15 EPISODE
මෙහෙකාර පෙම්බරී 2

“ඔයාට නම් හරි හිනා නේද?…”

“නැතුව නැතුව.හිනා යන්නැතුවයැ මෝ/ඩි/යෙ.අ/රූ මා/ර ට්‍රයි එකක්නෙ දෙන්නෙ ඔයාව මගෙන් ඈත් කරන්න.පුත්තලම් බූ/රු/වා…”

ආරාධනා පූර්ණට නොරිදෙන සේ ඔහුගෙ උරහිසෙන් ඔලුව තියාගෙන පපුවෙ අතගාමින් හිටියා.ගගන් තව ඉස්සරහට මොනවා කරාවිද කියලා හිතා ගන්න බැහැ. ඔහු මේ කරන දේවල් වලට පූර්ණගෙ හිත කඩන්න බැරි බව තේරුනාම ඊට වඩා ද/රු/ණු දෙයක් වුනත් කරන්න බැරි නැහැ.

“මට හිතෙනවා මහත්තයා මේ ඇක්සිඩන්ට් එකත් ගගන් අයියගෙ වැඩක් කියලා.ඔයා ඔච්චර හිමින් ඇවිල්ලත් කොහොමද කාරෙක හැප්පුනේ?…”

“මං හිමින් ආවට ඒ ලොරිය වේගෙන්නෙ ආවෙ ආරාධනා.පොලීසියෙන් කිව්වා ඒ ලොරිය කොච්චිකඩේ පැත්තෙ කෙනෙක්ගෙ ලොරියක්ලු…”

“එතකොට ගගන් අයියගෙ සම්බන්දයක් නැද්ද මේකට?…”

“මං හිතන විදියට නම් ගගන්ගෙ සම්බන්දයක් නැහැ මේකට.කොළඹට එළවළු ගෙනාපු ලොරියක්ලු ඒක…”

“පොලීසියෙන් කෝල් කරපු වෙලාවෙම මට නම් සැකේ ආවේ මේක ගගන් අයියගෙ ප්ලෑන් එකක් වෙන්න ඇති කියලා.එයාට ඕනි කම තියෙන්නෙ ඔයාගෙනුයි,මගෙනුයි ප//ලි ගන්නනෙ.කෝකටත් ඔයා පරිස්සමෙන් ඉන්න මහත්තයා.මේ ලියුම්,තෑගි,ෆොටෝ එවලා ඔයාවයි මාවයි වෙන් කරන්න බැහැ කියලා දැන ගත්තම එයා ඊට වඩා දෙයක් කරන්න පුලුවන්…”

“ඔයාගෙ කතාව ඇත්ත තමයි ආරාධනා. ගගන් කියන්නෙ හොඳ මනුස්සයෙක් නෙවෙයි.පා/තා/ල ලෝකයෙ මැ/ර/යො ච/ණ්/ඩි ආශ්‍රය කරපු කෙනෙක්.අපේ ගෙදර ඉඳලත් අපිට එයාබ හරියට අඳුර ගන්න බැරි වුනා.ඔයාට මතකයිනෙ එයා ශාරදීගෙ තාත්තව හංගගෙන හිටපු හැටි?ඒ මනුස්සයව බේර ගන්න පොලීසියෙනුයි, සීඅයිඩී එකෙනුයි සෑහෙන ගේ/ම/ක් දුන්නෙ…”

“අපි පරිස්සම් වෙමු මහත්තයා…”

“හ්ම්ම්.බය නැතුව ඉන්න.මේ ටිකේ මට ඇවිදගන්න බැරි වුනාට හැමදාම මං මෙහෙම ඉන්නෑනෙ.කකුල සනීප වුනු ගමන්ම පොඩි වැඩක් තියනවා කරන්න…”

“ඒ මොකක්ද?…”

“ඒක මං පස්සෙ කියන්නම්කො.සුදු මැණිකා බයෙන්ද ඉන්නෙ?…”

“එපා මට සුදු මැණිකෙ කියන්න…”

“අහ්,,,,අර ලියුමෙත් සුදු මැණිකෙ කියලා තිබුනු නිසාද?සුදූ කියන්නම්…”

“හ්ම්ම්…”

“හොඳ ළමයා වගේ මට බොන්න මොනවා හරි ගේන්නකො.හරිම තිබහයි…”

“හ්ම්ම්…”

ආරාධනා නැගිටලා කුස්සියට ගිහින් කෝඩියල් එකක් හදාගෙන ඇවිත් පූර්ණට දීලා හොස්පිටල් එකේදි ඇඳපු ඇඳුම් ටිකයි හෝදන්න තිබ්බ අනික් ඇඳුම් ටිකයි වොශින් මැෂින් එකට දැම්මා.

ගෙවෙන හැම තප්පරේකම ඇගේ හිතට නුහුරු බියක් දැනුනා.හෙට දවසෙ මොනවා එවයිද දන්නෑ.

“තූති මැණික එන්න හබුං කන්න…”

පැටියගෙ කෑම එක අරගෙන ආරාධනා කාමරේට ආවා.කෙලි පැටික්කි හිටියෙ ටෙඩි බෙයාර්ලා එක්ක සෙල්ලම් කර කර.ආරාධනා ටිකක් වෙලා පැටියා දිහා බලන් හිටියා. මල්ලියෙක් හරි නංගියෙක් හිටියා නම් පැටියගෙ පාළුව නැති වෙයි.

“දෝණි එන්න වස්තූ හබුං කන්න.මේ අම්මි ඔයාට සසම සස කෑමක් හැදුවා.පැටියා ආසයි නේද?…”

ආරාධනා කතා කරාට පැටික්කි ආවෙ නැහැ. ඇහුනෙ නෑ වගේ හො/ර/ට ඉන්නවා සෙල්ලම් බඩු ටික ලං කරගෙන.

“පෙනේද මහත්තයා මේ/කි/ගෙ තියන ක/ප/ටි කම?මං දැන් දෙපාරක්ම කතා කරා කෑම කවන්න.ඇහුනෙ නෑ වගේ ඉන්නවා…”

“ඔයාගෙ හුරතලේ තමයි ආරාධනා ඔය. පාරක් ගහන්නෑ.වැරැද්දක් කරාමත් හුරතල් කර කරම ඉන්නවා.ඔන්න බලන්නකො,,,, දෝණි…”

පූර්ණ මහත්තයා සැරෙන් කතා කරාම පැටියා ඔලුව උස්සලා ඒ දිහා බැලුවා.

“යනවා ගිහින් අම්මගෙන් හබුං ඉල්ලන් කනවා මගෙන් ගුටි නොකා.තාත්ති සැරයි. ගුටි දෙන්නෙ හබුං කෑවෙ නැත්තං…”😬

කෙ/ල්/ල මූණ ඇඹුල් කරගෙන ටෙඩියවත් පැත්තකට දාලා ආරාධනා ගාවට දුවගෙන ගියා.

“මගෙ පැටියට තාත්ති සැර කරාද?අපි හබුං ඔක්කොම කමූ.එතකොට තාත්ති පැටියත් එක්ක යාළු වෙයි…”

ආරාධනා චාටුවෙන් චාටුවෙන් පැටියට කෑම ටික කවා ගත්තා.

“මහත්තයා මෙයාගෙ කොණ්ඩෙත් දැන් ගොඩක් වැවිලා.කපන්න වෙයි වගේ නේද?…”

“තව ටිකක් වැවෙන්න තියලම කපමු ආරාධනා.කෙ/ල්/ලො ලස්සනයිනෙ කොණ්ඩෙ වැව්වම…”

“ඒ වුනාට පුංචි කාලෙ ඉඳන්ම කොණ්ඩෙ වැව්වම කරදරයිනෙ මහත්තයා…”

“එහෙනම් කපමු.ගොඩාක්ම කොට වෙන්න කපන්න එපා…”

“එහෙම නෑ.පොඩ්ඩක් කපමු…”

පැටියට කෑම කවලා කාමරේ අස් කරලා පූර්ණගෙ රෑ කෑම එක දීලා ආරාධනා පල්ලෙහාට ආවා.ඒත් එක්කම ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ආවා.ආරාධනා ගිහින් කෝල් එක ආන්සර් කරා.ඇය හිතුවෙ කතා කරන්නෙ පූර්ණගෙ අප්පච්චි කියලා.

“හෙලෝ…”📞

“ආරාධනා ප්ලීස්…”📲

“ඔව්.ආරාධනා තමයි කතා කරන්නෙ.ඔය කව්ද?…”📞

මේ මහ රෑ වෙලා කව්ද මට කෝල් කරන්නෙ?අනිවාර්යයෙන්ම ගගන් අයියා වෙන්න ඇති. එයානෙ හැංගි හැංගි අපිත් එක්ක සෙල්ලම් කරන්නෙ.කොයිම වෙලාවක හරි මේ සෙල්ලමේ අවසානයක් එයිනෙ.

“මං ඔයාගෙ අනාගත හස්බන්ඩ්…”📲

“මොකක්?ත/මු/සෙ/ගෙ මොළේ හොඳ නැති වීගෙන එනවද?මං කසාද බැඳපු ගෑ/ණි/යෙ/ක්.දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්…”📞

“ඒ දරුවා ඔයාගෙ නෙවෙයිනෙ?හස්බන්ඩ්ගෙ කලින් වයිෆ්ගෙ බබානෙ…”📲

දැන් නම් ආරාධනාට හොඳටම විශ්වාසයි මේ කතා කරන්නෙ ගගන්මයි කියලා.

“ත/මු/සෙ මේක හොඳට අහගන්නවා.මං දන්නවා ත/මු/න් ගගන් කියලා.උ/& හිතාගෙන ඉන්න දේවල් කවදාවත් සිද්ද වෙන්නෑ.උ/$/ට බෑ කවදාවත් පූර්ණ මහත්තයව මගෙන් ඈත් කරන්න.ගොඩක් මහන්සි වෙන්න ඇති නේද අර ෆොටෝ ලියුම් එහෙම එවන්න?බ/$/ලා බ/$/ලා ම තමයි.උ/ගෙ බ$ ගති නැති වෙන්නෑ…”📞

එහෙම කියලා ආරාධනා දඩස් ගාලා ෆෝන් එක තිබ්බා.ගගන් ළඟ පාතක හිටියා ඔහුට පහර දෙන්න තරම් ආරාධනාට කේන්තියි.

“කව්ද දුවේ කතා කරේ?…”

පූර්ණගෙ අම්මත් කුස්සිය පැත්තෙ ඉඳන් එහෙම අහගෙන ආවා.අම්මට මේ දේවල් කියන්න බැරි නිසා ආරාධනා බොරුවක් කිව්වා.

“අඳුරන්නෑ අම්මෙ.ඒ නිසා රෝන්ග් නම්බර් එකක් කිව්වම විකාර කියෝනවා…”

“ගෑණු කටහඬක් නිසා ජෝක් එකට ගන්න ඇති.දුව දැන් ගිහින් නිදා ගන්න.පුතා කෑම කෑවා නේද?…”

“ඔව් අම්මෙ.ගුඩ් නයිට්…”

“ගුඩ් නයිට් දුව…”

ආරාධනා ඒ කෝල් එක ගැන පූර්ණට කිව්වෙ නැහැ.ඔහුගෙ හිතට තවත් දුක් දෙන්න ඇයට බැහැ.ගගන් අවුරුදු විසිහයක් පූර්ණගෙ සහෝදරයෙක් විදියට ඉඳලත් පූර්ණගෙ එක හොඳ ගතිගුණයක්වත් ගගන්ට පිහිටපු නැති එක ගැන ආරාධනාට පුදුම හිතුනා.

ගගන්ගෙ ඇත්ත තාත්තත් ඒ වගේ ඇති. තාත්තගෙ පුරුදු වෙන්න ඇති පුතාට එන්න ඇත්තෙ.

ආරාධනා එහෙම හිතුවා.ඇය තොටිල්ලට එබිලා බැලුවා.පුංචි එලීෂා පැටික්කි ඇඟිල්ලකුත් කටේ ගහගෙන හොඳටම නිදි. පූර්ණ නම් ඉන්නෙ ඇහැරිලා.ආරාධනා ඇඳට එනකල් ඔහු නිදා ගන්නෙ නැහැ.

“මහත්තයා…”

“ම්ම්?…”

“නිදි නැද්ද?…”

“නැහැ.ඔයා එනකල් හිටියා…”

“මං නැතුව නින්ද යන්නැද්ද?…”

ආරාධනා නෙට් එක දාලා පූර්ණගෙ අනෙක් පසෙන් ඇල වුනේ සීට් එකත් පොරව ගනිමින්.

“නැහැනෙ.මේ උණුහුම නැතුව මට නින්ද යන්නෙම නැහැ…”

පූර්ණ ආරාධනාගෙ ස්කිනි එකට යටින් අත දාගෙන පපුව උඩින් ඔලුව තියා ගත්තා.

“ඔය කොහෙද අත දාගෙන ඉන්නෙ?පැටියා දැක්කා නම් ගුටි හම්බෙයි…”

“අම්මෝ ඔව්.අම්මා වගේම දුවත් යස්සනියක්…”

“ආ,,,මං කොයි වෙලේද යස්සනියක් වගේ වුනේ?එන්න එපා මටයි මගෙ දුවටයි ඕන්නැති කතා කියන්න…”

“අම්මෝ මේ/කි/ට එන කේන්ති.ඔහොම කේන්ති ගත්තොත් ඔයා ඉක්මනටම නාකි වෙයි සුදූ…”

පූර්ණ ආරාධනාගෙ නහය මිරිකලා තො/ල් සි/ප ගත්තා.

“බලාගෙන මෝ/ඩ/යො නලලෙ තුවාලෙ පෑරෙයි.මෙච්චර තුවාල වෙලා ඉන්නැද්දිත් මෙයාගෙ තියන විසේ…”

“මේ තුවාලෙ එච්චර රිදෙන්නෑ බ//න්…”

“ආයෙ බෙහෙත් දාන්න තියෙන්නෙ කවද්ද මහත්තයා?…”

“අනිද්දා උදේට ආපහු හොස්පිටල් යන්න ඕනි. බබා ඉන්න.මං ඩ්‍රයිවර් අංකල් එක්ක යන්නම්…”

“ඇයි මං ආපුවම මොකද වෙන්නෙ?…”

“මොකුත් වෙන්නෑ මෝ/ඩි/යෙ.මං කිව්වෙ ඔයා ආවම පැටියවත් එක්කන් එන්න එපායැ.හොස්පිටල් වල විශබීජනෙ…”

“හ්ම්ම්.ඒක මිසක්.ඔය මොකද කරන්න හදන්නෙ?නිදා ගන්නවා…”

පූර්ණ ආරාධනාගෙ ස්කිනිය උඩට කරලා ප/පු/ව මැද්දෙන් කම්මුල තියන් හිටියා.කෙ/ල්/ල/ට කිචි වගේ කො/ල්/ල/ගෙ රැව්ල් කොට ඇනෙද්දි.

“මොකෝ දඟලන්නෙ?…”

“කිචි අනේ ඔයාගෙ රැව්ල් කොට ඇනෙද්දි…”

කෙ/ල්/ල පූර්ණගෙ ඔලුව අතගාමින් හිටියා. මේ සතුට සැන්සීම කවදාවත් තමාගෙන් ඈත් කරන්න එපා කියලා ආරාධනා දෙවියන් සිහිකරමින් ඉල්ලුවා.

ආරාධනාගෙ ප/පු/ව උඩම පූර්ණට නින්ද ගියා.ආරාධනාට නින්ද ගියේ බොහෝ වෙලාවක් ගියාට පසුවයි.

🌷🌷

“මහත්තයො දැන් නැගිටින්න.කුම්බකරණයා වගේ දවල් වෙනකල් නිදාගන්නද හදන්නෙ?මේ කිරි එක බීලා ඉන්න…”

ඈනුම් ඇර ඇර පූර්ණ නැගිට්ටා.ඔලුවත් කකියනවා.ආරාධනා උදෙන්ම කිරි එක ගෙනත්.

“මාව බාතෲම් එකට ගෙනියන්නකො ආරාධනා.දත් මැදලාම ඉන්න ඕනි…”

“මහත්තයා දත් මැදලා මේකට කෙල ගහන්නකො.පුලුවන් නේද?…”

“පුලුවන්.මං නිසා ඔයාට හරිම කරදරයි නේද?…”

ආරාධනා පූර්ණගෙ කන හයියෙන් කෙනිත්තුවා.

“ඌයි ගෑ/ණි/යෙ අ/තෑ/ර/ප/න් ය/කෝ රිදෙනවා…”😬

“මට ඔයාගෙ වැඩ කරන එක කරදරයක් නෙවෙයි ගොන් ව/ස්/සො…”

“ඈ ය/කෝ තමන්ගෙ මිනිහට කියන්නෙ ගොන් ව/ස්/සා කියලද?…”

“ඔයා ඕන්නෑති දේවල් කියන නිසානෙ මං එහෙම කිව්වෙ.දැන් දත් මැදලා මේ කිරි එක බීලා ඉන්න.මං උදේ කෑම අරන් එන්නම්…”

“හ්ම්ම්…”

පූර්ණ කිහිලි කරුවෙ ආධාරයෙන් බැල්කනියට ඇවිත් පුටුවකින් වාඩි වෙලා පල්ලෙහා බලාගෙන හිටියා.ආරාධනා පැටියට කෑම කවනවා.කෙ/ල්/ල එක තැනක ඉන්නෙම නැහැ.මිදුල පුරාම අත් පුඩි ගගහා කෑ ගහමින් දුවනවා.ආරාධනාත් කෑම පිඟාන අරන් පැටියගෙ පස්සෙන් දුවනවා කෑ ගගහා.

“දෝණි ඔහොම ඉන්න.ඔයා වැටුනොත් එහෙම ඌවා වෙයි.කියන දේ ඇහුවෙ නැත්නම් අම්මි ගහනවා පාරක්.මතකයිනෙ ඊයෙ තාත්ති සැර කරා පැටියට…”

“අම්මී,,,බම්බා ඌනි,,,අල,,,ඌනි…”

අඹ ගහේ අඹ ගෙඩි පැහිලා ඉදිලා බර වෙලා තියනවා.ආරාධනාට අඹ ගෙඩි ටික දැක්කම කටට කෙලත් ඉනුවා.

“බම්බා කඩලා දෙන්නම්.ඉස්සෙල්ලා හබුං ටික කාලා ඉන්න…”

“බා,,,,බා,,,,බම්බා ඌනි…”

“දෝණි,,,,අම්මා දැන් කෝට්ටක් අරන් ගහනවා ඔයාට පාරක් කියන දේ ඇහුවෙ නැත්නම්…”

ආරාධනා කවන්න හැදුවත් පැටියා කෑවෙ නෑ. අඹ ඉල්ලලා කෑ ගහනවා.වටපිට බලලා ගහකින් පුංචි කෝටුවක් කඩාගෙන ආරාධනා පැටියට සැර කරා.

“පේනවනෙ අම්මිගෙ අතේ තියෙන්නෙ මොකක්ද කියලා.මේකෙන් පාරක් දෙන්නෙ හබුං කෑවෙ නැත්නම්.තාත්ති කිව්වා වගේ අම්මි ඔයාව හුරතල් කරන නිසා තාමයි මේ ඔක්කොම…”

ආරාධනා පැටියගෙ කකුලට කෝට්ටෙන් හිමින් පාරක් ගැහුවා.කෙ/ල්/ල බිම ඉඳගෙන මහ හයියෙන් කඳුලු පෙර පෙර ඇඬුවා.

“සුමනා නැන්දෙ මේ කෑම එක විසික් කරලා බාජනේ හෝදලා තියන්නකො…”

මිදුලෙ ටැප් එකෙන් අත හෝදගෙන ඇවිත් ආරාධනා පැටියව වඩා ගත්තා.කෙ/ල්/ල නවත්තන්නැතුවම කඳුලු පෙර පෙර අඬනවා.ආරාධනාට දුක හිතුනා දරුවා එහෙම අඬද්දි.

“අනේ සත්තලං මං ඔයාට හයියෙන් ගැහුවෙ නෑනෙ වස්තුවෙ.ඔහොම අඬන්න එපා පැටියො.අම්මිට දුක හිතෙනවා…”

ආරාධනා පැටියව උඩට එක්කන් ආවා.කෙ/ල්/ල තාමත් අඬනවා.කඳුලු වැක්කෙරෙනවා මූණ පුරාම.

“ඇයි දරුවා අඬන්නෙ?…”

පූර්ණ සෙටියෙ වාඩි වෙලා ෆෝන් එකේ ගේම් ගගහා හිටියෙ.

“අනේ මහත්තයා මෙයා කෑම කන්න හොර නිසා මං චූටි කෝටුවක් කඩාගෙන සැර කරලා හිමින් පාරක් ගැහුවා.ඒකට මේ අඬන්නෙ?මං හයියෙන් ගැහුවෙ නැහැ මහත්තයා…”🥺

“ඉතින් දැන් මොකද ළමයගෙ අම්මත් අඬන්නෙ?…”

ආරාධනාගෙ ඇස් වලත් කඳුලු පිරිලා.

“අනේ දරුවා පව් මහත්තයා.කවදාවත් මං සැර කරත් මෙහෙම අඬලා නැහැ.අනේ මගෙ මැණික අඬන්න එපා.අම්මි ආයෙ පුතාට ගහන්නෑ.අම්මිට සමාවෙන්න.මගෙ මැණික් කැටේට ආයෙ අම්මි ගහන්නෑ වස්තූ…”

“මේ/කි ක/ප/ටි/යි ආරාධනා.ඔයා ගහන්නෑ කිව්වම දැක්කද ඇඬිල්ල අඩු වුනා.කු/ක්/කු එක කටේ තිබ්බා නම් ඔය ඇඬිල්ල කොහේ ගියාද දන්නෑ…”

“කු/ක්/කු වලට පුරුදු වෙලා තමයි බත් කන්නැත්තෙ.මගෙ ක/ප/ටි කෙලි පැටික්කි. මේ වයසට කිරි විතරක් පොවලා මදි…”

ආරාධනා එහෙම කිව්වෙ කිරි බොන පැටික්කිගෙ හිස අතගාමින්.කිරි බීලා ඉවර වුනාට පස්සෙ පැටියව පූර්ණ ගාවින් තියලා ආරාධනා රෙදි ටික වේලෙන්න දැම්මා. පූර්ණගෙ සරම් වගයක් මැෂින් එකෙන් මහ මහ ඉන්නැද්දි ඇස් දෙක නිලංකාර වෙලා ආරාධනාව පුටුව පල්ලෙ ඇදගෙන වැටුනා.

මතු සම්බන්දයි