මෙහෙකාර පෙම්බරී 2

“අනේ මහත්තයා දැන් ඔය ඇතිනෙ $ල් ගත්තා.වෙන නම් ගන්න එපා.රිදෙනවා…”

“කට වහගෙන ඉන්නවා පණ්ඩිතයා වෙන්නැතුව.පොඩි බබෙක් වෙන්න හදනවා මෙතන.බ්ලඩ් චෙක් කරන්නැතුව කොහොමද.ත/මු/සෙ/ට උණනෙ හැදුනෙ…”

පූර්ණ ආරාධනාගෙ $ල් එකක් ගන්න හැදුවා. කෙ/ල්/ල හරිම බයයි ඉන්ජෙක්ෂන් විදිද්දි.මේ දවස් දෙක තුන ආරාධනාට එපාම වුනා හොස්පිටල් ඉඳලා.$ල් ගන්නවා බෙහෙත් පෙ/ති අහුරු ගනන් බොන්න දෙනවා ඉවරයක් නැහැ.ගෙදර යන්නෙ කොයි වෙලේද කියලා බල බලා ආරාධනා හිටියෙ.

“අනේ එපා මහත්තයා.මට දැන් ගොඩක් සනීපයිනෙ.අනේ එපා…”🥺

කටුව දකිද්දි ආරාධනා බයෙන් කෑ ගැහුවා. ඒත් එක්කම ඩොක්ටර් සමින්දත් රූම් එකට ආවා.

“මොකෝ මෙයා කියන්නෙ පූර්ණ?හොස්පිටල් ඉඳලා ඇති වෙලාද?…”

“$ල් එකක් ගන්න දෙන්නෑ බ///න්.පොඩි එකෙක් වගේ කෑ ගහනවා බයේ.අර නර්ස්ලා දෙතුන් දෙනෙක්ට කතා ක/ර/ප/න්/කො…”

පූර්ණ එහෙම කියද්දි ආරාධනා තවත් බය වුනා.නැගිටලා දුවන්න පුලුවන් නම් තමා ඒකත් කරනවා කියලා ඇයට හිතුනා.මේ දවස් දෙක තුනට දවසට දෙපාරක් විතර ආරාධනාගෙ බ්ලඩ් චෙක් කරනවා.

“මට නර්ස් කිව්වා බ//න්.ඩොක්ටර් පූර්ණගෙ වයිෆ් පොඩි ළමේක් වගේ.$ල් ගන්නකොට කෑ ගහලා අඬනවලු.නංගි බය වෙන්න එපා. අද විතරයිනෙ.හෙට ඔයාට ගෙදර යන්න පුලුවන්.ගනන් ගන්න එපා.කඩියෙක් කනවා වගේ…”

පූර්ණ කටුවත් අරගෙන ආරාධනා ළඟට ලං වුනා.කෙ/ල්/ල හිටියෙ බයෙන් වෙව්ල වෙව්ලයි.දාඩියත් දාලා හොඳටම.

“බය නැතුව ඉන්න ආරාධනා.රිදෙන්නෑ ළමයො.චූටි ළමයිනුත් $ල් ගන්නකොට ඔහොම බය වෙන්නෑ.අහක බලන් ඉන්නකො.කඩියෙන් කනවා වගේ දැනෙන්නෙ…”

පූර්ණ තමාගෙ අතට කටුව ගහලා $ල් ගන්නකොට ආරාධනා ඇස් කිටි කිටියෙ තද කරගෙන දත් හපාගෙන හිටියෙ.ඒ තප්පර කීපයට ආරාධනාට දැනුනෙ කවුරු හරි තමාට පි/&/ය/කි/න් අනිනවා වගෙයි.

මද වෙලාවක් ගත වෙද්දි පූර්ණගෙ අම්මත් පැටියව වඩාගෙන අප්පච්චිත් එක්ක හොස්පිටල් එකට ආවා.ආරාධනාව දැක්කා විතරයි පැටියට පුදුම දැනුනෙ පුදුමාකාර සතුටක්.අම්මා ගාවට යන්න පැටියා කෑ ගහනවා.

“අනේ අම්මෙ ඇයි පැටියව එක්කන් ආවෙ?විශබීජනෙ හොස්පිටල් එකේ.මහත්තයා කිව්වා මට හෙට ගෙදර යන්න පුලුවන් කියලා…”

“බලාගෙන ඉඳලා බැරිම තැනයි දුවේ එක්කන් ආවෙ.හැම වෙලේම අම්මා අම්මා කියලා ඔයාව හොයනවා.බබාට අම්මා කු/ක්/කු ඕනි කියලා අඬනවා.හරියට කන්නෙ බොන්නෙ නැහැ…”

මට දුක හිතුනා පැටික්කි ගැන.එයාට මාව නැතුව දැන් ඉන්නම බැහැ.මං අසනීපෙන් කියලා ඒ පුංචි හිතට තේරුම් ගන්න පුලුවන් නම් ඔහොම කෑ මොර දීලා අඬන්නෑනෙ.

“අම්මා,,අම්මා,,,පුතු අම්මා…”

පැටික්කි කොහොම හරි කෑ ගහලා කෑ ගහලා ආච්චිගෙ අතෙන් බිමට පැනලා ආරාධනා ළඟට කිට්ටු වුනා.ඇඳට නැගගන්න බැරුව දැන් කෑ ගහනවා.ඒ වුනාට ආරාධනා පැටියව ඇඳට ගත්තෙ නැහැ.කෙ/ල්/ල/ට උණ ටිකක් සනීප වුනා විතරයි.දරුවව ළඟට අරන් එයාටත් බෝ වුනොත් එහෙම.

“අම්මි ගාවට එන්න බෑ පුතේ.අම්මි ඌවා වෙලා ඉන්නෙ.පුත්තුටත් ඌවා හැදෙයි අම්මිගෙන්.මේ බෙයියන් කටුත් ගහලා තියෙන්නෙ.ගොඩක් සිදෙනවා.තාත්ති ඔයාටත් බෙයියන් ගොඩාරියක් විදියි අම්මි ගාවට ඇවිත් ඌවා හැදුනොත්…”

“අම්මා,,,චුච්චු ඌනී…”

“දෝණි මේ ඔයාටත් විදිනවා ඉන්ජෙක්ෂන් එකක් අම්මි කු/ක්/කු ඉල්ලලා ඇඬුවොත්. හොඳ ළමයි අඬන්නෑ.ඔයා දැන් ගොඩක් නෝටි වෙලා…”

පූර්ණ මහත්තයා ඉන්ජෙක්ෂන් කටුවක් පෙන්නලා පැටියව බය කරා.ඊට පස්සෙ නම් පැටියා ටිකක් විතර නැළවුනා.

“තාත්ති වගේම දුවේ පැටියත්.මොනවා වුනත් අම්මා කිරි නැතුව නම් ඉන්නෑ.ඉස්කෝලෙ යනකල් මේ/කි කිරි බොයි…”

අම්මා ආදරෙන් එහෙම කියද්දි පූර්ණ මහත්තයා ලැජ්ජාවෙන් වගේ හිනා වුනා. එයත් ඉස්කෝලෙ යන කාලෙ වෙනකල්ම අම්මගෙන් කිරි බිව්වලුනෙ.තාත්තගෙ පුරුදු තමයි දුවටත් ඇවිත් තියෙන්නෙ.

පැයක් විතර ඉඳලා අම්මයි අප්පච්චි දූත් එක්ක ගෙදර ගියා.මට හරිම හිස් පාළු හැඟීමක් දැනුනෙ.උණ අඩු වෙලා තිබ්බත් ඇඟපතට දැනුනු රෝගී බව නම් අඩුවක් වුනේ නැහැ.අත පය රිදෙනවා.කෑම නම් මෙලෝ සසරක් කන්නම බෑ.කට හරිම තිත්තයි.පුදුම අප්පිරියාවක් තියෙන්නෙ.

“ආරාධනා ඔයා දැන් කෑම කන්න.බෙහෙත් බොන්න තියනවා වෙලාවට…”

කෑම කන්න බෑ අප්පිරියයි,කට තිත්තයි කියලා හිතෙද්දිම පූර්ණ මහත්තයා කෑම කන්න කිව්වා.මට කේන්තිත් එක්ක.මේ මනුස්සයට මං කියන දේ තේරෙන්නෙම නෑනෙ.කිසිම හිතක් පපුවක් නැති දොස්තරයෙක්.

“අනේ බත් නම් කන්න බැහැ මහත්තයා.කට ගොඩක් තිත්තයිනෙ.මං බීම ටිකක් බොන්නම්…”

“බීම බීලා බෙහෙත් බොන්න පුලුවන්ද ආරාධනා?අප්පිරියයි කියලා බැහැ.කටවල් දෙක තුනක් හරි කන්න…”

“කන්න නම් බැහැ මහත්තයා.මං බෙහෙත් ටික බොන්නම්…”

පූර්ණ රවාගෙන බැලුවා ආරාධනා දිහා.ඒ බැලිල්ලට නම් ඇයට බය හිතුනා.

“නොකා බෙහෙත් බීලා තව ලෙඩෙක් හදාගෙන කෑ ගහනවකො බලන්න.ඩබල් ඉන්ජෙක්ෂන් විදින්නෙ එතකොට…”

“මේ ඩොකාගෙ පුදුම සැරක්නෙ තියෙන්නෙ. මං හොස්පිටල් එකේහිටපු ම්ව්ව් දවස් දෙක තුනට මූ* මට පෙන්නපු ගෑස්.පුහ්.එයා නම් කියයි.මං එපායැ බැරි බැරි ගාතෙ කන්න…”

“මොකක්ද කිව්වෙ?…”

හුටා🤦මූ/ට ඒකත් ඇහුනද?ඉවරයි එහෙනම් මං අද.

“මො,,,මොකුත් නෑ මහත්තයා.කට ගොඩක් තිත්තයි.කන්න අමාරුයිනෙ….”

පූර්ණ ආරාධනා ගාවින් වාඩි වුනේ කෑම එකත් අරගෙනමයි.ආරාධනා දුකෙන් වගේ බලාගෙන හිටියා.

“එහෙම කියලා බෑනෙ සුදු මැණිකෙ.චුට්ටක් හරි කන්නකො.නැත්නම් කොහොමද බෙහෙත් බොන්නෙ?කන්නෙ නැතුව බෙහෙත් බීලා මැණිකෙට වෙන අසනීපයක් හැදෙයි. එතකොට ඉන්ජෙක්ෂන් එහෙමත් විදින්න වෙයි.මගෙ හොඳ මැණිකානෙ.මේකෙ මැකරෝනි වගයක් තියෙන්නෙ.චුට්ටක්වත් කමුකො…”

පූර්ණ මෙහෙම ආදරෙන් කියද්දි ආරාධනාට නොකා ඉන්නත් හිතුනෙ නැහැ. අප්පිරියාවෙන් කාලා ඇයට දෙතුන් පාරක්ම වමනෙත් ගියා.

“හ්ම්ම්.පොඩ්ඩක් කන්නම්කො…”

“මං කවන්නද?..”

“හ්ම්ම්…”

පූර්ණ කෑම කටවල් හතර පහක්ම ආරාධනාට කැව්වා.වමනෙට වගේ ආවත් ඊට පස්සෙ ක්‍රීම් සෝඩා උගුරු දෙක තුනක් බීපු නිසා හරි ගියා.

“හොඳ මැණිකා.මෙහෙම අමාරුවෙන් වුනත් කෑම කන්න ඕනි.එතකොට තමයි ලෙඩ සනීප වෙන්නෙ…”

පූර්ණ එතනින් නැගිට්ටෙ ආරාධනාගෙ කම්මුලට කි/ස් එකකුත් දීගෙනයි.

“දොස්තර මහත්තයෝ…”

ආරාධනා අමුතු ආදරේකින් පූර්ණට කතා කරා.කො/ල්/ල/ට එච්චර ඇල්ලුවෙ නැහැ කෙ/ල්/ල/ගෙ කතාව.

“ඇයි?…”

“මේ හොස්පිටල් එකේ අනික් ලෙඩ්ඩුත් කෑම කන්න අප්පිරිය කරලා පස්සෙ කෑවම එයාලවත් ඔයා මෙහෙම කි/ස් කරනවද?…”

පූර්ණට හිනා ආරාධනා අහන දේවල් වලට. කෙ/ල්/ල/ව චුට්ටක් අවුස්සන්න ඕනි කියලා පූර්ණට හිතුනා.

“ඔව්.ඒක අපේ රාජකාරියනෙ…”

“මොනවා?ඔයා ගෑණු ළමයින්වත් එහෙම,,,, කි/ස් කරනවද මහත්තයා?…”😧

“හ්ම්ම්.ඔව්.අපි ඩොක්ටර්ලා නෙ ළමයො. පේෂන්ට්ලා ගැන ගොඩක් හිතන්න ඕනි…”

ආරාධනා දුකෙන් වගේ අහක බලා ගත්තා. කෙ/ල්/ල/ට හරිම දුකයි පූර්ණ එහෙම කියපුවට.ඔහුව අයිති තමාට. වෛද්‍යවරයෙකු ලෙස ඔහු ලෙඩ්ඩුන්ව සනීප කරන්නට බැඳී සිටියි.ඒත් මේ වගේ දේවල්,,,,,,

“ඒයි මෝ/ඩි/යෙ මං විහිළුවක් ඕ/යි කරේ.මං කාවවත් කි/ස් කරන්නෑ.මට පි/ස්/සු/යැ එයාලා කෑවෙ නෑ කියලා කි/ස් කරන්න…”

“අම්මෝ මං බය වුනා.හොඳ වෙලාවට දොස්තර මහත්තයා බේරුනේ.නැත්නම් කඩනවා අඬු…”

“කඩයි කඩයි.හරියට කෙලින් හිටගෙන ඉන්න ඇඟට පනක් නෑ.මගෙ අඬු කඩන්නයි කල්පනාව.මේ බෙහෙත් ටික බොන්න.පස්සෙ බැරියැ සනීප වුනාම ඇරියස් කවර් කරන්න…”

ආරාධනා රවලා පූර්ණ දිහා බලලා බෙහෙත් පෙ/ති හය අතට ගත්තා.ඇයට එපා වෙලා තියෙන්නෙ බෙහෙත් බීලම.ඒත් ලෙඩ සනීප වෙන්න නම් ඉතින් බෙහෙත් බොන්නම එපායැ.

ආරාධනා බෙහෙත් පෙති හය බිව්වෙ හය පාරකට.එක බෙහෙත් පෙත්තකට වතුර උගුරු දෙක තුනක්ම බිව්වා.

“පොඩි බබෙක් වගේනෙ බෙහෙත් බොන්න ගියාම…”

“බෙහෙත් පෙති නම් බොන්න බෑ මහත්තයා. දෝණිට වගේ පැණි රස බෙහෙත් දෙන්න බැරිද?…”

“පොඩි ළමයින්ට ඒවා දෙන්නෙ.අලි බබ්බුන්ට නෙවෙයි…”

“ඉතින් මාත් පොඩීනෙ…”

“කොහෙගෙ ත/මු/සෙ/ගෙ පොඩියට තියෙන්නෙ?…”

“ඊඊ,,,,ව//ල් දොස්තර මහත්තයා…”

“මාව ව//ල් කරේ බබානෙ.මං නනා ඉන්නකොට බාතෲම් එකට පැනලා කෝලම් නටලා වතුරෙ ඉඳලා පැය ගානක් අන්තිමේදි උණත් හදා ගත්තා…”

“ආ,,,,දැන් ඒකට මංද වැරදි?ඔයානෙ එන්න කිව්වෙ.මං කිව්වයැ කෝලම් නටන්න කියලා ඔයාට…”

“ඔහොම කේන්ති ගන්න එපා.මැණිකා නාකි වෙයි ඉක්මනටම…”

“කමක් නෑ…”

❤️❤️

ඊට පහුවදා ආරාධනාට ගෙදර එන්න පුලුවන් වුනා.සතියක් ගත වන තුරු විවේකීව ඉන්න කියලයි ඇයට වෛද්‍යය උපදෙස් ලැබුනෙ. පුංචි පැටික්කිට තමයි වැඩිපුරම සතුටු ආරාධනා ගෙදර ආවම.පැටික්කි අම්මි ගාවින් හෙලවුනේම නැහැ.

“දැන්ම අම්මි කු/ක්/කු දෙන්න බැහැ.අම්මා නාන්න එහෙම ඕනි.තූති මැණික දැන් නෝටි බබෙක් වෙලාද මන්දා…”

ආරාධනා පැටියට සැර කරලා ඇඳුම් ටික සේරම වොශින් මැෂින් එකට දැම්මා.දවස් හතරක්ම හොස්පිටල් එකේ ඉඳලනෙ ගෙදර ආවෙ.උණ අඩු වුනාට ඇඟට තවම අමාරු ගතියක් දැනුනා.කටත් තවම තිත්තයි.පූර්ණ නම් කිව්වෙ ඔය කට තිත්ත ගතිය දවස් දෙක තුනක් යද්දි ඇරිලා යයි කියලා.

“ඇල් වතුරෙන් නාන්න එපා ආරාධනා.උණු වතුරෙන් නාන්න.නාලා ඉවර වෙලා කෝපි එකක් බොන්න.එතකොට ඔය අමාරු ගතිය ඇරිලා යාවි…”

ආරාධනා බාතෲම් එකට ගිහින් උණු වතුරෙන් නාගෙන ආවා.සුමනා නැන්දා හදලා දීපු කෝපි එකත් බිබී කෙ/ල්/ල ඇඳෙන් වාඩි වුනා.පැටික්කි එයාගෙ ටෙඩි බෙයාර්ලගෙන් සෙල්ලම් කරනවා.ආරාධනා පැටියා දිහා බලන් හිටියා.

“පැටියා මේ දවස් ටිකේම ‍රෑට හිටියෙ අම්මා ගාවද මහත්තයා?…”

“ඔයාව හොස්පිටල් ගෙනිච්ච දවසෙ රෑ නම් හිටියෙ අම්මා ගාව.අනික් දවස් ටිකේ මං ගාවට ගත්තා…”

“මාව හොයන්න ඇති හැම තැනකම…”

“අම්මේ ඔව්.බාතෲම් එකේ දොරට ගගගා අම්මී,අම්මා කියනවා.මං දොර ඇරලා දුන්නම බාතෲම් එක ඇතුලෙ ඔයාව හොයනවා.ඊට පස්සෙ අම්මා නෑ කියලා අඬනවා.බොහොම අමාරුවෙන් නලව ගන්නෙ.ගුටියකුත් දුන්නා මං බැරිම තැන…”

“අනේ පව් මහත්තයා.නොතේරෙන කමටනෙ ඔය අඬන්නෙ.මං ගෙදර ආපු වෙලාවෙ බලන්න එපායැ මූණෙ තිබ්බ සතුට.එහාට දුවනවා මෙහාට දුවනවා…”

“හොස්පිටල් ඉඳලා ආවම මාව පේන්නැද්ද මැණිකාට?…”

පූර්ණ ආරාධනාව තු/රු/ල් කරගෙන හිටියා. පැටික්කි ඒක දැකලා ටෙඩියාවත් පැත්තකට දාලා දුවගෙන ඇවිත් හෙන ගේමක් දීලා ඇඳට නැගලා පූර්ණව අහකට තල්ලු කරලා අම්මිව තනියම අයිති කරගත්තා.

“මේ/කි නම් මට අම්මිත් චුට්ටක්වත් රොමෑන්ටික් වෙන්න දෙන්නෙ නෑනෙ.න/පු/රු කෙ/ල්/ල…”

“අනේ පව් මහත්තයා.මේ දවස් ටිකේම එයා අම්මි කු/ක්/කු නැතුවනෙ හිටියෙ…”

ආරාධනා බ්ලව්ස් එකේ බොත්තම් දෙක තුනක් ගලවලා පැටියට කිරි දුන්නා.

“ඇයි මං…”

ආරාධනා පූර්ණගෙ නහය මිරිකුවා.පැටියට නොපෙන්නෙ පූර්ණ ආරාධනාගෙ තො/ල් සි/ප ගත්තා.

මතු සම්බන්දයි.❤️❤️❤️❤️❤️

පෙර කොටසට