මෙහෙකාර පෙම්බරී 2

“නෝනා ඔයාට ලියුමක් ඇවිත්…”

“මට?…”

“ඔව් නෝනා.මේ දැන් ආවෙ…”

මට කොහෙන්ද ලියුම් එන්නෙ?අනික මේ ගෙදර එඩ්‍රස් එකට?නැන්දාවත් දන්නෑනෙ මේ ගෙදර එඩ්‍රස් එක.මං ලියුම අතට අරන් කාමරේට ඇවිත් ඇඳෙන් වාඩි වුනේ ලියුම කාගෙන්ද කියලා කල්පනා කරමිනුයි.කඩලා බලන්නත් බය හිතුනා.කවුරු එවලද දන්නෑනෙ.පූර්ණ මහත්තයා ආවමම බලනවා කියලා හිතාගත්තා.

“දුවේ…”

පූර්ණ මහත්තයගෙ අම්මා කාමරේට ආවා.

“ඇයි අම්මෙ?…”

“පුතා අද එන්න පරක්කු වෙනවලු.හදිස්සි ලෙඩෙක් ගෙනාවලු හොස්පිටල් එකට. කොහොමත් රෑ දහය විතර වෙයි කිව්වා එනකොට…”

“හා අම්මෙ…”

ඕනි දෙයක් වෙච්චාවෙ කියලා මං ලියුම කඩලා බැලුවා.ඒ අත් අකුරු නම් මං මීට කලින් දැකලා නැහැ.

***කොහොමද සුදු මැණිකෙ,

ඔයා හොඳින් ඉන්නවා නේද?සල්ලිකාර දොස්තර මහත්තයෙක්වනෙ කසාද බැඳලා ඉන්නෙ.දරුවෙකුත් ඉන්නවනෙ.හැබැයි ඒ දරුවා නම් සුදු මැණිකෙගෙ නෙවෙයිනෙ. ඉතින් කොහොමත් සතුටින් සැපෙන් ඇතිනෙ. ළඟදි ගමේ ආවලු නේද?මැණිකෙගෙ වෙලාවට මං එදා ගමේ හිටියෙ නෑ.වැඩ වගේකට ගමෙන් පිට ගිහින් හිටියෙ.සුදු මැණිකෙ නැන්දලා ගෙදරින් පැනලා කොළඹ ඇවිත් මගෙන් බේරිලා හැමදාම ඉන්න පුලුවන් වෙයි කියලද හිතුවෙ?ඒවා නම් කවදාවත් වෙන්නෑ සුදු මැණිකේ.කොයි ලෝකෙක හිටියත් මං මැණිකෙව හොයාගෙන එනවමයි.දොස්තර මහත්තයට පරිස්සම් වෙලා ඉන්න කියන්න.එහෙනම් ළඟදිම හම්බ වෙමු නේද?පරිස්සමින් ඉන්න. සුදු මැණිකෙ අයිති මට විතරයි***

මේ මොන මළ විකාරයක්ද?කව්ද මේ ලියුම එවපු එ/කා?කව්ද මට මේ සුදු මැණිකෙ කියාගෙන වැ/ළ/ලෙ/න්/න හදන්නෙ?ලියපු කෙනා එයාගෙ නමවත් දාලා නෑනෙ.

ආරාධනා ලියුම අතේ තියාගෙන කල්පනා කරා.ඇගේ හිත හිරි වැටිලා ගියේ ළඟදි ගමේ ගිය සිද්ධියත් එක්ක සිරිපාල මුදලාලිව මතක් වෙලා.ඒ කියන්නෙ සිරිපාල මුදලාලිට කොහෙන් හරි ආරංචි වෙලා මං ගමේ ආපු විත්තිය.කව්ද ඒක කිව්වෙ?නැන්දාවත්ද කියලා ආරාධනා කල්පනා කරා.

ඒත් නැන්දා දැන් මට අහිතක් නෑනෙ.එයා එදා මගෙන් සමාවත් ඉල්ලුවනෙ.ඒ වුනත් සිරිපාල මුදලාලි ඇවිත් නැන්දව බය කරලා ඇහුවද දන්නෑ.නැන්දත් බයට විස්තර කියන්න ඇති.ගමේ කෙනෙක් මාව දැක්කෙ නැහැ කියලා මට හොඳටම විශ්වාසයි. කාරෙක නතර කරෙත් නැන්දලාගෙ ගෙදර කඩුල්ල ගාව.ගමේ කොහෙදිවත් මං කාරෙකෙන් බැස්සෙ නැහැ.කවුරුවත් මං නැන්දලා ගෙදර ඉන්නවා දැක්කෙත් නෑනෙ.

ආරාධනා ගොඩක් වෙලා කල්පනා කරා. ඇයට බයත් හිතුනා ලියුමෙ අන්තිම ටික බලද්දි.දොස්තර මහත්තයට පරිස්සම් වෙලා ඉන්න කියන්න කියලා කිව්වෙ සිරිපාල මුදලාලි පූර්ණ මහත්තයට මොකක් හරි කරදරයක්වත් කරන්නද බලන් ඉන්නෙ?

මේ අත් අකුරු නම් සිරිපාල මුදලාලිගෙ වෙන්න බැහැ.සිරිපාල මුදලාලි කඩේ ඉන්නැද්දි කණ්ණාඩිත් දානවා.එයාට මෙහෙම රූල් වල ගානට කෙලින් ලස්සනට වචන ලියන්න පේන්නෙ නැහැ.ඒ කියන්නෙ මේ ලියුම ලියලා තියෙන්නෙ වෙන කවුරු හරි.

ගගන් අයියගෙ ප්‍රශ්නෙ ඉවර වුනාට පස්සෙ අපිට සතුටින් ඉන්න පුලුවන් කියලා හිතුවත් කොහෙන් හරි බාධාවක් එනවමයි අපේ සතුට විනාශ කරන්න.මං මොන වරදක් කරාටද දෙවියනේ මටම මෙහෙම වෙන්නෙ?පූර්ණ මහත්තයා නිසා මට අලුත් ජීවිතයක් ලැබුනා.එයාගෙන් ඈත් වෙන්න නම් මට හීනෙකින්වත් හිතන්න බැහැ.

අනේ දෙවියනේ මගෙ පූර්ණ මහත්තයව ආරක්ෂා කරලා දෙන්න.හැම ප්‍රශ්නයක්ම විසඳිලා අපි තුන් දෙනාගෙ ජීවිත වලට ආලෝකයක් ලැබුනා විතරයි ඒ ආලෝකෙ අඳුරක් වෙන්නද මේ මාන බලන්නෙ?මේ ආදරේ දැන් මගෙ පපුවටම දැනිලා ඉවරයි.ම/&/නෙ/න් මිස මට එයාගෙන්වත් මේ පැටියගෙන්වත් වෙන් වෙලා ඉන්න නම් බැහැ.

මටත් නොදැනුවත්වම මගෙ ඇස් වලින් කඳුලු ගලාගෙන ගියා.කවුරු කෙනෙක් අපේ ජීවිත වල සතුට විනාශ කරන්න මග බලාගෙන ඉන්නවා.අපේ ලස්සන පුංචි කැදැල්ලට කාගෙ ඇස් වහක්ද දෙයියනේ මේ වැදුනෙ?

ආරාධනා ලියුම අතේ තියාගෙන කල්පනා කරේ මේ ගැන පූර්ණට කියනවද නැද්ද කියලයි.පූර්ණ ගෙදර එන්නෙත් අද ගොඩක් රෑ වෙලා.හොස්පිටල් එකේ ඉඳන් මහන්සි වෙලා ආවම මේ දේවල් කියලා එයාගෙ ඔලුව අවුල් කරන්නත් බැහැ.උදේට කියන්නත් බැහැ.ඊට පස්සෙ එයා මුළු දවසම අප්සට් එකේ ගෙවෙයි.අනේ මන්දා මට නම් තේරෙන්නෙ නැහැ මොනවා කරන්නද කියලා.

එදා මං ගමේ නොගිහින් හිටියා නම් අද මෙහෙම වෙන්නෑනෙ.එහෙනම් සිරිපාල මුදලාලිට මාව හොයාගන්න වෙන්නෙත් නැහැ.මං ඉන්නෙ කොළඹ කියලා දැන ගන්නෙත් නැහැ.

රෑ දහය වෙන්න කලින් පූර්ණ මහත්තයා ගෙදර ආවා.එයාගෙ මුහුණ ගොඩක් මහන්සි පාටයි.මට මේ ලියුම ගැන මහත්තයට කියලත් බැහැ නොකියත් බැහැ.හරියට උණු හින්දා බොන්නත් බැහැ,කිරි හින්දා අහකත් දාන්න බැහැ වගේ.එයා මෙච්චර මහන්සි වෙලා ඇවිත් ඉන්නැද්දි තවත් ප්‍රශ්න ඔලුවට දාන්න හිතෙන්නෑ.

“ඇයි බබා මොකක් හරි ප්‍රශ්නයක්ද කල්පනා කරන්නෙ?මං ආපු වෙලාවෙ ඉඳන් බලාගෙන ඔයා අප්සට් එකේ වගේ ඉන්නෙ…”

නාගෙන ඇවිත් ටවල් එකෙන් ඔලුව පිහදාන ගමන් පූර්ණ මහත්තයා මගෙ ගාවින් වාඩි වුනා.එයාට අද මේ ගැන නොකියා ඉන්න හිතුවත් මගෙ සියුම් වෙනසක් පවා එයාට අඳුරගන්න පුලුවන් ඉවක් තියනවා.ඒ තරමටමට එයාට මාව දැනෙනවා.ඉතින් මං කොහොමද කරන්නෙ.මට බැහැ එයාගෙ ආදරේට පොඩි හරි වං/චා/ව/ක් කරන්න. එයා මට කවදාවත් බොරුවක් කරලා නැහැ. කිසිම දවසක මාව රවට්ටලත් නැහැ. දෙන්නගෙ අතරෙ කිසිම රහසක් තියෙන්න විදියකුත් නැහැ.

“මෙහෙ බලන්න.ඇයි මට බොරු කරන්න හදන්නෙ?ඔය හිත මට හොඳට දැනෙනවා ආරාධනා…”

මං වචනයක්වත් කියන්නත් කලින් පූර්ණ මහත්තයට දැනෙනවා.දැන් එයාට මේක නොකියා ඉන්න බැහැ.කියන්නම වෙනවා. ලාච්චුව ඇරලා ලියුම අරන් මං එයාගෙ අතට දුන්නා.එයා ඒක කියවලා බැලුවා.

“මේක අනිවාර්යයෙන්ම අර සිරිපාල මුදලාලි කියන එ/කා/ගෙ වැඩක්…”

එයා ලියුම කියවලා ඉවර වෙලා ගත් කටටම එහෙම කිව්වා.

“ඔව් මහත්තයා.ඒ මිනිහා හොඳ මනුස්සයෙක් එහෙම නෙවෙයි.මහ ජ//රා මිනිහෙක්.ඔයාගෙ ජීවිතේට මොනවා හරි අනතුරක් කරයි කියලා මට බයක් දැනෙනවා මහත්තයා…”

“මේ ලියුමත් එක්ක වෙන මොකුත් ආවද?…”

“නෑ මහත්තයා.ලියුම විතරයි ආවෙ.මට නම් හරිම බයයි.සිරිපාල මුදලාලි ළඟදිම අපි ඉන්න තැන හොයා ගනියි.ඊට පස්සෙ මොනවා වෙයිද දන්නෑ.අපේ ජීවිත වලට සතුට ආවා විතරයි.මාස දෙක තුනක් අපි සතුටින් හිටියොත් ආයෙ මාසයක් දුක් වෙන්න වැඩක් වෙනවා…”

“ඔයා බය නැතුව ඉන්න ආරාධනා.මේ ලියුමක් නිසා අපේ සතුට සැනසීම නැතු වෙන්න දෙන්න බැහැ.මං මැණිකට පොරොන්දු වුනා ජීවිත කාලෙම දුකක් නොදී ඇස් දෙක වගේ රකිනවා කියලා…”

එයා මගෙ ඔලුවෙ අත තියලා පොරොන්දු වුනා කවදාවත් මාව එයාගෙ ජීවිතෙන් ඈත් වෙන්න දෙන්නෑ කියලා.මාව ඇස් දෙක වගේ ආරක්ෂා කරනවා කිව්වා.ඒ පොරොන්දුව මට මා/ර විදියට ශක්තියක් වුනේ.කිසිම දේකට බයක් දැනුනෙ නැහැ.

“අපි දැන් මේකට මොකක්ද කරන්නෙ මහත්තයා?…”

“තව ටිකක් බලමුකො ඔය සිරිපාල/යා මොකක්ද කරන්නෙ කියලා.තව ඉස්සරහට මොන මොන දේවල් මේ ගෙදරට එවයිද දන්නෑ.ඒත් මට මෙහෙම දේකුත් හිතෙනවා ආරාධනා…”

“ඒ මොකක්ද මහත්තයා?…”

එයා කලිසමේ සාක්කු දෙකට අත දාගෙන කාමරේ පුරාම ඇවිද්දා.සීඅයිඩී ඔෆිසර් කෙනෙක් වගේ දැන් පෙනුම.

“අපේ ගෙදර එඩ්‍රස් එක කොහොමද සිරිපාල මුදලාලි දැන ගත්තෙ?ඒක අපි ඔයාගෙ නැන්දාටවත් කිව්වෙ නෑනෙ.ඒ ප්‍රශ්නෙට අපි අනිවාර්යයෙන්ම උත්තරේ හොයා ගන්න ඕනි…”

“ඒක නම් මටත් හිතුනා මහත්තයා.සිරිපාල මුදලාලිට අපේ ගෙදර එඩ්‍රස් එක දැන ගන්න කිසිම ක්‍රමයක් නැහැ.අඩුම තරමෙ නැන්දා ඔයා වැඩ කරන හොස්පිටල් එකවත් දන්නෑනෙ.එහෙම දැන ගත්තා නම් හොස්පිටල් එකෙන් එඩ්‍රස් එක ගත්තා කියලා හරි අපිට හිතන්න පුලුවන්…”

“ඒක ඇත්ත.අපේ ගෙදර එඩ්‍රස් එක හොයා ගත්තෙ කොහොමද කියලා හරියටම දැන ගන්නකල් මේ ලියුම එව්වෙ සිරිපාල මුදලාලිමද කියලා අපිට සැක කරන්න බැහැ…”

මට පුදුම හිතුනා පූර්ණ මහත්තයා එහෙම කියද්දි.ලියුමෙ ලියලා තියන දේවල් එක්ක බලද්දි මේක එව්වෙ සිරිපාල මුදලාලි නෙවෙයි කියලා හිතන්නම බැහැ.මං නැන්දලාගෙ ගෙදරින් ආපු හේතුව පිට කෙනෙකුට දන්නෙ සිරිපාල මුදලාලි විතරයිනෙ.වෙන කවුරු දැන ගත්තත් මෙහෙම ලියුමක් එවන්න තරම් කාටවත් හේතුවක් නෑනෙ.

“එතකොට මහත්තයා කියන්නෙ මේ ලියුම එව්වෙ සිරිපාල මුදාලාලි නෙවෙයි කියලද…”

“හ්ම්ම්…”

“ඒ කොහොමද මහත්තයා එහෙම කියන්නෙ?මං නැන්දලාගෙ ගෙදරින් ආපු හේතුව දන්නෙ සිරිපාල මුදලාලි විතරයිනෙ…”

“ඇයි මං දන්නෙ.අපෙ අම්මයි අප්පච්චියිත් දන්නවා…”

මං මෙතන රැව්ල ගිනි අරන් දඟලනවා. මෙයා එනවා සු/රු/ට්/ටු පත්තු කරන්න. මෙච්චර සීරියස් වෙලාවක මෙහෙම ගො/න් බූ/රු කතා කියද්දි නම් යකා නගිනවා.

“විහිළු කරන්න එපා මහත්තයා.මං මෙතන බය වෙලා දඟලනවා ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතලා…”

“මං විහිළුවක් නෙවෙයි කරේ.ඔයා හිතන්නෙ පිටින් පේන සාක්කි ගැන විතරයි.ඒත් වැඩිදුර හිතලා බලද්දි මේ ලියුම එව්වෙ සිරිපාල මුදලාලි නෙවෙයි කියන්න ඕන තරම් සාක්කි තියනවා…”

“ඒ මොනවද?ගෙදර එඩ්‍රස් එක ඇරෙන්න වෙන කිසිම සාක්කියක් නම් මට පේන්නෑ…”

“හරි.ඔයාලගෙ ගමේ නම කියන්නකො මට…”

“දෙහිඅත්තකණ්ණ්ඩිය…”

“හොඳට බලන්න මේ සීල් එක දිහා.මේ ලියුම තැපැල් කරලා තියෙන්නෙ වලපනේ පෝස්ට් ඔෆිස් එකෙන්.වලපනේ කොහෙද තියෙන්නෙ?දෙහිඅත්තකණ්ඩිය කොහෙද තියෙන්නෙ?ඔයා හිතන්නෙ සිරිපාල මුදලාලි දෙහිඅත්තකණ්ඩියෙ ඉඳන් මේ ලියුම අරන් කිලෝ මීටර් ගානක් දුර ගෙවාගෙන වලපනේට ගිහින් තැපැල් කරා කියලද?…”

“ඔව්ම නේන්නම්.දෙහිඅත්තකණ්ඩියෙ ඉඳන් කොච්චර දුරද වලපනේට…”

“තව දෙයක්.මේකෙ තියෙන්නෙ වයසක මනුස්සයෙක්ගෙ අත් අකුරු නම් නෙවෙයි.මේ බලන්න මේක ලියලා තියෙන්නෙ ගානට වචන ඈත් කරලා අකුරු ලං කරලා බොහොම පැහැදිලිවට වගේම බොහොම ඉවසීමෙන්.ලියපු කෙනා පොඩ්ඩක්වත් කලබල වෙලා නෑ ලියුම ලියද්දි.ඉතින් ඒකත් තව සාක්කියක් අපිට මේ ලියුම එව්වෙ සිරිපාල මුදලාලි නෙවෙයි කියන්න…”

“ඔව් මහත්තයා.මටත් දැන් හිතෙනවා මේ ලියුම එව්වෙ සිරිපාල මුදලාලි නෙවෙයි කියලා.ඒත් අපි කොහොමද මෙයා කව්ද කියලා හරියටම දැන ගන්නෙ?..”

“මේකත් පොඩ්ඩක් හිතලා බලන්න ආරාධනා.ඔයා නැන්දලාගෙ ගෙදරින් ආපු හේතුව මමයි,අම්මයි,තාත්තයි ඇරෙන්න වෙන කව්ද දන්නෙ කියලා?හොඳට මතක් කරලා බලන්න…”

“ගගන්,,,,අයියා…”

මතු සම්බන්දයි.❤️❤️❤️❤️❤️

පෙර කොටසට