මෙහෙකාර පෙම්බරී 2

“ඔයාට හොඳටම ශුවර්ද ආරාධනා ඔයාගෙ නැන්දව?මං නම් කියන්නෙ ඔය නැන්දගෙ උප්පරවැට්ටියක් ඔයාව ගෙන්න ගන්න…”

“නෑ මහත්තයා…”

“ත/මු/සෙ/ට දැන් මට වඩා නැන්දව විශ්වාසයිද?ත/මු/සෙ/ව අර නාකි මිනිහට බන්දලා දෙන්න හදපු ගෑ/ණි/ව/ද ඔය විශ්වාස කරන්නෙ?…”

“අනේ මහත්තයා මං කියලා ඉවර වෙනකල් ඉන්නකො බනින්නැතුව.මට මහත්තයට වඩා නැන්දව විශ්වාස නැහැ.මං කියන එක චුට්ටක් අහන්නකො…”

“හරි දැන් කියනවකො බලන්න එහෙනම්…”

“මං නැන්දලාගෙ ගෙදරින් ඇවිත් දැන් අවුරුද්දකටත් වැඩියිනෙ මහත්තයා.නැන්දා මාව ගෙන්න ගන්න පත්තරේක ඔහොම ෆොටෝ එකක් දැන්වීමක් එක්ක දානවා නම් ඒක කරන්නෙ මීට කලින්නෙ.අවුරුද්දක් යනකල් ඉන්නෑ නැන්දා ඔහොම දෙයක් කරන්න…”

පූර්ණ මහත්තයා කල්පනා කරනවා.එයාට හිතෙනවා ඇති මං කියපු දේවල් ඇත්ත කියලා.මොකක්ද දන්නෑ නැන්දට තියන අසනීපෙ.ගොඩක් අමාරු ඇති.ඒකනෙ මට මෙහෙම කියන්නෙ.පූර්ණ මහත්තයව කොහොම හරි කැමති කරවගෙන ගමට ගිහින් නැන්දව බලලා එන්න ඕනි.

“හැබැයි ඉතින් ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නැහැ.ඒත් ආරාධනා ඔයා ගමේ යන්නම ඕනිද?ඔයාගෙ නැන්දා ඔයාට සැළකුවෙ ගොඩක් පහත් විදියටනෙ.හිතක් පපුවක් තියන ගෑ/ණි/යෙ/ක් අවුරුදු දහඅටක දහනවයක පුංචි කෙ/ල්/ලෙ/ක්/ව නාකි මිනිහෙකුට බන්දලා දෙන්න හදයිද?…”

“ඔයා කියන දේ මට තේරෙනවා මහත්තයා. නැන්දා මට කරේ උහුලගන්න පුලුවන් වෙනස්කම් නෙවෙයි.හරියට කන්න බොන්න දුන්නෙ නැහැ.වැඩකාරියෙකුටත් අන්ත විදියටයි මට සැළකුවෙ.ඒත් පුංචි කාලෙ ඉඳන් මාව නො/%/රා හැදුවනෙ.අඩුම තරමෙ මට ඒ වහලෙ යට ඉන්න හරි දුන්නනෙ.අනේ මහත්තයා අපි ගිහින් නැන්දව බලලා එමු. එයාට ගොඩක් අමාරු ඇති.නැත්නම් කවදාවත් මට ඔහොම කියන්නෑ…”

“යන්නම ඕනිද?…”

එයා අහන්නෙ බොහොම ඉවසීමෙන්.පූර්ණ මහත්තයා ගමේ යන්න අකමැති වෙන එකේ වැරැද්දක් කියන්නත් බැහැ.මං දැන් එයාගෙ බිරිඳ.නැන්දා මට ඒ කාලෙ සැළකුවෙ මහ න/ර/ක විදියට.

“ඔව් මහත්තයා.එකම එක සැරයක් ගමේ ගිහින් නැන්දව බලලා එමු.ප්ලීස්…”

ආරාධනා පූර්ණගෙ බෙල්ල බදාගෙන කම්මුලට කි/ස් එකක් දුන්නා.

“කපටි ගෑ/ණි…”

“මං කපටි නෑ…”

“හ්ම්ම්.ගිහින් පැටියත් එක්ක ලෑස්ති වෙන්නකො.උදෙන්ම ගියොත් රෑ වෙද්දි ආපහු එන්න පුලුවන්…”

“හා මහත්තයා…”

ආරාධනා පැටියට කෑම කවලා මූණ අත පය හෝදගෙන ලෑස්ති වුනා.පැටියටත් ගව්මක් අන්දවලා සපත්තු දෙකක් දාලා කොණ්ඩෙත් පීරුවා.

“ආව්ශ්,,,,මගෙ සෝස මල ලස්සනයිනෙ.අපි බුං යන්න හදන්නෙ.මගෙ පැටියා ආසයි නේද බූං යන්න?…”

ආරාධනා පැටික්කිගෙ අත් දෙකට රෝස පාටින් වලලු හය ගානෙ දැම්මා.කෙ/ල්/ල හරිම ආසයි වලලු වලට.වලලු ටික හොල්ල හොල්ල හයියෙන් හිනා වෙනවා.

“ලෑස්තියිද අම්මයි දුවයි දෙන්නා?වෙඩින් එකකට නෙවෙයි යන්නෙ.ලෙඩෙක් බලන්න…”

“අපි ඒක දන්නවා නේද මැණික.තාත්තිට කියන්න පැටියට අයිස්ක්‍රීම් අරන් දෙන්න කියලා…”

“අයිස්ක්‍රීම් ඕනි පැටියටද අම්මිටද?…”

“දෙන්නටම…”😁

තුන් දෙනාම ලෑස්ති වෙලා පල්ලෙහාට ඇවිත් අම්මටත් කියලා ගමට යන්න පිටත් වුනා. අරාධනා මේ ගමේ යන්නෙ අවුරුද්දයි මාස දෙකකට විතර පස්සෙ.හිතේ කොනක පුංචි බයකුත් තිබුනා.ඒ නැන්දා තමාව විවාහ කරලා දෙන්න සූදානම් වුනු සිරිපාල මුදලාලිව මතක් වෙලා.

සිරිපාල මුදලාලිට දැන් මාව අමතක වෙලා ඇති.අවුරුද්දකටත් වඩා ගෙවිලා ගියානෙ. අනික මං මොකටද එයාට බය වෙන්නෙ?මං දැන් පූර්ණ මහත්තයගෙ නෝනනෙ.

“මොනවද කල්පනා කරන්නෙ?සිරිපාල කො/ල්/ලා ගැනද?…”🤣

පූර්ණ ආරාධනාව අවුස්සන්න වගේ අහනවා. කෙ/ල්/ල/ට බකස් ගාලා හිනා ගියා සිරිපාල කො/ල්/ලා කියද්දි.

“ඊයා අනේ.ඒ මනුස්සයා ඔයාගෙ අප්පච්චිගෙ වයසෙ විතර ඇති…”

වසරකට පසුව ගමේ හුරුපුරුදු තැන් දකිද්දි ආරාධනාගෙ පපුවට මොකක්දෝ වුනා.තමා ඉගෙනුම ලැබූ ගමේ පෙර පාසල,පාසල,ගමේ පන්සලට යන පාර දකිනකොට ආරාධනාගෙ හිතට වේදනාවක් දැනුනා.ගමේ හැම අස්සක් මුල්ලක් නෑරම ආරාධනාට හොඳට පුරුදුයි.

“තව ගොඩක් ඇතුලට යන්න ඕනිද ආරාධනා?…”

“නෑ මහත්තයා.ඔය ඉස්සරහින් පේන ලොකු කොස් ගහ ගාවින් වමට හරවන්නකො…”

ආරාධනා පෙන්නපු පාරෙන් පූර්ණ වාහනය පැදෙව්වා.ගම්මු කිහිප දෙනෙක්ම උවමනාවෙන් වාහනේ දිහා බැලුවා.ඒත් ඒ කිසිම කෙනෙක් ආරාධනාව අඳුර ගත්තෙ නැහැ.

“අර තියෙන්නෙ මහත්තයා නැන්දලාගෙ ගෙදර.කාරෙක වැට ගාවමට ගන්න පුලුවන්. දොරත් ඇරලා තියෙන්නෙ.නැන්දා ගෙදර ඇති…”

කාරෙකේ වැට ගාවින් නැවැත්තුවට පස්සෙ ආරාධනා පැටික්කිවත් වඩාගෙන පූර්ණත් එක්ක එලියට බැස්සා.අවුරුද්දකට පස්සෙ අදයි කෙ/ල්/ල ගමට අඩිය තිබ්බෙ.ගම වෙනස් වෙලා නැහැ.එදා වගේමයි.වෙනස් වෙලා තියෙන්නෙ තමාගෙ ජීවිතේ විතරයි කියලා ආරාධනාට හිතුනා.

“නැන්දේ,,,,නැන්දේ…”

ආරාධනා ගෙයි දොරකඩට ගිහින් කතා කරද්දි නැන්දා පිළි කන්න පැත්තෙ ඉඳන් මිදුලට ආවා.නැන්දව දැකලා ආරාධනාට පුදුම හිතුනා.ඉන ගාවට විතර වෙනකල් තිබූ අගේ දිගු කෙස් කළඹ කොටටම කපා දමලා. ඇයි එහෙම දෙයක් කරේ?ආරාධනා කල්පනා කරා.

“ආරාධනා…දුවේ.මගෙ රත්තරං කෙ/ල්/ල/ව මට ආයෙමත් දැක ගන්න පුලුවන් වුනා එහෙනම්.මට සමාවෙ/ය/න් මගෙ දුවේ.මං උ/$/ට ගොඩක් වැරදි කරා….”

නැන්දගෙ ඇස් වල කඳුලු පිරිලා.තමාට සළකපු විදිය ගැන ඇය දැන් පසුතැවෙනවා කියලා ආරාධනාට හිතුනා.

“දැන් ඒ ගැන හිතන්න එපා නැන්දෙ.මං නැන්දත් එක්ක තරහ නැහැ.නැන්දගෙ කොණ්ඩෙට මොකද වුනේ?…”

“මට අර ක/රු/ම/ක්/කා/ර ලෙඩේ හැදුනා දුවේ.දෙයියන්ට පින් සිද්ද වෙන්න දැන් හොඳයි.කොණ්ඩෙ සේරම ගියා…”

නැන්දා ආරාධනාගෙ අතේ ඉන්න දෝණියි පූර්ණගෙයි දිහා මාරුවෙන් මාරුවට බැලුවා.

“මේ ඉන්නෙ මගෙ මහත්තයා නැන්දෙ. එයාගෙ නම පූර්ණ.ඩොක්ටර් කෙනෙක්.මේ අපේ දුව.අද උදෙයි අපේ පත්තරේ දැන්වීම දැක්කෙ.ඒ දැකපු ගමන්මයි මේ දුවගෙන ආවෙ…”

නැන්දා හරිම සතුටින් හිනා වුනා.ආරාධනා වටපිටාවට නෙත් යොමු කරා.කුස්සියය පැත්තෙ බිත්තිය පුපුරලා ගිහින්.ඉතිකොළත් ගහලා.වහලෙත් කැඩිලා පොල් අතු බැඳලා. මාමට හරියට රස්සාවක් නැතුව ඇති මේ දවස් වල.තිබුනා නම් කුස්සිය හදා ගන්නවනෙ කියලා ආරාධනාට හිතුනා.

“අපි යමු දුවේ ගේ ඇතුලට.එන්න මහත්තයා…”

තුන් දෙනාම ගේ ඇතුලෙන් වාඩි වුනා.කෙලි පැටික්කිට නම් මේ පරිසරය පුරුදු නැතුව වගේ වටපිට බලනවා.

“ඒක නෙවෙයි.මොකක්ද දුවේ අර ඉස්සෙල්ලා කිව්වෙ පත්තරේ දැන්වීමක් ගැන?…”

නැන්දා එහෙම අහද්දි ආරාධනා පුදුමයෙන් වගේ පූර්ණ දිහා බැලුවා.මෙතන කුමක් හෝ වරදක් සිදු වී ඇති බව ඔවුන්ට වැටහුනා.

“ඇයි නැන්දා නෙවෙයිද පත්තරේ දැන්වීමක් දැම්මෙ නැන්දට සනීප නෑ.හොඳටම අමාරුයි කියලා?මට නැන්දව බලන්න එන්න කියලත් තිබ්බෙ?…”

“මේ මං දැම්මා?අනේ නෑ දුවේ.මාස ගානකින් මං ටව්ම පැත්ත පලාතකවත් ගියේ නැහැ. දුවට මොකක් හරි වැරදීමක් වෙන්න ඇති…”

“නෑ නැන්දෙ.මහත්තයමයි උදේ පත්තරේ බලනකොට ඒ දැන්වීම දැක්කෙ.මගෙ ෆොටෝ එකකුත් එක්කමයි නැන්දා ඒ දැන්වීම දාලා තිබ්බෙ…”

“පොඩ්ඩක් ඉන්නකො.මං පත්තරේ අරන් එන්නම්.ඒක කාරෙකේ තිබුනා…”

පූර්ණ එලියට බැහැලා කාරෙක ගාවට ගිහින් පත්තරේ අරන් ඇවිත් නැන්දට පෙන්නුවා. ඇයටත් පුදුම හිතුනා ඒක දැකලා.

“අනේ මාව විශ්වාස කරන්න දුවේ.මේ දැන්වීම මං දාපු එකක් නෙවෙයි…”

“එහෙනම් මාමා දැම්මද දන්නෑ නැන්දෙ…”

“නෑ දුවේ.මාමා මගෙන් අහන්නැතුව එහෙම දෙයක් කරන්නෑ…”

“එහෙනම් කව්ද මේ දැන්වීම දැම්මෙ?…”

පූර්ණටත් ආරාධනාටත් හිතුනු දේ ඒකයි. මෙවැනි දෙයක් කරන්න ඇත්තෙ කව්ද?ඔවුන් බොහෝ වේලා ඒ ගැන කල්පනා කරා.

“මං මෙහෙන් ගියාට පස්සෙ සිරිපාල මුදලාලි මෙහෙ ආවද නැන්දෙ?…”

“අනේ ඔව් දුවේ.ඇවිත් මෙතන අපිට ඉන්න දුන්නෙම නැහැ.අපිව ම/$/න/වා කියලා තර්ජෙනේ කරා උ/$/ව හොයලා දුන්නෙ නැත්නම්.අපි කොහෙන් උ/$/ව හොයන්නද දුවේ.අර මනුස්සයගෙ රස්සාවත් නැති කරා. ඊට පස්සෙ කුලී වැඩක් කරලා අපි ජීවත් වුනේ…”

“දැන් කෝ සිරිපාල මුදලාලි?…”

“උ/$ මෙහෙන් ගිහින් සතියකට පස්සෙ සිරිපාල මුදලාලි මොකක්දෝ වරදකට අහු වෙලා අවුරුද්දකට හිරේ ගියා.ඊය පෙරේදා දවසක නිදහස් වෙලා ආවෙ…”

මතු සම්බන්දයි.