හතලිස් හත්වන දිගහැරුම
කිව්වම අහලා එන්න…..😠😠
මම සද්දෙන් කියපු නිසා නිවේද් කිසිවක් නොඅසාම ආපහු හැරුනේය….
මම නිවේද්ගේ අතින් අල්ලගෙන පය ඉක්මන් කර ආපහු පැමිනියේ කොරිඩෝ එකේ අඳුරු තැනකට ය..
මොකද සෑම් මේ….😦
අපිට ලේසියෙන්ම යන්න තිබුනානේ…
ඔයාගේ මේ වැඩ මට නම් තේරුම් ගන්න බෑ…😦
ඇයි අනේ ඔයා දැක්කේ නැද්ද…😒
මොනවද….
අනේ මන්දා නිවේද් ඔයා….
කොහේ බලාගෙන ද යන්නේ…ඔච්චර දැක්කේ නැද්ද…
ඒ උනාට කට නම් කොහොමද…හ්ම්..😒
සෑම් කියනවද මොකද්ද කියලා 😠
එලියේ ජූඩ් ඉන්නවා….
මොනවා….😳
ඔව් වාහනේ තියාගෙන ඌ ඉන්නවා…
ඌ මාව දාලා යයි කියලා හිතපු එක මගේ මෝඩකම…..
ශික්….😠
ඌට මම…..😠😠
නිවේද් කකුලත් ඇද ඇද යන්න හදද්දී මම නැවැත්වීය…
අනේ මේ නිවේද් මෙන්න මෙහේ ඉන්න…😅
මොකද මොකද…හිනාවෙන්නේ…😠
නෑ නෑ නිකන්…😊😊
අහ් මම දැන් නොන්ඩියනේ නේද…ඔයාම කියන්නකෝ එහෙනම් දැන් මොකද කරන්නේ කියලා…😒
අනේ කේන්ති ගන්න එපා ඉතින්…
හරි හරි….ඉස්සෙල්ලම බලමුකො මුගෙන් බේරෙන්නෙ කොහොමද කියලා…
ඊට පස්සේ මේ කියපුවට ගනන් හිලව් බලමු.
මේකා…😊😊
හ්ම්…මේ…..මම කියන්නම් සෑම් අපි පොලිසියට කෝල් කරමු…
පොලිසියට….
ඔව් ඒක තමා කරන්න තියෙන හොදම දේ….
කවුද ඔතන…
අප දෙසට ටෝච් එක ගසමින් රෝහලේ කම්කරුවෙකු අසන්නට විය…
සෑම් අපි යමු එන්නකෝ….
නිවේද් මගේ අතින් අල්ලගෙන අදුරෙන් ටිකෙන් ටික එලියට පැමිනියේය…
මොකද මේ…😠
ඔයාලා මොකද එලියේ…
වාට්ටුවල නේද ඉන්න ඕන…
නෑ මේ…..අපිට ඩොක්ටර්ව හම්බෙන්න පුලුවන් ද…
පිස්සුද…මේ පාන්දර ඩොක්ටර්ස්ලා මොකටද…
පව් නොදී යනවා වාට්ටුවලට..
අපිත් අමාරුවේ වැටෙනවා ඔයාලගේ වැඩ නිසා..
මේ මිසිලා බුදියගන්නවද මන්දා…
ලෙඩ්ඩු පැනලා යනකන් දන්නේ නෑ…😠
නිවේද් මට මූට දෙන්න හිතෙනවා හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්නම…
ශ්…ඇහෙයි….🤫
ඇහුන දෙන්…😠
මොනවද මොනවද…කියන්නේ…
රෝහල් සේවකයාත් මං වගේම ලේසියෙන් අතාරින්නේ නැති එකෙක්…කියන කියන එකට එල්ලෙන්මමයි එන්නේ…
මම…..😠😠😠
මම බනින්න හදදිම නිවේද් මාව නැවැත්වීය..
සෑම්…පොඩ්ඩක් සද්ද නැතුව ඉන්නවද…මම බලාගන්නම් …
ඕන එකක් කරගන්න…😠
මම මූනත් රතු කරගෙන එතනින් ඉවතට ගියේ මම හිටියොත් නිවේද්ට කිසිම දෙයක් කරගන්න බැරි වෙන නිසයි….
නිවේද් නොන්ඩි ගසමින් ඔහු ලගට ගොස් ඔහුව ටිකක් එහාට රැගෙන ගියේය…
අයියේ….මේ….අපි දෙන්නා පොඩි ප්‍රශ්නෙක ඉන්නේ…
පොඩි කිව්වට…පොඩිමත් නෙවෙයි..
අර ඉන්නේ මගේ වයිෆ්…👉
ඉතින්…මට මොකද්ද කියන්නේ..😠
අහන්නකෝ අයියේ…
හොස්පිටල් එක ඉස්සරහා වාහනයක් නවත්තගෙන මනුස්සයෙක් ඉන්නවා…
ඒ මිනිහා මගේ වයිෆ්ව කිඩ්නැප් කරා…….
.
.
.
.
නිවේද් ඒ මනුස්සයා එක්ක විනාඩ් පහක පමණ කාලයක් කතා කර පසුව දෙදෙනාම මා අසලට පැමිනීය….
සොරි මිස්…
මම දන්නේ නෑනේ…
ඔහු මගෙන් සමාව ගනිද්දි මට යකින්නක් වගේ ඉන්න බැරි නිසා මම මද සිනාවක් පා ඉවත බලාගත්තෙමි.
මල්ලිට මොකද්ද මගෙන් වෙන්න ඕන කියන්නකෝ…
අයියේ මට ෆෝන් එක දෙනවද කෝල් එකක් ගන්න…
ඕක මොකද්ද..
ආ මල්ලි…
බොහොම පින් අයියේ…
මම නිවේද් දෙස බැලුවේ මේ තරම් බැගෑපත් වෙන්නේ මොකටද කියලයි…
නිවේද් මං ගැන දන්න නිසා මං දිහා කෙලින් නොබලා ඉන්නට වගබලාගත්තේය…
නිවේද් 119 කතා කර සියලු දේ පැවසීය…ඔවුන් සියලු විස්තර ලබාගෙන ඉතා ඉක්මනින් පැමිනෙන බවට පැවසීය.
මොකද කිව්වේ නිවේද්…
එන්නම් කිව්වා….
අපි ඕන නම් මල්ලි අර මිනිහට දෙකක් අනිමු…
නෑ නෑ ඕන නෑ…දැන් පොලිසියෙන් එයිනේ…
මුල ඉදන්ම ඒ මිනිහව අල්ලපු නැති නිසා ඔහු කියන කියන හැමදේම මට පෙනුනේ හරහටය…
ආව්….😖
කකුලට බර දීගෙන ගොඩක් වෙලා හිටපු නිසා නිවේද් බිත්තියට අත තැබීය…
කෝ කෝ එන්න නිවේද් මෙතනින් වාඩිවෙන්න….
තුවාල පෑරෙන්නත් ඇති….
මම නිවේද්ව අල්ලලා අසල බංකුවෙන් වාඩි කරවීය…
මමත් ඔහු ලගින්ම වාඩි විය…
සෑම් ඩඩාට කතා කරානම් හරි නේද…එයාලත් පිස්සුවෙන් වගේ ඉන්නේ…
මමී අසනීප වෙලත් එක්ක…
අනේ මට අමතක උනානේ…
කෝ ෆෝන් එක දෙන්න…
මම නිවේද්ගෙන් ෆෝන් එක අරන් ඩඩාගේ අංකයට කෝල් එකක් ගත්තෙමි..
රින්ස් යනවත් එක්කම ඩඩා ආන්සර් කලේය…
හෙලෝ….
හෙලෝ ඩඩා…
සෑම්…😳😳
ඩඩා…
මගේ දරුවෝ…..😢
කොහේද ඉන්නේ …කියන්න කොහේද…
මම දැන්ම එන්නම්….
ඩඩා මම හොදින්…නිවේද් ඉන්නවා මාත් එක්ක…
නිවේද්…
ඔව් ඩඩා මම ඉන්නේ නිවේද් ඉන්න හොස්පිටල් එකේමයි…
හරි ඔතනම ඉන්න..මම එන්නම්…
රංගනාත් ෆෝන් එක කනේ ගහගෙනම පිස්සුවෙන් වගේ එහාට මෙහාට ඇවිද අමතක උන යමක් හොයන්නේය…
කෝ මේ කී එක…
තිබ්බ තැනක නෑ….
ඇයි ඩඩා…මොනාද හොයන්නේ…..
අහ් මන්දිරා…මගේ වෙහිකල් එකේ කී එක කෝ..🔑
ඔය තියෙන්නෙ ඩඩා…👉
මන්දිරා ටේබල් එක උඩට අත දිගු කලාය…
ඇයි ඩඩා කලබලෙන්…
අක්කා….😳🤔
ඔව් චූටි අක්කා ඉන්නවා…
අනේ ඩඩා අපේ අක්කා ඉන්නවද…අනේ කොහේද….
හෙලෝ හෙලෝ ඩඩා…
සෑම්….ඉන්න මම මේ එන්න හදන්නේ….
රංගනාත්ගේ ගමනේ කතා බහේ තිබුනේ කලබල ගතියකි…ඔහු සෑම විටම හිටියේ කල්පනා කරමින් ය.කොච්චර සල්ලි තිබුන්ත් තමන්ගේ දරුවව බේරගන්න බැරිවෙනකොට තාත්තෙක්ට ඇති වන පසුතැවිල්ල වේදනාව ඔහුටත් දැනුනි…ඒ නිසාමදෝ කෝල් එක නිසා ඔහු උපරිම නොසන්සුන් වී තිබුනි…
හරි ඩඩා…
හරි පුතේ මම තියන්නම්…ඉක්මනට එන්නම්..පරිස්සමෙන් ඉන්න…
පොඩ්ඩක් නිවේද්ට දෙන්න…
හරි මම දෙන්නම් ඩඩා…
නිවේද්….ඩඩා ලයින් එකේ…📱
අහ්…කෝ…
නිවේද් මගේ අතින් ෆෝන් එක ගත්තේය..
ඩඩා…
නිවේද් පුතා…මම එනකන් මගේ කෙල්ලව පරිස්සම් කරගන්න…
මම ඉක්මනට එන්නම්…
හරි ඩඩා..සෑම්ව ආයේ නැති කරගන්නේ නෑ..
හරි පුතා.මම තියන්නම්…
හරි ඩඩා…බායි…
නිවේද් ඇමතුම විසන්ධි කර දුරකථනය රෝහල් සේවකයාට ලබා දුනි…
බොහොම ස්තුතියි අයියේ…
ඕක මොකද්ද මල්ලි….
ඔයාලා ඇතුලට යමු…
අර මනුස්සයා ආවොත් එහෙම…
ඔව් ඒක ඇත්ත අයියේ…
අපි යමු ද සෑම්…
හා යමු…
රෝහල් සේවකයාගේ පසුපසින් අපි ගමන් කලෙමු.
සෑම්…..🤬
ඔහොම නවතිනවා…
හිතුවෙවත් නැති විදියට ඒ වෙලාවේ කඩා පැන්නේ ජූඩ් ය…කාට බය නැති උනත් මම එවෙලේ බය උනේ ජූඩ් නිවේද්ට කරදරයක් කරයිද කියලා බයට ය.
නිවේද්…මම කියන දේ අහන්න..ඔයා නම් මැද්දට පනින්න එපා…
ඕකා මහා බල්ලෙක්…
ඔයාට මොනවා හරි කරයි…
ජූඩ් කොරිඩෝ එකේ එහා කෙලවරේ ඉදන් දුවගෙන අපි ලගට දුවගෙන ආවේය..
අනේ මේ සෑම් තමුසේ කටවහගන්නවා….
මම බය නෑ ඕකට…
මගේ යකා අවුස්සගන්න එපා…
ඌද චන්ඩියා තමුසෙටත් දැන්…🤬
නිවේද් කියන්නේ මොනාද කියලා කල්පනාවෙන් කියන්න.
මම දැන් එහෙම දෙයක් කිව්වේ නෑ…
අහ් උබත් මෙතනද නිවේද්…
උබට මම කරන්න හිටපු දේ කලින්ම කවුද කරලා..
මම කරානම් අඩු කැඩිලා විතරක් නිකන් ඉන්නේ නෑ…
එතනම ඉවර කරනවා..
අහ් ඇත්තද…
ඈ බන් ### උබ මගේ ගෑනීව අරන් යන්නද හැදුවේ…පිරිමියෙක්ද උබ….අහ්…පිරිමියෙක්ද..
ඇදපන් ගවුමක් උබ…
අනුන්ගේ ගෑනූ උස්සන උබ වගේ උන් චන්ඩි නෙවෙයි…
නිවේද් තෝ කටවහගනින්…
නැත්නම් මම උබේ කට කඩනවා…
සෑම්…තමුසේ පැනලා යන්නද හැදුවේ..
මෙහෙ වරෙන්….
ජූඩ් මගේ අතින් අල්ලගෙන මාව ඔහු ලගට අදින්නට විය…
නිවේද්…😢😢
ජූඩ් මාව අදිනවත් එක්කම නිවේද් මගේ අනෙක් අතින් අල්ලගත් නිසා මම.දෙදෙනා අතර මැදිවන්නට විය…නිවේද්ගේ එක අතක් බැන්ඩේජ් කර තිබු නිසා ඔහුට ජූඩ් තරම්ම ශක්තියක් නොතිබුනි…නමුත් නිවේද් මාව ජූඩ්ගෙන් ගලවා ගැනීමට වෙහෙස විය…
ජූඩ් හොදින් කියන්නේ සෑම්ව අතෑරපන්..🤬
ජූඩ් මගේ අත අතාරිනවා…😖😖
තමුසෙට අමතක වෙලාද කොහෙද ඉන්නේ කියලා…මේ තමුසේගේ ඒරියා එක නෙවෙයි…
😅😅😅😅
සෑම්…..සෑම්….
මොකද කටේ සද්දේ…ඔයාගේ මේ නොන්ඩි හස්බන්ඩ් ඉන්නවා කියන ගැම්මද…
මූ මා එක්ක හැප්පෙන්නේ තනි කකුලයි තනි අතිනුයි ද….😅😅😅😅
උබට මම….👊
නිවේද් ආපු කේන්තියට මගේ අත අතහැර ජූඩ්ගේ මුහුනට පහරක් එල්ල කලේය…ජූඩ් විසි නොවුනත් ඒ පහර නිසා මගේ අත අතහැරුනි…
ජූඩ්ගේ තොල පැලී ලේ ගලන්නට විය.
ඔහු තොල අතගා බලා කේන්තියෙන් පුපුරන්නට විය…
තෝ මගේ ලේ හෙලෙව්වද…
බලපන් තොට වෙන දේ..🤬
ජූඩ් මාව අතහැර නිවේද් පහර දීමට පටන් ගත්තේය…
නිවේද් තනි අතින් පහර දුන්නත් ජූඩ් නිවේද්ගේ බැන්ඩේජ් කර තිබූ අත අඹරා පිටුපසට කර තද කරේය…
අහ්…..😖😖
නිවේද් රෝහල දෙවනත් වෙන්නම කැගැසීය…
මම ජූඩ් ගේ අත ඇද්දත් ඔහු නිවේද්ව අතහැරියේම නැත.
මම ජූඩ්ගේ අත සපාකෑ නිසා ජුඩ් මාව තල්ලු කලේය.මම විසි වී ගොස් බිම වැටුනි….
නිවේද්….😖
ඒයී ඒයි…ඔය කොල්ලව අතෑරපන්…
රෝහල් සේවකයා හදිසියේම එතනට ව් . දුවගෙන් ඇවිත් ජූඩ්ට පහර දෙන්නට විය..
ජූඩ් නිවේද්ව අතහැර මා අසලට පැමින මාව රැගෙන යාමට තැත් කලේය….
යමන් මාත් එක්ක….
මට බෑ ….මාව අතෑරපන්…😠😠
කොරිඩෝ එකේ.සද්දෙට රෝහලේ.ආරක්ෂක නිලධාරීන් හෙදියන් වෛද්‍යවරුන් රැස්විය…
එතන සිටි අයෙක් නිවේද්ව නැගිට්ටූ අතර ජූඩ් බලෙන්ම සෑම්වත් රැගෙන එතනින් පිටත් විය…
මල්ලි ….මල්ලී…
අර මිස්ව අර මිනිහා අරන් ගියා….
මොකක්..😠
මම යන්න ඕන.මාව අතාරින්න…
ඔයාට ඔහොම යන්න බෑ මල්ලි…
පුලුවන්…..😠
නිවේද් ජූඩ් පසුපසින්ම යන විට පොලිස් ජිප් එක ජූඩ් යන මඟ හරස් කර නැවැත්වීය…
නිවේද්ගේ වේගය බාල වූයේ එවිට ය..
නිවේද් ලොකු හුස්මක් අරන් පිට කරේ මෙතනින් එහාට බය වෙන්න දෙයක් නැති නිසයි.
සෑම්….😊
පොලිස් ජිප් එකෙන් නිලධාරින් ජූඩ් දෙසට පිස්තෝල දිගු කරමින් බහින්නට විය…🔫👮️
හෑන්ඩ්සප්….👐
සෑම්ගේ අත අල්ලන් හිටපු ජූඩ් සෙමින් සෙමින් තම ග්රහනය ලිහිල් කර අත් එසවීය…
අත අතහැරුන ගමන් සෑම් දුවගෙන ආවේ නිවේද් ලගට ය..
පොලිස් නිළධාරීන් ජූඩ්ව අල්ලාගෙන අත දෙක පිටිපස්සට කර මාංචූ දැමීය…ජූඩ්ව අරගෙන යන විට ඔහු බලාගෙන ම ගියේ නිවේද් දෙසය…නිවේද්ගේ මුහුනේ තිබුනේ ජයග්‍රාහී සිනහවක් ය…එය තව තවත් ජූඩ්ව කේන්ති ගැස්සීය…
නිවේද්….උබ දිනුවා කියලා හිතන්න එපා…මම ඉන්නකන් උබට සෑම් එක්ක ඉන්න දෙන්නේ නෑ.අද ගියත් මම එනවා…
මේ ජුඩ්ව පරාද කරන්න උබට බෑ…
කටවහගෙන යමන්…🔗
පොලිසියෙන් ජූඩ්ව ජීප් එකට නග්ගගෙන පිටත් වුනි.
මම නිවේද්ට තුරුලු විය.
ඒත් එක්කම ඩඩා ආවේ ඇස්වල කදුලු පුරෝගෙනය.