💎💎💎පවන්ගි💎💎💎

🖐️🖐️විසි පහ කොටස 🖐️🖐️

පවන්ගි නැන්දාගෙ ගෙදරට ගිහින් දාලා ගමිත එක්ක නිලංග ගෙදර ආවෙ .නිලංග වගේම ගමිත පවන්ගිට හුගක් ආසයි 😘 ආදරෙයි .සෙල්ලම් කරන්න පවන්ගි තරම් වෙන කෙනෙක් ගමිතට නෑ.

අම්මා තාත්තා ගමිත අසනීප නිසා නිලංගට ලොකු මගුලක් කරලා දෙන්න ඇගිලි ගැන්නා.

ගමිත ටික ටික පවන්ගි නිසා දෙයක් හිතන්න කරන්න පුරුදු වෙනවා.දවස දානෙම.අලුත් අලුත් සෙල්ලම් පවන්ගි ගමිතට කියලා දෙනවා.

අද නම් පවන්ගි ගමිතට කෝල් කරේ උදේ පාන්දර .ගමිත පවන්ගි කතා කරන කල් බලන් ඉන්නවා .ඉතිං පවන්ගි හැමදාම ගමිතට කතා කරනවා.

“අද පාඩම රස
හොදටම අහගන්න ඕනි.
ලුනු සීනි වතුර වෙන වෙන රස.අහන්නකෝ කාගෙ හරි කෑම එකට ලුනු ටිකක් වැඩි උනොත් කන්න බෑ.සීනි නම් පැණි රසයි.ඒත් වැඩි උනොත් බොන්න බෑ.වතුර නම් කිසිම රසක් නෑ.

ඔයාගෙ ජනේල්ලෙ ලග පාර්සල් එකක් ඇති ඒකෙ වෙන වෙනම රස රස කෑම ඇති.කාලා බලන්න.

තව දෙයක් අද කාට හරි මේ රස වලින් පාඩමක් කියලා දෙන්න ඕනි.මං කිව්වෙ ලුනු වලින් ටිකක් තේ එහෙකට දාලා බලන්න මොකද්ද වෙන්නෙ කියලා ….”

පවන්ගි ගමිත එක්ක සෙල්ලම් කරන්න බැරි වෙලාවට මොකක් හරි දග වැඩක් තමයි කියලා දෙන්නෙ.ඒවා කරහම ගමිතට හිනා යනවා.එයා සතුටින් ඉන්නවා බලන්න පවන්ගි මේවා කියලා දෙන්නෙ.

ගමිත ජනේලය ලගට ගිහින් පාර්සලය අරගෙන එක එක ඒවා කෑවා.අම්මෝ සමහර ඒවා කන්න බෑ මිරිස් ,එක්කො ලුනු එක්කො සීනි වැඩි.

ගමිත මේ දේවල් වලින් අලුත් අලුත් දේවල් ඉගෙන ගත්තා .

ආයා අම්මා තේ අරගෙන කාම්බරයට ආවා.කිව්වට විස්වාස කරන්න අර පවන්ගි එව්ව පාර්සල් එක අස්සෙ ලුනු කුඩු පැකට් එකක්ම තිබ්බා.

ආයා අම්මා තවම කාටවත් තේ දීලා නෑ.අම්මා තාත්තා ආච්චි අම්මා සීයා කට්ටියටම තේ ආයා අතේ තියන ට්‍රේ එකේ.ආයා අම්මා යන්න හදන්නෙ.ගමිත තේ එක මේසෙ උඩ තියන්න ගිහින් බිම හලාගත්තා.

අනේ ගමිත කෝප්පෙ බිදුනු කටු ඇනගනී කියලා ආයා අම්මා ඉක්මනටම තේ ටික තියලා කටු ටික එකතු කරලා කුස්සියට ගියා.ගමිත ලුනු කුඩු තේ වලට දැම්මා.ආයා තේ අරගෙන යද්දි පස්සෙන් ගියා හොරාට.අම්මා තාත්තා ඉන්න කාම්බරයට තට්ටු කරලා ආයා අස්සට ගියා.තේ දෙක දීලා ආච්චි අම්මා සීයා ඉන්න කාම්බරයට ගිහින් කුස්සියට යන්න හැදුවෙ .

“ආයා
ආයා
ආයා
ආයා”

ගෙයි වහලෙ ගලවගෙන යන්න තරම් හයියෙන් ආයා අම්මට කතා කරනවා .ගමිත හැන්ගිලා අහගෙන හිටියා .

“උබට පිස්සුද ආ ලුනු දාලා තේ හදන්නෙ .
ආයා උබ මාව මරන්නද හදන්නෙ
ආයා මේක උබම බීපන්”

සේරම ආයා අම්මට බනිනවා.ගමිතට ආයා අම්මා ගැන දුකයි .මොකද ආයා අම්මා පව්.ගමිත කුස්සියට ගිහින් එදා පවන්ගි කියලා දුන්නු විදියට තේ හදන්න ගත්තා.ගමිත දැන් ඉස්සර වගේ නෙවෙයි පවන්ගි කියලා දෙන ඕනි දෙයක් ඉක්මනටම ඉගෙන ගන්නවා .

හ්ම් ගමිතට මතකයි .රසට ආවා.අම්මා ,තාත්තා ,ආච්චි අම්මා ,සීයාට වෙන වෙනම තේ අරගෙන ගියා.ඒ අයට පුදුමයි ගමිතගෙ මේ වෙනස.ආච්ච් අම්මා ගමිතට හුගක් ආදරෙයි .

“පවන්ගි දරුවො .මොකද කෙල්ලෙ රෑ කොට්ටෙ බදාගෙන මොනවද කියවන්නෙ.ආ.”

සැක් හතර විලි ලැජ්ජයි පවන්ගි ඊයෙ රෑ හීනෙන්.නිලංග සර් පවන්ගිට ආදරෙයි කියලා නිලංග පවන්ගි පපුවට තුරුළු කරගෙන කියලා මේ කාම්බරයේ පුරාම පෙල්ලි පෙල්ලි අර ටීපෝ එක උඩ තිබ්බ වාස් එකත් පොරලලා හීනෙන්.යකෝ මහ දවල් ගමිත බලන්න ගියා මතකයි .මහ දවල් මේකි මේ හීන බල බල කොට්ටෙ බදාගෙන බිම පෙරලිලා තියෙන්නෙ.

වාස් එක බිදිච්ච සද්දෙ නිසා නැන්දා දුවගෙන ඇවිත් තියෙන්නෙ .මේ පවන්ගිගෙ නින්ද ඉතිං දන්නෙ නැද්ද.නිලංග සර් කියලා හිතාගෙන කොට්ටෙ පපුවට තුරුළු කරගෙන හොදටම පෙරලි පෙරලි කුටු කුටු ගාගා නිදිලු.

වෙලාවට නිලංග සර්ගෙ නම කිය උනේ නැත්තෙ.නැත්තම් උන්හිටි තැන් නැති වෙනවා.

ගමිත උදේ ඉදන් රෑ වෙනකල් පවන්ගි පවන්ගි තමයි .නිලංගගෙ අම්මා තාත්තා උනත් දැන් ගමිතට ඉන්නෙ පවන්ගිට පස්සෙ තමයි .

“අම්මා මට පවන්ගි ගෙනත් දෙන්න බැරිද.මෙහෙ තියාගන්න .”

නිලංග අම්මා තාත්තා ආච්චි අම්මා සීයා සේරම කෑම කකා ඉද්දි ගමිත ඇහැව්වෙ.නිලංගට පපුවම දන්න ගත්තා.ඒත් අම්මා නම් හිනා වෙනවා.ලස්සනට .ආච්චි අම්මා සීයා හිනා වෙනවා.තාත්තා නම් ඉන්නවා අලි බඩ තියාගෙන සද්ද නොකර.

“තාත්තා මොකෝ රවාගෙන ඉන්නෙ.මං ඇහැව්වෙ මට පවන්ගි ගෙනත් දෙන්න කියලා .තේරෙන්නෙ නැත්ද .ආ”

බුදු සන්තෝ ගමිත ඒ ගමන නම් ඇහැව්වෙ ගේ දෙවනක් වෙන්න තරම් කේන්තියෙන් .පවන්ගි හම්බ උනාට පස්සෙ මේ ගමිතට කේන්ති ගියාමයි .තාත්තා බැලුවේ නිලංග දිහා.නිලංග ඉන්නෙ බිම බලාගෙන .

“පුතා ඔය කටුස්සි මේ ගෙදරට ආවොත් අපිට ඉන්න වෙන්නෙ පිස්සන් කොටුවෙ ඉන්නවා වගේ තමයි …”

නිලංගගෙ තාත්තා එච්චර හිතන්නෙ නැතුව එහෙම කිව්වෙ.ඒත් ගමිතගෙ හිත හොදටම රිදුනා .

“මං පිස්සෙක්
මං පිස්සෙක්
ඔයාලා හැමෝම මාව පිස්සෙක් කිව්වා.
පවන්ගි පවන්ගි විතරයි මට ආදරේ.මාත් එක්ක සෙල්ලම් කරන්නෙ”

ගමිත කාම්බරයට ගියේ අඩ අඩ.අම්මා තාත්තට සැර කලා නොහිතා වචන කතා කරනවා කියලා .නිලංග නිලංග නම් ඉන්නෙ වෙනම ලෝකෙක.

ගමිතට එන්න එන්න පවන්ගි නැතුව බැරි වෙන එක නිලංගට නම් දරාගන්න අමාරුයි .ඊයෙ පවන්ගිට ආදරය කිව්වා .ඒ හොල්මන පපුවට තුරුළු කරගත්තා .ඒත් ඒ හොල්මන එහෙම්මම නිදි පස්සෙ නිදා ඉද්දි තමයි නැන්දාගෙ ගෙදර ගිහින් කාම්බරයේ තියලා ආවෙ.

පවන්ගිට හිතේ ඒ සේරම හීනෙන් දැකපුවා කියලා .මොකද ගමිත බලන්න ගියා.පස්සෙ ඇහැරිලා බලද්දි ගෙදර නිදි.පවන්ගිට දහස් වාරයක් හිතුනා ඒ හීනෙ ඇත්තටම උනානම් කියලා .

වැඩට එනකොටත් හොදටම දවල් වෙලා .නිලංග සර්ගෙ මූණ එච්චර හොද නෑ .පිච්චිච්ච ආප්පයක් වගේ.

නිලංග ඉන්නෙ හොදටම හිත රිදිලා .අම්මා තාත්තා තමාට සල්ලි තියන කෙල්ලෙක් හොයලා දීලා ගමිතට පවන්ගි දෙයි කියලා නිලංගට හිත.මොකද ගමිත පවන්ගි නිසා තමයි මෙච්චර සනීප වෙන්න හේතුව .අම්මා තාත්තා උනත් ඒක දන්නවා .

දැන් ගමිත ඉස්සර වගේ නෙවෙයි ලස්සන ලස්සන ඇදුම් අදින්නෙ.සෙන්ට් පවුඩර් ක්‍රීම් ගානවා.රැවුල සේව් කරනවා .පුදුම ලස්සනයි .පවන්ගි උනත් ගමිතට කැමති වෙයි කියලා නිලංගට හිතෙනවා .

පවන්ගි වැඩ සලබලාන් සලබලාන් ගගා ෆෝන් එකට එස් එම් එස් එනවා.පවන්ගි ෆෝන් එක අරන් බැලුවා .ගමිත .පවන්ගිට හිනා.

“සර් ගමිත අයියා.දැන් එස් එම් එස් කරන්න දන්නවා.මං එයාට වචන ගලපන්න කියලා දුන්නා.එයා හොදට ඉගෙන ගන්නවා …”

පවන්ගි සතුටුයි ගමිත මෙහෙම ඉගෙන ගන්න එක නිසා.නිලංගට නම් මේව දරාගන්න අමාරුයි .තව තව ඉවසගෙන ඉන්නත් බෑ.ඒත් නිලංග කොහොම හරි සතියක් දෙකක් මේ වේදනාව හිතේ තියාගෙන දුක් වින්දා.

අම්මා තාත්තා පවන්ගි ගමිත ගැන කතා වෙනවා.අම්මා කියන්නෙ පවන්ගි ගමිතට ගෙනත් දුන්නොත් ගමිත හොදටම හොද වෙනවා කියලා .නිලංගට කිසි වැඩක් කරන්න බෑ.

අද උදේ ඉදන් බලා ඉන්නවා පවන්ගි තවම නෑ.දහයත් උනා ඒත් නෑ.නිලංගට තව බලා ඉන්න නම් බෑ.පුටුවෙන් නැගිට්ටෙ නැන්දාලාගෙ ගෙදර යන්න .

ඒ එක්කම ඔෆිස් එකට ආවෙ දැකලා පුරුදු මූණක්.ඒත් ඒ කවුද කියලා හරියටම නිලංගට මතක නෑ .

“මිස්ට නිලංග ද මේ”
“ඔව් “
“මං තමයි පවන්ගි බදින්න ඉන්නෙ .ගගුල් .මට දැනගන්න පුලුවන් ද .පවන්ගි කොහෙද ඉන්නෙ කියලා .”

“පවන්ගි තවම ආවෙ නෑ මිස්ට ගගුල් .”

“මට එයාව මීට් වෙන්න ඕනි .නිලංග උදේ මං කෝල් කරා අප්පු අයියා දීපු නම්බර් එකට .කිව්වා මන් ඔෆිස් එක ලගට එනවා කියලා .මං උදේ ඉදන් එලියට වෙලා බලාගෙන ඉන්නවා .ඒත් අවෙ නෑ .ඒකයි මං මේ බලන්න ආවෙ අස්සට .

නිලංග පවන්ගිට කෝල් ගත්තා ඒත් ෆෝන් වැඩ නෑ.ඒ නිසා තමයි නිලංග තව බය උනේ.

“ගගුල් ඔයා ඉන්න ටිකක් .වාඩි වෙලා .ම්ං ටිකක් එලියට යනවා.පවන්ගි සමහරවිට එයි.”

“හරි නිලංග මං ඉන්නම්”

නිලංගට මොනා වෙලාද මංදා පිස්සෙක් වගේ නැන්දලාගෙ ගෙදරට ආවෙ.නැන්දා ගෙදර නෑ.කොහෙද ගිහින් .නිලංග පිස්සෙක් වගේ ආවෙ පවන්ගිගෙ කාම්බරයට පවන්ගි කාම්බරයට වෙලා ඉන්නවා බිම වාඩි වෙලා .නිලංගට මොකුත්ම හිතාගන්න බෑ .

නිලංග පවන්ගි ලගට දුවලා ආවෙ.පිස්සෙක් වගේ .හරියට නැති වෙච්ච දෙයක් හම්බ උනා වගේ නිලංගට දැනුනෙ .පවන්ගි ඉන්න බිමට ගිහින් නිලංග පවන්ගිව ඇදලා අරගෙන පපුවට තුරුළු කරගත්තා .දෙන්නගෙම පපුව මහ හයියෙන් ගැහෙනවා .

පවන්ගි හොදටම අඩනවා .මොකක් වෙලාද දන්නෙ නෑ.මොකුත්ම කතා කරන්නෙ නෑ.නිලංගට ඒ වගේම හොදටම ඇඩෙනවා .

“මොකද්ද උනේ මැණික කියන්න මට.ඇයි මේ.”

“සර් ගගුල් අයියා ඇවිත් .මාව එක්ක යන්න .මට සර් යන්න බෑ.”

“පවන්ගි ඔයා මගේ.මටත් ඔයා නැතුව ඉන්න බෑ .මං මං හුගක් ආදරෙයි .”

“ඒත් සර් මං අම්මා තාත්තා නැති දුප්පත් කෙල්ලෙක් .”

නිලංග කොච්චර වෙලා පවන්ගි ලග හිටියද දන්නෙ නෑ.දවසෙන් හුගක් එහෙම්මම ගත උනා.නිලංග පවන්ගි එක්ක ආවෙ.ෆිල්ම් එකක් බලන්න.

දවසම ලස්සනට ගෙවිලා ගියා .නිලංගට පවන්ගි වගේම පවන්ගිට නිලංග නැතුව බැරි විදියට දෙන්නට දෙන්නා හුගක් ආදරය කලා.

පවන්ගි එක්ක නිලංග ආවෙ නැන්දා ඉන්න ගෙදරට .ඒත් මිදුලෙ තව වාහනයක් නතර කරලා .දෙවියනේ ගගුල් ඉන්නවා මිදුලෙ .
පවන්ගි නම් හොදටම බය උනා.නිලංග නම් ඉන්නෙ ඕන ගේමක් කියලා

යාළුවනේ තරහ වෙන්න එපා ලයික් කමෙන්ට් වැඩි කරගන්න.කතාව පරක්කු කරනවා නෙවෙයි .අසනීප වෙලා ඉන්නෙ.

බුදු සරණයි
හෙට ලොකුම ලොකු කොටසකින් හමුවෙමු .