“අම්මා කියන්න”

“දෝණි නින්ද ගියාද”

අම්මගේ කටහඬ ගොරහැඬි වෙලා හොඳටම. මං බැලුවේ ගාණක්වත් නැතුව නිදන් ඉන්න ඉයෝන් දිහා

“ඔව් අම්මා”

කොයිතරම් දුශ්කර තැනක වුවත් ඉයෝන්ගේ උණුහුම තියේ නම් එතන සැපට නින්ද යන එක ගැන දැන් මට අවිවාදයෙන් තොරව හිතන්න පුළුවන්

“මට නම් තවම පපුවේ ගින්දරෙන් ඉන්නේ දෝණි ඔය කිව්වට. ගෑනු දරුවෙක්ට වරදක් වෙන්න ඇහිපිය ගහන මොහොතත් ඇති”

පපුව හෝස් ගාලා පිච්චුනේ නෑ කිව්ව නම් තමයි බොරු. මං බෙඩ්ශීට් එකේ පැල්ලම හිමිහිට අතගෑවා

“මගේද වැරැද්ද කියල හිතෙනව දෝණි. මං හදිස්සියකට කියල හදපු නිසාම ඔයාට ගෙදරින් යන්න උනානේ”

“එහෙම නෑ අම්මා. මං ආවේ ඕපනින් එකට කලින් ඇඳුමක් මහන්න. දවස් කීයද අම්මා තව”

“ඒත් මට දුකයි දෝණි. ඊයේ රෑට කෑවද”

“ඔව් අම්මා. උදේටත් මං හදාගන්නම්”

“පිස්සුද දරුවෝ. මං හදාගෙන එන්නම් උදේම. තාත්තා කිව්වා පුතාවත් එක්කරන් උදේම එනව කියල. එයාටත් හිතට හරි නෑ කවදාවත් නැති විදිහට චූටිට කෑගැහුවා ඊයේ”

“ආහ්….”

“හරි හරි දෝණි. එහෙනම් ලෑස්ති වෙන්නකෝ නැගිටල. මං එන්නම් කෑම හදන්”

අම්මා තියද්දිම මං හැදුවේ ඉයෝන්ව ඇහැරවන්න උනත් එයා ඇහැරිලා මං දිහා බලන්. මං ඉක්මනට බෙඩ්ශීට් එකේ අල්ලන් හිටිය තැන අතෑරියා

“මැණික දුකෙන්ද”

“අනේ නෑ ඉයෝන්”

මං කිව්වේ ඇහෙන නෑහෙන ගාණට

“එහෙනම් මොකෝ ඔය”

මට පෙන්නුවේ ඇහිබැමි උස්සල

“අම්මා බයෙන් මං තනියම නිසා. කෙල්ලෙක්ට වරදින්න යන්නේ පොඩි වෙලාවයිලු”

මං කිව්වම ඉයෝන් ඇඳේ මැද ඉඳගත්තේ මගේ අතත් ඒ ඔඩොක්කුවට අරන්. මගේ අතැඟිලි අත ගෑවේ ගොඩක් ආදරෙන්.

“මැණික මං ඔයාට අසරණ වෙන්න දෙන්නෑ කවදාවත්. අම්මා පණ වගේ පරිස්සම් කරපු කෙල්ලට මං අතින් මෙහෙම දෙයක් උනා කිව්වොත් එයා මගේ හදාගත්තු අම්මා උනත් මාව වදපු අම්මා උනත් සමාව දෙන එකක් නෑ ආශු. මං දන්නවා අම්මලා දෙන්නම ඔයාගේ පැත්ත ගනියි. ඒත් වෙන්න ඕන දේ උන නිසා මං කොහොමත් ඔයාගේ වගකීම ගන්නවා”

“ඉයෝන්”

“මං දන්නෑ බබා මේ වෙලාවේ කියන්න ඕන මොනවද කියල. ඔයාගේ හිත හදන්න ඕනද ඔයාගෙන් සමාව ගන්න ඕනෙද…..”

“ඉයෝන් ඔයා එහෙම දෙයක් කරන්න ඕන මගෙ අකමැත්තෙන් උනා නම්”

“ඒත් ආශු පිරිමියෙක් විදිහට මීට වඩා නිදහසක් ඔයාට දෙන්න තිබුනා. මීට වඩා අවස්ථාවක් මාවම තෝරගන්නවද කියල හිතන්න”

“ඔච්චරටම පසුතැවෙන්න නම් ඇයි ඉයෝන් එහෙම කලේ ඊයේ”

“පපුව ගැහෙන වේගය වැඩි උනා”

ඉයෝන් කියද්දි නම් මට හිනහ ගියා

“මොකද බං හිනා වෙන්නේ”

ඉයෝන් ඇහුවේ සෑහෙන්න ආදරේ හිතෙන විදිහට. මං නෑ කියන්න ඔළුව දෙපැත්තට වැනුවා

“පසුතැවෙන්න එපා. ඒක උනේ අපි දෙන්නට ඕනවට නම් එතනින් එහා දෙයක් නෑ. කවුරුවත් දැන් ගන්නෙත් නෑ”

මං කිව්වේ හිනහ වෙලා.

“ඔය මූණට හිනාවක් ආපු එක ලොකු දෙයක් බබා. ඉතිං අද මොකෝ කරන්නේ”

“දෙයි හාමුදුරුවනේ දැන් මතක් උනේ. උදේ තාත්තා යනව කිව්වලු ඔයාව බෝඩිමෙන් අරන් මෙහෙ එන්න”

මං කිව්වේ කලබල වෙලා. ඉයොන්ට කැස්සක් ආවේ හුස්ම එකපාර හිර වෙච්ච හින්දද මංදා

“මොකක්. මං දැන් බෝඩිමට යන්න ඕනෙද”

ඉයෝන් කිව්වේ ඇස් ලොකු කරන්. යන්න එපැයි ඉතිං මං ඔළුව වනල නැගිට්ටා

“ඔයා ඌබර් එකක් දාන් යන්න. ඉන්න මං එතකම් තේ එකක් හදන්නම්”

“යකෝ ඌබර් වලට මගේ හැම සතේම හිඳෙනවා දැන් ඈ”

“එහෙනම් ඉතිං පයින් යන්න. මොකෝ කාර් එකේ යන්න කියලද”

“ඉතිං බබා ඔයාට පුළුවන් නෙහ් ගිහින් දාන්න”

ඇත්තටම එහෙමත් පුළුවන් නෙහ්. මං ඒකට එකඟ වෙලා ගිහින් වතුර එකක් හීටර් එකට ගහල කිරි එකක් හැදුවා.

“හම්මෝ ඉතිං බැන්ඳා වගේ නෙහ්”

ඉයෝන් කිව්වේ කිරි එක අතට අරන්

“අම්මගේ තේ එක වගේමයි බබා”

ඉයෝන් කිව්වේ පලවෙනි උගුරෙන්ම. මං ඉයෝන් ගාවින්ම ඉඳගත්තා

“අම්මගෙ වගේ”

“හ්ම් ඒකත් හරි අපූරුයි ආශු අපිට ගොඩක් දුක් වෙන්න දෙයක් නෑ. මගේ අම්මා මයි මගේ නැන්දම්මා වෙන්නෙත්”

🙄🙄🙄🙄

“මොකක්”

“ඇයි ළමයෝ ඔයාව එහෙන් ඉල්ලුවොත් මං ඉක්මනට ඔයාව බඳිනවා. එතකොට කොහොමත් ඔයා එන්නේ මෙහෙට නෙහ්”

“මහත්තයගේ ගෙදරට”

😳😳😳

“ඔය තේරුනේ කෙල්ලට”

ඉයෝන් හිනහ වෙවි කිරි එක බිව්වා. මං ඒ කෙස් අස්සේ අතැඟිලි යැව්වා.

“සනීපයි බබා”

ඉයෝන් කිව්වේ කම්මුල සිපගන්න ගමන්.

“කන්න මොනා හරි හදන්නද”

“ගෑස් තියෙනවද”

😕😕😕

“ඔව් නෙහ් ගෑස් නෑනේ. මං උයන්නත් බඩු ගෙනාවා”

“හම්මෝ ආශු ඔයා නම්”

ඉයෝන් හිනහ උනේ නවත්තන්නේ නැතුවමයි.

“ගෙදරින් එකපාර යන්න උනාම කොහොමද සුදු ඕවා ගැන හිතන්නේ”

මං කිව්වේ බීපු හිස් කිරි කෝප්පෙත් උදුරල අරන්. මං කෝප්පේ හෝදද්දි ඉයෝන්ට කෝල් එකක් එන සද්දෙත් ඒත් එක්කම කුස්සියට එන සද්දෙත් ඇහුනා

“බබා ඌබර් එක ඇවිත් මං යන්නම්”

“ඇයි දැන් මට ගිහින් දාන්න කිව්වේ”

“පිස්සුද මැණික මේ පාන්දර ඔයාව කළුවරේ එවන්න පුළුවන්ද තනියම. මං යන්නම් මේකෙන්”

“ඔය ඇඳුමෙන්”

රෑ ඇඳන් හිටිය ශෝටටම ටී ශර්ට් එකක් දාන් කොන්ඩේ අතින් හදල හිටියේ හරි උජාරුවට

“ඕක මොකක්ද බබා. මං ගිහින් ඉක්මනට එන්නම්. අල්මාරියේ යතුර හංගල තියන්න”

නළල සිපගෙන ඉයෝන් ඉක්මනට පඩිපෙල බැහැන් ගියා

“බබා දොර වහගන්න”

ඉයෝන් පඩිපෙලෙන් එබිලා කිව්වම මමත් පහලට ගියේ දොරවහන්න. පව් මහ පාන්දර සීතලේ බාටා දෙකත් දාන් ඉයෝන් දුවන් ගියා. යනකම් ඉඳල මං දොර ලොක් කරල උඩට ආවේ අස් කරන්න. බෙඩ්ශීට් එක නමල දාලා බෑග් එකක දාලා අල්මාරියේ ඇඳුම් අස්සේ හැංගුවේ හෝදන්න ලෝබකමට. මොකද ඒක මං ආස කරන මතකයක්. ඒත් ඒ වෙනුවට බෙඩ්ශීට් එකක් තමයි නැති උනේ.

ඉයෝන්ගේ ඇඳුම් ටිකත් අස් කරල පිළිවෙලකට නමල තිබ්බා. ඔක්කොම කරල මං ගියේ මහන කාමරේට. පොඩි පොඩි ඇඳුම් මහල තිබ්බට මෙහෙම ඇඳුමක් මහන පළවෙනි වතාව. ඉතිං අඳින්න කලින් සෑහෙන්න පෙර සුදානම් උනා

“දෝණි දොර අරින්න”

අම්මා දොරට තට්ටු දාන සද්දෙට මං ගියේ දොර අරින්න

“තාත්තත් ආවද”

තාත්තා පිටිපස්සේ ඉඳන් අත වැනුවා. තාත්තා ඇතුලට ආවේ මාව තුරුළු කරන්

“තනියම ඉද්දි පාළුයිද”

තාත්තා අහන්නේ අම්මා දුකෙන් බලද්දි. මං ඉතිං ලාවට හිනා උනා. මොකද ඉතිං පාළුවක් දැනුන්නෑනේ

“පාළුවට වඩා හිතන්න ඕන ආරක්ෂාව ගැන තාත්තා”

ඉයෝන්ගේ හඬට මං තාත්තගේ අතෙන් එබුනා. දැන් නම් පිලිවෙලකට ඇඳන් හිටියා. උදේ පාන්දර ගියේ පිස්සෙක් වගේ නෙහ්.

ආරක්ෂාව ගැන මොකට බය වෙන්නද ඉතිං එයා ඉන්න එකනේ. හිතින් හිතුවට මං කියන්න ගියේ නෑ

“තාප්පේ දාන එක ගැන බලන්න වෙයි සංජු”

“එහෙම ඕන්නෑනේ දෝණි ගෙදර ආව නම් කොල්ලා ආවේ නෑ ගෙදර”

තාත්තා කිව්වේ පුටුවෙන් ඉඳගන්න ගමන්. ඉයෝන්ව හරියටම දැක්කේ එතකොට. ඒ බැල්මයි තාත්තා කිව්ව කතාවයි එක්ක මාව සම්පූර්ණයෙන් ලැජ්ජාවට පත් කලේ කම්මුල් වලින් රස්නේ පිටවෙ

“රස්නෙයිද දෝණි ඉන්න ජනෙල් අරින්න”

අම්මා කිව්වේ මට දාඩියත් දැම්ම නිසා. ඉයෝන් හිනාව තද කරන් පුටුවේ ඉඳගත්තා

“ඔය දෙන්නම කාලා ඉන්න”

අම්මා කෑම ටික එළියට ගත්තා.

“අම්මල කාලද”

“පස්සේ කන්නම් දෝණි”

“අම්මල කාලත් නෑනේ. කමු”
.
“පුතා කමු”

තාත්තා කිව්වේ ඉයෝන් දිහා බලල. ඉයෝන් පුටුවෙන් නැගිටල මං ගාවටම ආවා. ඇත්තටම තාත්තා ඉයෝන් ගාව ඉද්දි කිසිම වෙනසක් නෑ.

“මං නම් උදේම හොඳ රස කිරි තේ එකක් බිව්වා තාත්තා ලොකු බඩගින්නක් නෑ”

ඉයෝන් කිව්වේ අම්මා ඉයෝන් දිහා හොඳට බලද්දි

“පරිස්සමෙන් දරුවෝ ඔව්වා තනියම හදාගද්දි”
.
“ආ මං හදපු එකක් නෙමෙයි අම්මා”

“එහා කාමරේ දරුවද. මං දැක්කා ඒ කොල්ලත් එළියට ඇවිත් ඉන්නවා හොඳ කොල්ලෙක් නේද”

තාත්තා අහද්දි නම් ඉයෝන්ට හිනහ ගියා

“ඔව් ඔව් එයා හොඳයි. කිරි තේ හදනවට වඩා බයිට් හදද්දි”

ඉයෝන් කියද්දි අම්ම අතේ තිබ්බ හැන්ද නිකම්ම ඉස්සුනා

“කොල්ලෝ උනාම ඉඳල හිටල බොනව අම්මා. ඔය තාත්තත් ඉඳල හිටල බොන්නේ”

මං කියද්දි නම් තාත්තට හිනහ. ඉයෝනුත් ඒ හිනාවට එකතු උනා. අම්මා නම් ඔරවනවා

“අනේ මංදා දැන් කාලේ හැදෙන ලමයි. අර පේන්නෑ ඔලී එහෙම”

“ඒ උනාට නන්දා ඔලී හොඳ කෙල්ල”

තාත්තා කියද්දි ඉයෝන්ට කෑම එකත් හිර උනාද මංදා. ඇයි ඉතිං ඉයෝන් මුණ ගැහුන දවසෙම බොන්න ගිය එකීනේ

ඉයෝන් ඔෆිස් එකට යන්න ඕන කිව්වේ නදුනිගේ වැඩ ආයෙම හිර වෙන්න ඉඩකඩ තියෙන නිසා. මමත් ඒක අනුමත කලා. පව් කෙල්ල වෙන කෙනෙක්ට ට්‍රේනිං එන්න දෙන්නෙත් නෑ ඉයෝන් නිසා. ඒ නිසා ඉයෝන් යන්න ඕන කිව්වම තාත්තා ගිහින් දාලා එන්න ඉදිරිපත් උනා.

“දෝණි බෙඩ්ශීට් එක කෝ ඇඳේ”

ඉයෝන් එළි බහින්න හදද්දිම අම්මා ආවේ කෑගහගෙන. අම්මට දරුවෝ කාගේ උනාම මොකද එයා වෙනද වගේමයි. අම්මල වෙනස් වෙන්නෑ. වැදුවත් හැදුවත් අම්මා අම්මාමයි

“ආ ඒක අම්මා ඊයේ තිබ්බෙත් නෑනේ”

“තිබ්බේ නෑ….. කෝ අල්මාරියේ යතුර දෙන්න. ඕන්නෑ මං ගාව තව යතුරක් තිබ්බා”

අම්මා හෑන්ඩ් බෑග් එක අදිද්දි මං බැලුවේ ඉයෝන් දිහා

“බෙඩ්ශීට් ගැන කිව්වේ වෙලාවට අම්මා. පුළුවන් නම් අම්මා මට හොඳ බෙඩ්ශීට් එකක් තෝරල දෙන්නකෝ. මගේ එක ඉරිලා. මෙහෙම්මම ගියොත් ලේසි නේද දවල් වෙලා කඩවල් ගානේ යනවට වඩා”

“ඒත් සංජුට කොහෙද යන්න තියෙනවයි කිව්වානේද”

“ආ කමක් නෑ යං යං දෝණි පරිස්සමෙන් ඉන්න. දවල් උනත් මේවා දැම්ම ඇරන් තියන්න ඕන්නෑ. ඕපනින් එක වෙලා නෑනේ”
.
තාත්තා කියල යද්දි අම්මත් ඒ පස්සෙන් ගියා. ඉයෝන් මට ඇහැකුත් ගහල අම්මගේ කරට වටින් අත දාන් එක්කන් ගියා

“අල්මාරියෙන් අයින් කරපං ගෑනියේ මගෙ රෙදි ටික”

ටිකකින් ආව මැසේජ් එකට මට හිනහත් ගියා.

“අම්මගෙන් යතුර උස්සන්නද මං”

මගෙන් රිප්ලයි එක යන්න කලින්ම ආයෙත් මැසේජ් එකක්

“ඕන්නෑ සුදු අල්මාරියේ අම්මට ඔඔයාගේ රෙදි හොයාගන්න බෑ”

“ආහ් එහෙමද. මගේ මැණික ඉතිං දස්සි නෙහ්. හවස හම්බ වෙමු ඒනම්. පරිස්සමෙන් ඉන්න”
.
ඉයෝන් එවපු මැසේජ් එක බලල මං ආයෙත් මහන්න පටන් ගත්තා

එදා නම් අම්මා බලෙන්ම මාත් එක්ක නතර උන නිසා ඉයෝන්ට අකමැත්තෙන් බෝඩිමට යන්න සිද්ද උනත් ඕපනින් එක ළඟ නිසාම ඉතුරු දවස් ටික අමාරුවෙන් නිදි වැරුවා….

චූටිත් සැරින් සැරේ ආවට හොඳක් නම් කිව්වේ නැති තරම්. ඉයෝන් මගේ කාර් එකෙම ඔෆිස් ගියේ මං කොහෙවත් නොයා දිගටම මහපු නිසා. ඕපනින් එකට කලින් දවසේ රෑ රෙදි බෑගුත් අරන් ආවේ නදුනියි ඔලීයි

“අපි එහෙනම් මෙහෙ ඈ”

මට ඉතිං ඒ දෙන්නා ආව එකෙන් සෑහෙන්න සතුටක් ලැබුනේ. වැඩිය කාටවත් නොකිව්වට දර්ශිටයි බොස්ටයි මං ආරාධනා කලා. ඒ ඇරෙන්න අයාන්ට එන්න කියන්න ඕන උනත් ඉයෝන්ගේ ප්‍රතිචාරය හිතා ගන්න බැරි නිසා මං නිහඬ උනා

ළඟම පන්සලේ හාමුදුරුවෝ වැඩම කරන් ආවේ ඉයෝන්. කලින් එයාම තමා ගිහින් ආරාධනා කරල තිබුනේ. පිරිත් කියල ආශිර්වාද කරල හාමුදුරුවෝ නැවත වැඩම කරද්දි මං සෑහෙන්න ශක්තිමත් වෙලා හිටියේ

මුළු ලෝකෙම ලැබුනා වගේ. ඉයෝන්ගේ ආදරය මං අදහන දර්ශනයේ ආශිර්වාදය හොඳම යාළුවන්ගේ හිනහව එක්ක නොවෙනස් වෙන අම්මගේ තාත්තගේ ආදරේ එක්ක මට දැනුනේ පරිපූරණත්වයක්

“ආශු වැඩේ නම් ලස්සනයි ඈ”

දර්ශි කිව්වේ දවල් ආව වෙලාවේ. බොස් නම් ආපු වෙලාවේ ඉඳන්ම හිටියේ ඉයෝනුයි තාත්තයි එක්ක. මට සුභ පැතුවා විතරයි. ඒත් ඇතිනේ ආව එක

නදුනිගෙන් තමයි මට මුල්ම ඕඩර් එක ආවේ. ඒක මට විශ්වාස කරන්න බැරි තරම් පුදුම ඕඩර් එකක් උනේ

“මගේ වෙඩින් එකේ හැම ඇදුමක්ම ඔයා ගානේ කරන්න ඕන ආශු. ඔන්න ඕඩර් එක දුන්නා ඈ”

නදුනි කියද්දි ඔලීත් පැත්තක ඉඳන් එබුනා

“මටත් ඕන ඕඩර් එකක් දාන්න”

“මොකක්”

“හුම්ම්ම් මනමාලයෙක් ඩිස්කවුන්ට් එකට දෙන්න”

වටේ පිටේ අයත් සිනා සයුරක ගිල්ලුවේ ඔලීගේ කතාවට.

………………………………………………………………………………………………………………………………………………………………………………………………………….

(හැමදාම ගිනිගෙඩි දෙන්න ඕන නෑනේ. චුට්ටක් හිනා වෙලා ඉන්න 🤭