මෙහෙකාර පෙම්බරී 2

“පොඩි බබෙක් වෙන්නැතුව මේ බෙහෙත් ටික බොන්න ආරාධනා.මේවා නොබී කොහොමද ලෙඩ සනීප වෙන්නෙ?…”

ඊයෙ පැය ගානක් වතුරෙ ඉඳලා ආරාධනාට හොඳටම හෙම්බිරිස්සාව හැදිලා.කෙ/ල්/ල හිටියෙ ගොඩක් අමාරුවෙන්.පූර්ණ බෙහෙත් ගෙනත් දුන්නත් ආරාධනා හරිම හොරයි බෙහෙත් බොන්න.කොත්තමල්ලි බිබී ඉන්නවා.

“අනේ ඔය බෙහෙත් ගොඩක් තිත්තයිනෙ මහත්තයා…”

“තිත්තයි තමයි.එහෙම කියලා බෙහෙත් නොබී හිටියම ලෙඩ සනීප වෙන්නෑනෙ.කෝ නැගිටින්න හොඳ ළමයා වගේ.බෙහෙත් ටික සේරම බිව්වොත් කි/ස් දුසිම් බාගයක් දෙනවා…”

පූර්ණ කපටිකමින් ආරාධනාට බෙහෙත් ටික පොවා ගත්තා.ආරාධනා පුංචි කාලෙ ඉඳන්ම බෙහෙත් බොන්න හරිම කම්මැලියි.පූර්ණගෙ වදේටමයි ආරාධනා බෙහෙත් ටික බිව්වෙ.

“කෝ කි/ස් දුසිම් බාගෙ?…”😊

බෙහෙත් ටික බීලා ඉවර වුනාම ආරාධනා එහෙම ඇහුවා.පූර්ණ කෙ/ල්/ල/ගෙ කම්මුල දෙපැත්තම කි/ස් කරා.පුංචි එලීෂා පැටික්කි ඒක දැකලා දුවගෙන ආවා අම්මි ගාවට. පැටික්කි කැමති නෑ කවුරුවත් අම්මිව කි/ස් කරනවට.එයාට විතරයි අම්මිව කි/ස් කරන්න පුලුවන්.

“ඔන්න මේ/කි/ගෙ තියන ඉරිසියාව.මං අම්මිව කි/ස් කරනවා දැකලා.නපුරු කෙ/ල්/ල.අම්මිව ඔයාට විතරක් නෙවෙයි මටත් අයිතියි…”

පූර්ණ පුංචි එලීෂා පැටික්කිට පේන්නම ආරාධනාගෙ උරහිසෙන් ඔලුව තියා ගත්තා. පැටික්කි කෑ ගහලා අඬලා කොණ්ඩෙන් ඇදලා පූර්ණව අහකට තල්ලු කරලා අම්මිව තනියෙන් අයිති කරගත්තා.

“අනේ පව් මහත්තයා.උදේ ඉඳන් සැරෙන් සැරේ ඇඬුවා කු/ක්/කු ඉල්ලලා.මට හෙම්බිරිස්සාව නිසා දුන්නෙ නැහැ.තු/රු/ල් කරන් ඉඳලා මෙයාටත් බෝ වුනොත්.ර/ණ්/ඩු කෙක්කක් මේ/කි.කු/ක්/කු දුන්නෑ කියලා කෑම කෑවෙත් නැහැ…”

ආරාධනා පැටියව උස්සලා පූර්ණගෙ පපුව උඩින් තියලා කොට්ටෙ උඩින් ඔලුව තියා ගත්තා.කෙ/ල්/ල/ට ලාවට උණ වගේ දැන්.ඒ නිසා පෙනඩෝල් දෙකක් බීලා නිදා ගත්තා.

“අම්මිට ඌවා වෙලානෙ මැණික.ඒ නිසා කරදර කරන්න එපා.පව්නෙ ඔයාගෙ අම්මියා.එයාට හබුං කන්න අප්පිරිය නිසා අපි රස කෑමක් හදලා දෙමූ…”

පූර්ණ ඇඳෙන් බැහැලා ආරාධනාට සීට් එක පොරවලා පැටික්කිව වඩාගෙන කුස්සියට ආවා.

“ආ මහත්තයට මොකුත් ඕනිද?…”

“එපා සුමනා නැන්දෙ.ආරාධනාට උණ ගන්න වගේ.ඇඟත් රත් වෙලා.කන්න බැරිලු කට තිත්තයි කියලා.සැරට මොනවා හරි හදලා දෙන්නකො රෑට කන්න.බත් නම් කන එකක් නැහැ…”

“මැකරෝනි හදලා දෙන්නද මහත්තයා?…”

“හා…”

සුමනා මැකරෝනි එක හදන්න ගත්තා.පූර්ණ පැටියවත් වඩාගෙන සාලෙට ඇවිත් ටීවි එක දාගත්තා.

“පැටියා කාටුන් බලනවද?…”

පූර්ණ අහද්දි පැටික්කි ආසාවෙන් හිනා වුනා. රෑට සිංහල චැනල් වල කාටුන් යන්නැති නිසා පෝගෝ චැනල් එකේ චෝටා බීම් කාටුන් එක දාලා දුන්නා.පැටික්කිත් ආසාවෙන් කාටුන් එක බැලුවා.

“දුව කෝ පුතේ.නිදිද?…”

අම්මත් සෝෆාවෙ පැත්තකින් වාඩි වෙන ගමන් ඇහුවා.

“ඔව් අම්මෙ.ඔලුව කැක්කුමයි කිය කියා හිටියා.පෙනඩෝල් දෙකක් දුන්නා බොන්න. දැන් නිදි.ටිකක් උණ වගේ…”

“බෙහෙත් ටිකක් අරන් දුන්නොත් හොඳයි නේද පුතේ?දැන් හැම තැනකම වෛරස් උණක් තියනවා.මේ දරුවටත් බෝ වෙයි නැත්නම්…”

අම්මට කොහොම කියන්නද උණ ගැනුනෙ ඊයෙ මහ රෑ පැය ගානක් තිස්සෙ දෙන්නත් එක්ක නාලා කියලා.නෑවා විතරක් නෙවෙයිනෙ🤭

“මං බෙහෙත් ටිකක් දුන්නා අම්මෙ.අඩු නොවුනොත් බ්ලඩ් චෙක් කරලා බලන්න ඕනි.මේ/කි අඬනවා කු/ක්/කු බොන්න නැතුව…”

පූර්ණ කිව්වෙ ආසාවෙන් කට ඇරගෙන හිනා වෙවී කාටුන් බලන පුංචි එලීෂා පැටික්කිගෙ හිස අතාගාමින්.අම්මි කු/ක්/කු තිබ්බොත් කෙ/ල්/ල/ට මොකුත් ඕන්නෑ.

“අම්මේ ඔව් පුතේ.දුවට හෙම්බිරිස්සාව නිසා මට කවන්න කිව්වා.වෙනම යු/ද්/ධ/ය/ක් කරන්න ඕනි කවාගන්න ගියාම.එක තැනක ඉන්නෙම නැහැ.චුච්චු චුච්චු කිය කියා දුවගෙ පස්සෙන්මයි…”

“ආරාධනා පව් අම්මෙ.දරුවා ගැන හරියට හිතනවා.මගෙ පැටික්කි හරිම වාසනාවන්තයි.දැන් හිතෙනවා ශාරදී ගිය එක හොඳයි කියලා.එයා හිටියත් කවදාවත් දරුවට මෙහෙම ආදරේ කරන එකක් නැහැ…”

පූර්ණ කිව්වෙ අතීතය සිහිපත් කරමින්.ශාරදී කවදාවත් දරුවට ආදරේ කරේ නැහැ.දරුවා කුසට පැමිණි දා සිට ඇය වෙහෙස වුනේ එම කලලය වි/නා/ශ කිරීමටයි.නමුත් පූර්ණ නිසා දරුවා මෙලොව එලිය දැකීමට වාසනාවන්ත වුනා.දරුවා උපන්න මොහොතේදි ශාරදී මව්කිරි ටික ලබා දීමට ප්‍රතික්ෂේප කෙරූ අන්දමත්,දරුවාට මව්කිරි ලබා ගැනීමට තමා ශාරදී ඉදිරියෙ බැගෑපත් වූ අන්දමත් පූර්ණට සිහිපත් වුනා.

“කලින් ආත්මෙකත් මේ දෙන්නා අම්මයි දුවයි වෙලා ඉන්න ඇති පුතේ.දුව හරිම ආදරෙයි පැටියට.කුසින් නොවැදුව එක විතරයි.ඒ දරුවා වාසනාවකට අපේ පව්ලට ආවෙ. ඔයත් හරිම වාසනාවන්තයි පුතේ එහෙම බිරිඳක් ලබන්න…”

පූර්ණ ගොඩක් සතුටින් හිටියෙ ආරාධනා තමන්ගෙ ජීවිතේට ආපු දවසෙ ඉඳන්.ඇය මේ ගෙදරට ආවෙ තමාගෙ ජීවිතේට අහිමි වූ සතුටත්,සැනසුමත් රැගෙනයි.ඇයබ්තමාට අවංක,ගුණගරුක,යහපත් බිරිඳක් සේම තම දියණිටට ආදරණීය මවක්ද වුනා.

“මං මේ පුතාට කියන්නමයි හැදුවෙ…”

“ඒ මොකක්ද අම්මෙ?මොකුත් ප්‍රශ්නයක්ද?…”

පූර්ණගෙ සිතට බියක් දැනුනා සිය මව ගගන් ගැන යමක් මතක් කරන්න හදනවා කියලා හිතිලා.ඔහු ගැන මතක් කරොත් සිය මවගේ සිතට දැඩි ශෝකයක් දැනෙයි.

“නෑ පුතේ.දෝණිටත් දැන් අවුරුද්දක් පහු වෙච්චි එකේ හොඳයි නේද තව දරුවෙක් ගැන හිතුවොත්?…”

පූර්ණ හිනා වුනා.ඔහු ආසයි තමාගෙ දරුවෙක් ආරාධනාගෙ කුසේ වැඩෙනවා දකින්න.නැවත වරක් පිය පදවිය ලබන්න පූර්ණ ආසාවෙන් බලා සිටියා.

“මාත් ඒ ගැන ආරාධනාත් එක්ක කතා කරා අම්මෙ.පැටියට පාළුත් නෑනෙ මල්ලියෙක් හරි නංගියෙක් හිටියම.ආරාධනා නම් කියන්නෙ දරුවට අවුරුදු දෙකක් විතර වෙනකල් ඉම්මු කියලා තව දරුවෙක් ගැන හිතන්න…”

“ඒත් කමක් නෑ පුතේ.දුවට තාම අවුරුදු විස්ස ලැබුවා විතරයිනෙ.ඒ දරුවා මේ ගෙදරට ආපු දවසෙ ඉඳන්ම පැටියගෙ වැඩත් එක්ක ඔට්ටු වෙනවා.කිසිම විවේකයක් නිදහසක් නෑනෙ වෙලාවකට…”

“ඒක නම් ඇත්ත අම්මෙ.චුට්ටක් මෙයාව බලා ගන්නකො.මං පොඩ්ඩක් ආරාධනාව බලලා එන්නම්.උණ වැඩි වෙලාද දන්නෙත් නැහැ…”

පැටියව ආච්චි ගාවින් තියලා පූර්ණට කාමරේට ඇවිත් ආරාධනාගෙ නලලටයි බෙල්ලටයි අත තියලා බැලුවා.ඇයට හොඳටම උණ ගැනිලා.ඇඟ ගිනි කබලක් වගේ රස්නෙයි.සීට් එක පොරවගෙන ආරාධනා කෙඳිරි ගගා ඉන්නවා.

“මහ,,,ත්තයා…”

“ඔයාට හොඳටම උණ ආරාධනා.අපි හොස්පිටල් යමු මැණික…”

“පැටියා,,,කෝ මහත්තයා?,,,,අම්මා ගාවද?එයාට,,,,කෑම කවන්න ඕනි දැන්…”

උණ හැදිලා අමාරුවෙන් ඉන්නැද්දිත් ඇය වෙහෙස වෙන්නෙ දරුවා ගැනයි.පූර්ණට දුක හිතුනා ආරාධනා ගැන.ඔහුගේ පපුවට වේදනාවක් දැනුනා.

“ඔව් මැණික.පැටික්කි අම්මත් එක්ක ටීවි එකේ කාටුන් බලනවා.ඔයාට ගොඩක් අමාරුයිද රත්තරං?…”

“ටිකක් විතර අමාරුයි මහත්තයා,,,ඇඟත් රිදෙනවා,,,,හෙම්බිරිස්සාව නිසයි මෙහෙම අමාරු…”🤒

“ඉන්න මං ඔයාට වෙන ඇඳුමක් අන්දවන්නම්.අපි හොස්පිටල් යමු.මැණිකට ගොඩක් උණ…”

පූර්ණ ආරාධනාට වෙන ඇඳුමක් අන්දවලා උණ බලලා හොස්පිටල් යන්න ලෑස්ති වුනා.

“මාව හොස්පිටල් එකේ,,,,නතර කරන්නද හදන්නෙ මහත්තයා?…”

“ඔව් බබා.ඔයාට ගොඩක් අමාරුයිනෙ.මං ඉන්න නිසා බය වෙන්න එපා.මං මැණිකාව බලා ගන්නම්.මට සමාවෙන්න ආරාධනා.මං නිසයි ඔයාට මෙහෙම වුනේ…”

“එහෙම කියන්න එපා මහත්තයා,,,,ඔයාගෙ වරදක් නැහැ…”

පූර්ණ ආරාධනාව වත්තන් කරගෙන පල්ලෙහාට ආවා.ඇඟ ගිනි කබල වගේ රස්නෙයි.අම්මත් බය වුනා ආරාධනාගෙ රෝගී තත්වය දැකලා.

“දුවට ගොඩක් අමාරුයිද පුතේ?…”

“ඔව් අම්මෙ.උණ හොඳටම වැඩි වෙලා.මං ආරාධනාව හොස්පිටල් ඇඩ්මිට් කරනවා. අම්මා පැටියව හොඳට බලා ගන්න.කෑම ටිකත් කවලා අම්මා ගාවින්ම තියා ගන්න…”

“අනේ පරිස්සමෙන් පුතේ.පැටියා පොඩි එකානෙ.නැත්නම් මාත් හොස්පිටල් එකට එනවා…”

“අම්මෙ,,,පැටියට කෑම එක කවලා එයාව,,,, නිදි කරවන්න,,,,මැණික,,,අම්මිට ඌවා වෙලා පුතේ,,,,බෙයියන් බීලා ඉක්මනට සනීප වෙලා අම්මි එන්නම්…”

ආරාධනා වෙව්ල වෙව්ල එහෙම කිව්වා. පැටික්කි දුකෙන් වගේ ආරාධනා දිහා බලන් ඉන්නවා.ආරාධනාගෙ වේදනාව දරුවටත් හොඳට දැනෙනවා.

පූර්ණ ආරාධනාව ඉක්මනින්ම හොස්පිටල් එකට එක්කන් ආවා.

මතු සම්බන්දයි.💐💐💐💐💐

පෙර කොටසට