හත කොටස

ගාමන්ට් එකට එද්දි සුනිල් ඇවිත් ….සේරම හුගාක් කලබලින්. මට සද්දෙ දාපු සොනාලි එන්න ඒකිත් ඇවිත් ….

මොනවද මන්දා පාර්සල් වගයක් හුගාක් කලබලින් පැක් කරලා …ගාමන්ට් එකේ බස් එක එද්දි මුන් සේරම කලබල උනා ….

සුනිල් ඉක්මනට අර පාර්සල් එලියට යවන්නෙ වෙනම දොරකින්….

“මොනවද සුනිල් මේවෑ තියෙන්නෙ …”

“සෙනෙත් මේ රෙදි වගයක් ….උබටත් ගාණක් වෙන්නම්…මේවෑ කැබුරුවා කියලා සොච්චමක් අරගෙන මොනා කරන්නද බං….”

“අනේ හරි සර් මං ඕනි උදව්වක් කරන්නම්…”

මං එහෙම කිව්වෙ මුන්ගෙ හොර සේරම අල්ලගන්න ඕනි නිසා …

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

සොනාලි සේරම එලියෙ දාගෙන ඉන්නෙ ඇදුම් මහන්න රෙදි මදි වෙලා වගේ….

“මේ තමුසෙ මොකටද ආයෙ මෙහෙ ආවෙ…ආ…මොකද්ද තමුසෙගෙ නම…”

“මං මං ලෙන්චි අප්පු….”

“මොකාද ශික් මොකද්ද ඕයි නම රෙද්දි අප්පු….”

“නෑ මිස් නෑ රෙද්දි නෙවෙයි …ලෙන්චි අප්පු…”

සොනාලිගෙ මූණ ඇබුල් උනේ මේ වගේ නම් ඒකිට කියන්න අපහසු නිසා …

“මොකාද අප්පු ගිහින් මට තේ එකක් අරගෙන එනවා…අර ඉස්සරහ තියෙන්නෙ අන්න ඒ රූම් එකේ තමයි ඕනි සේරම දේවල් තියෙන්නෙ ….”

යකෝ ඒ ගමන මං මේ මේකිගෙ සර්වන්ට් උනාද…හරි හරි දෙන්නම්කො 👍 නියම තේ එකක්

ඇත්තටම කවදාවත් මං තේ හදලා නැති තරම් …ලංකාවෙ ප්‍රදාන ගාමන්ට් සමූහයක ඕනර්ගෙ එකම පුතා වෙච්චි මං මොන මගුලකට තේ හදන්නද….

තේ කාම්බරයට ආවෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව ….මේ කාම්බරයට සවිකරලා තියෙන කැමරාව බිත්තියට හරවලා තියෙන්නෙ …ඒ කියන්නෙ මොකුත්ම පේන්නෙ නැති වෙන්න…

හුගාක් තැන් වල කැමරා වැඩ නෑ …අම්මට කෝල් එකක් ගත්තෙ තේ හදන විදිය අහන්න…ඒත් අම්මා ෆෝන් එක ආන්සර් කරේ නෑ ….

කොහොමද තේ හදන්නෙ…බැරිම තැන යූ ටියුබ් සර්ච් කරලා බැලුවා ….

ඒත් මේ සොනාලි එක්ක නම් ආවෙ එසේ මෙසේ කේන්තියක් නෙවෙයි …ඇල් වතුර දාලා කොච්චර වෙලා බලාගෙන හිටියත් තේ කොල පාට ආවෙ නෑ ..ශිට් කිරි ටිකත් කැටි ගැහිලා.සේරම උඩ පා වෙනවා.සීනි හැදි නම් පහක් හයක් දැම්මා …ඒත් මේ තේ එක හුගාක් වෙනස් වගේ….

තේ පෙරනවද කියලා නම් දැනුමක් නෑ .ඒ නිසාම තේ එක කෝප්පෙ තියාගෙන ගෙනත් සොනාලිට දෙන්න හැදුවෙ …

ඒත් තේ එක දික් කරද්දි ම මේකි අශ්ප ගායෙන් නැගිට්ටා….

ලස්සනයි ලස්සනයි මේකිගෙ මුලු ඇගේම ලස්සන ලස්සන තේ කොල කිරි සීනි ඇට….

ඇත්තටම ඒක දැකපු හුගාක් උන් බඩවල් අල්ලගෙන හිනා වෙනවා…

“තමුසෙ පිස්සෙක් ….මං ඉතුරු කරන්නෙ නෑ තමුසෙව….”

අශ්ව ලාඩන් දෙකත් හුටුස් හුටුස් ගගා සොනාලි යන්න ගියා….උදේ දේවල් සේරම හිමින් ෆෝන් කැමරාවෙන් වීඩියෝ කරගත්තෙ ඉස්සරහට ඕනි වෙයි කියලා ….

“සෙනෙත් අර ටික පැකින් චෙක් කරන්න ….”

සුනිල්ගේ මූණ අද නම් හුගාක් සතුටින්.මිනිහා මෙහෙම කොච්චර හම්බ කරනවා ඇත්ද….

දින සති මාස ගෙවෙද්දි සේරම හොර සේරම දේවල් ලස්සනට මං අල්ලගත්තා …

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මිස්ට බාලසූරිය හෙට ස්පෙශල් මීටින් එකක් ඕගනයිස් කරන්න ….

විශේෂ දෙයක් ඔව්…සේරම හෙට දැනගන්න පුලුවන් ….

සරත් මහත්තයා ඉන්නෙ හුගාක් සතුටින් …ඇත්තටම සෙනෙත් මේ ටිකේ හුගාක් මහන්සි උනා ….ඒ වගේම සේරම දේවල් ලස්සනට ඉගෙන ගත්තා ….

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

නෝනෙ හෙට හුගාක් විශේෂ දවසක් අපි හතර දෙනාම හෙට ගමනක් යනවා….සේරටම ලස්සන ඇදුම් ලෑස්ති කරන්න….

ගෙදර එද්දි හුගාක් මහන්සි නිසාම එහෙම්මම කාම්බරයට ආවෙ වොශ් දාගන්න…

නංගි කාම්බරයට ආවෙ වොශ් දාගෙන කාම්බරයට එද්දි …

“අයියා හෙට අපි කොහෙද යන්නෙ …”

“කොහේ යන්නද මෝඩියේ..”

“තාත්තා දවල් අම්මට කෝල් කරලා කියලා හෙට හුගාක් විශේෂ ගමනක් යන්න අපි හතර දෙනාටම ඇදුම් ලෑස්ති කරන්න කියලා ….”

“දන්නෙ නෑ …පිස්සියේ…මහන්සී බං යමු කන්න…”

නංගි එක්කම පහලට එද්දි අම්මා තාත්තා දෙන්නම කෑම මේසෙ…

“තාත්තා කොහෙද අපි හෙට යන්නෙ…”

ඒත් තාත්තා මොකුත්ම කිව්වෙ නෑ ..කෑම කාලා ඉක්මනට නැගිටලා ගියා…

“පුතා පුතා සුදු මහත්තයා නැගිටින්න ..පුතා …”

“අනේ අම්මා ….”

“ඉක්මනට නැගිටින්න ඔයාට හුගාක් ආස හිතෙන දෙයක් තියනවා …ඉක්මනට එන්නකො….”

අම්මගෙ ඒ කතාවට නම් නිදි මත ගතියත් නැති උනා …

“මොකද්ද අම්මා …”

“එන්නකො”

අම්මා මාව එක්කරගෙන ආවෙ මිදුලට….හුගාක් ආස කරන….ලස්සන අලුත්ම පාට හුගාක් ලස්සන වටින කාර් එකක් ලගට ….

“අම්මා කාගෙද අම්මා මෙච්චර ලස්සන කාර් එක….”

“නංගිට පුතා …”

“මොකද්ද මේ ඉස්කෝලේ යන හුජ්ජ කෙල්ලට මෙච්චර ලස්සන වාහනයක් ….අම්මා මීට වඩා හොදයි මාව ගගේ දැම්මා නම්…”

හැරුනෙ ගෙට එන්න…ඇයි අප්පා සේරම මට කුඩම්මාගේ සැලකිලි…

තාත්තා නංගි දෙන්නා ඉන්නවා හිනා වෙවී …

“කොහොමද අයියෙ ලස්සනයි ද මගේ කාර් එක….”

“ඔව් උබට වඩා නම් ලස්සනයි …”

ගෙට එන්න හදද්දි තාත්තා මාව අල්ල ගත්තා …

“පුතා මේ යතුර ටිකක් පැදලා බලන්නකො මේක නංගිට හොදයි ද කියලා …”

අම්මපා එන තරහට නම් පාරෙ එහා පැත්තෙ මාර ගහේ මේක වද්දලා…මටත් මේක අස්සම මැරෙන්න හිතෙනවා ….යකො එකම කොල්ලා ගාමන්ට් බස් එකේ යන්නෙ …

ගෙදර ඉන්න කෙල්ලට ලස්සන ලස්සන කාර් ….

මූණ කැත වෙලා ගිහින් ඉන්න ගමන් ඕනිවට එපාවට වාහනයෙ යතුර අතට අරගෙන වාහනය ලගට ආවෙ ….

අම්මෝ සුදු බෝලෙ වගේ මාරම ලස්සනයි වාහනය …

ඇත්තටම අරකි එක්ක මාරම ඉරිසියාවක් එන්නෙ…ටිකක් ලගට එද්දි යතුරට වාහනය දොර ඇරෙනවා…

වාහනයේ අස්ස අම්මා ඇත්තටම මරේ මරු….

වාහනය ඩ්‍රයිව් කරේ හුගාක් ආසාවෙන් …මෙච්චර ලස්සන වාහනයක් අරකිට දෙන්න ලෝබයි …

අම්මා තාත්තා බලාගෙන ඉද්දි වාහනය නතර කරලා බිම බලාගෙන ආවෙ ඇත්තටම අප්සෙට් නිසා .

“සෙනෙත් කොහොමද වාහනය …”

“අවුලක් නෑ හොදයි….”

“එහෙනම් අද ඉදලා මේක ඔයාට ….”

“ඇත්තමට මේක අදහාගන්න බෑ …ඒත් ඒ වාහනය මට ගෙනත් තියෙන්නෙ …

මං ගාමන්ට් යන්න ලෑස්ති වෙනකොටත් අම්මා තාත්තා නංගි ලස්සනට ලෑස්ති වෙලා …

“පුතා අද ඔයා මේ ඇදුම් අදින්න …”

“මොකද අම්මා මේ මං වැඩට යන්න ඕනි .ඔයාලා යන දිහාවක යන්න …”

කොහොම හරි අම්මගෙ බල කිරීම් නිසාම මාත් ලස්සනට ලෑස්ති උනා …

“පුතා අපි යන්නෙ අපේ වෙහිකල් එකේ.ඔයා මං කිව්ව වෙලාවට මෙහෙන් පිටත් වෙන්න…අලුත් වෙහිකල් එකේ….”

අම්මා තාත්තා නංගි ගියා ….මාව පිට එකෙක් වෙලා …මට වෙනම එන්නලු….හිතට දැනුනෙ ලොකු දුකක්.ඒත් ලස්සන වාහනය දැක්කාම නම් හැමදේම අමතක උනා …

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

“සේරම ලෑස්ති නේද ..
මල් සේරම ඔව් වාහනයෙන් බහින තැන ඉදලා …”

සරත් මහත්තයා නෝනා වගේම දුව ගාමන්ට් එකට එද්දි ගාමන්ට් එක මගුල් ගෙයක් වගේ ලස්සනට ලෑස්ති කරලා …

බලන බලන හැම තැනම ලස්සන මල්…හුගාක් සේවකයින් සේවිකාවන් මග බලාගෙන ඉන්නවා ….

සරත් මහත්තයා එනකල් ….

“ව්වාව් හුගාක් ලස්සනයි තාත්තා …අද ගාමන්ට් එක…..”

“ඇත්තටම සරත් අද මෙච්චර ලස්සනට ලෑස්ති කරලා ඇයි….”

“ඒක දැනගන්න පුලුවන් යමුකො යමුකෝ නෝනෙ අස්සට ….”

හැම කෙනාගෙම ඇස් තියෙන්නෙ සරත් මහත්තයාගේ පවුල ළඟ…සේරම රැස්වීම තියෙන්නෙ ශාලාවට ආවෙ සරත් මහත්තයාලා පිටිපස්සෙන් ….

“හරි සෙනෙත් ඔයා කෙලින්ම ගාමන්ට් එකට එන්න ඕනි .ඒත් අස්සට එන්න එපා.වාහනයට වෙලා ඉන්න .මං කෝල් එකක් දුන්නම එන්න අස්සට …”

තාත්තා කෝල් කර නිසා ලස්සන වාහනය අරගෙන පරට දැම්මෙ ගාමන්ට් එකට එන්න…

ලොකු සර්ගෙ කතාව පටන් ගන්න නිසා සේරම අත්පුඩු ගැහුවෙ…

ඔයාලා සේරම බලනවා මෙච්චර ලස්සනට ගාමන්ට් එක සරසලා තියෙන්නෙ මොකද්ද හේතුව කියලා ..නේද …අද හුගාක් විශේෂ දවසක් …ඔයාලට වගේම මටත්….

“අද මගේ පුතා මේ ගාමන්ට් එකට එනවා…ඔයාලගෙ අනාගත බොස්….ඉතිං සේරම එකතු වෙලා අද ඉදලා මගේ පුතා එක්ක හුගාක් හොඳට වැඩ ටික කරගෙන යන්න ….”

ගාමන්ට් එක හුගාක් ලස්සනට ලෑස්ති කරලා හුගාක් ලස්සනයි ….වාහනය නතර කරලා බලාගෙන ඉන්නෙ තාත්තා කෝල් කරයි කියලා ….

“පුතා අස්සට එන්න…ඔය රතු කාපට් එක දිගේ….”

ආව මැසේජ් එක නිසාම පුලුවන් ඉක්මනට ලොකු ලස්සන රතු කාපට් එක මතින් රැස්වීම ශාලාවට ආවා…

බුදු අම්මෝ සේරම උන් කන්න වගේ මගේ දිහාම බලාගෙන ඉන්නවා …

හොර වැඩ කරපු උන් නම් දාඩිය පිහදාගන්නවා…

“මේ ඉන්නෙ මගේ එකම පුතා සෙනෙත් ….ඔයාලගෙ අනාගත බොස්….එන්න පුතා ….”

යාලුවනේ ලයික් කමෙන්ට් කරන්න .බුදු සරණයි ..ඊලග කොටසින් හමුවෙමු .

නිර්මාණයේ සම්පූර්ණ අයිතිය කතෲ ඩී ඒ ආර් ලක්ෂිකා සතුයි .