පනස්පස්වන දිගහැරුම 🙅

අවසාන කොටස

උබ….උබ ඒ තරම් ලොකු ගෑනියෙක් උනාද….

නිවේද්….😭😭😯

පුපුරු ගහන කම්මුල අල්ලගනිමින් මම නිවේද් දෙස බලන් සිටියෙමි.

මූ වගේම උබත් හිතන් ඉන්නේ මම #### කියලද….උබ එක්ක නිදාගන්න විතරද මට පුලුවන්…උබව ආරක්ෂා කරගන්න මට බැරිද…

එහ්….එහෙම දෙයක්…නෙවෙයි….😭😭

වහපන් කට…..😠

නිවේද් ඇගිල්ල දිගු කරමින් මගේ මුහුනට එබුනි….

අඩන්න එපා…උබ නෙවෙයි අඩන්න…ඕන…මම….

උබ මගේ ගෑනී….උබ මුගේ ගෑනි නෙවෙයි….ඌ කිව්ව ගමන් උබ ඒ ඒ තැන් වලට යන්න..

අද මම මෙතනට නාවා නම් උබට මොකද වෙන්නේ….එහෙනම් අද උබ මුගෙන්…..😠😠

කතා කරලා වැඩක් නෑ සෑම්….වැඩක් නෑ….

අනේ නිවේද්….ඔහොම කියන්න එපා…මම කරේ වැරැද්දක් තමයි…මම පිලිගන්නවා…ඒත් ඔයා කියන දේවල් වැරදි…මම ඔයාව ඒ විදියට හිතුවේ නෑ….😭

මම නැගි සිට නිවේද්ගේ මුහුන අල්ලන්න හදනවිට ඔහු මගේ අත ගසා දැමීය..

නිවේද්…😭

මට හිතාගන්න බෑ සෑම් ඔයා මට මේක හැංගුවා කියලා…

මම ඔයාව ගොඩක් විශ්වාස කරා….

මගේ ඇස් දෙකටත් වඩා විශ්වාස කරා…

ඊයේ ඉදන් මම බලාගෙන හිටියා මට දැන් කියයි දැන් කියයි කියලා….නෑ….ඔයා නිකමටවත් කිව්වේ නෑ..

ගෑනියෙක්ට තමන්ගේ මනුස්සයාගෙන් හංගන දෙයක් තියෙන්න පුලුවන්ද…

අහ් සෑම්….😖

මම හැංගුවේ ඔයාගෙම හොදට.මම බය උනා ජූඩ් ඔයාට මොනවා හරි කරයි කියලා…

එතකොට තමුසේ තනියම ආවාම ඌ මොකුත් කරන්නේ නැද්ද….

ඔය….😥

අනේ මේ තමුසෙගේ සුරංගනා කතා නවත්තගන්නවා…

නිවේද් මේ අහන්න..ඔයාට නොකිව්වට මට සමාවෙන්න…

මේ කරදරෙන් බේරෙන්නයි මට ඕන වුනේ…

ඔයාව ගාවගන්නෙ නැතුව….

නිවේද් මම කියන ඒවා ගනන් නොගෙන එහෙට මෙහෙට ඇවිදින්නට විය…

අනේ නිවේද් ඔහොම ඉන්න එපා…ඔයිට වඩා හොදයි ජූඩ් මාව මැරුවා නම්…

කට….🤫කට…🤫

වහගනින් කට..😠

මැරෙන්න ඕන නිසාද මම මගේ ජීවිතෙත් අනතුරේ දාගෙන තමුසෙව බේරුවේ…

තමුසේ දාන්නේ නෑ ඕයි මම තමුසෙට කොච්චර ආදරේද කියලා..

ඒකයි තමුසේ මට ඔහොම කරන්නේ….😥

ප්ලිස් නිවේද්….😥😥
ප්ලීස්…

නිවේද් මට පිටුපා සිටින විට මම ගිහින් ඔහුව පිටුපසින් බදාගෙන අඩන්නට විය….😭😭

හරි දැන් අඩන්නේ නැතුව ඉන්නවා….කෝ….මාව අතාරින්න දැන්…

මට බෑ….😭

මේ මැරුනු මිනිහෙක් ලග ඉදගෙන හුරතල් වෙන්නේ නැතිව ඉන්නවා…

ඉතින් ඔයා මට සැර කරන්නේ ඇයි…😫

සැර….😠
සැර කරන්නේ මේ ඔලු ගෙඩිය ඇතුලේ මොලයක් නැති එකට…

නිවේද් මගේ ඔලුවට තට්ටුවක් දැමීය….
මම නහය උඩට ඇද කට ඇද කලෙමි..

අපි යමු….

යමු…කොහොමද නිවේද් ඔයා එහෙම යමු කියන්නේ…මේ මනුස්සයා එතකොට….

අනික නිවේද් ඔයා ඇයි මෙහෙම දෙයක් කරේ….බලන්න දැන් ඔයා පැටලුනානේ මේවාට…මේ මිනිහව මැරුවේ ඇයි…ඒකත් ඔයා…😫

මේ අහන්න…මම ඔයා වගේ ඉක්මන් තීරන ගන්න කෙනෙක් නෙවෙයි සෑම්…මම හිතලයි වැඩ කරන්නේ…

ඒ කිව්වේ….

ඊයේ හවස මට ඩඩා කෝල් කරලා කිව්වා ජූඩ් හිරෙන් ඇවිත් කියලා…අපි දැනගත්තා අනිවාර්යයෙන් ඌ ඔයාව හොයාගෙන එනවා කියලා…ඒකයි මම ඔයාව ඊයේ රෑ එලියට එක්ක ආවේ…මොකද ඌට ඔයාව හම්බෙන්න චාන්ස් එකක් අරන් දෙන්නයි ඕන් උනේ….ඌ ඔයා ලගට එනවත් මම බලාගෙන.ඌ ඔයාගේ අතෙන් කොලයක් තියෙනවත් දැක්කා….

ඒත් ඔයා මට කිව්වේ නෑ….

ඒත් මට මොකුත් නොකර ඉන්න බෑනේ සෑම්…

ඔයා නිදාගත්තාම මම ඒ කොලේ බලලා ඇඩ්ඩ්‍රස් එක ගත්තා…

උදේ මම යන්න පිටත් උනාට මම ගියේ ඒ ඇඩ්ඩ්‍රස් එකට.ඔයා එනකන් මම බලන් හිටියා…

තනියම….😯

නෑ ඔයාගේ ඩඩා මට කට්ටියක් එව්වා…මේ පිස්තෝලෙත් එයාලගේ…ඔන්න ඔහොමයි මේවා සිද්ද වුනේ ..

අනේ දෙයියනේ නිවේද් ඔයා…😫

මෙච්චර දෙයක්….මං වෙනුවෙන්…

ඔයා වෙනුවෙන් මට මොනවද සෑම් කරන්න බැරි….හරි හරි අපි යමු දැන්….

මිනිය…..

මැඩම්…අපි ඒක බලාගන්නම්…

ඩඩාගේ මිනිස්සු ඇවිත් නිවේද් අතේ තිබුන පිස්තෝලය රැගෙන අපට යන ලෙස පැවසීය…

නිවේද් මගේ අතින් අල්ලගෙන පිටතට රැගෙන ආවේය…

මම නිවේද්ගේ පපුවට තුරුලු උනේ මගේ අතින් උන වැරැද්දට වගේම නිවේද් කවදාවත් මාව තනි නොකරනවා යැයි දැනුන හැඟිම නිසාය…

කෝලම….යමුද….මහපාරේ ලව් කරන්නේ…😅

යනවා යන්න…..

යන්න….ඔව් ඔව් මම ගියොත් මේ ගොන් මොලේ නිසා මොන මොන කරදර දාගනිද දන්නේ නෑ….

හැමදාම එහෙම නෑ…😌

නෑ නෑ මම හිටපු නිසා හොදයි…

යමුද….😏

මම කීවේ නිවේද්ගේ කට වැසීමටය…

ඇයි තව ටිකක් මාව බදාගෙන ඉන්නකෝ…😅

හරි වැඩේමයි…😏

පිස්සි….❤️❤️

ජූඩ්ගේ මරනය ගැන එදායින් පසු කිසිම දවසක අහන්නටවත් ලැබුනේ නැත…මොනවා උනාද….කියලවත් මම ඩඩාගෙන් ඇසුවේවත් නැත….ඒක නොදැන සිටිම හිතට සහනයක් ලෙස මම සැලකීය…

හා හා….ඔය මොකද ලමයෝ කරන්නේ…😠

ඇයි අම්මේ….

පුතාගේ රෙදි මැෂින් දාන්නේ….

ඉතින් අම්මේ රෙදි ගොඩක්නේ….ලේසීනේ…

පුතා කැමති නෑ මැෂින් එකේ හෝදනවට…

මට එහෙම දෙයක් නම් කියලා නෑ අම්මෙ…

කෝ හෝදන්න බැරිනම් ඔය ටික මෙහේ දෙන්න මම හෝදන්න….

නෑ අම්මේ මම හෝදන්නම්….

අතින්….😯

ඔව් මම හෝදන්නම්….

හම්…ඒක හොදයි…

අනේ මන්දා….😖

මම සිතින් මුමුනා රෙදි ටික හෝදන්නට ගියෙමි…

මම අහගෙන හිටියේ නෝනේ…

මොකද්ද …

ඔයා ඇයි අර ලමයට ඔහොම කරන්නේ….ඒ ලමයා වැරැද්දක් කරා…දැන් ඒක ඉවරයි..

අපේ පුතාට ප්‍රශ්නයක් නැත්නම් අපිට මොකද…

මටත් ප්‍රශ්නයක් නෑ මහත්තයා…මම ඉතින් ඒ ලමයගේ හොදටනේ කියන්නේ.

ගෙදර ඉන්න කාලේ සැපට ඉදලා දැන් වැඩ ගැන තේරුමක් නෑ…ඒකයි මම කියලා දෙන්නේ….

කියලා දෙනවනම් කමක් නෑ..

අර කියනවනේ ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයා…වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයා කියලා…

ඒ ලමයා හැමදාම වැදගෙන ඉදි කියලා හිතන්න එපා….

ඔක්කොටම ඒ උරචක්කරමාලේ හොද වෙලා.😠

එහෙම දෙයක් නෙවෙයි නෝනේ…අනේ මන්දා ඔයාට ඕන දෙයක් කරගන්න….

කාලය ගත වුනත් අම්මගේ කේන්තිය නම් අඩුවක් නොවීය..

ස්ප්‍රයිස්….🙋🙋

මම මැගසින් එකක් කියව කියව ඉන්නකොට ගෙදරට කඩාගෙන පැන්නේ මන්දිරාය…ඇත්තෙන්ම ඒක සතුටුදායක කඩාපැනීමක්…මට සතුට දරාගන්න බැරිව මම දුවගෙන ගිහින් මන්දිරාව බදාගත්තෙමි…

තනියම ද ආවේ කෙල්ලේ…

නෑ නෑ මේ අපිත් ඉන්නවා….

මමී….😂😂😂

මම ගොඩක් සතුටු උනේ මමි දැක්කට පස්සෙයි.වෙඩින් එකෙන් පස්සෙ මම මමීව දැක්කමයි…

ඔව් ඉතින් අපේ ලමයින්ට අපිව අමතක වෙලානේ…ඒ නිසා ඔන්න මම ඩඩාවත් කැමති කරගෙන එක්ක ආවා…😂

අනේ සොරි මමී පහුගිය ටිකේ වෙලාවක් නැති උනා…නැත්නම් මම එනවනේ මගේ කෙල්ලව බලන්න…❤️

මම මමීගේ කම්මුල මිරිකන ගමන් කියන්නට විය…

අයියෝ මටත් පිස්සු…ඉස්සෙල්ලම ගෙට එන්නකෝ….වාඩිවෙන්න ඩඩා….

අම්මෝ බලන්නකෝ මමී අපේ අක්කා….

නියම හවුස් වයිෆ් කෙනෙක් වෙලානේ….

අනේ මේ යනවා යන්න…

ඩඩා කූල් ද ටී ද….

සෑම්ගේ අතින් ටී එකක් බීලාත් නෑනේ…අපි හොද ටී එකක් බොමු….

ඔන්න අක්කේ එල ටී එකක් හදනවා..නැත්නම් අපි කොලඹ පතුරවනවා ටී එකක්වත් හදාගන්න බෑ කියලා….

අම්මෝ මමී මේකීගෙ කට නම්….😂

කෝ දුව නිවේද්ගේ අම්මා….

හිටියා කුස්සියේ….එයි මමී…

වැඩක් නම් කරදර කරන්න එපා…

හරි මමී…

මන්දිරා අපි යමුද කිචන් එකට….

හා හා යමු…

මමයි මන්දිරායි කුස්සියට යන විට අම්මා වතුර කේතලය රත් වෙන්නට තියලා ය..

ආ අම්මා වතුර උනු කරනවද….

ආ මන්දිරා දුව කොහොමද ඉතින්

වරදක් නෑ ආන්ටි…
ආන්ටිට කොහොමද…

හොදයි දුවේ…

මම තේ හදන්න හදනකොට අම්මා මගේ අතින් හැන්ද උදුරගත්තාය…

අම්මේ….😏
මම හදන්නම්…

නෑ නෑ මම හදන්නම්….

මන්දිරා බලන් සිටියේ වෙන්නේ මොකද්ද කියායි.නිවේද්ගේ අම්මගේ හැසිරීමේ අමුත්තක් ඇති බව ඇයට වැටහිනි….

ආන්ටි….ආන්ටි ඉතින් හැමදාම තේ හදනවනේ…
අද වෙනසකටත් එක්ක අක්කා හදපු දෙන් නේද…ආන්ටිට කියන්න අපේ අක්කා ගෙදරදි නිකමවත් කිචන් එකට යන්නේ නෑ…
ඒ නිසා එයාගෙන් හොදට වැඩ ගන්න…😂

මන්දිරා ඒවා කිව්වේ මාව රිද්දන්න නොවේ…ඇයට ඕනී උනේ අම්මගේ හිත චාටුවෙන් වෙනස් කිරිමට ය….

නෑ නෑ දුව අම්මලා ආපු දවසේ වැඩ කරන්න දෙන්න හොද නෑනේ..ඒකයි….

බලන්න අක්කෙ ආන්ටි කොච්චර හොදද…ඔයා මාර ලකී…😅

යකෝ මේකී බටර් කිලෝ පිටින් ගානවනේ..
අම්මත් ඇන්දෙනවා ඉතින්න්….

මන්දිරා අම්මට බටර් ගාන අතරේ මම ටී හදලා මමීලට පිලිගැන්වූවෙමි…

ෂා….තේ එක නම් රසයි සෑම්…මමීගේ තේ එකටත් වඩා රසයි…

ඇත්තමද…තැන්න්ක්ස් ඩඩා…ඒත් මමීගේ තේ එක තමා බෙස්ට්….

නැ අක්කේ ඇත්තමයි රසයි….

මෙහෙට එනකොට නම් මොකුත් බෑ.දැන් තමා ඔය ටිකක් හරි…😏

නිවේද්ගේ අම්මා කියද්දි මමී ඩඩා මූනට මූන බලාගත්තේ ඒ වචන බලාපොරොත්තු නොවුනු නිසයි..

මම මේ ගමනක් යන්න නංගි…නැත්නම් කෑම ටිකක් හදලා දෙන්න තිබුනා…

ආ ඒකට කමක් නෑ නිවේද්ගේ අම්මේ…අපි ඉක්මනට යන්න ආවේ…කෑම කන්න ඉන්න වෙන්නේ නෑ…

අනේ මමී….😖

මට දැනුනේ ලැජ්ජාවක්…මගේ ගෙදරට ආපූ මමීලට කෑම වේලක් දෙන්න මට බැරි උනා…නිවේද්ගේ අම්මා මේ තරම් නපුරු උනේ කොහොමද….

එහෙනම් චූටි අපි යමු නේද….

ඩඩා….😖

නෑ නෑ අපි ආයේ එන්නම්කෝ…චූටීගේ වැඩ වගයක් තියෙනවලු…

අහ්….ඔව් ඔව් අක්කේ…මම ස්ටඩි වලට රට යනව…ඒකේ වැඩ වගයක් තියෙනවා…ඒවා පාඩු කරගෙන බෑ…ඔයා ඒ පැත්තේ එන්නකෝ..

අපි ගිහින් එන්නම් දුවේ…😥

අනේ සොරි මමි…

පිස්සු කෙල්ල…මොකුත් හිතේ තියාගන්න එපා..අපි ආයෙ එන්නම්කෝ….

මමීලා යාමට පිටත් විය…

ඇයි අම්මේ එහෙම කිව්වේ….හරියට ඒ මිනිස්සුන්ට යන්න කිව්වා වගෙනේ…

ඉතින් ඔය ලමයා උයලා කන්න දෙන්න එපායෑ…මම එපා කිව්වේ නෑ…

කතා කරලා වැඩක් නෑ අම්මේ….😥

සෑම් බඩ ඇවිත් ද…

මොකද්ද…

ඇදේ ඉන්න ගමන් නිවේද් මගේ බඩ පිරිමදිමින් කියන්නට විය…

නෑ නිකන් බන්ඩි ලොකු වෙලා වගේ….මොකුත්….නිව්ස් එකක් එහෙම නෙවෙයිනේ….😋

කතා හදන්නේ නැතුව ඉන්නවා….😏

දැන් කාලෙත් හරිනේ…ඇයි එපාද පුංචී සෑම් කෙනෙක්….

එපා…පුංචි නිවේද් කෙනෙක් නම් ඕන…

දෙන්නම්කෝ….මම නම් රෙඩි…😋

නිවේද් මම තව දෙයක් ඉල්ලන්නද…

කියන්න මැනික…

මට ගෙදර ඉදලා දැන් එපා වෙලා…මම ආපහු කම්පැනි එකට යන්නද…

කම්පැනි එකට….

ඔව්…මට එකම විදියට ඉදලා එපා වෙලා….

අපේ අම්මගෙන් අහන්න වෙයි සෑම්….

එයා නම් එපා කියයි අනේ…

නෑ නෑ මම අහන්නම්කෝ…

හ්ම්….

කෝ එහෙනම් එන්න….මගේ පුංචි නිවේද්ව දෙන්න…..❤️❤️❤️❤️

දින දෙකකට පසු

මම ආපහු කම්පැනි එකට යනවට නිවේද්ගේ අම්මා කැමති උනේ නෑ…ඒ නිසා මට ගෙදරම ඉන්න සිදු විය…මම ටවුන් එකට ගියේ සැලෝන් එකටත් ගිහින් ගෙදරට ඕන කරන බඩු වගයක් ගැනීටය…පැය දෙක තුනකට පසු මම නිවසට යන විට අම්මා පෙනෙන්නට සිටියේ නැත…

අම්මේ….අම්මේ….

ඉස්සරහා දොර ලග ඉදන් කුස්සිය වෙනකන් ඇවිදමින් කතා කරත් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ..මම නිකමට වගේ බාත්රූම් එකට යන විට අම්මා බිම වැටි මුනින් අතට වැටි සිටියාය.

අනේ අම්මේ….😭😭
අම්මේ නැගිටින්නකෝ…..😖😖
කතා කරන්න අම්මෙ…

කොහොමද ඩොක්ටර් අම්මට…ඇයි තාම ඇස් ඇරියේ නැත්තේ…

ඔයා…

මම එයාගේ පුතා ඩොක්ටර් …

ඔයා පුතාද…මම හිතුවා එයාට ඉන්නේ දුවෙක් කියලා….

ඇයි ඩොක්ටර්

නෑ ඒ අම්මව හොස්පිටල් එකට ඇතුලු කරපු වෙලේ ඉදන් මේ වෙනකන් ගොඩක් මහන්සි උනේ සෑම් කියලා කෙනෙක්…මේ අම්මගේ ජීවීතේ බේරුනේ එයා නිසා…මොකද මේ අම්මා වැටිලා ගොඩක් වෙලා නිසා බිලීඩ් වෙලා තිබුනේ…අපේ බ්ලඩ් බෑන්ක් එකෙත් බ්ල්ඩ් තිබුනේ නෑ.ඒ වෙලාවේ සෑම් තමා බ්ලඩ් ඩොනෙට් කරේ…

නිවේද්ගේ අම්මා ඩොක්ටර් කියපු සියලු දේම අසාගෙන සිටියේය…අම්මගේ ඇස්වලින් කදුලක් වැටුනේ සෑම්ට කරපු පීඩාවන් මතක් වු නිසයි…

එවෙලෙහිම අම්මා ලගට ආවේ සෑම් ය.

නිවේද් ඩොක්ටර් මොකද කිව්වේ…

ඔයාගේ හොද තමා…❤️

ඔයාට ගොඩක් පින් සෑම්….

අද මගේ අම්මා ජීවතුන් අතර ඉන්නේ ඔයා නිසා…ගොඩක් පින්…

නිවේද් මගේ අත් දෙක අල්ලගෙන පැවසීය…

ගුටි කන්න එපා..මේ මගෙත් අම්ම…එයා මොනවා කරත් මගේ හිතේ ඒවා නෑ….

දුව….😖

අම්මේ…ඔයාට සිහිය ආවාද. ..
ඉන්න මම ඉක්මනට ඩොක්ටර් අඩගහගෙන එන්නම්…

නිවේද්ගේ අම්මා මගේ අතින් අල්ලා නැවැත්වීය…

මට සමාවෙන්න දුව….මම ඔයාට කොච්චර කරදර කරාද…ඒත් අද ඔයා නැත්නම් මම….😭

අඩන්න එපා අම්මේ..දැන් ඒ ඔක්කොම හරි…

නිවේද්ගේ අම්මා මාව බදාගෙන මගේ නලල සිම්බාය…

සතියකට පසු

අම්මේ…අපි ගිහින් එන්නම්…

ඔහොම ඉන්න දුව…

අහ් මෙන්න මේ පාර්සලය දුවගේ අම්මලට දෙන්න….

මොනවද අම්මේ මේ…

වැලිතලප…

අම්මො..😋

පෙරේති….ඕක මමීලට දෙන්න කියලා කිව්වේ..

ඔයා කටවහගන්න..දුවටත් එක්ක දැම්මේ…

ඇද්ද…ඇද්ද….😋

මේ බලපල්ලකෝ නැන්දම්මලා ලේලීලා දැන් එක පැත්තක්…
හා හා ඔහොම යන්….😏

ඉරිසියාකාරයා…

අපි අම්මට වැද නිවසින් එලියට බහින්න හදනවාත් එක්කම මම නිවේද්ගේ අතේ එල්ලුනි…

සෑම්….ඇයි….😮

මගේ ඔලුව…..කැ..රකෙන්න වගේ…😖

පුතේ ඉක්මනට මේ පුටුවෙන් තියන්න….😫

මේ දරුවට මොකද උනේ දෙයියනේ…

ඉන්න මම වතුර එකක් අරන් එන්නම්….

අම්ම වතුර එක මට පෙව්වට පස්සේ ක්ලාන්ත ගතිය ටිකක් විතර අඩු විය…

බෙහෙත් ටිකක් ගන්න යමු මැනික…😥

ඕන නැ….😅

ඇයි හිනාවෙන්නේ මැනික…බය කරන්න එපා…

දුව…😅😅
එහෙමද…

ඔ…ව් අම්මේ….😊

දෙයියනේ මගේ රත්තරන්….

මොකද මේ දෙන්නට වෙලා තියෙන්නේ…😫

මෝඩයෙක් ඔයා නම්…ලමයෝ…
තේරෙන්නේ නැද්ද….

මොනාද…..

අයියෝ….ඔයා තාත්තා කෙනෙක් වෙන්න යනවා මහත්තයෝ…..😂😂

මො….මට ඇහු…නේ නෑ….

මම නිවේද්ගේ අත මගේ කුසෙන් තැබීය…🤰

සෑම්…😮
මගේ පුංචි නිවේද්….මේ බන්ඩියට ඇවිල්ලද….

ඔව් ඔව් ඔව්….😂😂😂😂

නිමි

නිවේද් සෑම් ආදර කතාවේ අවසානය මෙය නොවේ…මේ ඔවුන්ගේ ජීවිතේ ආරම්භයයි.

මගේ දිගම නවකතාවේ අවසානය මෙලෙස සිදුවිය…මෙතෙක් කල් මා සමඟ රැදි සිටි ඔබට අසාදාරනයක් සිදු උනේ නෑ කියලා මම හිතනවා…ඒ වගේම අඩුපාඩු මැද්දේ මා සමඟ සිටි ඔබට බොහොම ස්තුතියි.. ඒ වගේම ගොඩාම් ආදරෙයි….පුලුවන් ඉක්මනින් අලුත් කතාවක් සමගින් ආයේ එන්නම්…එතකන් සියලු දෙනාටම සුමන සමන් දෙවි පිහිටයි.