මෙහෙකාර පෙම්බරී 2

“ප්ලීස් සමින්ද උ/$ ආරාධනාව බ/ල/ප/න්. මගෙ අත් දෙක වෙව්ලනවා වගේ.ඒ/කි කවදාවත් අසනීපයක් හැදිලා ඔහොම අමාරුවෙන් ඉන්නවා මං දැකලා නැහැ.අනේ මගෙ ආරාධනාව බේරලා දී/ප/න් සමින්ද…”

තම මිතුරු වෛද්‍යවරයෙකු වූ සමින්දගේ දෑත් අල්ලාගෙන පූර්ණ එලෙස ඉල්ලීම් කරා. පූර්ණගෙ මුළු හිතම කැළඹිලා.හොස්පිටල් එකට එන විටත් ආරාධනා හිටියෙ ගොඩක් අමාරුවෙන්.තමා වෛද්‍යවරයෙකු වුවත් මේ වෙලාවෙ ආරාධනාට ප්‍රතිකාර කිරීමට තරම් ශක්තියක් තමාට නැහැ.ඒ නිසයි ඔහු ඒ අවස්ථාව ඩොක්ටර් සමින්දට ලබා දුන්නෙ.

“උ/$ කිසිම දේකට බය වෙන්න එපා පූර්ණ. ආරාධනාට මොකුත් වෙන්නෑ.එයාට අවශ්‍ය ප්‍රතිකාර දීලයි තියෙන්නෙ…”

“මං ඩොක්ටර් කෙනෙක් වුනත් මේ වෙලාවෙ ගොඩක් අසරණයි මචං.ඒ/කි/ට ප්‍රතිකාර කරන්න තරම් මට ශක්තියක් නැහැ. ආරාධනා හුස්ම ගත්තෙත් හුඟක් අමාරුවෙන්…”

“උණ වැඩි වෙද්දිම උ/$ ආරාධනාව හොස්පිටල් එකට ගෙනාපු නිසා බය වෙන්න දෙයක් නෑ මචං.හෙට වෙද්දි එයාගෙ තත්වෙ හොඳ අතට හැරෙයි…”

වෙලාව මධ්‍යම රාත්‍රියට ලඟා වුනත් පූර්ණ ගෙදර ගියේ නැහැ.ආරාධනාට සනීප වෙනකල් ඔහු රෝහලේම ඉන්නවා කියලයි හිතා ගත්තෙ.නිවසට දුරකථන ඇමතුමක් ලබා දී ආරාධනාගෙ අසනීප තත්වය පවසා දරුවා ගැනත් විමසා පූර්ණ ආරාධනා ළඟට ගියා.

“ඩොක්ටර් බය වෙන්න එපා.මිස්ට ඉක්මනට සිහිය එයි…”

පූර්ණ දෙස බැලූ හෙදියක් එලෙස පැවසුවා. නමුත් පූර්ණ හිටියෙ හිතින් ගොඩක් දුර්වල වෙලා.තමා වෛද්‍යවරයෙකු වුවත් ඔහු තම බිරිඳගේ අසනීපයට ප්‍රතිකාර කිරීමට තරම් මානසික තත්වයක් නැහැ.

අතට සේලයින් සම්බන්ද කර ඇය අමාරුවෙන් මෙන් හුස්ම ගන්නා ආකාරය දෙස පූර්ණ අසරණව බලාගෙන උන්නා. ඔහුගේ හදවත වේදනාවෙන් කෑ මොර දුන්නා.ඇය මෙලෙස රෝගී වූයේ තමා නිසා බව ඔහු සිතුවා.පූර්ණට තමා ගැනම ඉහිලිය නොහැකි තරහවක් ආවා.තමාගෙ මුරන්ඩුකම නිසයි තම බිරිඳට මෙවැනි තත්වයක් උදා වුනේ.

මට සමාවෙන්න ආරාධනා.ඔයා ඇති කියද්දිත් මමයි ඔයාව ගොඩක් වෙලා වතුරෙ තියන් හිටියෙ.මගෙ මුරණ්ඩුකම නිසයි ඔයාව මෙහෙම අසනීප වුනේ.ඔයා මගෙ ජීවිතේට ආවට පස්සෙ මං හැමදාම හිටියෙ ගොඩක් සතුටින්.මගෙ නැති වුනු හැම සතුටක්,සැනසුමක්ම ඔයයි මට ලබා දුන්නෙ. ඒත් මං නිසා ඔයා අද වේදනාවෙන් ඉන්නෙ. ඒක මට දරා ගන්න බැහැ රත්තරං.

“පූර්ණ,,,,මචං රිලැක්ස්.උ/$ ඩොක්ටර් කෙනෙක් නේද?ඇයි මෙහෙම හැසිරෙන්නෙ?ආරාධනාගෙ තත්වෙ සීරියස් නෑ.කෙ/ල්/ල/ට තව පැය දෙක තුනකින් සිහිය එයි.බය නැතුව හි/ට/ප/න්…”

“ඩොක්ටර් කෙනෙක් වුනත් මං මේ වෙලාවෙ ගොඩක් අසරණයි මචං.උ/$/ට නොකිව්වට ආරාධනා මෙහෙම අසනීප වුනේ මං නිසයි. ඒකයි මෙහෙම වේදනා…”

“උ/$ නිසා?එහෙම වුනේ කොහොමද?උ/$/ට උණක් තිබුනෙ නෑනෙ බ///න් ආරාධනාට බෝ වෙන්න…”

“එහෙම නෙවෙයි මචං.ඊයෙ උදේ අපි ආරාධනාගෙ ගමේ ගිහින් ගෙදර එද්දි රෑ හත අට විතර වුනා.ආපු ගමන් අපි දෙන්නා නෑවා. රෑ නිසා ඒ/කි පොඩ්ඩක් නාලා යන්න හදද්දි මං ඒකිව ඇදගෙන පැය ගානක් තිස්සෙ වතුරෙ හිටියෙ.ඒකෙන් හෙම්බිරිස්සාව වැඩි වෙලා අන්තිමට උණත් හැදුනා…”

“අපොයි බ///න්.ඩොක්ටර් කෙනෙක් නේද උ/$?ඔච්චරටම තේරෙන්නැද්ද රෑ වෙලා ඔහොම වතුරෙ ඉන්න හොඳ නෑ කියලා?…”

“මං ඒක එච්චරටම හිතුවෙ නෑ සමින්ද. අන්තිමේදි මං නිසා ආරාධනා දුක් විඳිනවා. හවස නිදාගෙන හිටියෙ.මං ගිහින් නලලටයි බෙල්ලටයි අත තියලා බලද්දි ඇඟ ගිනි කබල වගේ රස්නෙයි.වෙව්ල වෙව්ල හිටියෙ…”

“බය නැතුව හි/ට/ප/න් පූර්ණ.උදේ වෙද්දි උණ බහියි.ආරාධනාට මොකුත් වෙන්නෑ.උ/$ දැන් ගෙදර ප/ල/ය/න්.හෙට උදේ ආපහු එන්න ඕනිනෙ…”

“නෑ මචං.ආරාධනාට සිහිය එනකල් මං යන්නෑ.කමක් නෑ.මට ඉන්න පුලුවන්…”

“පි/$/සු නැතුව ගෙදර ප/ල/ය/න් පූර්ණ. ආරාධනාව බලා ගන්න අපි ඉන්නවා.උ/$ ගිහින් හෙට උදෙන්ම ව/රෙ/න්.උවමනාවක් වුනොත් මං කෝල් කරන්නම්…”

අන්තිමේදි සමින්දගෙ බල කිරිල්ල නිසා පූර්ණ ආරාධනාගෙ නලල සි/ප/ගෙ/න කරෙකේ ගෙදර ආවා.මඟ දිගට ඔහුට මතක් වුනේ ආරාධනා සිහි නැතුව ඇඳේ වැතිරිලා සිටි ආකාරයයි.

පූර්ණ ගෙදර එද්දි අම්මා මග බලන් ඉන්නවා.

“අම්මා තාම නිදි නැද්ද?…”

“අනේ පුතේ දුවට දැන් කොහොමද?මං මේ පුත එයි කියලා හිතිලයි බලන් හිටියෙ…”

“ආරාධනාට සිහිය නැහැ අම්මෙ.ටිකක් විතර අමාරුයි.මං හොස්පිටල් එකේ නවතින්නයි හැදුවෙ.සමින්ද බල කරා ගෙදර ගිහින් එන්න කියලා.බය වෙන්න දෙයක් නැහැ.කෝ දරුවා නිදිද?…”

“ඔව් පුතේ.අම්මා,,,,අම්මා කිය කියා දුවව හොයනවා.කෑ ගගහා අඬ අඬ පඩිපෙළ නැගලා කාමරේට ගිහින් බලනවා.කාමරේ නැති නිසා බාතෲම් එකේ දොරට අත් දෙකෙන්ම ගගහා අම්මී කියලා කෑ ගහනවා. බොහොම අමාරුවෙන් කෑම ටික කවාගෙන නිදි කරව ගත්තෙ…”

“මං ආයෙ උදෙන්ම හොස්පිටල් එකට යනවා අම්මෙ.අම්මා දුවව හොඳට බලා ගන්න…”

“හා පුතේ.පුතාට කන්න මොනවා හරි ගේන්නද?…”

“එපා අම්මෙ.මට නිදි මතයි.මං නිදා ගන්නවා.හෙට උදෙන්ම හොස්පිටල් එකට යන්නත් ඕනිනෙ…”

පූර්ණ කාමරේට ඇවිත් ඇඳට වැටුනා.මුළු කාමරෙන්ම ඔහුට දැනෙන්නෙ ආරාධනාගෙ සුවඳ.ඇගේ සිනහා හඬ ඔහුට හතර වටෙන්ම ඇහෙනවා වගේ දැනුනා.තම පොරෝනය ඉවත ලා ඔහු ඇගේ පොරෝනය පොරවගෙන ඒ කොට්ටය මතින් හිස තබාගෙන නිදිය ගත්තා.වෙනදා නම් මේ වෙලාවට තමා ඇයව තුරුල් කරගෙන නිදි. ඒත් අද ඇය නෑ.ඔහුට දරා ගන්න අපහසු දුකක් හිතට ඇතුල් වුනා.

ඔයා නැතුව මට මොහොතක්වත් ඉන්න බැහැ ආරාධනා.ඔයා මගෙ මුළු ජීවිතේම වෙලා ඉවරයි දැන්.මේ හදවතේ හැම අස්සක් මුල්ලක් නෑරම ඔයා අයිති කරගෙන.මේ ආත්මෙදි විතරක් නෙවෙයි.ආත්ම හතක් යනකල්ම ඔයා මගෙ විතරමයි.

ආරාධනා ගැන සිහිපත් කර කරම ඉඳලා පූර්ණගෙ දෑස් වලට නිදි දෙව් දුව ළඟා වුනේ පාන්දර යාමයෙයි.ඒත් ඔහුට වෙනදා වගේ වෙලා නින්ද ගියේ නැහැ.හය වෙද්දි ඇහැරුනා.ඉක්මනින්ම මුහුණ කට හෝදගෙන ලෑස්ති වෙලා උදේට කන්නෙත් නැතුවම අම්මට කියලා හොස්පිටල් එකට ආවා.

“මචං ආරාධනාට කොහොමද දැන්?…”
පූර්ණ හති හලමින්ම සමින්දගෙන් එලෙස විමසුවා.තම මිතුරු වෛද්‍යවරයාගෙ මුහුණෙන් ආ සිනහව දුටු පූර්ණගෙ පපුවට සැනසීමක් දැනුනා.

“ආරාධනාගෙ උණ බැහැගෙන යනවා දැන්. බය නැතුව හි/ට/ප/න්.සිහිය ආපු වෙලාවෙ හෙව්වෙ නම් උ/$/ව නෙවෙයි හැබැයි…”

“අනිවාර්යෙන්ම ආරාධනා හොයන්න ඇත්තෙ දුවව.ඒ/කි දරුවට ගොඩක් ආදරෙයි මචං…”

“ඔව් පූර්ණ.දෝණි දෝණි මගෙ පැටියා කිය කියා ඇහුවා.ඊට පස්සෙ උ/$/ව/ත් ඇහුවා. දැන් නම් නිදි.යමුකො බලන්න…”

පූර්ණ සමින්දත් එක්ක ආරාධනා ගාවට ආවා.කෙ/ල්/ල හොඳටම නිදි.ඒ මුහුණෙන් පේන්නෙ විඩාබර ගතියක්.පූර්ණ හෙමින් හෙමින් ඇගේ හිස අතගෑවා.

💐💐

උදේ නවයට විතර පූර්ණ ආපහු ආවා ආරාධනාව බලන්න.එතකොට ඇය හිටියෙ ඇහැරිලා.පූර්ණව දුටුව ගමන් ඒ විඩාබර මුහුණෙ ආදරණීය සිනහවක් රැඳුනා.

“මගෙ මැණිකාට දැන් කොහොමද?තාම ගොඩක් අමාරුද?…”

“දැන් ටිකක්,,,,හොඳයි මහත්තයා,,,,දුව ගෙදර නේද?,,,,අම්මට කරදර කරනවා ඇති පැටියා,,,,,මාව හෙව්වද දන්නෑ කිරි බොන්න…”

ආරාධනා අපහසුවෙන් වචන ගැට ගහ ගත්තා.පූර්ණට දුක හිතුනා ඇය ගැන. මෙතරම් අපහසුවෙන් ඉන්නැද්දිත් ඇය වෙහෙස වෙන්නෙ දරුවා ගැනයි.මෙවන් මවක් ලබන්න තම දියණිය කෙතරම් වාසනාවන්තදැයි ඔහු සිතුවා.

“ආච්චිත් එක්ක ව/ලි දාගෙන පැටියා අම්මි නෑ කියලා.හැම තැනකම ඔයාව හෙව්වලු. බාතෲම් එකේ දොරට ගගගා ඔයාව හොයනවලු…”

“අනේ,,,🥺පව් මහත්තයා,,,,මට කෝල් එකක් අරන් දෙන්නකො,,,,පැටියගෙ මූණ බලාගෙන කතා කරන්න ඕනි…”

“ඔහොම ඉන්නකො.මං අරන් දෙන්නම්…”

පූර්ණ තම පියාගෙ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන වට්සැප් හරහා වීඩියෝ ඇමතුමකට සම්බන්ද වුනා.

“චූටි පැටියෝ මේ අම්මි.එන්නකො බලන්න…”

පූර්ණගෙ අම්මා දුරකථන තිරයෙන් ආරාධනාව පුංචි පැටික්කිට පෙන්නුවා. පැටියට හරිම සතුටුයි ආරාධනාව දැකලා. කෙ/ල්/ල සතුටින් කෑ ගගහා හිටියා.

“අම්මා,,,අම්,,,අම්මා…”

පැටියා හරිම සතුටින් ෆෝන් එක අල්ල අල්ල කියෝනවා.ආරාධනා ආසාවෙන් බලාගෙන හිටියා.

“පැටියෝ,,,,,අම්මිට ඌවා වෙලා පුතේ,,,,මේ බලන්න,,,අම්මි පව් නේද සත්තලං,,,දොස්තර මාමි අම්මිට,,,,බෙයියන් ගොඩාරියක් විද්දා,,,,මේ බලන්න අම්මිගෙ අතත් සිදෙනවා,,,,මගෙ පැටියා ආච්චිට කරදර කරන්නැතුව,,,,හොඳ බබෙක් වගේ ඉන්න ඕනී,,,,,අම්මි සනීප වෙලා ඉක්මනටම එනවා පැටියා ගාවට…”

“අම්මි චුච්චු නා,,,,අමී චුච්චූ.බබා පව්ව්…”

ආරාධනාගෙ පපුව පිච්චුනා දරුවා කිරි නෑ කියනකොට.ඇස් වලට කඳුලුත් පිරුනා. පැටියා අත් දෙක එහාට මෙහාට හරව හරව අම්මි කු/ක්/කු නෑ කියනවා.

“අනේ මහත්තයා,,,,පැටියා පව්…”🥺

“දුක් වෙන්න එපා ආරාධනා.ඔයාට ඉක්මනට සනීප වෙයි රත්තරං.ඊට පස්සෙ ගෙදර ගියාම පැටියට ඇති තරම් කු/ක්/කු බොන්න පුලුවන්…”

පූර්ණ දුරකථන ඇමතුම කට් කරලා ආරාධනා ගාවින් වාඩි වුනා.ඇගේ දෑස් වල කඳුලු පිරිලා.ඒ දරුවා කිරි නෑ කියපු නිසා. තමා අසනීප නොවුනා නම් දරුවා මේ වෙද්දි කිරි බොනවනෙ.

“අඬන්න එපා මැණික.ඔයාට දැන් උණ අඩු වීගෙන එනවනෙ.ඉක්මනටම ගෙදර යන්න පුලුවන්…”

“පැටියා අම්මා කු/ක්/කු නෑ කියනකොට මගෙ පපුව පිච්චිලා වගේ ගියා මහත්තයා…”

ආරාධනා කඳුලු පිසදාගෙන එහෙම කිව්වා. පූර්ණ ඇගේ හිස අතගෑවා.ආරාධනාගෙ මුහුණෙන් පෙනුනෙ විඩාබර ගතියක්.මුහුණ සුදු මැලි වෙලා වගේ.ගොඩක් ලෙඩ පාටයි. දින කිහිපයක් යන තුරු ඇයට රෝහලේ නැවතී සිටින්නට වේවි.

“මැණික දුක් නොවී ඉන්නකො.ඉක්මනටම සනීප වෙලා ගෙදර යන්න පුලුවන්…”

මතු සම්බන්දයි.💐💐💐💐💐💐

පෙර කොටසට