සඳෙව්….සඳෙව්….

මේ බන්…ඇහෙන්නේ නැද්ද කවුරු හරි උබේ ෆෝන් නම්බර් එක උඩ නැගගෙන ඉන්නවා…වගේ…

ඔහොමම ඩෝ එක දිහා බලපන්කෝ…

සඳෙව් කම්පියුටර් එක දෙස බලාගෙනම යාලුවට පැවසීය…
ඔහු දොර දෙස බැලීය..

කෙල්ලෙක්…😮

හ්ම්ම්ම්….

ඒකිද ඔය කෝල් ගන්නේ…

ඉතින් පොඩ්ඩක් බලපන්කෝ….

ඒ කෙල්ල උබ දිහාම බලාගෙන ඉන්නවා බන්…

සිකියුරිටියත් හිනාවෙනවා බන් ඒකී එක්ක…

හිටපු දෙන් බන්…

මේකි අපේ ඔෆිස් එකේ නම් වෙන්න බෑ..

නෑ…

ඒක තමා මේ ඉස්කෝලේ යන පොඩි කෙල්ලෙක් වගෙනේ……

මේ…මේ අන්න ඒ කෙල්ල මේ පැත්තට එනවා පුතෝ…..

උබ අඩව්වක් වත් අල්ලපු එකියක්ද…

පිස්සුද බන්…

මම මොනවා කරත් කෙල්ලෝ සම්බන්දයෙන් නෑ කියලා දන්නවනේ…

ඔයාගේ කන් ඇහෙන්නේ නැද්ද…
මම කී පාරක් කෝල් කරාද…😡

දැන් හැමදාම මෙතනට එන්න තියාගත්තද…

ඒ පාර මොනවද ඕන..

හැමවෙලේම මගේ පස්සෙන්මයි….

මොකද්ද වෙන්න ඕන කියනවා ඉක්මනට…🤨

මට ඔයාගේ පස්සෙන් එන්න ඕන නෑ…

ඔයා කෑම එක දාලා ඇවිත්…

මධාරා ඇන්ටි මට කිව්වා ඔයාට දෙන්න කියලා…මම එන්නෙත් ඔයාගේ ඔෆිස් එක පැත්තෙන් නිසයි මම පව් කියලා ගෙනාවේ….

ආ බත් එක…😏

ඇය බත් එක සඳෙව්ගේ අත උඩින් තබා බෑග් එකත් කරේ එල්ලගෙන ඔහු ලගින් ඉවත් වී ගියේ මූන එල්ලගෙනය…

කවුද බන් ඒ…

නම නම් මම දන්නේ නෑ බන්…

සඳෙව් බත් එක අතට ගන්න ගමන් ඇඟට පතට නොදැනි කියන්නට විය…

යමං මේ බත් එක කන්න කැන්ටින් එකට…..කන ගමන් කියන්නම් විස්තරේ….

⬅️⬅️⬅️⬅️ දවස් තුනකට පෙර ⬅️⬅️⬅️⬅️

මධාරා ඔයා ලග මම තියලා යන්නේ මගෙ එකම කෙල්ල..

කොහේවත් ඉදලා නෑ මම නැතුව…

බයවෙන්න එපා #භානු…
මගේ ලගනේ තියලා යන්නේ..

ඔව් මම දුවට කිව්වෙත් ඒක තමයි…
අම්මි ලග ඉන්නවා වගේම ඔයාට ඉන්න පුලුවන් කියලා…

අනේ ඔව් භානු…
ඔයාගේ මොකද මගේ මොකද….
දුවට නිදහසේ වැඩ ටික කරගන්න පුලුවන් මෙහේ ඉදන්..

උදේම ඇහැරගෙන ක්ලාස් වලට යන්න අමාරුයි අම්මි කියලා හැමදාම කියනවා…
පලවෙනි පාරත් රිසාල්ස් මදි උනානේ මධාරා…

මේ පාරවත් මෙහේ ක්ලාස් දාන්න හිතුවේ ඒකයි…

හොද ක්ලාස් ටිකක් මෙහෙ තියෙයිනේ..

ඒක ඇත්ත…

ඔයයි මහත්තයයි දුවව බය නැතුව මෙහේ තියන්න.

මගේ දරුවෙක් වගේ මම බලාගන්නම්….

පොඩ්ඩක්වත් බයවෙන්න එපා…

දවල්ට ඉන්නෙ මම විතරයි…

පුතායි මහත්තයයි එන්නේ රෑ වෙලා…

ඔයා ලග තියෙන්න මට බය නෑ මධාරා…
එහෙනම් දුව මධාරා ආන්ටිට කරදර නොකර ඔයාගේ වැඩ කරගන්න ඕන…

අම්මී…😣

හරි හරි ඔන්න ඉතින් පොඩි ලමයෙක් වගේ..

ඇය නමින් #පැහැසිදිහන්සාපතිරණ

දෙවන වරට ජීව විද්‍යා අංශයෙන් උසස් පෙල හදාරන ඇය සාමාන්‍ය චාම් පෙනුමක් තිබුන පවුලේ එකම දරුවාය…

එම නිසා ඇය තරමක් ආත්මාර්ථකාමීය…

නමුත් අහිංසකය..

මව ගුරුවරියක් වන අතර පියා වෛද්‍යවරයෙක්‍ ය…

සෙනේ අපි යමුද එහෙනම්…..

භානු තම සැමියාට පවසමින් පැහැසි දෙස බැලුවාය…

ඔව් නේද…

හොස්පිටල් එකට යන්නත් ලේට් වෙනවා….

එහෙනම් දූ අපි ගිහින් එන්නම්..

මොනවා හරි ඕන උනොත් කෝල් එකක් දෙන්න…

හ්ම්ම්….😥

භානු මධාරා දෙස සිනාසී බලා අඩන්නට සැරසෙන පැහැසි ලගට ගොස් ඇයව තම සිරුරට වත්තම් කරගෙන හිස අතගාන්නට විය…
පැහැසිගේ දෙනෙත් බිමට බර වී තිබුනි….

හොදට එක්සෑම් එක පාස් වෙන්න මහන්සි වෙන්න දුවේ…

දන්නවනේ ඔයා තමා අපේ බලාපොරොත්තුව කියලා…

ක්ලාස් යන්න..

ප්‍රශ්නයක් උනොත් අපිට කියන්න නැත්නම් මධාරා ඇන්ටිට කියන්න..හොදද…

හ්ම්…

ඇය හිස දෙපසට වනා තම මවගේ කකුල් අල්ලා වැන්දාය…
වාහනය ලග සිටි තාත්තා ලගට ගොස් ඇය වැදීමට පාත් වනවාත් එක්කම ඔහු ඇගේ දෙවුරසින් අල්ලා තම පපුවට තුරුලු කරගත්තේය…

තාත්තා…😥😥

අපි ලොකු දුරක් නෑනේ දුව…
මම එන්නම්කෝ බලලා යන්න…
ඔයා දැන් හිතන්න ඕන ගෙදර එන එකට වඩා එක්සෑම් එක ගැන..

හරි තාත්තා….

හරි අපි යමු භානු…

හරි සෙනේ…
මධාරා අපි එහෙනම් ගිහින් එන්නම්….
මෙන්න මේක….

භානු මධාරාගේ අත ගෙන අල්ල මත යමක් තබා එය මෙට මෙලවීය…

අනේ….මේ…මේ මොනාද…😯

එපා කියන්න නම් එපා මධාරා…
මේක ගන්න ඕනමයි…

අනේ පිස්සුද භානු….මට එපා…මෙන්න මේක ගන්න…..

මධාරා…..එහෙනම් අපි දුවව එක්ක යනවා….

ඕක දෙන්නේ ඔයා අපේ දුවව බලාගන්නේ නෑ කියලා හිතලා නෙවෙයි..

මගේ කෙල්ලව මටත් වඩා හොදට ඔයා බලාගනියි..

එහෙම හිතනවනම් මෙහෙම සල්ලි දෙන්නේ ඇයි….

මුකුත් හිතන්න එපා අපි කැමැත්තෙන් දෙන දේනේ…

මෙයාව බෝඩිමක නතර කරා නම් අපි මීට වඩා වියදම් කරනවනේ…

භානු…..යමුද….

අනේ මධාරා අපි එහෙනම් යනවා…හොද ලමයා වගේ ඕක තියාගන්න…

දූ අපි යනවා…

පරිස්සමෙන් ඉන්න එහෙනම්…

හරි අම්මී…

අම්මත් තාත්තත් යන දෙස කදුලු පිරි දෙනෙතින් බලාගෙන සිටි පැහැසි ලගට මධාරා තම පියවර තැබුවේ ඇයව අස්වැසීමයට…

අපි යමු දුවේ ගෙට…

අඩන්න එපා….

ටික දවසක් ඉන්නකොට හරි යයි…

ඊට පස්සේ ඔයාට අපිව දාලා යන්න බැරිවෙයි.

අපි යමුකෝ ඔයාගේ කාමරේ බලන්න….

එන්න…😌

_🌛🌛🌛

අර දුව ආවාද..

සවස වැඩ ඉවර වී නාගෙන ගෙට එන ගමන් තාත්තා ඇසිය…

ඔව් පුතාලගේ තාත්තේ….කාමරේ ඉන්නවා…ටිකක් දුකෙන් ඉන්නේ….

ඉතින් ඔයා ගිහින් බැලුවේ නැද්ද…

මම ගියා…හැමවෙලේම කරදර කරන්නත් බෑනේ…

මේ ඒක නෙවෙයි පුතාලගේ තාත්තේ ගෙදරට බඩු ටිකක් ගෙනත් දාන්න වෙයි….

අපි කන විදියට කන්න දෙන්න බෑනේ මේ දරුවට….

ම්ම්ම්ම්…
මම හෙට එනකොට අරගෙන එන්නම්…
කෝ කොල්ලා තාම ආවේ නැද්ද..

තාම නෑ…

තාම නෑ කියන්නේ….
දැන් වෙලාව අටත් පහුවෙලා…මූ ඔෆිස් එකේ සිකියුරිටි ජොබ් එකත් කරනවද…

අනේ මං දන්නේ නෑ ඒ ලමයගේ වැඩ…කියලා හදන්න පුලුවන් ද..

එහෙම කියලා බෑ…ඔයා ටිකක් තදින් කියන්න…දැන් ගෑනු දරුවෙකුත් ගෙදර ඉන්නවා කියලා…මුගේ ඔය රස්තියාදු වැඩ ඉවරයක් නෑනේ ඇත්තමයි….මගේ ම පුතා මූ නම්…🤨

සඳෙව්නෙත්සරවිතානගේ පෞද්ගලික ආයතනයක සේවය කලේ උසස් පෙල අසමත් වීමත් සමඟය…

පාසල් කාලයේ පටන් ම ගෙදරට අකීකරු වූ ඔහු කල්ලි ගැසි තැන් තැන් වල කල් මරමින් සිටි අයෙක් ලෙස ගමේම ප්‍රසිද්ධ ය..

නමුත් ඕනම අයෙක්ට උදව් කිරීමට දෙපාරක් හිතන්නේ නැත…

තාත්තගේ පෙරැත්ත මත අවුරුදු විසිහයක් වන විට ඔහු රැකියාවක් සොයාගත්තේය…

නමුත් ඔහුගේ හැසිරීමේ නම් වෙනසක් සිදු නොවුනි….

දුව එන්න කෑම කන්න…..

මධාරා කෑම මේසය සකස් කර පැහැසිට අඩගැසුවාය.

කතා කරපු පලමු සැරෙන්ම ඇය එලියට ආවේ නුහුරු නුපුරුදු තැනක තවමත් ආගන්තුක හැඟීමක් හද තුල කැකෑරෙන නිසාය…

දණහිසෙන් තරමක් පහලට වන තෙක් දික් වූ ඩෙනිම් කලිසමකින්ද කහ පැහැති ටීෂර්ට් එකකින් සැරසි සිටි ඇය කොණ්ඩය ඉහලට කර ගුලියක් ගසා තිබුනි….

වාඩි වෙන්න දුව….

සඳෙව්ගේ තාත්තා මද සිනාවකින් ඇයට ආරාධනා කලේය…

දුවට හෙට ක්ලාස් තියෙද…

ඔව් අංකල්…

කොහෙද දුව ක්ලාස් තියෙන්නේ …

සිප්රෝ එකේ අංකල්…

සිප්රෝ….තනියම යන්න පුලුවන් ද දුවට….

ඇය බත් බෙදාගන්න ගමන් ඔහුගේ ප්‍රශ්න වලට පිලිතුරු දෙන්නට විය…

යාලුවෙක් ඉන්නවා අංකල්…
ම්ම්ම් එයා එක්ක හොයාගෙන යන්න පුලුවන්….

එහෙම යවන්න……බෑනේ මධාරා….හරි අපි උදේට බලමුකෝ…බෙදාගෙන කන්න…

අම්…..මේ……🙂

ඔහුගේ කටහඩ අඳුරගත් මධාරා පැහැසිගේ මුහුන දෙස බලා මද සිනාවක් පෑවේ බයවෙන්න එපා වැනි හැඟීමකිනි…

ආ….මේ මොක…🤨

ගෙට ගොඩවෙනවත් එක්කම පැහැසිව දුටු සඳෙව් කියන්න ගිය දේ ගිල ගත්තේ මුහුන හදාගනිමිනි…
පැහැසි ද හිස ඔසවා ඔහු දෙස බලා නැවතත් මුහුන පිඟානට ඔබාගත්තාය…

මොකද මෙච්චර පරක්කු…🤨

යාලුවෙක්ගේ ගෙදර ගියා…

එහෙම කියාගෙන සඳෙව් ආදා වගේ කාමරයට ගියේ සුපුරුදු හැසිරීම වලක්වගෙනය…

දුව එහෙනම් කන්නකෝ…මම පොඩ්ඩක් අපේ කොල්ලව බලලා එන්නම්..

එසේ කියා මධාරා සඳෙව්ගේ කාමරයට ගියාය…

කව්ද අම්මේ ඒ….
ඔයාලත් කොහෙන් හරි උස්සගෙන එනවා කාවහරි…

කෑ ගහන්න එපා පුතේ….ඒ ලමයට ඇහෙයි…
මම මේ කියන්නමයි ආවේ…
ඒ ලමයා විභාගේ ඉවර වෙනකන් ඉන්නේ මෙහේ…

මොකක්…ඒ ඇයි…

කමිසයේ බොත්තම් ගලවමින් ඔහු අම්මාගෙන් විමසීය…

ඒ ලමයට ගෙදර ඉදන් ක්ලාස් යන්න දුරයි…

එයාගේ අම්මා මගේ යාලුවෙක්…

ඉතින් මෙහේ නතර කරගන්න කිව්වා.

ඔය කෙල්ලට වෙන බෝඩිමක් හොයාගන්න කියන්න අම්මේ…
අපේ නිදහස නැතිවෙනවනේ…
මඟුල…

අනේ ඔව්…

මහලොකුවට ගෙදර ඉන්න මනුස්සයා…

අනේ මේ කොල්ලො මම උඹෙන් උපදෙස් ඇහුවේ නෑ..ඉස්සරහට හොදට හැසිරෙන්න කියලයි කිව්වේ….එනවා මෙතන මගේ තාත්තා වෙන්න…😡

ඔය ඉතින් අම්මත් තාත්තා වගේ පුප්පන්න පටන් ගත්තනේ…

හරි හරි ඕන එකක් කරගන්නකෝ…

බඩගිනි අනේ….මට බෑ ඔය කෙල්ලෝ එක්ක කන්න…

බත් එකක් බෙදලා ගේන්නකෝ….

හොද අම්මනේ…🙂

අනේ පලයන් චාටු දාන්නේ නැතුව….

මධාරා එසේ සැර උනත් ඒ වචනවල තිබුනේ ආදරණීය හැඟීමකි….

තම එකම පුතා ඇයට මහමෙරක් තරම් වටින්නේය…බොහෝ වෙලාවට අම්මා පුතා යන හැඟීමට වඩා සඳෙව් ප්‍රිය කලේ අම්මා සමඟ මිතුරෙක් මෙන් කටයුතු කිරීමටය…එම නිසාම හිතට එන හැමදේම වක්කඩ කැඩුවා වගේ කියාගෙන ගොස් බැනුම් ඇසීම ඔහුට සිත රිදවන කාරණයක් නොවීය…එය ඔහුගේ දින චර්‍යාවේ එක කොටසකි….

සියලු දෙනාම කෑම ගෙන අවසන් වී තම තමන්ගේ කාමරවල සිටි අතර මධාරා කුස්සිය අස්පස් කරමින් සිටියාය…

ආන්ටි…

ආ….කියන්න දුවේ…

මගේ මේ ඇඳුම් ටික….මැදගන්න…

ආ මම මැදලා දෙන්නද…

අනේ අනේ එපා ආන්ටි…මට පුලුවන්…තැන විතරක් පෙන්නන්නකෝ…

ආ එන්න….

රෙදි කඩකින් අත පිසදාන ගමන් මධාරා කෑම කාමරයේ කෙලවරට වන්නට තිබූ අයන් බෝඩ් එක පෙන්වා ස්විච්චය ද දැමිය.

මැදගන්න දුවේ…

හරි ආන්ටි…🙂

පැහැසි රෙදි මැද මැද ඉන්න අතරේ සිංදුවක් මුමුණමින් ඇඳුම කරේ දාගෙන සඳෙව් එතනට ආවේය..

ආ…🤨
වෙයිටින් ලිස්ට් එකේ ඉන්න වෙයි වගේ…

නෑ නෑ එන්න අයියා මැදගන්න….මම පස්සේ මැදගන්න…

හ්ම්ම්ම්…කෝ අයින් වෙනවා එහෙනම්…

(මේ ගොනා…ලේඩිස් ෆස්ට් කියන තියරිය නිකමටවත් දන්නේ නැති ගොනෙක්)

බලාගෙන ඉන්නේ මොකද්ද…මීට කලින් රෙදි මදිනවා දැකලා නැද්ද….🤨

පුතා…😡
මොකද්ද ඒ කිව්වේ…

නෑ තාත්තේ මම…මේ…😣

(හරිනේ දැන් ඉතින් මේකී ඉස්සරහා මගේ රෙදි ගලවයි)

ලැජ්ජා නැද්ද මනුස්සයෝ…මේ ලමයා අපේ ගෙදරට ආව අමුත්තෙක්…මෙහෙම ද සලකන්නේ…ආ….

පැහැසි බිම බලාගෙන හිටියේ තමන් අතින් වැරැද්දක් උනාදෝ යන හැඟීමෙනි….ඒ වගේ ම බියෙනි.

ඔෆිස් යන්නෙත් 8ට විතර…මහලොකුවට පාන්දරම යනවා වගේ රෙදි මදින්න හදිසිය…

අම්මානේ කියන්නේ රෑට මැදගන්න කියලා…හ්ම්…

ඔව් ඔව් අම්මා කියන දේම අහන එකා…පස්සේ මැදගන්නවා ඕක..මේ ලමයට මැදගන්න දීලා…

(ඔව් ඉතින් මෙයාට ගෙදර ඉන්න බල්ලත් ලොකුයිනේ මට වඩා…)

සඳෙව් මැද මැද හිටපු කමිසය පොඩි කරමින් ගන්න ගමන් පැහැසි දෙසට නපුරු බැල්මක් හෙලීය…

(දුෂ්ට බෝඩිම්කාරි 😠)

ආ…පුතේ….

තාත්තේ….

යන්න ගිය තාත්තා නැවති සඳෙව්ට කතා කලේය.

මේ දුවගේ ක්ලාස් එක තියෙන්නේ සිප්රෝ එකෙලු.මට මතක විදියට ඒක තියෙන්නේ ඔයාලගේ ඔෆිස් එක පැත්තෙනේ ..

එහෙම…ද….🤨

එහෙමද අහන්නේ…ඔෆිස් ගියේ ඇස් දෙක කටේ දාගෙනද…

නෑ නෑ අනේ දන්නවා දන්නවා…කියන්නකෝ ඉතින්…

හෙට උදේ ටිකක් කලින් ලෑස්ති වෙලා මේ ලමයව ක්ලාස් එකෙන් දාගෙන යන්න…

අනේ ඕන නෑ අංකල්..මම හොයාගෙන යන්නම්…

(මට බෑ මේ මල හොල්මන එක්ක යන්න)

මෙයා හොයාගෙන යන්නම් කියනවනේ තාත්තේ….

එහෙම යවන්නේ කොහොමද..

හෙට අපේ පුතා එක්ක යන්නකෝ…

ක්ලාස් එක ලගටම ඇරලවයි…

මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ඔෆිස් එකේ මෙයා ඉන්නවා ගිහින් කියන්න…

ඔයා ඔෆිස් එකත් පෙන්නන්න….

සඳෙව් දෙස බලා පැවසීය.

හරි තාත්තේ…

හ්ම්ම්ම්ම්….

තාත්තා එතනින් ගිය පසු සඳෙව් ගියේ කුස්සියට ය…

මතු සම්බන්ධයි

පාඨක ප්‍රතිචාරය මත කතාවේ කොටස් ප්‍රමාණය තීරණය කරන්නම්…