එක්ස්කියුස්මී සර්”

“යර්ස් කම් ඉන්”

අම්මෝ මේ තඩි උල් සෙරෙප්පු පවන්ගිට හුරු නෑ.ශිට් තිබිච්ච ලොකු පාපිස්සෙ පැටලිලා ෆයිල් එක බිම වැටුනා.කෙල්ල බේරුනේ නූලෙන් .තව ඩින්ගෙන් පවන්ගිත් අලියා පොලේ ගැහැව්වා වගේ ඉන්ටවීවු කෙසේ වෙතත් බිම ඇද වැටෙනවා .

“මොකද තමුසෙ පියාබන්න ඉගෙන ගන්නවද ආ කියනවා.”

“සර් සොරි”

“සොරි නෙවෙයි අයිසේ යනවා එලියට .යනවා”

“සර්”

“යනවා….අන්තිමටම තමුසෙව ගන්නෙ යනවා එලියට “

පවන්ගි ෆයිල් එකයි සහතික ටිකයි අහුලගෙන ආයෙ එලියට ආවා.හිතින් අම්මට බැන බැන.පවන්ගි බෑ බෑ කියද්දි අම්මා තමයි බලෙන්ම ගෙනල්ලා මේ උල් සෙරෙප්පු දෙක දැම්මෙ.වස ලැජ්ජාවක් උනේ.ආයෙ ඇවිත් වාඩි උනාම ඉතින් මෙතන ඉන්ටවීවු ආව උන් කැරකි කැරකි පවන්ගි දිහා බලනවා.රබර් ඇස් අබර අබර.

පවන්ගි දැම්මා ලස්සන හිනාවක්.මුන්ට වෙච්ච දේ කියන්න පුලුවන් ද කටක් ඇරලා .බෑනෙ බෑනෙ.ඉතිං මොකුත් නොවිච්ච ගානට ඉන්න එපෑ.කෙල්ල මොකුත්ම නොවිච්ච ගානට ඉන්නවා.

ඉස්සරහ පේලියේ ඉන්න අගර දගර හොල්මනක් පවන්ගි දිහා හැරි හැරී බලනවා.පවන්ගි දැක්කා.ඒත් නොදැක්ක ගානට ඉන්නවා.

“එක්ස්කියුස්මී “

“ඔව් කියන්න “

“ඔයා ඉන්ටවීවු එක ඉවර වෙලා ඇයි තවම ඉන්නෙ.”

පවන්ගි අර කෙල්ල දිහා බැලුවා.ඒත් රවන්න ගියොත් නෝන්ඩි වෙන නිසා දැම්මා ලාවට හිනාවක් .

“මට ඉන්න කිව්වා ටිකක්.”

“එහෙමද මොනාද සර් ඇහැව්වෙ.මට නම් බයයි වගේ”

සැක් ඒක කිව්ව කැත බාගෙට ඇදගෙන ඇවිත් ඉන්නෙ නිකන් නාන්න යනවා වගේ.පවන්ගිට නම් කේන්තී අප්පා.මේ විකාර වලට.බයනම් ගෙදර ඉන්න එපෑ .මොන මගුලකට ආවද .

“බය වෙන්න දෙයක් නෑ.දොර ඇරගෙන අස්සට යනකොටම ඔෆිස් කාම්බරේ අස්සෙ.අර අපි දන්න විදියට ලස්සනට ඇවිදින්න ඕනි.සර් වාඩිවෙන්න කියන්නෙ.ඒ ඇවිදින ස්ටයිල් එක බලලා”

ඉස්සෙල්ලම ඉන්ටවීව් ගියේ පවන්ගි.ඉතිං මේ කතාව එලියෙ ඉන්ටවීව් ආව කෙල්ලො හොදටම අහගෙන හිටියෙ.කොහොමත් ඉතින් මොකක් හරි අහන්න අපේ කන් හොදටම කරකවනනේ උපරිම .

“ඊලග කෙනා අස්සට එන්න.”

හරි ගියා.කොටම කොට ඇදුමක් ඇදන්.ලිප්ස්ටික් නාපු කෙල්ලෙක් .ෆයිල් එකත් අරන් අම්මෝ ලස්සනට අඩි තිය තිය ඔෆිස් එක අස්සෙ ඇවිදිනවා .නිලංගට නම් හොදටම මල පැන්නා.නිලංග දසනායක .කෝටිපති ව්‍යාපාරික දසනායක මුදලාලිගේ එකම පුතා.අද ඔෆිස් එකට කට්ටිය ගන්න ඉන්ටවීවු එකක් මේ.එකටම ආවෙ පහන්ගි.ඒත් කකුල පැටලිලා වැටෙන්න ගිහින් ෆයිල් එක වැටුනා.දැන් ඊලගට ආව එක්කෙනා ෆැශන් ශෝ එක වගේ ඇවිදිනවා .

නිලංගට නම් දැන් හොදටම තරහයි.තව නම් ඉවසන්න බෑ.

“තමුසෙට මාන්දමද කියනවා.යනවා යන්න.”

“මොන මගුලක්ද අයිසේ.මොකෝ මේ ෆැශන් ශෝ එක වගේ යනවා යන්න.”

එන එන හැම කෙල්ලම නිලංගගෙන් හොදට බැනුම් අහගෙන ගියේ.පිරිමි ලමයි දෙන්නෙක් විතරයි බැනුම් අහගන්නෙ නැතුව ගියේ.

හොදටම බඩගිනී අප්පා පවන්ගිට දැන් නම් ඉන්න බෑ.බඩගිනී අප්පා.අම්මා කෝකටත් කියලා බෑග් එකට දාපු බනිස් ගෙඩිය එක පියනක් කෑවා.දැන් තියෙන්නෙ ක්‍රීම් තියන බනිස් ගෙඩිය .පවන්ගි ආසම ටික.එක පාරම ඔෆිස් එකේ දොර ඇරුනා.ආයෙ බනිස් ගෙඩිය බෑග් එකට දාගන්න වෙලාවක් නැති නිසා ඉක්මනටම ලග ශීට් එකෙන් තියලා ෆයිල් එක අතට ගත්තා.මොකද ඔක්කොම කට්ටිය ගිහින් ඉවර නිසා ඊලගට පවන්ගි නිසා.

අස්සෙ ඉදලා ආව පිරිමි ලමයා ෆයිල් එක දිහා බල බල ආවෙ.පවන්ගි අස්සට ගියා.

“එක්ස්කියුස්මී සර්”

“යර්ස් කම්”

“හොදට බිම බලාගෙන එනවා.නැත්තම් බිම දණගානවා පේයි.”

පවන්ගි කාඩ් එක බේරගන්න ඕනි නිසාම සද්ද නොකර අහින්සක කෙල්ලෙක් වගේ ගිහින් වාඩි උනා.අම්මටහුඩු ලස්සන කොල්ලා අප්පා.කට තමයි සවුත්තු.මාර හැඩ්සම් අප්පා.ලාවට තියන රැවුල.යකෝ සෙන්ට් එක නම් එනකොට බැරි වෙලා ඇගට පෙරලිලාද කොහෙද.ඇහි බැම අම්මෝ ලස්සනයි ලස්සනයි .

“මොකද ආ.මනෝ ගහනවද ආ කියනවා”

“සර්”

“කෝ දෙනවා මෝඩයෝ ඔය ෆයිල් එක.ඇටි ගෙම්බි වගේ ෆයිල් එක ගුලි කරගෙන මාව කන්න වගේ බලා ඉන්නෙ.තමුසෙට පිස්සු එහෙම නෑ නේද ආ.”

“මට පිස්සු .නැත්තන් මේ වගේ පොල් කුරුමිනියෙක් ගැන හිතයි ද.කට නිකන් පරමානු බෝම්බෙ වගේ”

“මොකද තමුසෙ කුටු කුටු ගාන්නෙ.ආ.”

“මුගෙ කන් නම් අම්මපා. උකුස්සගෙ නෑයොද මංදා”

“මොනවද ආ කුටු කුටු ගාන්නෙ”

“නෑ නෑ සර් “

“හරි අපි බලමු.මං බලලා කෝල් එකක් දෙන්නම්”

“හරි සර්”

එලියට ඇවිත් බෑග් එක ගත්තා.ඒත් මෙහා ශීට් එකේ තිබ්බ බනිස් ගෙඩිය නම් නෑ.

“මල පෙරේත යක්කු ඉන්නෙ රෙද්ද .මගේ කැත නැතිව මේ පුටුවෙ තිබ්බ බනිස් පලුවා කාලනේ.අච්චර ක්‍රීම් ටිකක් එක්ක.”
පවන්ගි හිතුවෙ එහා පුටුවෙ තිබ්බ බනිස් පලුව කවුරු හරි කාලා කියලා .

පවන්ගි ආවට අර සර් නිලංගයාමයි අප්පා මතක් වෙන්නෙ.කොච්චර නපුරෙක් උනත් මාර ලුක් එක අප්පා.

“අම්මා අම්මා….අම්මා”

“මොකද පුතේ උනේ අද රස්සාව හරි ගියාද”

පවන්ගි ගෙට ආවා විතරයි .අම්මා අහන්න ගත්තා අද දවස ගැන.පවන්ගිට මතක් උනේ.අර උල් සෙරෙප්පු දෙක .

“අම්මගෙ උල් සෙරෙප්පු දෙකට පින් සිද්ද වෙන්න තමයි .”

“ඒ කොහොමද පුතේ”

“මගෙ සෙරෙප්පු දෙකට සර්ගෙ කකුල පෑගුනා.අනේ බුදු අම්මෝ මගේ කකුල හිල් කරන්න එපා කියලා .මට රස්සාව දෙන්නම් කිව්වා.”

බලා ඉද්දි අම්මගෙ මූණ කජු ලෙල්ල වගේ උනා.පවන්ගිට අම්මා පව් කියලත් හිතුනා.ඒත් අර අටමගුල දාගෙන යන්න කියලා අම්මා තමයි බල කරේ.

“අනේ පුතේ කියන්න මට.මොකද්ද උනේ කියලා “

“මොනා වෙන්නද අම්මා.ශික් වස ලැජ්ජාව.ඔෆිස් එක අස්සෙ තිබ්බ පත පාපිස්සෙ මව පැටලුනා.ෆයිල් එක උඩින් ගිහින් මාවත් උඩින් ගිහින් මං නොවැටී නූලෙන් බේරුනා.ෆයිල් එක අහුල ගත්තා.සර් කාරයා ඇහැව්වා .මොකද තමුසෙ ඉගිල්ලෙන්න පුරුදු වෙනවද කියලා .ශික් ලැජ්ජාවෙ බෑ.”

යාළුවනේ වෙනස් කතාවක්.කොහොමද කියලා කියන්න .ඔයාලගෙ ලයික් කමෙන්ට් එක්ක තමයි මේක ලියනවද නැද්ද කියලා තීරණය කරන්නෙ.

අර බනිස් පලුවට මොකද උනේ.බලමු ඊලග කොටසින් .