හිසෙන් දැණුන අමාරුවත් සමගම දිහන්‍යා දෑස් විවර කලේ සෙමින්. අපහසුවෙන් දැස් විවර කරද්දි දිහන්‍යාට සිතුණේ තමන් සිටින්නෙ වෙනත් ස්ථානයක වග. හිස අපහසුවෙන් කරකවද්දි ඇය දුටුවේ තමන් සිටින්නේ මදක් සුපොගභෝගි කාමරයක වගයි

… සයනයේ සිටම කාමරය වටා දැස් ගෙන ගියේ කවුරු හෝ සිටිනවාද දැනගැනිමටයි. කවුරුත් නෑ කියලා තෙරුණ දිහන්‍යා සුසුමක් හෙලමින් දෑස් වසා ගත්තේ වට පිටෙන් ඇහෙන ශබ්ද වලට සවන් යොමු කරමිනි.

සාමාන්‍ය සුළං හඩක් මෙන්ම කුරුළු නාදයත් ඩමගම දිහන්‍යාට සිතුනේ මේ වෙන තැනක් වගයි. කලින් තිබුණු ගෝෂාකාරි හඩවල් ඇයට දැන් ඇසුනේ නැත.

පෙර සිටි තැනදි මෙන් අත් පා ගැට ගසා නොමැති හේතුවෙන් දිහන්‍යා අපහසුවෙන් සයනයෙන් නැගිට්ටේ. දවස් කිහිපයක්ම අත් පා ගැට ගසා තිබුභෙයින් ඇයට දැණුනේ වේදනාවකි. අපහසුවෙන් වුවද දිහන්‍යා ගොස් දොර විවර කිරිමට උත්සහා දැරුවේ.. එය විවෘත කිරිමට නොහැකිව බලාපොරොත්තු සුන් වෙද්දි දිහන්‍යා රිදුම් දෙන හිස අතින් පිරිමදිමින් දෙනෙත් කාමරය පුරා යැව්වේ…

ඇදක් , අල්මාරියක්, කුඩා මේසයක් සහ පුටුවක් මෙන්ම කණ්නාඩි මේසයක්ද විය. කණාඩි මේසයේ පානාවක් සුවද විලවුන් කුප්පියක්, ක්‍රීම් වැනි ගැහැණු ළයෙකුට අවැසි දේ තිබෙනවා ඇයගේ නෙත ගැටුණේ. ඒ වගේම මේසය උඩ යම් විශාල පාර්සලයක්ද තිබු අතර ඇදුම් රැක් එකේ තුවායක් පමණක් විය.

කණ්නාඩි මේසයට අසලින් වූ ජනේලය ඇස ගැටුණු දිහන්‍යා එය විවර කර සිටිනා ඉසව්ව පිලිබද යම් ඉඟියක් ලබා ගැනිමේ අදිටනින් එදෙසට අපහසුවෙන් පය එසවීය.

අත් පා ගැට ගසා තිබුණු නිසා එ තැන් වලින් ඇයට දැණුනේ දරා ගත නොහැකි වේදනාවක්. අත් පා වලින් මෙන්ම හිසෙන් නැගුණ වේදනාව නිසාම දිහන්‍යාගේ ඇස් වලින් කඳුලු එක පෝලිමට වැටෙන්න ගත්තේ… අපහසුවෙන් වුවද ජනේලය විවෘත කලද ඈගේ සියලු බලාපොරොත්තුව සුන් වුයේ කිසි මනුෂ්‍ය වාසයක් එ පෙදෙසෙහි නොවන වග තෙරෙද්දි… දෑස් පේන සිසාරා

වූයේ රුක් ගොමු පමණි. කාමරයෙන් එළියට පනින්නවත් බෑ කියලා තේරුණේ තට්ටු දෙකක් පමණ උඩ ගොඩනැගිල්ලක සිටිනා වග පෙනෙද්දියි.

“මොකෝ නෝන හාමු ජනේලයෙන් පනින්නද හදන්නේ…”

ජනේලයෙන් එපිට බලමින් හිටි දිහන්‍යා ගැස්සුණේ කාමරයේ දොර දෙසින් ඇසුණ හඩට. දිහන්‍යා හිස හරවා බලද්දි දුටුවේ හිනා වෙවි තමා දෙස බලා සිටින ඉසඳිව…

“ඉසඳි ත/මු/සේ…”

ඉසඳිව දුටු මොහොතේම දිහන්‍යාගේ ඇස් කෝපයෙන් පිරුණි..

“ඔව් මන් තමයි.වෙන කවුරුභරි වගේද පේන්නේ…”

“මට යන්න දෙනවා ඉසඳි. ත/මු/න් මාව මොන මඟුලකටද හිර කරන් ඉන්නේ…”

හිසෙන් නැගෙන වේදනාව අපහසුවෙන් පාලනය කරගෙන ඇය කෑ ගැසුවේ…

“හේතුව දන්නවානේ. හේතුව ඒෂිත්. මන් කිවා ත/මු/න්/ට එෂිත්ගෙන් ඈත් වෙන්න කියලා ඒත් ඇහුවේ නෑ…”

“මම මැ/රු/ණ/ත් එෂිත් ත/මු/න්/ව බදින් නෑ. නිකන් දවල් හීන දකින් නැතුව ඉන්නවා ඉසඳි…”

” මෙච්චර දෙයක් වෙලත් ත/මු/ගෙ කට අඩු වෙලා නෑ නේද…”

එක අතක් පපුවට බැදගෙන අනෙක් අතින් කෙස් රැලක් කරකව කරකවා ඉසඳි පියමැන්මේ දිහන්‍යා දෙසට හිනාවෙවි.

“මගේ කට ගැන මම බලා ගන්නම්. මට යන්න දෙනවා…”

දිහන්‍යා ඉසඳිව තල්ලු කරගෙන දොර අසලට යන්න හැඳුවත් ඉසඳි ඇයව ඇදලා අරන් සයනයට තල්ලු කරේ හිත් පිත් නැති විදිහට. එක කකුලක් සයනය මත තබාගෙන දිහන්‍යාගේ මුහුණට බර උන ඉසඳි දිහන්‍යාගේ කම්මුල තදින් අල්ලන් අතුල් පහරක් එල්ල කලේ දිහන්‍යාගේ මුවින් වේදනාත්මක කෙදිරියක් පිටවෙද්දියි. ඒත් එක්කම ඉසඳි දිහන්‍යාට තව කම්මුල් පහරක් එල්ල කරමින් සයනයට තල්ලු කරේ ල්, ඒ වැදුණ පහරෙන් දිහන්‍යාගේ තොල්පට පැලි ලේ ගලද්දියි…

“මේ එදා කම්මුල් පාරේ රිටර්න් එක. අම්මා තාත්තාවත් අත් උස්සලා නැති කොට ත/මු/න් ගහපු පාරට මම පාඩුවේ ඉදි කියලා හිතුවා නම් වැරදිලා… ත/මු/න්/ට අනිද්දා ලොකු ස්ප්‍රයිස් එකක් තියනවා.

ඒ හින්දා ලස්සනට ඉන්නවා ඈ. ආ තව දෙයක් තමුන්ව බේර ගන්න මහ ලොකු ඒෂිත් එයි කියලා හිතනවා නම් ඒක හීනයක්ම විතරයි. මොකද දැන් ත/මු/න් මුළු ලෝකයටම මැරුණෙ කෙනෙක්

. ඒ හින්දා දගලලා වැඩ වරද්දා ගන් නැතුව කියන දේ අහලා පාඩුවේ ඉන්නවා. පැනලා යන්න හැදුවොත් අර ලෙඩ ඇදේ ඉන්න ත/මු/න්/ගේ තාත්තාගෙත් අවසානය….”

දිහන්‍යාට කිසිවක් පැවසීමට ඉඩ නොතබාම දිහන්‍යාගේ කොපුලට තට්ටුවක් දැමු ඉසඳි කාමරයෙන් නික්මුණේ සිනහා නගමිනි.

ඉසඳින්කාමරයෙන් නික්මෙන්ද්දි ඈ හඩමින් මතක් කලේ තමන්ගේ පියාව.

තම පුපුරු ගහන කම්මුලත් අතින් අල්ලන් දිහන්‍යා සයනය පාමුල ඉද ගත්තේ එදින සිහියට නැගෙදියි…

එෂිත් රැගෙන දුන් ඇදුම එහෙ මෙහෙ අත හරවමින් දිහන්‍යා සිටියේ හැඩ බලමිනි. ගවුමේ හැස බැලු දිහන්‍යා එය කවරයට දමා කාරයේ විදුරුවෙන් එළිය බලද්දි දුටුවේ තම නැන්දායි…

නැන්දාව දුටු දිහන්‍යා ඇයට කතා කිරිමට සිතා කාරයෙන් බැස ඇය වෙත පියමන් කලේ නැන්දාද ඇයව දකිද්දියි. දිහන්‍යා හිනා වෙමින් ඇය අසලට පය තබද්දි ඇයට පිටිපසින් ඇසුනේ විශාල ශබ්දයකි.

හිතට ඇති උන ගැස්මත් එක්ක දුටුවේ එෂිත්ගේ කාරය වාහනයක ගැටි ගොස් තවත් වාහනයක ගැටි ගිනි ගන්නා අයුරුයි. ඒත් එක්කම ඇය දුටුවේ තමන්ගේ නම කියාගෙන කාරය අසලට දුව යන එෂිත්… එෂිත් කාරය ළගට යන්න බැරුව කෑ ගගහා අඩන දිහාත් ගිනි ගන්නා රථය දිහාත් දිහන්‍යා බලන් සිටියේ කම්පනයකිනි.

කිසිවක් සිතා ගත නොහැකිව එදෙස බලා සිටි දිහන්‍යා පියවි සිහියට ආවේ තමන්ගේ ඇගේ හැප්පි දුවපු කෙනෙක් නිසාය.

පියවි සිහියට ආ දිහන්‍යා එෂිත්ට කතා කිරිමට මුව විවර කරද්දිම වගේ පිටිපස්සෙන් ආ දරදඩු පුද්ගලයෙකු ඇයගේ මුව වසා ගත්තේ ඇගේ හඩ එලියට නොඑන පරිදි… දිහන්‍යා ඔහුගෙන් ගැලවීමට කොතෙක් උත්සහා කලද ඔහුගේ දරදඩු ශරීරය සමග ඇයට හෙලවීමටවත් නොහැකි විය.

Continue…..🔥