසනාවක් නැතුව ගියා.මං මහා කා/ල/ක/ණ්/ණි මිනිහෙක්.

වදපු අම්මගෙවත් හදපු අම්මගෙවත් හිත් වලට සතුටක් සැනසුමක් දෙන්න බැරුව ගිය මං අවාසනාවන්ත පුතෙක්.එදා හිරේ ගිය වෙලාවෙ ඇත්ත තේරුම් අරන් මං හොඳ මිනිහෙක් වුනා මාව මේ ලෝකෙට බිහි කරපු අම්මා අදටත් ජීවතුන් අතර ඉන්නවා.දැන් මගෙ ජීවිතේ මේක මිස්.

මේ බිත්ති හතරට කොටු වෙලා ජීවිතේ ඉතුරු කාලෙත් ගෙවලා මං ගෙවලා දානවා.මිස් කරුණාකරලා දැන් මෙතනින් යන්න මාව තවත් පව්කාරයෙක් කරන්න උත්සහ කරන්නැතුව…”

කේන්තියෙන් පුපුර පුපුර ශේන්වි ගගන් දිහා බලද්දි ගගන් නැගිටලා යන්න ගියා.තමාගේ අවශ්‍යතාවය කෙසේ හෝ ඉටු කරගන්නා බව ශේන්වි තරයේම සිතා ගත්තා.

〰️〰️〰️〰️

“අනේ මහත්තයො දැන් ඔය ඇති.මේ කාලෙට මෙහෙම තමයි ඉතින්…”

ආරාධනාට දැන් දරුවන් තිදෙනෙකු කුස දරා සිටින නවමස් ගැබිණියක්.පූර්ණ ඇයව ඉතාම ආදරයෙන් පරිස්සමට රැක බලා ගන්නවා.පුංචි එලීෂා පැටික්කිට දැන් අවුරුදු දෙකක්.තව ටික දවසකින් ඇය මල්ලිලා දෙන්නෙකුගෙයි,නංගියෙකුයි අක්කා කෙනෙක්.ආරාධනා තවමත් පැටියට එදා වගේම ආදරෙයි.මේ හැම දෙයක්ම ඇයට ලැබුනෙ එලීෂා පැටික්කිගෙ වාසනාවට කියලයි ඇය හැමදාම හිතුවෙ.

“දෝණි ගිහින් අම්මිගෙ හබුං එක ඉල්ලගෙන එන්න සුමනා ආච්චිගෙන්…”

“හබුං නා බත්…”

කෙ/ල්/ල දැන් හරියට පැහිලා.හබුං නෙවෙයිලු ඒ,බත් ලු.ලොකු අක්කා කෙනෙක්ගෙ හෙට අනිද්දට.

“හරි හරි.මට අමතක වුනානෙ.අම්මිගෙ බත් එක්ක ගේන්න…”

පූර්ණ එහෙම කියද්දි එලීෂා පැටික්කි හයියෙන් දුවගෙන ගිහින් බත් පිඟාන උස්සගෙන කාමරේට ඇවිත් පූර්ණගෙ අතට දුන්නා.

“මගෙ පැටියට බත් කවන්නම් අම්මි…”

“මත අපා.බඩඩීනි නෑ…”

පූර්ණ ආරාධනාට බත් කැව්වා.පැටියත් බත් එකේ පැත්තකින් අනලා චූටි අතෙන් අම්මිට බත් කැව්වා කෙ/ල්/ල හරිම ආදරෙයි ආරාධනාට.දැන් අම්මගෙන් කු/ක්/කු බොන්නෙත් නැහැ.ඒවා මල්ලිලාටයි නංගිටයි ඉතුරු කරලා.

“දෝණි හොඳ බබා වගේ තාත්ති එක්ක ගිහින් අත සෝදගෙන ඇවිත් අකුරු ලියන්න…”

පැටික්කි අකුරු කියෙව්වෙ ගිය සතියෙ.පූර්ණ පොත් පැන්සල්,පාට පෙට්ටි,කතන්දර පොත් එහෙම පැටියට ගෙනත් දීලයි තියෙන්නෙ. ආරාධනා ගොඩක් වෙලාවට කරන්නෙ පැටියට කතන්දර කියලා දෙන එක.

“මට හරිම පුදුමයක් දැනෙනවා ආරාධනා වෙලාවකට අපේ කෙ/ල්/ල ගැන…”

පූර්ණ කිව්වෙ ආරාධනා ගාවින් වාඩි වෙලා. දැන් ඇයට ඇවිදගන්න මදක් අපහසුයි.මහත් වෙලා බෝල ගෙඩියක් වගේ.

“ඒ ඇයි මහත්තයා?…”

“වෙන ළමයි මේ වයසට කොච්චර දඟද?මං හොස්පිටල් ගියත් සැරෙන් සැරේට අම්මට කෝල් කරලා කියනවා පැටියව බලා ගන්න කියලා.ඔයාට කරදර කරනවා ඇති කියලා. ඒත් අම්මා කියනවා කෙ/ල්/ල පොඩ්ඩක්වත් දඟ නැතිලු…”

“ඒක ඇත්ත මහත්තයා.මේ වයසට ළමයි ගොඩක් දඟයි තමයි.ඒත් ලොකු දූ එහෙම නෑ.එයා මං කියන දේ හොඳට අහනවා.හරිම කීකරු දරුවෙක්…”

පූර්ණ ආරාධනාට අපහසුවෙක් නොවෙන්න ඇගේ උරහිසෙන් ඔලුව තියාගෙන කුස අතගෑවා.පැටව් තුන් දෙනෙක් කුස දරාගෙන ඇය කෙතරම් දුකක්ද විඳින්නෙ.එහෙම කැපකිරීමක් කරන්න හැමෝටම බැහැ.

“ඔන්න මහත්තයා පැටව් තුන් දෙනා බොක්ෂින් ගහනවද මන්දා.ඔයා අත තිබ්බා විතරයි එයාලට දැනෙනවා…”

පූර්ණ හරිම ආදරෙන් ආරාධනාගෙ පිරුනු කුස අතගෑවා.

“හෙට උදෙන්ම බබා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න.මං හැම දෙයක්ම ලෑස්ති කරලයි තියෙන්නෙ…”

“අනේ මහත්තයා මට බයත් හිතෙනවා.ඔයා මගෙ ළඟින්ම ඉන්නවා නේද?…”

“ඔව් මැණික.ඔයා කිසිම දේකට බය වෙන්න එපා.එයාලා මේ ලෝකෙට එන්නෙ එයාලගෙ තාත්තිගෙ අත් දෙකෙන්…”

“ලොකු දූ ගොඩක් සතුටු වෙයි පැටව් තුන් දෙනා දැක්කම.එයාවත් ලබන අවුරුද්දෙ ඉඳන් මොන්ඩිසෝරි යවන්න ඕනි නේද මහත්තයා?…”

“හ්ම්ම්.ඔව් ඔව්.ලබන අවුරුද්දෙ යැව්වොත් අවුරුදු දෙකක්නෙ.ඊගාව අවුරුද්දෙ යැව්වොත් එක අවුරුද්දයි…”

“ලබන අවුරුද්දෙ ටිකක් ඉඳලා යවමු මහත්තයා.එයාට යාළුවො එහෙමත් පුරුදු වෙයිනෙ…”

“හ්ම්ම්.නාමුද?…”

“දැන්ම?…”

“ඔව්.දැන් දවල්නෙ.ඔයා නාන්න ඕනි මේ වෙලාවට තමයි…”

“හ්ම්ම්.නාමු…”

පූර්ණ නැගිටලා අල්මාරිය ඇරලා ගව්මක් අරන් තියලා ආරාධනාව එක්කරගෙන බාතෲම් එකට ආවා.පැටික්කිත් දුවගෙන ආවා අම්මිව නාවන්න.

“ඔයාට බෑ මැණික අම්මිව නාවන්න…”

“බබාත,,,,පූවන් අම්මි ජෝ නාන්න…”

“කමක් නෑ ආරාධනා.ඔහේ එයත් උදව් කරපු දෙන්.එක අතකට මෙහෙම දේවල් පුංචි කාලෙ ඉඳලම පුරුදු වෙන එක හොඳයි…”

ආරාධනාගෙ අත් දෙක උස්සලා ඇඳන් හිටපු ගව්ම ගලවලා පූර්ණ ඇයට චීත්තයක් ඇන්දෙව්වා.ඊට පස්සෙ පුටුවකින් වාඩි කරවලා බේසමට වතුර පුරවලා කෝප්පෙකින් නෑව්වා.

“දෝණි ඔයා අම්මිගෙ කකුල් දෙකේ නියපොතු සුද්ද කරන්නකො.තාත්ති නාවන්නම් අම්මිව…”

කියපු පමාවට කෙ/ල්/ල ආරාධනාගෙ කකුල් දෙක පොල් කොස්සෙන් අතුල්ලා නියපොතු මැද්දා.පුංචි වුනත් පැටික්කි එයාට පුලුවන් විදියට වැඩේ හරියට කරා.

“මගෙ රත්තරං දෝණි හරිම හොඳයි…”

ආරාධනා හරිම ආදරෙන් පැටියගෙ ඔලුව අතගෑවා.පූර්ණ ආරාධනාගෙ ඔලුවෙ ෂැම්පු ගාලා ඇඟේ සබන් ගාලා නාවලා ඔලුව පිහදාලා ගව්ම ඇන්දවලා කාමරේට එක්කන් ආවා.

“අම්මි,,,එන්නකූ…”

කෙ/ල්/ල පනාව අරන් ආරාධනාගෙ ඔලුව පීරන්නයි ලෑස්තිය.ආරාධනා ඇඳෙන් වාඩි වුනා.කෙ/ල්/ල ඇඳේ හිටගෙන ආරාධනාගෙ ඔලුව පීරනවා.

“මැණික කැටේ,,,,හිමින් පීරන්න වස්තු. අම්මිට සිදෙනවා…”

ආරාධනා එහෙම කියද්දි පැටියා හිමින් ඔලුව පීරුවා.

“කෙ/ල්/ල නිදිද ආරාධනා?…”

“ඔව් මහත්තයා.බත් කාලා නිදි කෙරෙව්වා…”

“මාව නිදි කරවන්න බැරිද?…”

“ඔයා ලොකු බබානෙ.මට දැන් බැහැ ඔයාව නිදි කරවන්න.මේ බරින් නිදහස් වෙනකල් ඉන්නකො…”

“ඊට පස්සෙ අපිට ගොඩක් වැඩ තියෙයි නේද?…”😉

පූර්ණ අහන්නෙ ආරාට ඇහැක් ගහලා කට ඇද කරලා හිනා වෙවී.

“මගෙ මනමාල කුරුල්ලා.අවුරුදු දෙකක් යනකල් මොකුත් බැහැ…”

“අවුරුදු දෙකක්?…”

“ඔව්.ඇයි?…”

“නපුරි.ළමයි හතර දෙනාව ළඟට ගත්තම මාව අමතක කරා නේද?ඊට පස්සෙ මට කුඩම්මගෙ සැළකිලිද?දුක නැද්ද මැණිකෙට මං ගැන?…”

“ඒ/යි මං විහිළුවක් කරේ.ඔයා මගෙ සුහච කීකරු හස්බණ්ඩානෙ.ළමයින්ට වගේම මං ඔයාටත් ගොඩාරියක් ආදරෙයි…”

“මං දන්නවා…”

ආරාධනා නිදා ගත්තට පස්සෙ පූර්ණ ඇයට සීට් එක පෙරෙව්වා.විටින් විට ගැස්සෙන ඇගේ පිරුනු උදරය ඔහු සි/ප ගත්තෙ හරිම ආසාවෙන්.පැටියෙක් බණ්ඩිය ඇතුලෙ ඉඳන් දුන්නා හොඳ පයින් පාරක්.පූර්ණට හිනා.

“නපුරු කො/ල්/ලා දුන්නා නේද තාත්තිට පයින් පාරක්?රිදුනා හොඳේ.කව්ද දුන්නෙ පයින් පාර?මගෙ කො/ල්/ලො දෙන්නද?කෙ/ල්/ල/ද?…”

පූර්ණ පැටව් එක්ක කතා කරනවා.ආරාධනා නම් හොඳටම නිදි.

“අම්මිට කරදර කරන්න එපා ඔයාලා.එයා නිදාගෙන ඉන්නෙ.දවස තිස්සෙම තුන් දෙනා එක්ක සෙල්ලම් කරලා රෑටත් සෙල්ලම නේද?මගෙ චූටි පැටව් තුන් දෙනා ඉක්මනට එන්න ඕනි අපි ගාවට.තාත්ති ඔයාලව හුරතල් කරන්න ආසාවෙන් බලාගෙන ඉන්නෙ.මගෙ චෝයි පැටව් ටික…”

පසුදා උදෑසනිම පූර්ණ ආරාධනාව තමා සේවය කරන රෝහලටම ඇතුල් කරා. උදෑසනින්ම අවදි වෙලා ඇය පන්සිල් අරගෙන අම්මගෙ දෙපා වැඳලයි පූර්ණත් එක්ක හොස්පිටල් එකට ගියේ.

දවල් වෙද්දි ආරාධනාගෙ ඇඟට අපහසුවක් දැනෙන්නට වුනා.හෙදියනුත් පූර්ණගෙ උපදෙස් මත ආරාධනා ගැන් විමසිල්ලෙනුයි හිටියෙ.

“අනේ නර්ස්,,,,මගෙ මහත්තයට එන්න කියන්නකො…”

ආරාධනා බියෙන් වගේ කෑ ගහද්දි හෙදියක් ඇය අසළට දුවගෙන ආවා.

“ඔයාට අමාරුද මිස්?ඉන්න මං ඉක්මනටම ඩොක්ටර්ට කතා කරන්නම්…”

ආරාධනා සියලු දෙවියන් සිහි කරමින් ප්‍රාර්ථනා කරේ තම කුස තුල සිටිනා දරුවන් තිදෙනාට කිසිඳු කරදරයක් නැතුව මෙලොව එලිය දැකීමට වාසනාව ලැබේවා කියලයි.

“මිස්,,,,ඩොක්ටර් හදිසි ඔපරේෂන් එකක ඉන්නෙ.මේ වෙලාවෙ එන්න අමාරුයි.ඒ නිසා ඩොක්ටර් සමින්ද ඇවිත් ඉන්නෙ.මිස් පොඩ්ඩක්වත් බය වෙන්න එපා.මිස්ටවත් බබාලටවත් කිසිම කරදරයක් වෙන්නෑ…”

ටිකෙන් ටික වෙලාව යද්දි ආරාධනාගෙ අමාරුව තවත් වැඩි වුනා.ඇය වේදනාවෙන් හඬා වැලපුනේ මහ හයියෙන් කෑ ගසමිනුයි. තියටර් එක පුරාවටම ඇගේ කෑ ගැසීම රැව් දුන්නා.

මේ අතරතුර ශේන්විද හෙදියක ලෙසින් වෙස් වලාගෙන රෝහලට පැමිණියා.ඇය කෙලින්ම ඇතුල් වුනේ බේබි රූම් එකටයි.

මතු සම්බන්දයි.