පළාත් පාලන ආයතන දෙකක 2020 අයවැය යෝජනා අද (16) පරාජයට පත් වුණා. ඒ, එක්සත් ජාතික පක්‍ෂයට බලය හිමි ගඟවට කෝරලේ ප්‍රාදේශීය සභාවේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි බදුල්ල මහ නගර සභාවේයි.
ගඟවටකෝරලේ ප්‍රාදේශිය සභාවේ අයවැයට පක්‍ෂව ඡන්ද 9 ක් ප්‍රකාශ වූ අතර විපක්‍ෂව ප්‍රකාශ වූ ඡන්ද ගණන 12 ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 9 දෙනා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභිකයන් දෙදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ සභිකයා විපක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළා.
බදුල්ල මහ නගර සභාවේදී අයවැයට පක්‍ෂව ඡන්ද 12 ක් ප්‍රකාශ වූ අතර විපක්‍ෂව ඡන්ද 13 ක් ප්‍රකාශ වුණා. විපක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දස දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 3 දෙනායි.
Advertisment