අටවන ගෙතුම —–

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

දඩිබිඩි ගා ඇදෙන් බැස ගත් ඈ සාලයට දුව ගියේ සොහොයුරා හා මව අතර සිදු වන කතාබහ දැනගැනීමේ අරමුනින් ය…

” අයියේ… අනේ ඇයි ඒ…”

” නෑ නෑ.. උඹ යන්න ඕනේ නෑ…”

” අනේ.. අයියේ මම එනවා කියලා පොරොන්දු උනානේ.. කාලෙකට පස්සේ යාලුවෝ එක්ක එලියට යන්නෙ..”

” දැන් මම එක පාරක් කිවුවනේ.. ආයේ අහන්න එපා..”

තවත් කිසිවක් නොකියාම කාබරයට වැදුන ඈ අඩන්නට වූවාය.. තිබූ මුරණ්ඩු කමට කුසට අහරක් වත් නොගත් ඈ දහවල වෙන තෙක්ම අඩ අඩා පසු විය….

” චූටී මේ දොර අරින්න..”

” බෑ බෑ බෑ.. අරින්නෙම නෑ.. ඔයා යන්න දෙන්නෙත් නෑනේ.. බූරු පැටියා..”

” මොකද්ද උඹ කිවුවේ… ඇරපන් මේ දොර.. මගේ යකා අවුස්සගන් නැතිව.. “

” බෑ ඔයා මට ගහන්න නෙ හදන්නේ මට බෑ අයියේ…”

” ඇරපන් දොර.. මගේ යකා අවුස්සන් නැතුව..”

ඒ මොහොතෙ නම් පවන් හට කේන්ති ගොසින් තිබිනි… ඔහු කෑ ගසන අයුරින්ම එය වටහා ගැනුමට නෙත්මිට හැකි විය.. ඇය ඇදෙන් බෑස්සා නොව පැන්නාය.. දුව ගොස් දොර විවර කර ඈ දුටුවේ බත් පිගානකුත් අත දැරිව දොර ඉදිරියේ කේන්තියෙන් සිටින් පවන් ය..

” බත් ඇටයක් වත් ඉතුරු නොකර කාපන්.. උබ දැන් මුරන්ඩු වැඩී.. ටිකක් උස ගියාට උබ තාම මගෙ පොඩි නංගිමයි… ඒක මතක තියා ගනිම්..”

ඔහුගේ මුහුණ දෙසවත් නොබලපු ඇය බත් එක අතට ගත්තේ එසේ නොකර සිටීමට ඇති නොහැකියාව හේතුවෙන් ය… එන්න එන්නම හවස් වෙද්දී නෙත්මි හට දුරකථන ඇමතුමක් පැමිණියේ නිපුනි ගෙන් ය..

” ඒ බන් උබ යන්නේ නැද්ද අද..”

” අයියා එන්න දෙන්නේ නෑනේ බන්…”

” අනේ උබ නැතුව මට යන්නත් බෑ… “

” අනේ එහෙම කරන්න එපා බන් උබ පලයන්.. අපි දෙන්නම නොගිහින් ඉද්දි ඒක හරි නෑනේ.. අනික ඌට බන් හැම එකාම සෙට් වෙන්නෙත් නෑනේ.. ඔය අපි දෙන්නටම කතා කරේ.. ඒ නිසා පලයන්…”

” යන්න හිතෙන්නෙත් නෑ.. ඒත් අරූ ගැන හිතෙත්දී පවු කියලා හිතෙන්වා.. මම යන්නම් ඉතිම්..”

ඇය දුරකථනය විසන්දී කරේ ඉතාමත් දුකින් හා පවන් ගැන පුංචීයට තරහක් හිත තුල මෝදු වෙමින් ය… එමෙන්ම නෙත්මි නිර්මාල් හටද කෙටි පනිවිඩයක් තබා පැවසුවේ අද සාදයට නොඑන බවක් ය..

එහෙමම ඇදට වැටුනු ඈ ඇස් පියා ගත්තේ හිතට දැනුන වේදනාව පිටමය.. මන්දයත් ඇය බොහෝ ආසාවෙන් පසු උනේ සාදයට සහභාගී වන අරමුනින් ය.. නමුත් දැන එය හීනයක්ම් විය.. කෙමෙන් කෙමෙන් කාලය ගත් වී සවස් යාමය එලබුනේ ඇයව තවමත් යහන මත ගැබුරු නින්දක අතරමං කරමින් ය..

” චූටී නැගිටින්න.. අන්න අයියා කියනවා ලෑස්ති වෙන්න කියලා..”

නින්දේ සිටි ඈව අතින් සොලවන ගමන් නිලන්තී ඈව අවශි කරන්නට විය…

” තව චුට්ටක් නිදා ගන්න දෙන්නකෝ අනේ අම්මේ….”

” දැන් මැරෙන්න හැදුව ගේ දෙකකක් කර කර උබට යන්න ඕනේ කිය කිය.. යන්නේ නැද්ද…”

” කොහේද අම්මා යන්න කියන්නේ…”

” පාර්ටියට.. අන්න අයියා බලන් ඉන්නවා ඔයා එනක්ම්.. ලෑස්ති වෙලා එන්න..”

නින්ද කොහෙන් ගියාද නැත.. නිර්මාල්ට හා නිපුනිට කෙටි පනිවිඩ මගින් දැනුවත් කල ඈ ඉක්මනින්ම පෙර දින නිර්මාල් ගෙනා දිග ගවුම හැදගෙන ලාවට මුහුණ මත ආලේප තවරා ගත්තේ උතුරා යන සතුටකින් ය…

සුදුවන් වත පූරාවටම වැහුන දෙපතුල ලගටම දික් වුන තදම තද නිල් පාට හා ලා නිල් පාට මිශ්‍ර ගව්මක් ඇය මිහිපිට සුරංගනාවියක් බවට පත් කොට හමාරය…. ඉන තෙක් දිග කැරලි කොන්ඩෙට නිදහස ලබාදී චූටි සුලං රැල්ලකින් වුවද ලෙලදෙන්නට කඩා දැමූ හිස කේ වැටියත් රත් පැහ කරන ලද නා දලු දදෙතොල්.. කාන්තිමත් ඇස් යුගල වටා අදින ලද අදුන් මගින් ඇගේ රුව තව තව ඔප වැටීය.. හිනා වෙන විට එලියට පනින නල දතකින් හා කිරි සුදුවන් දසන් ගෙන් පිරුන ඇගේ මුව.. ඒ හිනාව.. ඈ දෙස බලන ඕනෑම කෙනෙක් ගේ සිත සොරකම් කරනු නොඅනුමානය…

” චූටී ඉක්මනට එන්න.. මට තව වැඩ තියෙනවා.. ඔයාව එතනට දාලා මට අර පොලීසියට යන්නත් ඕනේ..”

” හරී අයියා.. මම මේ එන ගමන්..”

කෑ ගගහම දුවවිත් පවන් ගේ බයික් එකට නැග්ගේ පවන් ගේ හා නිලන්තිගේ බැල්ම මදකට ඈ සොරකම් කරගනිමින් ය…

” උබව එක්ක යන්න හිතෙන්නෙත් නෑ.. උබ අඩ අඩා ඉන්නවා බලන්නත් බෑ.. ඔහොම ඉන්න කොට කොල්ලොන්ගෙන් බේර ගන්නත් මාර ගේමක් දෙන්න ඕනේ..”

හිනා වෙන ගමන් පවන් නෙත්මිට පැවසුවේ ලේ සහෝදරිය නොවුනත් මුලු හදවතින්ම ඈ ඔහුගේ සහෝදරිය බවට ඔහු පිලිගෙන ඇති නිසාවෙන්‍ ය..

” දැන් කොහොටද ගෙනියන්න ඕනේ..”

” අර සේනපුර වලවුවට.. “

” ඒක විජේනායක මහත්තයලගෙ වලවුව නේද බං…”

” ඔව් ඔව් අයියේ.. ඒක දැන් එයාල හොටෙල් එකක් කරන්න නෙ හදන්නේ..”

” අම්මට සිරි.. එහෙමද… මේ උබට යන්නම ඕනෙද..”

මද වේලාවක් කල්පනාවේ නිමග්නව සිටි ඔහු නැවත ඇගෙන විමසුවේ ඇයට යන්නට අවශ්‍ය මද යන වග දැන ගැනීම සදහාය..

” අනේ දැන් නම්.බෑ කියන්න එපා.. මම ඇදගෙනත් ඉවරනේ.. යමුකො අයියේ..”

” හ හා නගින්නකෝ..”

ඇයව රැගත් මෝටර් සයිකලයෙන් ඔහු අදාල බංගලාව ඉදිරියේ නතර වුනේ කලබලයෙන් මෙනි…

” ඉක්මනට ඉකමනට බහින්නව.. මට හොදටම පරක්කු වෙලා.. පොලීසියට යන්නත් ඕනෙනෙ..”

” තැන්කූ මගේ සුදු අයියා..”

” හා හා යනවා යනවා.. ඉවර උනාම මැසේජ් එකක් දානවා මම එන්නම් එක්කගෙන යන්න..”

” අහ් තව දෙයක්.. අහගෙනම පලයං.. උබ නටන නාඩගම් ඔක්කොම මම දන්නව.. ඒ නිසා පරිස්සමට යන වැඩේ කරගෙන වරෙන් එක එකා එක්ක හුරතල් වෙන් නැතුව…”

පවන්ගේ වදන් වලින් මුලු ගතම දෙදරා ගියද ඈ ඒ බවක් පිටට නොපෙන්වාම ඔහුට සමුදුන් ඈ ඇතුලට විත් විපරම් කරේ තම දිවියේ සිටින අතිජාත මිතිරිය වන නිපුනි කොහි සිටිනවාද යන්න දැන ගැනීමේ අටියෙන් ය…

ඇය ඇතුලට යන විට එහි සිටි බොහෝ දෙනෙක් ගෙ ඇස් ඇය වෙත ඇදී ගියේ නිමේශයකින් ය.. වටින් පිටින් ඈට ඈව වර්ණනා කරන දෙබස් පවා ඇහැන්නට වූයේ ලාවට මෙන් සිතයට ආඩම්බර සහගත ලැජ්ජවක් පූදිමින්‍ ය…

” අඩෝ මේකිගේ ලස්සන.. ඕකද බන් ඊයේ.. ගත්තේ.. නිකම් සුරංගනාවියක් බැහැල වගේනේ..”

එකපාරටම පිටි අස්සෙනන් කන ලගටම වෙන්න ඇහුන කට හඩින් ඇය බියවූයේ නිපුනි කන ලගටම වෙන්න කෑ ගැසූ නිසාවෙන් ය…

” නොදකිම් අම්මපා.. මාව බය කරානේ ආව ගමන්ම.. මේ කෝ මගෙ සපු මල් කුමාරය.. උබ දැක්කේ නැද්ද බන්… “

” මේ.. මම දැක්ක දැන් මේ හරියේ හිටියා අයියා කෙනෙක් එක්ක..ආහ් අර ඉන්නේ කෙල්ලො ගොඩක්,මැද.. “

ගැහැනු ලමුන් ගොඩකට මැදි වී තවත් පිරිමි ලමයෙකු සමග එක්ව චායාරූප ගනිමින් සිටි නිර්මාල් වෙත අත දිගු කරමින් ඇය පෙන්වූයේ සමච්චලයට මෙන් හිනාවක් නෙත්මිට යවමින් ය…

” කෙල්ලොත් එක්ක ෆොටෝ ගහන්න.. ඉදපංකෝ මම අද…….”

” ආව් ආව්.. කෙල්ලගෙ ඉරිසියාව.. මේ ඔය කොල්ලට බනින්න එහෙම එපා කට්ටිය ඉස්සරහ…”

කේන්තියට හා ඉරිසියාවට පුපුරමින් ඔහු වෙතට යන නෙත්මිට ඈ ඇසෙන නොඇසෙන ලෙස පැවසුවේ නෙත්මිගේ හැටි ඈ හොද හැටි දන්නා නිසාමය…

නමුත් ඇය දුව ගොස් එක පාරටම නිර්මාල් ගේ අතේ එල්ලුනා පමණි.. වටේ සිටි ගැහුනු ලමුන් මුහුන බලා ගත්තේ පුදුමයෙන් මෙනි..

” අනේ බබා ටිකක් එන්නකෝ.. කතා කරන්න ඕනේ ඔයා එක්ක..”

මෙච්චර ආදරෙන් ඔහුට අමතන්නේ හුදෙකලා වූ පසුව ඇයගේ සැගව සිටින යක්ශනිය එලියට පනිනවා යන්න පිලිබදව ඔහුගේ සිතේ තරවටු කරන අවස්තාවකය.. එබැවින්‍ ඔහු මුකුත් නොකියාම ඇගේ කරට අතකුත් දමාගෙනම ලග සිටි පිරිසට සිනහවකින් සංග්‍රහ කොට ඉවත්ව ගියේ ඇගෙන් කන පිරෙන්න බැනුම් ඇසීමට හිත හදා ගෙනය..

” ආ ආස ඇති නේ.. කෙල්ලො ගොඩක් මැදට වෙලා ඉන්න.. මං දැක්කනේ.. තේ උඩිච්චියෝ ටික ලගටම වෙවී හිටිය විදිය.. අනේ ඇත්තමයි මට ආව කේන්තියක්.. ඔක්කොම අල්ලලා පොලොවේ ගහන්න තිබ්බ නම් කියල හිතුනා.. ඒකට ඔයත් මෙතන දැන් ඉන්නව බබා වගෙ.. දෙන්න හිතෙන්වා මොලෙත් එක්කම ඇතුලට බහින්න ටොක්කක්.. ආයේ අහු වෙද්දෙන්කෝ.. ඉතුරු කරන් නෑ මම ඔයාව… “

නොනවත්වාම ඔහුට බනින ඇගේ දෙතොල්.. ඇගේ මුහුනෙන් දිස් වන ඉරිසියාව.. තරහව.. හුරතල් බව මෙන්ම හුරුනුහුටි බව රස විදින ඔහුට නම් ඇගේ එක වචනයක් වත් ඇහුනේ නැත.. ඒ රුවටම වශී වූවාක් ලෙස ඔහු ඒ මුහුණ පුරාවටම ඇස් ගෙන යමින් නොසිදෙන පිපාසයකින් ඒ වතෙහි සුන්දරවය බැලුවේය..

” ඇත්තමයි.. ඔයාට ඇහෙන්නේ නැද්ද.. මම කියන ඒවා මෝඩයෝ.. බල බල ඉන්න හැටි.. මහම මහ වල් පාටයි.. මෝඩයා..”

” ආ ඇත්තද.. මම වල් පාටයිද.. ම්ම්ම් එහෙම වෙන්න එපයි.. මගේ ඉස්සරහ සුරංගනාවියක් ඉද්දී ඇස් වලින් රහ බලන් නැතුව සිල් රකින්නද කියන්නේ ඔයා..”

” ආ ඇත්තට.. දැන් මෙතන වෙන එකියක් හිටියත් ඔයා එයා දිහා ඔහොම බලනවද.. කියනවා ඉතිම්…”

” නෑ නෑ.. අම්මෝ මේ ගෑනු නම්.. කටු අතු වගේ.. නෑ යෝදියේ.. මගේ ගෑනී දිහා විතරයි බලන්නෙ…”

” මේ එන්න එපා ගෑනි ගෑනි කියන්න.. මම තාම ගෑනි උනේ නෑනෙ…”

” හරි හරී මගේ කෙල්ල.. “

සුනදර වලියක නිමාව එසේ සනිටුහන් වන විට ශාන් ගෙ උපන්දින කේක් එක කැපීමට කාලය එලැබින.. සියලු දෙනාගේම සුබ පැතුම් මත ඔහුට සුබ පැතුම් එක් කල අතර ඔහුට ත්‍යාග පවා පිරිනැමීමේ අවස්තාවා එලැබින..

තවත් හෝරාවකට පමණ පසු නිපුනි තවත් ගැහුණු ලමුන් සමග කතාවක් යෙදී සිටි බැවින් නිර්මාල් හා නෙත්මි ඔවුන්ගෙන් මදක් ඈතට වන්නට පාලු පෙදෙසකට වන්න ගියේ නිවී හැනහිල්ලෙ කතා බහ කිරීමට සිතාය..

නමුත් ඈතට යන්න යන්න දුගදක් හැමූයේ ය.. එය එතරම් දරා ගත් නොහැකි දුගදක් විය.. ඔවුන් සිතුවේ මොකෙක් හෝ සතෙකු මිය ගොසින් ඇති සිතාය.. නිර්මාල් එදෙසට යාමට තැත් කල මොහොතේ නෙත්මි එය වලක්වා ගත්තාය.. එවිටම නිපුනි එතනට පැමිනියාය…

” නෙත්මී.. මේ උබලයි ගෙදරි,මට කෝල් කරා.. උබේ ෆෝන් එකට කෝල් ගත්තලු අන්සර් කරේ නෑ කිවුවා.. “

” දෙයියනේ… අද මං ඉවරයි… කවුද කතා කරේ අම්මද.. “

” ඔව් බන්.. මේ දැන් හිටියා ඇති කියලා අයියාව එවන්වා කිවුවා උබව එක්කගෙන යන්න..”

” අනේ බන්.. එපා වෙනවනෙ..”

” නෑ මැණික.. දැන් යමු අපි.. ම්ම්ම්ම් ඔය දෙන්න යන්නකෝ මම එන්නම්…”

” හ්ම්ම්.. හරී බබා අපේ අයියා එන්න කලිම් එන්න හොදද…”

මද වේලාවක් ඔවුන්ගෙන් ඉල්ලා ගත් ඔහු නතර වූයේම පැමිනි දුර්ගන්ධය ගැන ඔහුගේ සිතේ පැනයක් ගොඩ නැගුන නිසාවෙන් ඒ කුමක්ද යන්න සෙවීමේ අරමුනින්ය.. මන්ද යත් එය මදක් අසාමාන්‍ය දුර්ගන්ධයක්,වූ නිසාවෙන් ය….

……………………………………………………………………