“ආදරේ කියනවත් ඉන්න එපායේ පෙන්න…”

දිහන්‍යා කිව්වා නෙවේ කියවුණා ඒ වචන ටික.. දිහන්‍යා මූණත් ඇඹුල් කරන් බිම බලා ගත්තේ හොරයක් අහු උනා වගෙ. අමා ඉන්නේ කොහෙද කියලා බලන් නැතුව හිනා උනේ දිහන්‍යාගේ මූණ දිහා බලන්..

“ම්.. මේ මන්…”

“හරි හරි. මම දන් නැද්ද මගේ යාලුවා ගැන…”

එහෙම කියලා අමා කියපු දේත් එක්ක දිහන්‍යා ගැස්සිලා බැලුවා…

“ඕන් පිටිපස්සේ ඉන්නවා උබේ සිහින කුමාරයා…”

“ඇහ්. මොකක් එෂිත්…”

දිහන්‍යා බය වෙලා පිටිපස්ස හැරුණත් කවුරුවත්ම හිටියේ නම් නෑ. ඒත් එක්කම අමා හයියෙන් හිනා වෙද්දියි දිහන්‍යාට තෙරුණේ මේ අමාගේ බොරුවක් කියලා.

“අමා උ / බ / න / ම් මන් තරහයි…”

අමාටත් ගස්සලා දිහන්‍යා ගියේ මුහුණ ලැජ්ජාවෙන් රතු වෙද්දියි..

“ආව් ආව්. උබේ සිහින කුමාරයා එෂිත් එහෙනම් නේ…”

“අමා….”

“කට බොරු කිවත් දිව බොරු කියන් නෑ කියන්නේ ඒකනේ. ඒ කියන්නේ මගේ මස්සිනා ඒෂිත්නේ. ආව්ස් මතක් වෙද්දිත් ශෝක්…”

“අනේ මේ අමා. කටවහන් ඉන්නකෝ අප්පා. එහෙම දෙයක් නෑ…”

“කොහොම දෙයක්ද දැන් නැතේ ආ…”

“අමා… හ් අනේ කට වහගන්නවකෝ වදේ…”

“කට වහන් නෙවේ. පාර්ටියක් දාන්න ඕන. කොහොමද කිවෙ ඉස්සර. මම නම් කැමතිවෙයි ඔය උණහපුලුවාට මේන් ගගා. ඒ උනාට දැන් සිහින කුමාරයා එයා. ආව්ස් ඒක. මාව යාලු මනමාලිට ගනිම් හොදේ. නැත්තම් බලාගමුකෝ..”

“අනේ අමා දැන් ඇති. ඔය හැකරකට වහගන්නවද වදේ. මට ඕන ඒෂිතයෙක් නෑ. උ / බ ඕන් නම් තියා ගනිම්…”

“මම තියා ගන්නද ආ එක්කො. මගෙත් ක්‍රශ් එකනේ එයා…”

අමා එහෙම කියද්දි නම් දිහන්‍යා හැරිලා බැලුවේ රවලා වගේ. ඒ බැල්මේ තිබ්බ ඊරිසීයාව තෙරුණ අමාට හිනාව එලියට පැන්නේ බකස් ගාලා.

“අම්මෝ. මට නම් එපා. උ / බ / ම තියා ගනිම් නල්ල මලේ කොල්ලාව. මන් අල්ල ගනි කියලා බයේ රවනෝ ඉතිම්. කෝ බලන්න මූණ. පෙම්පාට මූණේ…”

අමාගේ විහිළු හමුවේ දිහන්‍යාගේ මූණ රතු වෙලා තිබ්බේ තක්කාලි ගෙඩියක් වගේ…

ආමාට රවලා ගස්සලා දිහන්‍යා ඉස්සර උනේ අමාගේ විහිලු නිමක් නොවෙද්දියි.

දිහන්‍යා සුපුරු විදිහටම බස් එකෙන් බැහැලා මුරුක්කු පැකට් එකකුත් කකා පාර දිගේ ඇවිදන් ගියේ ඒෂිත් ගැන හිත හිතාම.

අමා ඉස්සරහා, තාත්තා ඉස්සරහා කොච්චර සැහැල්ලුවෙන් වගේ හැසිරුණත් දිහන්‍යාට එෂිත් නැති අඩුව ගොඩාක් දැණුනා. ආදරෙයි කිය කියා පස්සෙන් එන එක, වදයක් වෙවි ගේ ළගට ඇවිලා බලන් ඉන්න හැටි, කොල්ලෙක් තමන් දිහා බැලුවොත් ඒ කොල්ලාට පේන්නම මගේ කියන්න වගේ ළගට එන හැටි දිහන්‍යාට මැවි මැවි පෙනුණා.

දිහන්‍යාට නොහිතුණාම නෙවේ එදා එෂිත්ගේ තාත්තා දුන්න කාඩ් එකට කතා කරලා එෂිත් ගැන අහන්න. ඒ උනාට එහෙම ඇමතුමක්වත් නොගත්තේ ඒෂිත් තමන්ට ආදරේ නම් කොයි වෙලේ හරි එයි කියලා හිතලා.

දිහන්‍යා එෂිත් ගැන හිත හිතාම පාර දිගේ ඇවිදන් යද්දි එකපාරටම ළගින් ඇවිල්ලා නතර කරේ සහස්ගේ බයික් එක. දිහන්‍යා බය උන පාරට ගැස්සිලා අයිනට පැන්නේ අතේ තිබ්බ මුරුක්කු පැකට් එක බිමට වැටෙද්දි.

“සහස් අයියා පිස්සුද ත / මු / සෙ / ට . හැප්පුනා නම් එහෙම. බයටම පපුවත් ගැහෙනවා…”

“මන් බලන්නද…”

“මොකක්…”

සහස් කියපු දේ නොතෙරුණ නිසාම දිහන්‍යා ඔහු දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයකින් වගේ.

“නෑ ඉතින් බයටම පපුව ගැහෙනවා කිවේ. එකයි…”

“සහස් අයියා… පිස්සුද ඇත්තටම ආ… මල විකාර…”

“පිස්සු තමා හොද කරන්න බැරිද…”

සහස් එහෙම කියනකොටම මතක් උනේ දිහන්‍යාට ඒෂිත්ව. තමන්ට ආදරෙයි කියපු පලවෙනිම දවසෙ ඔහුත් මෙහෙම කිවා ඇයට මතක් උනා. ඒ මතකයන් ඔස්සේ දිගු සුසුමක් හෙලපු දිහන්‍යා සහස් දෙස හිස් බල්මක් හෙලලා යන්න හැරුණේ සහස් එක්ක කතා කරලා වැඩක් නෑ වගේ හැගෙද්දියි.

“සුදු මැණිකේ ඔහොම ඉන්නවා. මට කතා කරන්න ඕන…”

“මොනාද ඒ පාර…”

“ඇයි මට කැමති නැත්තේ. මන් කිවා එදත් හොදින් බැරි නම් නරකින් හරි ඔයාව මගෙ කරගන්නවා කියලා…”

“සහස් අයියා මන් එදත් කිව්වා. අදත් කියනවා. ඔයා ගැන මගේ හිතේ තියෙන්නේ සහෝදරයෙක් වගේ හැඟිමක්. එතනින් එහාට කිසිම දෙයක් නෑ. ඔයා කොච්චර මගේ පස්සෙන් ආවත් එච්චරම තමයි…”

දිහන්‍යා ඒ ටික කියලා යන්න හැරෙනකොටම සහස් දිහන්‍යාගේ අතින් ඇදලා තමන් ලගට ගත්තේ.

“ආව්. අත අරිනවා සහස් අයියා…”

“ත / මු / සේ ඔච්චරම මට අකමැති මොකෝ ආ. මොකෝ වෙන මොකෙක් හරි ඔය හිතේ ඉන්නවද?…”

“ඔව් ඉන්නවා. මන් කෙනෙක්ට ආදරෙයි. හරිනේ. දැන් වත් අත අරිනවා…”

“මොකද්ද කිවේ…”

සහස් දිහන්‍යාගෙ කොපුල තදින් මිරිකුවේ ඇස් වලට එබෙන ගමන්. සහස්ගේ රළු ස්පර්ශය හමුවේ දිහන්‍යාගේ ඇස් වලට කඳුළු පිරුණෙ ඒ වේදනාව දරා ගන්න බැරුව…

දිහන්‍යා සහස්ගේ අත්වලින් ගැලවෙන්න හැදුවත් සහස් නෙවේ අත ඇරියේ…

“හොදින් බැනේ. නරකින් හරි මන් මගේ කරගන්නවා. නගිනවා බයික් එකට…”

සහස් දිහන්‍යාගේ අත් දෙකෙන් අල්ලන් බයික් එකට නග්ගවගන්න හැදුවේ දිහන්‍යා හඩා වැටෙද්දි. සහස් එක්ක දිහන්‍යාට හැරෙන්නවත් බෑ. කොච්චර අඩලා අත අරින්න කිවත් සහස් නෙවේ දිහන්‍යාව අත ඇරියේ.

“සහස් අත අරිනවා මගේ සුදු මැණිකේව…”

Continue…..🔥