Home Story Book නුඹ මා නුඹ මා – 29 වෙනි කොටස

නුඹ මා – 29 වෙනි කොටස

0
106

නුඹ මා….❤❤❤

29 කොටස

මම කොහොමහරි ලොකූව එලියට යවන්න එහෙම කිව්වේ…….. නැත්තම් දැන් අර කෙල්ල අයෙත් ඇවිත් මෙතනත් මොනව හරි කියයි කියලා හිතුන නිසා…..

“හ‍රි එහෙනම් මෙතන එළියෙන් ඉන්න ඕනි මන් එනකල් හොදද…. ඇවිදින්න එහෙම යන්නේ නෑ කොහේටවත්….”

“හ‍රි ලොකූ….. “

මන් ලොකු හුස්මක්‌ අත ඇරියේ ලොකූ එලියට ගිය නිසා….නැත්තම් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙන්නේ….

“තමුසෙට ලැජ්ජ නැද්ද අනුන්ගේ කොල්ලෝ අල්ලගන්න….?”

පේලියේ බිල් පේ කරන්න හිටපු හැමෝම මන් දිහා බැලුවේ අමුතුම විදිහට……යකෝ මාර මරාලයක් තමයි මටත් කඩා පාත් උනේ….

“ඔයාට වැර…..”

“මට‍ තමුසෙත් එක්ක කතාවක් නෑ….. මන් ගයාන් එක්ක බලාගන්නම්…..”

මන් කියපු දේවත් හරියට කියන්න නොදී එහෙම කියපු ඒ කෙල්ල මටත් ගස්සගෙන යන්න ගියේ මන් ඇස් දෙකත් ලොකු කරගෙන බලන් ඉන්නකොට…….. ශික් ලැජ්ජාවේ බෑ ඔක්කොම උන් කුටු කුටු ගාන්නේ මන් මෙතන මිනියක් මරුවා වගේනේ දෙයියනේ…..

මන් ඉක්මනට බිල් එක පේ කරලා එලියට ආවේ ලොකූ කෝ බලන්න……

ලොකූත් නෑ….. ඒ කෙල්ලත් පෙන්න නෑ…. මන් ලොකූ එනකල් ඒ කිව්ව තැනම හිටියේ වෙලාවත් බල බලා….. අම්මා දැන් දහ පාරක් විතර කෝල් ගන්න ඇති මට‍……

ටික වෙලාවකින් ලොකූ මන් ලගට ඇවිත් බයික් එක නැවැත්තුවේ…….මන් ඉක්මනට බයික් එකට නැග්ගේ අව්වේ ඉදලා ඉදලා එපා වෙලා හිටිය නිසා…..

“ආ මේක තියාගන්නව දොoගී……”

අයිය එහෙම කියලා පාර්සල් එකක් මගේ ඇතට දුන්නේ…. මන් හිතන්නේ කෑමද කොහේද…..රෙදි බෑග් ටිකත් අමාරුවෙන් එල්ලගෙන කෑම පාර්සල් එකත් අතේ තියාගෙන මම බලන් හිටියේ කොයි වෙලේද ගෙදරට යන්නේ කියලා…… කොන්දත් රිදෙනවා අප්ප මගේ…..

අර කෙල්ල ගැන අහන්න හිතුනත් මන් සද්ද නැතුව හිටියේ ගෙදරට ගිහින්ම විස්තරේ අහගන්න ඕනි කියලා හිතාගෙන…….

අපි ගෙදරට එනකොට අම්මා දොරකඩට වෙලා මග බලන් ඉන්නවා…… හැමදාම එහෙම තමයි….. අපි කොහෙහරි ගියොත් එනකල්ම අම්මා බලන් ඉන්නේ මේ විදිහට මෙතනටම වෙලා……අපි පොඩි කාලේ ඉදන්ම ඒක අම්මගේ පුරුද්දක්……

“අම්මේ මේ……”

මම එළියෙ ඉදන්ම අම්මට මන් ගත්ත ඇදුම් අම්මගේ ඇදුම් පෙන්න පෙන්න ආවේ…… අර ප්‍රශ්නේ නිසා ලොකූට ඇදුමක් ගන්න උනේ නෑනේ…..ආයෙම මන් ගෙදර එන දවසට ලොකූට ඇදුමක්‌ අරන් එන්න ඕනි…..

“ලස්සනයි නේද අම්මේ…….මේ මන් office කිට් එකකුත් ගත්ත….”

“ඕක කොට නැද්ද දෝණි….?”

අම්මා අහන්නේ සාය දිහා හොදට බලලා…..

“අනේ අම්මේ මේවා එහෙම ගොඩක් දිගටම අදින්නේ නෑ ඉතින්…….”

මාත් එහෙම කිව්වට ඒකනම් කොට වැඩිද මන්ද…. දැන් අම්මට ඕක කියන්න ගියොත් බැනුන් අහගන්න වෙන නිසා එහෙම කියලා ශේප් උනේ……

“කෝ පුතේ අයියට මොකුත් ගත්තේ නැද්ද…..?”

“නෑනේ අම්මේ මේ……”

මන් විස්තරේ කියන්න හදනකොටම කොහේද ඉදන් ආව ලොකූ අම්මට පිටිපස්සේ ඉදන් මට කිව්වේ කියන්න එහෙම එපා කියලා සද්දේ ඇහෙන්නේ නැති වෙන්න……. එහෙම කියලා ලොකූ ඇවිත් අම්මා ලගින්ම වාඩි උනේ මොකුත් දන්නේ නෑ වගේ…….

“නෑනේ අම්මේ මේ ලොකූට හරියන්නේ නැල්ලුනේ ඒකේ තිබුන ඇදුම්……. වෙන කඩේකට යන්නත් කාලයක් තිබුනේ නෑනේ…..”

“අනේ දරුවනේ…. ඔච්චර ලොකු කඩේ ඇදුමක් හොයාගන්න තිබුණේ නැද්ද…..?”

“අනේ අම්මේ ඒකේ තිබුන ඒවා මට‍ හ‍රි ගියේ නෑ…… ඉතින් අරන් වැඩක් නැති නිසා ආපහු ආවා…..”

“හ්ම්ම් කෝ දැන් දෙන්න කාලාම නාගන්න….. හවස් වෙලා පන්සල් ගිහින් එමු…..මන් දවල්ට කෑම හැදුවනේ ඒවා රෑට කන්න පුළුවන් ඔහොමම තිබ්බම…..”

“ඔව් අම්මේ බොරුවට මහන්සි වෙන්න ඕනි නෑ……ඒක හොදයි…..”

“එක එක දේවල් කතා කර කර කෑම කාපු අපි නාගෙන ඒම ලෑස්ති උනේ පන්සල් යන්න..……”

අයියේ… එන්න කෑම කන්න…..අයියේ……”

අශ්ට ඇහැරුනේ නංගිගේ කෑ ගැහිල්ලට…..

“මොකද තමුසේ ගේ උඩ යන්න කෑ ගහන්නේ…. මට‍ කන් ඇහෙනවා නංගි…..”

“හ‍රි හ‍රි ඉක්මනට එන්නකෝ එහෙනම්….. දැන් කීයේ ඉදන්ද අපි මේ බලන් ඉන්නේ…. බැරිම තැන තමයි මේ කතා කරේ….”

“හ‍රි නිශු මන් ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්නම්කෝ….. ඔයාලා එතකන් කන්න….”

“හා ඉක්මනට එන්න අයියේ…..”

එහෙම කියලා නිශු පහලට ආවේ අම්මට උදව් වෙන්න කෑම ටික මේසෙට යවන්න……

“අම්මේ තාත්තා එයිද දවල්ට….?”

“සමහරවිට එයි නිශු….. මාත් මේ බයේ ඉන්නේ සුදු පුතා එක්ක රණ්ඩුවක් වෙයිද කියලා ආව ගමන්….ඔයාලගේ තාත්තා ආව ගමන් අර රිතූ ළමයා ගැන කියය්ද දන්නේ නෑ….. “

“නෑ අම්මේ මන් අයියට කිව්වා….. එයා රණ්ඩුවට යන එකක් නෑ ඉස්සර වගේ…..අයිය අද යන්නේ නැල්ලු නේද අම්මේ….”

“ඔව් නිශු…. මට හිතෙනවා අපි තනි වෙන එකක් නෑ කියලා ආයෙම මේ ගේ ඇතුලේ….”

නාලිකා එහෙම කියන්නේ සැනසීමෙන්…..

“ඔව් අම්මා මටත් හිතාගන්න බෑ….. අයිය ගොඩක් වෙනස් වෙලා දැන්….”

“මටත් දැනුන නිශු…. හැමදේම හොදින් විසදෙයි…..අපි කාටවත් වැරද්දක් කරලා නෑනේ පුතේ…..”

“මොනවද මොනවද දෙන්න එක්ක කියවන්නේ….. මන් කිව්වේ මන් එනකල් කෑම කන්න කියලනේ දෙන්නට….”

“ඔයත් එක්කම කන්න කියලා හිටියේ පුතේ…..එන්නකෝ ඉදගන්න මන් බෙදන්නම් පුතාට….”

අශ්ගේ අම්මා ඉක්මනට ඉක්මනට පිගානක් අරන් බත් බෙදන්න ගත්තේ අශ්‍ අම්මා දිහාම බලන් ඉන්නකොට….. ඒ හිතට දැනුනේ කියාගන්න බැරි පසුතැවීමක්…… අද ලොකු සතුටක්‌ ඒ මුණේ….. වෙනදට තමන්ට අම්මා දිහා හොදින් බලන්නවත් උවමනාවක් තිබුනේ නෑ නේද කියලා අශ්ට දැන් තමයි මතක්‌ උනේ…..

සමහරවිට එහෙම කාලයක් උවමනාවක් අශ්ට තිබුනානම් මේ දේවල් මෙච්චර ප්‍රශ්න නොවී විසදෙන්න තිබුන නේද කියලා දැන් තමයි අශ්ට තේරෙන්නේ…..

තාත්තා එක්ක තිබුන තරහ නිසා තමන්ට අම්මවත් නංගිවත් ගොඩක් මග ඇරුන…… ඒ දේවල් ඒ හිතට හ‍රි බරක් වෙලා දැන්…..

“කෝ කන්නකෝ සුදු පුතේ….”

“නිශු ආ ඔයත් කන්න දුව…”

තමන්ටයි නංගිටයි බත් බෙදලා දීලා නොකාම මදි පාඩු බෙදන අම්මව අශ් බලෙන් වගේ ඉන්දෙව්වේ කෑම මේසෙන්….. ඊට පස්සේ බත් එකක් බෙදල ළගට ලං කරේ නාලිකා ඇස් දෙකේ කදුළු පුරවගන්නකොට……. නිශුගේ ඇස්වලත් කදුළු…..

“අනේ ඉතින් දෙන්නම අඩන්නේ මොකද දැන්….?”

“මේ සතුටු කදුළු පුතේ….”

අශ්ගේ අම්මා එහෙම කියන්නේ කදුළු මැද්දෙන් හිනා වෙන ගමන්…..

අදින් පස්සේ ඔයාලගේ ඇස් වල තියෙන්නේ සතුටු කදුළු විතරයි තමයි අම්මේ…..

අශ් එහෙම හිතුවේ ඒ ඇස් දිහා බලන් තමන්ගේම හිතට දිව්රුමක්‌ දෙන ගමන්……

“ආ…. මේ ඉලන්දාරියා ඇවිත් තියෙන්නේ….?”

අශ්ගේ තාත්තා ඒ කිව්වේ වික්ක්‍රමනායක මේ එන්නේ tea factory එකේ ඉදන්…..හැමදාම යන්නේ නැති උනත් සතියකට එක පාරක් වගේ වික්‍රමනායක tea factory එකට අනිවාර්යෙන් යනවා….. ඒ ගිහින් හැමදේම හොයලා බලලා තමයි ආපහු ගෙදර එන්නේ…..

“ඔව් තාත්තා….”

“එහෙනම් අද හැමදේම කතා කරගන්න පුළුවන්නේ අපිට….. නාලිකා මට‍ වතුර එකක් ගේනවා…..”

අශ්ගේ හිතට තරහක් එන්නේ තමන්ගේ තාත්තාගේ වැඩවලට….. කෑම කකා හිටපු නාලිකා නැගිටලා ගියේ ඉක්මනට වතුර එකක් ගේන්න නැත්තම් තමන්ට බැනුම් අහන්න ඒකත් හේතුවක් වෙනවා කියලා ඒ හිත දන්නවා……

වික්‍රමනායක හැමදාම තමන්ගේ ගේ ඇතුලෙදි තමන්ගේ පව්ලේ අයට උනත් සැලකුවේ තමන්ගේ සේවකයන්ට වගේ…..

ඒකත් හේතුවක් වෙන්න ඇති දරුවෝ ඒ තාත්තාගෙන් ඒ තරමට ඈත් වෙන්න….හැමදේම නොදන්න කාලේ අශ්ගේ හිතේ තාත්තා ගැන තිබුනේත් සාමාන්‍ය හැගීමක් මහා ලොකු ආදරයක් නැති උනත් ඒ හිතේ තමන්ගේ තාත්තා වෙනුවෙන් ඉඩක් තිබුන…….ඒත් හැමදේම තේරෙනකොට නිශු වගේම අශ් තමන්ගේ තාත්තාගෙන් ඈත් වෙන්නේ අම්මට තවත් ලං වෙමින්..…..

රට ඉදන් ආව මුල් කාලේ මේ මොකුත් නොදැන හිටපු අශ් තමන්ගේ තාත්තා කියපු හැමදේම පිළිගත්තා වගේම ඒ හැමදේම ඉෂ්ට කරන්න මහන්සි උනා….. ඒත් තමන්ගේම තාත්තා තමන්ට මෙහෙම කරයි කියලා අශ් කවදාවත් හිතුවේ නෑ…..

රිතූව අශ්ට මුණගැහෙන්න වැඩ සලස්වලා ඒ හැමදේම කරලා තියෙන්නේ තමන්ගේ තාත්තා කියලා දැනගන්නකොට අශ්ගේ හිතට මොනව දැනෙන්න ඇතිද……

“ආ මහත්තයා….”

නාලිකා තමන්ගේ සැමියා ලග හැසිරෙන්නේ හරිම යටහත් පහත් විදිහට…… මේ ගෙදරට ඒ දේවල් පුදුමයක්‌නම් නෙවෙයි…..

“දැන් තමුන් මොකද කියන්නේ අශ්…..රිතූ wedding එකට රෙඩි වෙලා ඉන්නේ….. date එකක් දාගන්න විතරයි අපිට තියෙන්නේ දැන්…..”

අශ්ගේ තාත්තා හැසිරෙන්නේ කලින් උන කිසිම දෙයක් මතක නෑ වගේ…….

“මන් කිව්වනේ තාත්තා ඒක වෙන්නේ නෑ….”

අශ් සන්සුන්ව එහෙම කිව්වේ තරහ අරන් රණ්ඩු කරගන්න ඕනි නැති නිසා…..

“උබට පිස්සුද යකෝ…. එහෙම වෙන්න බෑ උබ ඒ කෙල්ලව බදින්නම ඕනි…..”

වික්‍රමනායක කෑ ගහන්නේ තරහෙන් අශ් දිහා බලන්…..

“මන් කැමති නෑ තාත්තා….. මන් ඒක තාත්තාට කිව්වා….. හේතුවත් මන් කිව්වනේ…. මට‍ එක එක දවසට එක එක මිනිස්සු අතට යන කෙල්ලෙක් කියලා සමාජෙට පෙන්නගෙන ඉන්න ගෑනියෙක් ඕනි නෑ…..”

අශ් හැමදේම කෙටියෙන් කිව්වේ එක හුස්මට…… ඒ මුණේ තිබුනේ මවාගත්ත සන්සුන්බවක්…..

“උබ කොහොමද මට‍ එකට එක කියන්න එන්නේ…..තෝව හැදුවේ මන් උස් මහත් කරේ මන්….. උබට මේක කරන්නම වෙනවා අශ්…..”

“සොරි තාත්තා…. ඒක කවදාවත් වෙන්නේ නෑ ඔයාලා මාව හදපු වඩපු එකට මට‍ ඔයාලා වෙනුවෙන් ඕනි දෙයක් කරන්න පුළුවන්…… හැබැයි විහින් මගේ ජිවිතේ විනාශ කරගන්න මට‍ උවමනාවක් නෑ…..”

“හ‍රි අපි බලාගමු….”

අශ් එහෙම කියනකොට වික්‍රමනායක තමන්ගේ අතේ තිබුන වීදුරුවත් පොළොවේ ගහල එහෙම කියලා කාමරේට ගියේ නාලිකා වගේම නිශුත් බය වෙලා බලන් ඉන්නකොට…..

“ඔයාලා එන්න කන්න…. ඕක කාලා අස් කරමු පස්සේ….ඔහොම බය වෙන්න එපා එයාට…. බය වෙලා අපිට මොකුත් කරගන්න බෑ අම්මා…… තාත්තා තමයි ඒත් මට‍ සමාවෙන්න ඒක තමයි ඇත්ත අම්මා…..”

“අනේ මට‍ තේරෙනවා රත්තරන්….. මට‍ තේරෙනවා….. මන් හ‍රි අසරණයි මගේ පුතේ ඔයාලා වෙනුවෙන් වචනයක් කතා කරගන්න බැරිව මන් අසරණයි…..”

නාලිකා එහෙම කියන්නේ අඩ අඩා…..

“එන්න එන්න මෙහෙට…..ඕවා හිතන්න එපා අපි ඉක්මනට මෙහෙන් යමු අම්මා….මන් ගෙයක් බලනවා factory එක ලගින්ම….ඔයාලව මන් මගේ ලගට ගන්නවා ඉක්මනටම…..”

අශ් එහෙම කිව්වේ අම්මව කෑම මේසේ දිහාට එක්කන් එන ගමන්….

“ඒත් පුතේ තාත්තා දාල අපි කොහොමද යන්නේ….”

“එයා අපි ගැන හිතනවානම් අපිට මෙහෙම කරයිද අම්මා….මන් ගැන නෙවෙයි අම්මා දැන් නංගි ගැන හිතන්න…. තවත් මේ ගෙදර හිටියොත් ඒ කෙල්ලට ජීවිතෙත් එපා වෙයි අම්මේ….”

අශ් කිව්වේ එපා කියනකොට කන එකත් නවත්තලා ගිහින් වීදුරු කටු එකතු කරන තමන්ගේ නංගි දිහා බලාගෙන…..

“ඔයා හොද විදිහක් බලන්න පුතේ මන් කැමති….”

“හෙට ඉදන් නංගි මන් එක්ක office යනවා…. අම්මට තනියම ඉන්න පාලුයිද ගෙදර….”

“අනේ නෑ පුතේ….. මට‍ කොහොමත් එකයි නිශු ගේ ඇතුලට වෙලා කල්පනා කරන එක නැති කරන්න පුළුවන්නම් ලොකු දෙයක් සුදු පුතේ…..”

“අම්මා බය වෙන්න එපා….. මන් හැමදේම විසදන්නම්…. කෝ නිශු ටත් කෑම කන්න එන්න කියන්න අම්මේ ඕක පස්සෙ අස් කරන්න පුළුවන්නේ……”

පන්සල් ගිහින් ගෙදරට එනකොට 7ටත් කිට්ටු වෙලා…. ඉක්මනට වොෂ් එකක් දාගෙන අම්මා එනකල් මන් අම්මා දවල්ට හදපු කෑම ආයෙමත් රත් කරේ ලොකූ බඩගිනි ගගා උඩට ගිය නිසා……

තාමත් අර කෙල්ල ගැන අහගන්න බැරි උන නිසා කාලා උඩට ගියහමවත් අහගන්න ඕනි කියලා හිත හිත මන් හිටියේ……

“දොoගි ඔය මොකද මැණික කරන්නේ…. මන් ඕක කරනවානේ තියන්න තියන්න….”

අම්මා කුස්සියට ආවේ එහෙම කියාගෙන….ඉස්සර වගේ නෙවෙයි දැන් මම ගෙදර ඉන්නකොට අම්ම මොකුත් වැඩක් කරන්න දෙන්නේ නෑ…..

“අනේ අම්මේ මේක ලොකු වැඩක් නෙවෙයිනේ අනේ…. මන් ඉක්මනට මේසෙට යවන්නද කෑම ටික….”

“ඕනි නෑ අම්මේ…. ඔහොම කමු අදනම් මාර මහන්සි…..”

ලොකූත් කුස්සියට ඇවිත් එහෙම කිව්ව නිසා මන් බත් පිගන් වලට බෙදල මේසෙන් තිබ්බේ….. කෑම කාලා ටිකක් වෙලා ටීවී බල බල ඉදපු අපි නිදාගන්න උඩට ආවේ මන් උදේම යන්නත් ඕනි නිසා…..

“ලොකූ…. ලොකූ…”

මන් උඩට ගිහින් ලොකූගේ කාමරේ දොරට තට්ටු කරේ එහෙම කියලා හයියෙන් කතා කරන ගමන්……

“ආ රොයිටරේ…. මන් බැලුව මොකද පරක්කු කියලා….”

ලොකූ කියන්නේ මගේ ඔලුවටත් එක්ක ගහල….. මට‍ කාමරේට එන්න ඉඩ දෙන ගමන්…..

” එහෙම තමයි…. මන් දැනගන්න ඕනිනේ මම බොරුවට බැනුම් ඇහුවේ මොකද කියලා….? “

මන් එහෙම කිව්වේ ලොකූගේ ඇදෙන් වාඩි වෙන ගමන්…..

“තමුසෙට ආයෙම ඒකි මොකුත් කියන්න ආවද මන් එලියට ආවට පස්සේ….”

ලොකූ එහෙම අහන්නේ කලබලෙන්….

“නෑ නෑ ලොකූ…. කව්ද ඇත්තටම ඒ කෙල්ල….?”

“අපේ office එකේ කෙල්ලෙක් දොoගි….”

ලොකූ කියන්නේ කිසිම ගානක් නැතුව එයාගේ සපත්තු දෙක පොලිෂ් කරන ගමන්….

“හරි ඉතින් නම මොකක්ද….?”

“අනේ මේ මට‍ වෙන වැඩක් නෑනේ උන්ගේ නම් මතක තියාගන්න…..”

මේ ලොකූගෙන් දෙයක් දැනගන්න එකනම් ලේසියෙන් කරන්න බෑ…..

“ලොකූ…”

“හ්ම්ම්ම්…”

“ඔයා එයා එක්ක යාලු වෙලා හිටියද….?”

“පිස්සුද බන්…. ඒ වගේ එකියක් එක්ක යාලු වෙන්න මට‍….”

“ඒ උනාට ඔයා කියන්න මන් නංගි කියලා….”

“ඒ මොකටද…?”

ලොකූ අහන්නේ තරහෙන් වගේ……

මතු සම්බන්ධයි.

හැමදාම වගේ අදත් ඉල්ලන්නේ කතාව කියවල අදහස් දක්වන්න කියලා මගේ ආදරණිය යාලුවෝ හැමෝගෙන්ම…..❤❤❤❤❤😍😍😍😍😍

හැමදාම කතාව කියවලා like comment කරලා මට‍ දක්වන සහයෝගයට ඒ ආදරේට බොහොම ස්තුතියි……..❤❤

ඒ වගේම ඔන්න ඔයාලා හැමදාම ඉල්ලන බෝනස් කොටස අද රෑට දෙනව ළමයි