Home Story Book මෙහකාර පෙම්බරී මෙහකාර පෙම්බරී 2 – 13 කොටස

මෙහකාර පෙම්බරී 2 – 13 කොටස

0
119

13 EPISODE

මෙහෙකාර පෙම්බරී 2

“මහත්තයා එතකොට කියන්නෙ,,,,මේ ලියුම එව්වෙ ගගන් අයියා කියලද?…”

ආරාධනා ඇස් ලොකු කරගෙන පුදුමයෙන් වගේ පූර්ණ දිහා බලාගෙන හිටියා.මේ ලියුම එව්වෙ ගගන් කියලා ඇගේ හිතට දැනුනෙම නැහැ.ගගන් ගැන ඇයට අමතක වෙලයි තිබුනෙ.

“ඔව් බබා.අපිට ඇති වෙච්චි ප්‍රශ්නත් එක්ක බලද්දි මේක එව්වෙ ගගන් කියලා හිතන්න පුලුවන්.ගගන් ඔයාට ප්‍රශ්න ඇති කරා.දැන් ඌ/ට ඕනි වෙලා තියෙන්නෙ අපි දෙන්නව ඈත් කරලා ඔයාව උ/ගෙ ගාවට ගන්න.තව ඉස්සරහට ගගන් අපිව වෙන් කරන්න ගොඩක් දේවල් කරයි…”

“අනේ මහත්තයා…”🥺

ආරාධනා අඬාගෙන පූර්ණගෙ පපුවට තුරුල් වුනා.ඇයට දරා ගන්න බැහැ මේ දේවල්.පුංචි කාලෙම ආරාධනාට ඇගේ මව් පියන් අහිමි වුනා.නැන්දගෙ සෙවනෙ හැඩුනෙ වැඩුනෙ අනේක දුක්පීඩා කම්කටුලු විඳගෙනයි.ඒ ජීවිතය ඇයට මිහිපිට අපායක් වුනා.ඒ නිවසෙන් ඇය පිටත් වුනේ වෙන කරගන්නට දෙයක් නොමැතිවයි.

පෙර කල පිනක බල මහිමයෙන් ඇයට එදා පූර්ණගේ මව මුණ නොගැහුනා නම් අද වෙන විට ඇගේ ජීවිතයට කුමක් සිදු වේදැයි හිතා ගන්නට බැහැ.පූර්ණ ඇගේ ජීවිතයට ආවෙ ජීවිතයේ කිසිදාක නොවිඳි සතුට,සැපත රැගෙනයි.දැන් ආරාධනාගෙ මුළු දිවියම පූර්ණයි,පුංචි දෝණියි.ඒ සෙවනෙන් මිදෙන්නට ඇයට කිසිදාක සිහිනෙකින්වත් සිතන්නට බැහැ.

“ඔයා අඬන්න එපා බබා.කාටවත් බැහැ අපිව වෙන් කරන්න.මගෙ මැණිකට මං ඉන්නවනෙ .කිසිම දේකට බය වෙන්න එපා. මට මැණිකව විශ්වාසයි.මැණිකෙට මාව විශ්වාසයි.මොන බාධක ආවත් අපිට අපි නැති වෙන්නෑ.කිසිම ප්‍රශ්නෙකදි මං ඔයාව තනි කරන්නෑ…”

“මහත්තයගෙ ඒ වචන ටිකත් මට ලොකු හයියක්.ගගන් අයියා මොනවා කරයිද දන්නෑ ඉස්සරහට.එයා අපෙන් ප///ලි ගනියි.මට මෙහෙමත් හිතෙනවා…”

“ඒ කොහොමද?…”

“ගගන් අයියයි සිරිපාල මුදලාලියි අඳුරනවද දන්නෑ.දෙන්නා එකම කාලෙනෙ හිරේ ගියේ…”

පූර්ණ මද වෙලාවක් කල්පනා කරා.

“නෑ බබා.මල්ලි හිටියෙ වැලිකඩ.ඔයාලැ නැන්දා කියපු විදියට සිරිපාල මුදලාලි ඉඳලා තියෙන්නෙ මැගසින්.ඒ දෙන්නා අඳුරන්න විදියක් නැහැ.කෝකටත් ඔයා පරිස්සමෙන් ඉන්න ආරාධනා.කිසිම වෙලාවක තනියම මේ ගේට්ටුවෙන් එළියට යන්න එපා.කොහේ හරි යන්න උවමනාවක් තියනවා නම් මට කෝල් එකක් දීලා ඩ්‍රයිවර් අංකල් එක්ක යන්න.මං ෆෝන් ආන්සර් නොකරොත් මැසේජ් එකක් හරි තියන්න.අඳුරන්නැති කිසිම කෙනෙකුට ගේට්ටුව අරින්න එපා…”

“හ්ම්ම්…”

“හිතේ කිසිම බයක් තියා ගන්න එපා ආරාධනා.අපි දුර්වල වුනොත් හතුරන්ට අපිව වි/නා/ශ කරන්න හරිම ලේසියි.අපි ශක්තිමත් වෙලා ඉන්න ඕනි.එතකොටයි එයාලට විරුද්ධව ඉඳලා අපිට දිනන්න පුලුවන් වෙන්නෙ.ගගන් මොන දේ කරත් එයාගෙ බලාපොරොත්තු ඉශ්ට වෙන්න මං කවදාවත් ඉඩ දෙන්නෑ…”

“ඔයා වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න මං ගොඩක් පිං කරලා තියනවා මහත්තයා…”

ආරාධනා පූර්ණගෙ බෙල්ල බදාගෙන උරහිසෙන් නිකට තියන් හිටියා.මොන ප්‍රශ්නෙ ආවත් තමාව දාලා යන්නැති ආදරයක් ලබන්න පින් කරන්න ඕනි.පූර්ණ තමාව විශ්වාස කරනවා.ආදරේ කරද්දි එකට ජීවත් වෙද්දි දෙන්නා අතරෙ අවබෝධයයි, විශ්වාසයි හරිම වැදගත්.

“ඒකනෙ.මං කොච්චර හොඳ කෙනෙක්ද?…”

“හ්ම්ම්.ඔයා ගොඩාක් හොඳ මහත්තයෙක්. හැමෝටම ලැබෙන්න ඕනි ඔයා වගේ ගතිගුණ තියන පිරිමියෙක්ව.එතකොට හැම බිරිඳක්ම සතුටින්…”

“අන්න මහ රැජින එනවා කු/ක්/කු සප්පායම් වෙන්න.මේ/කි/ට පේන්න බැහැනෙ මං ඔයාව තු/රු/ල් කරන් ඉන්නවා…”

පූර්ණ එහෙම කිව්වෙ සෙල්ලම් කර කර හිටපු සෙල්ලම් බඩු ටික පැත්තකට දාලා තමා අසළට දුවගෙන එන පැටික්කිව පෙන්නලා.

“එහෙම තමයි.දුව වැඩිපුරම ආදරේ අම්මට…”

“එහෙනම් මට පුතෙක් හදලා දෙන්න. පුතාවත් මට ආදරේ වෙයිනෙ එතකොට…”

“දුවත් ඔයාට ආදරෙයිනෙ මහත්තයා.කෙ/ල්/ල කැමති නෑ රෑට කු/ක්/කු බොන වෙලාවට කවුරුවත් මං ගාව ඉන්නවට.ඔයාට දුක හිතුනද?…”

“අනේ නැහැ ආරාධනා…”

පැටික්කි ආරාධනාගෙ ඇ/ඟ උඩ නැගලා කු/ක්/කු බොනවා.පූර්ණ හිනා වෙලා අනික් පැත්තෙන් ඇල වුනේ පැටියගෙ ඔලුව අතගාන ගමන්.පැටික්කි දැන් ටික ටික ලොකු වෙනවා.එයාට දැන් තනියම ඇවිදින්න, දුවන්න එහෙමත් පුලුවන් කාගෙවත් උදව්වක් නැතුව.

“හැමදාම අම්මි කු/ක්/කු බොන්න බැහැ දෝණි.ඔයා දැන් ලොකු බබෙක්.ඒ නිසා හබුං වලට පුරුදු වෙන්න ඕනි…”

ආරාධනා එහෙම කිව්වත් පැටික්කි බඩ පිරෙන්නම බීලා මිසක් කු/ක්/කු එක අතෑරියෙ නැහැ.ආරාධනා පැටියව නිදි කරවලා තොටිල්ලෙන් තියලා ඇඳට ආවා. පූර්ණ නිදි නැතුව බලන් ඉන්නවා.වෙලාව රෑ දහයත් වෙලා.

“මොකද දොස්තර මහත්තයට නිදිමත නැද්ද?…”

“ඔලුව පොඩ්ඩක් මසාජ් කරන්නකො…”

පූර්ණ ආරාධනාගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා.හෙමින් හෙමින් ඇගේ අතැඟිලි පූර්ණගෙ හිසකෙස් මත දිව ගියේ ලතාවකට වගේ.පූර්ණට මහත් සනීපයක් දැනුනා.ඒ සනීපෙටම ඔහුගේ දෑස් ඉබේම පියවීගෙන ගියා.

“නිදිද?…”

“නෑ බබා හරිම සනීපයක් දැනුනා.මැජික් එකක් වගේ…”

පූර්ණ ආරාධනාගෙ අත අල්ලගෙන සි/ප ගත්තා.කෙ/ල්/ල/ත් නිකන් හිටියෙ නැහැ. පාත් වෙලා පූර්ණගෙ තො/ල් සි/ප ගත්තා. පූර්ණ ඔඩොක්කුවෙන් අහක් වෙලා ආරාධනාගෙ ප/පු/ව උඩින් ඔලුව තියාගත්තෙ ඇඳුම ටිකක් පාතට ඇදලයි.

“හරි උණුහුමයි මෙතන…”

පූර්ණ කිව්වා.ආරාධනා පූර්ණගෙ ඔලුව අතගාමින් හිටියා.ඇයට මතක් වුනේ ඔවුන්ගෙ අතීතෙ.එදා තමා මේ ගෙදරට ආපු මුල්ම දවසෙ පූර්ණ තමාට බැන වැදුනු ආකාරය සිහිපත් වී මුවඟට සිනහවක් නැගුනා.

“මොකද තනියම හිනා වෙන්නෙ?…”

පූර්ණ ඔලුව උස්සලා ඇගේ මුහුණ දිහා බලමින් ඇහුවා.

“මං මේ ගෙදරට ආපු මුල්ම දවස මතක් වුනා. අම්මෝ එදා දොස්තර මහත්තයට මාර විදියටනෙ ඩෝං ගියේ.මට බැනගෙන බැනගෙන ගියා…”

“ඒ දවස් වල මං හිටියෙ ලොකු මානසික පීඩනේකින් ආරාධනා.ශාරදී නිසා මං ගොඩක් මානසිකව ඇද වැටුනා.දරුවගෙ අනාගතේ ගැන හිතලා මං සෑහෙන වද වුනා. ඇත්තමයි ඔයා නිසයි අද මං මෙහෙම ඉන්නෙ.ඔයා නැත්නම් අද මේ කෙ/ල්/ල/ට අම්මා කෙනෙක් නැහැ.මොනවා වෙයිද කියලා හිතා ගන්නවත් බැහැ…”

“එදා මට නිකමටවත් හිතුනෙ නැහැ මහත්තයව කසාද බඳින්න ලැබෙයි කියලා…”

“අපි නොහිතන දේවල් අපේ ජීවිත වල කොච්චර වෙනවද ආරාධනා.දැන් නිදාගම්මු. දඟවැඩ හෙටට කල් දාමු.මට ගොඩක් නිදිමතයි.කෝ මේ පැත්තට හැරෙන්න…”

පූර්ණ ආරාධනාව තමාගෙ පැත්තට හරවගෙන ඇඟ උඩින් කකුලක් දාගෙන තු/රු/ල් කරගෙන නිදා ගත්තා.

💐💐

“ඊට පස්සෙ මොකුත් ලියුමක් එහෙම ආවද ආරාධනා?…”

දවස් දෙකකට පස්සෙ පූර්ණ ආරාධනාගෙන් එහෙම ඇහුවා.

“නෑ මහත්තයා…”

“හ්ම්ම්.ඒත් ඔයා පරිස්සමෙන් ඉන්න.මට ගගන්ව ශුවර් නැහැ…”

“මහත්තයත් පරිස්සමෙන් ඉන්න.මගෙන් ප//ලි ගන්න ගගන් අයියා මහත්තයට කරදරයක් කරයිද දන්නෑ…”

“ඌ/ට මාත් එක්ක හැප්පෙන්න බැහැ.ඔයා බය නැතුව ඉන්නකො…”

එහෙම කියලා ඇගේ නලල සිපගෙන පූර්ණ හොස්පිටල් ගියත් ආරාධනාගෙ හිතට හරිම අමුත්තක් දැනුනා.පාළු මූ/ස/ල හැඟීමක් ඇයට දැනුනෙ.ඒක මොකක්ද කියලා කියාගන්න ඇයට තේරුනේ නැහැ.මුළු දවසම මහා පාළුවටයි ඇයට දැනුනෙ.

ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් එන සද්දෙට ආරාධනා සාලෙට දුවගෙන වගේ ගියා.පූර්ණගෙ අම්මා කෝල් එක ආන්සර් කරපු නිසා ආරාධනා ගියේ නැහැ.ඒත් අම්මා එකපාරටම කෝල් එක කට් කරලා පපුව අල්ලගෙන සෙටියෙන් වාඩි වුනේ”අනේ දුවේ” කියාගෙනයි.

“අනේ ඇයි අම්මෙ ඔයාට මොකද වුනේ?කව්ද කතා කරේ?…”

“පොලීසියෙන්…”

“පොලීසියෙන්?ඒ ඇයි?මොකක්ද වෙලා තියෙන්නෙ?…”

ආරාධනා වගේම අම්මත් හිටියෙ ගොඩක් කලබල වෙලා.

“පුතාගෙ කාරෙක ඇක්සිඩන්ට් වෙලා…”

මතු සම්බන්දයි.💐💐💐💐💐

පෙර කොටසට