ඒ කරදරේත් එහෙනම් ඉවරයි නේද පුතා?…………..”

“ඒක නම් ඇත්ත තමයි අම්මෙ.ඒත් මං මේ කල්පනා කරේ ඕකාව කව්ද අරන් ගියේ?අපිට තරහ කාරයො හිටියත් ඔහොම දෙයක් කරන්න තරම් එකෙක් නෑනෙ……………”

සිහින සහ ඔහුගේ මව සමදරා මේ කතා කරන්නේ සාහිල් ගැනය.ඔහුගේ අතුරුදහන් වීම දෙදෙනාවටම විශාල ගැටලුවක් වූ නමුත් ඔවුන් නම් ඒ පිළිඹඳව අතිශයින්ම සතුටට පත් වූවා.

“මොකා අරන් ගියත් අපිට කමක් නැහැ පුතේ.කවුරු ගෙනිච්චත් ඒ අරන් ගිය එකා අපිට කරේ ලොකු උදව්වක්……………”

“ඕකා වලව්වෙ හිටියා නම් මේ දේපළ වලින් පොඩි කොටසක් හරි අප්පච්චි ඕකාගෙ නමට ලියනවා මට නම් ඒක හොඳටම විශ්වාසයි……………”

සිහින එලෙස පැවසුවේ සිය පියා ගැන ඔහු හොඳ හැටි දන්නා නිසාය.සාහිල් මානසික ලෙඩෙක් වුවද බණ්ඩාර ඔහුට හොඳින් සැළකුවා.

“හහ්………එව්වා කොහෙද පුතේ මාත් එක්ක.ඔය පිස්සෙකුට පුලුවන් දදේපළක් පාලනය කරන්න?මං කලින් ඉඳලම උඹලැ අප්පච්චිට කියලා තියෙන්නෙ මේ දේවල් වල අයිතිය ලැබෙන්න ඕනි උඹට කියලා.ඒකයි මං ඒ කාලෙ ඉඳන්ම ඕකාට සනීප වෙන්න ඉඩ නොදුන්නෙ……………”

“එහෙනම් අම්මෙ ගිය තැනකින් ඕකා ආපහු වලව්වට එන්න කලින් අප්පච්චිට කියලා මේවා දේවල් වල පිළිවෙලක් කරවන්න……………”

“හොඳයි මං ඒ ගැන බලා ගන්නම්කො. ඒත් මං නම් හිතන්නෑ ඕකා ආපහු එයි කියලා……………”

🌌

“අම්මෙ අපි ළඟඳි දවසක අනුරාධපුරේ යමු සාහිල් බේබිව බලන්න.මට ඒ වෙද ගෙදර තියන තැන සමරතුංග අංකල් කිව්වා……………..”

“යන්න තියනවා නම් ගොඩක් හොඳයි දුවේ.හැබැයි බණ්ඩාර මහත්තයලාට හොරෙන් තමයි යන්න වෙන්නෙ. මොකද අපි හිටි හැටියෙම අනුරාධපුරයෙ ගියා කියලා එයාලා දැන ගත්තොත් සැක හිතන්න පුලුවන්……………..”

“ඒ කතාවත් ඇත්ත තමයි අම්මෙ.අපි තව දවස් තුන හතරකින් මොකක් හරි බොරුවක් කියලා යමුකො.මොකද ඉතින් අපි යන තැන හොයන්න බණ්ඩාර මහත්තයාවත් සමදරා නෝනවත් එන්නෙ නෑනෙ…………….”

හෝදන්න තියන රෙදි බේසමත් අරන් මං එළියට බැස්සෙ ගඟට යන්න ඕනියි කියලා හිතාගෙන.කාලෙකින් නාන්න ගඟට ගියෙත් නැති නිසා අද යන්න ඕනි කියලා හිතුණා.

“මොකද දුවේ රෙදි බේසමත් අතේ තියාගෙන කල්පනා කරන්නෙ?……………..”

“නෑ අම්මෙ මං මේ කල්පනා කරේ ගඟට ගියා නම් හොඳයි කියලා. කාලෙකින් ගියෙත් නැති නිසා ආස හිතුනා ගඟට ගිහින් නාන්න………………”

“එහෙනම් ඉක්මනට ගිහින් රෙදිටිකත් හෝදගෙන නාගෙන වරෙන්කො.වැඩිය ඈතට යන්න එහෙම එපා.පරිස්සමින් ගිහින් වරෙන්………………”

“හා අම්මෙ………………”

රෙදි බේසමයි තුවායයි අරගෙන මං පොල් වත්තෙ දිගේ ගඟට යන්න තියන පාරෙන් ඇවිදගෙන ගියා.රබර් වත්තත් පහු කරගෙන මහා විශාල ඇල්බීසියා ගස් ටිකත් පහු කරගෙන ගලින් ගලට පැනලා ගඟ පැත්තට ගියා.මං යද්දි දෙතුන් දෙනෙක්ම නාගෙන යනවා දැක්කා.

ඇඳගෙන හිටපු ගව්ම ගලවලා දාලා චීත්තෙ දවටගෙන රෙදි ටිකත් ඉක්මනට හෝදලා දැම්මා.වැස්සක් වහින්න පෙර නිමිති ආකාසෙහි දක්නට ලැබුනු නිසා හෝදපු රෙදි ටික වතුර යන්න මිරිකලා බේසමට දාලා ගලක් උඩින් තියලා වඩිය ගැඹුරට නොයා මාත් නෑවා.

නාලා ඉවර වෙලා තුවායෙන් ඇඟ පිහදාගෙන බේසමත් අරගෙන මං ඉක්මනින් ගෙදර යන්න පිටත් වුනේ වැස්සක් අත ළඟ තියන නිසා.

ඇල්බීසියා ගස් ටිකත් පහු කරගෙන රබර් වත්ත පැත්තට එද්දි පිටි පස්සෙන් අඩි සද්දයක් වගේ අමුතු සද්දයක් ඇහෙන්නට වුනා.පිටි පස්ස හැරිලා බැලුවත් කිසිම කෙනෙක් පේන තෙක් මානෙකවත් හිටියෙ නැහැ.අනික් මේ පාරෙන් එහෙම කවුරුවත් ගඟට යන්නෙත් නැහැ.මං ආපහු යන්න ඉස්සරහට එක අඩියක් තිබ්බා විතරයි එකපාරටම පිටි පස්සෙන් කවුරු හරි කහින සද්දයක් ඇහුනා.ගැස්සිලා වගේ බයෙන්ම මං පිටි පස්ස බලද්දි මගෙ ඉස්සරහින් මතු වුනේ සිහින මහත්තයා.මගෙ පපුවත් ගැහෙන්න ගත්තා බය වැඩිකමට.

වතුරට තෙමිලා ඇලිලා තිබුනු දිය රෙද්දෙන් බේරිලා පේන වර්ෂාගේ සුන්දර නාරි දේහය දෙස සිහින බලන් සිටියේ ආශාව පිරුනු දෑසින්.ඇගේ වතෙන් ඇස් අහකට ගන්න ඔහුට සිත දුන්නෙම නැහැ.

සිහින මහත්තයා මගෙ ඉහ මුදුනෙ ඉඳන් පාදාන්තය දක්වා බලන් හිටියෙ මහා වලත්ත තාලෙට.බේසමත් අරගෙන මං අඩි කිහිපයක් ඉස්සරහට දුවද්දි එකපාරටම කාගෙදෝ මන්දා දරදඬු අත් දෙකකට මාව හිරවෙද්දි මගෙ අතේ තිබ්බ රෙදි බේසම බිමට බිමට වැටුනා.

මට දුවන්න නොදී මාව අල්ලගෙන හිටියෙ සිහින මහත්තයගෙ යාලුවා රොෂාන්.මං කොච්චර දැඟලුවත් ඌ මාව අතෑරියෙ නැහැ.මං දඟලන්න දඟලන්න ඌ තව තවත් තද කරලා මගෙ අත් දෙක අල්ල ගත්තා.අඩියෙන් අඩිය සිහින මහත්තයා මං ගාවට ලං වෙද්දි රොෂාන් මගෙ අත අතෑරියා.මං බය වෙලා හයියෙන් කෑ ගහන්න හදද්දි සිහින මහත්තයා මාව රබර් ගහකට හේත්තු කරගෙන මගෙ කට තද කරලා වැහුවා.රොෂාන්ට හිසින් යන්න කියලා කියපු සිහින මහත්තයා සාක්කුවෙ තිබ්බ කිණිස්සක් අරගෙන මගෙ බෙල්ලට තිබ්බා.

“තෝ කෑ ගැහුවොත් එහෙම බස්සනවා මේක බෙල්ලටම……………”

ඒ කිණිස්ස මගෙ බෙල්ලට ටික ටික ලං වෙද්දි මගෙ බය තව තවත් වැඩි වුනා. මගෙ කට අතෑරපු සිහින මහත්තයා ඒ කිණිස්ස සාක්කුවට දා ගත්තා.

“අනේ මහත්තයා වඳින්නම් දෙයියනේ මට යන්න දෙන්න.අනේ මට කරදර කරන්න එපා සිහින මහත්තයා………………”😭🙏

“උඹ හිතුවද සිංහයෙකුට ගොදුරක් හම්බුනාම ඌ ඒකෙ රස නොබලා අතෑරලා දානවා කියලා.ඒ වගේ තමයි මාත්.මට අද උඹේ රස බලන්න ඕනි. කෝ ගලෝපන් ඕක……………….”

සිහින මහත්තයා එහෙම කියාගෙන මගෙ චීත්තෙ ගැටේට අත තිබ්බා.මුලු ඇඟේම ශක්තිය යොදලා මං පුලුවන් තරම් හයියෙන් ඌව තල්ලු කරන්න හැදුවත් මට ඒක කරගන්න බැරි වුනා. පිස්සුවෙන් මගේ මූණ පුරාම සිපගත්තු සිහින මහත්තයා මගෙ චීත්තෙ ගලවලා පැත්තකට විසි කෙරුවා.

ඇගේ සුන්දර නාරි දේහය දුටු සිහිනට තම හැඟීම් පාලනය කර ගත නොහැකි ලෙසටම උත්සන්න උනා.උමතුවෙන් වගේ ඇයව බිමට පෙරලගෙන ඇගේ මුලු සිරුර පුරාම තම දෙතොලෙහි අණසක පතුරවන්නට වුනා.

“මාව අතෑරපන් බල්ලො.උඹට හොඳක් වෙන්නෙ නැහැ මට කරන්න හදන අපරාධෙට.උඹ මහා තිරිසනෙක් කුපාඩියෙක්……………”

මට ඕනි වුනේ උගෙ අවධානෙ වෙන පැත්තකට යොමු කරන්න.ඒත් මගෙ උත්සහය හරි ගියේ නැහැ.ඒ වචන වලට මට හම්බුනේ වේදනාවෙන් පුපුරු ගසන්න තරම් ගසන්න තරම් කම්මුල් පහරවල්.තොල කට පුපුරලා ලේ වැක්කෙරෙද්දි ඌ මගෙ පපුවෙ පැත්තක් තුවාල වෙන සයිස් එකට හයියෙන් හැපුවා.වේදනාව ඉවසගන්න බැරිව මං උගෙන් බේරෙන්න ඒ මේ අත දැඟලුවා.ඇඟ පුරාම මඩයි වැලියි ගෑවිලා.මගෙ ඇඟේ ශක්තිය මගෙන් සෙමින් සෙමින් දුරස් වෙලා යද්දි ඌ ආයෙමත් පාටක් අත දිගෑරලා මගෙ කම්මුකට ගහලා මගෙ අතේ බාහුවට බර වෙලා නැගිට්ටා.

කුපාඩි ජරා බැල්මෙන් වල් හිනාවක් දාගෙන මං දිහා බලපු සිහින මහත්තයා කලිසමේ බෙල්ට් එක ගලවලා පැත්තකින් දාලා බටන් එකත් ගලවලා ශිපර් එකත් බාගෙට ගලවද්දි එහාට මෙහාට දඟලමින් හිටපු මගෙ අතට අහු වුනේ ලොකු ගලක්. අමාරුවෙන් වුනත් මං ඒක අරගෙන ඌට දමලා ගැහුවා.”අම්මෝහ්” ගාගෙන ඔලුවත් අල්ලගෙන පිටි පස්සට විසික් වෙච්චි සිහින මහත්තයා රබර් ගහක හැප්පිලා එහෙම්මම බිමට වැටුනා.

ඉක්මනින් නැගිටපු මං බිම තිබුනු චීත්තෙත් අහුලගෙන ගත දවටාගෙන බේසමත් අරගෙන දුවගෙන රබර් වත්ත මැදින් දුවලා පොල් වත්තත් පහු කරගෙන වැස්සෙ තෙමි තෙමීම ගෙදරට දිව්වා.මං පිටි පස්ස බල බලා දුවගෙන එනවා දැකපු අම්මා පුදුමෙන් වගේ වගේ බලාගෙන හිටියා.

“අනේ දුවේ උඹට මේ මොකද වුනේ?ඇයි මේ ඇඟ පුරාම මඩයි වැලියි?අනේ කතා කරපන් දුවේ?දෙයියනේ මේ………. මේ……….කම්මුලේ……………..”

“අනෙ අම්මෙ😥සිහින මහත්තයා මට…………..”😭😭

ඇයට හැඬුම් වාවාගත නොහැකි විය. මවගේ දෙපා පාමුල වැතිරී ඉකි බින්දාය.ඇයද මහත් සේ කලබල විය. හඬා වැලපෙන තම දියණියව වත්තන් කරගෙන කුස්සියේ පුටුව මත වාඩි කෙරෙව්වාය.

“කතා කරපන් දූ ඒ ද#@&# බල්ලා උඹට කරදරයක් කරාද දුවේ?අනේ කතා කරපන් මගෙ දුවේ?……………”😭

“නෑ……….😭අම්මෙ.සිහින මහත්තයා මට හොඳටම ගහලා කරදර කරන්න හැදුවා.මං එයාට ගලකින් ගහලා බොහොම අමාරුවෙන් බේරිලා ආවෙ. අනේ මට බයයි අම්මෙ……………”😭😭

“කාලකණ්ණි බල්ලා……😡ඌ එහෙනම් ආයෙමත් මගෙ අහිංසක කෙල්ලට කරදර කරන්න හැදුවා.ලෑස්ති වෙයන් දුවේ.අද මං උගෙ මහ එකීගෙයි මහ එකාගෙයි ඉනේ රෙදි ගැළවෙන්න කියලා දෙන්නම්.උගෙ කුපාඩිකම් වලට දුප්පත් අසරණ කෙල්ලො පලි නෑ…………..”😡

අම්මා හදන්නෙ වලව්වට ගිහින් සිහින මහත්තයා ගැන කියලා බණ්ඩාර මහත්තයාටයි සමදරා නෝනටයි බනින්නයි.එහෙම දෙයක් වුනොත් අපිට මේ ගෙදරත් ඉන්න බැරි වෙයි. බණ්ඩාර මහත්තයා අපිව මේ ගෙදරින් එළියට ඇදලා දායි.එහෙම වුනොත් අපි මේ වෙලාවෙ කොහේ කියලා යන්නද?මං අර ගහපු ගල් පාරින් සිහින මහත්තයට මොනවා වුනාද දන්නෑ.

“මොනවද උඹ කල්පනා කරන්නෙ?ඉක්මන් කරලා ලෑස්ති වෙයන් ගිහින් උන්ට හොඳවයින් දෙකක් කියලා එන්න…………..”😡

“අනේ අපි ටිකක් ඉවසමු අම්මෙ.මට හරිම බයයි.මං ගහපු ගල් පාරට සිහින මහත්තයට මොනවා වුනාද දන්නෑ. බණ්ඩාර මහත්තයාට කේන්ති ගිහින් අපිව මේ ගෙදරිනුත් පන්නලා දැම්මොත්………………”

“එතකොට දුවේ උඹ කියන්නෙ ඌ උඹට කරදරයක් කරලා ගියත් මට සද්දෙ නැතුව බලන් ඉන්න කියලද?අපි දුප්පත් වුනත් උනත් අපිට කියලා ආත්ම ගරුත්වයක් තියනවා.උන්ගෙ හැම අවලං බලු වැඩක්ම දිහා ඇස් කන් පියාගෙන බලන් ඉන්න පුලුවන්ද?ඕකා උඹට කරදර හදපු පළවෙනි වතාව නෙවෙයිනෙ ඔය.ඉවසනවා කියලා හැමදාම ඉවසන්න පුලුවන්ද?…………..”😡

මට තේරුනා මං මොන දේ කිව්වත් අම්මා අද මාවත් එක්කරගෙන වලව්වට ගිහින් මිසක් නවතින්නෙ නැහැ කියලා.ඒ නිසා මං ළිඳට ගිහින් ඇඟේ මඩ ටිකයි වැලි ටිකයි යන්න වතුර බාල්දි කිහිපයක්ම නාගෙන ගෙට ඇවිත් චීත්ත ගව්මක් ඇඳගෙන ලෑස්ති වුනා.එක අතකට අම්මා කියන කතාවත් ඇත්ත.හැමදාම සද්දෙ නැතුව ඉන්න ගියොත් සිහින මහත්තයගෙන් කවදාවත් මට ගැළවීමක් නම් ලැබෙන්නෙ නැහැ.

තේ ටිකක් හදාගෙන බීලා ඉවර වෙලා අම්මා මාත් එක්ක වලව්වට ගියා. වෙනදාට අපි වලව්වට ඇතුල් වෙන්නෙ කුස්සිය පැත්තෙන්.අද අම්මා මගෙ අතින් අල්ලගෙන වලව්වෙ ඉස්සර පැත්තෙන්ම ඇතුල් වුනා.මං දැක්කා සිහින මහත්තයා සෝෆාව උඩ වාඩි වෙලා ඉන්නවා.එයාගෙ නලල වටේටම බැන්ඩේජ් කරලා.සමදරා නෝනා සිහින මහත්තයගෙ ඔලුව අතගානවා. ඇති යාන්තං මූ නොමැරී බේරුනා.වල් කුපාඩියා.

අම්මයි මායි ඉස්සරහ පැත්තෙන්ම ගෙට ගොඩ වෙනවා දැකපු සමදරා නෝනා පුදුම වුනා.මාව දැකපු සිහින මහත්තයගෙ ඇස් බියෙන් පිරුනා.එයා හොඳටම බය වෙලයි හිටියෙ.

“ආ…….ඇයි චන්ද්‍රවතී මොකක් හරි හදිස්සියක්ද?බලන්නකො මේ සිහින මහත්තයා වැස්සෙ බයික් එක එවකගෙන එද්දි ලිස්සලා ඔලුවත් පලාගෙනනෙ…………..”

ආ…….එහෙනම් මූ වලව්වට ඇවිත් කියලා තියෙන්නෙ බයික් ලෙස්සලා වැටිලා ඔලුව තුවාල වුනා කියලද?ඔව් ඉතින් ඇත්ත කියලා ලැජ්ජ වෙන්න බෑනෙ.

අම්මගෙ අත අතෑරලා මං හෙමින් හෙමින් ලං වුනේ සිහින මහත්තයා ගාවට.එතකොටම වගේ බණ්ඩාර මහත්තයාත් පඩිපෙළ බැහැගෙන අපි ඉන්න දිහාවට ආවා.

මගෙ හිත පුරාම සැරි සැරුවෙ සිහින මහත්තයා රබර් වත්තෙදි මට කරදර කරන්න හදපු හැටියි.ඒ ගැන මතක් වෙද්දිත් මගෙ හිත බියක් වගේම කේන්තියකුත් දැනුනා.

සිහින මහත්තයා පුටුවෙන් නැගිටිනවාත් එක්කම මං ඌව ආපහු කැරකිලා පුටුව උඩටම වැටෙන්න හොඳ කම්මුල් පාරක් ගැහුවා.ඒ පාර උගෙ නලලෙ තුවාලෙ හරිය පුටුවෙ වැදුනා.

“ආව්…….අම්මෝ……………”

සිහින මහත්තයා ඔලුව අල්ලගෙන කෑ ගහන්න පටන් ගත්තා.

“වර්ෂා………😡තොට කොහෙන්ද යකෝ හයියක් ආවෙ මගෙ පුතාට අත උස්සන්න?ආ කතා කරපන් හිඟන බැල්ලි……………”😡

සමදරා නෝනා හැදුවෙ මට ගහන්න. ඊට කලින් අම්මා සමදරා නෝනගෙ අතින් අල්ලලා එයාව නතර කරා.

“උඹලට මොකද මේ වෙලා තියෙන්නෙ?අපි කවුරු කියලා හිතාගෙනද මෙහෙම හැසිරෙන්නෙ?උඹ දන්නවද බැල්ලියෙ තෝ ඔය අත ඉස්සුවෙ කාටද කියලා?මං උඹට වෙඩි තියනවා…………….”😡

බණ්ඩාර මහත්තයාගෙ කටට මං බය වුනේ නැහැ.කේන්තියෙන් හිටපු මගෙ අම්මා සිහින මහත්තයා මට කරන්න ගිය අපරාධෙ මුල ඉඳන්ම කිව්වා. සමදරා නෝනා ඔලුවෙ අත ගහගත්තා ඒක අහලා.

“ලොකු පුතා කතා කරනවා.මේ කියන්නෙ ඇත්තද?තමුන් වර්ෂාට කරදර කරන්න හැදුවද?……………..”

ඒත් සිහින මහත්තයා කතා කරේ නැහැ.මං දිහා කන්න වගේ බලාගෙන හිටියා විතරයි.

“සිහින කතා කරපං මිනිහො.මේ මිනිස්සු මේ කියන්නෙ ඇත්තද?………….”

“ඔව්…….අප්පච්චි…………….”

බිම බලාගෙන සිහින මහත්තයා එහෙම කිව්වා.ඒ පාර බණ්ඩාර මහත්තයට යකා නැග්ගා.

“තෝ මහ පුත්තලං බූරුවෙක් යකෝ. එකෙක් පිස්සෙක් වුනා.අනිකා බූරුවෙක් වුනා.තොට ලැජ්ජාවක් නැද්ද මිනිහො මේ වගේ දුප්පත් එකියක් එක්ක ##$@&@# හදන්නෙ?

“හැබැයි මහත්තයා මගෙ කෙල්ලට වරදක් වෙලා තිබ්බොත් මං නරක ගෑණියි කියන්න එපා.බලන්න නෝනා මේ කුපාඩියා මගෙ කෙල්ලට කරලා තියන දේවල්……………….”

මගෙ ගව්ම උරහිසෙන් පාත් කරලා සිහින මහත්තයා තුවාල කරපු තැන් සමදරා නෝනට පෙන්නුවා.

“චන්ද්‍රවතී කෑගහන්න එපා ඉතින් දැන්. උඹේ කෙල්ලට වරදක් වුනේ නෑනෙ.උඹ මාව විශ්වාස කරපන්.මීට පස්සෙ මගෙ පුතාගෙන උඹේ දුවට කිසිම අනතුරක් වෙන්න මං ඉඩ තියන්නෙ නැහැ……………..”

මතු සම්බන්දයි