Machan api hotel ekata awa.okkoma hari…wifegen permission aran waren kohomahari…

😠😠😠😠
මුන් නම්….යකෝ අදවත් ඉන්න දෙන්නේ නෑනේ…

උන්ට හිතින් බැන බැනම මම ජුවලරිස් සාරි එහෙම ඔක්කොම අහුරලා ටවල් එක අතට ගත්තෙමි..

අම්මෝ මාර සනීපයි මැනික.දවසම මේ ඇදුම් ඇදගෙන ඉදලා පුදුම රස්නයක් තිබ්බේ…

නිවේද් ටවල් එක ඇදගෙන එලියට පැමිනියේය..

හ්ම්…😏

මම කිසිම දෙයක් නොකියා බාත්රූම් එකට යාමට සැරසුනි.නිවේද් මගේ අතින් අල්ලා නැවැත්වීය…

මොකෝ මේ මූන…හතරැස් වෙලා…

අතාරින්න මට වොශ් දාගන්න යන්න…😥

මොකද අනේ මේ…අද වගේ දවසක….

මොකුත් නෑ.මට යන්න දෙන්නකෝ…ඔයා ඇදුමක් දාගන්න..

ඇදුමක්….ඒ මොකටද…😚
අද තහනම් වචනේ දන්නේ නැද්ද…

මම දන්න එකක් නෑ..

ඇඳුම්…😄😄

නිවේද් මාව ලගට ගෙන ඒ අත් මගේ බඳ වටා එතිනි…

මොකෝ මේ රත් වෙලා…😌
කෝ එන්න මම කූල් කරන්න….

නිවේද් මගේ ගෙල සිප ගැනීමට හදනවාත් එක්කම මම පසෙකට විය..

එපා අනේ…වොශ් දාගෙන එන්නම්..දාඩිය මේකප් එහෙමනේ…

ආ ඒකද මේ…

මම හිතුවා අකමැතිද කියලා.

හා ඉක්මනට වොශ් දාගෙන එන්න…

මම එතකන් ඩිනර් එක ඕඩර් කරන්නම්….

හ්ම්…

මම බාත්රූම් එකට ගිහින් දොර වහගත්තෙමි…නිවේද් සිංදුවක් මුමුනනවා මට ඇසිණ..

සෑම්….සෑම්…

ආ ඇයි…🛁

තව වෙලා ඉන්නවද.එන්නකෝ අනේ…

වෙයිට අ මිනිට්…

මොකද නිවේද් මැසේජ් එක බලලා නැද්ද..පුදුමයි යන්න අහන්නේ නෑ…

මම ඉක්මනට වොශ් දාගෙන එලියට ආවෙමි.

සෑම්….😯😯

නිවේද් මගේ දිහා පුදුමයෙන් බලලා නලල රැලි ගැන්වීය…

ඇයි….😯

අද අපේ හනීමුන් එක….

ඉතින්….මොකද්ද ප්‍රශ්නේ….

ප්‍රශ්නෙද…..මොකද්ද අනේ ඔය ඇදගෙන ඉන්නේ…

මම ඇදගෙන සිටියේ වයිට් සහ බ්ලැක් කලර් මික්ස් උන පිජාමා එකක් ය..

මොකද….මම වෙනදටත් අදින්නේ මෙහෙම…🤐

ඒ වෙනදටනේ…අදවත් පොඩ්ඩක්…මම විතරනේ අනේ…

අනේ ඔයාට විකාර….කෝ කෝ ඩිනර් එක ඕඩර් කරාද…මට මාර බඩගිනියි….උදේ ඉදන් හිර කරගෙන හිටපු නිසා කෑවෙත් නෑ…

අනේ පව් මගේ කෙල්ල….හොද මෙනු එකක් ඕඩර් කරා…

හා එතකන් අපි ෆිල්ම් එකක් බලමු.

මම ඇදට පැන රිමෝට් එක සොයන්නට විය…

මේකට නම් පිස්සු….😌

නිවේද් කියන්නට විය..

📞📞📞

නිවේද් ෆෝන් එක දිහා බලාගෙන කල්පනා කරන්නට විය…

කවුද නිවේද්….

අ….මේ…..හසිත කෝල් කරන්නේ…

හසිත….🙄
ඇයි.මේ වෙලාවේ…

බලමු…

හෙලෝ මොකෝ බන්…

වරෙන්කෝ…..

කොහේද…

ඇයි යකෝ…උබ දැන්ම ඉදන් වැඩ පටන් ගත්තද…😄

පල..පල….
මොකද දැන් මේ…

අපි පහල ඉන්නේ…උබට මැසෙජ් එකකුත් දැම්මනේ…

මැසේජ්….🙄

නිවේද් ෆෝන් එක දිහා බලලා හොරහින් මදෙස බලන්නට විය..මැසේජ් එක ඔහු බැලුවේ නැත්නම් අනිවාර්යයෙන් ඒ මම යැයි ඔහු අනුමාන කරන්නට ඇත.

අ….මම දැක්කේ නෑ බන්…සොරි…වොශ් එකක් දාන්න ගියා…උබලා මෙහෙට ආවේ ඇයි…දන්නවනේ….🙄

අනේ යකෝ අද වගේ දවසක් උබට ආයේ ලැබෙන්නේ නෑ…වරෙන් සෙලිබ්‍රේට් කරන්න…
අපි ඇවිල්ලා ඔක්කොම සෙට් කරලත් ඉවරයි..පැය බාගෙකට වරෙන්…

තොපි මාව මරවන්න හදන්නේ…බලන්නම් මම ට්‍ර්‍යි කරලා…

නිවේද් රහසින් කියන්නට විය…

හරි බායි…

මොකද….

මම ඔහුගෙන් ඇසුවේ කිසිවක් නොදන්නවා මෙන් රූපවාහිනිය දෙස බලාගෙනමය..

මේ…..මගේ යාලුවෝ ටික හොටෙල් එකට ඇවිත්…පැය බාගෙකට එනවද අහනවා…

ඒ ඇයි…

දන්නැද්ද ඉතින්…අපේ සෙට් එකෙන් ඉස්සෙල්ලම මැරි කරේ මමනෙ…උන් ඒක සෙලිබ්‍රේට් කරන්න හදනවා…

හරි ඔයා ගිහින් එන්න…

එපා කියන්න බැරි කමට අකමැත්ත හිතේ තියාගෙන ඔහුට අවසර දුන්නේ අද වගේ දවසක ඔහුගේ හිත රිදවන්න බැරි නිසයි…

මම ටග් ගාලා එන්නම් මැනික…

හරී…😌

නිවෙද් ටීෂර්ට් එකක් දාගෙන මගේ නලල සිබ පහලට ගියේය…මම රූපවාහිනිය දාගෙන හිටියත් හිටියේ කේන්තියෙන් පුපුරමින් ය….

දොරට තට්ටු කරන ශබ්දයට මම නැගිට දොර විවර කරන්නට විය…

ගුඩ් ආෆ්ටර්නූන් මිස්…
ඩිනර් එක ගෙනාවා…

ආ ඇතුලින් තියන්න…

ඔහු ඇතුලට පැමින ඩිනර් එක තබා එලියට ගියේය…

නිවේද් තවමත් නැත…දැන් ඔහු ගොස් පැය බාගයක් පමන ගත වූ නිසා ඇදුමක් දාගෙන මම පල්ලෙහාට යන විට කට්ටිය සිනා සීසි බර කතාවකය…

ආ නෑනේ……

එතන සිටි නිවේද්ගේ එක යහලුවෙක් මාව දැක නැගිට මාව පිලිගත්තේය…

සෑම්…😯
ඔයා ආවද…
අනේ සොරි වෙලාව යනවා දැනුනේ නෑ…
යමු මම එන්නම්….

නිවේද් නැගිටිනවාත් එක්කම වැටෙන්නට ගියේය..

නිවේද්..😯
ඔයා ඩ්‍රින්ක්ස් ගත්තද…

නෑ නෑ පුටුව පැටලුනා…

සොරි නෑනේ අපි අදම ආවාට..
අපේ කොල්ලා ඉතින් හොද…එකා…
ඌ ඔයා වෙනුවෙන් ඕන දෙයක්….ඕන දෙයක් කරයි…
අපි දන්නවනේ ඉතින්…🤤

දැන් අපි….ගියොත්….හොදයි වගේ නේද…මචං…

මම කිසිවෙක් සමග සිනාසුනේවත් නැත.නිවේද් යාලුවෝ ඔක්කොම එකතු වෙලා හොදටම බීලා..අද වගේ දවසක මේක ඕනමද..නිවේද්ට නොබී ඉන්න බැරි උනාද…

නැගිටින්න….😠

මම නිවේද්ගේ අත අල්ලලා ඇද්දෙමි.

යමු…දැන් හරිනේ…යමු…

මම යාලුවන්ටත් තරු විසිවෙන්නම නිවේද්ව එතනින් රැගෙන ආවේ අද මගේ දවස විනාශ් කරපු කේන්තියට ය..

සෑම්…..😥
සෑම්….
අහන්නකෝ…

නිවේද් ප්ලිස් කටවහගෙන යමු…

මම නිවේද්ව රූම් එකට අරගෙන ආවෙමි.

අනේ සෑම්…සොරි…😥

වාඩිවෙන්න…

ඔහු පොඩි ලමයෙක් වගේ මම කියන කියන දේ කරන්නට විය..

ඔයාට අදම යන්න ඕනි උනාද…මම යන්න කිව්ව ගමන්ම පැනගෙන ගියා නේද…අද හනිමුන් එක කියලා හැමවේලේම මට මතක් කරා නේද…එතකොට ඔයා අමතක කරේ කොහොමද. ..ආ….නිවේද්…😠
කියනවා….

සොරි…සෑම්…😥

සොරි කිව්වම හරිද…මම කොහොමද අමතක කරන්නෙ ඔයාට මාව…අපේ හනීමුන් එක අමතක උනා කියලා…

මට අමතක උනෙ නෑ සෑම්ම්…😥

එහෙනම්…ඇයි..ආවේ නැත්තේ…මම කොච්චර බලාගෙන හිටියද…දැන් එයි දැන් එයි කියලා බැලුවා…

මම ඔහුව ඇදෙන් වාඩි කර කාමරේ එහාට මෙහාට ගමන් කරන්නට විය…ඒ මගේ කේන්තිය පාලනය කරගැනීමට ය…

මැනික…😥

නිවේද්ට ඒ තරම්ම මත් ගතියක් නොතිබුනි..නමුත් ඔහුගේ මුහුනේ තිබුනේ වරදකාරි හැඟිමකි..

මම ඩ්‍රින්ක්ස් ගත්තේ නෑ මැනික.අරුන්ගේ වදේට පොඩ්ඩක් ගත්තේ…ඒත් මම මොන තරම් මත් උනත් ඔයාව අමතක වෙන්නේ නෑ…
මම එහෙම දේවල් කරන්නේ නෑ කියලා ඔයා දන්නවනේ සෑම්…

මට දුකයි නිවේද්…දුකයි…😥

නිවේද් මා ලගට පැමින මගේ මුහුන අල්ලගත්තේය…

සොරි…මැනික උන් ආවා කිව්වම මට නොගිහින් ඉන්න බෑනේ…ඔයාම යන්න කිව්ව නිසයි මම ගියේ..ඔයා එපා කිව්වා නම් මම්ස් යන්නේ නෑනේ….
ම්ම්ම්ම්

නිවේද්….මට දෙයක් කියන්න…😥

අහන්න මැනික….

ඔයාට මට වඩා වටින අය ඉන්නවද…

අනේ පිස්සී….මොනවද මේ අහන්නේ…..

නෑ මට කියන්නකෝ.😥

මට මේ ලෝකේ ඉන්නේ එක අම්මයි එක තාත්තයි…ඒ වගේම එකම එක ආදරයයි…ඔයාව තරම් මට වෙන කවුරුවත් වටින්නේ නෑ…
කවුරුවත්ම නෑ….

නිවේද් මගේ දෙතොල් ඉතා මෘදුව සිපගන්නට විය…මගේ කේන්තිය සම්පූර්ණයෙන් පහව ගිහින් මාද නිවේද්ගේ හැඟිම්වලට ඔහේ ගලාගෙන යාමට ඉඩ ලබා දුනි…මොහොතකට පසු නිවේද් මගේ දෙතොල්වලින් ඈත් වන්නට විය…

බඩගිනි නැද්ද….😌

බඩගිනි….

කමු එහෙනම්….එන්න…

නිවේද් මගේ අතින් අල්ලගෙන ටේබල් එක ලගට ගොස් මාව ඉන්දවීය…

ඔය පිජාමා එක….🙄

අනේ යන්න….නිවේද්…😄

විහිලුවක් කරේ මැනික…තව ටික වෙලාවකටනේ….😄

නිවේද්ගේ හිනාවෙන් මුලු කාමරය පුරාම පිරෙන්නට විය.මම ඔහුට හයියෙන් ගැසුවෙමි..

ආව්…..😤

පිස්සා…❤️

ඔයාගේ පිස්සනේ මම ඉතින්න්න්…

ඒකනේ ඉතින් මම මෙච්චර ආදරේ..❤️❤️

අම්මෝ මගේ බඩත් පිරුනා..😄

😄😄😄

එන්න මෙහෙට…😚😚

නිවේද් මාව ඔහු ලගට ගෙන මාව තුරුල් කරගත්තේය …

මේ පිජාමා එක….🙄

ගුටි කන්න එපා මගෙන් දැන් හොදේ…

නෑ නෑ මං කිව්වේ මේ පිජාමා එක ලස්සනයි…මේ බලන්නකෝ ලස්සන සමනලයෙක් ඉන්නවා….මේ බලන්නකෝ ගැටගහන්න පටියකුත් තියෙනවා නේද….😄

මම කට කොනින් සිනාවීගෙන බලාසිටියේ නිවේද්ගේ මේ කපටි වැඩ දෙසය…
නිවේද් පිජාමා එකේ පටිය ලෙහුවේය..

එකවරම මම පපුව ලගින් ගිලිහෙන්නට ගිය ඇදුම්ස් අල්ලත්තේ යමක් මතක් වීමේනී.ඒ ජූඩ්ගෙන් මට ඉතිරි උන කැලලයි..

සෑම්..😯

මේ…..නිවේද්…🙄

ඇයි ඔය…මම පිට එකෙක් නෙවෙයිනෙ..
බයද….

නෑ….බයක් නෑ…මම ඔයාගෙනේ නිවේද්….😌

එහෙනම් ඇයි මේ ඇඳුම අල්ලගෙන…

මට….මට…ඔයාට දෙයක් කියන්න තියෙනවා නිවේද්….

මොකද්ද…

මම නිවේද්ට අතින් අල්ලගෙන සිටි ඇඳුම ලිහිල් කරන්නට විය…

ඒ කැලල දෙස නිවේද් බලා සිට මගේ මුහුන බැලීය..

ඕක මම දැක්කා….😏

මොකක් ..

ඔව් ඕක මම දැක්කා කලින්..

ඉතින් මගෙන් ඇහුවේ නැත්තේ…

මොනාද අහන්න ඕන..

මේක…..කොහොමද කියලා…

මට එහෙම ඕන නෑ සෑම්…මම ඔයා ගැන දන්නවා…බල්ලෝ හපා කෑවා කියලා අපි ඒ ගැන හිත හිත ඉන්නවද…නෑනේ…

ඔන්න මේ පිස්සු බල්ලා හැපුවොත් නම් හිත හිත ඉන්න වෙයි…😄

මේ පිස්සු බල්ලා හැපුවට නම් කමක් නෑ..
ආසාවෙන්ම ඉන්නවා…😄

මගේ හිතේ වද වෙමින් තිබූ දෙයක් මේ තරම් සරලව නිවේද් බාරගනියි කියලා මම හිතුවේවත් නෑ….වෙන මනුස්සයෙක් නම් කොච්චර දේවල් අහනවද…ඒත් මේ තරම් පැහැදිලිව පෙනිලත් නිවේද් මගේන් මේ ගැන ඇහුවේ නෑ කියන්නේ ඔහුට මාව මොන තරම් විශ්වාස ද….

නිවේද් මගේ ගතේ රැදී තිබු පිජාමා එක මගේ ගිලිහෙන්නට හැර මගේ වතට බර විය..

නිවේද්ගේ මෘදු ස්පර්ශයන් හමුවේ ගැහැනු මගේ හිතත් ඔහුගේ පහස ඉල්ලන්නට විය…

මැදියම් රැය වනතුරු නොනින්දෙන් පසුවෙමින් නිවේද්ගේ උනුසුම් වූ ගතේ දහදිය හලමින් මගේ මුවින් පිටවෙන සිහින් කෙදිරීම් මැද්දේ අපේ දිවියේ ආරම්භය ඇද ඇතිරිල්ල මත සනිටුහන් විය….

සෑ….ම්….

ම්ම්ම්….

නිවේද් මගේ නලල සිම්බේය….

මම එහෙමම නිවේද්ගේ පපුව මත නිදන්නට විය….

මතු සම්බන්දයි