ආදරේ නාමයෙන් 💕
09 වන දිගහැරුම

අභී ලංකාවෙ ඉන්නව කියන්නෙ මට ඊට වඩා සතුටක් නෑ .. ඒකටම හරියන්න අපිට ලෙක්චර්ස් නිමාඩු දුන්න..මන් ඒක කියන්නෙ නැතිව ලෙක්චර්ස් එනව වගේ ලෑස්ති වෙලා ඇවිත් අභී එක්ක ඇවිදින්න ගියා..

හෙට අභී ගෙ බර්ත් ඩේ එක.. අව්රුද්දකට පස්සෙ තමා උපන් දිනේකට ගෙදර ඉන්නෙ ..ගිය පාර උපන්දිනේට ලංකාවෙ හිටියෙ නෑ අභී..මන් කප්රුක එකෙන් ගිෆ්ට් කේක් ඕඩර් කරල කරන්න පුලුවන් හැමදේම කරත් ලග නැති අඩුව පුරවන්න බෑ .. මේ පාර මන් ලග ඉන්නව අනෙ 12ට විශ් කරන්න විදිහක් නෑ නෙ.. මන් දන්නෙ නෑ ඇයි කියල ඒත් හිත කිව්වෙම 12ට අභී ලග ඉන්න කියල..

එතකොටම අහීගෙන් කෝල් එකක්..

හෙලෝ..

පැංචි මගේ..

කෑව ද?

ම්ම්ම් තාම නෑ මැණික ..

ඇයි ඒ..

බඩගිනි නෑ නේ..

ලෙඩක් හදාගන්න තමා ඔය..

පැංචි කෑවද.

නෑ අභී

අහ් මට තමා කෑ ගහන් එන්නෙ.. ගුටි නොකා කාල එනව ගිහින් ..

අනෙ අභී .. මන් අනම් මනම් කාලම බඩපිරිල.. පුපුරල යයි මාව එච්චර කාල..

හ්ම්ම් ඔයාව මතක් වෙනව පැංචි …

මටත් ..

ඊයෙ නම් මේ වෙලාවට මන් ඔයා ලග…

අභී හෙට මොකද කරන්නෙ..ඔයා එනව ද..

අහ් මන් කතා කරේ ඒකට තමා පැංචි .. අම්මල අද හවස කොහෙදො යනවලු මැණික … හෙට උදේලු එන්නෙ.. දවසම එයාල එක්ක අව්ට් යන්න වෙයි වගේ..

ම්ම්ම්ම්ම්..
මගෙ බලාපොරොත්තු විනාඩියෙන් නැති වෙලා ගියා වගේ දැනුනා..

පැංචි ..

ම්ම්ම්ම්ම්…

තරහද..

නෑ අභී …එයාලටත් ආස ඇතිනෙ ඉතින් …

ඇයි ඔයාට ආස නැද්ද

ඔයා දන්නවනෙ ඉතින් අභී ..ඒත් ..

ඒත් මොකක්ද මැණික

ඒත් කමක් නෑ ඉතින් මන් අනිද්දට එන්නම් හෙට ගෙදර අය එක්ක ඉන්න..

අනේහ්හ්..

මේ මොකද..

එහෙම බෑ නේ..

එහෙම කියන්න එපා අභී ..මට කලින් නෙ එයාලව හම්බුනේ ..කියන එක අහන්නකො

හරි හරි ඕන නෑ .. මන් එන්නෙත් නෑ .. ඉවරනෙ… මට වැඩ තියනව මන් තියනව..

පරිස්සමෙන් ඉ..

කියල ඉවර කරන්න කලින්ම.කට්.කරල ඉවරයි

ඔයා මට එච්චර ආදරේ කරද්දි මන් ඔයා ලගට එන්නෙ නැතිව ඉන්නෙ නෑ පන.. ඉන්නකො දෙන්නම් හොද සප්‍රය්ස් එකක් ..

මන් එමීට කෝල් කරල අද අපෙ ගෙදර එන්න කිව්ව… කප්රුක එකෙන් ලස්සන චොකලට් කේක් එකක් ඕඩර් එකක් කරා .. ඒක මාරම ලස්සනයි ..ඒකෙ Happy Birthday Life කියල ලියන්න කිව්ව.. ලස්සන බොකී එකකුය් තව වොච් එකකුය් ඕඩර් කරා.. ටව්න් එකට ගිහින් ලස්සන රින්ග් එකක් ගත්ත .. ඒකෙ ඇතුලෙ A N කියල ලස්සන වැල් අකුරෙන් ලියෙව්ව ..

මන් ගෙදර යද්දි එමී ඇවිත් ..මන් එයාව කාමරේට එක්කන් ගිහින් විස්තරේ කිව්ව..

මට අද අභී එක්ක ඉන්න ඕන බන්.. 12ට මන් එයා ලග ඉන්න ඕන .. උඹ මට උදව් කරනව නේ ද..

අනිව අනිව.. අපි ඉන්නෙ ඒකට තමා.. හැබැයි පුතේ කරන දෙයක් කරල ඉක්මනට වරෙන් හරි ද..

මන් කෝල් කරාට නපුර ෆෝන් එක ආන්සර් කරෙ නෑ .. ටිකක් දුක හිතුන ඒත් මාව දැක්කම ඔයාට මේ තරහ අමතක වෙයි ඒ හින්ද මන් සප්‍රය්ස් එකේ වැඩ ටික ලෑස්ති කරගත්ත…

11 වෙද්දි මන් කාමරෙ බැල්කනි එකෙන් එලියට ඇවිත් හවස තිබ්බ ඉණිමග දිගේ පල්ලෙහට ආව.. රතු පාට ඕෆ් ශෝල්ඩර් ජම්ප් සූට් එකක් මන් ඇන්දෙ අභී මන් රතු පාට අදිනවට ආස නිසා.. ගෝල්ඩ් කලර් බෙල්ට් එකකුත් දැම්ම.. කොණ්ඩෙ කඩල දැම්ම. දැන් බලමුකො මගෙ සුදු මහත්තය මාත් එක්ක කොහොමද තරහ වෙලා ඉන්නෙ කියල…

11.30 වෙද්දි ආපදාවක් නැතිව අභීගෙ දොර ලගට ආව.. එක ලය්ට් එකක් දාල තිබ්බ එලියෙ.. ගෙදර අය යනව කිව්වට ගිහින් නැත්තම් එහෙම ..

මන් අභීට කෝල් එකක් ගත්ත.. ආන්සර් නෑ .. එක දිගට කෝල් ගත්ත මන් ..

“ඇයි …”

“මොකද මෙ..”

“ඇයි ..”

“අභී ..”

“ම්ම්ම්ම් … “

“දොර අරින්නකො සීතලයි එලියෙ .. “

“මො..මොකක්.. “

එච්චරයි ඇහුනෙ 😂

විනාඩි ගානක් යන්න කලින් දොර ඇරුන.. ශෝර්ට් එකකුට් කලු පාට බොඩි ෆිට් ස්කිනර් එකකුය් ඇදන් බය වෙලා වගේ මන් දිහා බලන් ඉන්න අභී දැක්කම මට හිනා ..

“පැ..පැංචි ..”

“ඇතුලට එන්න කියන්නකො අප්ප මොකක්ද..”

“එන්න එන්න.. “
කියල මාව ඇතුලට අරන් දොර වැහුව..

“ඔයාගෙ කාමරේට යන්…මේව උස්සන් ඉන්න බෑ අනෙ ..”

අභී මොකුත් කියන්නෙ නැතිව මාව එයාලගෙ කාමරේට එක්කන් ගියා..

මන් අභීගෙ ඇද උඩින් බඩු ටික තිබ්බ..

“අම්මොහ් .. ප්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්…”

කියල ඇවිස්සිල තියන කොණ්ඩෙ හදාගෙන අත් දෙකෙන් පවන් ගහගත්ත…

අභී මන් දිහා කන්න වගේ බලන් ඉන්නව කියල මන් දැක්කෙ එතකොට..

“මොකද ..”

“ඇයි ..”

“හහ්.. කතා කරන්නෙ නැද්ද මාත් එක්ක දැන්.. “

අභී මන් එහෙම කියද්දිත් අහක බලාගත්ත හින්ද මගෙ හිත ටිකක් රිදුන..

“හරි එහෙනම් .. කමක් නෑ .. මන් යන්නම් අභී .. සොරී කරදර කරාට..”

කියල මොකුත් නොකියා කාමරෙන් එලියට එන්න ගියේ ඇස් වලින් කදුලු ගලාගෙන යද්දි..මෙච්චර අමාරුවෙන් ආවමවත් දුක හිතිල නෑ ..

“ඒයි ..”

මාව ඇදල අරන් ඒ පපුවට තුරුල් කරගද්දි මන් මොකුත් කිව්වෙ නෑ ..

“මගෙ පැංචි ගෙ ලස්සන.. අම්මොහ්..පිස්සු හැදෙනව… “කියල මගෙ නිරුවත් උරහිසෙ ඒ තොල් තියද්දි මාව සීතල වෙලා ගියේ..

“අනෙ යන්න අප්ප..”

කියල මන් අභීව තල්ලු කරල කදුලු පිහදන් ස්ටූල් එකේ ගෙනාපු කෙක් එක තියන කැන්ඩ්ල්ස් ගහල .. ගිෆ්ට් ටිකත් තිබ්බ..

“11.55 තව විනාඩි පහක් තියනව.. දැන් හරි ..”
කියල මන් ෆොටෝ දෙක තුනකුත් ගත්ත..

මන් මේසෙ ලග හිටගෙන අත් දෙක ඉණෙන් තියාගෙන කිව්වෙ අභීට ඇස් වලින් මේසෙ පෙන්නල..

අභිත් ඇස් ලොකු කරල කටත් ඇද කරල ඒකට රියැක්ශන් එකක් දුන්නම මට හිනා…

11.59 වෙද්දි මන් ඉක්මනට ඉටිපන්දම් පත්තු කරල අභීව මේසෙ ලගට එක්කන් ආව..

හරියටම 12 වෙද්දි මන් happy birthday පණ.. මන් ගොඩාආආආක් ආදරෙයි .. කියල ඉස්සිල ඒ නලලෙ තොල් තවරද්දි අභී මගෙ ඉන වටේ අත යවල මාව තුරුල් කරගත්ත..

“අහ් හා හා..කේක් කපල ඉන්නකො.. “

අභී හිනා වෙවීම මගෙ අතින් අල්ලගත්ත ..

“දෙන්නම කපමු..”

කියල අපි දෙන්නම ඉටිපන්දම් නිමල කේක් එක කැපුව.. මන් කේක් කෑල්ලක් අරන් අභී ට කවද්දි අභී ත් මට කේක් කෑල්ලක් කැව්ව.. මන් එක දණහිසකට බර වෙලා ඉදගෙන ගෙනාපු මල් බොකී එක අභීට දෙද්දි ..

“ඒය් මේ මොකද කියල අභී මාව නැගිට්ටුව… “

“ඔයා ඉන්නෙ මෙතන බිම නෙමේ..”
කියල අභී මගෙ අත අරන් ඒ පපුව උඩින් තියාගත්ත ..

මන් හිනා වෙවීම අභී දිහා බලන් හිටිය..

අභී අනිත් අත මගෙ ඉණ වටේ දාල මාව ඒ ඇගට තද කරගද්දි මන් ඇස් වලින් ඇයි ඇහුව..

ඒ දිලිසෙන ආදරේ පිරුණු ඇස් … දිහා බලාගෙනම අභී කෙල්ලගෙ තොල් වලට ලං වෙද්දි මන් ඇස් පියාගෙනම ඒ ආදරේ වින්ද..

“තැන්ක්‍යූ මැණික … “

“ඇයි ඒ “

මන් ඒ පපුවට අත තියල මෑත් වෙලා ඇහුව..

“මේ හැමදේටම.. මගේ හොදම බර්ත් ඩේ සප්‍රය්ස් එක දුන්නට.. “

කියල මාව ගොඩක් ඒ පපුවට තුරුල් කරන් හිටිය අතාරින්නෙම නැතිව …

“අභී …”

“ම්ම්ම්..”

“අතාරින්නකො”

“මට බෑ ..”

“අනේ.. මට ගිෆ්ට් එක දෙන්න අමතක උනා නේ.. චුට්ටක් ඉන්නකො..”
කියල මන් බොක්ස් එකේ දාල තිබ්බ රින්ග් එක ගත්ත…

“මේකෙ අපි දෙන්නගෙම අකුරු දෙක ලියල තියෙන්නෙ ආය මකන්න බෑ ..” කියල වෙඩින් රින්ග් එක දාන ඇගිල්ලට එහ පැත්තෙ ඇගිල්ලට මන් මුද්ද දැම්ම ..දාල අතට කිස් එකකුත් දුන්න….සැනින් ආයෙත් මාව තුරුල් කරන් අභී මාව කිස් කරන්න ගත්ත..

එකපාරටම අභීගෙ ෆෝන් එක රින්ග් උන හින්ද අපි දෙන්න ඈත් උනා.. අභී මූණ නාලු කරන් ෆෝන් එක ආන්සර් කරද්දි මන් අය්න් වෙන්න ගියත් ..අභී මට අය්න් වෙන්න දුන්නෙ නෑ .. මන් අභීව තල්ලු කරල ඇදෙන් ගිහින් ඉදගත්ත..

අභී ගෙ අම්ම කෝල් කරල විශ් කරල ෆෝන් එක තියනකල් මන් ඒ මූණ දිහා බලන් හිටිය …

අභී ෆෝන් එක අරන් මන් ගාවට ආව…

“අභී ෆොටෝ එකක් ගමුකො .. “

“ගමු..”

අපි දෙන්න ෆොටෝස් දෙක තුනක් අරන් මන් ඒව බලද්දි තමා දැක්කෙ මන් මේසෙ ලග ඉටිපන්දම් පත්තු කරද්දි අභී ෆොටෝ අරන්.. මන් පිටිපස්ස හැරිල ඉන්නෙ ..

“මන් ඒක ස්ටේටස් දැම්ම..”

අභී ගානකට ගන්නෙ නැතිව කියද්දි මන් බය වෙලා වගේ අභී දිහා බැලුව…

“මොකක්ද ..”

“ඇයි ..”

“කො”
කියල මන් ෆෝන් එක බලද්දි ඇත්තටම අභී ඒක වට්ස් ඇප් ස්ටේටස් දාල..

“මොනවද අභී කරන්නෙ..අය්න් කරන්න මේක..”

“මට බෑ ..මගෙ කෙල්ලනෙ .. “

“අභී .. දෙන්න ෆෝන් එක..”

“බෑ බෑ …”

“හා තියාගන්න එහෙනම් … යාලුවොන්ට පෙන්න පෙන්න ඉන්න.. මන් යනව..ඔයාට මන් ගැන ගාණක් නෑ නෙ..”

මෙච්චර වෙලා බැල්කනි එකට වෙලා ආදරෙන් කතා කර කර ඉදපු මම අභීව දාල කාමරෙ ඇතුලට ඇවිත් මගෙ බෑග් එකයි , ෆෝන් එකයි අතට අරන් එන්න හදද්දිම ..අභී මාව ඇදල ගත්ත..

“ආව්ව්ව්..”

“කොහෙද යන්නෙ..”

“ගෙදර “

“අනෙ තව ටිකක් ඉන්නකො..”

“මොකටද..”

“පැංචි ඇයි මේ .. මන් ඉතින් ආදරේටනෙ දැම්මෙ..”

“අපෙ ආදරෙ අපි විතරක් දැනගත්තම ඇති අභී.. නැත්තම් අපිට ඇස්වහ වදියි .. යාලුවො කියයි මොන කෙල්ලද රෑ 12ට කොල්ලෙක්ගෙ කාමරේ අස්සෙ ඉන්නෙ කියල… “

“හ්ම්ම් .. හරි කො එන්නකො ඉතින් ..ඩිලීට් කරමු .. “

කියල මන් ඉස්සරහම තියල අභී ඒක ඩිලීට් කරා.. ඒ රෑත් 25ක් ඒක බලලා..

“දැන් හරි ද..”

“ම්ම්ම්ම්ම් …”

“අපො මේක නම්.. හොද මැණික වගේ කේක් කැල්ලක් අරන් එන්නකො කමු ..”

මන් පොඩි කේක් කෑල්ලක් කපන් ගියා..

“අපෝ මොකක්ද අනෙ…ලෝභි .. ආය අරන් යනවද කේක් එක.. ඔච්චර පොඩි කෑල්ලක් මට .. “

“කව්ද කිව්වෙ ඔයාට කියල.. මේක මට.”.කියල මන් කේක් කෑල්ල කටේ දාගෙන රහ කර කර කෑව.. අතේ තිබ්බ අය්සින් කට වටෙත් ගෑවුනා..මන් අභී ඉස්සරහම ඉදන් අභීව ඇවිස්සුව..අම්මොහ් රසය්ය් ඒක ..

මන් කාල අභී දිහා බලන් කිව්ව..

“අහ් එහෙමයි නේ..මාව අව්ස්සගන්නෙ ඉතින් ඔයා තමා අහ්..කො බලමුකො ඇත්තටම රහය් ද කියල..”

සැනින් මගෙ ඉණ වටේ අත යවල මගෙ තොල් බලෙන්ම සිප ගද්දි මට මොකුත් කරගන්න බැරි උනා .. හෙමීට මගෙ තොල් ඇතෑරල මගෙ කට වටේ තිබ්බ චොකලට් අය්සින් ටිකක් ඇගිල්ලකට අරන් ඒක කෑව..

“ම්ම්ම් ..රසය් තමා ඒක..”

කියල මට ඇහැක් ගහද්දි මගෙ ඇස් ලොකු උනා..

“අභී ඔයානම් හරි හොද නෑ ..”

“අනේ..ඉතින් ඔයා ලග විතරනෙ..”

එලියට මොන චරිතෙ උනත් මන් ලග ඉද්දි පොඩි එකෙක් වගේ , වෙලාවකට හිතුවක්කාර..වෙලාවකට දග…ඒ පිරිමි හිතට මන් වචන වලින් කියන්න බැරි තරම් ආදරෙයි .. ඒ පපුවට තුරුල් වෙලා මන් ඇස් පියන් ඔහේ හිටිය .. ඒත් මගෙ ෆෝන් එක වය්බ්‍රේට් වෙන සද්දෙට මන් බලද්දි එමී..

හෙලෝ

කොහෙද යකෝ ඉන්නෙ

අභී එක්ක බන්

තෝ ගෙදර එන්නෙ නැද්ද අහ් .. වෙලාව බලපන්.. ආන්ටි දෙපාරකට වඩා ආව උබව බලන්න ..

මන් එතකොට බිත්ති ඔරලෝසුව දිහා බලද්දි 2කට කිට්ටුයි ..

අඩේ. එච්චර වෙලා ගිහින් නෙ.. දැනුනෙවත් නෑ ..හරි මන් එන්නම් බන් ..

හරි හරි මන් තියනව

බාය්

අභී මන් යන්න ඕන වෙලා ගිහින්..

අනෙ .. අද ඉමු මෙහෙ කව්රුත් නෑ නෙ..

හැමෝම එක්ක ඉන්න පුලුවන් දවසක් එනකල් තමයි අභී මමත් මේ බලන් ඉන්නෙ.. ඒත් හොරෙන් ඇවිත් නෙමේ පණ ..දැන් යන්න ඕන නැත්තම් එමී බය වෙලා මොනව කරයි ද දන්නෙ නෑ ..

යන් මන් ඇරලන්නම්..කියල ශර්ට් එකක් දාගෙන අභී ආව.. මන් කලබලෙන් මගෙ බඩු අහුලන් එන්න හදද්දි අභී ආය මාව ඇදල ගත්ත ..

“මාව මෙහෙම පිස්සු වට්ටන එක නම් එච්චර හොද නෑ පැංචි .. මේ අසරණ කොල්ල රට ගිහින් ඉන්නෙ කොහොමද මේ කෙල්ල නැතිව .. බයත් හිතෙනව දැන් දාල යන්න ආය.. කව්රුහරි මගෙන් උදුරගත්තොත් එහෙම..”

“එහෙම වෙන්නෙ නෑ පන.. මන් නම් යන්නෙ නෑ ඔයා ගියොත් තමා”

“මන් කොහෙ යන්නද මගෙ පනටික දාල..”

කියල ආයෙත් අභී මගෙ තොල් වලට බරවෙද්දි මන් බලෙන්ම ඒක නැවත්තුවෙ නැත්තම් යන්න තවත් පරක්කු වෙල හින්ද … ඒත් කිස් එකක් දීලමය් නැවතුනෙ අභී ..

එයාගෙ බය්ක් එකෙන් මාව ගෙ ලගට ගිහින් දාල මන් ගෙදර ඇතුලට ගිහින් අව්ලක් නෑ කියල කතා කරනකල් අභී එතන හිටිය … මන් තියපු ඉණිමගෙන්ම මන් ආය කාමරේට ආව.. ඒ වෙද්දිත් එමී ඇහැරල.. මගෙ තෑගි ටිකත් අද අරගෙනම ආවෙ කිසි කරදයක් නැතිව .. අභීගෙ උපන්දිනේ උනාට තෑගි මටත් හම්බුන..

එමී හොදට මගේ දිහා බලල හිනා උනේ මගෙ හොර අල්ලන්න.. ඒකිගෙන් මොකුත් හංගනව කියන එක බොරු ඉතින්…

කො ලිප්ස්ටික්

කේක් කද්ද ගිහින් ඇති..

ඇත්තට ද.. තොල් රතු වෙන්න ස්ට්‍රෝබෙරි කේක් ද කෑවෙ.

අපෝ තෝ නම් ..

ඉතින් ඇත්තනෙ යකෝ .. බලපන් කණ්නාඩියෙන් ..

මන් බලද්දි කතාව ඇත්ත.. මට තනියම හිනා..

අභී ඒක්ක බේරෙන්න බෑ බන් .. එයාට බෑ කියන්නත් මට බෑ ..

මන් දන්නව උඹ ධනුකට ආදරෙයි .. ඒත්

හ්ම්ම්ම් … කියපන්..

සමහර දේවල් වලට අපි දන්නෙ නැතිවම ගොඩක් ලන් වෙනව.. දැනගද්දි පරක්කු වැඩි වෙනව.. උබ කව්ද කියල මන් දන්නව .. උබෙ ආදරෙත් මන් දන්නව… ඒ හින්දම මට බයයි උබ ගැන.. උබ දන්නව නෙ..මන් උබෙ ඕන දේකට උදව් කරනව… ඒත් පරිස්සමෙන් ..

මන් දන්නව බන්.. උබ මට ආදරෙයි .. අනේ මගෙ බොක්ක..කියල මන් පැනපු ගමන් එමීව බදාගත්ත..එමී මට බැන බැන මාව තල්ලු කරේ විකාරෙ.කියල.. මන් ඒවෙලේ විහිලුවෙන් ඒක නතර කරා ඒත් එමී කියපු දේවල්වල ඇත්තක් තියනව.. මමත් ඉක්මනට වොශ් එකක් දාන් ඇවිත් නිදාගන්න ආව.. අභීට මැසේජ් එකක් දාල එමී එක්ක කතා කර කර ඉද්දි එහෙම්ම දෙන්නම නිදි…

අභී ඉන්න මාසෙ පුලුවන් තරම් එයා එක්ක ඉන්න විතරයි මට ඕනෙ.. ආයෙ එයා එනකල් මට තියෙන්නෙ ඒ මතකෙ විතරයි