මෙහෙකාර පෙම්බරී 2

“කිසිම කලබලයක් කරන්න ලෑස්ති වෙන්න එපා.අපේ ඔෆිසර්ලා මේ මුළු ගේම වට කරලා තියෙන්නෙ.අපි පොලීසියෙන්.කෝ ත/මු/න්/ගෙ පුතා?…”

දින දෙකකට පසුව පොලිස් නිළදාරීන්ට ගගන් සහ ඔහුගේ මව සිටි නිවස සොයා ගනු ලැබීය.එම නිවසේ පදිංචිව සිටින්නේ ගගන් සහ ඔහුගේ නිවුන් සහෝදරයාත් මවත් පමණි.ගගන්ගේ සෙසු සහෝදර සහෝදරියන් විවාහ වී වෙනම පදිංචි වී සිටී.

“අනේ මහත්තයො මගෙ පුතා මේ වෙලාවෙ ගෙදර නෑනෙ…”

“එයා ඩොක්ටර් පූර්ණගෙ බිරිඳ ආරාධනාව මෙහෙ හංගගෙන ඉන්නවා.ත/මු/න්/ගෙ පුතා නීතිය ඉදිරියෙ වැරදිකාරයෙක් වෙලා තියෙන්නෙ.අපි එයාව කොහොම හරි අත්තඩංගුවට ගන්නවා.කරුණාකරලා අපිට එයා ඉන්න තැන කියන්න.සාජන්ට් ඔයාලා ගිහින් ගේ පරීක්ෂා කරන්න…”

පොලිස් නිළදාරීන් කිහිප දෙනෙක් සමඟ පූර්ණද නිවස තුලට ගියේ ආරාධනාව දැකීමේ අරමුණිනි.ඔවුන් එම දෙමහල් නිවසේ සෑම කාමරයක්ම පාහේ පාරීක්ෂා කලත් ආරාධනාව සොයා ගත නොහැකි විය.

“ආරාධනා,,,ඔයා කොහෙද ඉන්නෙ?මගෙ මැණික ඔයාගෙ පූර්ණ ඔයාව බේර ගන්න. ආරාධනා…”

පූර්ණ කෙතරම් කෑ ගැසුවත් ආරාධනා නිවස තුළ සිටියේ නැත.බලාපොරොත්තු සුන් වූ දෑසින් ඔහු පහත මාලයට ආවේය.

“අනේ මහත්තයො පුතා මේ වෙලාවෙ ගෙදර නම් නැහැ.එයා කොහෙ ඉන්නවද කියලා මං දන්නෑ…”

“අපිට බොරු කරන්න ලෑස්ති වෙන්න එපා.ත/මු/න්/ගෙ පුතා මේ ඩොක්ටර්ගෙ වයිෆ්ව කොහෙද හංගගෙන ඉන්නෙ?ඒ ගැන ත/මු/න් දන්නවා ඇතිනෙ?ඇත්ත නොකිව්වොත් අපිට ත/මු/න්/ව/ත් අත්තඩංගුවට ගන්න සිද්ද වෙනවා.නීතිය එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා…”

“මං ඇත්ත කියන්නම් මහත්තයා.අනේ මගෙ පුතාට මොකුත් කරන්න එපා…”

“හරි ඇත්ත කියන්න.අපි ඔ/හේ/ගෙ පුතාව ම/$/න්/නෑ…”

“මගෙ පුතා ඒ ගෑ/ණු කෙනාව හිර කරගෙන හිටියෙ මේ ගෙදර තමයි.එයාට දරුවෙක් ලැබෙන්න හිටියෙ.මං කීප වතාවක්ම පුතාට කිව්වා ඒ දරුවව ගෙදර ගිහින් දාන්න කියලා.ඒත් පුතා මං කියන දේ ඇහුවෙ නැහැ. අද උදේ මං පුතා නැගිටින්න කලින් ඒ දරුවව මෙහෙන් පැනලා යන්න ඉඩ දුන්නා…”

“ආරාධනා කීයටද මෙහෙන් ගියේ?එතකොට කෝ දැන් ගගන්?එයා ගියේ ආරාධනාව හොයන්නද?…”

පූර්ණ කලබලකාරී ස්වරූපයෙන් ගගන්ගෙ මවගෙන් එහෙම ඇහුවා.

“දැන් පැය බාගයක් විතර වෙනවා.ඒ දරුවා මේ පැත්තෙන් දුවලා ගියේ.ඊට පැය කාලකට විතර පස්සෙ මගෙ පුතාත් ගියා ඒ දුවව හොයාගෙන.අනේ මහත්තයො මගෙ දරුවා වරදක් කරා නම් හිරේ දාන්න.ඒත් උ/ගෙ ජීවිතේට කරදරයක් නම් කරන්න එපා…”🥺🙏

අසරණ ගැහැණිය පොළිස් නිළදාරීන් ඉදිරියේ වැඳ වැටෙන්නට විය.ඇය ඒ තරම්ම තම පුතුට ආදරය කරාය.තම පුතු කෙතරම් වැරදි කරත් ලෝකයා ඉදිරියේ,නීතිය ඉදිරියේ ඔහු දා/ම/රි/ක/යෙ/කු වුවත් මවගේ සෙනෙහස වෙනස් වන්නේ නැත.

“හරි.ඔය අම්මා දීපු තොරතුරු වලට ගොඩක් ස්තූතියි.අපි කොහොම හරි ගගන්ව ඇරෙස්ට්
කරනවා.එයාගෙ ජීවිතේට කිසිම කරදරයක් වෙන්න අපි ඉඩ තියන්නෑ.අපි වැරදිකාරයින්ට දඬුවම් කරනවා මිසක් එයාලගෙ ජීවිත නැති කරන්නෑ…”

පූර්ණ සමඟ එම පොලිස් නිළදාරීන් ගගන්ගේ මව පෙන්වූ මාර්ගයෙන් ගමන් කරා.ආරාධනාගෙ පින්තූරයක් පෙන්වා කිහිප දෙනෙකුගෙන් විස්තර අසාගෙන ගොස් ඔවුන් නැවතුනේ අඹේවෙල දුම්රිය ස්ථානයේය.

“මේ පින්තූරෙ ඉන්න ගෑණු ළමයා දැන් විනාඩි හතලිස් පහකට විතර කලින් ස්ටේෂන් එක පැත්තට ඇවිත් තියනවා.එයා කොයි හරියටද ගියේ?…”

“ස්ටේෂන් එක පැත්තට නම් ආවෙ නැහැ සර්. මේ ගෑණු ළමයා මං දැක්කා දැන් පැය බාගෙකට විතර කලින් උඩහ පල්ලිය ගාව කන්ද පැත්තට දුවනවා.කව්ද පිරිමි කෙනෙකුත් පස්සෙන් දිව්වා…”

“මේනක අපි ඉක්මන් කරලා ඒ පැත්තට යමු. නිර්වාන් ඔයාලා හතර දෙනා මේ පැත්තෙන් යන්න.සංජුල ඔයාලා ලෑස්ති පිට ඉන්න. අවශ්‍ය වුනොත් වෙ$ තියන්න.ජීවිත හානියක් වෙන්න බැහැ.හැබැයි මිසිස් ආරාධනාව අපි කොහොම හරි බේර ගන්න ඕනි…”

“ඕකේ සර්…”

“පූර්ණ ඔයා මාත් එක්ක එන්න…”

උඩහ කන්දෙ පල්ලිය පැත්තට පූර්ණ ඇතුලු පොලිස් නිළදාරීන් කිහිප දෙනෙකුගෙන් කණ්ඩායමක් පිටත් විය.පූර්ණ සිටියේ දැඩි කලබලකාරී සිතිනි.ආරාධනා දෙමස් ගැනිනියකි.ඇයගෙ තත්වය මේ අවස්ථාවේ කෙඹඳුද?ඔහු බොහෝ ලෙස දුක් විය.

මං ඔයාව කොහොම හරි බේර ගන්නවා ආරාධනා.ඔයාටවත් දරුවටවත් මොකුත් කරදරයක් වෙන්නෑ මැණික.මුළු ලෝකෙමත් එක්ක හරි ස/ට/න් කරලා මං ඔයාව පැටියත් එක්කම බේර ගන්නවා.

පල්ලිය සීමාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළදාරීන් කිහිප දෙනෙක් ගගන් සහ ආරාධනා සොයා විශේෂ මෙහෙයුමක් දියත් කරමින් සිටිය අතර පූර්ණත් ඔවුන් සමඟ ආරාධනාව සොයමින් සිටියේය.ඔහු බොහෝ සේ හෙම්බත්ව සිටිය අතර ආරාධනාව දකින තුරු ඔහුට ඉවසුමක් නැති විය.

ඒ අතරතුර ඔෆිසර් මේනකගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබිණි.ඒ ආරාධනා පිළිඹඳ හෝඩුවාවකි.

“සර් මගෙ ආරාධනා ඉන්නවා නේද?අනේ එයා හොඳින් නේද?…”

“කලබල වෙන්න එපා පූර්ණ.අපේ කට්ටියට හෝඩුවාක් ලැබිලා ආරාධනා උඩහ කැලේ ඉන්නවලු.හැබැයි තාම ගගන්ට ආරාධනාව හම්බෙලා නැහැ…”

පොලිස් නිළදාරීන් සියලුම දෙනා පල්ලිය පිටුපස ඇති විශාල කැලය පීරමින් ආරාධනාව සෙව්වා.එය මහා විශාල වනාන්තරයකි.පෙනෙන තෙක් මානයේ නිවසක් නැත.

එක්වරම වෙ% හඬක් ඇසුනි.පූර්ණ කලබල විය.පොලිස් නිළදාරීන් ඒ හඬට කන් දී විමසිළිමත් වූහ.ඔවුන් සියලු දෙනාම පාහේ එම වෙ% හඬ ඇසුනු සීමාවට ඇදී ගියේ සෙමින් ය.

පුරා පැය දෙකහමාරක පමණ විශේෂ මෙහෙයුමකින් ඔවුන් ගගන්ව අත්තඩංගුවට ගත්තේ කැලේදීමය.ගගන් ළඟ තිබූ පි/ස්/&/ල දෙකක්ද පොළිස් භාරයට ගනු ලැබීය.

“ව% බ&%.කෝ ය/කෝ මගෙ ආරාධනා?කතා ක/ර/ප/න් ගගන්.උ/$ මගෙ ගෑ/ණි/ට මොකද කරේ?කොහෙද ඉන්නෙ මගෙ ආරාධනා?…”

“සර් අපි ඔයාගෙ වයිෆ්ව හොයා ගත්තා.එයා හොඳින් ඉන්නවා.බය වෙන්න එපා…”

ගගන්ගෙ කොලර් එක අතහැරි පූර්ණ පිටුපස හැරීය.දින තුනක් තිස්සේ අතුරුදහන්ව සිටි තම ආදරණීය බිරිඳගේ මුහුණ දුටු ඔහුගේ පපුවට මහත් සැනසීමක් දැනුනි.ඇය හොඳින් සිටිනවා දුටු ඔහු මහ

“පූර්ණ,,,,මහත්තයා…”

“ආරාධනා,,,,මගෙ මැණික…”

පූර්ණ දිව ගොස් ආරාධනාව තම පපුවට තුරුල් කරගත්තා.වටපිටාවට ගැන කිසිඳු සැළකිල්ලක් යොමු නොකෙරූ පූර්ණ ආරාධනාගෙ කඳුලු මුහුණ සි/ප ගත්තා.

“මහත්තයා,,,,මං ගොඩක්,,,,බයෙන්,,, හිටියෙ…”🥺

“මැණික දැන් කිසිම දේකට බය වෙන්න එපා. මං ඉන්නවනෙ…”

පූර්ණ ආරාධනාගෙ හිස සිඹ මුහුණද සි/ප ගත්තා.

මේ අතර වාරයේදි ගගන්ගෙ මව ඔහු සොයා කැලෑවට පැමිණියා.ඇය කැලෑවේ හිස හැරුනු හැරුනු අත දිව ගියේ සිය පුතුව සොයමිනි.

“මල්ලි උ/% නම් කවදාවත් හැදෙන මිනිහෙක් නෙවෙයි.දැන් ඉතින් අවුරුදු ගානක් හිරේම ලැ/ග/ප/න්…”

පූර්ණ එසේ පවසද්දි එක්වරම ක්‍රියාත්මක වූ ගගන් තමා අසළ සිටි පොළිස් නිළදාරියාගෙ අත රැඳි පි/$/%/ල/ය ගෙන පූර්ණගේ හිසට දිගු කරා.බියට පත් වූ ආරාධනා දෙකන් වසාගෙන ගිරි යටින් කෑ ගැසූ අතර එම හඬ කැලෑවේ එහායින් උන් ගගන්ගේ මවටද ඇසුනි.

“එ/කෙ/ක්/ව/ත් කිට්ටු වෙන්න එපා.මං මු/ගෙ ඔලුව කු/ඩු වෙන්නම තියනවා.මට මේ/කා කවුරු වුනත් කමක් නැහැ…”

“අනේ ගගන් අයියෙ එයාට මොකුත් කරන්න එපා.මං වඳින්නම් දෙයියනේ,,,,අනේ මගෙ මහත්තයට මොකුත් කරන්න එපා…”😭

ආරාධනා දෑත් එකතු කරගෙන වැඳ වැටෙද්දි පූර්ණ ඇයව තමා පිටු පසට කර ගත්තා.

“මං මෙච්චර දවසක් තිස්සෙ බල බලා හිටියෙ උ/%/න් ප//ලි ගන්න පූර්ණ.උ/% මගෙ කවුරුවත් නෙවෙයි.උ/$/ලා ඔක්කොම අවස්ථාවාදියො.උ/$/යි උ/% ගෑ/ණි/යි ඔක්කොමලා එකතු වෙලා මාව එදා හිරේ යැව්වා.මං මාස ගානක් තිස්සෙ හිරේ ඉඳන් දුක් විඳිද්දි උ/$/ලා සතුටින් හිටියා.මං හිරේ ඉන්නැද්දි හිතුවා වැඩි කල් යන්න කලින් මට කරපුවට ප//ලි ගන්නවා කියලා.අද ඒ දවස උදා වෙලා තියෙන්නෙ.මං හිරේ යන්නෙ උ/$/ව/ත් ම/%/ගෙ/ම/යි…”

“පුතේ,,,,,එපා,,,,
ඩෝං,,,,ප/ටෝං,,,,

මං ගිරි යටින් කෑ ගහගෙන කන් දෙක වහ ගත්තා.ඒත් පූර්ණ මහත්තයා තවමත් ඉන්නෙ මාව අල්ලගෙන.මං හෙමින් හෙමින් ඇස් ඇරලා බැලුවා.ගගන්ගෙ අම්මා $ල් විලක් මැද වැටිලා ඉන්නවා.මට කෑ ගැස්සුනා.ඇගේ පපුව මැද්දෙන් $ල් ගලනවා.

පූර්ණ මහත්තයගෙ ජීවිතේ බේර ගන්න ඒ වෙ/% උ/&/ඩෙ/ට බි//ලි වුනේ ගගන්ගෙ අම්මා.ගගන්ගෙ ඇස් දෙක ඉදිරිපිටම එයාගෙ අම්මා අවසන් හුස්ම හෙලුවා. ගගන්ගෙ දෑත් වලට මාංචු වැටුනා.ඒ ඇස් තාමත් වෛ/ර/යෙ/න් දිලිසෙනවා.

“පූර්ණ උ/$ නිසයි මගෙ අම්මා මැ/%/නෙ.මං මේකට උ/%/න් ප//ලි ගන්නවා ගන්නවාමයි ය/කෝ.හිතන්න එපා මං හැමදාම හිරේටම වෙලා ඉඳියි කියලා…”

ගගන් මහ හයියෙන් වියරුවෙන් වගේ එහෙම කියලා කෑ ගහද්දි මට හරියට බය හිතුනා.ඒත් දැන් එයා ඉන්නෙ පොලිස් අත්තඩංගුවෙ නිසා බයක් වෙන්න දෙයක් නෑනෙ.අනික ගගන්ගෙ අතින් එයාගෙ අම්මව මැ/%/නෙ පොලිස් නිළදාරියො ඉදිරිපිටමනෙ.ගගන්ට ලේසියෙන් නීතියෙන් ගැලවෙන්න බැහැ.

〰️〰️〰️

“ගගන් ඔයාට මොකුත් කරදරයක් කරාද ආරාධනා?ඒ දවස් ටිකේ ඔයාට මොකද වුනේ?…”

“නැහැ මහත්තයා.එහෙම දෙයක් වුනා නම් ඔයාට දකින්න ලැබෙන්නෙ මගෙ ම//ළ ක/ඳ…”

“වහනවා කට.ළමයෙක් හම්බ වෙන්න ඉන්න නිසයි ඉවසන්නෙ.නැත්නම් දෙන්නෙ දත් ටික බඩට යන්න.ගගන් ඔයාට කන්න බොන්න දීපු කෑම වල මොකුත් අහිතකර දෙයක් අඩංගු වෙලාද කියලා බලන්න ඕනි.ඒ නිසා මේ ටෙස්ට් ටික කරමු…”

පූර්ණ ආරාධනාව රෝහල් ගත කරලා නිවසට දුරකථන ඇමතුමක් ගෙන සිද්දිය පැවසුවා.ඉන් පැය කිහිපයකට පසුව මවත් පුංචි එලීෂා පැටික්කිත් සමඟ රෝහලට ආවා.

“අනේ පුතේ දුවට කොහොමද?දරු පැටියට මොකුත් කරදරයක් නෑ නේද?…”

මව ඇහුවෙ ඇස් දෙකේ කඳුලු පුරවගෙන. පැටික්කි හතර වටේම බල බල එයාගෙ අම්මිව හොයනවා.

“අම්මි කෝ,,,,පුතු අම්මි කෝ?…”

පූර්ණ එලීෂා පැටික්කිව වඩාගත්තා.කෙ/ල්/ල/ට අම්මා නැතුව සාංකාව වගේ.මේ දවස් දෙක තුනේම හරියකට කෑමක් කෑවෙ බිව්වෙ නැහැ.ආරාධනාව හොය හොයා අඬනවා.

“බය වෙන්න දෙයක් නැහැ අම්මෙ.ආරාධනායි දරුවයි දෙන්නම හොඳින් ඉන්නවා.ටික දවසක් රෙස්ට් කරාම එයාට ඔය ඇඟේ අමාරුව අඩු වෙයි…”

“දෙයියන්ට පින් සිද්ද වෙන්න මගෙ දුව හොඳින් ඉන්නවා.දැනුයි මගෙ ඇඟට $ල් ටිකක් ඉනුවෙ…”

පූර්ණ අම්මවයි පැටියවයි එක්කරගෙන ආරාධනා ගාවට ගියා.අම්මව දැක්කා විතරයි පැටියා සතුටින් කෑ ගැහුවා.කෙ/ල්/ල ආරාධනා ගාවට පැනලා ගියා.

“මගෙ වස්තුව අම්මි නැතුව පාළුවෙන්ද හිටියෙ?මගෙ මැණික බය වුනාද සත්තලං?බිල්ලො වගයක් අම්මිව අරන් ගියානෙ.අම්මි ආයෙ පැටියව දාලා කොහෙවත් යන්නෑ…”

ආරාධනා පැටික්කිව තුරුල් කරගෙන කම්මුලක් සි/ප/ගෙ/න ආදරෙන් හිස අතගෑවා.හැමෝම සැනසුම් සුසුමක් හෙලුවෙ කරදර සියල්ලම නිමා වූ නිසයි.

“අම්මි,,,කු/ක්/කු නෑ බබාත,,,,බබා පව්ව්,,, තා,,ති ගැවුවා…”

පණ්ඩිත කෙ/ල්/ල කට උල් කර කර කේලම් ටික ආරාධනාත් එක්ක කියනවා.කකුල පෙන්නලා කියනවා තාත්ති ගැහුවලු.

“අනේ මහත්තයා ඔයා ඇයි පැටියට ගැහුවෙ?…”

“මහ හයියෙන් ගැහුවෙ නැහැ ආරාධනා. ඔයාව ඉල්ලලා කෑ ගහනවා ඉවරයක් නැහැ. මං බැරිම තැන හිමින් පාරක් ගැහුවා කකුලට.ඒක ඔය මේ කෙ/ල්/ල ලොකුවට කියන්නෙ.කේලම් මල්ල.නපුරිච්චි…”

“මගෙ පැටියා නපුරු නෑ.තාත්ති බොලු කියනවා.නේද පැටියො?අම්මි ඉන්නවනෙ මගෙ පැටියා ගාව…”

ආරාධනා පැටියව තුරුල් කරගත්තා.

මතු සම්බන්දයි.