නුඹ මා… ❤❤❤

45 කොටස

ඒ ඇස් දිහා බලන්න බැරි තරම් තරහෙන් රතු වෙලා….වෙනද ආදරේ පිරිලා තිබුන ඇස්වල අද තියෙන්නේ මන් එක්ක තරහක්…. ඔව් මට‍ තේරෙනවා ඒ වෙනස මට‍ හොදටම තේරෙනව දෙවියනේ…..

“මහත්තයෝ… මන් කියන දේ එක විනාඩියකට අහන්නකො එකම එක පාරක් අනේ මහත්තයෝ….”

“මෙතනින් යනවා දෙව් මගේ යකා අව්ස්සන්නේ නැතුව උදේ පාන්දර….”

වෙනද වගේ මගේ කදුළු දැකලා අඩන්න එපා කිව්වේ නෑ එයා….ඒ මුණේ මන් ගැන නෑ කිසිම අනුකම්පාවක්‌…..එයාට ඒ තරමට මාව එපා වෙලාද….. එක තත්පරයකට මගේ මුණ දිහා බලන්න බැරි තරමට….

“නංගි දැන් ඔයා යන්න….. නැත්තන් වෙන්නේ මේ ප්‍රශ්නේ තවත් දික් ගැස්සෙන එක….”

“කදුළු පිහදගෙන යනවා මෙතනින්….නැත්තන් තමුසෙගෙ මනමාලයා එයි ඇඩෙව්ව එකාව හොයාගෙන…..”

එයා කියන්නේ කිසිම අනුකම්පාවක් නැතුව…..

“අශ් ඇති බන් උබත් පොඩි එකෙක් වගේනේ….කතා කරලා විසදගන්න බැරි තරම් ලොකු ප්‍රශ්නයක් උබලට වෙලා නෑනේ….”

“ඒක ලොකු උනත් පොඩි උනත් උනේ මට‍…..උබටවත් මෙයාටවත් නෙවෙයි….. ඒක දන්නේ මන්….. මට‍ උන දේ දන්නේ මන්……උබට ඔහොම කියන්න හ‍රි ලේසියෙන් පුළුවන්…… බොරුව තරම් මට පෙන්නන්න බැරි දෙයක් තවත් නෑ කියලා දන්නවනේ…..ශික්….”

එයා කියන්නේ තරහ පාලනය කරගන්න උත්සහ ගන්න ගමන්…. ඒ මුණ අර ඉස්සරම දවස් වල වගේ තරහෙන් රතු වෙලා…..

“අනේ මම වරදක් කරේ නෑ අයියේ….”

මන් එහෙම කිව්වත් එයා නෙවෙයි මන් දිහා එක පාරක්වත් බැලුවේ….. එයා එහෙමම අයෙත් ගිහින් නතර උනේ එලිය පේන්න බිත්තියක්‌ පුරාවටම හදලා තිබුන ග්ලාස් එක ළග…..

“නංගි මේ ෆයිල් එකේ ඔක්කොම information හරිද….?”

එයා දිහාම බලන් හිටපු මන් ලගට ඇවිත් දිනුක සර් එහෙම ඇහුවේ ෆයිල් එකත් පෙරලා පෙරලා බලන ගමන්…..

“ඕවා එච්චර හිතන්න එපා…. ඕකට තරහ නිමුනම ඌම උබව හොයාගෙන එයි නංගියෝ….”

“අනේ මගෙත් වරද සර්….ඔය ෆයිල් එකේ තවත් ටිකක් තියෙයි මට‍ ඉවර කරන්න බැරි උනා සර්…… මන් ඉක්මනට ඉවර කරලා දෙන්නම්….”

මන් කිව්වේ කලබලෙන් කදුළු පිහදන ගමන්…..

“අය්යෝ උබත් කරන වැඩ බන් නංගි…..දැන් මේක ෆිල් කරන්න පුළුවන්ද මේ හදිස්සියෙන්….”

“මන්… මන්… කොහොම හ‍රි කරන්නම් සර් ඉක්මනට….. අනේ මට‍ ඒක අමතක උනා සොරි සර්….”

“මන් නිශුට එන්න කියන්නම් උදව්වට….අරූ නැත්තම් උබව ආයෙම කන්න හදයි…. අපි එකතු වෙලා ඉවර කරමු…..මන් ඉක්මනට එන්නම්….”

දිනුක සර් එහෙම කියලා එලියට ගියේ නිශු එක්කන් එන්නද කොහේද….

මන් ෆයිල් එක පෙරලා පෙරලා බැලුවත් හිත එක තැනක නැති නිසාද කොහේද මට‍ කිසිම දෙයක් කරගන්න බැරි උනේ….

මේ ඇස් දුවන්නේම එයා පස්සෙන්…. ඒත් එයා මන් මේ රූම් එකේ ඉන්නවද කියලවත් දන්නේ නෑ වගේ අත් දෙකත් සාක්කු දෙකේ ඔබාගෙන් මොකක්දෝ ලොකු කල්පනාවක……

අද දවසටම එකම එක වතාවක් එයා මන් දිහා උවමනාවකින් බැලුවේ නෑ….. මන් දන්නවා මන් වැරදි කියලා…. ඒත් කවදාවත් අපේ ආදරේට වරදක් කරන්න හිතාගෙන මන් එහෙම කරේ නෑ….ඒක දන්නේ මගේ හිත…..මන් කොහොමද ඒක එයාට තේරුම් කරලා දෙන්නේ දෙවියනේ……

මන් ඔහේ අඩ අඩා කල්පනා කර කර ඉන්නකොට කැබින් එකේ දොර ඇරෙන සද්දේ ආවේ….. මන් ඉක්මනට කදුළු පිහදගත්තේ නිශු එක්කන් දිනුක සර් එනවා ඇති කියලා හිතුන නිසා…..

“අශ් බබා… මොනාද මේ වැඩවල තේරුම…. හැමදේම රෙඩි කරගෙන ඉන්නකොට ඔයා ඔහොම මාව මග අරින්නේ ඇයි…..”

මන් බය වෙලා වගේ බලන් ඉන්නකොට කෙල්ලෙක් ඇවිත් කෙලින්ම ගියේ එයා ලගට….. ගිහින් ඒ අතේ එල්ලුනේ එයත් ගැස්සිලා වගේ ඒ කෙල්ල දිහා බලලා ආයෙම මන් දිහත් බැලුවේ….. ඒ ඇස් හ‍රි කලබලයි…….

“ඔහ්හ්…..මේ වැඩ කරන උන්ටනම් කිසිම චාරයක් නෑනේ…..”

එයා මන් දිහා බලන් ඉන්නවා දැකල තමයි ඒ ආව කෙල්ල මාව දැක්කේ…… දෙයියනේ මේ අර එදා එයාව හොයාගෙන ආව කෙල්ලම තමයි……. මම දැන් තමයි හරියටම ඒ කෙල්ලගේ මුණ දැක්කේ…… මට‍ හිතාගන්න බෑ මේ මොනවද වෙන්නේ කියලා……

ඒ කෙල්ල කව්ද එයාගේ…… එයා මට‍ කවදාවත් කියලා නෑ එහෙම කෙල්ලෙක් ගැන…… කව්ද ඒ……

“Get out…..එක පාරක් කිව්වම තේරෙන්නේ නැද්ද හලෝ….”

ඒ කෙල්ල ආයෙම කෑ ගැහුවේ මන් බය වෙලා වගේ බලන් හිටපු නිසා වෙන්න ඇති……ඒ සද්දෙට පියවි සිහියට ආව මන් ඉක්මනට ෆයිල් එක මේසෙන් තියලා හැරුනේ එලියට එන්න….. තවත් ඇයි මන් මෙතනින් නොයා ඉන්නේ…..

“සො… සොරි මැඩම්…..සොරි සර්….”

අමාරුවෙන් වචන ගලපාගෙන එහෙම කියපු මන්

එලියට ආවේ ඉක්මනට…..එයා එකම එක පාරක් හ‍රි මට‍ කතා කරයි කියලා හිත කිව්වත් එහෙම උනේ නෑ….. මන් එලියට එනකල්ම එයා මට‍ එක පාරක්වත් කතා කරේ නෑ…….

සමහර විට ඒ… ඒ එයා බදින්න ඉන්න කෙනා වෙන්න ඇති….. ඔව් එහෙම වෙන්න ඇති….. එයාගේ හැටියට මන් කව්ද….. මට‍ බෑ එයාලගේ පව්ල් වලට ලං වෙන්න….. ඉතින් මට‍ ඉතුරු වෙලා තියෙන්නේ හැමදේම හිතේ තියාගෙන ආව තැනටම ආපහු යන්න විතරයි…….

කොහොමද එයා වෙන කෙනෙක්ගේ වෙනවා බලන්න ඉන්නේ මන්…… එයාගේ තුරුලේ වෙන කෙනෙක් ඉන්නවා බලන් ඉන්නේ කොහොමද මන්…….එයා මගෙ විතරයි කියලා හිතුවේ……ඒකනේ මන් ඒ පපුවට වෙලා හිටියේ……හැමදේම එයාට කිව්වේ…..

සමහරවිට මන් හැසිරුණ විදිහෙන් එයාට තේරෙන්න ඇති මන් එයාට කැමති කියලා……. ඒ නිසා වෙන්න ඇති එයා එහෙම කරේ…… එදා උන දේ නිසා එයාට මගෙන් ඈත් වෙන්න ලේසියෙන් පුළුවන් වෙන්න ඇති…….

ඒකනේ එදා උනේ මොකක්ද කියලවත් නොදැන එයා එහෙම හැසිරෙන්නේ…….ඒත් එයාගෙන් දැනුන ආදරේ ඒක බොරුවක් කියලා කොහොමද දෙවියනේ මන් හිතන්නේ….. ඒ ඇස් අස්සේ තිබුණේ ආදරේ නෙවෙයිද මට‍ වැරදුනාද……

කමක් නෑ….. හැමදාම මන් ආදරේ කරපු හැමෝම මාව දාල ගියේ හ‍රි ඉක්මනට……හැමදාම ඉන්නවා කිව්වත් අප්පච්චිට උනත් මාව දාල යන්න හිතෙන්න ඇත්තේ මගේ පව්කාර කම නිසාම වෙන්නත් ඇති…… ඒ මගේ ලැබීම… ඉතින් කොහොමද මන් කාටවත් දොස් කියන්නේ….

ඒත් මහත්තයෝ ඔයාට තිබුන මේ තරම් ඉක්මනට ආයෙම යන්න මේ හිත අස්සට එන්නේ නැතුව ඉන්න…… දැන් මන් තනියම කොහොමද හැමදේම දරාගන්නේ මහත්තයෝ…… මන් කොහොමද ලොකූට අම්මට තවත් දුකක් දෙන්නේ……

නෑ… නෑ…. මන් දුකින් කියලා එයාලට දැනෙන්න දෙන්නේ නෑ….. කවදාවත්…..

ඔයා එදා කිව්වා වගේ මට‍ ආදරේ අයගේ හිත් මට‍ ආදරේ නැති අයගේ වැඩ නිසා රිද්දන්නේ නෑ මහත්තයෝ මන්….. එයලානේ මගේ ජිවිතේ හැමදේම….. එච්චරයි මට‍ ඉන්නේ….. අනේ මට‍ සමාවෙන්න අම්මේ…. ලොකූ….

වොෂ් රූම් එකට ආව මන් නැවතිල්ලක් නැතුව ගලාගෙන යන කදුළු වලට ඉඩ දීලා ඔහේ බලන් හිටියේ මන් ගැනම දැනුනු දුකට……

හැමදේම හිතට තෙරුන් කරලා දෙන්න හැදුවට මුරණ්ඩු හිත මතක් කරන්නේම එයා ලගට වෙලා ගෙවපු කාලේ…..ඒ තුරුලේ සැනසුනු හැටි….

හැමවෙලේම එයා මගේ හිත හදපු හැටි….ඒ නපුරු ඇස් අස්සෙන් මන් දැක්ක ආදරේ…..

වෙලාව යනවා දැනුනේ නෑ මට‍….. අනේ මන් කරේ කල්පනා කරපු එකමයි….ඇයි කාටවත් වරදක් නොකරපු මට‍ මෙච්චර ගින්නක් දුන්නේ මහත්තයෝ…..

එක තත්පරේකට එයාව අමතක කරන්න බැරි මන් කොහොමද ජිවිතේ ඉස්සරහට මුණ දෙන්නේ……

හැමදේම කල්පනා කරපු මගේ ඔලුව පැලෙන්න වගේ කැක්කුම දෙන්න ගත්තේ……. මන් කදුළු පිහදගෙන මුණත් සෝදාගෙන වොෂ් රූම් එකෙන් එලියට ආවේ කව්රුත් මුණට හම්බෙන්න කලින් වැඩ කරන තැනට යන්න…..

“සපු මොකද උනේ….?”

“මොකුත් නෑ නෙතූ….නිශු ෆයිල් එක හදයි….මන් ආව….”

මන් කිව්වේ මුණට හිනාවක් අරන්….

ඒකි ඇස් දෙකත් ලොකු කරලා මන් දිහා බැලුවේ මගේ හිනාව නිසා වෙන්න ඇති……

“මොකෝ හැන්ඩ්සම් බැන්නද…. ප්‍රශ්නේ විසදගත්තද….?”

ඒකි මගේ ලගට ඇවිත් රහසින් අහන්නේ අනිත් අයට ඇහෙන්නේ නැති වෙන්න……

“මන් ගිහින් කියන්නම් නෙතූ….”

නෙතූට එහෙම කියපු මන් කොම්පියුටර් එකට මුණ ඔබාගෙන හිටියේ කරන්න වැඩක් තිබුන නිසාම නෙවෙයි….. නෙතූගෙන් මගේ ඇස් හංගගෙන ඉන්න ඕනි නිසා…….

මොකද ඒකිට මගේ චුටි වෙනසක් උනත් හ‍රි ඉක්මනට තේරෙනවා…… දැන් උනත් මට‍ ඇස් කොනින් පේනවා ඒකි සැරෙන් සැරේට මන් දිහා බලන හැටි…… ඒත් මන් දැක්කේ නෑ වගේ හිටියේ මෙතනින් යනකම් අයෙත් අඩන්නේ නෑ කියලා මගේ හිතට තරවටු කරගන්න ගමන්……

අඩන්න හේතු දාහක් මැද්දෙන් මන් හැමදාම කරේ අනිත් අයට පේන්න නැත්තම් එයාලගේ හිත සතුටු කරන්න දුක හිත අස්සෙම තියාගෙන හිනා උන එක……… ඉතින් ඒක මට‍ පුරුදුයි වෙන කාටත් වඩා……

අප්පච්චි මගේ ජිවිතේ හිටිය කාලෙන් බාගයක් අඩුම කාලක්වත් එයා මගේ ජිවිතේ හිටියේ නෑ……ඉතින් අප්පච්චි නැති දුක දරාගෙන හිටපු මට‍ මේ දේ අමාරු වෙන එක්ක නෑ……

ඒත් අප්පච්චිගේ ආදරෙයි එයාගේ ආදරෙයි එකම සමානයිද…… සපු හැම විදිහකින්ම බැලුවේ ඒ හිත හදාගන්නද…. නැත්තම් ඒ හිත රවට්ටගෙන ජිවත් වෙන්නද කියලා දන්නෙත් සපුගේ හිතම තමයි……..

සපු ඔයාට පුළුවන් ඔයා ස්ට්‍රොන්ග් ගර්ල් කෙනෙක්…… අඩන්න එපා…… අඩලා ඔයා අඩනකල් බලන් ඉන්න අයගේ හිත සතුටුකරන්න එපා…….

එක එක මිනිස්සු තමන්ගේ දුක නිවාගන්න එක එක විදිහේ දේවල් කරනවා……. ඒ දේවල් වලින් සමහරු තමන්ගේ ජිවිතේ පිළිවෙලක් කරගන්නවා වගේම තවත් සමහරු ජිවිතේ වැරද්ද ගන්න වෙලාවලුත් නැතුවම නෙවෙයි……..

එන්න එන්නම මගේ ඔලුව කැක්කුම වැඩි වෙනවා කියලා දැනුනත් හිත ගලක් කරගෙන මන් ඔහේ හිටියේ හිතේ වේදනාව ඇගෙන් හ‍රි පිටවෙන්න දෙන්න හිතාගෙන වගේ…….

“අක්කි….”

කොහේදෝ ඉදලා ඕෆ් වෙන ටයිම් එකේදී මම ලගට ආව නිශු දුකින් වගේ මන් දිහා බලන් එහෙම කිව්වේ………

මන් එයා දිහත් බලලා සාමාන්‍ය විදිහට හිනා උනේ හැමෝම හැමදේම දැනගෙන ඉන්න ඇති කියලා දැනුන නිසා……. මොකටද මට‍ කාගෙන්වත් අනුකම්පාවක්……. රවට්ටනකොට නැති දුකක් ඇයි හැමෝගෙම හිතේ රැවටුනාට පස්සේ විතරක්‌……..

“කියන්න මිස්….”

“අනේ අක්කි ඔහොම එපා….. අද මන් ඔයාලගේ බෝඩිමට එන්නද….. මට‍ ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙයි අක්කි…..”

“අනේ මිස් බෝඩිමේ ඇන්ටි කැමති නෑ එහෙම පිට කව්රුත් ඇවිත් නැවතිලා ඉන්නවට…….නේද නෙතූ…..?”

පැත්තකට වෙලා කිසිම දෙයක් හිතාගන්න බැරුව මන් දිහා වගේම නිශු දිහත් මාරුවෙන් මාරුවට බලා බලා හිටපු නෙතූ පැත්තට හැරිලා මන් එහෙම කිව්වේ……..ගොඩක් ළමයි හිටියේ නෑ හමෝම ඕෆ් වෙලා යන්න හදිස්සිය නිසා කාටවත් අපේ කතාව ගැන වැඩි උනන්දුවක් තිබුණේ නෑ…….

“ආ මේ…. මේ….”

නෙතූ ගොත ගහ ගහ හිටියේ මොකක්ද කියන්නේ කියලා හිතාගන්න බැරුව……

“අනේ ප්ලීස් අක්කි….. ඔයා හැමදේම පටලාගෙන ඉන්නේ…. අපේ මෝඩයාගේත් ලොකුකම නිසා තමයි මේ හැමදේම…..”

“නෙතූ අපි යමු…. මට‍ පොඩ්ඩක් HR එකේ මිස්ව හම්බෙන්නත් ඕනි…..”

එහෙම කියල නිශු එතන ඉන්නකොටම මන් නෙතූවත් ඇදගෙන ආවේ පහලට…….

පහළට ඇවිත් මට‍ හදිස්සියක් කියලා සතියකට නිවාඩු ඉල්ලගෙන මම පාරට ආවේ ආයෙම හැරිලාවත් company එක දිහා නොබලා……..

තරහක් නිසා නෙවෙයි ආයෙම හැරුනොත් ජිවිතේ වරදී කියලා බය හිතුන නිසා….. මට‍ මොනව උනත් මට‍ බෑ අම්මට ලොකූට දුකක් දෙන්න….එයාලට හොරෙන් කරපු එකම දේ ඉවර උනේ හිතට ගින්දර ගොඩක් පත්තු කරලා…..

“මොනවද සපු මේ කරන්නේ….. මට‍ තේරෙන්නේ නෑ උබට මොකක්ද වෙලා තියෙන්නේ කියපන් ඔක්කොටම කලින්………. අද මොකක්ද උනේ ආ….?”

පාර දිගට එනකල්ම සද්ද නැතුව හිටපු නෙතූ ගෙදරට ආව ගමන් සද්දෙන් එහෙම ඇහුවේ මගෙන්……

“මොකුත් නෑ නෙතූ…..මට‍ ඉන්න බෑ… මන් ගෙදර යනවා…. අපි ගිහින් වෙන තැනක ජොබ් එකක් හොයාගමු…. උබත් එනවද….?”

“ඇයි බන් මේ…. සර් මොකුත් කිව්වද…?”

“නෑ නෙතූ…. ඒත් තවත් එතන හිටියොත් මට‍ මැරෙන්න හිතෙයි…..”

“ඇයි බන් මේ…. චුටි ප්‍රශ්නෙකට මේ තරමට මැරෙන කතා…. පිස්සුද උබට…..”

“නෑ…. තිබුන පිස්සුව හොද උනා….”

“උබට මොලේ හොද නැද්ද බන්…. මොනවද කියවන්නේ….?”

“එයාගේ වෙන්ඩ වය්ෆ් ආවනේ අද…..කසාදේට දිනත් දාගෙනලු තියෙන්නේ…..”

“සපු මො…. මොකක්ද….?”

“හ්ම්ම්… ඔව් නෙතූ එදා ඇවිත් එයාව හෙව්ව කෙල්ල මතකයි නේද…… ඒ කෙල්ල ආව අද…..මන් ඉන්නවා කියලා දැක්කේ නෑ….. ආව ගමන් කියවගෙන ගියා හැමදේම පස්සේ මාව දැක්කේ….”

“මොනවද කිව්වේ ඒකි….. සර් මොකක්ද කිව්වේ….?”

” බය වෙලා වගේ හිටියේ….. කරපු බොරු ටික අහු උන නිසා වෙන්න ඇති…… “

“සපු අපි කෝකටත් කතා කරලා බලමු සර් එක්ක…..”

“මොනාද බන්…. මොනවද අහන්නේ මන්……ඒ ඔයාගේ කෙල්ලද අහන්නද…….ඇයි මට‍ කිව්වේ නැත්තේ අහන්නද…… ඇයි මාව රවට්ටුවේ අහන්නද….. මට‍ දුන්න ආදරේ බොරුවක් ද අහන්නද…… මන් මොකක්ද නෙතූ අහන්නේ….. මොකක්ද…..”

මෙච්චර වෙලා වේලිලා තිබුන ඇස් හ‍රි ඉක්මනට තෙත් උනේ ආයෙම ආයෙම හැමදේම මතක් වෙනකොට……

“සපු අපි කලබල නොවී ඉමු…. සර් එහෙම කරයි කියලා හිතන්නේ කොහොමද බන් අපි…..”

“ඇස් දෙකටම දැක්කට පස්සෙත් අයෙත් තවත් මොනවද කල්පනා කරන්න තියෙන්නේ නෙතූ…..මට‍ ඕනි නෑ නෙතූ….. මට‍ එපා එයාව….”

මන් කිව්වේ අඩ අඩා ඉකි ගහන ගමන්…..

“කෙල්ල ඔය ඉතින් අඩන්නේ නැතුව ඉන්නකො…..”

“මට‍ ගෙදර යන්න ඕනි….. මන් කොහොමද එයා දැක දැක වැඩ කරන්නේ….. අනේ මට‍ බෑ නෙතූ…..මට‍ යන්න ඕනි ඉන්න කියන්න එපා ප්ලීස්….”

“හ‍රි හරි දැන් අඩන්නේ නැතුව ඉන්නකො…… අපි හොද දෙයක් කරමු…. ම්ම්ම්ම්….”

“ඇයි නෙතූ එයා එහෙම කරේ….?”

“ඒත් සර්ගෙන් කවදාවත් එහෙම දෙයක් දැනුනේ නෑ බන් මට‍…… නැත්තම් කවදාවත් උබට වරදක් වෙන්න දෙන්නේ නෑ මන්…… මන් සර් එක්ක කතා කරනවා…. හිටපන්කෝ හොද දෙකක් කියලා දෙන්න මන්…..”

නෙතූ තරහෙන් කියන්නේ එහෙම…..

“එපා….එපා… නෙතූ…. ඕනි නෑ අපි අපේ පාඩුවේ ඉමු….. මගෙත් වැරැද්ද මට‍ තිබුන හදිස්සි නොවී ඉන්න…..”

“දැන් ඔය දේවල් හිමින් අමතක කරමු අපි….. උබ හෙට යමන්…. මම මේ මාසෙත් ඉදලම එන්නම් කෙල්ල…..මට‍ තරුලි එක්කන් එන්න පුළුවන් මේ ටික දවසට ඉන්න……ඒකිත් අහා අහා හිටියේ එන්න…..ඊට පස්සේ හොද විදිහක් බලමු….. දැන් වරෙන්කෝ අපි මොනව හ‍රි හදමු කන්න….”

“මන් වොෂ් එකක් දාගෙන එන්නම් නෙතූ…. මහන්සියි….”

මට‍ ඕනි උනේ ටිකක් වෙලා තනියම ඉන්න… ඕක නෙතූට කිව්වනම් මට‍ එහෙම ඉන්න දෙන්නේ නෑ……. ඒකයි මන් එහෙම බොරුවක් කියලා කාමරේට ආවේ…….

“හ‍රි සුදෝ ඉක්මනට එන්නකෝ එහෙනම්…..”

නෙතූ හදන්නේ මගේ හිත හදන්න ඒක මට‍ නොතේරෙනව නෙවෙයි….. ඒත් පිටට නොපෙන්වා හිටියට මගේ හිත ඇතුලෙ තියෙන දුක දන්නේ මන්…… මන් විතරමයි……

කාමරේට ආපු මන් එහෙමම බෑග් එකත් ඇදට විසි කරලා බාත්රූම් එකට ඇවිත් ෂවර් එක යටට උනේ හැමදේම ආයේ ආයේ මතක් කර කර වැරදුනේ කොහෙද කොහොමද කියලා හිතන ගමන්……

මහත්තයෝ…… ඔයාට මාව එක තත්පරේකට මතක් වෙන්නේ නැද්ද මහත්තයෝ…..

මන් තුරුල් උන පපුවට ඒ කෙල්ලව තුරුල් කරගන්නේ කොහොමද මහත්තයෝ……. ඔයා ඇයි….. ඇයි…. එහෙම කරේ……

ඔයා මගේනේ මහත්තයෝ…… ඔයා දන්නේ නෑ මම මම හීන දැකපු තරම්…… කොහොමද හිත හදාගන්නේ මහත්තයෝ…..කොහොමද මන් හැමදේම අමතක කරන්නේ……

ෂවර් එක යටට වෙලා කොච්චර වෙලාවක් අඩ අඩා හිටියද කියල මතක නෑ…….. මන් එලියට ආවේ නෙතූ දොරට ගහන සද්දෙට……..

“මේ අම්මා කතා කරනවා සපු….. මෙච්චර වෙලා නෑවද බන්….”

නෙතූ අහන්නේ හොදට මගේ මුණ දිහා බලන ගමන්…..

“නෑ මේ මන් කතා කරලා එන්නම් උයන්න හොදද….උබත් නාගනින් නෙතූ …..”

“අම්මේ හෙට එනවා නේද….? “

” ඔව් දෝණි අපි ඔහෙටත් ඇවිත්ම යන්න එනවා හොදද……හෙට නිවාඩුවක් දැම්මා නේද…?”

“අම්මේ මන් හෙට ඔයාලා එක්කම ගෙදර යන්න එනවා….. අනේ මට‍ ඉන්න බෑ අම්මේ….”

“ඇයි මැණික මේ…. මොකද උනේ ඔයා මාව බය කරනවනේ දොoගී……”

“එහෙම දෙයක් නෑ අම්මේ…. මට‍ මේ ජොබ් එක අමාරුයි…..ඇවිත් වෙන ලගක එකක් බලන්නම් මන්…..”

“ජොබ් කරන්න යනකොටම මන් කිව්වේ ඕක තමයි…..එතකොට දැන් නෙතූ දරුවා මොකද කරන්නේ….”

“එයා මේ මාසේ ඉවර උනාම එන්නම් කිව්වා අම්මේ….”

“එතකොට ඒ ළමයාව තනියම දාලා එන එක හොදද දරුවො….”

“ටික දවසනේ අම්මේ…. එයා යාලුවෙක් එක්ක ඉන්නම් කිව්වා ඒ ටිකේ….”

“අනේ මන්ද දෝණි ඔයාගෙත් වැඩ…..ඉන්නකෝ හෙට ඇවිත්ම කතා කරමු ඒ ගැන…. දැන් ඉව්වද දෙන්න එක්ක.…”

“දැන් උයන්න ඕනි අම්මේ…”

“හ‍රි එහෙනම් මන් තියන්නම් මැණික… කාලා එහෙම දෙන්න එක්ක පරිස්සමින් ඉන්න හොදද…බුදුසරණයි…”

“හ‍රි බුදුසරණයි අම්මේ….ඔයාලත් පරිස්සමින් ඉන්න….”

අම්මා කැමති නෑ නෙතූ තනියම දාලා මාව විතරක්‌ එක්කන් යන්න….. මාත් කැමති නෑ ඒ වැඩේට….. ඒත් හිත එක තැනක තියාගෙන හිත හදාගන්න මට‍ යන්නම වෙනවා……

මතු සම්බන්ධයි.

හැමදාම වගේ අදත් ඉල්ලන්නේ කතාව කියවල අදහස් දක්වන්න කියලා මගේ ආදරණිය යාලුවෝ හැමෝගෙන්ම…..❤❤❤❤❤😍😍😍😍😍

හැමදාම කතාව කියවලා like comment කරලා මට‍ දක්වන සහයෝගයට ඒ ආදරේට බොහොම ස්තුතියි……..❤❤

ඒ වගේම මේ දවස් ටිකේ බලන් ඉන්න උනාට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම… අනේ මැසේජ් ගොඩක් තියෙයි කව්රුත් තරහ වෙන්න එපා ඉක්මනට reply කරන්නම්