ආදරේ නාමයෙන් 💕
12 වන දිගහැරුම

මන් හිතපු දේ හරි ගියා.. අභී ආව.. අභී මාස පහකින් ආයෙ ආව අභී රට ගිහින් අව්රුදු 2ක් වෙනව මේ දෙවනි අව්රුද්ද යන්නෙ..කාලෙ ඉක්මනට යන්නෙ නෑ … දැක්ක ගමන් පැනල බදාගන්න මන් දෙපාරක් හිතුවෙ නෑ .. මාසයක් ඉන්නව කිව්වම ඊට එහා දෙයක් නෑ මට..

මට අභී එක්ක බීච් යන්න හරි ආසයි .. රැල්ල දිහා ඔහේ බලන් කතා කර කර ඉන්න .. ඒ හින්ද ලෙක්චර්ස් කට් කරන් අපි දෙන්න බීච් ගියා..හෙවන තියෙන අය්නක වාඩි වෙලා මන් අභීගෙ උරහිසේ ඔලුව තියාගත්ත.. සැනසීමය් ..

“පැංචි ..”

“හ්ම්ම් .. “

අභී මොකුත් නොකිය මගෙ අතේ ඒ අත පටලගත්ත..

“ගෙදරට කියමු නේද .. දැන් අව්රුදු 5ක් පැංචි .. හැංගි හැංගි ආදරේ කරනව.. අපිට අනාගතයක් තියෙන්න ඕනෙ .
.මට ඔයා ඕනෙ .. එකපාරටම කැමති වෙයි ද නැද්ද මන් දන්නෙ නෑ .. ඒත් කොහොමහරි කැමති වෙයි ..ඊට පස්සෙ ඔයාලගෙ ගෙදර එන්නම්.. “

“හා අභී . කියන්න.. “
මන් රැල්ල දිහා බලාගෙනම කිව්ව..

“පැංචි ..”

“හ්ම්ම් “

“මොකද මේ”

“ඇයි “

“සද්දක්වත් නෑ .. ගෙදරට කියමු කිව්ව විතරයි හා කිව්ව.. ඇයි මෙ..”

“තේරෙන්නෙ නෑ මට.. “

“බය වෙලා මැට්ටි .. “

මන් තදින් අභීව බදාගත්තෙ ඇත්තටම මන් බය වෙලා ඉන්න හින්ද.. මොකක්දො මහ නරක දෙයක් වෙන්න යනව වගේ දැනෙන හින්ද..

“ඔහොම බය වෙන්න එපා පැංචි ..මන් ඉන්නව නෙ ඔයාට.. “

“ඔයා විතරයි ඉන්නෙ මට අභී .. දන්නවද පුංචි අම්ම ගොඩක් වෙනස්කම් කරනව අභී මට…මට අමාරුයි … මට බෑ .. “

පොඩි එකෙක් වගේ මන් අභීට ඒ දේවල් කියල ඇඩුව.. අභීගෙ අත මිටිමොලවගන්නව මන් දැක්ක.

මාව ඈත් කරල මගෙ මූණට එබෙද්දි ඒ මූණ රතු වෙලා තරහටම..

“මන් කිව්ව නේද මට මොකුත් හංගන්න එපා කියල..”

“අනේහ්.. “

“ඇයි කියන දේ අහන්නෙ නැත්තෙ අහ්.. “

අභී ඉස්සරහ මට එව්ව හංගන් ඉන්න බැරි උනා.. නැතිව කියන්න හිතන් ආවෙ නෑ ඒ දේවල්..

“අ..අභී .. ඔයාට තරහ යනව.. ඒකයි කිව්වෙ නැත්තෙ.. මය බයයි ඔයාට තරහ ගියාම.. සොරී අභී ..මම්.මන් බය උනා. “

අභී මාව ඇදල අරන් ඒ පපුවට තුරුල් කරගද්දි මන් අඩ අඩම ගුලි උනා..ඒ පපුව වේගෙන් ගැහෙනව.. තරහටමද කොහෙද..

හිත සැහැල්ලු වෙනකල් කතා කරේ ඔහේ මුහුද දිහා බලන්.. ඔක්කොම අහන් ඉදල අභී කතා කරා..

“මන් අම්ම්ට කියනව පැංචි .. යන්න කලින් ඔයාලගෙ ගෙදරට කතා කරල එන්ගේජ් වෙන්න බලමු .. මන් එක්කන් යන්නම් ඔයාව ..”

“ඔයා හිතනවද අභී ඒක එච්චර ලේසි වෙයි කියල.. “

“ඒක කවදහරි එහෙම වෙන්න ඕනෙ.. “

“හ්ම්ම් .. බලමුකො ..අම්ම මොනවද කියන්නෙ කියල.. “

මන් ආය ගෙදර ආවෙ හිත ගොඩක් සැහැල්ලුවෙන් .. අභී මාව බදාගෙන ඉන්න ලස්සන ෆොටෝ එකක් ගත්ත.. එකක මන් අභීව බදන් ඉන්න හින්ද මගෙ මූණ පේන්නෙ නෑ .. එ උනාට ඒක ගොඩක් ලස්සනයි .. අනිත් එකේ අපි දෙන්න මූණට මූණ බලන් ඉන්නව..
මන් එනකල් ඒ ෆොටෝ දිහා බලන් ආවෙ අභීට තරහ ගිහින් එයා ලග ඉද්දි මන් ෆෝන් එක බදන් ඉන්නව කියල …

අභී මාව මගින් දාල ගෙදර ගියා. අද ගෙදර අය කතා කරනව කියල..

අභී ගියපු වෙලේ ඉදන් මන් දෙය්යන්ගෙන් ඉල්ලුවෙ එක දෙයයි .. මගෙ දේ මට දෙන්න කියල.. ඒ බය .. විනාඩියක් ගෙවෙන්නත් ගොඩක් වෙලා යනව වගේ.. මුලු ඇගම හිරිවැටිල වගෙ..

අභීගෙන් කෝල් එකක් එද්දි පලවෙනි රින්ග් එකෙන්ම මන් ආන්සර් කරේ ෆෝන් එක ලග තියන් බලන් හිටපු නිසා..

“හෙලෝ .. “

“පැංචි ..”

“අ..අභී ..අම්..අම්ම..”

“අම්ම අපිට කැමතියි මැණික .. බය වෙන්න එපා මැණික ඔහොම..”

“අ..අනෙ ..ඔය ඇත්තටම ද අභී ..”

“ඔව් පැංචි .. මට මාර සතුටුයි .. මගෙ මැණික .. ආදරෙයි මන් .. “

“අනෙහ් ..”
මට කතා කරගන්නවත් සිහියක් නෑ .. කදුලු නවත්තගන්නත් බෑ ..

“මැණික ..කතා කරන්නකො.. හෙලෝ .. පැංචි .. “

“අනෙ අභී .. “

“කො එන්න වීඩියො ඔන් කරන්න.. “

මන් වීඩියො ඔන් කරේ මන් අඩනව නේද කියලවත් වගක් නැතිව ..

“මැණික ඇයි මේ..අඩන්නෙ”

“මට සතුටුයි ගොඩක් .. අනෙ”

“මාව බය කරන්න එපා පැංචි .. ඔය කදුලු මගේ.. ඒව එහෙම නාස්ති කරන්න බෑ .. “

“අභී ඇත්තමයි නේ ද.”

“සත්තයි පැංචි ..”

අභීගෙ මූණ ලස්සන හිනාවකින් වැහිල.. ටික වෙලාවක් යනකල් කව්රුත් කතා කරේ නෑ .. මූණට මූණ බලන් හිටිය..

“ලගට ගන්න කල් ඉවසිල්ලක් නෑ පැංචි ..”

අභී නිහඩබව බින්ද..

“මටත් .. එන්න ..ඕන ඔයා ලගට.. අභී ..”

“අම්ම ඔයාව හම්බුවෙන්නෙ ඕන කිව්ව පැංචි .. ඊට පස්සෙ ගෙදරට කියමු කිව්ව ඔයාලගෙ.. “

“අනෙ මට බයයි අභී “

“ඒ මොකද “

“අම්ම මට කැමති උනේ නැත්තම්”

“මෝඩි .. අම්ම කැමති වෙලා ඉවරයි ..දැන් ඉතින් එයාට එයාගෙ ලේලි බලන්න ඕන වෙලා.. “

මන් හිනා උනේ අභීගෙ සතුට දැකල

“ඔයා මන් ලගට ආවම.. අපි අපේ පුංචි ලෝකෙ සතුටින් ඉමු පැංචි ..මන් පුලුවන් උපරිමේටම ඔයාව සතුටෙන් තියනව .. “

“මන් දන්නව පණ..”

“කියන්න වචන නෑ පැංචි මට..”

“අපෙ ගෙදරිනුත් ඔයාල ගෙදර වගේම කැමති උනා නම් ඇති .. “

“කැමති උනේ නැත්තම් මාව එපා ද”

“අනේ..”

“හ්ම්ම් .. එනවද මාත් එක්ක “

“එනව පණ … මොනව උනත් එනව..”

ඊට පස්සෙ හම්බුන හැම දවසක්ම සතුටින් ගෙව්නෙ .. අනාගතේ ගැන හීන දකිමින්.. ඒත් අභීගෙ ෆෝන් එක දැන් ගොඩක් බිසී..මාත් එක්ක ඉද්දිත් කෝල් මෙසේක් ගොඩක් එනව.. ඇහුවම යාලුවො පස්සෙ කතා කරනව එයාල එක්ක කියන්නෙ.. ඒත් මාව වාහනෙ තියල අභී ශොප් එකකට ගියපු වෙලේ ෆෝන් එක ජීප් එකේම තියල ගියා..

අභීගෙ ෆෝන් එකට ෆින්ගර් ප්‍රින්ට් දාල තිබ්බට පාර්ස් වර්ඩ් එක මන් දන්නව.. ඒත් එහෙම ෆෝන් එක චෙක් කරන්න තරම් උවමනාවක් ඇවිත් නෑ .. මන් අභීගෙ ෆෝන් එකෙන් අපෙ ෆොටෝ බල බල හිටිය.. එතකොටම ජෙසිකා කියල කෙල්ලෙක්ගෙන් මැසේජ් ආව අභීට..

I miss u babe 💋❤️ come soon
(මට ඔයා නැතිව ගොඩක් පාලුය් ..ඉක්මනට එන්න..)

එකපාරටම බඩ පපුව දාල ගියා.. ඒ එක්කම ඒ නම්බරෙන් කෝල් එකකුත් ආව..මන් ෆෝන් එක පැත්තකින් තිබ්බ මට ආන්සර් කරන්න ඕන නැති හින්ද .. අභී ආවට පස්සෙ මන් අභීගෙන් මේ ගැන කෙලින්ම ඇහුවෙ මට ප්‍රශ්නාර්ථයක් ඔලුවෙ තියන් ගෙදර යන්න ඕන නැති හින්ද..

“අභී ..කව්ද ජෙසිකා කියන්නෙ ..”

“අහ් මෙ යාලුවෙක් බබී..ඇයි ..”

“මෙසේජ් කෝල් එවනව.. එකදිගට..”

“සුද්දියොනෙ පැංචි .. එහෙම තමා යාලුවො..”

“හ්ම්ම් .. “

යාලුවො කිව්ව නිසා මන් ආය අහන්න ගියෙ නෑ ඒක.. එදා ඒක අමතක කරල ආව..

ඒත් මාත් කෙල්ලෙක් නෙ.. හිතේ කොනකහරි ඒක තියනව.. ඒ නිසාම ගාඩ්න් එකේ ඉද්දි මන් නිකමට වගේ

“අභී “

“ඇයි පැංචි “

“ඔයා හිතනවද මන් ඔයාට හරියටම ගැලපෙනව කියල”

“ඒ මොකක්ද ඇහුව්”

“නෑ ඉතින් ඕන තරම් ලස්සන කෙල්ලො එහෙම ඉන්නව නෙ.. දැන් මාව බැන්දොත් ඉතින් ආය අතාරිනව බොරුනෙ.. තාම කල් තියනව”

“ඇයි පැංචි ඔහොම.. ඔයාට මාව එපා ද? ඇයි ඔහොම ඒව අහන්නෙ .. අහ්.. මන් මොනවද කරන්න ඕනෙ ඔයාගෙ ඔය බය නැති කරන්න.. අව්රුදු 5ක් .. අව්රුදු 5ක් කියන්නෙ පොඩ්ඩක් ද…ඊට වඩා මන් ඔයා මොනවද දැනගන්නඕන.. ඔයා මොනවද මන් ගැන දන්නෙ නැත්තෙ.. අහ් ..කියන්න මට..මෙච්චර ආදරේ කරල ඔයා අහන දේවල්”

අනෙ මගෙ කොල්ලට තරහ ගිහින්.. මගෙ හුස්මත් අදුරගන්න ඔයා නැතිව වෙන කව්රු මාව දැනගන්නද අභී ..මගෙ ආදරේ අභීට විතරයි .. හැමදාම ..

ඔය වගේ මගේ මෝඩ ප්‍රශ්න අහල අභීගෙ හිත රිද්දපු තැන් ගොඩය්..ඒත් මන් එහෙම ඇහුවෙ මගෙ තැන වෙන කව්රුත් අරන්වත් ද කියල දැනගන්න..

ඒත් ටික දවසකින් ඒ හැමදේම වෙනස් උනා.. අභී දවසින් දවස මාව සැක කරන්න ගත්ත.. මන් යන ඕන තැනක එයාට කියල යන්නෙ ඒත් එයාට සැකය්.. මන් යන්නෙ කාත් එක්කද …කතා කරන්නෙ කා එක්කද.. මොනවද.කරන්නෙ…

හැමදේම විනාඩියෙන් විනාඩිය කතා කරල.අහනව.. ක්ලාස් එකේ.වැඩකට නැත්තම් කන්න ගියොත් මිසක් වෙන දේකට එලියට යන්නෙත් නෑ .. ඒ ගියාමත් අභී කෝල් ගන්න විදිහට ඒ ඉන්න අයටත් එපා වෙනව.. ඒ හින්ද මන් ඒ වැඩෙත් අතැරල දැම්ම.. අභී දැන් ඉස්සර වගේ නෙමේ මීට් උන ගමන් මගේ ෆෝන් එක බලනව.. මෙසේජ් කියවනව..

ඒ හින්ද අපි අතරෙ එන්න එන්න වැඩි උනේ රණ්ඩු විතරයි .. මගෙ ආදරේ සැක කරන්න තරම් දෙයක් මන් එයාට කරල නෑ .. සැකේට බෙහෙත් නෑ කියල කතාවකුත් තියෙන්නෙ ඔය.. මන් කොච්චර මොනව කිව්වත් එයා අන්තිමට හිතන්නෙ එයාට ඕන දේ..

“දැන් ගානට වැඩිය් .. ඕව ඕන නෑ .. ඇයි මොනවටද.. “

වැඩියෙන්ම කියන්නෙ ඒ ටික.. මන් ඒත් ඒ දේවල් පුලුවන් උපරිමේටම ඉවසුවා.. බැරිම තැන රණ්ඩුත් උනා..

අත මිරිකන්න .. අඹරන්න එව්වත් පටන් ගත්ත.. රිද්දල සොරි කිව්වට රිදෙන්න ඕන තැන් රිදිල ඉවරයි එතකොට.. අභීගෙ ආදරෙත් එන්න එන්න දරුණු උනා.. ඉනෙ ඇගිලි පාර හිටින්නම මිරිකනව අභී .. ඒ ආදරේටලු .. මට අභීගෙ මේ වෙනස තේරෙන්නෙ නෑ ..මන් මොනව කියන්න්ද.. මොනව කරන්න ද…

දවසක් ඉණ මිරිකපු පාර මන් තරහ වෙලා ගෙදර ආව …. දවස් ගාණක් ඒ රතු වෙන ලකුණ තියෙනව .. දවස් ගාණක් රිදෙනව.. සැකේ . අවිශ්වාසෙ .. තරහ හැමදේම එක්ක එන්න එන්න ජීවිතේ අමාරු උනත් ආදරේ හින්ද මන් ඉවසන් හිටිය..

අභී කිව්වෙ අභී යන්න කලින් අම්මව මීට් වෙන්න කියල.. එයත් ඉන්න නිසා.. ඒත් මට ඒ හැමවෙලේම අම්ම ඉස්සරහට යන්න තිබ්බෙ බයක්.. ඒත් අභීගෙ හය්ය නිසා.. අම්ම හම්බුවෙන්නෙ යන්න මන් කැමති උනා..මගෙ තැන වෙනස් වෙලා නෑ අභීට මාව ඕන කියල ඒකෙන් හොදටම පේන නිසා මන් වැඩියෙන්ම අභීගෙ අම්ම මීට් වෙන්න කැමති උනේ..