🙅හතලිස් පස්වන දිගහැරුම 🙅

නෑ මම එන්නේ සෑම්ව හොයාගෙනමයි…
බායි….

නිවේ…..ද්.

දුරකථනය විසන්දි විය….

මම දන්නවා මැණික ඔයා ඉන්නවා…

ඔයා මං වෙනුවෙන් ඉන්නවා…

ඔයා දන්නවා මට ඔයා නැතුව ඉන්න බෑ කියලා…

ඒත් මේ කාලකණ්නියාට ඔයාව හොයාගන්න බෑනේ දෙයියනේ…

ඔයා හිතනවා නේද ඔයාව එක්ක යන්න ඔයාගේ නිවේද් එයි කියලා…

ඒත් ඔයාගේ නිවේද් මෙහේ පිස්සෙක් වගේ තාමත් ඔයාව හොයනවා. …

ඔයාව හොයනවා මැණික…😭😭

නිවේද් මහපාරේ කට්ට තනියම කියලාවත් සිහියක් නැතුව ඔහේ ඇවිදමින් ඉන්නකොට එකපාරට පාලනයෙන් ගිලිහුන වාහනයක් ඇවිත් නිවේද්වත් හප්පගෙන මීටර් සියයක් පමණ ගොස් වාහනයද බිත්තියක ගැටී නතර විය….

අයියේ… අයියේ…ඉක්මනට වරෙන් බන් මෙතන මනුස්සයෙක් හප්පගෙන ගිහිල්ල…

මොකද බන්….දෙයියනේ මේ කොල්ලගේ හොදටම ලේ ගිහින්….

මැරිලද කොහේද බන්…

කටවහගෙන හිටපන්.උබ දොස්තරද…මැරුනත් නැතත් ඒවා දොස්තර කියයි…

මොකද්ද යකෝ බලන් ඉන්නේ….ඉක්මනට ඔය කඩේ ගාව තියෙන මගේ වීල් එක අරන් වරෙන්..😠

හරි බන්…හරි…😦

රෑට කඩවල් ගානේ පාරවල් ගානේ රස්තියාදුකාරයෝ කියලා හංවඩු ගසන මිනිසුන්… දෙවිවරුන් වගේ එවේලේ නිවේද්ට පිහිට විය..

වාහනයට නිවේද්ව දාගන්නකොටත් නිවේද් ලේවලින් නැහැවිලාය…

යකෝ පරිස්සමින් දාපන්..

මේකා හුස්ම ගන්නේ නෑ බන්…😦

නැගපන් බන්…ගිහින් බලමු…

ඔහුට පුලුවන් උපරිම වේගයෙන් වාහනය පදවන්නට විය..

නිවේද්ගේ හුස්ම__😳😳😳

වෙලාව රාත්‍රි එකොලහට ආසන්නය…අනතුර සිද්ධ වූයේද නගරයට තරමක දුරින්‍ ය….ඒ නිසා නිවේද්ව නගරයේ රෝහලට රැගෙන යන්නේ නැතුව ආසන්නම රෝහලට ඔවුන් ඇතුලත් කරේ නිවේද් මියගොස් බව නිගමනය කරමින්‍ ය…

දොස්තර මහත්තයෝ…..දොස්තර මහත්තයෝ…
අනේ පොඩ්ඩක් මේ මල්ලිව බලන්නකෝ….😖

මොකද මොකද මේ…..

ඇක්සිඩන්ට් එකක් වෙලා…පාරේ ඉන්නකොට අපි අරන් ආවේ…

හම්ම්ම් මම බලන්නම්….

වෛද්‍යවරයා නිවේද්ව පරීක්ෂා කර බලා නිවේද් තාමත් ජීවත්ව සිටින බවත් ඉක්මනින් මූලික ප්‍රතිකාර කල යුතු බවත් තිරණය කර නිවේද් ඉක්මනින් රෝහල තුලට ගෙන යන්නට විය…

ඩොක්ටර් අද මොකද වෙලා තියෙන්නේ…හදිසි ලෙඩ්ඩුමනේ එන්නේ…

ඒක තමයි මිස් මාත් කල්පනා කරේ…මේ ලෙඩ්ඩු දෙන්නා ජෙනරල් හොස්පිටල් එකට යවන්න ඕන.අපට තියෙන්නෙ එක ඇම්බියුලන්ස් එකයි…
මෙයාලාගේ පවුලේ අයවත් නෑනේ…

ඩොක්ටර් අර ගර්ල්ගේ නම් හස්බන්ඩ් ඉන්නවා..

එහෙමද….බලමු ඉස්සෙල්ලාම මේ පේෂන්ට් ව…

හරි ඩොක්ටර්….


ඩඩා ඔයා ආවද…

මොකද චූටි ඔයා තාම නිදි නැද්ද…

නින්ද යන්නේ නෑ ඩඩා…අක්කා ගැන දැනගන්නකන් …

හ්ම් මමී කෝ…

අඩනවා අඩනවා ඉවරයක් නෑ.දැන් තමා පොඩ්ඩක් ඇහැ පියාගත්තේ…

ඩඩා ටයි එක අතින් බුරුල් කරමින් සැටියෙන් වාඩි විය..මන්දිරාද ඔහු අසලින්ම වාඩි විය.

මොකද ඩඩා උනේ…කියන්නකෝ…

ඩඩා ඇඟිලි වලින් නලල පිරිමදින්නට විය.

මොනා කියන්නද චූටී…
සෑම්….😭😭

ඩඩා අතෙන් මුහුන වසාගෙන හඩන්නට විය…කිසිදිනෙක මේ තරම් හැඟීම්බර පියෙකු ලෙස ඔහු හැසිරි නැත….ඔහුගේ මේ වේදනාව පිට කරන්නේ නම් ඔහු කෙතරම් පීඩාවකින් සිටිනවා ඇද්ද….

අනේ ඩඩා….ඇයි මේ…

මන්දිරා ඩඩා ලග දණ ගහගෙන ඔහුගේ අත අල්ලගෙන හඩයි…

මොකද උනේ කියන්නකෝ…ඩඩා…ප්ලිස්….😢

අක්කා…..😭😭
අක්කව කිඩ්නැප් කරලා චූටි…
මගේ….කෙල්ලව…

අනේ…ඩඩා….😭😭
දෙයියනේ….

ශ්….ශ්…මමීට ඇහෙයි චූටී…
මැරෙයි එයා දැනගත්තොත්…..😢

දැන්…අපි…මොකද…කරන්නේ….ඩඩා…
අක්කව…😢😢

අඩන්න එපා මැනික.
අක්කට මොකුත් වෙන්නේ නෑ..
මම හොයාගන්නවා අක්කව…

කොහොමද ඩඩා…

පොලිසියට කිව්වනේ…එයාලාගෙ උපරිමයෙන් මහන්සි වෙනවා…

ඒ උනාට ඩඩා…අක්කා නැති වෙලා දැනට පැය විසිහතරක් වෙන්න එනවා…
එහෙන් නිවේද් පිස්සු නටනවා..

මහා පාරට වෙලා අඩ අඩ ඉන්නවා.

මෙහේ ඉන්න කිව්වට එන්නෙත් නෑ…

අනේ ඒ කොල්ලාව මට අමතකම වෙලා ගියා…

ගන්නකෝ කෝල් එකක් චූටි..

හා ඩඩා…😢

මන්දිරා නිවේද්ට කෝල් කිරිමට කොපමන උත්සක කලත් දුරකථනය වැඩ කලේ නැත…

වැඩ කරන්නේ නෑනේ ඩඩා…

මේ ලමයා මොනවා කරගෙනද දන්නේ නෑ ඒ පාර…මේ ප්‍රශ්න කවදා ඉවරයක් වෙයිද…

නිවේද් හිටියේ ගොඩක්ම දුකෙන් ඩඩා…බයයි මට…

ඉන්නේ කොහෙද කිව්වද…

නෑනේ…

ඉතින් කොහොමද හොයන්නේ…මේ ලමයත්….😒

මොකද ඩඩා කරන්නේ….

මම මමීව බලලා එන්නම්…ෆෝන්ස් ඔන් එකේ තියාගන්න…කවුරු උනත් කතා කරන්න පුලුවන්….

හරි ඩඩා…

හ්ම්…

ඩඩා ටයි එක ගලවමින් කාමරයට ගියේය…

ඩොක්ටර්….පොලිසියෙන් ඇවිත්…

අර ඇක්සිඩන්ට් කේස් එකටද…

ඔව් ඩොක්ටර්…

හ්ම් යමු…

ඩොක්ටර් පොලිස් නිළධාරීන් හමුවට ගියේය…

සොරි ඩොක්ටර් ඩිස්ටබ් කලා නම්…

ඒක මොකද්ද සර්…මේක ඔයාලගේ ඩියුටිය..ඔයාලාට උත්තර දෙන එක මගේ ඩියුටිය…😊

අපි ආවේ අර අන්දර ජන්ශන් එකේ උනා කියන ඇක්සිඩන්ට් එක සම්බන්දවයි….ඒ ලෙඩාට කොහොමද ඩොක්ටර්…

ඒ පේෂන්ට්ට තාම නම් සිහිය නෑ…අපි මූලික ප්‍රතිකාර කරා…දැන් අපි ජෙනරල් හොස්පිටල් එකට යවන්න හදන්නේ….මම හිතන්නේ එයාගෙන් ස්ටේට්මන්ට් එකක් නම් ඔබතුමාලට ගන්න බැරිවෙයි….

එහෙමද ඩොක්ටර්….කවුද මේ ලෙඩාව අරන් ආවේ…

මම හිතන්නේ ඒ අහල පහල හිටපු කට්ටියක්..ත්‍රිවීල් එකක තමා අරන් ආවේ…

හරි ඩොක්ටර් මෙයාව කවද්ද ජෙනරල් හොස්පිටල් එකට යවන්නේ…

අදම යවනවා..තව පැයකින් වගේ…අපිට මේ ලෙඩ්ඩු දෙන්නෙක් ඉන්නවා.ඒකයි පොඩ්ඩක් පරක්කු උනේ..

හරි ඩොක්ටර් එහෙනම් අපි යන්නම්…

ඕකේ සර්…

ඔවුන් පිටත්ව ගිය පසු වෛද්‍යවරයා ලෙඩ්ඩු දෙන්නාගේ වාර්තා සූදානම් කර ඔවුනව මහ රෝහලට යැවීමට කටයුතු කරන්නට විය.

ඩොක්ටර් කොහොමද මේ දෙන්නව යවන්නේ…

මෙහෙමයි මේ දෙන්නවම දාන්න….මෙයාලගේ කවුරු හරි ඉන්නව නම් එයාලාට හොස්පිටල් එකට එන්න කියන්න.එක නර්ස් කෙනෙක් ඇම්බියුලන්ස් එකේ යන්න….
මේ අපට කරන්න තියෙන හොදම දේ…මේ ලෙඩ්ඩු දෙන්නම එක වගේ සිටුවේෂන් එකක ඉන්නේ…

හරි ඩොක්ටර්…

රෝහල් කම්කරුවන් දෙදෙනෙක් විත් නිවේද්ව සහ අනෙක් ලෙඩාව ඇම්බියුලන්ස් එකට ගෙන එන්නට විය…

හරි නේද මිස්…

හරි ඩොක්ටර්…

පිටත්වෙමු….

ඩොක්ටර් මේ අර පේෂන්ට්ගේ ෆෝන් එක…වීල් එකේ මනුස්සයා දුන්නේ….කලබලෙට මට අමතක උනා…

හ්ම්….මේකට කෝල්ස් එහෙම ආවාද…

නෑ ඩොක්ටර්…ඕෆ් වෙලා…

කෝ දෙන්න බලන්න….
අන්තිමට අරන් තියෙන නම්බර් එකට කෝල් එකක් අරන් බලමු..

හොදයි ඩොක්ටර් …

වෛද්‍යවරයා අවසානයට තිබු නම්බර් එකට කෝල් කරන්නට විය..

📞📞📞📞

හෙලෝ….නිවේද්…දෙයියනේ ඔයා කොහේද හිටියේ….මම කොච්චර බය උනාද…

හෙලෝ මේ මිස් කවුද…

මේ…..මේ කවුද…
මේ නිවේද්ගේ ෆෝන් එකනේ…
ඔයා කොහොමද නිවේද්ගේ ෆෝන් එකෙන් කතා කරන්නේ..

මම ඩොක්ටර් කලිඳු…
මේ ෆෝන් එක ඇක්සිඩන්ට් වෙලා ගෙනාපු මගේ පේෂන්ට් කෙනෙක් ගාව තිබුනේ..
එයා ගැන ඉන්ෆෝම් කරන්නයි ගත්තේ…
මේ කවුද…

අනේ නිවේද්…..😭😭

හෙලෝ මිස්….මිස්…
අඩන්න එපා…අහන්නකෝ මම කියන දේ….

ඩො…ඩොක්ටර්….නිවේද් කොහේද ඉන්නේ….

එයාව නම් දැන් ජෙනරල් හොස්පිටල් එකට යැව්වා….එයාට ලොකු අමාරුවක් නෑ…බය වෙන්න එපා…ඔයාලා ගිහින් එයාව බලන්න…අපි දැන් තමයි එයාව මෙහෙන් මාරු කරේ…ෆෝන් එක ලැබෙන්න සලස්වන්නම්….

අනේ තෑන්ක්ස් ඩොක්ටර්…
ලොකු පිනක්…

අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා…

ඒ අස්සේ නිවේද්ට මොකද වුනේ කියලා හොයාගන්න බැරි උනා…

අනේ තෑන්ක්ස් ඩොක්ටර් මේ කරපු උදව්වට…

ඉට්ස් මයි ඩියුටි මිස්…….🤔

අහ් සොරි ඩොක්ටර් ….
මන්දිරා…මන්දිරා රංගනාත්……

හරි මිස් මන්දිරා…එහෙනම් මම තියන්නම්…බායි…

බායි…

මන්දිරා ෆෝන් එක තියනවත් එක්කම ඩඩා පැමිනියේ ය..

කවුද චූටි….

අනේ ඩඩා…නිවේද්…

මොකද නිවේද්ට….

නිවේද් ඇක්සිඩන්ට් වෙලා…

මොකක්….😳

ඔව් ඒ හොස්පිටල් එකේ ඩොක්ටර් කතා කරේ ඩඩා…

අනේ මම දන්නේ නෑ මේ මොනවද වෙන්න යන්නේ කියලා…

ඇයි ඩඩා අපිටම මෙහෙම වෙන්නේ….😢

මන්දිරා ඩඩාට තුරුලු වෙමින් හඩන්නට විය…

චූටි අපි යමු…නිවේද් පුතාව බලන්න…

හා ඩඩා යමු….

ඒත් ඩඩා මමී…..😦

මමීව එක්ක යන්න බෑනේ චූටි…

නෑ මමත් එනවා මහත්තයා…

සුලෝ….😳
ඔයාට මහන්සි වෙන්න හොද නෑ..
මම ගිහින් එන්නම්..

මහත්තයා මම කිව්වනේ මම එනවා…😢

ඩඩා මමීව එක්ක යමු…

හරි හරි එහෙනම් යමුකෝ….😦

තිදෙනාම සුදානම් වී වාහනයට නැඟ පිටත් විය…

අහ්….නි…නි….වේ….😖😖

ඔයාට සිහිය ආවාද…ඔහොම ඉන්න …අපි හොස්පිටල් එකට ආවා….

දෙදෙනාම රෝහලට ඇතුලත් කර නිවේද්ව හදිසි වාට්ටුවට දමා අනිත් ලෙඩාව වෛද්‍යවරයා පරීක්ෂා කර ලේ ලබාදීම සදහා සූදනම් කරන්නට විය….

ඒ අතරේ ඩඩාත් මන්දිරාත් මමීත් රෝහලට පැමිනියේ නිවේද්ව බැලීමටය….

ඩඩා අපි මෙතනින් අහමු නේද….

හරි..
මිස් අපිට දැනගන්න පුලුවන්ද ඇක්සිඩන්ට් උන කෙනෙක්ව දැන් ටිකකට කලින් ගෙනාවද කියලා…

ඇක්සිඩන්ට් වෙලා ඉතින් ගොඩක් අයව ගේනවනේ…..නම මොකද්ද…

නිවේද්….

ඔහොම ඉන්න….

ඇය පොතක් පෙරලමින් පරීක්ෂා කරන්නට විය…

අහ් එහෙම නමක් නම් නෑ…
නමක් නැති කෙනෙක් නම් ඉන්නවා…එයා නම් මේ වෙලාවේ අයිසීයූ එකේ….

අපේ මහත්තයා….😳😳

මමී ඩඩාගේ අතේ එල්ලුනි…

බයවෙන්න එපා සුලෝ…මොකුත් වෙන්නේ නෑ…

එයාට අමාරුද මිස්…

තාම නම් කියන්න බෑ…ඔයාලා ඔතනින් වාඩිවෙන්න.ඩොක්ටර් ආවාම දැනගන්න පුලුවන්….

හරි….තැන්ක් යූ මිස්…

වෙල් කම්…😊

ඔවුන් තිදෙනාම වාඩි වී නිවේද් ගැන තොරතුරක් ලැබෙන තුරු බලන් සිටියහ…

ඒත් එක්කම ඩඩාගේ නෙත ගැටුනු දෙයින් ඔහු පුදුම විය….

මතු සම්බන්දයි

හෙට ලොකු ගමනක් යන්න තියෙනවා…ඒ වැඩ අස්සේ තමා කතාව ටයිප් කරේ….ඔන්න කොහොමහරි දැම්මා