16 EPISODE (බෝනස්)
මෙහෙකාර පෙම්බරී 2

“ආව්,,,අනේ මගෙ ඔලුව රිදෙනවා…”

ආරාධනා ඔලුවටත් අත තියාගෙන ඇඳෙන් නැගිට්ටෙ බොහොම අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන.පූර්ණයි ආරාධනා ගාවින්ම වාඩි වෙලා හිටියා.පැටියත් අම්මි දිහාම බලාගෙන ඉන්නවා.

“ආරාධනා ඔයා හොඳින් නේද මැණික?ඔලුව ගොඩක් රිදෙනවද?…”

ආරාධනා නලලට අත තියලා බැලුවා.චුට්ටක් විතර නලල තඩිස්සි වෙලා.ඒ ඉස්සෙල්ලා මැෂින් එකේ වැදිච්චි පාරට වෙන්න ඇති.කෙ/ල්/ල ඇස් දෙක පොඩි කර කර පූර්ණ දිහා බැලුවා.

“මට මොකද වුනේ මහත්තයා?ඉස්සෙල්ලා කලන්තෙට වගේ ආවා.කව්ද මාව ඇඳෙන් ගෙනත් තිබ්බෙ?…”

“අම්මයි කුසුමා නැන්දයි ඔයාව ඇඳෙන් තිබ්බෙ.මැෂින් එකේ මහ මහා ඉන්නකොට ඔයා එකපාරටම පුටුවත් පෙරගෙන වැටුනා. මං බය වුනා ඇඟිල්ලවත් අහු කරගෙනද කියලා නීඩ්ල් එකට…”

පූර්ණ ඉන්නෙ අමුතු සතුටකින් කියලා ආරාධනාට හිතුනා.ඒ මූණෙ හැංගිලා තියන හිනාවෙ මොකක් හරි හොරයක් තියනවා කියලා කෙ/ල්/ල/ට හිතුනා.කෙල්ල හිමින් සීරුවෙ පූර්ණට ලං වුනා.

“මහත්තයා ඇයි මේ අමුතු සතුටකින්?…”

“ඇයි මට සතුටින් ඉන්න හොඳ නැද්ද?ඔව් ඉතින් වයිෆ් සතුටින් ඉන්න එක තමයි හස්බන්ඩ්ගෙ සතුට.හැබැයි හස්බන්ඩ් සතුටින් හිටියොත් ඒක වයිෆ්ට සැකයි…”

“අනේ මේ මං කොයි වෙලේද කිව්වෙ ඔයා ගැන සැකයි කියලා?මං ඇහුවෙ ඔයා අමුතු සතුටකින් වගේ ඉන්නෙ ඇයි කියලා…”

“තරහ ගියාද සුද්දිට?…”

“නැහැ.තරහ ආවා…”

“ඔහොම තරහ ගන්න එපා මගෙ බෝල කැටේ.දැන් ඔයා වෙනදාටත් වඩා සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි…”

පූර්ණ කියපු දේ අරුත කෙ/ල්/ල/ට තේරුනේ නැහැ.

“ඒ මොකද වෙනදටත් වඩා?…”

“මගෙ මැණික අම්මා කෙනෙක් වෙන්න යන්නෙ…”

“මං ඉතින් කොහොමත් අම්මා කෙනෙක් තමයි…”

ආරාධනා ඇඳෙන් නැගිටලා අඩි දෙක තුනක් ගිහින් එකපාරටම හැරිලා පුදුම වෙලා වගේ පූර්ණ දිහා බැලුවා.

“මොකක්ද මහත්තයා ඒ කිව්වෙ?මේ,,,මං අම්මා කෙනෙක්,,,වෙන්න යනවා කිව්වෙ?…”

“මගෙ මැණිකෙගෙ බණ්ඩියට බබෙක් ඇවිත්…”

පූර්ණ හරිම ආදරෙන් කෙ/ල්/ල/ව බදාගෙන බඩ අතගෑවා.

“අනේ මහත්තයා ඔය ඇත්තමද?අනේ මට ගොඩක් සන්තෝශයි…”

“ඔයා දැන් වෙනදාටත් වඩා පරිස්සම් වෙන්න ඕනි හොඳද?පැටියගෙ වැඩත් එක්ක ඔයා දවස තිස්සෙ ගොඩක් මහන්සි වෙනවනෙ. සුමනා නැන්දයි,අම්මයි ඉන්නවනෙ…”

“මට හිතාගන්න බැහැ මහත්තයා.මට ගොඩක් සතුටුයි…”

කෙ/ල්/ල පි/ස්/සු/වෙ/න් වගේ පූර්ණව කි/ස් කරනවා.දෙන්නා හිටියෙ ගොඩාක් සතුටින්.

“මටත් ගොඩක් සතුටුයි මැණික.ආයෙත් තාත්තා කෙනෙක් වෙන්න ලැබෙයි කියලා මං කවදාවත් හිතුවෙ නැහැ…”

“ඇයි එහෙම කිව්වෙ?…”

“මැණික මගෙ ජීවිතේට එන්න කලින්නෙ ශාරදී මාවයි දරුවයි දාලා ගියේ.එදා ඉඳන් අපි දෙන්නා තනි වුනා කියලයි මං හිතුවෙ. මෙහෙම ජීවිතයක් ලැබෙයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නැහැ රත්තරං.මගෙ වස්තුවට ගොඩක් පින් මට මේ ලබා දුන්නු සතුටට…”

“මහත්තයටත් ගොඩක් පින්.මහත්තයයි පැටියයි නිසයි මගෙ ජීවිතේ ලස්සන වුනේ. දෝණි මගෙ මැණික එන්නකො සහසක් කියන්න…”

ආරාධනා කියද්දි කෙ/ල්/ල දුවගෙන ආවා. ආරාධනා පැටියව ඔඩොක්කුවෙන් තියාගෙන කම්මුලක් සි/ප ගත්තා.

“ඔන්න අම්මි ඔයාට මල්ලි බබෙක් ගේන්නයි හදන්නෙ.මගෙ පැටියා කැමතියි නේද මල්ලි බබාලට?…”

ආරාධනා කෙලි පැටික්කිගෙන් අහනවා. පැටියට තාම තේරුමක් නැහැ මල්ලි බබෙක් ගේනවා කිව්වම.තව චුට්ටක් ලොකු වෙලා හිටියනම් තේරෙයි.

“ඔන්න දෝණි ඔයාට අද ඉඳන් අම්මි කු/ක්/කු තහනම්…”

“අනේ පැටියා පව්නෙ මහත්තයා.මෙයා මගෙ ලොකු බබානෙ.මගෙ පැටව් දෙන්නටම අම්මි කුක්කු බොන්න පුලුවන්…”

“පැටව් දෙන්නා කිව්වෙ මටත් එක්කද?…”

පූර්ණ කට ඇද කරගෙන අහනවා.ආරාධනා ඔහුට රැව්වා.

“නෑ මෝ/ඩ/යො.මගෙ දෝණි පැටියයි.මේ බණ්ඩියෙ ඉන්න පැටියටයි කිව්වෙ.ඔයා ඉතින් මගෙ හබී බබානෙ…”

“කෝලමක් ඔයා නම්.දැන් ටිකක් රෙස්ට් කරන්න.සුමනා නැන්දා මෙයාට කවයි.ඔයාට මහන්සි වෙන්න හොඳ නැහැ…”

“දරුවට කවන එක මට කරන්න පුලුවන් මහත්තයා…”

“කියන දේ අහන්න පුරුදු වෙන්න ආරාධනා. හස්බන්ඩ් නෙවෙයි මේ කතා කරන්නෙ ඩොක්ටර්…”

“හ්ම්ම්…”

ආරාධනා ඇඳෙන් නැගිටලා කොට්ටෙයි සීට් එකයි අතට ගත්තා.

“ඔය කොහෙද යන්න හදන්නෙ කොට්ටෙයි සීට් එකයි අරගෙන?…”

“එහා කාමරේට…”

“ඇයි මේ ඇඳේ නිදාගන්න ඉඩ මදිද?…”

“හස්බන්ඩ් නෙවෙයිනෙ ඔය කතා කරන්නෙ. ඩොක්ටර් කෙනෙක්ගෙ.හස්බන්ඩ් ගෙදර ආවම මං එන්නම්…”

කෙ/ල්/ල හිනාව තද කරගෙන කියනවා.

“දෙනවා දෙකක් මං දැන්.මෙන්න මෙහෙන් ටිකක් ඇල වෙලා ඉන්නවා පණ්ඩිතයා නොවී.මං පැටියව බලා ගන්නම්…”

“මං නෙවෙයි රෙස්ට් කරන්න ඕනි මහත්තයයි.තාම කකුල සනීපත් නැහැ. ඇවිද්දොත් තුවාලෙ පෑරෙයි.ඒ නිසා ඇඳටම වෙලා ඉන්න.මට දැන් මහන්සියක් නැහැ…”

“තව දවස් දෙකතුනකින් අම්මත් එක්ක ගිහින් ගව්ම් ටිකක් අරන් එන්න.ඔය ඇඳුම් අඳින්න බැහැනෙ දැන්.සැහැල්ලුවට අඳින්න. හිර ඇඳුම් එහෙම අඳින්න එපා…”

“හා මහත්තයා.ඔයාට කෑම ගේන්නද?දැන් බෙහෙත් බොන වෙලාවත් ළඟයි…”

“හ්ම්ම්.පරිස්සමෙන් යන පඩිපෙලේ.වෙනදා වගේ අස්ස රේස් එහෙම දුවන්න එපා…”

“හා දොස්තර මහත්තයෝ…”

ආරාධනා කට ඇද කර කර හිනා වෙවී කියනවා.

〰️〰️

“මහත්තයා එන්න නාන්න…”

“මට තනියම නාන්න පුලුවන් ආරාධනා.ඔයා මහන්සි වෙන්න එපා…”

“තාම හරියකට ඇවිදගන්න බැහැ.ඒ වුනාට තනියම නාන්න පුලුවන්ලු.තුවාලෙ තෙමාගෙන කෑ ගහනාවකො.දෙන්නෙ පු/&/ට පයින් එකක්.ඔයාට නාන්න උදව් වුනා කියලා මට හන්දිපත් රුදාව හැදෙන්නෑ.කට වහගෙන එනවා නාන්න…”

ය/කෝ මේකිට තියෙන්නෙ මා/ර බෙලෙක් කටක්නෙ.හරියට පන්සලේ ඝන්ටාරෙ වගේ. දැන් මේ/කි හරියට න/පු/රු වෙලා.අනේ දෙයියනේ මගෙ පොඩි එකාත් මෙහෙම යස්සයෙක් වෙයිද දන්නෑ.

ආරාධනා පූර්ණව එක්කරගෙන බාතෲම් එකට ගිහින් පුටුවෙන් වාඩි කෙරෙව්වා. පූර්ණ ආරාධනාගෙ ඇඟට බර නොදී ආවෙ කොර ගගහා වගේ.

“ඔයත් නාන්නකො…”

“මං පස්සෙ නාගන්නම්.ඉස්සෙල්ලා ලෙඩා නාවලා ඉන්න එපායැ.කෝ ඔය සරම ගලවන්න…”

“එපා.මට ලැජ්ජයි…”🙈

“විකාර කරන්න එපා අනේ.යටට ඇඳලනෙ ඉන්නෙ.මෙයා මේ කො/ල්/ලා වෙන්න දඟලනවා.ළමයි දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක් දැන්…”

“ඔයා කිව්වත් නැතත් මං කො/ල්/ලා තමයි. තාම තිහක්වත් නැහැ…”

“ඔව් ඔව්.මේ කෙසුත් ඉදිලා…”

“ඒයි බොරු කියන්න එපා.මගෙ කෙස් ඉදිලා නැහැ…”

“කෝ මේ පැත්ත හැරෙන්න.දඟලන්න එපා. තුවාලෙ තෙමෙයි…”

එයාව නාවන්න එක්කන් ආවම පොඩි බබෙක් වගේ.දැන් ඉතින් මාවත් තෙමයි මෙතන රොමෑන්ටික් වෙන්න ගිහින්.එක සැරයක් වගේ මට ආපහු හෙම්බිරිස්සාවකුයි උණකුයි හදාගෙන හොස්පිටල් එකේ ඉන්න වෙයිද දන්නෑ.

සරම ගලෝලා පැත්තකට දාලා කකුල තෙමෙන්නැති වෙන්න මං පූර්ණ මහත්තයව නෑව්වා.ආපහු බේසමට වතුර එකක් පුරවලා එයාගෙ ඔලුවෙ ෂැම්පු ගාලා ඇඟ අතුල්ලලා නෑව්වා.මාවත් නෑවුනා එයාව නාවන්න ගිහින්.

“ඔයත් මෙහෙම්මම නාගන්න බබා.නැත්නම් හෙම්බිරිස්සාව හැදෙයි.මතකයිනෙ එදා…”

“අම්මෝ මතකයි මතකයි.මෙයා බාත් ටබ් එකේ රොමෑන්ටික් වෙලා අන්තිමට මං නතර වුනේ හොස්පිටල් එකේ…”

පූර්ණ මහත්තයා ඔලුවත් පිහදාගෙන ඇඟත් පිහදා ගත්තා.මං එයාට සරමක් අන්දෝලා මූණට පව්ඩර් චුට්ටක් දාලා ඔලුව පීරුවා. අම්මෝ දැන් නම් ගම් බට්ටෙක් වගේ ලස්සනයි.

මාවත් බාගෙට නෑවිලා ස්කිනි එක ඇඟටම ඇලිලා.බන්ඩිය චුට්ටක් ලොකු වෙලාද මන්දා වෙනදට වඩා.

“මහත්තයා…”

“ම්ම්…”

“මෙහෙ බලන්නකො…”

“ලස්සනයි.තව ටිකක් උඩ තෙමුනා නම් තවත් ලස්සනයි.සීගිරි අප්පරාවියක් වගේ…”

පූර්ණ කෙ/ල්/ල/ට විහිළු කරන්න ගත්තා. කෙ/ල්/ල ලැජ්ජාවෙන් වගේ හිනා වෙලා පූර්ණ ගාවට ගියා.

“ගිහින් වොශ් එකක් දාගන්න මැණික.ඔයාව තෙමිලනෙ.හෙම්බිරිස්සාව හැදෙයි තෙත ඇඳුම පිටින් හිටියම…”

“මේ බලන්නකො මහත්තයා.බඩ චුට්ටක් ලොකු වෙලාද මන්දා…”

කෙ/ල්/ල බඩට අත තියාගෙන කණ්ණාඩියෙන් හැරි හැරි බැලුවා.පූර්ණට හිනා.

“ඇයි හිනා වෙන්නෙ?…”

“පි/ස්/සු කෝලම.දැන්ම එහෙම බඩ ලොකු වෙන්නෑ.තවම මාසයයි.බඩ ලොකු වෙන්න තව කල් යනවා…”

“ඒ කාලෙ වෙද්දි මං ගොඩක් මහතට ඉඳියි නේද මහත්තයා?…”

“හ්ම්ම් ඔව් ඔව්.අල බෝලයක් වගේ ඉඳියි. හොඳ බබා වගේ වොශ් එකක් දා ගන්න.වැඩි වෙලා වතුරෙ ඉන්න එහෙම එපා…”

“හ්ම්ම්…”

පූර්ණ කිහිලි කරුවෙ ආධාරයෙන් කාමරේට ගියා.ආරාධනා නාගෙන ඉවර වෙලා ඇවිත් සැහැල්ලු කලිසමකුයි ස්කිනියකුයි ඇඳ ගත්තා.

“ගව්මක් ඇඳ ගන්න බබා.ඕවා අඳින්න එපා. ඔයා ගමනක් අඳින ගව්ම් එහෙම තියනවනෙ…”

“හ්ම්ම්…”

ආරාධනා අල්මාරිය ඇරලා ගව්මක් අරගෙන ඇඳගෙන කොණ්ඩෙට කටුවක් ගහ ගත්තා.
රෝස පාට ගව්මට ආරාධනා රෝස මලක් වගේ ලස්සනයි කියලා පූර්ණට හිතුනා.

රෑට කන්න සුමනා නැන්දා හදලා තිබුනෙ කිරිකොස් මාළුවයි,කුකුල් මස් කරියයි,අඹ මාළුවයි,පපඩමුයි.කිරිකොස් මාළුව වැඩියෙන් බෙදා ගත්තෙ ආරාධනා.

“දුව කන්න ආස මොනවා හරි තියනවා නම් ලැජ්ජ වෙන්නැතුව කියන්න.මම ඉන්නවා, සුමනා ඉන්නවා දුවට ඕනම දෙයක් හදලා දෙන්න…”

“අච්චාරු එහෙම නම් කන්න ආස හිතෙනවා අම්මෙ…”

“ගහේ අඹ ඕන තරම් තියනවනෙ.මං දුවට රසට අඹ අච්චාරුවක් හදලා දෙන්නම්කො…”

ආරාධනා කෑම කාලා ඉවර වෙලා කාමරේට එද්දි පැටියා තාත්තිගෙ බඩ උඩ නැගලා සෙල්ලම් කරනවා.

“තූති මැණික තාත්ති ඌවා වෙලා ඉන්නෙ. සිදෙයි තුවාලෙ.දඟ කරන්න එපා…”

“අම්මි චුච්චු,,,බොමූ…”

කෙ/ල්/ල පූර්ණගෙ බඩ උඩ ඉඳන් බැහැලා ආරාධනාගෙ ඔඩොක්කුවට පැන්නා. ආරාධනා ගව්මෙ කර උරහිසෙන් පන්නලා පැටියට කිරි දුන්නා.

“මැණික,,,,ඔයා ඔට බොන්නෙ මල්ලි බබාගෙ කු/ක්/කු ටික…”

පූර්ණ කියනවා.

“තාත්ති වගේ තමයි.අම්මා කියනවා ඔයා ඒ කාලෙ ගගන් අයියත් එක්ක රණ්ඩු වෙනවලු අම්මගෙන් කිරි බොන්න…”

“ඔයා ගොඩක් හොඳ අම්මා කෙනෙක් ආරාධනා…”

පැටියට නින්ද ගියාට පස්සෙ තොටිල්ලෙන් තියපු ආරාධනා ඇඳට ඇවිත් පූර්ණට තුරුල් වුනා.පූර්ණ ආරාධනාගෙ පැත්තට හැරිලා බඩ අතගෑවෙ හරිම ආදරෙන්.

“අම්මි වගේ ච/ණ්/ඩි රැජිනක් වෙයි නැත්නම් තාත්ති වගේ දොස්තර මහත්තයෙක් වෙයිද දන්නෑ…”

“තාත්ති වගේ දොස්තර මහත්තයෙක් වුනොත් හොඳයි නේද?…”

“ම්ම් එහෙමත් හොඳයි.මං කැමතියි මගෙ පුතණ්ඩියා ක්‍රිකටර් කෙනෙක් හරි ලෝයර් කෙනෙක් හරි වෙනවා නම්…”

“ක්‍රිකටර් කෙනෙක්.මහත්තයට පුලුවන්ද ක්‍රිකට් ගහන්න?…”

“මොකෝ බැරි?ස්කූල් ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් මම.මට හොඳට ක්‍රිකට් ගහන්න පුලුවන්…”

“එහෙනම් අපි පුතාව ක්‍රිකටර් කෙනෙක් කරමු.දුවව ඩොක්ටර් කෙනෙක් කරමු.චූටි ලස්සන හුරු බුහුටි දොස්තර නෝනා කෙනෙක්.හරිම ශෝක් නේද මහත්තයා?…”

“හ්ම්ම්.දෙන්නෙක් මදි බබා.පව්ලක් සම්පූර්ණ වෙන්න නම් දරුවො හතර පස් දෙනෙක්වත් ඉන්න ඕනි…”

“පුංචි පව්ල රත්තරං.නේද මහත්තයා?…”

“වැඩුනු පව්ල ඉස්තරම්…”

එයා මාව තුරුලට අරගෙන නලල සි/ප/ගෙ/න නිදා ගත්තා.මේ ජීවිතේ මේ සතුට මං හැමදාම ආදරෙන් ප්‍රාර්ථනා කරා.කිසිම නපුරක්,බාධාවක් එන්න එපා අපේ ජීවිත වලට.

〰️〰️

සති දෙක තුනක් යද්දි පූර්ණ මහත්තයට හොඳටම සනිප වුනා.එදා අර කෝල් එකෙන් පස්සෙ ගෙදරට කිසිම ලියුමක්වත් තෑග්ගක්වත් කොල් එකක්වත් ආවෙ නැහැ. ඒත් අපේ ජීවිත වලට තිබ්බ ප්‍රශ්න සේරම ඉවරයි කියලා හිතන්න පුලුවන් කමක් තිබුනෙ නැහැ.මොකක් හරි න/පු/රු මූ/ස/ළ ගතියක් මගෙ හිතට දැනුනා.

“මහත්තයා එන්න වොලි බෝල් ගහන්න…”

“අනේ මේ පණ්ඩිතයා වෙන්නැතුව පැත්තකට වෙලා ඉන්නවා.මං කිව්වා නේද මහන්සි වෙන්න එපා කියලා.ඔයා හරිම මුරණ්ඩුයි ආරාධනා…”

කෙ/ල්/ල දුකෙන් වගේ පැත්තකට වුනා. පූර්ණ පුංචි එලීෂා පැටික්කිත් එක්ක වොලි බෝලෙන් සෙල්ලම් කරනවා.ආරාධනා කෙක්කක් අරගෙන ගිහින් තාප්පෙ අයිනෙ තියන පේර ගහෙන් පේර කැඩුවා.ලොකු පේර ගෙඩියක් කෙක්කෙන් දමලා ඇදපු පාරට ඒක තාප්පෙන් එහා පැත්තට වැටුනා.

“ඒ/යි කොහෙද යන්නෙ?…”

“පේර ගෙඩිය පාරට වැටුනා.මං ඒක අරන් එන්නම්…”

ආරාධනා එහෙම කියලා ගේට්ටුව ඇරගෙන පාරට ගියා විතරයි පාරෙ අයිනෙන් ආපු වෑන් එකක් ඇගේ දෙපා මුල මහ හයියෙන් බ්‍රේක් ගහලා නතර කරා.ආරාධනාට මොකුත් හිතා ගන්න බැරි වුනා.වෑන් එකෙන් එලියට බැහැපු මිනිස්සු දෙතුන් දෙනෙක් ඇයව ඇදලා වෑන් එක ඇතුලට දා ගත්තා.

“මහත්තයා,,,අනේ මහත්තයා මාව බේර ගන්න…”

පැටික්කිත් එක්ක හයියෙන් කෑ ගගහා සෙල්ලම් කර කර හිටපු පූර්ණට ආරාධනාගෙ සද්දෙ ඇහුනෙ නැහැ.විනාඩි දහයක් විතර ගියා.ආරාධනා ආවෙ නැහැ.

“මේ/කි පාරෙ අයිනෙ ඉඳන්ම පේර ගෙඩිය කනවද දන්නෑ පෙරේතකමට හෝදන්නෙම නැතුව…”

මතු සම්බන්දයි.❤️❤️❤️❤️

පෙර කොටසට