·නුඹ මා.. ❤❤

06 කොටස

සිහිය ආව මුල් තත්පරේම මන් ඉක්මනටම එයා පස්සෙන් දුවලා ගිහින් එයාගේ අතේ එල්ලුනේ එයාව නතරකරගන්න වෙන විදිහක්‌ මට මතක් උනේ නැති නිසා.අපි වටේ මිනිසු ඉන්නවා කියලවත් මට ගානක් නැතුව ගියේ හිතේ තිබුණ දේ එයාට කියන්න ඕනි උන නිසා.

“මොකද තමුසේට වෙලා තියෙන්නේ..?”

එයා එහෙම කියනගමන් ඉක්මනට අත ඇදල ගත්තේ..මට ඒ නපුරු මූන දැකල කියන්න ආව දේවලුත් අමතක වෙනකොට..

“කියනවා අයිසේ… මට පරක්කු වෙනවා..”

“අයියේ…”

මන් හිමින් කිව්වේ එහෙම..

“හ්ම්ම්.. මොකද…?”

අයියේ අනේ තරහින් යන්න එපා. මන් එහෙම කිව්වේ ඔයාට පරක්කු වෙයි කියලානෙ…

“හ‍රි හරි..”

“පරිස්සමින් හිමින් යන්න අයියේ හොදද..?”

“තමුසෙත් පරිස්සමින් ඉන්නවා. හොදට exam එක ලියනවා..”

එහෙම කියලා එයා පාර අයිනට ගියේ.එයාගේ තරහ නිව්නමනන් එයා හ‍රි හොදයි.හැබැයි හිනාවෙන්නනම් අමුතුවෙන්ම කියලා දෙන්න වෙනවා වගේ මට‍ පෙන්නේ.

“ආ…මතක් කරලා ගයියාට කියනවා ආවා කියලා හරිද…”

පාර ළගටම ගිය එයා ආපහු හැරිලා එහෙම කිව්වේ මන් එයා දිහාම බලන් ඉන්නකොට.ආයෙම කවද දකින්න වෙයිද එයාව අනේ මෙච්චර ඉක්මනට ඈත් කරන්න ඇයි දෙවියෝ එයාව මන් ළගට එව්වේ…

එයානම් ආයේ හැරිලාවත් බැලුවේ නෑ. වාහනේ යනකම්ම බලන් හිටිය මන් ආපහු ආවේ දුකින්.ආයෙම එයාව දකින්න බැරි වෙයි කියලමයි මගේ හිත කිව්වේ.

“යකෝ යමන් ඇතුලට නැත්තන් අපිට අද exam ලියන්න වෙන්නේ නෑ….මන් exam ඉවර වෙලා උබව අල්ලන්නම්කෝ කෙල්ල දැන් වරෙන් යන්න..”

නෙතූ එහෙම කියලා මාවත් ඇදගනම ගියේ exam hall එක ඇතුලට..

Index බලලා වාඩි උනු අපි paper දෙනකල් බලන් හිටියේ. මම හැමදේම අමතක කරලා exam එකට පාඩම් කරපුවා මතක් කරේ ඒක මගේ ලොකුම බලාපොරොත්තුව නිසා. මොන දේවල් හිතට දැනුනත් මන් දන්නවා මන් මේ exam එකෙන් පාස් වෙන්න ඕනි.ඒක මගේ විතරක් නෙවෙයි ලොකූගේ අම්මගේ හැමෝගෙම බලාපොරොත්තුව. මොන දේටත් කලින් මට වටින්නේ එයාලගේ සතුට.

නෙතුව හිටියේ මට ඉස්සරහ ඒකිගේ වැඩේම හැරි හැරි මන් දිහා බලන එක. ඒකි එහෙම බලනකොට මන් සද්දේ ඇහෙන්නේ නැති වෙන්න ඒකිට කිව්වේ ඉස්සරහ බලන් ඉන්න කියලා ඇස් වලින්..

නැත්තන් paper එක දෙන්න කලින් අපි දෙන්නව එලියට දානවා ෂුවර්. Hall එකේ හිටියෙත් නපුරු පාට මැඩම් කෙනෙක් තිබුන බය තවත් වැඩි උනා ඒ මුණ දැක්කම මට..

“අනේ මට එක ප්‍රශ්නයක් ලියාගන්නම බැරි උනා බන්..”

Exam ලියල එලියට අවා ගමන් නෙතූ කිව්වේ මුණත් ඇබුල් කරගෙන.

“මමනම් ලිව්වා නෙතූ අපි බලමුකෝ බය වෙන්න එපා practical එක හොදට කරගම්මු අපි…”

මන් එහෙම කිව්වේ ඒකි නැත්තන් ඕකම හිත හිත ඉන්න නිසා.

මන් පාඩම් කරපුව ඇවිත් තිබුන නිසා මටනම් ගොඩක්ම අමාරු උනේ නෑ. හැබැයි වෙලාව තමයි ටිකක් මදි උනේ මට. Results එනකල් හිතේ බයනම් තියෙයි.දැන් කොච්චර හිතුවත් ඒක ලියල ඉවරයිනෙ එහෙම හිතල හිත නිදහස් කරගෙන කෑමත් කාල practical එකට ලෑස්ති උනේ අපි…

නෙතූත් එයා ගැන ඇහුවේ නෑ… ඒකිට බයටම ඒ දේවල් අමතක වෙලා ඒක මගේ හිතටත් ලොකු සහනයක්.ඒ උනාට එයාව මතකෙට ආවේ නැති තත්පරයක් නැති තරම්. එයා ගිහින්ද දාන්නේ නෑ
දවල්ට කෑවද දන්නෙත් නෑ…කොහේද ඉතින් පණ්ඩිතයනෙ අම්මා බත් එකක් දෙන්න හැදුවට ගත්තේත් නෑනෙ. ගිහින් ශේප් එකේ අයියගෙන් අහන්න ඕනි ගෙදර ගිහින් කතා කරාද කියලා අයියටවත්.

Practical එකනන් ටිකක් විතර අමාරුයි. එත් හිතට හරිම සැහැල්ලුවක් දැනුනේ exam ඉවර නිසා. දැන් තියෙන්නේ ජොබ් එකක් හොයාගන්න තමයි.

එහෙම හිත හිත නෙතුවත් එක්කම එලියට ආවේ අයියටත් මැසේජ් එකක් දාන ගමන් නැත්තම් ගෙදර ගියහම මන් ඉවරයි.

“මේ… බස් එකේ යනකොට වෙලා යයිද බන්…”

“එහෙනන් නිසල් අයියට එන්න කියහන්..”

“අනේ ඉතින් නිසල් අයියට කාර් එකක් නෑනෙ..”

ඔන්න දැන් තමයි ඒකිට එයාව මතක් උනේ. ඔය ඔහොම කියන්නේ මම උදේ එයත් එක්ක කාර් එකේ ආව නිසා මන් සද්ද නැතුව හිටියේ ඇහුනේ නෑ වගේ…

“ඒ උබේ හැන්ඩ්සම් නරකමත් නැනේ බන්. උබ කිව්ව තරම් නපුරු නෑ වගේ..”

“ඔව් ඔව් උබ දන්න තරම තමයි..”

“ඔව් ඉතිම් මන් කොහොමත් උබ තරම් ඒකා ගැන දන් නෙ නෑනේ. උබත් අපිට දැන් මොකුත් කියන්නේ නෑනේ..”

“අනේ විකාර නොකිය හිටපන් උබට නොකියන දෙයක් මට‍ නෑ. එහෙම මගුලක් නෑ බන් නිසල් අයියා කියපු නිසා එයා මාව ගෙනත් දාන්න ආවේ.වැඩි කැමැත්තකිනුත් නෙවෙයි අයියලට බෑ කියන්න බැරි කමට..”

මන් එහෙම කිව්වේ එකීගේ අතේ එල්ලිලා ඉස්සරහට යන ගමන්…

“උබ දුකින්ද සපූ…?”

“එහෙම නෑහ්හ්…”

මන් මුණට හිනාවක් ගන්න ගමන් ඒකි දිහා බලලා එහෙම කිව්වේ…

මට‍ මතක් උනේ එයා මට‍ කෑ ගහපු විදිහ ඒ දේවල් හ‍රි ලස්සන මතකයක් වෙලා මන් ලග තියෙයි හැමදාම දුකින් උනත් මන් එහෙම හිතලා හිත හදාගත්තේ..

“උබ ගැන මන් හොදට දන්නව සපූ දුක් වෙන්න තරන් දෙයක් උබට උනේ නෑ… ඒ ගැන හිතලා සතුටු වෙයන් උබ හොදටම දැක්ක මන් අව්රුදු ගානක් එක මනුස්සයෙක්ට රැවටුන විදිහ ආදරේ කියලා.මට‍ උන දේ උබට උනානම් උබට හිතෙයි මේ දේ මොකක්ද කියලා බන්…”

“හම්බෙන්න තියෙයිනන් කවදාහරි හම්බෙයි කෙල්ල. උබට මන් එදත් කිව්වා මතකද ඒක.අපේ ජිවිතේ ලියවිලා තියෙන විදිහ වෙනස් කරන්න අපිටවත් බැ සපූ ඒක තෙරුන්ගනින්…”

ඒකි වෙලාවකට අම්මා වගේ හැමදේම මට තේරුම් කරලා දෙන්නේ….

“හ්ම්ම්…”

“දැන් මට‍ පේනවනේ… සමහරවිට සමහර දේවල් අපේ ජිවිතේන් ඈත් වෙන්නේ ඊට වඩා හොද දෙයක් අපේ ජිවිතේට ලන් කරන්න වෙන්නත් පුළුවන්…”

ඒකි කියන්නේ නිසල් අයිය ගැනද කොහේද

“මට තේරෙනවා බන්. මන් එච්චර හිතන්නේ නෑ..ඒත් එයාව මතක්‌ වෙනවා මට‍ තේරෙන්නේ නෑ..”

“ඔය තේරුම්ගන්න බැරි දේවල් තේරුම්ගන්න හදන්නෙ නැතුව නිදහසේ හිටපන් දැන් exam ඉවරයිනෙ. දැන් දෙය්යනේ කියලා ජොබ් එකක් හොයාගන ඒක කරලා නිදහසේ ඉන්නයි තියෙන්නේ සපුවෝ…”

ඒකිටනම් හොදටම පිස්සු ඔහේ කියව කියව යනවා. මාත් ඒකිගේ අතේ එල්ලිලා ගියේ ඒකි කියවන ඒවා අහ අහ නෙතූ එක්ක ඉන්නකොට පාළුවක් නෑ. නිසල් අයියා වගේම තමයි හැබැයි ඒ දෙන්න හොදට ගැලපෙනවා….

“එහෙනම් කෙල්ල පරිස්සමින් යන්න ඕනි හොදද ගිහින් මැසේජ් එකක් දාන්න මට…”

“හ‍රි නෙතූ ඔයත් පරිස්සමින්…”

නෙතූ ඉන්නේ අපේ ගෙවල් වලට ගොඩක් මෙහා.එයා බස් එකෙන් බැස්සට පස්සේ මන් කල්පනා කරේ එයා දැන්නම් ගෙදර ගිහින් ඇති කියලා.

මන් ගෙදරට එනකොට අම්මා මග බලන් ඉන්නවා…

“දොoගි පුතේ කොහොමද මැණික විභාගේ ලේසිද…?”

“ඔව් අම්මා… ලිව්වා ඉතිම් බලමුකෝ මහන්සි අම්මා බඩකිනි ගොඩක්ම…”

“හ‍රි මැණික… මන් ඉව්වා කෝ ගිහින් වොෂ් එකක් දාගන එන්න මැණික කන්න…”

“හ‍රි අම්මා අයියා තාම ආවේ නෑ නේද අම්මා..?”

මන් එහෙම ඇහුවේ පඩිපෙළ නගින ගමන්..

“නෑ පුතේ දැන් මග එනවා ඇති…”

“හ‍රි අම්මේ…”

මන් කාමරේට එනකොට දැක්කේ එයා හිටිය කාමරේ. එක පාරට හිතුන නිසා මන් ඒ කාමරේ දොර ඇරල පොඩ්ඩක් ඇතුලට ගියේ…

කාමරේ ඇතුලට ආව මට දැනුනේ එදා වතුර එක දෙනකොට එයා ලගින් ආව සුවද මේ කාමරේ පුරාමත් තිබුනේ ඒ සුවද ඒ ඇදෙන් ඉදගත්ත මට මතකෙට ආවේ එදා රෑ වෙච්ච දේ….

මුණට හිනාවක් ආවේ ඉබේටම ඒ එක්කම මට‍ මතක උනේ අප්පච්චි…

එදායින් පස්සේ ආයෙම අප්පච්චි හීනෙන්වත් මාව බලන්න ආවේ නෑ. මන් බය වෙයි කියල වෙන්න ඇති.අප්පච්චි මට‍ හ‍රි ආදරෙයි අනේ අදත් අප්පච්චි මන් ළග හිටියනම්…

මන් exam එක හොදට ලිව්වා අප්පච්චි…මන් ඉක්මනට ජොබ් එකක් හොයාගෙන හැමෝවම බලාගන්නවා අප්පච්චි… අයියා පව් එයා අපි දෙන්නව බලාගන්න ගොඩක් දුක් විදිනවා….

මන් අප්පච්චි එක්ක හිතින් කතා කර කර මගේ කාමරේට ඇවිත් ඉක්මනට වොෂ් එකක් දාගත්තේ පහළට යන්න ඕනි නිසා දැන් අයියත් ඇවිත් ඇති.

“දොoගී… කොහොමද exam..?”

තේ එකක් බිබී හිටිය අයියා මාව දැකල එහෙම ඇහුවේ අතින් මට‍ ලගට එන්න කියන ගමන් අම්මා නිව්ස් බලනවා.

“ලිව්වා ඉතිම් පාඩම් කරපුවා ආවේ ලොකූ..ගොඩක් වෙලාව තමයි ටිකක් මදි උනේ…”

එහෙම කියලා මන් හිනා උනේ අනේ අයියගේ ඇස් වල ලාවට කදුළු

එයා මොකුත්ම නොකිය මගේ ඔළුව අතගාල නැගිටලා ගියේ මන් ඒ කදුළු දකී කියලා එයාට සතුටු ඇති අයිය නිසයි මේ හැමදේම මගේ හැමදේටම වියදන් කරේ එයාගේ පඩියෙන් ඉතින් මන් ජිවිතේ ටික ටික ඉස්සරහට යනකොට එයා සතුටු නොවී ඉදීද මන් කවදාවත් ඔයාලට දුකක් දෙන්නේ නෑ අයියේ…

“දොoගී කමු මැණික අයිය දැන් එයි…”

“අයියත් ආවම කමු අම්මා හැමෝම..”

“දැන් බඩකිනි කිව්වා නේද ආ කෝ කෝ කන්න…”

“එච්චර නෑ අම්මා හැමෝම එකට කමුකෝ…”

“අර දරුවා ගිහින් ඇති නේද පුතේ දැන්..?”

“වෙන්න ඇති අම්මා අයියට කියන්න ඇති..”

“ඔව් ආවම අහල බලන්න ඕනි ටිකක්… හ‍රි හොද දරුවෙක් පුතේ…”

අම්මෝ ඔව් ඔව් හරිම හොදයි තමයි..

එයාගේ නපුරුකම් මතක් වෙලා මට‍ හිනා ගියේ.ජොබ් එක ගැන කොහොමහරි කියලා අවසර ගන්නත් ඕනිනේ දැන් කොහොමවත් කැමති වෙන එකක් නෑ අයියානන් මන් ජොබ් එකකට යනවට…

අයියත් පහලට ආවම අපි හැමෝම කෑම කන්න මේසෙන් වාඩි උනේ.

“අයියේ නෙතුයි මායි ජොබ් application දාන්න කියලා බැලුවේ. results එනකල් මාසෙකින් වගේ එනවනේ දැන්ම දැන්මම ලේසි results එනකල් නොඉද එතකොට හැමෝම ජොබ් හොයනවානෙ..”

“අනේ මේ… මෙන්න මෙහෙ ඉන්නවා මට කන්න දෙන්න බැරි නෑ තමුසෙට..”

“අනේ අම්මා බලන්නකෝ…”

“ඇත්තනේ… දොoගී ඇයි මේ හදිසියේ..?”

“එහෙම නෑ අම්මේ දැන්ම application දාල තිබ්බම ලේසි නිසා කිව්වේ අනේ…”

“නෑ නෑ ඕනි නෑ.අම්මා තමයි මෙයාව නරක් කරන්නේ course එක කරන්න ඕනි කිව්ව නිසා දුන්නේ. නැතුව ජොබ් එකකට යවන්න නෙවෙයි…”

එහෙම කියලා අයියා කාමරේට ගියේ මට රවන ගමන් මේ යකාගේ නපුරු අරයා හොදය්නේ බලන් යනකොට…

අයියෝ ඒ කතා නිසා එයා ගැන මොකුත් අහගන්නත් බැරි උනානේ එයා ගෙදර ගිහින් ඇති දැන්…

ඔය විදිහට දවස් ගානක් ගෙවිල ගියේ මන් ජොබ් එකකට යන්න අයියගෙන් අවසර ගන්න පුදුම මහන්සියක් වෙනකොට. Exam එකටවත් මන් එච්චර මහන්සි උනේ නෑ. මන් චුටි බබෙක් කියලා හිතන් ඉන්නේ… එකනේ ජොබ් එකකට යන්න දෙන්නේ නැත්තේ… මට‍ අම්මවනන් බොහොම අමාරුවෙන් එක එක දේවල් කියලා කැමති කරවගත්තේ…

නෙතුවත් මට‍ කෑ ගහන්නේ කොහොමහ‍රි අයියව ශේප් කරගන්න කියලා ජොබ් එකකට යන්න. ඒකි නිසල් අයියටත් කියන්නම් කිව්වා අපේ අයියට කියන්න කියලා. එයා කිව්වොත්නන් පොඩ්ඩක් හරියයි. නැත්තන් අපේ අයියගේත් තියෙන්නේ පුදුම නපුරුකමක්‌ එයා කිව්වොත් කිව්වමයි….

“අනේ අයියේ… මන් යන්නම්කෝ මොකක්ද අනේ..”

“මන් කිව්වනේ නංගී කට වහගන්නවා…”

“අප්පච්චි හිටියනම් මෙහෙම නෑ…එහෙනම් මට යන්න දෙයි…”

මන් අඩ අඩම එහෙම කිව්වේ ඇත්තටම මට‍ දුක හිතුන නිසා කව්රුත් මට‍ ආදරේ නෑ මන් ගැන හිතන්නෙත් නෑ.

“දොoගී…”

අයිය මන් දිහා බැලුවේ දුකින්…..

“දෝනි මොනවද පුතේ කියන්නේ මේ….”

“ඇත්ත ඔයාලා මට ආදරේ නෑ…….”

මතු සම්බන්ධයි.

මුලින්ම ඊයේ කතාව ගෙන්න බැරි උනාට සමාවෙන්න ළමයි.

අදත් කතාව කියවල අදහස් දක්වන්න කියලා ආදරෙන් හැමෝගෙන්ම ඉල්ලනවා වෙනද වගේම