පෙර කොටස
මම නිවේද්ට තුරුලු විය.
ඒත් එක්කම ඩඩා ආවේ ඇස්වල කදුලු පුරෝගෙනය…😢
අනේ මගේ කෙල්ල….
මම දුවගෙන ගොස් ඩඩාව බදාගත්තෙමි..
මම බය වුනා සෑම්…මට හැමදේම තිබිලත් මගේ කෙල්ලව පරිස්සම් කරගන්න බැරි උනා..මට මං ගැනම කේන්තියි…
මොනවා හම්බ කරත් මට ඔයයි මන්දිරයි නැතුව මට මේ කිසිම දෙයක් වැඩක් නෑ..
කිසිම දෙයක් වැඩක් නෑ සෑම්…😢
මම දැන් හොදින්නේ ඩඩා…😊
ඩඩාගේ පපුවට හේත්තු සිටි මාව ඩඩා කෙලින් කර මගේ මූන ඔහු දෙසට හරවගත්තේය…
මම ඔයාට කිව්වත් එක්කනේ යන තැනක තනියම යන්න එපා කියලා..
එහෙම කියලා තියෙද්දි තනියම ගිය නිසානේ මේ දේවල් උනේ…
සොරි ඩඩා…😥
ජූඩ්ව අල්ලගන්නම්කෝ මං…ඌ මොන මගුලේ යනවද දන්නේ නෑ…සල්ලි ගන්න නම් වෙලාවට එනවා…
ඕකා තමා මේ ඔක්කොම කරේ…😠
මොනවද නිවේද් පුතා මේ කියන්නෙ..😥
ඔව් ඩඩා නිවේද් කියන්නේ ඇත්ත…
මාව…කිඩ්නැප් කරේ…
කවුද….😯
ජූඩ්….
ව…ට්….😠😠
ඔව් ඩඩා….මාව ඌ තමා කිඩ්නැප් කරේ…
මට වද දුන්නා…
මම හිතුවේ නෑ ඌ එහෙම එකෙක් කියලා….
ඌ හැදුවේ මාවත් අරන් මෙහෙන් යන්න…
මම අත කපා ගත්ත නිසා ඌට මාව හොස්පිටල් අරන් එන්න උනා..
එතනදි තමා මට නිවේද්ව හම්බුනේ….
ගුණමකු බල්ලා…මගෙන් කාපු එකා….මගේ ඉදුල් කාපු එකා…ඌට එච්චර ආසාවක්…
මගේ පවුලට ඌ අත තිබ්බා…
මම ඕකව පණ පිටින් තියන්නේ නෑ…
මං ගැන දැනගෙනත් ඌ මෙහෙම කරා කියන්නේ ඒ උගේ අවසාන කාලේ…
මම බලාගන්නම් ඌ ගැන.🤬🤬
ඌව පොලිසියට අරන් ගියා ඩඩා…
එහෙමද…බලන් ඉන්නකෝ ඌට මොකද වෙන්නේ කියලා…😠😠
අපි යමුද ඩඩා….
හරි දුව..නගින්න…
කොහේද යන්නේ….
අප තිදෙනාම හැරී බැලූහ…
ඩොක්ටර්…😥😥
වෛද්‍යවරයා අප ලගට පැමිණියේ ය.
ඔයාලගෙ ප්‍රශ්න නම් විසදෙන්න ඇති..ඒත් අපේ හොස්පිටල් එකෙත් රූල්ස් තියෙනවනේ..
ඔයාලට ඔහොම යන්න බෑ…
ඇයි ඩොක්ටර් බැරි…
ඩඩා ඇසීය..
ඇයි….
මෙයාලව ඩිස්චාර්ජ් කරලා නෑ..
මේ ඉන්නේ ඊයේ ඔපරේෂන් කරපු ලෙඩෙක්…
👉👱
හරි නම් එයා ඇඳෙන්වත් බහින්න හොද නෑ…
මොනවා හරි උනොත් අපි වගකියන්න ඕන…
සොරි ඩොක්ටර්…
ඒ වෙලාවේ මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ..මම පිලිගන්නවා අපි දෙන්නා කරේ වැරැද්දක් කියලා…
හ්ම් හරි ඔයාලා දැන් වෝඩ් එකට යන්න…ඔයාලා හොදටම සනීප උනාම අපි ඩිස්චාර්ජ් කරන්නම්…😊
හරි ඩොක්ටර්…අපි එහෙම කරන්නම්…
මේකයි ඩොක්ටර්….මගේ දරුවගේ වෙඩින් එකට තව සතියක් වගේ තියෙන්නේ…
ඒ දේවල් අස්සේ තමා අපට මේ කරදරේ උනේ…පුලුවන් නම් මට මේ දෙන්නව කොලබට ට්‍රාන්සර් කරලා දෙන්න…
හ්ම්ම්ම්…මට තේරෙනවා කියන දේ..
අපි අද දවස විතරක් තියාගෙන හෙට ඩිස්චාර්ජ් කරන්නම්…
ඒ උනත් ඩො…
ඩඩා…ඉට්ස් ඕකේ…
මායි නිවේදුයි ඉන්නම්…
සෑම් හරි…අපි නිසා ඩොක්ටර්ට කරදරයක් වෙන්න ඕන නෑනේ…ඒ නිසා අපි ඉන්නම් ඩඩා…
හරි ලමයිනේ ඔයාලා කියන දෙයක්…😏
මම දැන් ගියත් මමී එන්න දඟලයි…
😊😊
පව් මමී..
එක්ක එන්න ඕන නෑ…
මම එනවනේ ඩඩා ඉක්මනට…
හ්ම් මම ගිහින් එන්නම් සෑම් එහෙනම්…
ඩඩා මගේ නලල සිම්බේය…
පුතා එහෙනම් පරිස්සමෙන් ඉන්න…
හරි ඩඩා පරිස්සමෙන් යන්න..🙋🙋
ඩඩා ගිය පසු රෝහල් සේවකයා නිවේද්ව පිරිමි වාට්ටුවට රැගෙන ගියේය.
මම ද වාට්ටුවට ගොස් ඇදෙන් හාන්සි විය..
පෞද්ගලික රෝහල්වල තිබූ සැප සම්පත් මේ වගේ රජයේ රෝහලේ නොවීය…
තනිකාමර…ටීවී….ෆෑන්….මැගසින්..
මේ කිසිවක් නැත..
මලකඩ කාපු යකඩ ඇද…
වාට්ටුවටම තියෙන එකම එක සිවිලිං ෆෑන් එක…
ටොයිලට් එකට ගියාම තියෙන අප්‍රසන්න ගතිය…
මේ හැමදේම මා ඉඳින පලමු අවස්ථාව මෙයයි…
ඇඳට වී ඉන්නකොට එහා පැත්තේ ඇදේ සිටි තරුනිය මා සමඟ කුළුපග විය…
ඇයට නිවසින් රැගෙන ආ කෑම බීම මා සමඟ බෙදාගත්තාය…
සැබවින්ම ඇය හිත හොද තරුනියක්…
වාට්ටුවේ සිටි හැමෝම සමඟ ඇය සුහදව කටයුතු කලාය..
අනෙක් අයද එසේමය…
ඔයා මෙයාලාව අදුරනවද නංගි…
නෑ අක්කේ…මෙතනට ආවාට පස්සේ තමා අදුරගත්තේ…
එත් ඔයා එයාලා එක්ක කතා කරන විදියෙන් නම් ඒක පෙන්නේ නෑ….😊
එහෙම තමයි අක්කේ…දවසක් දෙකක් ඉන්නකොට මේ වාට්ටුවේ අයත් අපේ පවුල වගේ දැනෙනවා…
තනි කාමරේක ඉන්නකොට ඒක තමා සතුට කියලා හිතුවට මේ වගේ හැමෝමත් එක්ක ඉන්නකොටත් සතුටක් තියෙනවා කියන එක් මම ඉගෙනගත්තා…මගේ ජිවිතේ මම්ස් මෙච්චර කල් දැකපු දේවල් තමා ලෝකේ සුන්දරම දේවල් කියලා මම හිතුවේ…
ඒත් ලෝකය කියන්නේ අපි දකින දේ විතරක් නෙවෙයි…කියන එක මම තවම ඉගෙනගන්නවා….
මං අතේ ෆෝන් එකවත් නෑ…නිවේද් අතෙත් නෑ.ඒ නිසා අපි දෙන්නට ඉන්න උනේ ටිකක් දුරස් වෙලා වගේ…
හිටියා හිටියා….ඒත් ඉන්න බැරිම තැන මට නිවේද්ව බලන්නම ඕනී උනා..
ඒත් ඒකට හැමෝම නිදාගන්නකන් ඉන්න උනා…
🌙
අක්කේ නිදාගන්නේ නැද්ද…
නිදිමත නෑ නංගි.ඔයා නිදාගන්න..
හරි අක්කා ගුඩ් නයිට් එහෙනම්….
ගුඩ් නයිට් නංගි…
අම්මෝ ඇති යන්තම් නිදාගන්නවා…මම හිතුවේ මට තව වෙලාවක් කට්ට කන්න වෙයි කියලා…🤣
වෙලාව රාත්‍රි එකොලහයි හතලිහයි…සමහර ලෙඩ්ඩු ගොර අදිමින් නිදි…
හොද වෙලාව…
මම සද්දයක් නොඇසෙන තරමට හීන සීරුවේ ඇදෙන් බැස ඉදිරියට එන විට වාට්ටුවේ මිස් පෙනෙන්නට සිටියේ නැත…
මම අහුවෙයි කියන බය නිසා පය ඉක්මන් කර ගියේ පිරිමි වාට්ටුවටය…
එතරම් විශාල නොවූ රෝහලක් නිසා වාට්ටු පැවතියේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන් ය…ඒ නිසා මට පිරිමි වාට්ටුව සොයා ගැනීමට පහසු විය..
වාට්ටුවට නම් ආවා…ඒත් නිවේද්ව හොයාගන්නේ කොහොමද…
මම වාට්ටුවට පිටින් ඇවිදින ගමන් ඇතුලට එබිකම් කර බැලුවෙමි…ඇතුලට යන තැනම සිටියේ නිවේද්..
අම්මෝ අර ඉන්නේ…මේ මැට්ටා නිකන්වත් බලන්නේ නෑනේ..🤦
ස්ස්ස් ස්ස්ස්ස්
අන්න හැරිලා බැලුවා…
මම අතින් ඔහුට එලියට එන ලෙස පැවසීය…
දොර ලග හිටිය මාව නිවේද් ඇදගෙන ගියේ වොශ් රූම් එක පැත්තටය….
මොනවද මැට්ස් කරන්නේ…නර්ස් කෙනෙක්වත් දැක්ක නම් දෙන්නම ගස්…
අනේ උන්ගේ මගුල් වැඩක් නෑ..
මෙච්චර අමාරුවෙන් ආවාම ඒක ගැන කියන්නේ නෑ….එනවා මෙතන…
අනේ හරි හරි….ඉතින් මම දන්නවා මේක යකෙක්ටවත් බය නෑ කියලා…
කෝ කෝ එන්න මෙහාට…
නිවේද් මාව ලගට ගෙන මාව තුරුල් කරගත්තේය..
දැන් කියන්නකෝ ඇයි මේ යක්කු ගස් නගින වෙලාවෙ…😊
මගේ යකාව බලන්න…😊😊
යකා….මම යකා නම් ඔයා යකින්නි වෙන්න ඕනනේ..
මම නෑ කිව්වේ නෑනේ….🤣🤣
මේකගේ හිනාව…..කට කන්න හිතෙනවා…😋
නිවේද් මගේ කම්මුල් මිරිකමින් කීය…
ආව්….
කෑ ගහන්න එපා..බන්….😏
ඊයා නිවේද් බයද….🤣🤣
ඔව් ඔව් මම බයයි…හා දැන් යන්න ආපහු…හෙට උදේ ගෙදර යනවනේ…
මට හිටගෙන ඉන්න අමාරුයි…😫
යමු…ඒත් යන්න කලින්……😋
මොකද්….ද…..😊
ඇයි බොල ඔය ඇඹරෙන්නේ…
මේ…දෙන්නකෝ….
මොනාද….😏
මෙන්න බබා…
බබා තමා…මාව නරක් කරන්නේ කවුද…ඔයානේ…
අනේ මෙන්න මෙහේ එනවා…
මම නිවේද්ගේ ටී එකෙන් ඇද මගේ ලගට ගෙන ඔහුගේ දෙතොල් සිපගත්තෙමි…
නිවේද් පුදුම වෙලා මගේ දෙසම බලාසිටියේ ජීවීතේ ලැබුන පලවෙනි කිස් එක වගේ….
සෑ…..ම්….
ඔයා…..
මොකද නිවේද්…..මේ….
පුදුම වෙලා..
නෑ ….මේ ඔයාට උන වගේද..නෑනේ….
නිවේද් මගේ නලලට අත තියා බැලුවේ කට කොනින් සිනා වෙන ගමන් ය..
අනේ මේ…😠
🤣🤣🤣🤣🤣
වටපිටාවේ තියෙන කලුවර….ඇගෙට දැනෙන සීතල..හුලගට හෙලවෙන ඔයාගේ කොන්ඩේ…ඔයාගේ මේ ඩ්‍රෙස් එක….එතකොට මේ ලොකු ඇස්…..එහෙමම පල්ලෙහාට ගියාම මේ චූටී නහය….එතකොට ත….ව….
නිවේද් එකපාර මේ කියන දේවල් නිසා මගේ හිතට දැනුනේ අමුතුම හැඟීමකි..හරියට මගේ මුලු ඇගම සීතල වෙලා යනවා වගේ ….
නිවේද් ඇඟිල්ල මගේ මුහුන දිගේ ගෙනගොස් දෙතොල් ලගින් තබාගෙන මගේ ඇස්වලට එබී මගේ හිත කියවන්නට විය..
මේ ඇස්වලින් නම් කියන්නෙ මෙතනින් නවත්තන්න එපා කියලා…😉
එහෙම නේද….අහ්…
මම හරියට ගොළු වෙලා වගේ…නිවේද් දෙසම බලාගෙන මුනිවත රකිනවා…
එහෙමම නිවේද්ගේ ඇස් ටිකෙන් ටික මගේ දෙතොල් දෙසට හැරුනි.
නිවේද්ගේ බාහුව මම තදින් අල්ලගත්තේ මගේ ඇස් ඉබේම පියවෙද්දිය…
නිවේද් මගේ දෙතොල්වලට බර වීය…
කොතරම් වෙලාවක් මෙහෙම හිටියද කියලා මතකයක් නැත…නිවේද්ම මගෙන් අයින් වෙනකන් මට සිහියක් තිබුනේ නැත…
හ් හ් හ්…මේ……යමුද එහෙනම්…😌😌
නිවේද් ඔලුව කසමින් ලැජ්ජාවෙන් පැවසීය…
හා…හා…යමු…😌
නිවේද් මගේ අතින් අල්ලගෙන මාව වාට්ටුව ලගට ඇරලවා මම යනකන්ම එතනට වී සිටියේ වාට්ටුවෙ මිස් සිටි නිසයි..
ඔයා කොහේද ගියේ….😠
අහ් මිස්….මම වොශ් රූම් එකට ගියා….බඩේ අමාරුවක් වගේ….අම්මෝ….
මම බඩ අල්ලගෙන අමාරුවෙන් වගේ රඟපෑවෙමි.😉
හා හා යන්න ඇදට….ආයේ යනවනම් කියලා යන්න….මම ඕකට ටැබ්ලට් එකක් ගෙනත් දෙන්නම්…දැන් යන්න…
තැන්කියු මිස්…
හ්ම්….
ඇති යන්තම් බේරුනා…
ගුඩ් මෝනින් අක්කේ…
ගුඩ් මෝනින් නංගි….
අද අක්කගේ ටිකට් කපනවද….
ඔව් මම හිතන්නේ නංගි…
මේ වෛද්‍යවරයා ලෙඩ්ඩු පරීක්ෂා කරන වෙලාව…මම සතුටින් සිටියේ අද මාව ඩිස්චාර්ජ් කරන නිසයි…
ගුඩ් මෝනින්…
ගුඩ් මෝනින් ඩොක්ටර් …
දැන් කොහොමද මේ මිස්ට…
මගෙ වාර්තා පරික්ෂා කරන ගමන් වෛද්‍යවරයා ඇසුවේය…
දැන් නම් හොදටම හොදයි ඩොක්ටර්…
අහ් ඇත්තද…ඒ ඉක්මනට යන්ම ඕන නිසා නෙවෙයිද….
අනේ නෑ ඩොක්ටර් 😌😌
හ්ම් හ්ම්…කමක් නෑ කමක් නෑ…අපි මොකටද ඉන්න අකමැති අයව බලෙන් තියාගන්නෙ…
ඔන්න ටිකට් කැපුවා…😊
අනේ තෑන්ක්ස් ඩොක්ටර්….
😊😊😊
දැන් නම් ඩඩාලා ඇවිත් ඇති…නිවේද්වත් ඩිස්චාර්ජ් කරල නම් හොදයි…
ටිකට් කැපුවා නේද අක්කේ…
ඔව් නංගි…ඔයාගේ….
මගෙත් කැපුවා අක්කේ…
ගෙදර යනකන් ඉවසුමක් නෑ…
මටත් නංගි…
ලෙඩ්ඩු බලන වෙලාව නිසා ඩඩා මමී මන්දිරා ඔක්කොම කඩාගෙන බිදගෙන ආවේ මගේ ඇඳ ලගට ය…
අනේ මගේ මැනික…..😭😭😭
මමී මව බදාගෙන ඇඩුවාය…
මන්දිරාත් මාව බදාගත්තේ දෙදෙනාම මාව හොදටම හිරකරගෙනය…
ඔය ලමයට හුස්ම ටිකක් ගන්න දෙන්න සුලෝ….😊
අපේ මහත්තයා නම් කියයි…
මම කොච්චර බය උනාද මගේ දරුවා ගැන….
ඇගේ ලේ නැතුව හිටියේ…😭
මම දැන් හොදින් මමී…අඩන්න එපා…
ඩඩා නිවේද්ව ඩිස්චාර්ජ් කරලද….
ඔව් ඔව් මස්සිනා හොටු පෙරාගෙන අඩලා අඩලා ටිකට් කපාගෙනලු……😊
දෙන්නේ මේකිට…ගුටි කන්න හදන්නේ මන්දිරා..🤣🤣
හා හා ඔන්න පටන් ගත්තා දෙන්නා…
අපි යමුද මහත්තයා එහෙනම්…
යමු….පරක්කු නොවී යමු…
මමී මාව අල්ලගෙන යන්නේ තුවාලේ තියෙන්නේ හරියට කකුලෙ වගෙයි…
මට හිනා යන්න එනකොට ඩඩා මා දෙස බලා ඇහෙන් ඉඟි කලේ මමීට එහෙම ඉන්න දෙන්න කියලයි…
ඇත්තටම මමී මට ගොඩාක් ආදරෙයි….ඒක මම දන්නවා…එයා මාව බලාගත්ත විදියට වෙන කාටවත් බලාගන්න බෑ…
මමීට මාව අල්ලගෙන යාමට ඉඩහැරීය…
මම යනකොට නිවේද් අපේ වාහනය ලග සිටගෙනය…
අතේ කකුලේ බැද තිබු වෙලුම් පටි තාමත් එහෙමමය…
පුතා අමාරුවක් නෑ නේද ….
නෑ මමී දැන් නම් හොදයි….😊
නගින්න පුතේ එහෙනම් පරිස්සමට…
ඩඩා නිවේද්ව පරිස්සමට වාහනයට නැග්ගවීය.
ඔයත් නගින්න අක්කේ..
අප සියලුදෙනාම වාහනයට නැඟ පිටත් උනෙමු…
වාහනය ඩ්‍රයිව් කරගෙන යන ගමන් රංගනාත්ට ඇමතුමක් ලැබුනි..
📞📞📞
ඔව්…
හා….
කියපු විදියට වැඩේ වෙන්න ඕන…
ඔව්…
කමක් නෑ කමක් නෑ…
මම කියලා තියෙන්නේ…
ඕකේ…
කවුද මහත්තයා…
මේ ඔෆිස් එකෙන්….😏
මතු සම්බන්දයි