සෙනෙහසට ඇරයුම
23 වන ඇරයුම
️💌💣💥
මන් ඉස්කෝලේ ගිහින් අනූව බලද්දි අනූ අද ඉස්කෝලේ ඇවිත් නෑ .. පුදුමයි..එහෙම වෙන්නෙ නෑ නෙ.. එන්නෙ නැත්තම් මට කියනව.. මොකද හවසට අනූ යන්නෙ මාත් එක්ක.. ඊයෙ එහෙම මොකුත් කිව්වෙත් නෑ කෝල් එකක් දුන්නෙවත් නෑ ..මොකක් හරි ප්‍රශ්නයක් ද දන්නෙ නෑ ..
කියල මන් අනූට කෝල් ගත්ත.. රින්ග් වෙනව ආන්සර් කරන්නෙ නෑ ..කෝල් 5ක් විතර අරන් ආන්සර් නැති නිසා ෆෝන් එක බිමින් තියද්දිම සේව් කරපු නැති නම්බර් එකකින් කෝල් එකක්..
හෙලෝ..
මැණික ..
අහ්..
මැණික එක පාරක් කතා කරන්න මාත් එක්ක..
තේජා..
ප්ලීස් ..
මන් ෆෝන් එක කට් කරල දැම්ම ..දිගින් දිගටම කෝල් එද්දි මන් ඒ හැම එකක්ම කට් කරල දැම්ම ..
Manika plz mawa asarana karanna epa
ඒ පාර මෙසේජ් එද්දි මට තරහ ගියා ..
මන් කෝල් එකක් ගත්ත ..
මැණික ..
මේ අහන්න .. මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑ .. මට වදයක් නොවී ඉන්න ..ප්ලීස් ..
අනුට කියන්න මොනවහරි තියෙනවද එහෙනම්
මො..මොකක්ද
අනෙ නිත්‍යා ..අනෙ..මාව බේරගන්න නිත්‍යා ..
ඒ.අනූ..
අනූ ..අනූ ..කොහෙද ඉන්නෙ ..මොකද උනෙ අනූ ..
මැණික දැන්වත් කතා කරනව ද..
දෙය්යනෙ..මොනවද මේ.කරන්නෙ තේජා .. අනූව අතාරින්න..
මාත් එක්ක කතා කරනව ද එහෙනම්
අනූව අතාරින්න..
එහෙනම් ඔය නවත්තල තියෙන රතු පාට වීල් එකට නගින්න..
මොකක්
ඒක එක්කන් එයි ඔයාව මගෙ ලගට
මට ටිකක් දුරින් තියෙන රතු පාට වීල් එකට මන් ඉක්මනට ගිහින් නැග්ග… අනූට මොනවහරි කරයි කියල මට බය හිතුනා..
වීල් එක අන්තිමට බිල්ඩින් එකක් ලග නැවැත්තුව.. මිස් ඇතුලට යන්න..
මන් දුවගෙන ඇතුලට ගියා..
අනූ..
මැණික ..ආවද ඔයා..
අනූ කොහෙද..
අනූව පුටුවක ඉන්දවල … හතර පස් දෙනෙක් එයාව වට කරන් ..
තේජා මොකක්ද මේ..අනූට යන්න දෙන්න..
නිත්‍යා මට කතා කරන්න ඕන..
මනුස්සකමක් නැද්ද තේජා.. ඉවර නැද්ද ඔයාගෙ සෙල්ලම .. මොනවද තව ඕන
ඔයාව
මොකක්
මට ඕන ඔයාව..අපි බදිමු ..
අහ්
දැන් බදිමු …
පිස්සුද
ඔව් මට පිස්සු..
අනු එන්න යන්..
මන් අනූ ලගට ගිහින් එයාගෙ අතින් අල්ලන් එතනින් එද්දිම
නිත්‍යා .. හරි ඔයා යන්න හැබැයි එක දෙයක් .. ඔය ගෙදර යද්දි ඔයාගෙ අයිය හිරේ ඉදියි ..
අහ්..
මන් ආපස්සට හැරුනෙ ඒ.පාර.මොනවද.කියන්නෙ බලන්න..
තේජා එයාගෙ ෆෝන් එක අරන් මට පෙන්නුව.. අයිය යාලුවො කට්ටියක් එක්ක ඉන්නව.. ඒත් තේජා කොහොමද අය්යව??
දැන් ඔය මට බෑ කියල ගියොත් .. මෙතන ඉන්න මගෙ එකා අය්යගෙ බෑග් එකට කුඩු පාර්සල් එකක් දානව.. ඊට පස්සෙ පොලිසියට ඔත්තුවත් අපිම දෙනව.. මේ දවස් වල කුඩු වලට ඇල්ලුවොත් ඇප නෑ .. කෙලින්ම හිරෙ..
ඔයා එහෙම කිසි දෙයක් කරන්නෙ නෑ ..
එහෙනම් මාව බදින්න..
මට බෑ ..
අනෙ නිත්‍යා ..
අනූ අඩ අඩම මන් ලග ඉන්නව
තේජා මොන පිස්සුවක් ද මේ.. ඇයි මෙහෙම පලිගන්නෙ..
ප්ලීස් නිත්‍යා .මට මේ දේවල් කරන්න ඕන නෑ .. ඒත් ඔයා මන් කියන එකක් අහන්නෙ නෑ .මට ඔයාව ඕන මන් කිව්වනෙ ..
ප්ලීස් මගෙ පව්ලට මොකුත් කරන්න එපා..
මන් වැදල තෙජාගෙන් ඉල්ලුව..
සෙමා.. රෙජිස්ට්‍රාර්ට එන්න කියපන්..
කාමරෙන් එලියට ගොය සෙමා ආයෙ කාමරේට ආවෙ ලොකු පොතක් අතේ තියෙන රෙජිස්ට්‍රාර් කෙනෙක් එක්ක..
නිත්‍යා ..
මගෙ ඇස් ඉස්සරහ මැවුනෙ මගෙ පව්ල.. ඒ අය මට මගේ අතීතෙ මතක් කරල දීපු විදිහ.. මාව ආදරෙන් බලාගත්ත විදිහ..අයිය මාව නංගි කියල පිලිගත්ත එක ඒ හැමදේම .. ඒ ඔක්කොම ඉවරයි අය්යව කුඩු නඩුවකට අහු උනොත් .. අය්ය අමුතුයි කියල හැමෝම හිතන්නෙ.. ඒත් මන් දැන් දන්නව අය්ය එහෙම උනේ ඇයි කියල..අය්ය ඔහොම උනේ මන් නිසා.. මන් හින්ද තව්ත් අය්යගෙ ජීවිතේ විනාස වෙන්න දෙන්න බෑ .. අය්ය හිරේ ගියොත් ඒක කාටවත් දරාගන්න බැරි වෙයි .නංගිට ඉස්සරහට ලොකු ප්‍රශ්න එයි එහෙම දෙයක් උනොත් .. කොච්චර සල්ලි තිබ්බත් තාත්තට බේරන්නත් බැරි වෙනව.. අම්ම ලෙඩ වෙනව..මගෙ ජීවිතෙ වටින්නෙ නෑ එයාල නැත්තම් .. ඒ හැමදේම මගෙ ඇස් ඉස්සරහ මැවිල පේද්දි .. මන් අඩ අඩම දණිස් දෙකෙන් බිම වැටුන ..
ප්ලීස් ..
මැණික අහන්නකො ..
ඇයි මෙහෙම කරන්නෙ..මන් මොනවද කරේ..
මන් අඩ අඩම ඇහුව
අනෙ අඩන්න එපා මැණික .. මන් දුකක් දෙන්නෙ නෑ කවදාවත් ..
අනෙ නිත්‍යා ..
මන් ඔයාව බැන්දොත් මගෙ කාටවත් කරදරයක් කරන්නෙ නැද්ද..
නෑ මැණික ..සත්තයි ..
මගෙ ඉස්සරහ කිසි විකල්පයක් නැති වෙද්දි .. මන් අසරණ උනා.. අම්ම , තාත්තා ,නංගි ,අයිය , සංකල්ප ,එයාගෙ ගෙදර අය..අනූවත් දැන් මේකට අල්ලගෙන..
ම..ම..මන් බදින්නම්..
ඇත්තමද මැණික
මන් නැගිට්ට…කදුලු පිහදගත්ත..
කොතනද අත්සන් කරන්න ඕන..
එන්නකො මැණික
තේජා මගෙ අතින් අල්ලන් එතනට එක්කන් යද්දි මන් හැගීම් දැනීම් නැති ගානට එතනට ගියා ..
අනූ ඔයා නිත්‍යාගෙ පැත්තෙන් අත්සන් කරන්න .. සෙමා උඹ මගෙ පැත්තෙන්..
නිත්‍යා .. මේක කරන්න එපා.. ප්ලීස්..
අනූ මෙතන අත්සන් කරන්න..
නිත්‍යා එපා..
අනූ ප්ලීස් ..
මට බෑ ..
දවසකට හරි මාව යාලුවෙක් කියල පිලිගන්නව නම් මේක අත්සන් කරන්න
අනූ අඩ අඩ එතන අත්සන් කරා.. ඊට පස්සෙ සෙමා.. තේජා..අන්තිමට මන්.. මගෙ ජීවිතෙ තියන හැමදේම බේරෙගන්න ඕන නිසා මන් එතන අත්සන් කරා..
මන් නීතියෙන් තේජා ගෙ බිරිද උනා.. තේජ මාව බදාගද්දි මන් මැරිච්ච මනුස්සයෙක් වගෙ හිටිය ..
ගෙදර යන් මැණික ..
මොන ගෙදර ද.
ඔයාලගෙ ගෙදර .. අම්මලගෙන් ආශිර්වාද ගන්න ..
මන් තේජා එක්ක අපෙ ගෙදර ආවෙ අනූව එයාගෙ ගෙදරින් බස්සල..මේ වෙච්ච කිසි දෙයක් අපෙ ගෙදරට කියන්න එපා කියල පොරොන්දු කරන් ..
මන් ගෙදර එද්දි ඔක්කොලාම ගෙදර … සිතිජ ඇවිත් ..දෙය්යනෙ..එයා රට ගිහින් එන ටිකට මන් කසාදයක් කර්ගත්ත කියල මන් කොහොමද කියන්නෙ..
අහ් දුව .. මෙන්න අපිව පුදුම කරන්න කියන්නෙම නැතිව ඇවිත් ..
ස..සිතිජ ..
ඒ එක්කම හැමෝම තේජාව දැක්ක ..
තමුන් .. තමුන් මොකද මෙතන කරන්නෙ..
අංකල් පොඩ්ඩක් කතා කරන්න ඕන..
කතා කරන්න ..මොනවද කතා කරන්න තියෙන්නෙ.. බහිනව එලියට..
මට බය හිතුන.. තාත්තගෙ තරහ හින්ද තේජා මගෙ පව්ලට මොනවහරි කරොත් ..
තාත්තා .. මන් තේජාව බැන්ද..
මොකක්..
දුව..
නිත්‍යා .
තාත්තා , අම්ම , සිතිජ තුන් දෙනාම හිටපු තැනින් නැගිටෙද්දි මන් දොරකට එහෙම්ම හිටිය .. තේජා ඒ ඇගිලි මගෙ ඇගිලි වල පටලවගත්තෙ ඒක ඇත්ත කියල පෙන්නන්න වෙන්න ඇති ..
දුව .. මොනව ද මේ කියන්නෙ..
අංකල් මන් කියන්නම්..
මන් කතා කරන්නෙ මගෙ දුවත් එක්ක..
තාත්තා .. අපි බැන්ද ..
මන් අඩ අඩම කිව්වෙ..මට ඊට එහා කිසි දෙයක් කියන්න තේරෙන්නෙ නැති හින්ද ..
අංකල් .. නිත්‍යා මට ආදරෙයි .. මන් නිත්‍යා ට ආදරෙයි .. සොරි සිතිජ ..ඒත් මේක කරන්න උනා අපිට..
මන් තේජාගෙ අත ගසල දාල බදා ගත්ත..මන් දනංනව එයාලට මේක දරාගන්න බෑ කියල…
දුව .. ඇත්ත කියන්න .. මේ මනුස්සය ඔයාව බය කරා නේ ද..
න්..නෑ තාත්තා ..
දුව මේ බොරුවක් නේ ද..
නෑ අම්ම..
ඇයි දරුවො එහෙම කරේ.. එහෙම දෙයක් තිබ්බ නම් අපිට කියන්න තිබ්බ නෙ .. එහෙනම් අපි අකමැති වෙන්නෙ නෑ නෙ .. සිතිජ ට ඇයි එහෙනම් කතා කරේ…
අංකල් .. නිත්‍යා බය උනා .. ඔයාල අපිට කැමති වෙන්නෙ නැති වෙයි කියල.. ඒකයි
දුව ඇත්ත ද ඒක..
ඔ .ඔව් තාත්තා ..
එතකොට සිතිජ ..
අංකල් ල කැමති නිසා සිතිජ ට කතා කරේ..
නිත්‍යා .. බබා.. ඇයි මේ..අපි බදින්න නෙ හිටියෙ.. ආදරේ නැත්තන් මට කියන්න තිබ්බ නෙ ..
සොරි සිතිජ ..
සිතිජ එතනින් ගියේ තේජාව තල්ලු කරල..
අම්ම අඩනව .. තාත්තා කර ගන්න දෙයක් නැතිව පුටුවට වැටුනා.. අයිය ආවෙත් ඒ වෙලාවෙමයි ..
හැමෝගෙම මූණවල් බලල ප්‍රශ්නයක් කියල අදුරගන්න අය්යට වෙලාගියේ නෑ
තාත්තා මොකද උනේ.
අම්ම..
ඒ දෙන්නගෙන්ම උත්තරයක් නැති හින්ද අඩ අඩ ඉන්න මන් දිහා ට හැරුන ..
නංගි .. ඔයාවත් කියන්න.
ඇයි මූ මෙහේ
අ..අය්..අයිය ..මන් ..බැන්..ද..තේජා..ව..
මොකක්.. තමුසෙට පිස්සුද නංගි ..මූ කව්ද කියලවත් දන්නව ද.. මට හරි කියන්න තිබ්බ නෙ..
ඔයාව බේරගන්න තමා මේ හැමදේම කරේ කියල මන් කොහොමද කියන්නෙ.. ඔයාල හොදින් ඉන්න ඕන අයිය .. එච්චරයි මට ඕන..
දුව.. මට ඇත්ත කියන්න..මේ දේවල් උනේ ඔයාගෙ කැමැත්තෙන් ද..
ඔ..ඔව් තාත්තා ..
හ්ම්ම් .. අපෙන් මොකක් හරි අඩුවක් උනද දුව.. අපෙ සතුට නෙමේ අපි කිව්වෙ ඔයාගෙ සතුට හොයාගන්න කියල.. මේ මනුස්සය එක්ක නම් ඔයාගෙ සතුට තියෙන්නෙ අපි එපා කියන්නෙ නෑ නෙ .. ඒත් මට හිතෙන්නෙ නෑ ඔයා සතුටෙන් කියල..
නෑ තාත්තා .. මට මොකුත් හිතාගන්න බැරි උනා ..
ඔයා සතුටෙන් ද දුව
ඔව් අම්ම
ඒත් ඇයි මේ දේවල් මෙහෙම කලබලෙන් …
සුප්‍රියා .. දැන් අඩල.වැඩක් නෑ .. අපෙන් මොනවහරි වැරැද්දක් වෙන්න ඇති .. ලමයි දැන් පොඩි නෑ . එයාල එයාලගෙ තීරණ තනියම ගන්නව..
අනෙ තාත්තා ..
හ්ම්ම් කමක් නෑ දුව.. සතුටෙන් ඉන්නව නම් ඒ ඇති අපිට ..
නිත්‍යා අපි යමු ..
තේජා අම්මටයි තාත්තටයි වදිද්දි මමත් වැන්ද .. මන් අය්යව බදාගත්ත ..
අම්මවයි තාත්තවයි බලාගන්න…
මෝඩියක් නංගි උඹ
මන් අඩ අඩම ගෙදරින් ආව… තේජා ත්‍රී වීල් එකක් නතර කරන් ඒකට නගින්න කිව්වම මන් නැග්ගෙ ගේ දිහා එක පාරක් බලල..මට සමාවෙන්න අම්ම , සමාවෙන්න තාත්තා …
තේජා වීල් එකේදි මගෙ අත අල්ලගන්න හදද්ද් මන් ඒ අත ගසල දැම්ම.. මට තියෙන හැමදේන නැති කරල දැන් මගෙ මිනිස්සු මගෙන් ඈත් කරල..මාව ඔයාගෙ කරගන්න හිතෙනව නම් ඒක තමා ඔයා කරගත්ත වැරැද්ද.. මන් කවදාවත් ඔයාගෙ වෙන්නෙ නෑ .. මන් මටම පොරොන්දු උනා..
පැය 2කට විතර පස්සෙ ගෙදර ලගින් වීල් එක නැවැත්තුව .. ඒකෙන් බහිද්දි මට තේරුනා මන් තව දුරටත් ඒ හිටපු මනුස්සය නෙමේ කියල
තේජා දොර ඇරන් ගේ ඇතුලට ගියා..
එන්න මැණික ..
මන් කිසි හැගිමක් දැනීමක් නැතිව ඒ ගේ ඇතුලට ගියා …
මේ තමා අපෙ ගෙදර .. එතකොට මේ කාමරෙ .. වොශ් එකක් දාගෙන එනව ද මන් ඉක්මනට කන්න අරන් එන්නම්..
කියල තේජා ගියා .. මන් එහෙම්ම කාමරෙ මුල්ලෙන් බිම ඉදගත්ත ..
මට සමාවෙන්න .. මට හොද දුවෙක් වෙන්න බැරි උනා .. ආදි මට සමාවෙන්න . ඔයා ඉල්ලපු දේ මට කරන්න බැරි උනා..
මන් දණිස් දෙක උඩ ඔලුව තියන් අඩ අඩම හිටිය..
තේජා ආයෙත් ආව..
නිත්‍යා ඇයි අඩන්නෙ..වොශ් එකක් දැම්මෙ නැද්ද.. එන්න කමු.. උනුවෙන් තියෙනව..
ඒ අත මගෙ උරහිසෙන් තියද්දි මන් ඉක්මනට ඒ අත ගසල දැම්ම..
තරහද මාත් එක්ක..
…….
හ්ම්ම් …
තේජා එතනින් ගියා..
මන් අඩ අඩම බිම දිගා වුනා.. අම්මගෙ තාත්තගෙ මූණවල්.. ඒ දුක..ඒ පව ඒ මිනිස්සුන්ට දුන්න දුක .. මට පලවෙනි හිතුන අම්මයි තාත්තයි එක්ක මාත් මැරිල ගියානම් කියල..