ආදරෙයි නිවේද්…..මගේ හුස්ම තියෙනකන්ම ආදරෙයි…😍

මම ඒ නිරුවත් පිටට කම්මුල තියා ඔහුව බදාගත්තෙමි…

ඔයා මට කොච්චර ආදරේද නිවේද්….මං වෙනුවෙන් හැමදාම ඉන්නවා….
පව් අනේ ඔයා…ම්හ්….
හැමදාම මෙහෙම ඉන්න හිතෙනවා ඔයා ලගම….❤️

ඉතින් ඉන්න…..

නිවේද්….ඔයා නිදි නැද්ද….

මම නිවේද්ගේ පිටෙන් ඉවත් විය…

ඔයා රූම් එනකොටම මම ඇහැරුනා….

මම සද්ද කරේ නෑනේ…

නිවේද් උඩු අතට හැරී මගේ අත් දෙක අල්ලග්ත්තේය…

ඔයාගේ සද්දේ ඇහෙන්නම ඕනද මට අදුරගන්න….

න්…නෑ….ඉතින්….😌

ම්හ්..

නිවේද් ලොකු හුස්මක් ගත්තේය…

මට ඔයාගේ සුවද දැනෙනවා සෑම්…ඔයා මගේ ලගට එද්දි මට ඒක දැනෙනවා….

කපටියා…😌😌

කපටියා….තමා…එනවා මෙහාට..

නිවේද් මාව ඔහුගේ පපුව උඩට ඇදලා ගත්තේය…

ආහ්….😫
මොකද……

කියන්න බලන්න දැන් මොකද මේ රෑ වෙලා….

ඇයි මේක මගේ ගෙදර…මට ඕනම තැනකට යන්න පුලුවන්නේ…😏

අම්මෝ මේකීගේ ලොකුකම….

🤣🤣🤣
නෑ නෑ අනේ මට නින්ද ගියේ නෑ…ඉතින් බලන්න ආවා මොකද කරන්නේ කියලා…

ආ…මම හිතුවා ඊයේ ආවේ නැති එකට අද ආවා කියලා…

ඊයේ… 🤔

ඇයි ඊයේ කිව්වේ මගේ බය නැති කරන්න එනවා කියලා…

බෑනේ ඔයා ලගට ආවාම මගේ බය වැඩිවෙනවනේ…🤣

අනේ මැට්ටී…මම ගිලින්නේ නෑ…

ඒ උනාට…

එහෙනම් දැන් ඔය ඉන්නේ ඔයා මගේ ලග…කෝ මම මොකුත් කරාද…😉

ඒවා කොහෙද මාත් එක්ක….😏

ආ ඇත්තද….චැලේන්ජ් එකක්ද…

වෙන්න පුලුවන්…😏

නිවේද් මාව එහෙමම ඇදට දමා මට කිචි කවමින් සිප ගන්නට විය…

ආහ්….🤣🤣ඒ….ඒයී..🤣🤣ඔය..🤣කිචි…මට….

ඒයී ඔහොම කෑගහන්න එපා…ගෙදර මිනිස්සු හිතයි බලහත්කාරකම් කරනවා කියලා…

ඉතින් ඔයානේ…😏

ම්ම්ම්…ඔය කොන්ඩෙත් ඇවිස්සිලා…

නිවේද් මගේ මුහුනට වැටී තිබුනු කොන්ඩය හදන ගමන් පැවසීය…

මොකද…😌

ඇයි….

ඔහොම බලන් ඉන්නේ….

ලස්සන….😍

ඇත්තට…ඒ තරම් ලස්සනද…

ඔව්….රෝස මලට වඩා….පොඩ්ඩක් විතර….😉

නිවේද්….🤣

මම නිවේද්ගේ පපුව කෙනිත්තුවෙමි….

නෑ නෑ මගේ කෙල්ල ඔය දවසින් දෙකෙන් පරවෙලා යන මල්වලට වඩා ගොඩාක් ලස්සනයි…
බලන්න මේ ඇස් දෙක…
හරියට ඒ ඇස් මට එන්න එන්න….කියනවා වගේ පේන්නේ…😉

අම්මෝ මේකගේ කතා නම්…ඕවාට තමා ඉතින් කෙල්ලෝ රැවටෙන්නේ….

මම කෙල්ලෝ රවට්ටලා නෑ…යාලුවෙලා තියෙනවා..නෑ කියන්නේ නෑ…හැබැයි රවට්ටලා නෑ…

ම්ම්ම්…මම යන්නද නිවේද්…

ඇයි තව ටිකක් ඉන්නකෝ..

බෑ මන්දිරා ඇහැරුනොත් බලයි මම කෝ කියලා….

අනේ ඒකිට නම් අහු උනට මොකද…

ඒ උනාට…

තව විනාඩි පහක්….ප්ලිස් …..

විනාඩි පහක් ඇයි….

විනාඩි පහක්ද…..😌
මෙන්න මේ….කට…..

නිවේද් මගේ නලල සිම්බෙමි….මමත් එහෙමම දෑස් පියාගත්තේ ඒ උනුහුමට ඒ ස්පර්ශයට මා නතු වූ හෙයිනි..මොහොතක් ගත විය…
නිවේද්ගේ මුව මගේ ගෙලට ලං වනවාත් එක්කම මම නිවේද්ව අල්ලා නැවැත්වීය…

ඇයි සෑම්…

මම නැගිට අතින් ඇඳුම සකස් කරගනිමින් නිවේද්ගේ දෑස් මඟහරින්නට විය.

මොකද සෑම් …

නිකන්…මම දැන් යන්න ඕන…😐

සෑම් මොකද අනේ මේ…මං අතින් වැරැද්දක් උනාද….

අනේ නෑ නිවේද්….උදේට කතා කරමු…

හරි…ගුඩ් නයිට් සෑම්…

හ්ම් ගුඩ් නයිට්…

මම නිවේද්ගේ කාමරයෙන් පිට වී මගේ කාමරයට ගියෙමි.
මන්දිරා නිදි නිසා මම හෙමින් සැරේ ඇඳට ඇවිත් බෙඩ්ශීට් එක පෙරවගෙන නිදන්නට විය…

මම මගේ පපුවට අත තියාගෙන කල්පනා කරන්නට වීමී..

මේ කැලල….නිවේද් දැක්කොත්…😫
සමහර විට මාව විශ්වාස කරයි…ඒත්….
මම කොහොමද කියන්නේ….
නෑ නෑ මම මොකුත් කියන්නේ නෑ…වෙඩින් එක දවසට මේවා මැකිලා තියෙයි…
ඒත් මට හැමවෙලේම බයෙන් ඉන්න වෙයි….
මගේ හිතට සහනයක් දෙන්නේ නැත්තේ ඇයි..
හැමදාම ප්‍රශ්න….

බොහෝ වේලාවක් ගත් වූ පසු මම නින්දට වැටුනි.

🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

සුලෝ අද අපි යමු..ගිහින් බලමු…කලින් කිව්වට අවසාන මොහොත වෙනකන් ඔය මිනිස්සු වැඩ කරන එකක් නෑ..අපේ වැඩේනේ…

එතකොට සමින්දරා දුව…

එයා චූටි එක්ක එයාගේ වැඩ ටික කරගනියි…

හා අපි එහෙම කරමු…තව දවස් තුනයි….

ඒකනේ…හොදටම කරන්න ඕන…රංගනාත්ගේ දුවගේ කසාදෙ…හැමෝටම මතක තියෙන එකක් වෙන්න ඕන…

😌😌

මම ලෑස්ති වෙලා එන්නම් මහත්තයා…

හරි…

වෙඩින් එකට දවස් තුනක් නිසා මුලු ගෙදරම තිබුනේ කලබල ගතියකි..ඩඩා හැමදේම ගැන හොදට හොයලා බලලා වැඩ කරන්න විය…

මම සූදානම් වී නිවේද්ව බැලීමට කාමරයට ගියෙමි….
යන විට ඔහු සූදානම් වී බෑග් එක සූදානම් කරමින් සිටින්නට විය…

නිවේද්….කොහේ යන්නද….

අහ් ගුඩ් මෝනින් සෑම්…

මෝනින්…කොහේද යන්නේ…

මම ගෙදර යන්න…කියලා…

ගෙදර…ඇයි…මෙහේ ඉන්න…තාම කකුල හොදත් නෑනේ…

නෑ දැන් හොදයි…අද හොස්පිටල් ගියාම මේ බැන්ඩේජ්ස් ගලවයි…

මොකද්ද නිවේද්…වෙඩින් එක ලං උනාම ගිහින් හරියනවද..😢

අහන්නකෝ සෑම්…

නිවේද් මගේ ලගට පැමින මගේ අතින් අල්ලගත්තේය…

ඔයාගේ පැත්තෙන් නම් ඩඩා හැමදේම බලනවනේ…ඒ උනත් අපිත් මොනව හරි කරන්න ඕන නේ…
අපේ අම්මටයි තාත්තටයි විතරක් මේවා කරන්න බෑනේ…ඒකයි මම ගමට ගිහින් පොඩ්ඩක් මේ වැඩ ගැන හොයලා ඉක්මනට එන්නම්…

හ්ම්ම්ම්..😢

ඔය ඉතින් මූන…මොකද…

ඉක්මනට එන්නම්…අනික තව දවස් තුනෙන් අපි දෙන්නා අපේම වෙනවනේ…පොඩ්ඩක් ඉවසන්න ..හැබැයි මේ දවස් ටිකේ තනියම කෙහේවත් යන්න බෑ හොදද.

හරී….😢

කෝ එන්න මෙහෙට…

නිවේද් මාව තුරුලු කරගත්තේය..

මම බලන් ඉන්නවා නිවේද්…
අයි ලව් යූ ❤️

අයි ලව් යූ ටු.
පරිස්සමෙන් ඉන්න…

හරි නිවේද්..යමු මම එන්නම් ඔයාව ඇරලවන්න….

හා මම බෑග් එක රෙඩි කරගෙන එන්නම්…

හා මම වෙහිකල් එක ලග ඉන්නම්…

තනියම…..🤔

නෑ මන්දිරා එක්ක…

හා…


නිවේද්ව හොස්පිටල් එකට අරන් ගිහින් බැන්ඩේජ් ඉවත් කල පසු ඔහුව බස් එකට ඇරලවීය…

ගෙදර ගිහින් කෝල් එකක් දෙන්න…
අම්මවයි තාත්තවයි මතක් කරා කියන්න…
ආ…මේකත් දෙන්න නිවේද්..

තරමක ලොකු පාර්සලයක් නිවේද් අත තැබීය..

මොනවද මේ…..

ලොකු දෙයක් නෙවෙයි.
අපේ වෙඩින් එකට අදින්න අම්මටයි තාත්තටයි ඇදුම්…
වැරදියට හිතයිද දන්නේ නෑ හැබැයි…

නෑ එහෙම හිතන්නේ නෑ…

ඒ උනාට කියන්න බෑනේ අම්මා මට කැමති නෑනේ. .

ඒ ඉස්සරනේ…

ඔයා මට හැංඟුවට මම දන්නවා නිවේද්…ඔයාගේ අම්මා මට තාමත් කැමති නෑ…
ඔයා නිසයි එයා කැමති උනේ…

පිස්සු කෙල්ල..එහෙම එකක් නෑ…අපේ ගෙදර ආවාම බලන්නකෝ…

හ්ම්…බස් එක යන්න හදන්නේ…
හරි නිවේද්…පරිස්සමෙන් යන්න…

හරී…ඒයී මන්දිරා මම ගිහින් එන්නම්…

හරි මස්සිනේ….🙋

බස් එක පිටත්ව ගිය පසු අපි දෙදෙනාද පිටත් විය…

සැලොන් එකට යමු නේද මෙහෙමම මන්දිරා..

හා මෙහෙමම යමු…💄💇💅

__දින තුනකට පසු

මල් කුමාරියන් දෙදෙනෙකු…
දෙවෙනි මනමාලියන් දෙදෙනෙකුත්…
වට කරගෙන අලංකාර උඩරට මනමාලියක් විදියට හැඩ වී මම සැලෝන් එකෙන් එලියට එනකොට මගේ ඩඩාගේ ඇස් දිලිසෙන්නට විය..ඒ ආලෝකයට නම් නෙවෙයි ඒ ඇස්වලින් වැටෙන්න ඔන්න මෙන්න තියෙන කදුලු නිසයි…
කෙල්ලෙක් ජිවීතේ ලස්සනටම ඉන්න දවස තමයි මනමාලියක් විදියට හැඩ වෙන දවස…..
මම එතනින් තවත් විශේෂ ලෙස පෙනෙන්නේ කිසිම දවසක මම ගැහැනු ලමෙක් විදියට ඔවුන් ඉදිරියට පැමින තිබුනේ නැති නිසයි…

අද මගේ පෙනුම කිසිම කෙනෙක්ට අදහගත නොහැකිවෙයි…සෑම් කියන්නෙ ලස්සන කෙල්ලෙක්නේ කියලා අද හැමෝගෙම කටින් කියවෙයි…මට ලොකු ආඩම්බරයක් දැනුනි…ඒ මම මාව අද තරම් ලස්සනට කිසිම දවසක දැක නොතිබුනු නිසයි….

අනේ මගේ මැනික..

මමී….😚

ඇස්වහක් නම් වදින්න එපා…දෙයියනේ…
ලස්සනයි….❤️

හරි හරි අපි යමු සුලෝ නැකත පහුවෙයි…

නැකතට වෙලාව තිබුනත් උදේ කාලයේ ජායාරූප ගැනීම තිබෙන නිසා අපි හොටෙල් එකට වේලාසනම පිටත් වුනෙමු.

හිල්ටන් හොටෙල් එක ඉදිරියේ වාහනය නවතා ඩඩා පැමින මට දොර විවර කර දුනි.මම බහිනවත් එක්කම එතනට ආවේ මගේ මනමාලයා….❤️❤️නිවේද්…
ඔහු මගේ දිහාම බලාගෙන සිටිනි…

මොකද නිවේද්..

මම ආවේ වැරදි කෙනෙක් ලගට වගේ…සොරි…මම යන්නම්…😏

අනේ…..😠

විහිලුවක් කරේ මැනික…මේ ලස්සනට මගේ ඇස් දෙක අන්ධ වෙයිද මන්දා…

ඒ කියන්නේ වෙනදට මම කැතයි…

නෑ ඒ මගේ සෑම්…මගේම සෑම්…

අනේ….😚

යමුද….

හ්ම්…😚

නිවේද් මගේ අතින් අල්ලා එක්කරගෙන ගියේය…

එහෙනම් පුතා ඔයාලා මේ වෙහිකල් එකේ යන්න…නවය වෙන්න කලින් එන්න..ඩ්‍රයිවර් කෙනෙක් එයි ඔයාලත් එක්ක…

හරි ඩඩා…


චාරිත්‍ර අවසන් කල පසු කෑම ගන්නා අවස්ථාවේදි මම නිවේද් සමග කතා කරන්නට විය…

නිවේද් මට දුකයි..😢

අද වගේ දවසක….

හ්ම්…

ඇයි කියන්නකෝ…

මම දීපු සාරිය අදින්න අම්මා බෑ කිව්වද…

ආ…..මේ….එහෙම…දෙයක් නෙවෙයි….
මේ….අම්මට ඒ සාරිය….බර වැඩියි කිව්වා…🤐😥

ඇත්තට…ඒ සාරිය බරයි…හා හා නිවේද්…😏

අනේ සෑම්…ඔයා ඕවා හිතන්න එපා…

නෑ…නෑ…


ඩඩා..🙏

මමී….🙏

හොටෙල් එකෙන් පිටත්ව යාමට පෙර අවස්ථාව තමා දවසේ අමාරුම හරිය…
මම හැමදාම හිටියේ මගේ ඩඩා…මගේ මමී…මගේ නංගී මේ හැමෝම එක්ක…

මගේ ඇත්තම මමී අපිව දාලා ගිය වෙලාවේ අපිව අතාරින්නේ නැතුව අද වෙනකන් ඇස් දෙක වගේ බලාගත්ත මගේ ඩඩා…
තමන්ගෙම දරුවෝ නොවුනොත් කිසිම අඩුවක් නොකර ආදරේ කරන මගේ මමී…
එක කුස උපන්…නෙවෙයි මාස දහයක් එකම කුසේ එකට පෝෂනය වුන මගේම නංගි මන්දිරා…
දාලා යන එක හරියට මගේ ඇඟෙන් කොටසක් දාලා යනවා වගේ හැඟීමක් මට ඇතිවිය…
මට අඩන්නට බැරි නිසා මම නිවේද්ගේ අත පුලිවන් තරම් තද කරගෙන මගේ වේදනාව යටපත් කරගන්නට විය..

හැමදාම සතුටින් ඉන්න මැනික…😭😭

අනේ මමී අඩන්න එපා…මම ගියත් ඔයාලා බලන්න ඉක්මනට එනවා..
මට ඔයාලා නැතුව ඉන්න බැ….

පිටත් වෙන වෙලාව හරි මැනික…..

ඩඩා එසේ කියා වාහනයට නැගිමට මට දොර විවර කර දුනි…මම කදුලු හිරකරගෙන වාහනයට නැග ඔවුන් දෙස නොබලා බිම බලාගෙනම සිටියෙමි…

හවස තුනට පමන අපි හොටෙල් එකෙන් පිටත් වීය…

🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘

එහෙනම් ඔන්න මචං උබලගේ හොටෙල් එක…

නිවේද්ගේ හොදම යාලුවා….බෙස්මන්…අපිව හොටෙල් එකට ඇරලවීය…අපේ බෑග්ස් හොටෙල් සේවකයෙක් විසින් ඇතුලට ගෙනගියේය…

තැන්ක්ස් මචං….එහෙනම් පරිස්සමෙන් පලයන්..

අඩෝ උබ යන්න කියනවද…පිස්සුද…අපේ සෙට් එකේ මෙහෙට බහින්න හදන්නේ….

පිස්සුද බොල….😠
මේ මගේ හනීමුන් එක..ඒකට මමයි ඉන්න ඕන…නැතුව හොටෙල් එකේ ඒකට සර්විස් එක දෙන්නේ නෑ….

නිවේද්….😠

ඔය පේනවනේ දැන්මම රවනවා මට…

සෑම් නෑනේ….කමක් නෑ නේද…අද වගේ දවසක…අපේ බොක්කනේ…මේකා…

නිවේද්….යමුද ඇතුලට….

පලයන් යකෝ….උබලා දන්නේ නෑ වගේ සෑම් ගැන…පලයන් පලයන්….

හරි මම නම් යන්නම්…හැබැයි අරුන් නම් අහයිද දන්නේ නෑ…..

පල…ය..න්…

හරි හරි ඔන්න ගියා…😄

මාත් නිවේදුත්..රිසෙප්ෂනිස්ට් ගාවට ගියේ අපේ රූම් එකේ කී එක ලබාගන්නටය…

ගුඩ් ආෆ්ටර්නූන් සර්…

ගුඩ් ආෆ්ටර්නූන්…

අපි රූම් එකක් බුක් කරලා ඇති..

ඕකේ සර්…නම කියන්න පුලුවන්ද..

නිවේද් ලලංග කුලසූරීය…ඇන්ඩ් මිසිස් කුලසූරිය…😌

මම නිවේද් දිහා බැලුවේ මද සිනාවකින්‍ ය…
නිවේද් මට ඇහැක් ගසා කී එක ගත්තේය….

සර් දෙන්න….

අපෙන් කී එක අරගෙන රූම් බෝයි ඉදිරියෙන් ගියේය…

තැන්ක් යූ…

මගේ ප්‍රියම්භිකාවෙනි යමු ඇතුලට…

පිස්සු මේකාට…😄

කාමරය ඇතුලට ගොස් මම ඇදෙන් වාඩිවිය…

අම්මෝ මගේ කකුල් දෙක…

කකුල්….අද හිටගෙන හිටිය නිසා වෙන්න ඇති…

ඊට වඩා මේ ඇඳුම අනේ… පුදුම බරක්…මාල දාගෙම ඉදලා බෙල්ල නිකන් කැඩෙන්න වගේ…

හරි ඉතින් දැන් රිලැක්ස් වෙන්න පුලුවන්නේ…

ඔව් ….ඒත්….😌

මම දන්නවා…තනියම බෑ නේද….😄

ඒකනේ…

කෝ එන්න කණ්නාඩිය ලගට….

නිවේද් මාව කන්නාඩිය ඉස්සරහින් ඉන්දවලා මගේ කොන්ඩෙට ගහලා තියෙන කටු එකිනෙක ගැලවීය…

මෙච්චර කටු…ලස්සන පිටිපස්සේ කොච්චර දුකක්ද….😄😄

කටවහගෙන ගලවන්න…

ඔන්න හරි…ඉතිරු ටිකත් ඕන නම් මමම කරලා දෙන්නම්…😄

නෑ නෑ මම කරගන්නම්….😌

හරි එහෙනම් මම එතකන් වොශ් දාගෙන එන්නම් මැනික…

හා නිවේද්….

📩

Machan api hotel ekata awa.okkoma hari…wifegen permission aran waren kohomahari…

😠😠😠😠
මුන් නම්….යකෝ අදවත් ඉන්න දෙන්නේ නෑනේ…

මතු සම්බන්දයි