🙅හතලිස් හයවන දිගහැරුම 🙅
ඔවුන් තිදෙනාම වාඩි වී නිවේද් ගැන තොරතුරක් ලැබෙන තුරු බලන් සිටියහ…
ඒත් එක්කම ඩඩාගේ නෙත ගැටුනු දෙයින් ඔහු පුදුම විය….
ජූඩ්…😳
රංගනාත් නැඟිට ඔහු දෙස බලා සිටින විට සුලෝචනා කදුලු පිරි දෑසීන් රංගනාත්ගේ බාහුවේ එල්ලෙමින් නැගිට්ටේය..
මහත්තයා මොකද…
ඇයි….😢
නෑ මේ….ජූඩ්….👉
සුලෝචනා ඔහු ඇඟිල්ල දිගු කල දෙස බැලීය….
ජූඩ් නේද….මහත්තයද කිව්වේ…
නෑ…මට කොහෙද ඌට කතා කරන්න සිහියක් තිබුනේ. ..
එහෙනම් කොහොමද ඒ මනුස්සයා මෙතනට ආවේ..
ඒක තමයි මාත් කල්පනා කරේ…ඒ මනුස්සයා තාම අපිව දැක්කේ නෑ…
කාවහරි හොයනවා වගේ….
ඒක තමා සුලෝ…ඉන්න මම ගිහින් කතා කරන්නම්….
එක්ස්කියුස් මී…ඇක්සිඩන්ට් වෙලා ගෙනාපු පේෂන්ට්ගේ රිලේෂන්ස්ලද…
අහ් ඔව් ඩොක්ටර්…
රංගනාත් යන්න හදපු ගමන නවතා වෛද්‍යවරයා සමඟ කතා කරන්නට විය..
මොකද ඩොක්ටර් නිවේද්ට…දැන් පැය ගානක් තිස්සේ අපි මෙතන…
අ….දැන් එයාට ලොකු ප්‍රශ්නයක් නෑ…අපි බය වුනා එයාට සිහියවත් එන එකක් නෑ කියලා..මොකද ඇක්සිඩන්ට් එක වෙන්න කලින් ඉදන් මෙයා දුර්වල වෙලා ඉදලා තියෙනවා…ඒත් මොකද්දෝ වාසනාවට එයා බේරුනා…
අනේ මගේ දරුවන්ට කරදරයක් නම් වෙන්න එපා…
සුලෝගේ මුහුනේ ඇදුනු සිනහවත් එක්ක ඇය ප්‍රාර්ථනා කරන්නට වූයේ සෑම්ගේ පමනක් නොවේ නිවේද්ගේද ආරක්ෂාවයි…ඇය ඒ තරම් ආදරණිය මවක් විය…
ඩොක්ටර් අපිට නිවේද්ව බලන්න පුලුවන් ද…
මන්දිරා ඇසීය…
වයි නොට්…යූ කැන් ගෝ…😊
තෑන්ක්ස් ඩොක්ටර්…
අප තිදෙනාම නිවේද්ගේ රූම් එකට ඇතුල් විය…යන විට නිවේද් නින්දෙන් පසුවිය.
ඔහුගේ නලල අත සමග වම් බාහුව කකුලේ
දණහිසේ සිට වෙලුම් බැඳ තිබුනි.
මන්දිරා ගොස් නිවේද්ගේ උරහිසෙන් අත තබන්නට විය…
සෑම්….😳
නිවේද් තුෂ්නිම්භූත වී කෑ ගසන්නට විය..
නිවේද් මේ මම …..මන්දිරා….
නිවේද් සන්සුන් වී සියලු දෙනා දෙසම කලකිරුනු ස්වභාවයෙන් බලන්නට විය…
කොහොමද පුතේ දැන් ඔයාට….
හො…හොදයි මමී…😊😢
නිවේද් කදුලු අතරින් කතා කරන්නට විය..
මන්දිරා….අක්කා….😳
මන්දිරා බැලුවේ රංගනාත් දිහා…නිවේද්ට මොන වගේ උත්තරයක් දෙන්නද කියලා මන්දිරාට හිතාගන්න බැරි උනා…
අහ්…පුතා…ඉක්මනටම හම්බෙයි…
හ්ම්…
නිවේද්ගේ හදවත වේදනාවෙන් මිරිකෙමින් තිබුන වෙලාවක පැය විසිහතරක් ගෙවෙන්න ආසන්න වෙලත් තමන්ගේ ආදරවන්තිය සහකාරිය ගැන තොරතුරක් නෑ කිව්වම නිවේද්ට හිතුනේ ඒ ඇක්සිඩන්ට් එකෙන් අනේ මං මැරුනා නම් කියලා…
නිවේද්….දුක් වෙන්න එපා…අපේ අක්කා ඉක්මනට එයි…ඔයා සනීප වෙලා ඉන්නකෝ…
මම ගතින් සනීප උනත් මට සනීපයක් දැනෙන්නේ කොහොමද මන්දිරා…පැය විසිහතරක් වෙලත් තාම එයා නෑ…අඩුම තරමේ පුංචිම පුංචි ඉඟියක්වත්…😭
හරි පුතා….ඔයා දුක් වෙන්න එපා…අපේ දුව අපේ ලගට එනවා….
හ්ම්….😢😢
මමී….මේ කොහේද…
ඔයා ඇක්සිඩන්ට් උනාම එතන හිටපු අය ඒ ලගම හොස්පිටල් එකට තමා ඔයාව අරන් ගිහින් තියෙන්නේ පුතේ…ගොඩාම් අමාරු නිසා ඔයාව ජෙනරල් හොස්පිටල් එකට අරන් ඇවිත්….
හ්ම්ම්…
මන්දිරා ඔයාලා යන්න දැන්…ගොඩක් වෙලා ඉදන් මෙතනනේ…මමීට එහෙම අමාරු ඇති.
නෑ පුතා ඔයාව මෙහෙම දකිනකන් අපිට සැනසීමක් තිබුනෙ නෑ…
දැන් මම හොදින් මමී..ඔයාලා යන්න….
හරි නිවේද් පුතා අපි ගිහින් එන්නම්…ඔයා පරිස්සමෙන් ඉන්න..ලොකු දේවල් හිතලා ඔලුවට බරක් දෙන්න එපා…
හරි ඩඩා..
අපි යන්නම් නිවේද්…
හ්ම්…
නිවේද් ඔලුව වනා ඔවුන්ට සමුදුන්නේය…
ඔවුන් තිදෙනා ගිය පසු නිවේද් කලේ කල්පනා කල එකය…
ඔහුටත් නොදැනීම ඔහුගේ ඇස්වලින් සෑම් ගැන තිබූ ආදරේ නිසාම කදුලු වැටෙන්නට විය…
ඒ පේෂන්ට්ට සිහිය ආවා ඩොක්ටර්…ඒත් එයා උවමනාවෙන්ම සිහිය නෑ වගේ රඟපානවා..
මට තේරේන්නේ නෑ..
එයාගේ රිලේෂන්ස්ලා කවුරු හරි ඉන්නවද…
එක බෝයි කෙනෙක් ඉන්නවා..ගෙනාපු වෙලේ ඉදන් හෙලවෙන්නේ නෑ…
හ්ම්ම්…
වෛද්‍යවරයා සහ හෙදිය නිවේද්ව බැලීමට පැමිණ කිසියම් ලෙඩෙකු ගැන සාකච්ඡා කරන්නට විය…නිවේද් නොදන්නා වුනත් එයට ඇහුම්කන් දෙන්නට විය..
අහ් ඔයාට කොහොමද දැන්…
හෙදිය අසන්නට විය…
ටිකක් හොදයි මිස්…
ටිකක් නෙවෙයි ඔයා හිටපු විදියට දැන් ගොඩක් හොදයි…
ඩොක්ටර් වාර්තා පරීක්ෂා කර නිවේද්ගේ තත්ත්වය පරීක්ෂා කරන්නට විය…
හ්ම් දැන් නම් නෝර්මල්…තුවාල සනීප උනාම යන්න පුලුවන්.
කොච්චර කාලයක් ඉන්න වෙයිද ඩොක්ටර්….
මොකද යන්න හදිසිද…😊
ඔව් ඩොක්ටර් මට කෙනෙක්ව හොයාගන්න තියෙනවා….
ගර්ල් ෆ්රේරෙන්ඩ් වෙන්න ඇති…😊
නිවේද් හිස පහත් කරගෙන නිහඬ විය.
මොකද…
මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව කිඩ්නැප් කරලා ඩොක්ටර්…දැන් පැය විසිහතරක් වෙනවා…
ඇයි මාව බේරගත්තේ ඩොක්ටර්…
මට මැරෙන්න දෙන්න තිබුනේ…😢😢
ඩොක්ටර් නිවේද්ගේ පිටට අත තබා ඉතා සමීප මිතුරෙකු වගේ කතා කලේය…
මට ඔයාගේ තත්ත්වේ තේරෙනවා…ඒත් ඒ ගැහැනු ලමයා ආපහු හම්බ උනොත්…
එතකොට ඔයා ඉන්න ඕන නේද…
අපිට පුලුවන් ඔයාගේ තුවාල සනීප කරලා බෙහෙත් දීලා ඔයාගේ ශරීරය සුවපත් කරන එක විතරයි…
ඒත් සම්පූර්ණයෙන් සනීප වෙන්න පුලුවන් ඔයාටම විතරයි…හිත වැටුනොත් කොච්චර බෙහෙත් දුන්නත් වැඩක් නෑ….ඒ නිසා ඔයා හිත ශක්තිමත් කරගන්න…
ම..ම….කොහොමද…ඩොක්ටර්..😢😢
කෝ ඒ ගර්ල්ගේ ෆොටෝ එකක් තියේද…
තිබුනා…ඒත් මගේ ෆෝන් එක නැතිවෙලා….
හ්ම්…හරි හරි දැන් පොඩ්ඩක් රෙස්ට් කරන්න…
වෛද්‍යවරයා පිටට තට්ටු කර යන්නට ගියේය…
හ්ම්ම්ම්…
නිවේද් ඇදේ හාන්සි විය…
නෑ මම මෙහෙම ඉදලා බෑ..සෑම්.නැතුව මම කොහොමද රෙස්ට් කරන්නේ…ටිකට් කපන්නේ නැත්නම් මම කොහොමද යන්නේ….😖
මිස්….මිස්….
නිවේද් වාට්ටුවේ සිටි හෙදියකට කතා කලේය..
මොකද…
මිස් මගේ ටිකට් කපන්න…
ඒ කොහොමද…ඔයාට තාම සනීප නෑ..ඔය තුවාල ගැන සරලව හිතන්න එපා…සද්ද නැතුව ඉන්න..
අනේ මිස් එහෙම කියන්න එපා..මම යන්නම ඕන…මම වගකීම ගන්නම්…ප්ලිස්….
මේ ඔයාට යන්නම ඕනනම් ඩොක්ටර් ආවාම කියන්න.අපිට ඔයාගේ ටිකට් කපන්න පර්මිශන් නෑ..
අනේ මිස්…😖
හෙදිය යන්නට ගියාය…
ශික්….මොන මගුලක්ද මේ…
නිවේද්ට හොදටම කේන්ති ගිහින් ය…අතට ගසා තිබූ සේලයින් එක අතින් ඇද ගැලවීය…
බිම තබා ඇවිදින්නට නොහැකි කකුල අතින් උස්සා බොහොම අමාරුවෙන් බිම තබන්නට විය…
අහ්….😖😖
අනිත් ලෙඩ්ඩු නිදන් සිටි නිසා නිවේද් ඇදෙන් බහිනවාවත් අනිත් අය දැක්කේ නෑ…
අඩිය තියද්දි කකුල රිදුම් දුන්නත් සෑම් නිසා ඔහු ඒ වේදනාව දරාගත්තේ කැමත්තෙන්මයි…
නිවේද්ගේ වෙලාවට වාට්ටුව බාර මිස් ඒ වෙලාවේ නොසිටි නිසා නිවේද්ට පහසුවෙන්ම එලියට යාමට නොහැකි විය…
නිවේද් මීට පෙර ඒ රෝහලට ගිහින් නැති නිසා පිටවීමේ දොර සොයාගැනීමට නොහැකිව පාරවල් කිහිපයකම ඇවිදින්නට විය…
රෝහලේ සමහර පාරවල් අදුරු නිසා නිවේද් ඇවිද්දේ හරිම පරිස්සමෙන් ය…
නිවේද් කකුල වේදනාව නිසා හෙමින් හෙමින් බිත්තිය අතගගා ඇවිදින විට එක පාරට කෙනෙකු ඇගේ හැප්පෙන්නට විය…
ආහ් අහ්…😖
නිවේද්ගේ අතේවැදුන නිසා නිවේද් අත අල්ලගත්තා මිසක වැදුනේ කවුද කියලවත් බලන්නට බැරිවිය.
අනේ සොරි සොරි….ඔයාට රිදුනද…කලුවර නිසා මට පෙනුනේ නෑ…කෝ ඔයා කොතනද ඉන්නේ…
ඔයා ඉන්නවද……
නිවේද්ගේ පියවුනු ඇස් විවර විය…😳
සෑම්…මේ ඔයාද. ….🤗🤗
නිවේ…ද්…😢😢
අනේ දෙයියනේ මගේ කෙල්ල….ඔයා කොහේද…
නිවේද් එක අතක් දිග් කරගෙන සෑම්ව සෙවීය…දෙදෙනාගේ අත් එකිනෙකට ගැටෙන විට ඔවුන් තදින් අත අල්ලගත්හ..
අනේ නිවේද්….ඔයා…ඔයා….මේ ඔයාමද…😭😭
ඔව් මැනික..සතුටට මගේ පපුව හිරවෙන්න වගේ…
දෙදෙනා කිසිවක් නොකියාම එකිනෙකට තදින් වැලදගෙන මිනිත්තු කිහිපයක් ගත විය.
සෑම් මට ඔයාව බලන්න ඕන..එලිය තියෙන තැනකට යමු…
හා යමු…
සෑම් මගේ අතින් අල්ලගෙන කොරිඩෝ එකේ එලියක් පෙනෙන තැනට එක්කරගෙන ගියාය..
අනේ….😢😢
දෙදෙනාගේ මුහුනුවලම සතුට වගේම කදුලුද දක්නට විය.
සෑම්ගේ සතුට කොයිවගේද කියනවනම් නිවේද්ගේ මූන බලන් සිටි නිසා ඔහු තුවාල වෙලා කියන එකවත් දැනුනේ නෑ…
නිවේද් වෙලුම් පටි රහිත අතින් සෑම්ගේ මූණ අතගෑවේය…
නිවේද් ඔයාගේ අත….😳😳
ඒවා ගානක් නෑ සෑම්…මට ඔයාව ලැබුන සතුට මේ ඔක්කොටම වඩා වටිනවා…
මම කොච්චර හිතුවද..ඔයාව කිඩ්නැප් කරා කිව්වම මම මැරුනේ නැති එක විතරයි.
මම ඔයාව හෙව්වා.හැම තැනම හෙව්වා.පාරක් පාරක් ගානේ ගියා…එතකොට තමා මේක උනේ…
අනේ ඔයාට ගොඩක් තුවාලයි රත්තරං…😢
ඔය ඉතිං….
මේ ඇස්වල ආයේ කදුලු එපා…
ඔයාට.මොකද උනේ මැනික..
කවුද ඔයාව අරන් ගියේ…
මට කියන්න.මම ඕකව මරනවා…😠😠
ඒක දිග කතාවක් නිවේද්…
දිග කතාවක්..😢
නිවේද්ට එක දිගට සිටගෙන සිටිය නොහැකි නිසා සෑම් නිවේද්ගේ අත තම කර වටේ අත දාගෙන කොරිඩෝ එකේ තියෙන පුටුවක වාඩි විය…
නිවේද් මට මෙතන ගොඩක් වෙලා ඉන්න බැරිවෙයි…
ඇයි මැනික ඒ..
මොකද….මොකද….ජූඩ් එලියේ ඉන්නවා….😒
ජූඩ්…අර ඔයාගේ බොඩිගාඩ්ද…
හ්ම්…
සෑම් හිස පහත් කරගෙන පිලිතුරු දෙන විදියෙන් නිවේද්ට අමුත්තක් දැනුනි…
සෑම්….ඒ කියන්නේ….
ඒ කියන්නේ ඔයාව කිඩ්නැප් කරේ ජූඩ්ද…
සෑම් කිසිවක්ම ඇඟෙව්වේ නෑ….
නිවේද් සෑම්ගේ නිකටට අත තියා හිස එසවීය…
මට කියන්න …. ඌද..😠
හ්ම් ඔව්….ජූඩ් මට ආදරෙයිලු…ඒ නිසා මම එදා සැලෝන් එකට යද්දි මාව කිඩ්නැප් කරා..මාව එයාගේ තැනක තියාගත්තා…අද උදේම මාව ප්‍රාන්ස් එක්ක යන්න හිටියේ..ඒත් ඊයේ රෑ ජූඩ්….
ජූ මට….කරදර කරන්න හැදුවා…
නිවේද්ගේ අත ඉබේම මිට මෙලවුනි..
මම ඕකව….😠😠😠
අහන්නකෝ නිවේද්…
මට මොකුත් උනේ නෑ..
ඒවෙලේ මට කරන්න දෙයක් තිබුනේ නෑ..
බේරෙන්න කියලා මට පෙනුනු එකම මග මේක නිසා මම ඒක කරා…
සෑම් එයාගේ වම අත පෙන්වීය…
මොනවද සෑම් මේ…
නිවේද් වෙලා තිබු අත අල්ලා කේන්තියෙන් ඇසීය…
වෙන මොනවද මම කරන්නේ නිවේද්….😢😢
මට උගෙන් බේරේන්න බෑ..
මට කරන්න තිබුන දේ මම කරා…
උගෙන් මට මොනවා හරි පණ පිටින් හිටියට වැඩක් නෑ…😢😢
මෝඩයා….😠
මාව මතක් උනේ නැද්ද සෑම්…
මට මතක් උන එකම කෙනා ඔයා නිවේද්…ඔයාම විතරයි…
මට ඔයාගේ වෙන්න බැරි නම් වෙන කාගේඅත් වෙන්න ඕන නෑ…
ඊට වඩා හොදයි මැරෙ…..
ශ්……
නිවේද් තම අතින් සෑම්ගේ මුව වසා කියන්නට ගියදේ නැවැත්වීය…
එහෙම කියන්න එපා…😢
වෙලාව හතරයි නිවේද්…තව ටිකකින් එලිය වැටෙයි…ඊට කලින් අපි යමු…මොකද ජූඩ් එන්න පුලුවන්.
ඌ එක්ක අපිට හැප්පෙන්න බෑ….
එහෙම කොහොමද….මම ඉන්නකොට ඌට් ඔයාට අතවත් තියන්න බෑ….😠😠
හරි හරි මයි හීරෝ ඔයානේ…
ඒ උනත් අපි යමුකෝ…
මේ උන ප්‍රශ්න ඇති…
මට මෙහෙන් යන්න ඕන…..
හරි ඔයා කියන නිසා යමු…
නැතුව බයට නම් නෙවෙයි….😠
හ්ම්ම්ම්….🤗🤗
යමු…නැගිටින්නකෝ…..
සෑම් නිවේද්ගේ අත අල්ලාගෙන නැගිට්ටීය…
හෙමින් හෙමින් පාර හොයාගෙන දෙදෙනාම එලියට ඇවිත් නතර විය…
නිවේද්…නිවේද්…ආපහු යන්…..😳😳
මොකද…සෑම්….😦
කිව්වම අහලා එන්න…..😠😠
සෑම් සද්දෙන් කියපු නිසා නිවේද් කිසිවක් නොඅසාම ආපහු හැරුනේය…..
🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
මතු සම්බන්දයි